Still in love
Chapter 03
🌼" අනේ ප්ලීස් දොර නම් අරින්න එපා.. ප්ලීස්ස්..."
කායිට මොනවත්ම හිතා ගන්න බෑ.. කායිට ඕන උනත් ඒ girl කොල්ලගෙන් ඇගෙන් අයින් වුනේ නෑ.. කෙල්ල හොදටම බය වෙලා හිටියේ.. කායිගේ ශර්ට් එකෙන් අල්ලගෙන හිටියේ ගැහෙන අත්වලින්..
🐻" ඔයාට මොකක් හරි කරදරයක්ද"
කායි ඇහුවේ කෙල්ල බයේ ගැහෙන නිසා.. ඒකත් දොර අරින්න එපා කියලා..
🌼"එයාලා මාව හොයන්නෙ.. අනේ මාව බේර ගන්න ප්ලීස්ස්.. අනේ ප්ලීස්ස් 😭"
කෙල්ල කායි ඉස්සරහා ඇඩුවා....දොර දිහා බල බල කෙල්ල කිව්වේ..
🐻" කවුරු උනත් එයාලා තව ටිකකින් යයි.. දොර අරින්නෙ නැති උනාම.."
කායි එහෙම කියලා නැගිට්ටා.. කෙල්ල නම් තාම බයේ බිම ඉදගෙන.. කවුරු උනත් දොර ගාව ඉන්න අය යන පාටක් පෙනුනේ නෑ..
🌼" අනේ එයාලා මන් නැතුව යන්නෙ නෑ 😭😭😭 මොකක්ද කරන්නෙ"
🐻"ඉතින් .. දැන් මොක්කද කරන්නෙ..මන් දොර අරිනවා.. ඔයාට කරදරක් කරන්න එනවනම් පොලීසියට කියන්න"
🌼" අනේ එපා..ප්ලීස්ස්..ඒක කරන්න එපා..ඇවිත් ඉන්නෙ පොලීසියෙන් තමයි "
🐻" මොකක් කියන්නෙ... ඔයා මොකක්ද කලේ..😶"
🌼" මන්... මන් මට කරදර කරන්න ආපු මනුස්සයෙක්ට ගැහුවා.. එයා දැන් මැරිලලු "
🐻" අශ්හ්හ්හ්හ් ඔහේ හදන්නෙ මාවත් හවුල් කර ගන්නද.. යනවා දැන්ම එලියට.. "
කායි ගිහින් දොර ඇරියේ කෙල්ලට බැන බැන..කායි දොර අරින්න යද්දි කෙල්ල කායිගේ කකුලෙනුත් අල්ලා නවත්තන්න හැදුවත් කායි නැවතුනේ නෑ..
👮️" අපි පොලීසියෙන් ... "
🐻" sorry inspector .. She was the one who stopped me. Sorry sir for interrupting duty
👮️"You know, she's a criminal."
🐻" i'm not know sir.."
👮️" okay.. But if you did not open the door, we could have enforced the law against you...
🐻" i'm very sorry sir.."
👮️" it's okay.. ..We'll go .. fetch her.."
පොලීසිය අර girlව අරන් ගියාට පස්සෙ කායි ඇඳෙන් වාඩි උනේ පපුවට අතක් තියාගෙන..
(ඇඳක් උඩ වාඩිවෙලා ඉන්නෙ කියලා හිතාගන්න😌කායිගේ අත කියලත් හිතන්න.😌)
🐻" මූ නිසා තමයි..තව ඩිංගෙන් හිරේ යන්නත් වෙනවා.. බොන්න බැරි නම් නොබී ඉන්න ඕනේ 😐😐 ශ්හ්හ්හ්..හොදට නිදි මේකා.."
කායි සෙහුන්ව තල්ලු කරලා කෑගැහුවා..
🐻"මේ මනුස්සයෝ නැගිටිනවා.. මැරිලා වගේ ඉන්නෙ.. නැගිටපාන්න්න්න්"
කායි කෑගහද්දි සෙහුන් ඇහැරුනා..
