ENDLESS (remember me live in...

By daraWijekoon

19.9K 3.6K 1.4K

I wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in y... More

๐Ÿ‚ Introduction ๐Ÿ‚
๐Ÿ‚ 1st chapter ๐Ÿ‚
๐Ÿ‚ 2nd chapter ๐Ÿ‚
๐Ÿ‚ 3rd Chapter ๐Ÿ‚
๐Ÿ‚ 4th Chapter ๐Ÿ‚
๐Ÿ‚5 Chapter ๐Ÿ‚
๐Ÿ‚06 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 07 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 08 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 09 Chapter ๐Ÿ‚
๐Ÿ‚10 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 11 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 12 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 13 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 14 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 15 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 16 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 17 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 18 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 19 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 20 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 21 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 22 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 23 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 24 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 26 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 27 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 28 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 29 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 30 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 31 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 32 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 33 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 34 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 35 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 36 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 37 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 38 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 39 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 40 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 41 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 42 Chapter ๐Ÿ‚
๐Ÿ‚ Epilogue ๐Ÿ‚
๐Ÿ‚ A/N ๐Ÿ‚

๐Ÿ‚ 25 Chapter ๐Ÿ‚

417 77 37
By daraWijekoon

How little time does it take to create and break dreams?  And every second of life changes at an unimaginable rate. 
Like the weather .................

.................................................................

🐣 ම් .. මට සිහිය එනකොට මන් ආයෙම හිටියෙ වෙන කාමරේක . මේක යට තට්ටුවේ කාමරයක් වෙන්න ඕනි.ඒක ගොඩක් සීතලයි වගේම එළියක් වැටෙන්න කියලා තිබ්බේ ලයිට් එළිය විතරයි.ඒකත් මහ අදුරු මූසල එළියක්. එතන තිබ්බ ඇදේ තිබ්බෙ ලෑලි වැහෙන්න දාලා තිබ්බ තුනී ෂීට් එක විතරයි. තව කාමරේ වෙන දේකට තිබ්බෙ මගෙ ඇදුම් දාලා තිබ්බ බෑග් දෙක විතරයි. ඊට ටිකක් එහායින් පොඩි වොශ් රූම් එකක්. මට සිහිය එන්න කොච්චර දවස් ගියාද කියන්න මන් දන්නෙ නෑ. ඒත් මට දැනුනා තමත් අපේ පැටියා මාව දාලා ගිහින් නෑ කියලා. ඕහ් එයා පපා වගේම ගොඩක් ස්ට්‍රෝන්ග්.

කුකී..... මන් එදා හිනා උනේ ඔයාටවත් ඔයාගෙ පවුලටවත් නෙමේ කුකී.. මටමයි. මට හිනා මන් ගැනම. පාර්ක් ජිමින් කියන්නෙ ඔයා කීවා වගේම ජීවත් වෙන්න නුසුදුසු , පවුකාර කෙනෙක් කුකී.  දන්නවද මේ පාර්ක් ජිමින් ඉපදුනේ එයාගෙ ඔම්මව මරාගෙන,. එයාගෙ උපන්දිනේ දවසකම එයාගෙ අප්පත් මේ ලෝකෙන් එයාව තනිකරලා දාලා ගියේ එ වෙනකොටත් පාර්ක් ජිමින් කියන නමට ඔක්කොම දේපල ලියලා තිබ්බ නිසා, තව කීදෙනෙක් පාර්ක් ජිමින් දැනන් හිටිය නිසා මැරුනද කියලා මන් තාමත් දන්නෙ නෑ. ඒ වගේම ඔයාගෙ නන්ගි. 😔 මට සමාවෙන්න මගෙ කුකී  මන් ඔයාගෙ පවුලත් විනාස කරලා. එදා ඔයාගෙ නන්ගි වෙනුවට එතන ඉන්න තිබ්බෙ මන්. ඒත් මන් මගේ ජීවිතේ බේර ගන්න ගිහින් ඒ වෙනුවට බිලි උනේ ඔයාගෙ නන්ගි. මට ඒ වෙනුවෙන් කරන්න පුලුවන් උන කිසිම දෙයක් නැ.ඒත් ඒක මන් නිසා උනාට ඒක කරේ මන් නෙමේ කුකී. මන් කොහොමද එහෙම...........
පාර්ක් ජිමින් නමට මට මන් වෛර කරනවා. මන් මටම  වෛර කරනවා. මට මාවම අප්පිරියයි කුකී. ඒ වගේම මට තව දුරටත් ජීවත් වෙන්න ඕනි නෑ.

