🌹 හතලිස් අටවන දිගහැරුම 🌹

Start from the beginning
                                    

ම...ග්ගේ.. දර්...රුවාහ්......

අනේ පුතේ... කතා කරන්න එපා රත්තරන්.. තව චුට්ට දුරයිනෙ....

අතගාන්න බැරි ඒ හිස..  වන්ග් යන්තමින් අතක් තිබ්බා ඒ හිසට...

කල්....ලබලේ...ට දුව්....වද්දි.... මග්.....ගේ..  ක...ක්කු.....ල පෙ...ර්ලලුනා මා...ම්මේ... ම...ට්ට... එලි...යට යා....ගන්න්....න බැ...ර්...රි උන්...නා....

අනේ වෙච්චි දේට පපුව උඩට උස්ස උස්ස හේතු පහදද්දි ශාන්ට දරාගන්න බැරි උනා.. පුංචි පැටියා අම්මට වෙන්න යන විපත ඉව වැටිලද මන්දා ඇඩිල්ල නතර කරන්නෙම නෑ...

අක්කේහ්.....

එ...යාව... අත්...තාරි..නෙප්පාහ්...මල්....ලීහ්....

අනේ නෑ දෙයියනේ.. ඔයා බය වෙන්නෙපා.. ඔයාට මුකුත් වෙන්නෑ...අනේ ඉක්මනින් යන්කෝ එයාට ගොඩාක් අමාරුයි.. යන්කෝ ඉක්මනින් යන්කෝ....

ශාන් දරුවගෙ කෑ ගැහිල්ලටත් වඩා හයියෙන් කෑ ගැහුවෙ ඩ්‍රයිවර්ට... තව ගමනෙ වේගෙ බාල උනොත් කියන්න බෑ... මේ ජීවිතෙත් අවදානම්....

ම...ට්ට... දර්..රාගන්...න බෑ...හ්... ම..ම මැර්...රෙයි...

නෑ නෑ අක්කෙ.. නෑ එහෙම වෙන්නෑ.. මේ අපේ දරුවනෙ.. එයාට අම්මව ඕනේ අක්කෙ.. එයාට එහෙම වෙන්නෑ.. ඔහොම කියන්න එපා අක්කෙ....

ශාන් ඒ වේදනාත්ම කදුලු ගලන දෑස් තනි අතින් පිහදැම්මත් ඒ ඇස් සැරින් සැරේ පියවෙන්න ලෑස්ති වෙනවා...

කි...රි... ටි...ක්කක්....දෙ...න්න... ඕ...න්නේ මල්ල්...ලී...

අනේ අක්කේ...

ද...රු...වා බ..ඩගින්න්...නෙහ්නේ...

මැරෙන්න යන මොහොතෙ පවා ඒ අම්මට දැනුනෙ තමන්ගෙ දරුවගේ බඩගින්න.. කෑ මොර දෙන දරු පැටියගෙ බඩගින්න...

අනේ ශාන්ට දැනුනා මේ වෙලාවෙ මහා අසරණ කමක්... පුංචි ඇදක ඇලේට හාන්සි කරවලා අරන් යන පැටියගෙ අම්මා... ම්... ඇදුම වත් ගලව ගන්න බෑ...

ඉන්න මන් උදව් කරන්නම් පුතේ..

තනියට එක්ක ආව ගෑනු කෙනා ශාන් ලගම බිම දණ නවාගෙන ඒ කෙල්ලගෙ උඩ ඇදුමෙ බොත්තම් එකින් එක ගලවලා දාද්දි වන්ග් අත් දෙකෙන්ම ඔලුව බදාගෙන බිම බලාගත්තා....

꧁ රෝස ꧂                                              ✓ 𝕐ℤ ✓Where stories live. Discover now