𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
04
ආයෙම ඩෝර්ම් එකට ඇවිල්ලා ජොන්ග් යීගේ කීමට හැමෝම බැල්කනි එකේ සෝෆාවෙන් ඉදගනිද්දී ඔහුත් පොඩි සෝෆාවෙන් ඉදගෙන ආයේ ආයේ ආයතනයේ නීතිරීති, ආර්ටිස්ට්ලා ඉස්සරහා ඉන්න ඕන විදිය, පාර්ට් ටයිම් ජොබ්ස් අනවශ්‍ය බව මේ හැමදෙයක්ම කිව්වේ කුමක් හෝ ප්‍රශ්ණයක් වුනොත් ඔහුටත් ප්‍රශ්ණයක් නිසයි .....
" ක්(අ)රේ (හරි) ....... මේ තියෙන්නේ සෙඩ්ඩූල් (schedule) එක ... ඔයාලගෙ සෙඩ්ඩූල් එක හෙට ඉදන් පටන් ගන්නවා ... සෙඩ්ඩූල් එක වෙනස් වෙද්දී මන් ඔයාලට අප්ඩේට් කරන්නම් .... ම්ම්ම් පැය හතරක් නිදාගන්න ටයිම් තියෙන්නේ ඒත් ටික ටික වැඩ වැඩිවෙද්දී ඊට අඩුවෙයි ... මන් හෙට උදේන්ම එනවා ඒ එද්දී ජිම් යන්න ලෑස්ති වෙන්න ... ඊට පස්සේ ආයෙම ඇවිත් සෙල්ෆ් ස්ටඩීස් කරන්න ඕනෙ ... අනිද්දා ඉදලා මෙහෙට ඔයාලගේ සොන් සෙන් නිම් ( ගුරුවරු ) එයි ... ඔයාලට මතකනේ ඩෙබියුට් එකට තියෙන්නේ අවුරුද්දයි ... මෙච්චර කාලෙකට ගත්ත වයස වැඩිම ට්‍රේනීස්ලා ඔයාලා ... ඒ නිසා හැමවෙලේම ඔලුවෙ තියෙන්න ඕනෙ ඩෙබියුට් එක ... "
" දේ ජොන්ග් යී-ශී ... "
ඔහුත් එක්ක තවත් වෙලාවක් කතා කරමින් ඉදලා ඔහු ගියාට පසුව හැමෝම
ඔහු දුන්න සිම් එක ගානේ දුරකථන වලට දාගෙන ඔහුට කෙටි පණිවිඩයක් යැව්වේ ඔහු හැමෝම එකතු කරලා wechat group එකක් හදන්න ඕන යැයි පැවසූ නිසයි ... පසුව ඔහු පැවසූ විදියටම හැමෝම දහවල් ආහාරය අරගෙන සෝල් වල ඇවිදින්න යන්න ලෑස්ති වුනේ ප්‍රැක්ටිස් පටන් ගත් පසුව හුස්ම ගන්නවත් වෙලාවක් නොඑන නිසයි .... පැය කීපයකින් රියදුරු ආයම ආ පසුව ඔවුන් ගියේ නම්සන් කුළුණ බලන්න ..... තරුණ පෙම්වතුන් පෙම්වතියන් පිරිලා ... හරියට කොරියන් කතාවක් වගේ වටපිටාවම .... දීපු පොකට් මනීත් ටිකක් වියදම් කරලා ආයෙම ඩෝර්ම් එකට ආවේ රාත්‍රී හතටත් කිට්ටු වෙන්න එද්දී ....
ඇගට තෙහෙට්ටුවක් වගේම ලොකු නිදිමතක් දැනුනත් හැමෝටම වගේ නිදාගන්න හිතුනෙත් නැත්තේ හිත සතුටින් පිරිලා නිසයි ... අද ඉදන් ජීවිතය වෙනස් වුනා ... ඉතින් දැන් හෙමීට මේ රටට සහ ඔවුන්ගේ සම්ප්‍රදයන්ට, ආයතන නීතිරීති වලට වගේම අනාගත ආර්ටිස්ට්ලා විදියට පටන් ගනන් වැඩ කටයුතු වලට අවධානය දීලා වැඩ කරන්න ඕනෙ ...
හත්දෙනාම එලියේ සෝෆාවේ ඉදගෙන තරු පිරුණු අහස දිහා බලාගෙන කතා කර කර හිටියේ අද වෙච්ච දේවල් ගැන සහ අනාගත වැඩකටයුතු ගැන ..