ඒත් හැමදාම වගේ මන් අසරන වෙලා. 😔

දවස් කොහොම ගෙවෙනවද කියලා මන් දන්නෙ නෑ කුකී.. දැන් උදේද? දවල්ද?  රෑද? මන් දන්නෙනෑ. මන් මගෙ ජීවිතෙ ගෙවුන කාලෙට වැඩක් නොකර ඉන්න පලවෙනි වතාව. හැබැයි පොදු එකම කාරනේ... මන් හිර වෙලා. මගෙ ජීව්ත කාලෙම මන් මෙහෙම ගෙව්වෙ. තව දුරටත් ඒක එහෙම වෙයි නේද? ඇයි මටම විතරක් මෙහෙම වෙන්නෙ? මට තේරේන්නෙ නෑ..😔💔

මන් ඔයා එනකන් බලන් ඉන්නවා කුකී. මන් තාමත් හිතනවා ඔයා අපෙ බබාව පිළිගනී කියලා. ඒත් දැන් මට ලැජ්ජයි .

කුකී මට රිදෙනවා. මට හැරෙන්නවත්, එකම විදිහට ඉන්නවත් බෑ. ඒත් මන් එහෙමම ඉන්නෙ මට හැරෙන එක අමාරුම නිසා. ජින් හියුන් කීවා බබා හම්බ වෙනකන් වම් පැත්තට නිදා ගන්න ඕනි කියලා. එයාට එහෙම ඉන්න අමාරු උනාම ජුන් හියුන් තුරුලු කරන් නිදා ගන්නවලු. මන් ඒ පැත්තටම හැරිලා ඉන්නෙ අමාරුවෙන් උනත් මට බබාව වටිනවනෙ. එයාට තේරෙන්නෙ නෑනෙ . මගෙ මුළු ඇගම තුවාල ගොඩක් වනයක් වගේ වෙලා. මට රිදෙනවා. මේ පාර නම් මට දරා ගන්න බැරි තරම් රිදෙනවා කුකී. දන්නවද දැන් මට හිට ගන්නවත් ඉද ගන්නවත් අත්දෙකට වාරු දීලවත් ඉන්න අමාරුයි. එදා ඔයා මට කරපු දේ හින්දා මුළු ඇගම වෙව්ලනවා. ටේ ටේ හියුන්ගෙ පාර හින්දා කොන්ද දිගේ තාමත් කරන්ට් එක යනවා වගෙ. අඩුම මට වොශ් රූම් එකටවත් යා ගන්න බෑ කුකී. 

ඕහ් කුකී බලන්නකො මන් මෙච්චර අවුරුදු ගානක්ම හිටියෙ මේ වගේ ලෑලි ඇදක. ඒත් දැන් මට ඒකෙ ඉන්න බැ තුවාල රිදෙනවා.

මන් කාමරේ මුල්ලකට වෙලා ගුලි වෙලා ඉන්නවා. මේ දෙසැම්බර් අග වෙන්න ඇති. පුදුම තරම් සීතලයි. මන් ඇදුම් හතරක් පහක් එක උඩ ඇදගෙන රෙදි කීපයක් බිම දාන් ඒ උඩට වෙලා ඉන්නවා. මන් නෑවෙත් නැ ගොඩක් කාලෙකින් වතුර සීතල වැඩී. මේ අමාරුපිට නෑවොත් අපෙ පැටියට ඒක හොද නැති වෙයි නේද කුකී?
මන් අහලා තියනවා ගොඩක් සීතල බබාලට හොද නෑ කියලා. අනික මගේ තත්වෙත් එක්ක ඒක කොහොමත් විශ්වාස නෑනෙ.

.....................................................................

