💜️💜️ මම ගැන.......💜️💜️
" උඹ මේ මලගෙදර යන්න එන එක නං මට හෙන ප්‍රෙහෙලිකාවක් බච්චියේ....."
ඔන්න ඉතින් අම්මා පුරුදු රේඩියෝ එක දාගත්තා... චන්දරේ මාමලාගෙ කුඹුරෙන් පැනලා දෙනියෙ පාරට ගොඩවෙන්න ලේසි උනාට මේ ඉලුක් කකුලෙ ගෑවෙන එක තමයි දිරවන්නෙ නැත්තෙ...
" මහ පාරෙන් යමු කියද්දි බැස්සනේ කුඹුරට ... එපාවෙනවා දැං ඉතින් ඉලුක් වලට කසන්න ගත්තහම..."
එයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නැතුව මම කංකෙදිරි ගාන්න ගත්තා.
" කටවහගෙන වරෙං බච්චී ...උඹ නිකං නගරෙ මැඩම් කෙනෙක් වගේනෙ ..."
අපේ අම්මා ඉතින් කටට ආවට කියෙව්වට ඒකෙ තේරුම නොදන්නවා නෙවෙයිනේ.... එයා ඉතින් ඔහොම තමයි .. ඉතින් අර අම්මා මුලින් අහපු ප්‍රශ්නෙට නං මගෙ ගාව හොද උත්තරයක් තියෙනවා ... වෙනදට කාමරෙන් එළියට ගන්න බැරි මම අද කැමැත්තෙන් ම ලෑස්තිවෙලා මේ යන්නෙ නුගේ ගෙදර මාටිං මාමගෙ මලගෙදර .... මට ඕනෙවෙලා තියෙන්නෙ මාටිං මාමගෙ දරු පස්දෙනා පොලොවෙ පස් කකා අඩන විදිහ බලන්න.. මොකද ඔය අන්තිම දවසෙත් හාට් ඇටෑක් ඇවිල්ලා හන්දියේ චන්දන අයියගෙ තේකඩේ ඉස්සරහා මැරිලා වැටෙනකල්ම ඔය මනුස්සයා කරේ වී ලොරි වල ගිහින් මුට්ට කරගහපු එක... මහ ලොකු රස්සා කරන දරුවො හිටියට නිකමට ඒ මනුස්සයා ගැන හෙව්වෙ බැලුවෙ නෑ.... ඉතින් කාමරේ අස්සට වෙලාTU bts බල බල ඉදලම හරියන්නෑනේ... රටේ ලෝකෙ දේවලුත් දැනගන්න ඕනෙ නිසයි මේ තකහනියක්ම අම්මට ජොයින් උනේ.
" ඒ.... දිමා....."
මලගෙදර වැට මායිමට එනකොට පුරුදු කටහඩක් ඇහිලා බැලුවා ... ආ .. පන්තියේ කොල්ලෙක්....
" අඩෝ.... ඇඹුලා....".
මට අපේ තැන්පත් සිල්වත් මෑණියන් ලඟ කියලත් අමතකවුනා කොල්ලව දැක්කම... අපේ බාෂවෙන් කියනවනම් ඉතින් මූ බුදු ෆිට් එකක් .. ඉස්කෝලෙ නෙවෙයි මොකද මම ගියේ බාලිකාවකටනේ ... මූ අපේ දහම්පාසලෙයි ක්ලාස් වලයි ගජයෙක්...
" බච්චී ... මොනවද ඔය කතාකරන විදිහ ... යමංකො ගෙදර...."
අම්මා වටපිට බලලා මටත් රවාගෙන ඉස්සර උනේ හරියට මේකි මගෙ කවුරුත් නෙවෙයි කියන්න වගේ.... ඒකත් හොදයි.. ඇඹුලා හම්බුනෙත් මාස ගානකින්... පොඩි චැට් එකක් දාලම ඇතුලට යනවා... මොකද දෙවනි පාරත් එග්සෑම් කරලා ගේ අස්සට වෙලා ඉන්න මට ඉතින් යාලුවො මුණගැහෙන්නෙ කලාතුරකින් නේ...
කෝකටත් තෛලෙ වගේ දුකට සැපට දෙකටම ඉන්න ඉෂියා ඇරෙන්න අනිත් යාලුවො ඉතින් දකින්නෙම නැති තරම්...
