"ජීවිතේ ලේසියි කියලා කිසිම දෙයක් නෑ භවාන්...... හැමදේම අමාරුයි..... මොකද අමාරුවෙන් ලබාගන්න දේවල් වල වටිනාකම වැඩියි..... ඒක නිසා දරාගන්න හුරුවෙන්න...... "
"ඉස්සර හිටපු මම නෙවෙයි දැන් ඉන්නේ...... මටම දැනෙනවා මම දැන් ගොඩක් දුර්වල වෙලා කියලා බන්..... රෑ නින්දේ ඇස් පිය වෙන ටික ඇරෙන්න උදේ ඇස් ඇරුන මොහොත් ඉදලා මගේ හිත ඇතුලේ දුවන්නේ එකම එක හැගීමයි....."
"දුක් වෙන්න එපා බන්......"
"නෑ මට මේ වේදනාව නුහුරු දෙයක් නෙවෙයි...... මොකද ආදරය කියන දේ මගේ ජීවිතේට ලැබුනේ ගොඩක් අඩුවෙන්..... ඒත් චෙරෝන්...... මට හිතාගන්න බෑ...... එයා සංවේදි වැඩියි...... මට බයයි බන්....."
"බය වෙන්න එපා......"
හිතාගන්න බැරි තරම් හිතට බරක් දැනෙන්නේ චෙරෝන් ගැන හිතනකොට...... මොනව උනත් මට උගේ ඇස්වල කදුළු දකින්න බෑ......
"උඹ ආරාධනා මැඩම්ට කිව්ව අර කතාව ඇත්තද......"
"උඹ කොහොමද ඒක දන්නේ.. ...."
"නෑ..... ඒකට මැඩම්ට ගොඩක් තරහ ගිහින්..... මට කතා කලා...... ඔයා චෙරෝන් වෙනුවෙන් කරපු දේවල් නිසා රස්සාවෙන් අයින් කරන්න බෑ කිව්වා...... ඒත් එයාලගෙ ජීවිත වලින් ඈත් වෙලා ඉන්න කියන්න කිව්වා....."
"ආදරය කියන්නේ බන්ධනයක් විමෝෂ...... ඒක වේදනා විදින්න විදින්න අභියෝග එන්න එන්න ශක්තිමත් වෙනවා මිසක් දුර්වල වෙන්නේ නෑ...... මට දරාගන්න අමාරුයි..... ඒත් හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් තියනවා මේ හැමදේම වෙනස් වෙයි කියලා...... මොකද මම අවංකවමයි ආදරය කලේ..... අපි දෙන්නම එහෙමයි...... සමහර සිතුවිලි වලට හැගීම් වලට ශක්තියක් තියනවා..... මම බලාපොරොත්තු නැති කරගන්නේ නෑ...... මේ ජීවිතේ අනිත්ම හුස්ම වැටෙනකම් මම බලාපොරොත්තු නැති කරගන්නේ නෑ....."
පණ්ඩිතයා වගේ කියෙව්වත් මල්ලිව දකින්නේ නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ...... අපි දෙන්නගේ මතකයන්...... ගෙවිලා ගිය ජීවිතේ....... මම කොහොමද අමතක කරන්නේ...... මට ඒක කරන්න බෑ.....
"දැන් මොකද කරන්නේ......"
"මුක්තු නෑ...... මේකේ හැටියට මම කරපු සබ්ජෙක්ට් ටික ලබන සතිය වෙනකොට වෙන කෙනෙක්ට භාරදිලා ට්‍රාන්සර් කරපු තැනට යන්න ඕනේ......"
YOU ARE READING
කන්නීර්...(கண்ணீர்) || BL
Non-Fiction"මොකෝ මේ...." "මම......." "එපා......." "නෑ මට...." "එපා.... මුකුත් කියන්නේ නැතිව මෙහෙම ඉන්න දෙන්න....." -------------------------
29 වන කොටස
Start from the beginning