JUST FOR YOU ❤

By BabyNeet

1.5K 284 78

JUST FOR YOU....❤ 💙 INTRODUCTION 💙 💜 BTS KIM SEOK JIN ❤ KIM NAM JOON 💙 JEON JUNGKOOK 💜 PARK JIMI... More

JUST FOR YOU - Episode 01
JUST FOR YOU - Episode 02
JUST FOR YOU - Episode 03
JUST FOR YOU - Episode 04
JUST FOR YOU - Episode 05
JUST FOR YOU - Episode 06
JUST FOR YOU - Episode 08
JUST FOR YOU - Episode 09
JUST FOR YOU - Episode 10
JUST FOR YOU -Episode 11
JUST FOR YOU - Episode 12
JUST FOR YOU -Episode 13
JUST FOR YOU - Episode 14
JUST FOR YOU -Episode 15
JUST FOR YOU - Episode 16
JUST FOR YOU - Episode 17
JUST FOR YOU -Episode 18
JUST FOR YOU - Episode 19
JUST FOR YOU -Episode 20
JUST FOR YOU -Episode 21
JUST FOR YOU - Episode 22
JUST FOR YOU - Episode 23
JUST FOR YOU - Episode 24
JUST FOR YOU Episode 25
JUST FOR YOU .. Episode 26
JUST FOR YOU.. Episode 27
JUST FOR YOU - Episode 28
JUST FOR YOU - Episode 29
JUST FOR YOU - Episode 30
JUST FOR YOU - Episode 31
JUST FOR YOU - Episode 32
JUST FOR YOU - Episode 33
JUST FOR YOU - Episode 34
JUST FOR YOU - Episode 35
JUST FIR YOU - Episode 36
JUST FOR YOU - Episode 37
JUST FOR YOU - Episode 38
JUST FOR YOU - Episode 39
JUST FOR YOU - Episode 40
JUST FORBYOU - Episode 41
JUST FOR YOU - Episode 42
JUST FOR YOU - Episode 43
JUST FOR YOU- Episode 44
JUST FOR YOU - Episode 45
JUST FOR YOU - Episode 46
JUST FOR YOU - Episode 47
JUST FOR YOU - Episode 48
JUST FOR YOU -Episode 49
JUST FOR YOU -Episode 50 (Final)
JUST FOR YOU - 💓SPECIAL EPISODE 💓

JUST FOR YOU - Episode 07

32 7 0
By BabyNeet

“ ආ.. ටැන්නි,, අන්න ඔයා ඉන්ටර්නෙට් එක පුරාම හරිම ලස්සනට ඉන්නවා... තව ට්විටර්,ඉන්ස්ටා,, වේවර්ස් හැම එකකම ඉන්නවා.. ඔයා දැන් තව ෆේමස් ටැන්නි.. ”

“වේ ? ටැන්නි.. ? ටැන්නි මොකක්ද ඒ පාර කරලා තියන්නේ ඉන්ටර්නෙට් එක පුරා යන්න තරම් ? මොකක්ද ඒ කතාව..?”

ජිමින්, ටැන්නිව වඩාගෙන ඒ දිලිසෙන ඇස් දිහා බලාගෙන ටැන්නිගෙ තෙත තොම්බ තමන්ගේ නහයට ගෑවෙන්න ඔන්න මෙන්න වෙනකම් මූණට ලං කරගෙන දෙපැත්තට හොලවන ගමන් කියද්දි, මේ කිසිම දෙයක් නොතේරී අහම්බෙන් නන්නාඳුන පුංචි කෙල්ලක්ගේ ලස්සනම ලස්සන වූල් ස්කාෆ් එකකට හිමිකම් කිව්ව ටැන්නි, තමන්ගේ කළු දුඹුරු බූල් පිරිච්ච නැට්ට වනන අතරේ ජිමින් ටැන්නිව මූණට ළං කරන වාරයක් පාසාම දිව එළියට දාලා, කොල්ලගෙ මූණ ලෙවකන්න උත්සාහ කලේ, කොල්ලා කියන දේ නොතේරුණත් කොල්ලගෙ සෙල්ලමට නම් ටැන්නි එකතු වෙද්දි... මේ කෝලම් දිහා බලන ගමන්ම ඇස් පොඩි කර කර නොසන්සිඳුන කුතුහලයෙන්, ජිමින් තමන් අහපු දේට උත්තර දෙනකම්  ජිමින් දිහාම කටත් යන්තමට ඇරගෙන  බලාගෙන උන්න වී, ජිමින්ගෙන් උත්තරයක් නොලැබුණ තැන, අවුල් වෙච්ච කොණ්ඩෙ මූණෙන් උඩට කරන අතරේ කටත් ඇද කරගෙන හැරුණේ තාමත් ෆෝන් එකේම ඇලිලා ඒ මත්තෙම ඇස් වගේම ඇඟිලිත් දුවවන ගමන් හිටපු යුන්ගී දිහාවට..