" කේට්ට නින්ද ගිහිං ..... "
" ඔව් එයා ෆ්ලයිට් එකේදිවත් නිදාගෙන ඇවිත් නෑනේ මහන්සි ඇති ... "
ලියෑන් ඇගේ උරට හේත්තු වෙලා නිදාගෙන ඉන්න කේට් දෙස බලමින් කියද්දී ගායුල් කිව්වේ ...
" එහෙනම් අපිත් යන් ... පාන්දර හතර වෙද්දී නැගිටින්න ඕනෙ .... අද විතරයි මෙහෙම පැය හයක් හරි නිදාගන්න පුලුවන් වෙන්නෙ ... ට්‍රෙයිනීස්ලා කාලේ තමා අමාරුම කාලෙ ... "
සියෑන් වෙලාව බලලා ඈනුමක් යවන ගමන් කියද්දී ඇගේ පෙම්වතා ඔවේන් ඇගෙ හිස අත ගෑවේ මූණේ හිනාවක් තියාගෙනමයි ...
" මේ මේ ජොන්ග් යී-ශී ට පේන්න එහෙම ඕවා කරන්නෑ ... "
" හරි බන් හරි ... "
යූවී හිනාවෙලා වුනත් සීරියස් මූනක් හදාගෙන කියද්දී ඔවේන් සියෑන් අතින් අල්ලගන්න ගමන් කිව්වේ ...
" අපි යන් නේද ... යූවී කේට්ව අරගෙන එන්නකෝ බර නෑනෙ එයා ... "
ලියෑන් සෝෆාවෙන් නැගිටින්න උත්සහා කරමින් කියද්දී යූවී කේට්ව උස්සලා හරහට වඩාගෙන ගිහිං ඇගේ ඇදෙන් තියලා ආයෙම ඔහුගේ කාමරයට ගියේ ඔවේන් ප්‍රධාන දොර අගුලු දාගෙන එද්දී ....
ජොන්ග් යී උදේන්ම ඇවිත් හැමෝවම හයිබි ජිම් එකට ඇරලවලා ඔවුන්ව කෝච්ස්ලට හදුන්වලා දීලා ගියා .... ප්‍රථමවතාවට කවුරුන්ව හෝ ඔවුන් හමුවනවා නම් අනිවාර්‍යෙන් ජොන්ග් යී ඔවුන් එක්කම හිටියා .... ඩෝර්ම් එකටම ඩාන්සින් ට්‍රෙයිනර් මියුසික් ට්‍රෙයිනර් වගේම කොරියන් උගන්වන්න ගුරුවරයෙකු ආව නිසාම ඔවුන් හයිබි එකට ගියේ පාන්දර ජිම් එකට යන්න විතරයි ... ෆ්‍රී ටයිම් ටිකක් එහෙන් මෙහෙන් සෝල් වල ඇවිදින්න ගියත් ඒක පැයකට වඩා වැඩි වුනේ නෑ .... අවුරුද්දකින් ඔවුන්ව හදුන්වා දීම ( ඩෙබියුට් ) එක තියෙන නිසා පැය ගණන් එක දිගට ඔවුන්ට ට්‍රෙයින් කරන්න වුනේ අනෙක් අයට වඩා දෙගුණක් විතර වැඩියෙන් .... ගෑණු ලමයින්ට periods හැදුණු කාලෙත් ඔවුන්ට නොනවත්වාම practice තිබුණ නිසා ඔවුන් හිටියේ හැමදේම දාලා ගෙදර දුවන්න හිතිලා ....
.
.
.
Time skipped ~
ප්‍රැක්ටිස් කරලා කරලා මහන්සි නිසාම ලියෑන් රූත් ඔවේන් ඩාන්ස් ස්ටූඩියෝ එකේ ටයිල් පොලවෙ වැතිරිලා , යූවී දෙඅත් පිටිපස්සට තියාගෙන කකුල් දිග ඇරගෙන ඉදගෙන හයියෙන් හයියෙන් හුස්ම ගනිමින් හිටියේ ... ගායුල් නම් ඒ දීපු බ්‍රේක් එකේ අයිනකට ගිහිං නිදි .... සියෑනුයි කේටුයි ඒ කරපු ස්ටෙප් එකක් ගැන ට්‍රෙයිනර් එක්ක කතා කර කර හිටියේ .. ඒත් එක්කම පහල මහලේ දොරත් ඇරගෙන ආවේ ජොන්ග් යී .... හැමෝම ඔහුව දැක්ක ගමන් හුන් තැන් වලින් නැගිටින්න හදද්දී ඔහු අතින් සන් කලේ ඉදගෙනම ඉන්න කියලා ... කේට් ඉක්මනින්ම ගායුල්වත් නැගිට්ටවගෙන අනිත් අය හිටපු තැනින්ම බිමින් ඉගනිද්දී ජොන්ග් යී ත් ඔවුන්ට ඉස්සරහින් බිමින් ඉදගත්තා ...