🐥" හියුන් තාම උදේ වෙලා නෑනේ..විනාඩි පහයි.. මන් ..විනාඩී පහ්හ්හ්හ්හ්හ්"
සෙහුන් නින්දෙන්ම කිව්වා..
🐻" මොන හියුනෙක්ද යකෝ..නැගිටපන්.. ගෙදර නෙවෙයි ඉන්නෙ.. උබ හිටපන් මන් යනවා.."
කායි ආපහු කෑගැහුවා.. සෙහුන් නෙවෙයි ඇහැරුනේ.. කායි වතුර වීදුරුවක් අරන් සෙහුන්ගේ මූනට හැලුව..
🐥" ශ්හ්හ්... කවුද..."
🐻"යමන් ගෙදර.. උබ ඕනෙ නම් හිටපන් මන් යනවා.."
🐥" ගෙදර.. හා..යමන්"
🐻" යමන් යමන්..උබ නම්.."
කායි සෙහුන්ව කරට දාගෙන club එකෙන් එලියට එක්කම් ගියා.. සෙහුන්ට ඇවිදගෙන යන්නත් පණ නෑ...කායි බැන බැන සෙහුන්ව කාර් එකට දාගත්තා..
🐻" ගෙවල් කොහෙද තියෙන්නෙ යකෝ "
🐥" ගෙදර.. ගෙදර තියෙන්නෙ ඔතන.. ගෙදර.. "
🐻" මොන මගුලක්ද යකෝ කිව්වේ ඒ.. මූ මොකෙක්ද මන්දා..ගෙදරට යන පාරවත් මතක නැද්ද මේ හරකට.."
කායි සෙහුන්ට බැන බැනම ඩ්රයිව් කලා..සෙහුන් හොදටම නිදි.. කායි ගෙදර දන්නෙත් නෑ.. ඒ නිස කායි සෙහුන්ව එයාලගෙ ගෙදර එක්කම් ගියා..
🐻" යමන්කෝ.. හියුන් නිදාගෙන හිටියොත් ඇති..මොකෙක්වද උස්සන් ආවෙ බලයි..මට නොකියන ඒවත් කියයි.. "
කායි තනියෙන් කියව කියව ඩ්රයිව් කලා..ගෙදරට ඇවිත් කාර් එක පාර්ක් කරලා සෙහුන්වත් අල්ලගෙන හිමින් හිමින් සැරේ ගේ ඇතුලට යන්න ගියා..
🐻" අනේ දෙයියෝ.. වදින්නම්.. ඔය බඩුවල හැප්පෙන්න එපා.. වැනෙන්නෙ නැතුව හිටපන්කෝ..මාත් එක්කම උබව වැටෙයි.. ගොරවන්න එපා යකෝ.."
කායි සෙහුන්ව අල්ලගෙන ගේ ඇතුලට ගියේ හිමින් සැරේ කියව කියව..ගෙදර අය ඇහැරෙයි කියලා බයේ.. සෙහුන්ව නින්දෙන් ගොරවනවත් එක්ක. එහෙන් කායි එක්කම වැනෙනවා.. කායි බයේ හිටියේ දෙන්නත් එක්කම බිමට වැටෙයි කියලා..බොහොම අමාරුවෙන් සෙහුන්ව කාමරේට අරන් ගිහින් ඇඳට දැම්මෙ ප්රේ කර කර..
🐻" ඇති යන්තම් මේ යකාව වැටුනේ නෑ.. "
සෙහුන්ගේ සපත්තු මේස් ගලවලා කායි ගියේ වොෂ් එකක් දාගන්න..කායි වොෂ් එක්ක දාගෙන එද්දි සෙහුන් ඇඳුම් බාගයක් ගලවලා හැමතැනම විසික් කරලා..
🐻"හරකෝ.. මූ මොකෙක්ද මන්දා"
කායි බැන බැන බෙඩ්ෂීට් එකකුත් සෙහුන්ගේ ඇගට දාලා ගිහින් බිමට කාපට් එකක් දාගෙන නිදාගත්තා...