“යුන්ගී...යා.. මොකක්ද අප්පා වෙලා තියෙන්නෙ... හ්යු..න්...ග්...ග්... මොකද වෙලා තියෙන්නෙ කියනවකෝ..ඕ..ඕ.. ”

“ ආහ්.. වේ... වේ...වේ... මගෙන් අහන්නෙ.. ෆෝන් එකක් තියනවා නේ.  අරගෙන බලනවකො... මම මේ වැඩක්...”

“චිංචා...හ්... නිදිමතයි... ආයේ උඩට යන්න කම්මැලියි.. කියනවකෝ...ඕ..ඕ.. සුගා හ්යුන්ග්...”

“ අයිගූ... අයිගූ... කම්මැලියා.. නැගිටිනවා..නැගිටල බලනවා..  මගෙන් අහන්නෙ.. ජිනියා...දන්නවද දන්නෑ මේ සීන් එක...”

වී, තමන්ගේ අමුතු හැඩේකට පිහිටපු ලස්සන ඇස් දෙක පුංචි කරලා, කටත් ඇද කර කර... හුරතල් කටහඬින් සුගාට වදේ ගහද්දි.. ෆෝන් එකේම ඇස් අලවගෙන ගැඹුරු කල්පනාවක උන්නු සුගා, කොල්ලට ඒ විදිහට කියද්දි නම්, වී තව තව මූණ ඇද කරගත්තේ නිදිමතට වඩා කුතුහලයක් හිත පුරාම යද්දි.. ඒකට හේතුව, සුගා මේ තරම්ම සීරියස් මූඩ් එකක ඉන්න එක කොල්ලට විතරක් නෙවෙයි සුගා ගැන දන්න ඕනම කෙනෙක්ගේ හිත නොඉවසිලිමත්, කුතුහලයකින් පුරවන්න තරම් ගැඹුරු කාරණයක් වෙද්දි... ටීම් එකේ අනිත් අයටත් වඩා ජීවිතේ  ගොඩක්ම කට්ට කාපු කොල්ලෙක් උන සුගා, යම් දේකදි සීරියස් මූඩ් එකට එනවා නම්.. ඒ කාරණාව ගැඹුරින් සැලකිය යුතු මට්ටමේ කාරණාවක් වග හැමෝම හොඳින් දන්න කාරණයක්...

“ හේයි.. ජිමිනා.. මට සැකයි මේ සාසෙන්ග් කෙනෙක් ද කියලා.. ”

“ මටත් ඒ ගැන නම් සැක හිතුණා... ”

“ මම ප්‍රොෆයිල් එක චෙක් කරා... ඒකෙ ඇතුල බලන්න නම් ෆලෝ කරන්න ඕනා.. මම ෆලෝ කලොත් ඒ කවුරු උනත් සැක හිතෙනවා.. ”

“ ම්ම්.. මොකද කරන්නේ...”

“ ඒක අපි නම්ජුන්ගෙන් අහල ඉමු.. අනිත් එක කමෙන්ට් එකකට එච්චර කලබල වෙන්නත් බෑ.. ලොකු දෙයක් කියලාත් නැහැනේ..  ”

“ ඒ උනාට යුන්ගීයා... ඒක දැක්කම හිතෙන්නෙ නිකම්, සීක්‍රට් රිලේෂන්ශිප් එකක් ගැන නොකියා කියනව වගෙ.. ඒකනේ ඒකට මෙච්චර චියර්ස්.. රිප්ලයි කමෙන්ට්ස්...”

