💜️ යුමිකො...
එදා...
හිතේ ධෛර්යය ගත් විට එහි පළමු තැන සිටි ඇය,
බිය යනු කුමක්ද නොදැන සිටි ඇය,
කදුලක් සලන්නෙ කොන්දක් නැති අය යැයි සිතූ ඇය,
සදාතනිකඩ වීමට සිතූ ඇය,
ආදරය විහිලුවක් කරගත් ඇය,
ළාමක නොවී, දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ ඇය,
තම රට හැර දා වෙන රටකට පැමිණි ඇය,
අද....
හිතේ ධෛර්යය හමුවේ පරාජය වී ඇත..
තබන අඩියක් පාසා බිය වී ඇත..
කදුලෙන් දවස පටන් ගෙන කදුලෙන් දිවි ගෙවීමට සිදු වී ඇත ..
පිරිමියෙකුට නතු වි ඇත..
ආදරය ඇයව විහිලුවට ගෙන ඇත..
ප්‍රතිපත්ති කඩා බිද දමා ඇත..
නැවත තම රටට යාමට තරම් කළකිරී ඇත...
කෙසේද ජීවිතය විශ්වාස කරන්නෙ????
ඔබ හෙට කුමන තත්ත්වයක සිටීවිද???
ඇය ඔබට ගෙන එන පාඩමකි එය...
🦄 ජින්..
කඩවසම්ය...
පෝසත් ය...
නැණවත් ය...
උගත් ය..
ආදරණීය මිනිසෙක් ය...
නමුත් ඔහු අද...
සුව කළ නොහැකි රෝගයකින් පීඩා විදින මිනිසෙක් ය...
තවමත් ආදරයක් නොපතන මිනිසෙක් ය..
මානසිකව මෙන්ම කායිකවද කඩා වැටුණු මිනිසෙක් ය..
භෞතිකව කඩා වැටුණු කලකදි මහත් දියුණුව සිටි මිනිසෙක් ය...
සල්ලි , නුවණ පමණක් ම ඇත්ද???
ජීවිතය තුළ කර්මය කවදා හෝ පළදෙන බව ඔබ විශ්වාස කරනවාද?
එයයි ඔහු ඔබට දෙන පණිවිඩය ...
🐰 ජන්කුක්...
ඔහු....
තද ගති ඇත්තෙකි...
කිසිම දෙයක් අඩු නොවුනු කෙනෙකි...
සියල්ලන්ගේම බාලයා වී හුරතල් වූ කෙනෙකි..
ජීවිතය විහිළුවක් කරගත් සැහැල්ලු කෙනෙකි...
ආදරය විශ්වාස නොකරන කෙනෙකි..
සල්ලි අංක එක යැයි සිතු කෙනෙකි..
නමුත් අද..
නොලැබෙන දෙයක් වෙනුවෙන් ,
කිසිදා නොහැඩූ ඔහු කදුලු වලින්ම නෑවී දිවිය ගෙවයි..
හිත තද වුණද, නොලැබෙන දේ වෙනුවෙන් ම මග බලාගෙන සිටියි..
සල්ලි අංක එක වූ ඔහු, සියල්ල නවතා ඇය වෙනුවෙන් මග බලා සිටියි..
ජීවිතය විහිලුවක් කරගත් ඔහු, තවමත් ඈ ගැන බලාපොරොත්තුවක් තබා ගෙන ජීවත් වෙයි...
හිතන්න...
කොතරම් දැඩි වුවත් ජීවිතයේ යම් තැනක අපට වෙනස් වීමට සිදුවන බව...
එයයි ඔහුගෙන් ලැබෙන පාඩම...
🐻 තේහ්‍යුන්ග්...
සැමදා විහිලුවෙන් ජීවත් වූ ඔහු
අද විහිලුවට වෛර කරයි...
පවුල තුළ සතුටෙන් සිටි ඔහු
අද පවුල ගින්නක් තුළ ජීවත් කරවයි...
ආදරය සෙල්ලමක් කරගත් ඔහු
එහි බැරෑරුම් බව තේරුම්ගනියි...
කෙල්ලන්ට ලොල් වූ ඔහු
කෙල්ලන්ගෙ නියම ස්වරූපයට අවනත වෙයි..
ප්‍රබෝධමත් තරුණයෙක් වූ ඔහු..
යක්ශ වේසයෙන් ඔප ගැන්වෙයි..
හිතන්න..
මිනිසුන් වෙනස් වෙන ආකාරය....
පිටත පෙනෙන තරම් ඔවුහු සුකුමාල නොවන බව මතක තබාගන්න..
එයයි ඔහු ලබා දෙන පනිවිඩය...
🐥ජිමින්...
කාගෙත් අත කොලුවක් ඌ ඔහු..
කිසි දෙයක් නොදත් ඔහු...
සෙල්ලම් බඩුවක් වැනි ඔහු...
ජීවිතය අනෙකාගේ අතේ රදා පැවති ඔහු...
සියල්ලටම හිස නැමූ ඔහු..