දන්නවද කුකී දැන් උදේද දවල්ද? අද කවද්ද ? මන් කිසිම දෙයක් දන්නෙ නෑ ඔහේ කාමරේ මුල්ලට වෙලා බලාන ඉන්නවා. හෙමින් හෙමින් ඩයරිය ලියලා හිත නිදහස් කර ගන්නවා. මට කතා කර ගන්න බෑ කුකි. මට අපෙ බබාට කතා කරන්න ඕනි. ජින් හියුන් කීවා අපි කතා කරන එව්වා බබාට ඇහෙනවා කියලා..ඒ වගේම නිතරම කතා කරන්න ඕනිලු. හියුන් නම් නිතරම කවි කියනවලු, කතා කරනවලු ඉදලා හිටලා බබා එව්ව ඇහෙන කොට පයින් ගහනවලු. අනේ අපෙ බබාට කිසිම සද්දයක් ඇහෙන්නෙ නෑනේ. එයාට මන් හිතන දේවල්වත් දැනෙනවද දන්නෙ නෑ.

දැන් මට දවසට කෑම එකක් හම්බෙනවා. මන් හිතන්නෙ ඒ උදේටද කොහෙදෝ. බත් එකක් දවසටම ඒක විතරයි. මේඩ් කෙනෙක් ඇවිත් ලගටම ගෙනත් තියලා යන නිසා මට ඒකට නැගිටින්න ඕනි උනේ නෑ.. ඒක ලොකු දෙයක්. ආයෙම ඒක ගන්න එන්නෙ පහුවදා කෑම එක තියන්න එනකොට. එක නිසා හොදයි . දන්නවද කුකී දැන් මට ඒ කෑම පිගානත් වැඩී. මට දැන් එක පාරට බත් කටක් ගිලින්නත් බෑ..කටක් එක පාරට කෑවත් වමනෙ යන නිසා බත් ඇටේ ඇටේ වගේ හිමින් හෙමින් ගිලිනවා පහුවදා වෙනකම්ම. දැන් කන්න පුලුවන් සුදු බත් විතරයි. වැංජනයක් කෑවත් මට දිරවන්නෙ නෑ. වමනෙ යනවා. දැන් හැමදාම වගේ ලේත් එක්ක වමනෙ යනවා. ආයෙම ගෑස්ටික් වැඩි වෙලා වගේ. සමහර වෙලාවට අමාරුවට වොශ් රූම් එකේම නිදා ගන්නවා කුකී.. අනේ මට ඔයාට තුරුල් වෙන්න තිබුනා නම්...මට උනුසුමක් ඕනි කුකී.

America...........,

🐰 මන් ච්මීව දාලා ඇමරිකාවට ඇවිත් දැන් මාසයකට වඩා වැඩී. මේ කාලෙ ඇතුලත මන් චිමී ගැන කිසිම දෙයක් හෙව්වෙ බැලුවෙ නෑ. ඒත් මට එයාව මතක් වෙන එක අමතක කරන්න බෑ . මට එයාට වෛර කරන්න ඕනි ඒත් මන් අවුරුදු ගානක් ආදරේ කරපු කෙනාට එහෙම කරන්න මගෙ හිත ඉඩ දුන්නෙ නෑ. ගෙවෙන හැම තප්පරේම මන් ඒ වෙනුවෙන් විදෙව්වා.
ච්මී නිසා අපෙ ගෙදර අපේ ජීවිතවල පලවෙනි පාරට නත්තල සමරන්නෙ නැතිව හිටියා. වෙනදට පවුලෙ හැමෝම යාලුවො හැමෝම එකට එකතු වෙලා සමරන නත්තල මේ පාර කිසිම කෙනෙක්ගෙ මූනක්වත් නොදැක ගත කරා. ඒ වගේම ඇඩුවා. අලුත් අවුරුද්ද ජනවාරි පලවෙනිදාවක් ගෙවුනෙ හරියට අපේ ජීවිතවලට ආයේ දවසක් නොඑනවා වගෙ. ඒ හැමදේම ජිමින් නිසා. එයා අපේ හුරතලී, අපි හැමෝගෙම නන්ගි අපෙන් ඈත් කරා. වෙනදට අපි හැමොගෙම තෑගි බලා පොරොත්තුවෙන් එයා බලන් ඉන්නෙ නත්තල දවසට. ඒත් මේ පාර අපෙන් තෑගි ගන්න එයා තව දුරටත් ජීවතුන් අතර හිටියෙ නෑ.

