64 🌹

1.5K 199 215
                                    


දානේ කාලා අම්මට සිතූ අක්කලගේ ගෙදරම ඉන්න කියලා මල්ලිව දානේ ගෙදරට යවන්න හිතන් ජානු ටෙරාන්ටත් බත් පිගානක් බෙදාගෙන ගෙදරට ආවා. පිගානත් අරගෙන කෙලින්ම ටෙරාන්ගේ කාමරේට ආව ජානු කර්ට්න් එක අයින් කරනකොට ඇදත් අල්මාරියත් අතර හිටගෙන බිත්තියෙ ගහලා තියන තාත්තගේ photo එක දිහා බලාගෙන බෙහෙත් අහුරක් කටට දාගන්න ටෙරාන්ව දැක්කා.

" අයියේ... "

ජානුගේ අතින් වීදුරු පිගාන අතඇරෙද්දි වීදුරු කටු උඩින්ම ටෙරාන් ගාවට දුවගෙන ආව ජානු ටෙරාන්ගේ අතට පාරක් ගහලා බෙල්ල පිටිපස්සෙන් අල්ල ගත්තා.

" එළියට දාපන් අයියේ... ගිලින්න නම් එපා... එළියට විසි කරනවා... මල්ලී..... මල්ලී මෙහෙට එනවා..... "

ඇගිලි දෙකක් ටෙරාන්ගේ කටට දැම්ම ජානු කට ඇතුළෙ තිබ්බ පෙති ඔක්කොම එළියට ඇදලා ගත්තා. කටට දැම්ම ගමන් දියවෙලා යන පෙති කට ඇතුළෙ ටෙරාන්ගේ කෙල එක්ක කලවම් වෙද්දි ටෙරාන් සිහිකල්පනාවක් නැති ගාණට ජානුගේ ඇගට බර දීලා හිටියා. ටෙරාන්වත් ඇගට වත්තම් කරගෙන කටට දාපු ටෙරාන්ගේ ඇගිලි උගුරටම දාපු ජානු ටෙරාන්ව එතනම වමනේ කෙරෙව්වා.

" මල්ලී... ඕයී... වරෙන්කෝ බූරුවෝ... "

ජානු ගමටම ඇහෙන්න කෑ ගහද්දි මෙච්චර වෙලා bathroom එකේ හිටිය මල්ලි කාමරේට දුවගෙන ආවා.

" මොකද මෝඩියේ කෑ ගහන්නේ... "

" වීදුරු කටු ."

කර්ට්න් එක ඈත් කරන් කාමරේට එන මල්ලිත් වීදුරු කටු පාගන් ඇතුළට එයි කියලා බය වුණු ජානු කලින් වගේම සද්දෙන් කෑ ගද්දි මල්ලි දොර ගාවම බ්‍රේක් පාරක් ගැහුවා.

" අහ්හ්... මොකද වුණේ ??? "

"අයියව අල්ලලා ඇදෙන් තියන්න. "

වීදුරු කටු නොපෑගෙන්න කාමරේට ආව මල්ලි බිම තියන බෙහෙත් පෙති , වමනේ දිහාත් බලන් ගමන් ටෙරාන්ව අල්ලලා ඇදෙන් ඉන්දුවා.

" අර වතුර බෝතලේ අරන් දෙන්න."

ටෙරාන්ගේ එහා පැත්තෙන් ඉදගන්න ගමන් ජානු කියද්දි මල්ලි මේසෙ උඩ තිබ්බ වතුර බෝතලේ ජානු අතට දුන්නා.

අභිරන් 🌹 | Sinhala BLTahanan ng mga kuwento. Tumuklas ngayon