" ඉතින් කොහොමද හැමෝටම ... "
" හොදින් ඉන්නවා ජොන්ග් යී-ශී ... "
" ක්(අ)රේ .... මන් ආවේ ඔයාලගේ සෙඩ්ඩූල් එකේ වුන වෙනස්කමක් ගැන කතා කරන්න ... ඔයාලාගේ සෙඩ්ඩූල් එක ටිකක් ටයිට් වෙනවා හෙට ඉදන් ... වර්ක් ශොප් වගේම ඔයාලව අලුත් සිංදුවක බැක්අප් ඩාන්ස්සර්ස්ලා විදියට අරගෙන තියෙනවා ... "
ඔහු හිනාවෙලා කියද්දී හැමෝටම දැනුනේ පුදුම සතුටක් ....
" ඉතින් හෙට ඉදන් ඔයාලා ඉන්නේ හයිබි අඵාත(අ) ( අපාර්ට්මන්ට් ) එකේ.. .. "
" මොව් ... "
ඔහු එකපාර කියූ දේ අදහන්නත් බැරි වෙද්දී රූත් ඇහුවේ දෙඇස් ලොකු කරගෙන ...
" දේ .... ඔයාලගේ විතරක් නෙමෙයි අනිත් ආර්ටිස්ට්ලත් සෙඩ්ඩූල් ටයිට් වෙද්දී නවතින්නේ එහෙ ... නැත්තම් එයාලටත් වෙන වෙන ඩෝර්ම් තියෙනවා .... "
" අරස්සෝ .... "
රූත් අහපු දේට ඔහු හිනාවෙවී උත්තර දෙද්දී ඇය කිව්වේ ....
" ඔක්කොම ඇදුම් ගන්න ඕන නෑ .... එහෙත් අපි ඔයාලට වෙනම ඇදුම් තියලා තියෙනවා ... ටිකක් විතරක් ගන්න ... හෙට උදේ දහයට විතර වාහනේ ආවම ඔයාලා එන්න ... මන් ඔයාලා හයිබි එකට ආවම පහලට එන්නම් ... මට වැඩ ටිකක් තියෙනවා ... "
" ක්(අ)රේ ජොන්ග් යී-ශී .... "
ලමයි හැමෝම වගේ කියද්දී ඔහු හුන් තැනින් නැගිට්ටම හැමෝම නැගිට්ටා ...
" එහෙනම් අදට ඇති ප්‍රැක්ටිස් කරා ... ජූන් කී මන් එක්කම යන් .... "
ඩාන්ස් ට්‍රෙයිනර්ට කියාගෙනම ජොන්ග් යී යද්දී ඔහුත් ලමුන්ගෙන් සමු අරගෙනම පිටත් වුනා ....
හැමෝම හිටියේ පුදුම තරම් සතුටකින් .... මෙහෙ ඉන්නවට වඩා හයිබි එකේ අපාර්ට්මන්ට් එකේ ඉන්නයි හැමෝටම ඕන වුනේ .... කට්ටිය මහන්සියටයි සතුටටයි දෙකටම සෝජු බොන්න ගත්තේ එලියේ සෝෆාවේ ඉදන් ... අජුම්මා රෑට කෑම හදලා ගිය නිසා බයිට් එකට ෆ්‍රයිඩ් චිකන් හැදුවේ කේට් .... හෙට ජිම් එකටත් යන්න නැති නිසා හය විතර වෙනකන්ම නිදාගන්න පුලුවන් හින්දම කට්ටියම එකොහලත් පහු වෙනකන් සෝජු බිව්වා ....
.
.