කුතුහලය පිරුණ හිත, තමන් ගැන නොසලකා හරින ගමන්ම කතාබහක හිටපු ජිමින්ගේ වගේම යුන්ගීගේත් ඒ කතා වලින්, හිත පුපුරන තරමට තව තවත් කුතුහලයෙන් පිරෙද්දි, බලාගෙන ඉන්න බැරිම තැන වී, උඩ තමන්ගේ කාමරේට යන්න හැරෙද්දි,  කොල්ලො හත්දෙනාගෙන් අවසානයටම ඇහැරුණ ජේ.කේ ත් උඩ තට්ටුවෙන් පහළට බැස්සේ පිස්සෙක් වගේ කොණ්ඩය අවුල් කරගෙන නිදිමත ගතියෙන් උනත්, ෆෝන් එකත් අතේ තියාගෙන ඒ මත්තෙම ඇස් අලවගෙන හිටපු ඒ හැඩකාර මූණේ ඇඳිලා තිබුණේ කල්පනාසහගත බවක්...
__________________________________

“ ආයි..ෂ්.. මොකද්ද ඒ කලේ...  ”

“ හි..හි..හිහ්... මහන්සිත් ඇතිනේ.. ටිකක් නාගන්න..”

“ හේ.. ජන්ග්කුක්..යා..පිච්චස්සොයෝ..  හීතලයි... ”

එකදිගට පැය ගණනාවක් තිස්සේ තිබුණු ඩාන්සින් ප්‍රැක්ටිස් ටිකකට නතර කරලා ලැබුණ කෙටි විවේකයේදි , මහන්සියටම බිම පෙරලිලා හිටපු වී,  එකපාරටම කෙලින් වෙලා එහෙමම බිම වාඩි උනේ, බිම හාන්සි වෙලා ඉද්දැ මූණ උඩට එක තත්පරේට වැටුණු වතුර පාරට ගැස්සිලා යද්දි... කොහේදෝ ඉඳලා එක පාරටම මතු වෙච්ච ජන්ග්කුක්, වී ගේ මූණට, අතේ තිබුණ වතුර බෝතලේ වතුර ටික හැලුවේ... සුපුරුදු  දඟකාර ගති පෙන්නන ගමන්...

ඒ කෙටිම කෙටි නිවාඩුවේ තිබුණ තත්පර, විනාඩි, පැය ගෙවුණේ හුරුපුරුදු නිදහසෙන් උනත් එයාර්පෝර්ට් එකේ උන සිද්ධිය හැමෝගෙම හිතට කුතුහලයක් එකතු කරද්දි... ඒ පස්සේ ගිහිල්ලා ඒ ගැන හොයන්න ඒ නිවාඩු දවස් එකහමාරම ගත කලත්, කොල්ලො ටිකට එකම එක දෙයක් ගැන විතරක් අදහසක් ලැබුණත් එක්කම, තව දුරටත් ඒ ගැන හොයන එක නතර කරන්න සිද්ධ උනේ, ළඟ ළඟම අවුට් කරන්න නියමිත වෙලා තිබුණ අලුත් මියුසික් ඇල්බම් එකේ වැඩ පටන්ගන්න සිද්ධ වෙද්දි...
ඒ උනත් ලැබුණ හැම ඉඩකම වගේ සුගා, ජින්, ආර්.එම් වගේම මල්ටි ටැලන්ටඩ් ජේ.කේ, ජිමින්, හෝබි වගේම හුරතල් වී , එකිනෙකාට තියන කනෙක්ශන්ස් වගේම හැකියාවල් යොදවලා ඒ කමෙන්ට් එක අයිතිකාරී ගැන හෙව්වත්.... කොල්ලො ටිකට හොයාගන්න පුළුවන් උනේ , පුංචි ම පුංචි විස්තර ටිකක් විතරමයි... ඒ කොහොම උනත් කොල්ලො ටිකට දැණුන ලොකුම සැනසීම උනේ ඒ සාසෙන්ග් කෙනෙක් නොවුණ එක වගේම ඒ කමෙන්ට් එක දාපු ගෑණු ළමයා, ටැන්නි දැන් අයිතිකරගෙන ඉන්න වූල් ස්කාෆ් එකේ නියමම අයිතිකාරි කියන එක දැනගන්න ලැබුණ එක...  ඉතින් ඒකයි,  විනෝදය , දඟ වැඩ, පුංචි පුංචි රණ්ඩු කිසිම වෙනසක් නැතුවම ආයෙ ආයෙමත් පටන් අරගෙන තිබුණේ..

