අපේ ඇස් හම්බවුනා විතරක් නෙවෙයි ඒ ඇස් මාත් එක්ක හිනා උනා...
ඔව් එයා හිනා උනා !
මං හිතන්නේ මං ඇස්පිය ගහන්නැතුව කටත් අරන් එයා දිහා බලන් ඉන්න ඇති...
මොකද එච්චරට ලස්සනයි ඒ හිනාව
ඒක අර පලවෙනි දවසේ වගේ චූටි හිනාවක් නෙවෙයි... මගේ කොල්ලගේ මූනම හිනාවෙන් පිරිලා...
අනික
එයා මේ පැත්ත බැලුවෙ...ඒ කියන්නේ එයා මං බලන් ඉන්නවා කියලා දැනගෙනයි මේ පැත්ත බැලුවෙ...
උබ වැඩේ අල කරගෙන නේද අචිරයො...සැහ්
ඉතින් ඒ හිනාවෙන ඇස් දිහා බලන් විනාඩි ගානක් නාස්ති කරපු මමත් ආපිට එයත් එක්ක හිනා උනා... හිනා වෙලා අතත් වැනුවා...
බලපොරොත්තු උනා වගේම එයත් මට අත වැනුවා...
මට අත වනලා බෑග් පටි දෙකත් අත් දෙකෙන් අල්ලගෙන එයා එහෙමම ආපිට බස් හෝල්ට් එකට ගියා...
කලින් දවසක මං දැක්කා වගේ පැන පැන...
මං හිතන්නේ ඒකාගෙ ගමන් විලාසය ඕක වෙන්න ඕන...බලන හැම දවසකම පැන පැන යන්නෙ... ඊටත් හිමින් නෙවෙයි දුවගෙන....
මේකගෙ තියන විසේ බලාපල්ලකො ඉතිං...ඔය උඩ පැන පැන යන හැටියට මොලෙත් හෙලවෙනවා ඇති...
අනේ අම්මපා අන්ඩක් අඹරගත්ත දවසට තමා ඔය විසේ අඩු වෙන්නේ...
මගේ හා පැංචා!
ඉතිං එතනින් පස්සේ එයාගෙ බස් එක ඇවිත් එයා බස් එකට නැගලා යනකල්ම මං එයා දිහා බලන් හිටියා... වගේම
අපි දෙන්නගෙ ඇස් කීප පාරක්ම හම්බවුනා...
අද නම් දවසම සුබයි දෙවි- අහම් අම්මෙහ්!
__________________________________________________
දැං මගේ හා පැංචා එන වෙලාව...මං මේ බලන් ඉන්නෙ එනකල්...
මං ගැන මොනා හිතෙයිද මන්දා මෙහෙම බලන් ඉදලා...
YOU ARE READING
𖥕 පහන් ටැඹ 𖥕 || ʙʟ || ɴᴏɴғɪᴄ || ϴΝᏀϴᏆΝᏀ
Non-Fictionසැනසීම....! මගේ ජීවිතේ අඩුම වචනෙ, නැතිම වචනේ ඒක වෙන්නැති... NONFICTION BL BASED ON A TRUE STORY! ©Cover credits goes to :- @Freya_Celestie