අවසාන කොටස (අතීත)

Start from the beginning
                                    

"මට ලඟට එන්න බෑ ස්වාමි.... මන් යන්න ඕනේ... මං ඔයාවයි අපේ පුතාවයි බලල යන්න ආවේ... හැබැයි යන්න නම් මගේ ස්වාමිගෙන් මට පොරොන්දුවක් ඕනේ.... මාව නිදහස් කරනවද ? "



"යෙන්නම්මා... සොල්ලමා... ඕනෙ පොරොන්දුද... සීයක් දෙන්නම්... සත්‍යම්...."



"මගේ ස්වාමි... අපේ දරුවව බලාගන්නවද... මං නෑනේ... නේද.... අපේ පුතා ආස නෑ ඔයා බිබී විනාස වෙනවට... දරුවා දුකින් ඉන්නේ.... ඔය දේවල් නවත්තන්න... මං ගාවට එන්න හිතන එක නවත්තන්න.... අපේ පුතා තනිවෙයි..... පුලුවන් නේද ... මං කවදාවත් දේවල් ඉල්ලලා නෑනේ..ම්ම්...."




"සරි... සරිම්මා.... මන් ආයෙ නරක වෙන්නෙ නෑ... ආමා... මන් නරක වෙන්නෙ නේ.... කුට්ටි බලාගන්නවා... සත්‍යම්...."



"මන් මැරුනට ඔයා දුන්න ආදරේ මරන්න එපා මහත්තයා.... ශරීර ප්‍රාණේ මැකුණ බව වගක් ගන්න එපා , ඒ වෙනුවට මගේ හිත ජීවත් කරවන්න මහා රාජා.... මං වෙනුවෙන් ඔය හිත පුරවල දුන්න ආදරේ වෙන කා වෙනුවෙන් දුන්නත් මං තරහා නෑ යෙනග...... මන් යන්නම්..... මං ආදරෙයි අපේ පුතාටයි ඔයාටයි........"




රෝස මල් සුවඳත් එක්ක නේත්‍රා නම් වෙච්ච මැවිල්ල මැකිලාම යන්න ගියා.... බොඳවුන ඇස් එක්ක නොනවත්වාම ගලන කඳුලු අස්සෙන් විස්සු දරාගත්තා ඒ අවසානම හමුව....



අවසාන හමුවත් එක්කම අවසාන වතාවට ලැමිනේටින් කරපු කොල කෑල්ල ආයෙමත් කියෙව්වා විස්සු එක හුස්මට....