අද වෙනවිට
අනෙකාට වඩා ඉදිරියෙන් සිටින පිරිමියා ඔහුය..
බිය නොවන ,වගකීමක් ගත හැකි පිරිමියෙකි ඔහු..
තවත් ජීවිතයක් වෙනස් කළ මිනිසෙක් ය ඔහු..
තව ජීවිතයක භාරකාරයා ඔහුය...
නමුත්...කිසිදා ඔහුට වෛර කළ වුන්ට වෛර නොකරන කෙනෙක් ය ඔහු...
හිතන්න...
ඔබ අද කිසි දෙයක් නොමැති කෙනෙක් වෙන්න පුලුවන් ...
නමුත් ඔබට අවස්ථාවක් කවදාහෝ ලැබෙනවා මයි...
එය ඔබ වෙනුවෙන් මේ වන විටත් සැදී පැහැදී තිබෙනවා..
නමුත් වෛර කරන්නාට වෛර කිරීමෙන් නම් පළක් ඇත්තේම නැත...
එයයි ඔහු ඔබට ලබා දෙන පනිවිඩය.
🐨 නම්ජූන්..
කුඩා දැරිවියකව සිටි කල සිටි අයියාමද මොහුය...
දැන් අයියාමද ඔහුය..
තම ලෙයින් ඉපදුනේ නැති වුවත් ...
තම පණටත් වඩා ආදරය කරන සහෝදයෙක් වන ඔහු..
බැරිද ඔහුට වන්නට පෙම්වතා ඇගේ???
නමුත් ඇගේ පිවිතුරු බව රැක අනාගතය පෙන්වන්න වැර දරන..
ඒ ආදරණීය අයියා...
තමාගෙ නොවන නමුත් ඇය ඉදිරියේ අවංකවම ආදරය කරන සහෝදරයා...
තවමත් ආදරයක් නොපතා අනේකාගේ සතුට ගැන සිතන ඔහු...
හිතන්න..
එවැනි මිනිසුන් නැතුවාම නොවේ..
නමුත් සොයා ගැනීමට අපහසුය..
ජීවිතේ ඔබට ඔබේ ලෙයින් ඉපදුන කෙනෙක්ට වඩා සමීප වුණු කෙනෙක් සිටිනවාද?
☀️ හෝසොක්
කරුණාවන්ත හදක් ඇති ඔහු...
නිතරම සිනා සෙන ඔහු...
සැහැල්ලුවෙන් සිටින් මොහු...
නැද්ද ඔහුට කරදර බාධක???
එකම ආදරයක් මත රැදී සිට...
ආදරයේ නියම අරුත දත් ඔහු...
ආදරයට ලිංග බේදයක් අවශ්‍ය ද???
හිතන්න..
ජීවිතේ බාදක එමටයි..
නමුත් සතුටෙන් ඉන්න...
ලොව සියලු දෙනාම ආදරය ලබන්නට සුදුසුයි...
එයට ලිංග බේදයක් අවැසි නැත...
සංස්කෘතියට පටහැණි වුවද කිසි දා විවේචනය නොකරන්න....
🐱 යුන්ගි...
රොබෝවෙකූ වූ ඔහු...
ජීවිතයම ඔහුගේ ආදරය එන තුරු සිටි ඔහු...
සෑම දෙනාටම ආදරය කරන නමුත් නිහඩ ඔහු...
ආදරණීයි සියල්ලන්ටම වඩා...
අනේකාගෙ කදුලේදි කදුලු සලන්නට...
සතුටේදී සිනා සෙන්නට...
කෙලින් තීරණ ගන්නා ඔහු....
ආදරය පතන ආකාරයෙන්ම ලැබීමට වාසනාවක් හිමි වූ ඔහු..
කවදාවත් කෙනෙක්ගෙ පිටතින් මනින්න එපා..
ඒ කෙනා කොයි තරම් සැර පරුශ වුණත් හිතින් ඔබට ගොඩාක් ආදරය කරන කෙනෙක් වෙන්න පුලුවන් ...
ආදරය කරන්නේ ලබාගැනීමටම නොවේ..පතන ආදරය ලබන්නට හැකි වන්නේ කීපදෙනෙකුට පමණි....
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
මගෙන් ඔබට....
ජීවිතය කවදාවත් සතුටම නෙමේ...
දුකමත් නෙමේ..
හැම කෙනාගේම ජීවිතේ කදුලු වගේම හිනා සාගරයන් තියෙනවා ..
වෙලාවක හිතෙයි ඔයා තනි වෙලා කියලා...
නෑ...ඔබට ආදරය කරන ගොඩාක් අය ඉන්නවා...
ඒ අතරින් අංක එක ඔබමයි...
ආදරය කියන දේ කවදාවත් සුළුවට තකන්න එපා..
ඔයා කරන එක වැරැද්දකින් පුලුවන් තව කෙනෙක්ව ජීවිත කාලෙටම
නිහඩ කරන්න....
කවදාවත් සෙල්ලම් කරන්න එපා ජීවිත එක්ක...