නිදාගත්ත කිව්වට කායි නම් නෙවේ සෙහුන්.. කායිට නම් නින්දක් නෑ.. සෙහුන් නලියනවා..එක පාරක් ඇදෙනුත් බිමට වැටුනා.. කියවනවයි..කායි මුලු රෑම කලේ සෙහුන්ට බැන බැන හිටපු එක..සෙහුන් උදේ ඇහැරුනේ නවයත් පහුවෙලා..
🐥" කවුද යකෝ මට ගැහුවේ.. ඔලුව ගලවලා ආපහු සෙට් කරලා වගේ..මේ කොහෙද මේ ඉන්නෙ...ඔහ්හ්හ් 😯😯 යකෙක්ද.. ඒයි.. ඕශ්හ්හ් මූ කොහෙද අපේ ගෙදර.."
සෙහුන් නැගිටලා ගියේ පුටුව උඩ නිදාගෙන ඉන්න කායි ගාවට..
🐥" ඒයි නැගිටිනවා.. මන් කොහොමද මෙහෙට ආවේ.. නැගිටිනවකෝ.."
සෙහුන් කායිගේ ඔලුවට ගගහා කායිට කතා කලා..කායිට නින්ද ගියා විතරයි.. සෙහුන් කෑගහන නිසා කායි නැගිට්ටා..
🐻" උබ පුදුම වදයක් බන් දුන්නෙ.. බොන්න එපා බන් ආයේ.. වදේ.. මන් උබව දන්නෙත් නෑ.. බලපන් .. ගිහින් ඇදුම් ඇදගෙන වරෙන්"
කායි බැන්නෙ සෙහුන්ව තල්ලු කරලා...
🐥" ඇඳුම්..😯😯 කව්ද යකෝ ඇඳුම් ගැලෙව්වෙ.. උබද..🤨🤨 උබ මොකෙක්ද.."
🐻"උබට පිස්සුද යකෝ..උබම තමයි ගලෝලා විසික් කලේ.. මෙහෙ ආපු විදියවත් මතකද..බේබද්දා"
කායි බැන බැන ගිහින් ඇඳට පැන්නෙ නිදාගන්න හිතන්...මොන නින්දක්ද.. විනාඩි දහයක් යන්න කලින් සෙහුන් ආපහු කතා කලා.
🐥" මාව ගෙදර ගිහින් දානවා..මේ කොහෙද ඉන්නෙ කියලත් දන්නෙ නෑ."
🐻"උබ නම් මල පොල්පරාල ඇනයක් මගුල.. යමන් වදේ ගිහින් දාන්න.."
කායි නැගිට්ටේ සෙහුන්ට බැන බැන..සෙහුනුත් පොඩි එකා වගේ කායි පිටිපස්සෙන් ගියා.. මොනවා උනත් කායි ගියේ බයෙන්.. මොකද හියුන් කොහෙන් කඩාපාත් වෙයිද දන්නෙ නැති නිසා..
(සෙහුන් එහෙම නෑ ✊)
_______________________________________ flashback end 💫
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
Soha pov..
උදේම නැගිට්ටෙ job එකට යන්න ඕනෙ නිසා.. නැගිටිද්දි ඔම්මා මටත් කලින් නැගිටලා...හැමදාම එහෙමයි.. මන් ජොබ් එක කලාට ඔම්මා තමයි මට වඩා මහන්සී උනේ.. අපිට සල්ලි තිබ්බ නම් කියලා හිතෙන වාර අනන්තයි .. ඒත් අපි අසරණ මිනිස්සු කියලා අපිට හැමදාම මිනිස්සු මතක් කලා.. මන් අනාතයෙක් කියන එකත් නොඅඩුවම මට මතක් කලා..😶 දුකක් නෑ..මේක මගේ වැරැද්දක් නෙවෙයි.. මන් දන්නෙ නෑ කාගෙ වැරැද්දක්ද කියලා.. ඒත් මන් කොහොම හරිම දියුණු වෙලා ඔම්මව හොදට බලාගන්නවා...
