𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 2
@ 𝐣𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 𝐬𝐢𝐝𝐞 𝐩𝐨𝐯....
ජන්කුක්ට මීටින් එක තිබුනේ 𝐏𝐚𝐫𝐤 𝐂𝐨𝐦𝐩𝐚𝐧𝐲 එකත් එක්ක..එයාලත් එක්ක තිබුනු මීටින් එකත් ඉවර කරලා ලන්ච් ටයිම් එකට ජන්කුක් ගෙදර යන්න පිටත් වුනේ අද මීටින් එකේදී මෙයාලා කතා කරපු ඩීල් එකට 𝐏𝐚𝐫𝐤 𝐜𝐨𝐦𝐩𝐚𝐧𝐲 එක කැමති වුනු නිසා හිතේ තිබුනු අමුතු සතුටත් එක්කයි...මොකද ජන්කුක් දන්නවා අර හුරතල් කොල්ලා හුඟාක් දුරට ඉන්නේ 𝐩𝐚𝐫𝐤 𝐟𝐚𝐦𝐢𝐥𝐲 එකත් එක්ක කියලා...ඒක නිසාමයි ජන්කුක් 𝐏𝐚𝐫𝐤 𝐜𝐨𝐦𝐩𝐚𝐧𝐲 එකට ඩීල් එකක් ඉදිරිපත් කරේ..
ජන්කුක් ගෙදරට යද්දී අප්පා වගේම ඔම්මත් මග බලන් හිටියේ ජන්කුක් එනකන්...
𝐣𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ඔම්මා....අප්පා....මම ආවා..
𝐀𝐩𝐩𝐚 = කාලා ඉමුකො අපි එහෙනම්..
𝐎𝐦𝐦𝐚 = ඉන්න මම කෑම ටික මේසෙට අරින්නම්..
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = එපා ඔම්මා....අප්පා..කියන්න තියෙනවයි කිව්ව එක කියන්නකෝ..මම පස්සේ කන්නම්..
𝐀𝐩𝐩𝐚 (𝐫𝐦) = හරි..මේකයි කුකී..අපි අද ඩයමන්ඩ් ඩීල් එකක් කරනවා 𝐕 එක්ක..
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ඔයා මේ කියන්නෙ අප්පා..අර අලුතෙන් ඇවිත් අන්ඩර්වර්ල්ඩ් එක හොල්ලන් ඉන්න කෙනා එක්කද ?
𝐀𝐩𝐩𝐚 = ඔව් කුක්...ඒත් මතක තියාගන්න අපියි අන්ඩර්වර්ල්ඩ් වල රජ කරන්නේ...
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = දේ අප්පා...
𝐀𝐩𝐩𝐚 = හරි..ඒක නෙමේ මම කියන්න ගියේ..මට ඔයාගේ ගාඩ්ලා දෙන්නෙක් ඕනේ...හොඳම විශ්වාසවන්තම..
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = හරි අප්පා...මම කෝල් කරල එන්න කියන්නම්...
𝐀𝐩𝐩𝐚 = හ්ම්..හරි කුකී..දැන් යන්න වොශ් එකක් දාලා කන්න...
නම්ජූන් එහෙම කිව්වම ජන්කුක් එතනින් නැගිටලා උඩතට්ටුවේ කාමරේට ගියේ ගාඩ්ලා දෙන්නෙක්ට කෝල් එකකුත් ගන්න ගමන්...
කෝල් කරලා විස්තරේ කියපු ජන්කුක් කාමරේට ගිහින් කෝට් එකත් ගලවල දාලා ටවල් එක් අරන් වොශ් රූම් එකට ගියේ වොශ් එකක් දාගන්න...
ශවර් එක ඇරපු ජන්කුක් ශවර් එක යටට ගියේ එයාට එයාගේ හුරතලේව මතක් වෙද්දිමයි.....
ඒ ලස්සන මූන ... හුරතලේට කට හද හද තනියම කියව කියව යන විදිය...බෑග් එකේ පටියත් අතට අරන් රෝල් කර කර ඉන්න විදිය....හුලඟට කොන්ඩේ හෙලවෙද්දි ඒ අත් වලින් කොන්ඩේ මූනෙන් එහාට කරන විදිය....ජන්කුක්ට මැවි මැවී පේන්න ගත්තා...
