🌹 හතලිස් අටවන දිගහැරුම 🌹

Start from the beginning
                                    

ඒත් ශාන් එක තත්පරේකට වත් උඩු කය නිරුවත් වෙන ඒ කිරි පිරිච්ච පපුවෙන් ඇස් අහකට ගත්තෙ නෑ...

අනේ එහෙම වෙන්න එපා.. මේ දරුවට කිරි ටිකක් බොන්න තියෙන අවස්තාව උදුර ගන්න එපා.. ශාන් හිතින් දෙයියන්ගෙන් ඉල්ලුවෙම එච්චරයි....

ඒ කිරි පපුව හොදින් දිස් වෙද්දි ශාන්ම පැටියව එතැනින් තිබ්බෙ පැටියා පිස්සුවෙන් වගේ කට ඇර ඇර හදිස්සියෙ ඒ තනපුඩුව හොයද්දි.. එයා ඉව කරන්නෙ කිරි සුවදට...

අනේ පුතේ....

ලග උන්න ගෑනු කෙනා හඩා වැටුනා.. ශාන් කිසිම ජරා අදහසක් නැතුව ඒ කිරි තනයක් අල්ලලා පුංචි පැටියගෙ කටට ලන් කරද්දිම...

ම්ම්ම්.......

අනේ........

ඒ අම්මගේ ඇස් දෙක පියවෙලාම යන්න ගියා..  ශාන් ඇම්බියුලස් එකේ බිම ඉන්දවෙලාම ගියේ අත් දෙකෙන්ම කට තද කරගෙන....

පපාහ්.......

මට පිස්සු වගේ පුතේ... ඒ කෙල්ල ඇස් වහ ගත්තේ දරු පැටියට කිරි දීලා...ශාන් කොච්චර දෙවනත් වෙන්න කෑ ගැහුවත් ඒ දරුවා නැගිට්ටෙ නෑ...ඩොක්ටර් කියනවා එයාව බේරගන්න බෑ කියලා.. එයාගෙ මැශින් ගැලෙව්වොත් එයා මැරෙනවලු.. අනේ මේ මොන අපරාදයක්ද මගෙ පුතේ.. ඇයි මෙහෙම.. කාගෙන්ද බන් ආයේ අර පැටියා කිරි ටිකක් බොන්නෙ.. කාටද බන් ඌ අම්මෙ කියලා කතා කරන්නෙ..  අනේ අපි මොකක්ද බන් ඌට ලොකු උනාම කියන්නෙ..

උන හැම දේම බලාගෙන උන්නත් කිසිම දෙයක් කතා නොකරපු වන්ග්.. යීබෝ ලගට ආ සැනින් හිතට දැනෙන දුක කියලා කෑ ගහලා අඩන්න පටන් ගත්තා...

පුංචි කාලෙ ඉදලම පාසල් මිතුරිය... යන්නම යන්න ගිහිල්ලා.. අසනීපෙන් රෝහල් ගත වෙලා ඉදලා යන්තමින් ගෙදර එක්කන් ආව ගෑනී ඒ දුම දරාගන්න බැරිව හදවත දුමෙන් පිරිලා මැරිලා ගිහිල්ලා.. නැගිට ගන්නවත් ඒ මනුස්සයට පණක් තිබිලා නෑ...

එතකොට අර කෙලි පැටික්කි... අම්මා එක්කම තාත්තා මැරුණ දවසෙ ඉදලා ජීවත් වෙන්න එසේ මෙසේ කට්ටක් නෙවෙයි කෑවේ..  ඉගන ගන්න දක්ෂ කෙල්ල ජීවිතේ වරද්ද ගත්තා එක් තරා මනුස්සයෙක් නිසා.. අන්තිමට දරු පැටියෙක් එක්ක තනි උන ඒ කෙල්ලට එවෙලෙ කකුල පෙරලුන නිසා ගෙයින් එලියට පැනගන්න බැරි උනා..  ම්... ඉතින් අවාසනාවන්ත ලෙස ඇයටත් යන්න සිද්ද වෙලා තිබ්බත් මේ ලෝකේ හැම ආදරණීය මවක් ලෙසටම ඇයත් අවසානෙදි තමන්ගෙ දරුවගෙ ජීවිතේ බේරුවා තමන්ගෙ ජීවිතේ අනතුරේ දාගෙන....

꧁ රෝස ꧂                                              ✓ 𝕐ℤ ✓Where stories live. Discover now