එයා ගියේ අපි හැමෝගෙම සතුටත් අරන්.

.......................................................................

Jeon mention ,

🐣 කුකී ඔයා තාමත් ආවෙ නෑනෙ.. මන් දිගටම බලන් ඉන්නවා. දැන් නත්තල ඉවරද කුකී? දන්නවද මන් මගෙ ජීවිතේ අවුරුදු 11ට පස්සෙ මන් මට ලැබුන පවුලත් එක්ක, මගෙ ආදරේ එක්ක, අලුත් සහෝදරයො වගේම අපේ පැටියත් එක්ක පලවෙනි පාරට නත්තල් සමරන්න මන් පෙරුම් පුරාන බලන් හිටියා මගේ කුකී. මන් ගොඩක් හීන මැව්වා ඒ දවස ගැන. මොකද කවුරු කොච්චර කීවත් අප්පා මාවා දාලා ගියාට පස්සෙ සැන්ටා මාව හොයාන ආවෙම නෑ .. හැම අවුරුද්දේම මන් සීතලේ ගැහි ගැහී මහ රෑ චිමිනිය ගාව බිම ගුලි වෙලා බලාන උන්නා සැන්ටා එනකන් . ඒත් එයා මට තෑගි ගෙනාවා තියා අඩුම රස කෑමක්වත් මට මේ අවුරුදු ගානට ලැබුනෙ නෑ.

අනිත් හැම ලමයම පවුලෙ අයත් එක්ක සතුටු වෙනකොට මේ මම ඒ ගෙදර වැඩ කාරයෙක් වෙලා ගුටිත් කාලා කෑමත් නොකා අඩුම සැන්ටවත් එයි කියලා මග බලන් හිටියා. මට ලොකු දේවල් ඕනි උනේ නෑ කුකී.  පුන්චිම පුන්චි සතුටක්. කරදරෙන් ගෙවන මගේ ජීවිතේට පොඩි සැනසීමක් මන් හෙව්වෙ. ඒත් මට තාමත් ඒක හම්බ උනේ නෑ. මන් මේ අවුරුදු 18ටම මගෙ උපන්දිනේ සමරලා නෑ. අප්පා ඉන්නකන් සැමරුව එකම දේ නත්තල විතරයි. අප්පා නැති උන අවුරුද්දේ අප්පා මට ප්‍රොමිස් උනා ලොකු ටෙඩියෙක් දෙනවා කියලා. ඒත් මට තාමත් ඒක හම්බුනෙ නැ. මන් ටෙඩීලට ගොඩක් ආසායි. අප්පා මාත් එක්ක තරහා වෙලා ගිහින් වගෙ......

අලුත් අවුරුද්දට අනිත් අය දාන මල්වෙඩි මන් හැම අවුරුද්දේම මගෙ පුන්චි කමරේ තියන කවුළුවෙන් බලන් ඉන්නවා. එව්වා ගොඩාක් ලස්සනයි . ඒත් මන් කවදාවත් මල්වෙඩි දාලා නෑ. එව්වා ගොඩාක් ලස්සනයි නේද කුකී.

දවස් කොහොම ගෙවෙනවද දන්නෑ. ඒත් ගෙවෙන හැම තප්පරේම මට මහා කල්පයක් වගේ දැනුනා. දවසින් දවස මට එක එක ලෙඩ මතු වෙන්න ගත්තා. සමහර වෙලාවට ඔලුවෙ කැක්කුම, ආයෙ සමහර දවස්වලට කෙන්ඩා පෙරලෙනවා, කකුල් ඉදිමෙනවා  එ වගේම අතේ පයේ කැක්කුම. හැම ඇගිලිපුරුකක් ගානෙම, අස්ථියක් සම්බන්ධවෙන හැම තැනකම, බෙල්ල, පතු ටිකෙන් ටික වේදනා දෙන්න පටන් ගත්තා. අනේ කුකී මට රිදෙනවා..🥺😔

දවසක් ටේ ටේ හියුන් මේඩ් කෙනෙක් අතේ මට එන්න කියලා පනිවිඩයක් එවලා තිබුනා. එතකොට මට ටිකක් අඩුවෙලා තිබුනත් කොන්දෙ අමාරුව එහෙම තව දුරටත් තිබුනා. මන් ආමාරුවෙන් උනත් නැගිටලා මේඩ් පස්සෙන් ගියා.