ඇඹුලා කියලා කිව්වට කොල්ලට හරි ලස්සන නමක් තියෙනවා ... ඌත් එක්කත් රටේ නැති හෑලි ටිකක් කියවලා මලගෙදර ඇතුලට ගියේ දෙවනි වතාවටත් අම්මගෙ තීක්ෂණ දෑස්වලින් මට මරණ තර්ජන එල්ල වෙද්දි... මිනිය උස්සන්න ලංවෙනකොට මාටිං මාමගෙ දුවලා තුන්දෙනාම විලාප තියන්න පටන්ගත්තා... මනුස්සයෙක් මැරුනම වේදනාවක් එනව තමයි ... ඒක සාදාරනයි හැබැයි මේක වෙනයි... ඉන්නකල් මේ මනුස්සයා කෑවද බිව්වද කියලා හෙව්වෙ නැති දරුවො මෙච්චර වේදනාවෙන් අඩන එක නම් මට ආතල් එකක් විතරක්ම උනා.... යීබෝගෙ මෙමේස් බලලවත් මෙහෙම ෆීලින් එකක් ගන්න බෑ....
******
" මොකටද ආවෙ පස්සෙන් එල්ලිලා.... අර ගුණ කථන ටිකවත් අහගන්න දුන්නෙ නෑ නලියන්න පටං ගත්තා...."
ආපහු නියර දිගේ යන ගමං අම්මා ඉතින් මට දෙහිකපනවා... ගුණකථන අහන්නම වැඩේ... ඇත්තට මනුස්සයෙක් ජීවත්වෙලා ඉන්නකොට නැති අගයකිරීමක් අර පන අයිංවෙලා ටික ටික කුණුවෙන ශරීරයක් ඉස්සරහා හිටගෙන කරන්නෙ මොන ඉටිගෙඩියකටද මංදා....
" මොකටද හිටපං කියලා පස්සෙන් ආවේ... ඉන්න එපැයි ඔයාගෙ මහීලාවො ටිකත් එක්ක .."
එයාගෙ ආඩපලි අහගෙන ඉන්න බැරිම තැන මමත් පොඩි ප්‍රහාරයක් එල්ල කලා...
" ඔව් ... ඔව්... මලගෙදරක ගිහින් මේ දෙනිය අයිනෙං කුඹුරු මැද්දෙං උඹව තනියෙන් ගෙදර යවන්නම තමයි ඕනේ..."
අපේ අම්මලා ඉතින් දරන අදහස් අපිට වෙනස් කරන්න බෑනේ... අනික ඉතින් ඒවගෙ සිදුවීම් මේ ගම්මාන වල ඕනෙතරම් තියෙනවනේ... ඉතින් ඕකට තවත් මොනවහරි කියලා ටාං ගාලා කන අතගාව ගන්න ඕනෙ නැතිහින්දා එයාට කියවන්න ඇරලා මම ඉස්සර උනා...
" ඔහොම හිටපං බච්චී...... මම උඹට හැමදාමත් කියනවා...."
කඩාගෙන බිදගෙන ගේ ඇතුලට යන්න ගියාට අපේ අම්මගෙ චාරිත්‍රයක් තියෙනවා ඒකට චාරිත්‍රයක් කියන්නත් බෑ .. මොකක්ද මංදා මළගෙදරක ගිහින් ආවම ගෙට යන්න කලින් යකිනාරං කොලයක් පොඩි කරලා ඉස් මුදුනේ ඉදන් දෙපතුල් ලඟටම අතුල්ලගන්න එක... මාත් ඉතින් ගොනා සේ ඒකත් කරා...
පයින් ගිහින් ආපු මහන්සියයි අම්මගෙ රෙඩියෝව හින්දා පිරුනු මනසයි එක්කම මාත් ඉක්මනින් ඇදට පත්බෑවුනා... ඇයි අප්පා ගේ අස්සටම වෙලා ඉදලා එළියට ගියාම හරිම මහන්සී.... නින්දක් දාන්න වෙලාවකුත් නෑ... තව පැය දෙකකින් sdc4 අද අප්ඩේට් එක යූටියුබ් දානවා.....
කරන්න වෙන වැඩකුත් නෑ fb එක පැත්තෙ රවුමක් ගිහින් කැන්ඩි ටිකක් එහෙම බලලා හිමීට යූටියුබ් එකේ එදා බාගයක් බලලා නවත්තපුtheory of love bl එක බලන්න ගත්තා...
