"මම කතා කරන්න ඕන නැහැනෙ. අර උදේ නම්බර් එකත් දීල කතා කරල අපු කෙනත් එක්කම කතා කර ගන්නව. මම තරහයි ඔයා එක්ක."
"පුදුම ඉරිසියාවක්නෙ මේක. වැඩකටනෙ කාඩ් එක දුන්නෙ ළමයෝ... මට තමුසෙ විතරක් ඇති වෙන උන් ඕන නැහැ තේරුනාද පන්ඩිත ආච්චිට ම්ම්ම්ම්."
"ම්ම්ම්... සන්ශු අද රෑට රිසාල්ට් ඒවි නේද. මටනම් බයයි අනේ."
"දැන් මොකටද බය වෙන්නෙ. දැන් බය උනා කියල වෙනස් කරන්නද ම්ම්ම්ම්."
ඔහොම කතා කර කර අපි පොටෝ ටික සිලෙක්ට් කරා... දඟමල්ලගේ ලස්සන පොටෝ ගොඩක් තියනවා... අර සන්ශු එක්ක කතා කරපු ගර්ල් බබාව වඩාගෙන ඉන්න පොටෝස් ටිකකුත් තිබ්බා... මන් එකින් එකට සන්ශුට රැව්වා... එයා හිනාවෙනවා.. ඕව කර කර හිටියා හවස් වෙනකන්ම තේරුනේ නෑ.
"ශේ ලේස්ති වෙන්න ගෙදර යන්න. රෑ වෙනව නේ..."
තාත්තී අම්මී පොඩ්ඩයි 💗
අරහේ මෙහේ දුවන කොලු පැටියා දිහා බොහොම ඉවසීමෙන් බලන් ඉන්න සන්ශු!
ලොකේශන් එකට ගිය ගමන් කැම් එක වැඩද කියල බලවගත්ත ශේ!
-----------------------------------------------------------------
මේ චැප්ටර් එක ඉවරවෙනකන් කියවපු හිතවත, හිතවතිය,
මේක ෆැන්ටසියම නෙවෙයි. මොකද මේ අපේ කතාව! අපේ කතාවේ ඉස්සරහට වෙන්න ඕන දේවල්! අපේ ෆැන්ටසිය!... ආරාධනා කරනවා ඔයාලා හැමෝටම හිතට නිදහසක් තියන වෙලාවට, හිතට නිදහසක් ඕන වෙලාවට චුට්ටක් මේ පැත්තට ඇවිත් යන්න. මොනවද හිතෙන්නේ කියලා චුට්ටක් මට කියාගෙන යන්න. 💙
.
.
.
.
.
."දාස් ගානක්, දස දහස් ගානක් සෙනග මැද්දෙ ඔයාටත් අතින් අල්ලන් යන්න කෙනෙක් ඕනෙ වෙනවා. මම කියන්නෙ ප්‍රේමයක් ගැනම නෙවෙයි. මිත්‍රත්වයක්, හිතවත්කමක්, දුර හැඳුනුම්කමක්. දෙයියන්ගෙ නාමෙට මොකක් හරි දෙයක්.
මම තනිවෙලා නෑ කියලා දනවන්න පුලුවන් කවුරුමහරි. කියන දේවල් ඔක්කොම සද්ද නැතුව, කරුණාවන්ත ඇස් ඇතුව අහන් ඉඳලා "ඔන්න බලන්නකො ඔක්කොම හරියනවා" කියලා කියන කෙනෙක්!"
📖 - Forget Me Not | චතුරි දමයන්ති | චරිතා ප්‍රවර්ධි