Five Feet Apart | Jin × Koo...

By Indigojin

16.5K 6.5K 549

අපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්... More

Introduction & Prologue
1st Feet
2nd Feet
3rd Feet
4th Feet
5th Feet
6th Feet
7th Feet
9th Feet
10th Feet
11th feet
12th Feet
13th Feet
14th Feet
15th Feet
16th Feet
17th Feet
18th Feet
19th Feet
20th Feet
21st Feet
22nd Feet
23rd Feet
24th Feet
25th Feet
26th Feet
27th Feet
28th Feet
29th Feet
30th Feet
31st Feet
32nd Feet
33rd Feet
34th Feet
35th Feet
36th Feet
37th Feet
38th Feet
39th Feet
40th Feet
41st Feet
42nd Feet
43rd Feet
44th Feet
45th Feet
46th Feet
47th Feet
48th Feet - Mature Content
49th Feet
50th Feet
51st Feet
52th Feet
53th Feet
54th Feet
55th Feet
56th Feet
57th Feet
58th Feet
59th Feet - Trigger Warning
not an update
60th Feet
61th Feet
62th Feet
63rd Feet
64th Feet
65th Feet
66th Feet
67th Feet
68th Feet
69th Feet
70th Feet
71st Feet
72nd Feet
73rd Feet
74th Feet
75th Feet
Thank You Note

8th Feet

231 102 5
By Indigojin

Jin's POV

මම උදේ නැගිටුනේ ලොකු බඩගින්නකුත් එක්කමයි. හොදම දේ කියන්නේ මගේ උදේ කෑම එකත් ඒ වෙනකොට ඇවිල්ලා තිබ්බේ.  හොස්පිටල් කෑම... ඉස්සර එපා උනත් දැන් මට ඒක එච්චර ගානක් නෑ. ඕනේ කෑමක් එකයි. කෑම තමයි ජීවිතේ. ඒ කෑම එක රස වෙන්න ඕනෙද නැද්ද කියන එක මට අදාල නෑ.

බොරුවට රටේ නැති කතා කිය කිය මගේ  හිත හදාගත්තට පස්සේ මම මගේ කෑම වහලා තිබ්බ එක ඇරලා කන්න හැන්ද අතට ගන්නකොටම මගේ ෆෝන් එකට වීඩියෝ කෝල් එකක් ආවා.

ටේටේගෙන්...

"හෙලෝ ටේටේ."

~හායි ජිනී. ඔයා නිකන් මහන්සි පාටයි.  ආව්ව්ව්.. කවුද ඒ ? කාත් එක්කද ඔයා ඊයේ රෑ හිටියේ? මම දන්න කෙනෙක් එක්කද  ?

"ඒයි මෝඩයා. කටවහගන්නවා විකාර කියවන්නේ නැතුව. ඔයාට මොනවද අද කන්න  හම්බුනේ. මට මේවා..."

මම ෆෝන් එක මගේ කෑම  පැත්තට හරවලා ටෙටේට මගේ කෑම එක පෙන්නුවම එයා එයාගේ කෑම එකත් මට පෙන්නුවා. ඒ කෑම එකේ මම ආසම දෙයක් තිබ්බා. ට්‍රෆ්ල්ස්!!! ( හතු වර්ගයක්)

"ඒයි ඔයාට කොහෙද ට්‍රෆ්ල්ස්? මගේ කෑම එකේ ඒවා නෑ "

~ඔයාට ඕනේ නම් ඔයා ඒවා ගේන්න ඕනේ ජිනී. ඒවත් මෙහෙන් දුන්නා නම් ඔයාගෙ හොස්පිටල් බිල් එක ගෙවන්න වර්ල්ඩ් බැන්ක් එකෙන් ලෝන් එකක් ගන්න වෙනවා

ටේටේ මට ඊලගට එයාගේ ෆුඩ් කාර්ට් එක පෙන්නුවා. එයා ට්‍රෆල්ස් දාපු වීදුරු බෝතලයක් මට පෙන්නලා ඊලගට එයාගේ ෆුඩ් කාර්ට් එකේ තියන අනිත් ඒවත් පෙන්නුවා. මම මෙඩ් කාර්ට් එකක් තියන් ඉන්නකොට එයා ෆුඩ් කාර්ට් එකක් තියන් හිටියා. ටේටේ චෙෆ් කෙනෙක් වෙන්න හරි ආසයි... ඉතින් එයා එයාට හම්බෙන කෑම එක එයා ලග තියන දේවල් දාලා තව රස වෙන්න හදාගන්නවා.