*****
එකපාරටම අතේ තිබ්බ පෝන් එක පාවෙනවා වගේ දැනිච්ච හින්දා ඉස්සිලා බලද්දි ආත්තම්මා පෝන් එකත් උදුරගෙන තුන්ලෝකෙම දවා හලුකරන බැල්මට් එකක් දාගෙන ඉන්නවා... හරිනෙ කොල්ලා අනිකව පිටිපස්සෙන් බදාගෙනනෙ හිටියේ... ඕක මට සාමාන්‍ය දෙයක් උනාට අත්තම්මට ඉතින් නඩුවක්....
" ඒ දෙන්නා හොදම යාලුවො අත්තම්මා...."
මං ලෝකෙ තියෙන අහිංසකම මූණ පෙන්නුවත් වැඩක් උනේ නෑ...
" මලගෙදරට උයලා ආපුදෙං උඹෙ මහ එකී.... එතකල් මේක අල්ලන්න ආවොත් අඩු කඩනවා....."
හරිනෙ ටොපිය... පෝන් එකත් අරං ආත්තම්මා එයාගෙ කාමරේට ගියා... අල්මාරිය අරිනවා ඇහුනා... ඒක හද්දා පරණ අල්මාරියක් චිරී.......ස් ගාලා සද්දයක් එනවා කන හීරිලා යන... හරිනෙ.... අල්මාරිය ලොක් කරලා යතුර එයා ඉනේ ගහගන්න ඇති....
අපේ ගෙදර ඉන්නෙ ආත්තම්මයි, අම්මයි අප්පච්චී , අක්කයි, මායි, මල්ලී.... අපි තුන්දෙනාම අවුරුදු පහේ පහේ වයස් පරතරෙන් තමයි ඉන්නෙ... අක්කට විසි පහයි.... එයාෆෝස් එකෙ ලොක්කෙක්ව එන්ගේජ් උනා කියලා එයා ඉන්නෙ අඩි තුන හතරක් උඩින්.... පුහ්..... අපි ගනං ගනී ඕවා... මට ඉතින් හීනියට විස්සයි... මගෙ දුකට සැපට සනී වගේ ඉන්නෙ මගෙ මල්ලි තඩියා..... අප්පච්චී වැඩකරන්නෙත් එයාෆෝස් තමයි... මහා ලොක්කෙක් නෙවෙයි... එයා සිවිල් ඔෆිස් එකේ එකවුන්ටන් කෙනෙක්... අපිට කුඹුරුත් තියෙනවා ....
" මද්දූ...... දැං කොහොමද sdc4 බලන්නේ...."
චූටි මල්ලි ආත්තම්මා ගියත් එක්කම කාමරේට ආවේ සීන් එක දැකල...
" ඉන්නවා මම සිතිලයා හොයාගෙන එන්නම්...."
ඉක්මනින් ඇදෙන් බැහැලා චූටිගෙ කොන්ඩෙත් අවුල් කරගෙනම මම කුස්සිය පැත්තෙන් වත්තට ගියා.. අපේ ඉඩම ඉවරවෙන්නෙ චූටි නැන්දලාගෙ වත්තෙන් ... ඒ ඉතින් අප්පච්චිගෙ නංගි තමයි... එයාගෙ පුත්‍ර රත්නය තමයි සිතිලයා.... සිතිලයා කිව්වට සිතිල දුමාල් බන්ඩාර..... මට එව්වා වැඩක් නෑ මං කියන්නෙ සිතිලයා .... කැලණි කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්ද... කොවිඩ් නිසා ඉතින් ගෙදර ඉන්නෙ... ආත්තම්මගෙ ආදර්ශමත් මුණුබුරා.... දෙවනි පාරත් කැම්පස් යන්න මට රිසාල්ට් මදිවෙද්දි ඉතින් ආත්තම්මා මෙයාගෙ පම්පෝරිය තමයි කියවන්නෙ..