Next day morning ~
වාහනය උදේ එද්දී හැමෝම ලෑස්ති වෙලා බඩු බෑග් එක බැගින් තියාගෙන එලියට වෙලා හිටියේ .... ඒනිසාම ඔහු ආපු ගමන්ම වගේ හයිබි එකට පිටත් වුනා .... ඔවුන් හත් දෙනා හයිබි එක ඉස්සරහින් බැස්සේ වාහනය බිම් මහලට යද්දී ... ඔහු බෑග් හත සේවකයින් අතේ ඔවුන්ගේ නිවෙසට යවන නිසා හත්දෙනාම ඇතුලට ගියේ දැන් ඔවුන්ව හැමෝම වගේ දන්න නිසා ...ඔවුන් හැමකෙනාටම කී කාර්ඩ් එකත් , බිග්හිට් පාස් එකත් තිබ්බ නිසාම මුලින්ම එද්දී ආපු චකිතයක් දැන් ඔවුන්ට තිබුණෙ නෑ ....
ලියෑන් දුරකථන ඇමතුමකින් ජොන්ග් යී ට ආ බව පැවසූ පසුව ඔහු එනතුරු හත්දෙනාම ලොබි එකේ සෝෆාවකින් ඉදගත්තේ අපාර්ට්මන්ට් තියෙන ෆ්ලෝර් නම්බර් එකවත් ඔවුන්ට වෙන් කරලා තිබුණ නිවෙස ගැනවත් දැනන් හිටියේ නැති නිසයි ....
" අහ් මේ මැගසින්ස් .... ඔක්කෝගෙම ඒවා තියෙනවානේ ... "
සියෑන් Gfriend ලාගේ මැගසින් එකක් අතට ගන්න ගමන් කියද්දී හැමෝම තවත් මැගසින් අතට අරගෙන ඔහේ පෙරලන්න ගත්තා ...
" දවසක අපෙ ඒවත් මෙතන තියෙයි ... "
" අහ්හ්හ් අර ..."
ගායුල් කියනවත් එක්කම හැමෝම බැලුවේ රූත් පෙන්නපු පැත්ත ....
" දෙ...යි....යනේ .... බී.... ටී...එස් ..."
එදා වගේම කලබලයෙන් කලබලයෙන් හයිබි එක ඇතුලට එන ... BTS ලව දකිද්දී ඔවුන් බලාගෙන හිටියේ දෙඇස් ලොකු කරගෙන ....
හත්දෙනාම බැස්සේ එකම වාහනයකින් නිසා ඔවුන් හත්දෙනාම එකට හිටියේ ... කලබලයෙන් වගේ ඇතුලට ආවත් කී කාර්ඩ් එක ප්‍රෙස් කරලා ඇතුලට ආවට පස්සේ එයාලගෙ කලබලගතිය නැති වුනා ... හත්දෙනාම හිටියේ සාමාන්‍ය විදියට ඇදලා .. දාගෙන හිටපු මාස්ක් ඇතුලට එනවත් එක්ක ගලවපු නිසා හැමෝගෙම මූනවල් පැහැදිලිව පෙනුනා ... ජේහෝප්ගෙ කොන්ඩෙ බ්ලොඩ් කරලා, ජිමින්ගේ අලුපාටයි, වීගේ දුඹුරුපාටයි අනිත් හතර දෙනාගෙම කොන්ඩෙ කලුපාටයි ...
ඔවුන් හත්දෙනාම හිනාවෙවී ඔවුන්ගේ ඉදිරියට එන ස්ටාෆ් එකේ අයට ලාවට හිස නවන ගමන් එකිනෙකා කතා කර කර ගියේ .. ඔවුන්ට පිටිපස්සෙන්ම සේජිනුත් හිටියා ...
අර හත්දෙනා ඔවුන් දිහා බලන් හිටියේ ඉහලට ගත් හුස්මත් පහලට නොදාමයි ... එයාලට පෙනුනේ හිරු එලිය ඇතුලෙන් මතුවුනු දේවදූතයෝ හතක් වගේ .... නිකන් ෆිල්ම් වල නලුවා එද්දී සිංදුවක් යනවා වගේ ඔවුන්ට දැනුනේ.... ඒ තරම් ලස්සනයි .... ඔවුන් ඉදිරියෙන්ම වගේ bts මෙම්බර්ස්ලා යද්දී ජිමින් ඔවුන්ව අහම්බෙන් වගේ දැකලා ඔහු ලාවට හිනාවෙලා හිස නවාගෙනම අහක බලාගත්තා .... ඔවුන් කෙලින්ම ගිහිං නැවතුනේ ලොබි එකේ මැද හරියේ තිබුණු විදුලි සෝපානය ලග ....