ඒ තොල් දකිද්දි ජන්කුක්ට ඕනෙ වුනා එක පාරක් හරි ඒ තොල් තමන්ගේ කරගන්න.....
-"මම ඉක්මනටම ඔයාව හම්බෙන්නම් මගෙ පැටියෝ"
තමන්ගේ කට කොනේ හිනාවක් ඇඳෙද්දී ජන්කුක් තමන්ටම මුමුන ගත්තා...
පහල හරියෙන් වේදනාවක් දැනෙද්දී ජන්කුක් හිමීට එයාගේ කලිසම දිහා බැලුවා...
-"ආහ්..එයාව මතක් වෙද්දි ඔයා නැගිටිනව නේද...බෑ බෑ...මම ඔයාව එයාගෙන්ම සතුටු කරන්නම්කෝ..එතකන් ඉවසන්න🤫😏"
ජන්කුක් තමන්ගේ පහල හරිය බලාගෙන තමන්ටම එහෙම කියලා වොශ් එකක් දාගෙන බාත්‍රොබ් එකත් ඇඳගෙන රූම් එකට ඇවිත් ඇඳුමකුත් දාගෙන පහලට ගියේ ලන්ච් එක ගන්න..
▭▭▭▭▭▭▭▭▭▭▭
@ 𝐓𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 𝐬𝐢𝐝𝐞 𝐩𝐨𝐯...
ලෙක්චර්ස් ඉවර වුනු ගමන් දෙන්නම ක්ලාස් එකෙන් එලියට ආවේ බඩට මොනවා හරි දාගන්න හිතාගෙන.
𝐉𝐢𝐦𝐢𝐧 = ටේ බෙයා..මොනාද කන්නේ..
𝐓𝐚𝐞 = මටනම් කන්න බෑ චිමී ...
𝐉𝐢𝐦𝐢𝐧 = එහෙම බෑනේ බෙයා...මොනා හරි කමු අපි..
𝐓𝐚𝐞 = හ්ම්..
ජිමින් ටේවත් ටේබල් එකකින් වාඩි කරවලා එතනින් ගියේ කන්න දෙයක් ගන්න...
ජිමින් කන්න දෙයක් අරන් එද්දී අහම්බෙන් වගේ කෙනෙක් ඇවිත් උවමනාවෙන්ම ජිමින්ගේ ඇඟේ හැප්පුනා...ඒ හැප්පෙද්දි ජිමින්ගේ අතේ තිබුනු ඔක්කොම කෑම ටික ට්‍රේ එකත් එක්කම බිමට වැටුනා...
𝐉𝐢𝐦𝐢𝐧 = බ් බෝගම් හියුන්..
𝐏𝐚𝐫𝐤 𝐛𝐨𝐠𝐮𝐦 කියන්නේ ජිමින්ගේ කසින් බ්‍රදර් කෙනෙක්...කොටින්ම කිව්වොත් 𝐦𝐫.𝐩𝐚𝐫𝐤 ගේ අයියගේ පුතා තමා බෝගම් කියන්නේ...මෙයා 4𝐭𝐡 𝐲𝐞𝐚𝐫 𝐬𝐭𝐮𝐝𝐞𝐧𝐭 කෙනෙක්...ජිමින් වගේම ටේ දෙන්නා 3𝐫𝐝 𝐲𝐞𝐚𝐫 𝐬𝐭𝐮𝐝𝐞𝐧𝐭𝐬 ලා...බෝගම් කියන්නේ කොලේජ් එකේ ඉන්න මැරයෙක් ... උවමනාවෙන්ම රන්ඩු වලට පැටලෙන එක තමයි මිනිහගේ රාජකාරිය...ඒකත් අහිංසකයෝ එක්ක...
𝐁𝐨𝐠𝐮𝐦 = ආ ජිමිනි බබෝ..කොහෙද අනේ මේ අහක බලාගෙන යන්නේ....
කට කොනින් හිනාවෙන ගමන් බෝගම් එහෙම ඇහුවා..
𝐉𝐢𝐦𝐢𝐧 = සොරි බෝගම් හියුන්....මම මේ ටික අස් කරන් යන්නම්...