“ හේ.. ගායිස්.. මීටින් එකක් තියනවා විනාඩි දහයක..  කට්ටිය චේන්ජ් කරගෙන ඉවර වෙලා පී.ඩි නිම් ගෙ කාමරේට එන්න...”

ඒ පුංචි අස්වැසිල්ල අස්සෙන්ම දවස් ගෙවිලා ගිහින් උදා උන හීතලම හීතල දවසකදි, ඉර බැහැගෙන යන මොහොතක.. කොල්ලො හත්දෙනා පුරුදු විදිහටම, අලුත් සෝන්ග් එකක කෝරියෝග්‍රැෆි ප්‍රැක්ටිස් එක ඉවර කරලා, දාඩිය වලින් නැවිලා හිටපු කොල්ලො ටික වොෂ් රූම් වලට යන්න හදද්දි, විනාඩි පහකට කලින් එළියට ගියපු ආර්.එම් ආයෙමත් ප්‍රැක්ටිස් රූම් එකේ දොර ඇරගෙන එන ගමන්ම එහෙම කිව්වේ, කොල්ලො හයදෙනා පුදුමයෙන් වගේ එකිනෙකාගේ මූණවල් බලද්දි... ඒ පුදුමයට හේතු උනේ, මීට කලින් කවදාවත්ම ඇල්බම් එකක් එක්ක කොල්ලා ටික බිසී වෙන  අතරතුරේ දි තමන්ගේ ප්‍රධානියා වෙච්ච පීඩි නිම් එහෙමත් නැත්තම් බෑන්ග් පී.ඩි.., මේ වගේ හමුවීම් නොතියන නිසාමයි...

“ වේ.. ?"

“ නම්ජුන්, මොකක් හරි අවුලක්ද ?”

“වේ.. ඒ..... මීටිං එකක් ? අද වගේ දවසකත්... චින්චා..හ්..  මම හිතන් හිටියෙ මින් ජේ එක්ක SSG එකෙන් Menagerei කේක් කන්න යන්න..  "

ආර්.එම් ගේ ඒ මැසේජ් එකත් එක්ක කොල්ලො ටිකගේ මූණවල් ඇද උනේ වේලාසනින් පුහුණුවීම් අවසාන උන එකේ සතුට ක්ෂණිකවම නැති වෙලා යද්දි.. විශේෂයෙන්, Menagari කේක් කන්න යන්න කාලාන්තරයක් තිස්සේ හීන මව මවා උන්න වී, වේලාසනින් ම නිදාගන්න පෙරුම් පුරපු සුගා, වගේම තව සැරයක් තමන්ගේ පුහුණු වීම් වල අඩුපාඩු හදාගන්න හිතාගෙන හිටපු ජිමින්ගේත් මූණවල් ගන්න දෙයක් නැති වෙද්දි, ආර්.එම්ගේ ඇඟේ එල්ලිලා එළියට ගිහින්, ආර්.එම් එක්කම ඇතුලට ඇවිත් අනිත් අයගේ ඇද වෙච්ච මූණු බලාගෙන, නිහඬවම හිටපු ජේ.කේ ගේ, ඒ මේ අතට නලියන ඇස් වල වගේම යන්තමින් හපාගෙන උන්න රතු පාට තොල් වල තැවරිලා තිබුණේ නම් පැණි බේරෙන, පෙම්පාට හිනාවක්... ඒ වගේම කියාගන්න උවමනා උනත්, ඒ දේ නොකියා හංගගෙන ඉද්දි කොල්ලගේ මූණට එන හොර බැල්මක් අපූරුවට සටහන් වෙලා තිබුණේ ඒ මීටින් එක පස්සෙ තියන කාරණාව කොල්ලා දන්න වග කොල්ලගේ මූණ දකින වගේම කොල්ලාව හොඳටම දන්න ඕනම කෙනෙක් ට තේරුම් යන කාරණාවක් වෙද්දි..

