"මිහිරාන් සර් මාර කතා තමා කියන්නෙ.."
තීර්ථ කට කොනින් හිනාවෙද්දි චතුරත් කිව්වෙ ඇත්තටම මිහිරාන්ගෙ කටට තැනක් නොතැනක් නෑ කියලා ගොඩක් අය දන්න නිසා
"අච්චර මැචස් දිනෙව්වා එක ප#ක් ආවේ නෑ අහන්න..එකක් පැරදුනගමන් ආවා ඔක්කොම රෙද්ද කරේ තියන්.."
චතුරට එහාපැත්තෙ ඉඳන් ලැප් එක දිහා බලන් හිටපු තීර්ථගෙ සෙකට්‍රි මිලාන් කිව්වෙ අසලිය ගැන දුකෙන්.
"පිස්සු හු#තලා ටිකක්..චතුර.."
"හවස් වෙද්දි හොයල දෙන්නන් බොස්.."
තීර්ථ කියන්න ගියේ ඌ ගැනත් විස්තර හොයන්න කියලා තේරුන් ගනිපු චතුර එහෙම කියද්දි තීර්ථ ඒකාට තම්බ්ස් අප් එකක් දුන්නා.
මේ හැමදේම පටන් ගත්තෙ අසලිය odi කැප්ටන්සි එක රිජෙක්ට් නොකර බාරගනිපු දවසෙ ඉඳන්. ලංකාවේ ෆෑන්ස්ලගෙ සාමාන්‍යය තියරියට අනුව මැච් එකක් දින්නම ඒකෙ රෙස්පෙක්ට් එක මුළු ටීම් එකටම දුන්නත් මැච් එකක් පැරදුනාම ඒකෙ සම්පූර්ණ වැරැද්ද කැප්ටන් පිට වැටුනා.
ඉතින් මේත් ඒ වගේම දෙයක්. පහුගිය දවසක ඉන්දියාවත් එක්ක තිබුනු odi series එක පරාද වීමේ සම්පූර්ණ වගකීම අසලිය පිට වැටුනෙ කොල්ලට ජීවිතේම එපා කරලා. මිනිස්සුන්ට දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ. අසලියගෙත් අන්න ඒ සීමාව පහුවුණේ එතනදි.
කලින් odi කැප්ටන්සිය අසලියට දෙන්න කොච්චර දත කෑවත් ඒක හරි යන්න කලින්ම බෝඩ් එක විසින් අසලියට ඔය කැප්ටන්සිය දෙන එක ගැන නම් තීර්ථට කිසිම හොඳක් දැනුනෙ නැතත් ඒක රිජෙක්ට් කරන්න එයාට බැරි වුණා. මොකද සිලෙක්ෂන් කමිටි එකෙන් ගන්න තීරණ වලට ඇමතිතුමාට අත දාන්න බෑනෙ. ඒත් ඒකෙන් මේකෙන් වුණේ අසලිය අසනීප වුණු එක වෙද්දි එහෙම වෙලත් එයා ඉන්දියා සීරිස් එකෙත් ටීම් එක ලීඩ් කරා.
ඔය මෙලෝ හත්තිලව්වක් නොදන්න යක්ඛ පුත්තු මැච් එක පරාද වුණායින් පස්සෙ තිබුනු කන්ෆරන්ස් එකට අසලිය ආවේ නැති එක ගැන කියලා අසලියට කොච්චර මඩ ගැහුවත් ඒ එකෙක්වත් දැනන් හිටියෙ නෑ අසලිය ඒ වෙලාවෙ හිටියෙ හොස්පිට්ල් එකේ කියලා.
YOU ARE READING
Not Out 🏏♥️
Non-Fictionපපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න 🏏💖 Start: 2024/03/09 End:
🏏විසිපස්වන පන්දුව
Start from the beginning