ස්ටාෆ් එකේ අය ඇරෙන්න ලමයි හත්දෙනාගේ දෙඇස් තාමත් තිබ්බේ bts දිහාවට .... තාමත් කට්ටියගෙම හුස්ම හිරවෙලා වගේ .... ඔවුන් ලගින් ආව විලවුන් සුවද නිසා මුලු ලොබි එකම සුවද වෙලා ගියා ...
" මාව මැරෙන්න වගේ .... "
විදුලි සෝපානයට යන bts මෙම්බර්ස්ලා දිහා බලාගෙන මෙච්චර වෙලා හුස්ම හිර කරන් වගේ හිටපු රූත් කියද්දී කට්ටියවම මෙලෝ සිහියට ආවේ ....කෙල්ලෝ ටික වගේම කොල්ලෝ ටිකත් බය වෙලා වගේ හිටියේ ඔවුන්ව දැකලා.... ඇත්තටම පින්තූරවල දකිනවට වඩා සියගුණයක් විතර ලස්සනයි ... මොනමොනවදෝ කියව කියව ජින් හිනාවෙද්දී ලොබි එකම ඒ හිනාවෙන් පිරිලා ගියා.... කේට්ගෙ ඇගේ තාමත් රෝම කෙලින් වෙලා වගේ... එයාගේ බයස් ජින් ...ඉතින් එයා තමන් ඉස්සරහින් මෙහෙම ගිය එක !!!!! ... හීනයක් වගේමයි දැනුනේ ....
" එයාලගෙ ලස්සන.... දේවදූතයෝ වගේ නිකන් ... දැක්කද ජිමින් අපිව දැක්කා..."
" ශ්ශ්ශ්ශ් .... රූල්ස් මතකනේ ... "
ඔවේන් හඩ බාල කරලා රූත්ට කියද්දී එයා මූණත් එක්ක ඇඹුල් කරන් කේට් දිහා බැලුවේ ...
" අපි ආර්මිලා වෙලත් bts ලා අපේ ඉස්සරහින් යද්දී මෙහෙම ඉදන් හිටියේ ඒ නිසා තමා අයියෝ ....නැත්තම් මන් මගේ වී කොල්ලගේ කරේ ... "
ආයෙම රූත් දෙඇස් උඩට උස්සගෙන කියද්දී කේට් ලාවට හිනාවුනේ තාමත් ඇග ගැහෙනවා වගේ නිසා හිනාවෙන්නත් සිහියක් නෑ නැති නිසයි ....
ටිකකින් ජොන්ග් යී ආවම හැමෝම ලොබි එකේ අයිනෙ තිබුණූ වීදුරු විදුලි සෝපානයට ගොඩ වුනා ... එකොලස්වන බට්න් එක ප්‍රෙස් කරන පමාවට ඔවුන් විනාඩියක් පමණ කාලෙකින් ඒ තට්ටුවට ඇවිල්ලත් ඉවරයි .....
විදුලි සෝපානයෙන් බහිද්දිම වගේ තිබ්බේ දෙපැත්තට වෙන්න වෙන් කරපු නිවෙස් ... දැකපු ගමන් හැමෝටම මතක් වුනේ අනන්තයෙ ආ තරු කුමරා කතාවේ නිලියගේ අපාර්ට්මන්ට් එක ....
