( සැ.යු මේ එයා නෙමේ ..... මේ වගේ මවාගන්න.............)

Air line ඇඳුමට එයාව හරි ලස්සනට පෙනුනා....... එයා පිරිලා..... ගිත්මිට දුවගෙන ගිහින් එයාව බදාගන්න හිතුනත් ගිත්මි ඒ හැඟීම් යටපත් කර ගත්තා ............

" කැනඩා??"

" හම්ම්......ඔව් මාස්ටර් කරන්න ......."

" මට ඔයා ගැන සතුටුයි...... අඩුම ඔයාවත් පොරොන්දු රැකලනේ......"

පාස්පෝට් එක දෙන ගමන් ඒ ඇස් දෙක දිහා බලන්ම දේශිකා අක්කා කියද්දි ඒ ඇස් වල යන්තමට දිලිසෙන කඳුලු ගිත්මි දැක්කා.......

" ආයෙම එනකොට හිටියොත් හොඳ කෝපි කෝප්පයක් බොන ගමන් අපි කතා කරමු......"

" හම්ම්..... අනිවාර්යයෙන් ......"

තමන්ගේ පරණ අහිංසක හිනාවෙන්ම දේශිකා අක්කට සමු දුන්න ගිත්මි ප්ලේන් එකට යන්න හැරුනා....

" ඒ එයා නේද??"

" හම්ම්ම්...... ඔව්......... ගොඩක් වෙනස් වෙලා ........."

" ඇයි නම්බරයක්වත් ඉල්ල නොගත්තේ??"

" තේරුමක් නැති නිසා ........"

" ඒත් ආයේ ඔය දෙන්නට කතා කරලා දේවල් විසඳ ගන්න බැයිද?? මං තාමත් ඒ ඇස් වල ඔයාට තියෙන ආදරේ දැක්කා........"

" හම්ම්ම් මාත්.........."

" එහෙනම් ඇයි??.........එයා...."

" එයා මැරීඩ්............"

" මොකක්???"

සඳුනිට ඇවිදින එකත් මොහොතකට අමතක කරන්න ඒ වචනෙට පුලුවන් උනා........

" හම්ම්ම් මං එයාගේ අතේ වෙඩින් රින්ග් එක දැක්කා........."

" ඒක වෙන්නේ කොහොමද ??"

" එයාට දැන් අවුරුදු 28ක්..... එහෙම නොවී කොහොමද ??"

" ඒත් ඒ ඇස් වල තාමත් ආදරේ තියෙනවා ගිත්මි......."

" වෙන්න පුලුවන් ........."

" පුලුවන් නෙමේ තියෙනවා ....... ඒක හොඳටම පේනවා...... එහෙම තියෙද්දි එයා කොහොමද වෙන කෙනෙක් ??"

" ෂ්....... මං දන්නවා ආදරේට අනුව එයා කරන්නේ වැරැද්දක් ....... වෙන කෙනෙක්ට ආදරේ කර කර තව කෙනෙක් කසාද බඳින එක ....... ඒත් ලෝකෙට ඒක නෙමේද සම්මතේ සඳුනි.... හොඳ වයිෆ් කෙනෙක් ..... හොඳ අම්මෙක්....... ඒවා නෙමේද ලෝකේ බලාපොරොත්තු වෙන්නේ?? ඔයා දැක්කේ මං විඳවපුවා විතරයි නේ...... එයා කොච්චර විදෙව්වද කියන්න අපි දන්නෑනේ......... තාමත් ආදරේ උතුරන ඒ ඇස් වලිනුයි අතේ තියෙන රින්ග් එකෙනුයි ඒ විඳවිල්ල අපිට පොඩ්ඩක් හරි තේරුම් ගන්න පුලුවන් නේද ??? ඉතිම් අපි දේවල් ඒ විදියටම තියෙන්න දෙමු...... සමහර දේවල් ලස්සන හැංගිලා තියෙනකොට.... ඉතිම් ගිත්මි දේශිකා ආදරකතාවත් එහෙම අපේ හිත් ඇතුලේ හැංඟිලා තියෙද්දි තමා ලස්සන ......."

" මට තේරෙන්නේ නෑ ගිත්මි අපේද වැරැද්ද..... සමාජෙද කියලා .........."

" දෙගොල්ලොම.........."

" ඒ කිව්වේ??"

" දැන දැන මිනිස්සුන්ගේ හැඟීම වලට නීති දාන සමාජෙත් වැරදි..... දැන දැන අවස්ථාවක් නෑ කියලා ඒ සමාජෙ ඇතුලේ හැඟීම් හොයන්න යන අපිත් වැරදි........ මේ දේවල් නැති වෙන්න නම් තව ගොඩක් කාලයක් යයි.........."

තමගේ ජනේලෙන් ප්ලේන් එක ටිකෙන් ටික පොලවෙන් ඈත් වෙන හැටි බලන් හිටපු ගිත්මි හිමීට තමන්ගේ ඇස් වහ ගත්තේ .... අලුත් ගමනක් පටන් ගන්න ...........

                             නිමි.


🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

ඉතිම් මට ending එකට බනින්න එපා දරුවනේ....... මං කිව්වා මේක real stry එකක් කියලා ........ මට ඇත්තටම මේ දේවල් එහෙම්මම දෙන්න ඕනි උනා.........

මං author note එකක් දානවා ඒකත් කියවන්න......

කතාව ගැන cmmnt එකක් අනිවාර්යයෙන් දාන්න

ආදරෙයි මං පූජා 😘😘

Those Days ( ඒ දවස් )Where stories live. Discover now