************************************************

වේදනාවල්, නොලැබීම්, මගහැරීම් කොයිතරම් තිබුණත්, මේ වෙද්දි ජීවිතේ ළඟම උන්න චරිත දෙක උන අයියාගෙනුත්, වගේම ආච්චිඅම්මාගෙනුත් වෙන් වෙලා හිටියත්,  පුළුන් කොට්ටයක් තරමට සැහැල්ලුවෙන් තිබුණ, හිතක් අරගෙන එළියට ගියපු මම, හවස හය හත වෙද්දි සුදු මාමාගේ ගෙදරට ආවේ තෙමුණු පුළුන් කොට්ටයක් තරම් බර හිතක් අරගෙන...

” ආච්චම්මා...හ්... ”

“ දෝණි ...  ”

“ සොරි ආච්චම්මා..  මම දැන් තමයි ෆෝන් එක හදාගත්තෙ හරියට...”

“ ඇයි ඒ.. කැඩුණද ?”

“නැහැ..නැහැ.. මෙහේ ඉඳලා කතා කරන්න මෙහේ නම්බර් එකක් ගන්න ඕනානෙ..  සො..රි කතා කරන්න පර...ක්..කු උනා..ට.. ”

“ ඒකට කමක් නෑ දරුවෝ. සුදු පුතා මට කතා කරලා කිව්වා.. හම්..”

සුදු මාමගේ උදව් එක්ක උදේ මට කරගන්න උවමනා වැඩ කරගත්තට පස්සේ, සුදු මාමා ගේ උපදෙස් අරගෙන මෙහේ විදිහට හැමදේම හදාගත්තෙ වැරදි වැරදීම උනත් දවස අවසානෙදි සුදූ මාමගෙ ගෙදරට ආවේ නුහුරු ඒ අත්දැකීම් ගොන්න අස්සට තව අලුත් අත්දැකීම් ගොඩක් එකතු වෙලා, හිත ගත වගේම හැමදේම මේ පරිසරයට හැඩ ගැහෙද්දි... සෝල් යුනිවර්සිටි එකෙන් ස්ටූඩියෝ එකටත්, එතනින් බිග්හිට් එකටත් ගිය ගමන් වලදි වැරදීම් නොඋනා නෙවෙයි... 

ඒ හැමදේම එක්ක කරගන්න හිතාගෙන උන්නු හැම වැඩක්ම තනියමම කරගෙන, ගෙදරට ඇවිත්, වොෂ් එකක් දාගෙන පිජාමා එකක් දාගෙන ඇඳේ හාන්සිවෙලා ලංකාවෙන් ආවට පස්සෙ පළවෙනි වතාවට ආච්චිඅම්මට කතා කරේ.. ඒ හඬ අහන්න තිබුණ උවමනාව තව තවත් වැඩි වෙද්දි.. එහා පැත්තෙන් ඒ කටහඬ ඇහෙද්දි මුළු හිතම පිච්චිලා ගියේ මම හිතන්නත් කලින් උනත් ඒ වියපත් කටහඬ එහා කොනෙන් ඇහෙද්දි,  කටහඬ බිඳිලා, ඇස් හිතුවක්කාරෙට බොඳ වෙලා ගියත්.. සාමාන්‍ය විදිහට කතා කරන්න තීරණය කලේ, මම දුකින් කියන එක ආච්චිඅම්මට දැණුනොත් ඒ හිත ඕනවට වඩා දුක් ගන්න වග දන්න නිසාමයි...

“ ආච්චම්මා, පුංචා කෝ.. ඉන්නවද ?”

“ ඉන්නවා...ඉන්නවා.. ඉතින් ඔයා වැඩ ටික කරගත්තද ? ”

“ හම්... වැඩ ටික නම් කරගත්තා.. ”

“ බුදු සරණයි.. පරිස්සමට ඉන්න..හීතලට අඳින ඒවා එහෙම ඇඳලා නේද ඉන්නෙ.. මම සුදු පුතාගෙන් ඇහුවා... ඔය රට ගැන.. අනේ මන්දා.. මෙහේ ඉන්නැතුව මොකට ගියාද.. අයියට කතා කලාද ?”

“ ම්ම්...නෑ තාම ආච්චම්මා.. මම මැසේජ් කලා.. පස්සෙ කතා කරනවා.. ”

“ දෝණි...”

“ආච්චම්මා...”