"ආහ්හ්.....මට ඕවා නෑ...මට ඔයා ගැන ඉරිසියයි ටේටේ "

~ඒවා වැඩක් නෑ. දන්නවද වැඩක්.... කොහොම කොහොම හරි අන්තිමට මම සින්ගල්ල්ල්ල්ල්ල්ල් ....

"ඔයා මිශෙල් එක්ක බ්‍රේකප් උනාද?"

~නෑ. එයා මාත් එක බ්‍රේක්ප් උනාද කොහෙද...

"ඒ කිව්වේ?"

~මට එහෙම හිතනවා.

"මෝඩ ටේටේ. එහෙම මේ එක පාරටම ඔයා කොහොමද කියන්නේ එයා එහෙම හිතනවා ඇති කියලා.  ඔයාට හිත් කියවන්න බෑනේ... ඒක හන්දා පොඩ්ඩක් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. මම හිතුවේ එයා තමයි ඔයාට හරියනම කෙනා කියලා....

~ඔව් මාත් හිතුව්---

ටේටේ එක පාරටම එයාගේ අතේ තිබ්බ වතුර එක බටයකින් බොන්න ගිහින් ඒක හිර කරගත්තා. ඒත් එක්කම එයාගේ අතින්  ෆෝන් එක වැටිලා ඒකේ වීඩියෝ එක තනි කලු උනේ කැම් එක මොකකට හරි වැහුනා කියලා මට තේරුම් කරවන ගමන්. කැම් එක වැහුනත් මට එයා කහින සද්දය හොදටම ඇහුනා .

"ටේටේ"

......

"ටේටේ මොකද උනේ?"

. ...

"ටේටේ කතා කරන්නකෝ."

....

"ටේටේ?"

මම කොච්චර කතා කරත් ටේටේගෙන් මට ඇහුනෙ එයා හොදටම කහින සද්දයක් විතරයි. ඒක එච්චර  හොද දෙයක් නෙවේ හන්දා මම කැනියුලා එකත් ගලවලා දාලා ටේටේගේ රූම් එකට දුවලා ගියේ එයාට මොකක් හරි කරදරයක් වෙන්න ඇති කියලා හිතේ ලොකු බයක් තෙරපෙනකොට

To be continued..

Fiction by Roshell 🍃

Continue Reading

You'll Also Like

5.3K 1.3K 10
Nothing but the blues.....🍂 •A vminkook fanfiction. ~vmin and jikook Warnings! •angst •fluff •mpreg ...
17.4K 3.2K 21
Yun bo hee. ජීවිතය නසා ගැනීමට උත්සහ කරන්නියක්. Kim namjoon. ජනප්‍රිය තරුවක්. ඔවුන්ගේ ජීවිත කෙසේ විසදෙයිද? Bo hee ජිවිතය නසා ගැනීමට උත්සහ කරේ ඇයි? Bo...
7K 1.3K 20
කැනෙරි රාජධානිය අවුරුද්දේ සෑම කල්හිම සශ්‍රිකව පැවති රාජ්‍යක්. මෙම රාජ්‍ය පාලනය කලේ ක්ශත්‍රීය වංශිකයින්. ඊට අමතරව දේව, නාග, හිවල්, පක්ශී ගෝත්‍ර මේ රාජ...
81.2K 14.3K 29
"මං දන්නෙ එක දෙයයි..කුක්ලට් කියන්නෙ ගෑණු වහ වැටෙන ජාතියෙ පිරිමියෙක්..."🔥