මාව  එක්කන් ගිය මේඩ් ලිවින් රූම් එකේ හිටිය ටේ ටේ හියුන් ගාවට එක්කන් ගියා.

🐯 ආහ් මිස්ටර් පාර්ක් ජිමින් .. කොහොමද ඉතින්? ඉතින් නිකන් හිටියා ඇතිනේ. මේ මේඩ් පස්සෙන් යනවා . ගිහින් එයා දෙන විදිහට වැඩේ කරනවා. දවල් වෙනකොට මුළු යට තට්ටුවම හොදට පිරිසිදු කරලා තියන්න ඕනි. නැත්තන් බලාගමු හවසට.

🐣 ටෙ ටේ හියුන් කීව විදිහට මන් ඔලුව වනලා මේඩ් පස්සෙන් ඇවිදින් මුලු යට තට්ටුවම පිරිසිදු කරන්න ගත්තා.මොප් කරන්න ගන්නකොට හිටන් ඉන්න අමාරූන නිසා රෙදි කෑල්ලක් අරන් ටික ටික බිම ඉදන් පස්සෙන් පස්සට යන ගමන් පිරිසිදු කරන්න ගත්තා . මේ මට හොදටම පුලුවන් වැඩේ. අවුරුදු 11ක් පුරාවට මන් අපි හිටපු ගෙදර දූවිල්ලක් නැති වෙන්න හැමදාම පිරිසිදු කරා.. .

මන් කැලැන්ඩරේ බැලුවා.. මේ ජනවාරි මැද. ඒ කියන්නෙ අපෙ බබාට දැන් මාස තුනක්. චූට්ටක් ඉස්සරහට ඇවිත් තිබුන බඩ පොඩ්ඩක්වත් පෙනුනෙ නැත්තෙ ඇදන් හිටපු ඕවර් සයිස් ටී එකෙන්. ඇරත් මගෙ බඩ පේන්න තරම් ඉස්සරහට ඇවිත් තිබුනෙ නෑ. ඒ වගේම මන් කාමරේක කන්නාඩියකින් මන් දිහා බැලුවෙ මන් හිටිය කාමරේ කණ්නාඩියක් අහලකවත් නැති නිසා. මම හිටියට වඩා ටිකක් කෙට්ටු වෙලා තිබුනා. කමක් නෑ බබා හොදින් නම් මට මොනා උනත් කමක් නෑ.

මන් පිරිසිදු කරන එක ඉවර කරන්න ඔන්න මෙන්න තියා ගෙදරට සුගා හියුන්, හොබී හියුන්, ජින් හියුන් වගේම ජුන් හියුනුත් ආවා. අඩුවට හිටියෙ මගෙ කුකී විතරයි. මන් එයාලා දිහා කොනකට වෙලා බලන් හිටියෙ දැක්කොත් එයාලගෙ සතුට නැති වෙන නිසයි. එයලා ගොඩාක් සතුටෙන්. ඒ හැමෝම එකතු වෙලා ජින් හියුන්ට එක එක ජාති කවනවා පොවනවා, හිනස්සනවා. ජින් හියුන් බෝලෙවගේ වෙලා . ගොඩක් මහත් වෙලා එයා. ඒ වගේම හියුන්ගෙ බඩ ගොඩක් ලොකුයි. බබාලා ගොඩක් ඉන්නවා වගෙ ☺️.

අනී මටත් ඒ වගේ ඉන්න තිබ්බා නම්. අඩුම කුකීගෙ තුරුලට වෙලාවත් ඉන්න තිබ්බා නම්.🥺🥺 අපෙ බබාට ඕනි හැමදේම මට දෙන්න තිබ්බා නම්.. මන් සතුටින් ඒ දිහා බලන් හිටියා. ඒත් එක පාරටම පස්සෙහායින් ටේ ටේ හියුන් කතා කරනකොට මන් ගැස්සිලා ගියා.