තමන්ගේ පාසල් වැඩ ඉවර වෙන්න...
ඔබට නිසි කාලය ආවාම ඒ දේවල් ඔබේ අතටම ලැබේවි ...
මතක තබා ගන්න...
මේ ඔබ මෙය කියවන තත්පරය තුළත් ...ඔබට හිමි කෙනා...ලොව කොතනක හෝ සිටින බව..
ඔහු මොනා කරනවා ඇත්ද??
සමහර විට දැන් පාන්දර වෙන්න ඇති...
නැත්තම් උදේ???
එහෙමත් නැත්තම් සමහර විට හෙට තියෙන ඉන්ටර්විව් එකකට රෙඩි වෙනවා ඇති..
ඒමත් නැත්තම් ටීවී බලනවා??
නැත්තම් මල් කඩනවා වෙන්නත් පුලුවන් ...🤣🤣
ආදරයට ප්‍රථම ලොව බොහෝ දේ තිබෙනවා ඉටු කරගන්න...
හිතන්න...
කවදාවත් තමන්ගේ අම්මාට තාත්තාට නම් රිද්දන්න එපා...
මොකද ...
අද ඔබ ආදරය කරන කෙනා
හෙට ඔබව අතහැර යාවි..
නමුත් ඔහු / ඇය වෙනුවෙන් ඔබ අතඇරපු මාපියන්...
ඉහේ කෙස් ගාණට ඔබ ඔවුන්ව කපා කෙටුවත් අවසන් හුස්ම තෙක්ම ඔබ සමග සිටීවි...
ඔබ,
අම්මා තාත්තා අහිමී වී සිටින කෙනෙක්ද??
එසේනම් ඔබ තවත් දියුණු විය යුතුය..
ඔවුන් වෙනුවෙන්....
අද දුක් විදින්න...
හෙට සැප විදින්න පුලුවන් වේවි..
ඔබ හිතන විදිහට ජීවිතය ගලායන්නෙ නැත්තම්....
ඒ කියන්නේ ඒ තමයි හරිම පටන් ගැන්ම...
තමන්ට ඔනෙ තැනට යන්න හීන දකින්න...
ඒ හීනේ සැබෑ කරගන්න මහංසි වෙන්න...
ඔබට යන්න ඕනෙ කොරියාවේ නම්...
අද ඉගෙන ගන්න...
ඔබේ සල්ලි වලින් ඔබට යන්නට වරම් ලැබේවි..
එදාට ඔබට විරිද්ධ වන කිසිවෙක් නෑ ...
කවදාවත් ඔයාලගේ හිතේ තියෙන දේ හැම කෙනාටම කියන්න එපා..
අයුතු ප්‍රයෝජන ගන්න අය බොහෝයි...
ඒ වගෙමෙ ජීවිතේ කවදාහරි ඔබ වෙනුවෙන් නහින කෙනෙක් ඉන්නවා නම් අතාරින්න එපා....
ඒක ලොකු පවක්....
ඒ වගේම ජීවිතයේ ඉක්මන් වෙන්නත් එපා..හැගීම් වලට වහල් වෙලා...
මොකද ..
එක වැරැද්දක් ඇති ඔබට පසුතැවෙන්න...
මිත්‍රත්වය .....
ඔබට හොද යාලුවෝ ගොඩක් ඉන්නවා නේද??
ඒත් ඒ හැමෝම ඔයා එක්ක ඉදී කියලා හිතනවාද???
කවදාවත් නෑ ....
🌟🌟🌟🌟🌟🌟🌟🌟
එපමණයි ...
ඇයි මම අද මේම එකක් දැම්මේ???
කතාවත් එක්ක මෙතෙක් හිටපු ඔයාල වෙනුවෙන්....
ඔයාලාගේ ජීවිතය සමහර විට මේ කතාවත් එක්ක සමාන වෙලා ඇති...
වෙන්නත් පුලුවන් ...
වෙන්නෙ නැති වෙන්නත් පුලුවන් ...
නමුත් මේක මගේ පළවෙනි සිංහල කතාව..
සීනි බෝල ටයිප් මම ලියන්නෙ නැ..
ජීවිතයේ යාථා ස්වරූපය පෙන්වන එක තමයි මූලික අරමුණ...
තව දෙයක් මේකත් එක්කම මම කියන්නම්...
ඔයාලට ගොඩාක් ස්තූතියි මාත් එක්ක ඉන්නවාට...😘😘😘
ඔයාලාගෙ කමෙන්ට් මට වටිනවා..
කාර්‍යබහුල වුනත් ඉක්මනින් කතාව දෙන්න බලන්නම්..
කතාව දැන්ම ඉවර වෙන එකක් නැ.
දුරට අදින්නෙත් නෑ...
මේක ඔයාලාට මගෙන් පුංචි තිළිණයක්...
මගේ අම්මාගේ බර්ත්ඩේ එක වෙනුවෙන්...
😘😘😘
ආදරෙයි මගෙ යුමී බබාලට.....
#යුමිකොනෝවා🌟