" ඕ...ඔයාලා කොකිස් හදනවා....."

" අනේ ඔව් පුතේ...මෙන්න මේකා ආසම කෑම... දැන් ඉතින් ගෙවල් ලග වුනත් නිතර නිතර මෙහෙ යන එන එක හරියන්නේ නෑනේ...හ්ම්...පවුලක් පන්සලක් වුන එකේ....හ්ම්..."

" අනේ ...මාව එලවන්නද හදන්නේ..."

"එහෙම නෙවෙයි ...එහෙම කරන එක හරියන්නේ නෑ... දවලට කම්මැලි කමට ඇවිත් ගියාට කමක් නෑ... නැතුව හැමවෙලාවෙම බෑනේ නේද පුතේ..."

" අම්මා හරි අම්මා... කොහොමත් යුග්ට ගොඩක් කල් කම්මැලිකමේ ඉන්න වෙන එකක්නෑ..මම එයාට ගෙදරට වෙලා කරන්න ජොබ් එකක් හදලා දෙන්නම්...."

අනේ හා...මටත් ඕන මගේ අම්මා නංගිට කොහොමහරි සළකන්න... එයාලව එක වෙලාක් හරි කොහොමහරි කන්න දෙන්න..අඩුවක් පාඩුවක් නැතුව ඉන්න දෙන්න...

"මහත්තයා තේ එකක්...."

" දැන් එපා .. තව ගොඩක් තියෙනවද අම්මා..."

" නෑ දරුවෝ දැන් ඉවරයි...."

" හ්ම්.... මම ගිහින් වොශ් එකක් දාගෙන එන්නම්... "

එයා එහෙම කියාගෙන ගියේ මගේ දොරේ දාල තිබ්බ තුවයත් අරන් වෙනකොට ඕක ගන්න එපා කිව්වොත් යකා නගි කියලා බයටම මම කටවාහගෙන හිටියා...

එයා මේ දවස් ටිකේම අපි වෙනුවෙන් සැහෙන්න මහන්සි වුනා..පව්...කොහෙදෝ ඉදන් ඇවිත්... මගේ වෙලා...මාව එයාගේ කරන් දැන් ....මගෙ හිතේ එයා ගැන ආදරයක් ඇති කර ගෙන...හරිම අසාධාරණයක් ....

" යුග් , මොනවද තව වැඩ තියෙනවා...."

"නෑ ...මහත්තයා ...ඇයි..."

" එහෙනම් එනවා නිදා ගන්න....මට හරි මහන්සි බන්..."

" මහත්තයා නිද...."

" මම තනියෙම නිදා ගන්න ඕනේ නම් තමුන්ට එන්න කියන්නේ නෑනේ...නේද..."

" හරි... මම එන්නම්... චුට්ටක් ඉන්න... "

මම ඔත ඔත හිටපු කොකිස් පාර්සල් එක ඉක්මනට බකට් එකකට දාලා කාමරේට දුවගෙන ආවා...එයා එක පාරටම මාව ඇදලා අරගත්තේ ඒ පපුවට ....

" ඊයෙත් හරියට නින්දක් නෑ... දැන්වත් නිදාගන්නා..දගලන්නේ නැතුව...මගෙ හොද කොල්ලා...."

Spring Of Life Where stories live. Discover now