- 60 -

346 37 10
                                    

උණු කිරි කෝප්පයක් සමඟ කේක් තසිමක් අතැතිව සෙහස්නගේ කාමරයට ඇතුලු වූ පියා ගැනඔහුට නොදැනෙන තරම් දුරක ඔහු කල්පනා ලොවෙහි අතරමංඇත්තේය.

සුසුමක් සමඟ කොලුවාගේ උරහිසට තැබූ අතින් ඔහු ගැස්සී යනවා දුටු පියා සෙහස්න පපුවට බඳාගත්තේය.

" ඩඩා... මම මමාව දැක්කා.. "

" මගෙ පුතේ.. " සෙහස්නගේ දිව සිංහල හුරුවට නැවෙන අන්දම දේවනාරායණට ආධුනික විය. බහ තෝරන වියේ පටන් සුදු මිනිසුන් අතර වැඩුණු ඔහුට සිංහල ඉගැන්වීමට පියා ගත් හැම උත්සහයක්අසාර්ථක වූ හෙයින් ඔහු උත්සහයඅතැර දැමුවේය. ඔවුන් නැවත ලංකාවට පැමිණෙන අදහසක්නොවී ය. සිය බිරිඳ ඔහුගෙන් ලබාගත් පොරොන්දුව පරිදි ඔහු එහිමියැදෙන තුරා වාසය කරන්නට සිතා සිටියේය.

සෙහස්නගේ පෙනුම කාටත් ප්‍රහේලිකාවක් විය. දේවනාරායණ හමුවටවිශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකු කිහිප විටෙකම සෙහස්නගේ නිරපේක්ෂ සුන්දරත්වය පිලිබඳව සිය නිකැලැල් පුදුමය පළ කළේ අධ්‍යන කටයුතු වෙනුවෙන් ඔහු නිරීක්ෂණය කිරීමට අවසර පතමිනි. ඔවුන්ට මිලියන ගණනින් ප්‍රධානය කෙරුනදුර දක්නා නුවණක් හිම් හෙතෙම එම ඉල්ලීම් වලින් කම්පාවට පත් වූවා විනා කිසිවකට එකඟ නොවීය. සිය බිරිඳ මෙම ඉල්ලීම්වලින් කලබල වූ තරම දුටු ඔහු ඈ නොවෙහෙසනු පිණිස දරුවා සමඟ ඈ ලන්ඩන්වලින් මදක් දුරබැහැර ගම්බඳ ජනශූන්‍ය පෙදෙසක පිහිටි විසල් මැදුරක් මිලඳී ගෙන එහි පදිංචියට රැගෙන ගියේය.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now