🐯 තමුන් මොනාද මෙතන හැංගිලා බලන් ඉන්නෙ ආහ්? ඒ සතුටත් විනාස කරන්න හිතන්ද බලන් ඉන්නෙ ?

🐣.....................
මන් බිම බලා ගත්තෙ මට කතා කරන්න බැරි නිසා වගේම දුක හිතුන නිසා.

🐯 ඇයි තමුන්ටත් හිතුනද ජින් හියුන් වගේ වෙන්න?😂😂

🐣 ..........
ටේ ටේ හියුන් කීව දේ නිසා මන් ඔලුව උස්සලා බැලුවත් ඊලගට කීව කතාව නිසා මට කකුල් දෙක පන නැතිව යනවා වගේ දැනුනා. ඒ වගෙම මට මහා ලොකු බයක් දැනෙන්න ගත්තා..

🐯 හහ්.. තමුන් එහෙම ඔහොම ප්‍රෙග්නන්ට් උනා නම් මන් ඒක දැන ගත්ත වෙලේම මන් තමුන්වයි තමුන්ගෙ ජරා ලමයවයි දෙන්නවම පරලොව යවනවා. කවුද කැමති තමුන් වගෙ ජරා මනුස්සයෙක්ගෙන් ලමයෙක් ලැබෙනවට? 😏

🐣 ටෙ ටේ හියුන් කීව දේ මගෙ ඔලුව ඇතුලෙ රැව් පිලිරැව් දෙන්න පටන් ගත්තා

ඒත් මගෙ කුසේ හිටියට ඒ කුකීගෙ දරුවෙක් නේද හියුන්? ඒත් එතකොට අපෙ බබා ගැන දැන ගත්තොත් ටේ ටේ හියුන් අපෙ බබාව නැති කරයි? නෑ නෑ මන් එහෙම වෙන්න දෙන්නෙ නෑ.. මන් කාටවත් මේ ගැන දැන ගන්න ඉඩ තියන්නෙ නැ. මගෙ කුකී එනකන් මන් කොහොම හරි ඉවසන් ඉන්නවා. මන් එයාටමයි කියන්නෙ අපෙ බබා ගැන.

වැඩ ඉවර වෙලා මන් ආයෙම මගෙ කාමරේට ආවා. සුපුරුදු නිහඩකම ඒ කාමරේ තිබුනා. මාත් එක්ක ආව මේඩ් කමරේ ලොක් කරලා ගියා.  සමහර දවස්වලට කාමරේ ලොක් කරන්නෙ නෑ. ඒ කොහොම උනත් මට ඕනි උනෙ නෑ මේ කාමරෙන් එළියට යන්න ඒකට හේතුව උනේ මෙහෙන් එළියට යන්න හිතන එක බොරුවක් වගේම මෙහෙ මේඩ්ලා පවා මන් දිහා අපරාදකාරයෙක් දිහා බලනවා වගේ අප්පිරියාවෙන් බලන එක. එයාලගෙ බැල්ම මාව නොමරා මරනවා.

.........................................................................

කූ දවස් ගෙවෙනවා ඇති නේද ඉක්මනට ? ඔයා හොදින්ද? දන්නවද අපෙ බබා චුට්ට චුට්ට ලොකු වෙනවා. මට පුලුවන් විදිහට එයාව බලා ගන්නම්. ඔයාට පුලුවන් ද ඉක්මනට ආයෙ එන්න? මට පාලුයි😔 ගොඩාරියක් පාලුයි කුකී. කුකී ඔයාත් අපේ බබාව පිළිගන්න එකක් නැද්ද කුකී? එහෙම වෙන එකක් නෑ නේද කුකී? දන්නවද ඔයාට එපා නම් කියන්න මන් එයාව බලා ගන්නම්. අපෙ අප්පා මාව බලා ගත්තා වගෙ මන් අපෙ පැටියව බලා ගන්නම්. මන් එයාව දාලා යන්නෙ නෑ.

..................................