𝐁𝐨𝐠𝐮𝐦 = හනේ ඒකට මොකද...මොකද කියන්නේ මේ ටික අපි ඔයා ඔය ඇඳන් ඉන්න ශර්ට් එක ගලවලා ඒකෙන් පිහදැම්මොත් හොඳයි නේද...
බෝගම් එහෙම කියන ගමන් ආයෙත් මහ පාච්චල් හිනාවක් දැම්මා...
𝐉𝐢𝐦𝐢𝐧 = අ අනේ හියුන්..
𝐁𝐨𝐠𝐮𝐦 = දන්නවනෙ ජිමිනි...මට දෙසැරයක් කියන්න තියන්න එපා😏
𝐉𝐢𝐦𝐢𝐧 = අ අනේ ..
𝐁𝐨𝐠𝐮𝐦 = දැන් කිව්වනෙ..ගලවපිය ඕක...
හැමෝම මැද බෝගම් ජිමින්ට කෑගහන්න ගත්තේ ජිමින්ගේ අත් හිමින් සීරුවේ එයාගේ ශර්ට් එක දෙපැත්තට යද්දියි...
මේ සේරම දේවල් දිහා බලන් හිටපු ටේට නම් හුඟක් කේන්තියි...
ටේ ඉක්මනට හිටපු තැනින් නැගිටලා ඇවිත් ජිමින්ගේ අතින් අල්ලලා එයා කරන්න යන වැඩේ නැවැත්තුවා...ජිමින් ටේ දිහා බැලුවේ ඔයත් මේකට අහුවෙන්න එපා බෙයා කියලා කියන අහිංසක බැල්මකින්...
𝐓𝐚𝐞 = චිමී හියුන්..එන්න අපි යමු..
එහෙම කියපු ටේ බෝගම්ටත් රවාගෙන එතනින් එන්න හැදුවා..ඒත් හිතපු නැති විදියට ටේ එතනින් එද්දී බෝගම් කකුල් මාට්ටුවක් දැම්මේ ටේව වැටෙන විදියට...
එක පාරටම ටේගේ මූනත් එක්කම බිම වදිද්දී ටේගේ නිකටින් වගේම නහයෙන් ලේ ගලන්න ගත්තේ ජිමින්ව හුඟක් බය කරලා...
𝐁𝐨𝐠𝐮𝐦 = ඔහ්..ලේ එනව නේද..ඊලඟ පාර මීට වඩා දෙයක් වෙයි මාත් එක්ක රන්ඩු වෙන්න ආවොත්....අදට තමුසෙලව අතාරිනවා😏
එහෙම කියපු බෝගම් එතනින් යද්දී ටේගේ ඇස් රතු වෙලා මිටමෙලවෙන්න ගත්තේ කේන්තියටමයි..ඒත් ඒ වෙලාවෙම ජිමින් ඉක්මනට ටේ ලඟින් වාඩි වුනු නිසා ටේ බොහොම අමාරුවෙන් කේන්තිය පාලනය කරගත්තා...
𝐣𝐢𝐦𝐢𝐧 = අනේ...ටේ බෙයා..ලේ එනවනෙ හොඳටම😟මම නිසයි ඔයාටත් මැනික...යමු ඉක්මනට අපි..
𝐓𝐚𝐞 = බය වෙන්න එපා චිමී....එච්චර රිදෙන්නෙ නෑ අලේ මට..
ටේ ලාවට හිනාවෙලා එහෙම කිව්වත් ජිමින් දැක්කා ටේගේ ඇස් වලින් කොච්චර අමාරුවෙන්ද එයා ඉන්නේ කියලා...මොකද ටේ කටින් නොකිව්වත් හැමවෙලේම එයා කියන්න ඕනි දේ එයාගේ ඇස් වලින් පෙනුනා...
𝐉𝐢𝐦𝐢𝐧 = බොරු කියන්න එපා ටේ බෙයා. යමු අපි..
𝐓𝐚𝐞 = හ්ම්...යමු..
ජිමින් ටේවත් එක්කගෙන නර්සරි රූම් එකට ගිහින් බෙහෙත් දාගෙන ගෙදර යන්න පිටත් වුනේ ජිමින්ගේ කාර් එකේමයි...
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
තේරෙන්නැති තැන් තියෙනවනම්
කියන්න
පලවෙනි කතාව නිසා කැත ඇති 😕😕🤧
𝐒𝐓 ♡