“ ඔයා නැතුව පාලුයි රත්තරනේ...”

“ම්ම්.. ම..ටත්.. පා..ලු..යිහ්..”

ඉතින් ඒ විදිහට අමාරුවෙන් කතා කලත් , ෆෝන් එකේ එහා කොනක, නොපෙනෙන නොදැනෙන දුරක ඉන්න ඒ රූපේ හූල්ලන ඒ හඬ ඇහෙද්දි ...  ඉතින් ඒ විදිහට කතා කලත් , ෆෝන් එකේ එහා කොනක, නොපෙනෙන නොදැනෙන දුරක ඉන්න ඒ රූපේ හූල්ලන ඒ හඬ ඇහෙද්දි නම්... ඒ කටහඬේ තැවරුණ දුක ඕනාවටත් වඩා තේරුම් යද්දි නම්... සත්තයි මේ හැමදෙයක්ම දාලා දුවලා ගිහින් ඒ උණුහුමට ගුලි වෙන්න හිතුණා උනත්, දැන් ඒ දේ හිතෙන තරම් ලේසියට කරන්න බැහැ කියන එක දැනෙද්දි, හිතට ආවේ කියාගන්න බැරි තරමේ දුකක්.. ඉතින් ඒ දුක අස්සෙන්ම ඉකියක් ඇවිත් උගුරේ හිර උනේ , ඇස් තෙත් කරපු ඒ කඳුළු කම්මුල් දිගේ එක සීරුවට ගලාගෙන යද්දිමයි..
ඒ වචන ටික යම්තම් අමාරුවෙන් කියාගත්ත මම, කනේ තියන් ඉඳපු ෆෝන් එක අරගෙන තද කරලා පපුවට තියාගෙන තත්පරයක් දෙකක් ඇස් දෙක තද කරලා වහගත්තේ තව වචනයක් කතා කලා නම් උගුරේ හිර උන ඉකිය මහා ඉකියක් වෙන වග මට දැණුන නිසාමයි...

“ පුතේ...දෝණි... දැන් රෑ වෙලා නේද දරුවෝ.. පස්සෙ කතා කරමු... දැන් නිදාගන්න.. හෙට මොකද කරන්නෙ ?”

“ම්ම්හ්..හෙට නම් මොනාත් නෑ ආච්චම්මා.. අනිද්දට මට අපාට්මන්ට් එකට යන්න ඕනෙ.. ලබන සතියෙ ඉඳන් වැඩ.. පරිස්සමට ඉන්න ආච්චම්මා.. මතක ඇතුව බෙහෙත් බොන්න හොඳද.. ?”

“හරි දරුවෝ.. මම ගැන වද වෙන්න එපා.. ඔයා පරිස්සමට ඉන්න... මම සුදු පුතා ට කියල තියෙන්නෙ.. මොනව හරි තියනව නම් මාමට කියන්න පුතේ...”

“ ම්ම්.. හා.. බුදු සරණයි..”

“ බුදු සරණයි.. රත්නත්තරේ පිහිටයි...”

ඉතින් ඒ කටහඬ ඒ විදිහට මගේ කන් අද්දරින් ඈතට යද්දි... දැනුනු මහා පාලුවකින්, වේදනාවකින් හිත පිරිලා යද්දි මම ටික වෙලාවක් එහෙමම ඇඳට වැටිලා ඇස් වහගෙන හිටියේ වෙන කිසිම දෙයක් හිතට නොඑද්දි..
________________________

ආච්චම්මට කතා කරලා එහෙමම ඇඳට වැටුණු මම, දැකපු නපුරු ම නපුරු හීනයක් එක්ක ගැස්සිලා ඇහැරුණ තත්පරේ ඉඳලා හිතට දැනුණු බය, වේදනාව වගේම අමුතු හැඟීම් පොකුරක් නිසාම කොයිතරම් උත්සාහ කලත්, නින්ද මගෙන් ඈතටම  යද්දි, ෆේස්බුක් එකේ උඩට පහලට යද්දි දැක්ක දේ එක්ක මම ක්ෂණිකවම වේවර්ස් එකවුන්ට් එකට ලොග් උනේ මට ගොඩක් දේවල් මේ දවස් වලට මගෑරිලා කියලා මතකෙට එද්දි..