කුකී මේ ඔයා මට හවානා වලින් අරන් දුන්න චොකලට් ටිකක් තිබ්බා බෑග් එක ඇතුලේ.. හි හී..එව්වා හරි රසයි කුකී..☺️ මන් ටික ටික කන්නම් එව්වා. ඇගට පැණි රසත් ඕනිනෙ . මට සුදු බත් ටික ඇරෙන්න වෙන මුකුත්ම ඇගට වැටෙන්නෙ නෑ. කූ අපෙ බබාට විටමින් මදි වෙයිද වැඩෙන්න? නෑ එයා පපා වගේ ගොඩාක් ස්ට්‍රෝන්ග් .

Fighting my baby...

.....................................

පැටියෝ පපාට සමා වෙනවා නේද? පපා කතා කරන්න ට්‍රයි කරනවා. කෝ බෑනි තාම.. පපා හිතන දේ ඔයාට තේරෙනවද? දැනෙනවද? පපා  සින්දුවක් හිතන්නම් ආහ් ඔයාට ඇහෙයිනෙ? පපාත් දන්නෙ ඒක විතරයි. ඒක පපාට කීවේ පපාගෙ අප්පා. ඔයාගෙ හරාබොජි. පපාගෙ 7 වෙනි උපන්දිනේට කලින් දවසෙ හරබොජී අන්තිම වතාවට පපාව නලවන්න ඇද ගාව ඉදන් ඒක කීවා. මට ඒක මතකයි ඉන්නකෝ මන් කියන්නම්..

gom sae ma-ri-ga han ji-be iss-eo

a-ppa gom, eom-ma gom, a-gi gom!

a-ppa gom-eun ttung-ttung -hae

eom-ma gom-eun nal-ssin-hae

a-gi gom-eun neo-mu gi-yeo-wo

eu-sseuk! eu-sseuk! jal-ran-da!

(There are three bears in a house
එක ගෙදරක වලස්සු තුන් දෙනෙක් ජීවත් උනා

Daddy bear, Mommy bear, Baby bear!
අප්පා වලහා, අම්මා වලහා, වලස් පැටියයි!

Daddy bear is fat
තාත්තා වලහා මහතයි

Mommy bear is slim
අම්මා වලහා කෙට්ටුයි

Baby bear is too cute
වලස් පැටියා හරිම හුරතල්

Shrug! Shrug!

දන්නවද පැටියෝ හරබොජි කියලා තියනවා පපා ඉස්සර ගොඩාක් හුරතල් කියලා බේබි වලහා වගෙ. බෝලෙ වගේලු. මගේ පැටියත් ඒ වගේ වෙනවද? පපා වගේ බෝල වෙලා, අප්පාගෙ වගේ බනී ඇස් දෙකක්, චූටි හා දත් දෙකක්, අප්පගෙ වගේ ලස්සන කටහඩක් මගේ බබාට තියෙන්න ඕනි.  අනිවාර්යෙන්ම ඒක එහෙම වෙයි. මන් කැමතී ඔයා පුතෙක් වෙනවට.. අප්පා ආසා වෙයි.. ටුවින් බබාලා උනත් කමක් නෑ. හරියට ටේ ටේ හියුනුයි ටේහි නූනායි වගේ...

ඔයා ටික ටික ලොකු වෙනකොට මන් ඔයාට ලස්සන ලස්සන ඇදුම් අන්දනවා.. තව ඔයාට ලස්සන ජුවලරි හදනවා.. ආහ් ඇස්වහ වැදුනොත් අපේ බබීට.. මන් මූනෙ පැත්තක තඩිම තඩි මොට්ටුවක් තියනවා. ටික කාලයක් ගියාම අප්පා කැමති උනොත් අපිතව චූටි නන්ගියෙක් හරි මල්ලියෙක් හරි ගේමු? ☺️🤭

ඒත්................... අප්පා ඉක්මනට එයි නේද මගේ පැටියො? පපාට අමාරුයිනෙ අනේ 🥺😔.............

.........................................................................

