" සොරි සර්... ෆ්ලයිට් එක නවේට තිබුණේ... දැන් දොලහත් වෙලානේ... "

එයාපෝට් එකම පීරලා මං හෙව්වා ඒ කඳුළු පාට ඇස් දෙක... හැමදාම මගෙ දිහා ලෝබ නැතුව ආදරේ පුරෝලා බලන ගමන් මේදව් කියලා ඇහෙන නෑහෙන ගානට කන ගාවට මුමුණන මගෙ ආඩම්රකාර වීනස් තරුව...

සිය ගානක් මිනිස්සු මාව පහු කරන් යද්දි මං ඉන්න තැනම හිටගෙන ඔහේ බලන් හිටියා... අන්තිම බලාපොරොත්තුවත් සුන් වෙලා ගිය තැන මට දැනුණා මගෙ ආත්මෙ ආයම වතාවක් හිස් වෙනවයි කියන්න... සමහර අහිමි වීම් වලට මගහැරීම් වලට පුළුවන් ජීවිතේ තනිකරම සිසිර සෘතුවක් කරන්න... තනි සුදු පාට විතරක් ඉතුරු කරලා පාට සේරම ඒ අස්සේ හංගන්න... ඉතිරි වුණ සුදු පාට සදහටම ඇස් වලට හුරු කරන් අනික් හැම පාටක්ම මතකෙන් නැති කරන්න...

බයික් එකත් හරවන් මං ගෙදර ආවා... අම්මා මොන මොනවදෝ කියනවා ඇහුණත් මං ඒ මුකුත් කනකට නොගෙන කාමරේට ඇවිත් දොර වහගත්තා... තෙතට ඇඟටම ඇලිලා තිබුණ ෂර්ට් එක ගලවලා විසික් කරලා කලිසම පිටින්ම ඇඳට වැටුණා... සුදු පාට අස්සට කළු පාට මුහු වෙද්දි හැමදාමත් වගෙ මං ඒ ආගාධෙ අස්සෙ ආය ආයම ගිලෙන්න පටන් ගත්තා...

උඹ නැතුව දැන් මට ජීවිතේට තනියම වාරු වෙන්න අමාරුයි මැණිකේ... හිත පුන පුනා කියද්දිත් මට සිද්ද වුනා පපුව අතට මිටි කරන් තව එක අහිමි වීමක් දරාගන්න... තාවකාලිකව හෝ...!

" තවදුරටත් ඔයා මේ අහලකවත් නැ කියන අමු ඇත්ත අමාරුවෙන් වුනත් මං පිලිගන්නම්... උඹට මාව දාලා යන්න කියලා මං කොතනකවත් කිව්වෙ නැ හිමසල්... "

" උඹව විශ්වාස නොකල තරහට ද මේ තරම් දරුණු වුනේ වීනස්... "

එයාගෙ දුඹුරු පාට ඩයරිය මං ලඟට ගත්තා...



" මගෙ නොවන මගේම ආදරයක මා තනි කළ ප්‍රේමය අකාලික බව පසක් කළ ආමන්ඩ් ඇස් වෙත ලියමි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




" මගෙ නොවන මගේම ආදරයක මා තනි කළ ප්‍රේමය අකාලික බව පසක් කළ ආමන්ඩ් ඇස් වෙත ලියමි... "

මුල්ම පිටුවෙ දකුණු පැත්තෙ කෙළවර අයිති කරන් හිටිය වචන කීපය මගෙ හිත හෙල්ලුවා... හැමදාමත් වගෙ උඹෙ වචන වලට මගෙ හිත ආයම පාරක් හිරිවැටුණා...

පොතම පිරෙන්න වීනස්ගෙ අකුරු හිස්තැනක්වත් නැති වෙන්න ඇහිරිලා තිබුණා... අතරින් පතර වේළුණු මල්... කඩදාසි කවර පවා තිබුණා... 2016 මැදක පටන් අරන් තිබ්බ ඩයරිය අවුරුදු ගනන් පිරෙන්න ලියලා තිබුණෙ මගෙ හිතට අමුතු බරක් එකතු කරලා...

දරාගන්න බැරි කතාවක් පොතක ලියලා මට දීලා ඉවසන්නම බැරි තැනකදි හොයන් ඇවිත් බදාගන්නවත් බැරි ඈතකට යන්න උඹ හිත හදාගත්තෙ කොහොමද මගෙ මැනිකේ...!

අකුණු ගගහ වහින සද්දෙ පිටින් ඇහෙද්දි මං ලා පාට එලියකින් වීනස්ගෙ වචන ගොඩක් එක්ක අතරමන් වෙන්න තීරණය කලා...

2016/07/11

අදට මාසයක්... හරියටම මාසයක්... තමුසෙව මං දැකලා දැන් දවස් තිහක් දේව්‍ය. ඩයරි ලියන්න මං දන්නැ. ඒත් තමුසෙ මේවා දවසක දැනගන්න ඕන. මාව දන්නෙවත් නැති තමුසෙ වෙනුවෙන් මට දැනුන හැඟීම කොච්චර පරණද කියලා තමුසෙ දවසක දැනගන්න ඕන. මං තීරණේ කරා. ඔව් තමුසෙ මගෙ දේව්‍ය. විශ්වාස කරපන් මට මේ දැනුත් උඹෙ බනී හිනාව මතක් වෙනවා. පොල් දත් දෙකක් වගෙ ඉස්සරහ දත් දෙකට තමුසෙ කියුට් හා පැටියෙක් වගෙ. ඇයි... මං අහන්නෙ ඇයි කොල්ලෙක්⁣ට මගෙ හිත ගියෙ ? මාව අසරණ වෙනවා මිනිහො... මට උඹව පේනවා දේව්‍ය හැමතැනම. දේව්‍ය. ! තමුසෙ මට මොකද්ද මේ කලෙ... ? "

( ඔය පහල අහලා තියන එකට උත්තරයක් දීලා යනවද ඔයැයිලා... )
.

.

🚫  A/N ;. 🚫

හායි ලමයි...

හුඟම හුඟ කාලෙකින්... මං මේ කොටස ලියලා කී පාරක් ඩිලිට් කලා ද කියලා මටවත් මතක නැ දැන්... ලියන්න අමාරුයිනෙ මේ ටිකේ... ඒත් කමෙන්ට් දකිද්දි ආස හිතෙනවා... ඇත්තමයි ඔයාලගෙ වචනයක් වෝට් එකක් විතරයි දැන් හිනාවෙන්න හේතුවකට තියෙන්නෙ... 🫶

වෙනදා වගෙ නැත්තන් මට කියනව ... මං ආස නැ කතාව චොර වෙනවට මං අතින්ම... වෙනදා වගෙ නැත්තන් මං පොඩි නිවාඩුවක් අරන් පස්සෙ සේරම හරිගස්සන් එන්නම්... 🌚

ඉතින් වීනස් කියවන කමෙන්ට් කරන වෝට් කරන හැංගිලා ඉන්න හැමෝටම ලූනා හරිම ආදරෙයි 🫶

VENUS SIGN Where stories live. Discover now