අපිට පාංද .... එයා කැම්පස් කියලා.. හැබැයි මං yizhan ලා ගැන කියවන්නෙම සිතිලයා එක්ක.. මෙලෝ හසරක් නොතේරුනත් අහගෙන ඉන්නවා ඉතින්... නැත්තං බේරෙන්න බෑ කියන්න දන්න නිසා... වත්තෙ කෙලවරට යනවා කියන එකත් ලේසි නෑ... අක්කරයක් විතර ඇවිදින්න එපැයි.... කොහොම හරි වැට ලඟ තිබ්බ කජු ගහේ බිමට පාත්වෙලා තියෙන අත්තෙ වාඩිවෙලා මං සිතිලයට කතාකලා...
" සිතිලයියා..... සිතිලයියා ....'"
සිතිලයා කියන්නෙ වැඩිහිටියො නැති තැන හින්දා මං ඉතින් ගෞරව සම්ප්‍රයුක්තව ආමන්ත්‍රණය කරා.... තුන් හතර වතාවක් කතාකරනකොට එන්නෙපැයි මේ හෝතබුවා...දැන් ගෙදරට ගියොත් චූටි නැන්දා වරුවකට මාව එවන්නෑ... එයාට ඉන්නෙ පුත්තුම තුනක් සිතිලයා දෙවනියා.... බාලයා මට අවුරුද්දක් බාලයි.....
පස්වෙනි වතාවෙනං සිතිලයට කං ඇහිලා... කමිසෙකුත් ඇද ඇද එනවා.... කොල්ලා හැන්ඩියා.... ගමේ කෙල්ලො පස්සෙන් එනවා... අනේ මන්දා මූත් gay ද කියලා ... තාම නෑනෙ කෙල්ලෙක් යාලුකරං.... කැලණි කෑල්ලක් වත් ඉන්නවද දන්නෑ... ඇත්තමයි පෙනුම නිකං ලෝකල් රිතික් රෝෂන් වගේ.. ලාවට සික්ස් පැක් එකකුත් තියෙනවා .. කොහෙද මූ බත් ගිලින විදිහට ඕක හරියට මතුවෙයි යෑ..
" මොකද බුට්ටී....."
ඔය බූරුවා ඔහොම්මයි කවදාවත් මට බච්චී කියන්නෑ... බුට්ටි, බෙට්ටි පොට්ටි නම් ලෝකයයි...
" අත්තම්මා පෝන් එක අරගත්තා ..."
මං පුලුවන් තරම් අහිංසක බෝ වගේ පපී මූඩ් එකක් හදාගෙන කිව්වා..
" මොනවා කරලද ඉතින්... අත්තම්මට ඉන්ස්ට්‍රාගෑම් වලින් නිවං යන්න හිතිලද...."
" නිවං නෙවෙයි සිතිලයා අන්න එයා පත්‍තුවෙලා ඉන්නෙ... පෝන් එක අරං දෙනවකො..."
මං ඉතින් අතකිනුත් අල්ලගෙන පින්සෙන්ඩු පාරක් දැම්මා....අම්මා එන්න කලින් නඩුව ඉල්ලා අස්කරගත්තෙ නැත්තං විනාසයි ...
" මොකක්ද උනේ කියනවකො මැට්ටි..."
" bl එකක් බල බල හිටියේ... කොල්ලො දෙන්නා තුරුලු වෙලා ඉන්නවා අත්තම්මා දැක්කා....."
මම bl බලනවා yizhan ship කරනවා මේවා සිතිලයා දන්නවා....
" ඉතින් පොට්ටියේ.... ඕක පේන්න බැලුවෙ අහවල් එකටද ..."
" කාමරේනෙ හිටියේ... එනවා ඇහුනෙත් නෑ... අනේ සිතිලයා.... ඒක අවුල් කතාවක් නෙවෙයි මාත් බලලා තියෙනවා කියලා තවුසෙ අත්තම්මට කියලා පෝන් එක ඉල්ලං එනවකො.... මං කිව්වා උං දෙන්නා හොදම යාලුවො කියලා ...."
මං සිතිලයට වැන්දෙ නැති ටික විතරයි......
💜️
💜️
💜️
මතුසම්බන්ධයි .....
📚 Ru shi ------------------------------------------------------------
💜️ ඉතින් ඔන්න අලුත් එක.. මේක ඩේලි දෙන්නෑ... ෆ්‍රී වෙලාවට දෙන්නම්... yizhan ලියන්න එපැයි නැත්නම් මටත් පිස්සු වගේ...
💜️ ඉතින් දැනෙන දේ කියාගෙන යන්න...