“Again.. BTS V's dog YEAONTON making a big scene in INCHEON INTERNATIONAL AIRPORT yesterday... "

වේවර්ස් එකවුන්ට් එකේ උඩම තිබුණු ට්‍රෙන්ඩින් පෝස්ට් ගණනාවකම, මම ආසම කරපු කේ පොප් ගෘප් එක වෙච්ච BTS ගෘප් එකේ සාමාජිකයො හත්දෙනාගෙන් වී එහෙමත් නැත්තම් ටේහ්යොන්ග් ගේ බලුපැටියා YEAONTON ගේ තනි පින්තූරයක් උඩින් වැටුණු ඒ කැප්ෂන් එක එක්ක වගේම තවත් කැප්ෂන් ගණනාවක් එක්ක BTS ගෘප් එකේ මෙම්බර්ස්ලා ගේ එහෙමත් නැත්තම් මට අනුව බේබි සෙවන් ලා එක්ක ඉන්න YEAONTON ගේ ඡායාරූප ගණනාවක් පල වෙලා තිබුණේ ඊයේ දවසේ වෙච්ච සිදුවීමක් විදිහට.. ඉතින් BTS ලාට ආස කරපු , ඒ මියුසික් වලට ආදරය කරපු මට එතනින් එහාට දෙපාරක් හිතන්න උවමනා නොවෙද්දි, ක්ෂණයකින් ඒ ෆොටෝ එකින් එක ඕපන් කරේ මේ තරම් වෙලා නොසන්සුන් වෙලා තිබුණ හිත වෙනදා වගේම සැහැල්ලු වෙලා,  හිතට අමුතු සැනසීමක් ගලාගෙන එද්දි...

              💙💕 To be continued 💕💙

ලියන්නෙ : නීට්_______❤

✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳✳

Menagari cake -  sk වල ඒ කියන්නේ සවුත් කොරියා වල සෝල් අගනුවර කිට්ටුව තියන SSG food court එකේ තියන රසම රස කේක් වර්ගයක්.. එක එක සත්තුන්ගේ රූප වල හැඩේට තියන කේක්..

Yeonton - BTS ගෘප් එකේ වී ( v ) එහෙමත් නැත්තම් ටේ (tae) ඒ නැත්තම්, kim taehyung ( bts main vocalist) ගේ ආදරණීය බල්ලා, ටැන්නි, ටාන්යා වගේ නම් වලිනුත් හඳුන්වනවා...

Wavers - ඇප් එකක්.. HYBE LABEL IDOLS ලාට විතරක් හදපු ෆ්ලැට් ෆෝම් එකක්.. එයාල එක්ක ගණුදෙනු කරන්න, ෆෑන්ස්ලා වෙනුවෙන් හදපු ෆ්ලැට් ෆෝම් එකක්.. තමන්ගේ අයිඩොල්ව තෝරගෙන එයාලට පේන්න පෝස්ට් දාන්න පුළුවන්..ඒ වගේම එයාල කමෙන්ට් කරනවා ගෘප් එකක් නම් පොදු ගිණුමක් හරහා.. අදාල ආටිස්ට් හෝ ආටිස්ට්ලා සේරම...

Continue Reading

You'll Also Like

756K 115K 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!
104K 4.5K 45
កាលពីកន្លងមកគេចាត់ទុកយើងត្រឹមតែជាប្អូនប្រុសម្នាក់ប៉ុណ្ណោះ ជុងហ្គុក ចនអេនឡាក់ដែលជាកូនប្រុសទោលតែម្នាក់នៅក្នុងវង្សត្រកូលចន នាយសង្ហាម្នាក់នេះគ្មានចិត្តប្...
18.9K 3.2K 31
Better with Hot... Sweet like a Chocolate.... Soft like the Water.... Feels in Heaven.... SHE IS MY HOT CHOCOLATE A Jeon Jungkook Fan Fiction. Girl ×...
2.5K 531 10
සමාව කියන්නේ වචනයක්ම විතරයි සමාව කියන වචනෙට කවදාවත් බෑ බිදුන හදවතක් හරිගස්සවන්න.. සමාව ඉල්ලන්න ලේසි ඇති..ඒත් ඒක දෙන්න අමාරුයි..! Covered by Yun_MinJi...