(මට අමතක කරන්න ඕනේ. ඒත් බෑ. ඒ කාලකන්නි දවස මට අමතක වෙනවනම් කියල හිතුන වාර අනන්තයි. එදා මගේ විස්සු හිටියෙ නෑ. වැඩ වගයකට දුර ගිහින්. හැමදාම වගේ මං කැම්පස් ගිහින් ආවා. මාව ගෙනත් දැම්මෙ නදීර. මං ගෙදර එද්දි විස්සුගේ අප්පා ඇවිත් හිටියා විස්සුගෙ මල්ලිත් එක්ක. මන් විස්සුට කිව්වෙ නැතිඋනාට ඒ දෙන්නට මං කැමති නෑ. ඒ ගොල්ලො මගෙ දිහා බලන විදියට මං කැමති නෑ. ඒක නිසා මන් වචනයක් දෙකක් වගේ කතා කරේ , ඉතින් මන් කතා නොකර ඉද්දි ඒ දෙන්නා පස්සෙ දවසක එන්නන් කියල ගියා. ඒ ගිහිල්ලා ටිකකින් කවුරි හරි දොරට තට්ටු කරා. එදා හිමනිත් එනව කියපු නිසා මං ඉතින් දොර ඇරියා. ඇවිල්ල හිටියේ විස්සුගෙ අප්පා. වටපිට බලද්දි විස්සු මාව බලාගන්න තියපු වේට්ටි අණ්නල සාරි අක්කලා කවුරුත් නෑ. මමත් වැඩිය හිතුවෙ නෑ. අප්පනේ කියල කතා කර කර හිටියා. එක පාරටම ඒ මිනිහා මගෙ අතකින් ඇදගෙන කාමරේට අරන් ගියා. මන් පොර බැදුවා. විස්සු තරන් විසාල ඒ මිනිහගෙන් ඒත් මට ගැලවෙන්න බැරුව ගියා. ඌ මාව විනාස කරා. එක තප්පරයක් වත් මාව රිදවල නැති විස්සුව සිය දහස් වතාවක් මතක් වෙන තරමටම ඌ මාව විනාස කරා. මුලු ඇඳම මගෙ ලේ වලින් නෑවෙන තරමට ඌ මාව කෑවා. මං පලි ගැහුවා. බේරෙන්න දැගලුවා. නොවඳිනා වැඳුම් වැන්දා. ඒත් ඌ මාව අතෑරියෙ නෑ. අන්තිමේ මන් කිව්වා මං මගෙ යෙනගට සේරම කියනව කියල. ඒත් , ඒ එක්කම විස්සුගෙ මල්ලි ආවා. ඌ මහ නරුම කමට හිනා උනා. මගේ නංගි හිමනි නාද්දි හොරෙන් ගත්තු ෆොටෝ වගයක් උගෙ ෆෝන් එකෙන් ඌ මට පෙන්නුවා. මගෙ පොඩි එකීව විනාස කරනව කිව්වා. මාව තවත් පන නැතුව ගියා. තැලිලා පොඩිවෙලා උන්න මාව ආයෙත් තැලුනා. අප්පයි පුතයි එකතු වෙලා එදා මාව හපයක් කලා. උන්ගෙ ජරාව මගේ ඇඟ අස්සෙ නිසා මං පෙති අහුරක් ගිල්ල. ඒත් කරුමේ තරමට ඒවටවත් එන දේවල් නවත්තන්න බැරි වෙලා. උන් මාව කාලා සති තුන හතරකට පස්සෙ අමාරුකම් එද්දි සැකේට බැලුවා. උන්ගෙන් එකෙක් හන්දා මගෙ ගාවට උන් වගෙම එකෙක් ඇවිත් . උන් දෙන්නගෙන් අප්ප මොකාදවත් නොදන්න පොඩි එකෙක් මගෙ බඩේ. අම්මෙක් හන්දද කොහෙද මරාගන්න හිතුනෙ නෑ. ඒ පැටියගෙ කාලකන්නි කමේ තරම කියනවනන් ඌ හින්දා මට ඉස්සෙල්ලම ආස හිතුනෙ මගෙම ලේ බොන්න. ඊටත් පස්සේ හරක් මස් බිරියානි කන්න. එතනින් මට තේරුනා හරක් මස් බිරියානි වලට ආස විස්සුගෙ අප්පා. බඩේ ඉන්න එකා විස්සුගෙ අප්පගෙ. ලේ කැටියක් ඌ මක් කරන්නද කියල ඒත් ඉවසුව. අන්තිමේ උට මගෙ මිනිහගේ ලේ ඕන උනා. ඉතින් ඉවසීම නැවතුනා. කියාගන්න කෙනෙක් නැති හන්දා මන් නදීරට හැම දේම කිව්වා. ඌ උදව් කරා. මේක මගේ ඇඟ , තීරණේ මගේ. ඉතින් මන් ඇබෝශන් කරා. එතකොටත් සෑහෙන කළලෙ වැඩිල නිසා අවදානම් කිව්වත් මං ගනන් ගත්තෙ නැ. ආයෙ දරුවො හදන එක පවා අවදානම් කිව්වා. ගනන් ගත්තෙ නෑ. ආයෙත් විස්සු එද්දි මං හිටියෙ මං ගැනම අප්පිරියාවෙන්. මං වගේ විනාස වෙච්ච එකෙක් ඒ රත්තරන් මනුස්සයට හරියන්නෑ හිතුනා. ඒ නිසා නදීරගෙ උදව්වෙන් මන් ඈතකට ගියා. මන් දැනන් හිටියා. විස්සුගෙ හිත රිදෙන බව. ඒත් වෛර කරයි කියල හිතුවෙ නැ. හැමදේම වැරදියට තේරුම් අරන්. මට ඇත්ත කියාගන්න බෑ. මගේ පොඩි එකී විනාස වෙයි. හැමදේම පලක් නැහැයි දැනුනා. අහද්දි අහද්දි හේතු කියන්නයි කියද්දි දුක වේදනාව ඉවසගන්න බැරි කමට මැරුම් කන්නම ලෝකෙ නැති උත්තර දුන්නා. ඒත් මැරිල යන්න බැරුව ගියා. අන්තිමේ මට අවස්තාවක් ලැබුනා අපා දුකෙන් ගැලවෙන්න. ඉතින් මන් අපේ දරුවව ගේන්න කැමතිඋනා. මන් දැනන් හිටියා. දරුව ලැබෙද්දි දරාගන්න බැරි අමාරුකම් එද්දි මට කාලේ නැති බව. මන් ඉතින් පුලුවන් තරම් අමාරු කම් හන්ග ගත්තා. මන් යන්න ගියත් විස්සු තනි වෙන්නෙ නෑ අපේ පුතා ඉන්නවනෙ එයා එක්ක. මට ජීවත් වෙන්න ආසාවක් නෑ ඇත්තටම. විස්සුට විතරක් අයිති දේවල් වෙන උන් උදුර ගත්ත නිසා මගෙ මුලු ඇඟම අප්පිරියාවයි. මට ඕනෙ මැරෙන්න. ඉතින් මං මැරෙයි. එතකොට මට ආයෙ උපදින්න පුලුවන්. පිරිසිදුව. මේ ආත්මෙ වගේ නැතුව මට මගෙ විස්සු එක්ක ලස්සනට ජීවත් වෙන්න පුලුවන්. දැන් මගේ කොල්ලට මාස හයයි , තව මාස තුනයි ඉතුරු. ඊට පස්සෙ මන් නිදහස්. මේ තුහින නේත්‍රාංජන කදිරගාමන් නිදහස්. විස්සුගේ රෝජා පූක්කල් නිදහස්. දන්නවද අම්මා ආදරෙයි අප්පටයි පුතාටයි දෙන්නටම. ඔයාලා දෙන්නා ලස්සනට ජීවත් වෙන්න ඕනේ හරිද. අම්ම බලන් ඉන්නවා කොහේම හරි ඉඳන්.. මගෙ පුතු අප්පව බලාගන්න හොඳද. මං ආදරෙයි විද්‍යාර්ත් අම්රිත්‍ය බ්‍රාහ්මණ කදිරගාමන්. මං ආදරෙයි විශාල් බ්‍රාහ්මණ කදිරගාමන්. මීට :නේත්‍රා:)





