"මිනීමරුවෙක් සහ දාම ඝාතකයෙක් අතර තියන වෙනස.මේ පාඩම මහාචාර්ය ඩේමියගෙන් ඇහුවනම් මටත් වඩා හොදට මහාචාර්යතුමා ඔයාලට කියලා දෙයි. මනෝ විද්‍යාවෙ ප්රවීණතයෙක්ගෙන් ඒ ගැන ඉගෙනගන්න එක ගොඩක් රසවත් වේවි. නමුත් කමක් නැහැ. මට පුලුවන් කෙටියෙන් ඒ ගැන ඔයාලට කියලා දෙන්න. ඔයාලා වැඩි දෙනෙක් ඒකට කැමති නම් විතරක්."අත්දෙක පපුවට බැදගෙන පන්ති කාමරය දිහා බලන් ඉන්න මහාචාර්ය ඔලිවර්ගෙ තොල් අග ඇදුනේ සිනහවක්. කුතුහලයෙන් මහාචාර්යතුමා දිහා බලන් ඉන්න විවියන් හැරෙන්න පන්ති කාමරයෙ හැම සිසුවෙක්ම ඔවුන්ගෙ අත් ඉහලට එසෙවුවා.
"හොදයි. මිනීමරුවෙක් , අපි මුලින්ම මිනීමරුවෙක් කියන සංකල්පය ඉගෙනගමු . නමට අනුව, ඝාතකයෙක් යනු තවත් පුද්ගලයෙකුගේ ජීවිතය නැති කරන පුද්ගලයෙක්.ඔවුන් බොහෝ දුරට ක්‍රියාත්මක වෙන්නෙ නිශ්චිත චේතනාවකින් - කෝපය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, හෝ බලාපොරොත්තු සුන්වීම, මේ වගේ විවිද නිශ්චිත චේතනාවන් ගනනාවක් ඔවුන් ලග තියෙන්න පුලුවන්."
"ඝාතකයෙක්ගෙ ක්‍රියා හුදකලා සිදුවීම් කිහිපයක් අතරට සීමා වෙද්දි ඔවුන්ගේ තීරණ රටාවකට ඉතා සූක්ශමව සිදු කරන ඝාතන ගනයට අයිති වෙන්නෙ නැහැ. ඝාතකයෙක්ට ඔවුන් එක පාරක් සිද්ද කරපු ක්‍රියාවලිය නැවතත් සිදු කරන්න ආශාවක් නැවතත් නොතිබෙන්නත් පුලුවන්. විශේශයෙන් ඔවුන්ගෙ නිශ්චිත පරමාර්ථය ඉශ්ට කරගත්තට පස්සෙ. ඒ වගේම සමහරක් මිනීමැරුම් හදිසි ආවේගය මත සිද්ද වෙන අපරාධ වෙන්නත් පුලුවන්."
"සාමාන්‍යයෙන් එහෙම සිද්ද වෙන මිනීමැරුමකට පස්සෙ ඕනෙම මිනීමරුවෙක්/ ඝාතකයෙක් ඔහු කරපු අපරාධයේ සාක්ශි නැති කරන්න උත්සහ කරනවා.ඒක මිනීමරුවන් අතර බොහොම සුලභ සිදුවීමක්. අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වුනේ නීතියේ ඇස් වහන්න උත්සහ කරන ඒ වගේ මිනීමරුවෙන්ගේ උපාය මාර්ගයන් වෛද්‍ය විද්‍යාවේ රැහැනට හසු කරගන්න කොහොමද කියලා. ඒත් හෙන්රික්ගෙත් ඔයාලා වැඩි දෙනෙක්ගෙත් කැමැත්ත නිසා දාම ඝාතකයෙක් අතරත් සාමාන්‍ය මිනීමරුවෙක් අතරත් වෙනස ගැනත් මම තව ටිකක් පැහැදිලි කරන්නම්."
YOU ARE READING
LIMERENCE (Non-Fic)
Werewolfරුදිර පිපාසිත අදුරු දඩයක්කරුවෙකුගෙ ලේ රත් පැහැ ගත් දෑසේ දඩයමට හසුවූ මුව පොවුවෙකුගෙ ඉරණමෙහි කාලානුරූපී කතාව කිනම් පැතිකඩක් ගනීවිද?
Chapter 04
Start from the beginning