මන් වොෂ් එකක් දාගෙන එලියට එද්දි ඔම්මා කොපී එකක් හදාගෙන කාමරේට ආවේ..
👧" පුතේ.. දැන්ද නැගිට්ටෙ..මන් කෑම හැදුවා.. ඉක්මනට එන්න ලැහැස්ති වෙලා"
🌸"ඔම්මා..ඔම්මා මහන්සි වෙන්න එපා ඔම්මා.. මන් උදේට නැගිටින්නම්"
👧" අනේ පුතේ..මට මොන මහන්සියක්ද... පුතානේ මහන්සි වෙන්නෙ.. උදේට bookshop එකට.. හවස club එකට..පුතේ මන් දෙයක් කියන්නද"
🌸" මොකක්ද ඔම්මා.. "
👧" හවසට වැඩට යන්න එපා පුතේ.. book shop එකට විතරක් ගියාම ඇති දරුවෝ.. ඔයා දුක්විදිනවා බලන්න බෑ දරුවෝ"
🌸" ඔම්මා.. අපිට සල්ලි ඕනේනේ ඔම්මා. ජොබ් එකට නොගියොත් කොහොමද ඔම්ම සල්ලි හම්බ වෙන්නෙ..අපි දැන් හම්බ වෙන සල්ලිත් මදිනේ ඔම්මා..මන් ගෙදර ඉදන් කරන්න පුලුවන් පොඩි වැඩකුත් හොයාගන්නම් ඔම්මා..එතකොට රෑට ඒක කරන්න පුලුවන්නෙ"
මන් කතා කර කරම ලැහැස්ති උනේ පරක්කු වෙලා නිසා අද.. ඔම්මගෙන් සද්දයක් නැති නිසා මන් ඔම්මා දිහා බැලුවේ.. කම්මුලට අත තියන් මන් දිහා බලාගෙන ඉන්නවා..
🌸" ඔම්මා.. ඇයි මේ."
👧" ඔච්චර මහන්සි වෙන්න එපා දරුවෝ.. මේ කරුම ලෙඩේ තිබ්බෙ නැත්තම් මන් පුතාට ඔහොම මහසි වෙන්න දෙන්නෙ නෑ ..කොහොද පුතේ..මේ කරුම අත පණ නැති වෙනවනේ .."
🌸" ඔම්මා..ඔම්මගේ දුව ලොකුයි දැන්.. ඔම්මා මහන්සි වෙන්න එපා..මේ දුව ඉන්නකම් මන් ඔම්මව බලාගන්නවා.."
ඔම්මා ඇස්දෙක පිහි දදා කාමරෙන් එලියට ගියේ එයාගෙ කදුලු මට පෙන්නන්න අකැමති නිසා කියලා මන් හොදටම දන්නවා... මන් ඉක්මනට ලැහැස්ති වෙලා කෑම ටිකක් කාලා පාරට බැහැලා පාර දිගේ දිව්වෙ පරක්කු නිසා..
බස් එකක් එනකම් බලන් ඉන්න වෙලාවක් තිබ්බෙ නෑ..මන් පයින්ම bookshop එකට දිව්වා.. හැමදාම වගේ මන් හිතපු දේම වෙන්න යන්නෙ කියලා මට තේරුනා.. යනවද නැද්ද කියලා මටම හිතා ගන්න බෑ.. ජිවිතේ දුක විදින එක මට පුරුදු උනේම මේවා නිසා...
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
Hi 🐇🐇 හා පැටව් ටික...
කම්මැලීනේ..
මට හිතුනා..කම්මැලි කම ඉක්මනට නැති කරන්නම්කෝ..
😌😌😌😌😌😌
01
02
මේ දෙකෙන් මොකක්ද හොද කියන් යම්න...
(1777 words)
🥀 yeongyoomi