මම සෑහෙන්න වෙලාවක් ශවර් එක යටට වෙලා ජිමින් හීනයක් හරහා කිව්ව කතාව ගැන කල්පනා කරමින් හිටියේ.
" ජිමින්ට මොන තරම් දේවල් හිතෙන්න ඇති ද ? එයා ගෙදර ඇවිත් සෑහෙන්න වෙලා අඬන්නත් ඇති. ඒත් නිකන් වත් එයා එදා ඒක මට ඇඟෙව්වෙ නැති හැටි. එහෙම දරාගන්න කොහෙන්ද එහෙම හයියක්. කරුමෙට හරි එයා කලබල උනු වෙලාවෙ බස් එක ඉස්සර උනා නම් මොන අපරාධයක් ද වෙන්නේ ? මම මහ පව් කාරයෙක් "
ශවර් එක යට සීතල නිසා වත් මගේ හිත සන්සුන් උනේ නෑ.
මම කවන කොට ජිමින්ගේ මූණේ තිබුණු ඉරියව් මට නොකියා කිව්වේ මොනවද කියලා මං තේරුම් ගන්න උත්සාහ කළා.
" ලෝකෙ ඉන්න පරාජිතම මිනිහා මම " කියලා හිතෙන තරමටම අසරණ කමක් මගේ හිතට දැණුනා.
සෑහෙන්න වෙලාවකට පස්සේ මම නාලා වොශ් රූම් එකෙන් එළියට එනකොට ජිමින් මගේ සුදු පාට ශර්ට් එකක් විතරක් ඇදගෙන ඇඳ උඩ ඉඳගෙන හිටියේ පොඩි එකෙක් වගේ.
****