පිලිස්සී අලු වී වැටුනු කොල කෑල්ලත් එක්කම ,
ඉතින් බලාපොරොත්තුවක් විස්සුට.... නේත්‍රා දුන්න ආදරේ වෙනුවෙන් ජීවත් වෙන්න.... දරුවා වෙනුවෙන් හුස්ම ගන්න....




ඉතින් එදා රාත්‍රියේ....




විශාල් බ්‍රාහ්මණ කදිරගාමන් ආයෙත් ඉපදුනා....




හුස්ම නොගෙනම හුස්ම ගන්න බලාපොරොත්තු බැඳගත්තා....



ජීවිතයේ නිමාව වන දා තෙක්ම විද්‍යාර්ත් වෙනුවෙන් ජීවත් වෙන්න හදවත යදම් ලාලා බැඳගත්තා....



ඉතින් යම් දවසක විස්සු යාවි නේත්‍රාව හොයාගෙන....


මතු ආත්මයක වත් අවස්ථාවක් ලැබේවි නේද ඒ පෙම්වතුන්ට , සතුටුදායක අවසානයක් නැමති පුවරුව අලවගන්න....








නිමි ,








නමුත් නොනිමි වන්නටද හැක....




































රිදුම් දුන් , මගේ පලවෙනි short story එක... ඔන්න අදින් ඉවරයි...

මේ අවසාන කොටසනේ... හිතට දැනෙන දේ අනිවාරෙන්ම වචන කරන් යන්න...

විස්සුටයි නේත්‍රාටයි පුන්චි ජස්මින්ටයි ආදරෙයි කියන් යන්න....

ඉමෝජි නැතුව වචනයක් දෙන්න මේ ඕතරීගේ හිත හැදෙන්න....

මං ආදරෙයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා 🥺❤️

රිදුම් දුන් ,  (Bl SHORT STORY) [COMPLETED] Where stories live. Discover now