❄️ මට නිකන් ඉන්න බෑ.. වැඩ පැත්තක දාලා එක්සෑම් යකාට ගියාවෙ කියලා මේක ටයිප් කරා..😌 ඒ උනාට එක්සෑම් එකට වඩා මේක සෝයි..🙂💔

❄️ ඉතින් ජිමින් එයාගෙ ලෝකෙ ඇතුලේ ජීවත් වෙනවා. එයා එයාගෙ හිතින් එයාගෙ, කුකීගෙ, බබාගෙ ලෝකේ මවනවා. ඒක සාමාන්‍යයි නේද? ඕනිම කෙනෙක් මොන දේ තිබුනත් ඒ වගේ දේකදී හීන මවනවනෙ.

❄️ ආහ් එයා ඔය දේවල් එයාගෙ ඩයරියේ ලියන්නෙ හොදේ. ඔය මැදින් ඉරි ගහලා තියෙන්නෙ ඩයරියෙ එක එක දවස් වලින් ගත්ත ටිකක්.

❄️ ඒ වගේම ජිමින් කාත් එක්කවත් තරහා නෑ. එයා හැම දේම එයාගෙ වැරැද්ද කියලා හිතනවා..

❄️ බායි එහෙනම්.. වචන 2225යි.. යකූ රචනාවකට වචන 300 ක් ලියා ගන්න බෑ. මේකේ පත හෑලි ටයිප් කරනවා.. 🤧

Continue Reading

You'll Also Like

229K 7K 39
แ€€แ€ญแ€ฏแ€šแ€นโ€‹แ€ทแ€›แ€ฒแ‚•แ€แ€™แ€นโ€‹แ€ธแ€แ€บแ€„แ€นโ€‹แ€ธแ€Ÿแ€ฌ..... แ€กแ€œแ€ผแ€™แ€นโ€‹แ€ธแ€žแ€€แ€นโ€‹แ€žแ€€แ€นโ€‹........
69.4K 5.1K 65
แž•แŸ‚แž“แžŠแžธแž€แŸ’แžšแžกแžถแž”แŸ‹แž…แžถแž€แŸ‹ แž˜แž“แžปแžŸแŸ’แžŸแžŸแŸ’แžขแžธแžแžถแŸ†แž„แž–แžธแž€แŸ†แž›แŸ„แŸ‡แž˜แž€แžŠแž›แŸ‹แž–แŸ„แŸ‡แž˜แŸ‰แžถแž™แž€แžผแž“แž”แŸ’แžšแžถแŸ†แž แžพแž™ แžšแž€แž”แŸ’แžšแž–แž“แŸ’แž’แž‡แžถแž”แŸ‹แž›แžถแž”แŸ‹แž“แžทแž„แž‚แŸแŸกแž€แŸแž‚แŸ’แž˜แžถแž“ แž˜แžทแž“แž˜แŸ‚แž“แž›แŸ‚แž„แž›แŸ‡แž‘แŸ…แžฏแžŽแžถแž‘แŸ แž‚แžบแž–แžฝแž€แž‚แŸแž“แžทแž„แžŸแŸ’แž›แžถแž”แŸ‹แžŠแŸ„แž™แž‚แŸ’แž˜แžถแž“แž˜แžผแž›แž แŸแžแžปแž“แŸ…แžŠแŸ‚แž›...
568K 48.8K 21
Kookv yaoi fanfiction Language - Myanmar (unicode+zawgyi) Topkook/Vottom Started Date ~ August 11 , 2019 Ended Date ~ October 23 , 2019 Sorry if so...
160K 12K 24
แ€€แ€™แ€นแ€˜แ€ฌแ€•แ€ฑแ€ซแ€บแ€™แ€พแ€ฌ แ€œแ€ฐแ€•แ€ฑแ€ซแ€„แ€บแ€ธ billion แ€แ€ปแ€ฎแ€•แ€ผแ€ฎแ€ธแ€›แ€พแ€ญแ€”แ€ฑแ€œแ€Šแ€บแ€ธ แ€€แ€ปแ€ฝแ€”แ€บแ€™แ€กแ€€แ€ผแ€Šแ€บแ€ทแ€แ€ฝแ€ฑแ€€ แ€›แ€พแ€„แ€บแ€ทแ€โ€‹แ€šแ€ฑแ€ฌแ€€แ€บแ€กแ€แ€ฝแ€€แ€บแ€žแ€ฌแ‹