ඔවුන්ගේ වම්පසින් අයිනෙන්ම තිබුණු දොරේ තිබුණේ හිස් නේම් ටැග් එකක් අනිත් නිවෙස් වලට තියෙන පරතරේ බලද්දී එතන තිබුණේ කුඩා පරතරක් .... දකුණු පස දොරේ TXT කියලා ගහලා ... ආයෙම ටික දුරක් ගිහිං වම්පැත්තේ දොරේ ගහලා තිබ්බේ BTS ... ඒක දැක්කාම නම් කෙල්ලො ටිකගෙ හිත් ගැස්සුණා ... BTS නිවෙස ඉවර වෙනවත් එක්කම ඒ පැත්තේ තිබ්බේ පඩිපෙල .. ඊට එහාපැත්තේ විදුලු සෝපානයක් ... ඊට එහාපසින් තිබ්බේ තවත් නිවෙසක් .... ඒකෙ ගහලා තිබුණේ TDH ඒ බිග්හිට් එකෙන් ඔවුන්ගේ ගෲප් එකට දාපු නම .... ඒ කියන්නෙ මේ ඔවුන්ගෙ නිවෙස !!!! ... ඒ නිවෙසට එහාපසින් අනිත් විදුලි සෝපානයට මුහුණලාම තවත් විදුලි සෝපානයක් තිබ්බා ... ඔවුන්ගේ නිවසේ දොරට ඉදිරියෙන් ටිකක් එහාට වෙන්න තිබ්බෙ TRAINEE A කියලා ගහපු ටැග් එකක් .... TXT සහ TRAINEE A කියන නිවෙස් දෙක අතර තිබ්බෙත් හිස් නේම් ටැග් එකක් තියෙන නිවෙසක් ... ඒකත් මුලින් දැක්ක නිවෙස වගේ කුඩා එකක් .... පඩිපෙල ලග උඩම " BIGHIT ARTIST" කියලා ගහලා තිබ්බා ...
" ජොන්ග් යී-ශී .... "
" වේ ... "
" එතකොට අනිත් ආර්ටිස්ට්ලා ... "
" එයාලට වෙනම ෆ්ලෝර් එකක් තියෙනවා මේකේ ඉන්නේ Bighit artists ලා විතරයි ..."
ඔවේන් ඒ නම දිහා බලාගෙන අහද්දී ඔහු පිලිතුරු දුන්නේ පාස්වර්ඩ් එක අනිත් අයටත් මතක හිටින්න ටයිප් කරන ගමන්මයි ....
ජොන්ග් යී දොරේ පාස්වර්ඩ් එක ගහලා නිවෙසට ගිහිං හැමෝවම පිලිගත්තා ... ඔවුන් නිවෙසට එද්දීත් බෑග් හතම සෝෆා එක ලග ....
නිවසේ දොරේ ඉදන් අඩි දහයක් විතර ගිහිං පඩි තුනකින් බහින්න ඕනෙ ... නිවසෙ තිබ්බේ පඩි තුනක් බිම් මට්ටමින් .... විශාල සාලයක් ... ඊට වම්පසින් කුස්සිය ... එයත් ඩෝර්ම් එකේ වගේම සාලෙම තියෙන කුස්සියක් ... ඉන්පසුව පිලිවෙලට කාමර හතරක් මුහුණට මුහුණලා තිබ්බා .... කුස්සියට එහාපසිනුත් කාමරයක් ඒකෙ නම් හයිබි එකෙන් ඔවුන්ට ගෙනත් තිබ්බ ඇදුම් සහ සපත්තු ටිකක් තිබ්බෙ ....
.
.
.
" මේ මට තනි කාමරයක් ඕනෙ .... "
" ඔයාට තනි කාමරයක් දෙන්න බෑනේ .... මේ කපල් එක නිසා මන් හැමදාම වගේ සෝෆා එකේ හිටියේ ... "
ගායුල් බෑගයත් අරගෙන කියද්දී යූවී ඔරවගෙන වගේ කිව්වේ සියෑන් සහ ඔවේන් දිහා බලාගෙන ....
සියෑන් - " ඔයාට මොකටද තනි කාමරයක් ... "
ලියෑන් - " මෙයා ගේම් ප්ලේ කරනවනේ රෑ වෙනකන් ඒකයි .... හරි ඉතින් මෙහෙම කරමු ... මමයි කේටුයි රූතුයි එක කාමරයක ඉන්නම් .... ඔයයි සියෑනුයි එකකට ඉන්න ... මෙයා කොහොමත් රෑට ඔවේන් අයියගේ රූම් එකට යනවනේ .... "
ගායුල් - " අන්න පට්ට අයිඩියා එක ....හා ..."
ගායුල් කොල්ලෙක් වගේ කෑ ගහලා කියද්දී සියැන් නම් හිටියේ ලැජ්ජාවෙන් ....
ජොන්ග් යී කැමති විදියකට කාමර බෙදාගන්න කිව්ව හින්දම කට්ටියම ඕන ඕන විදියට කාමර බෙදාගත්තේ ... එක කාමරයක එක එක ඇදුම් පුරෝලා තිබ්බා ... ඒ හයිබි එකෙන් දීපුවා ....
හවස් වෙලා රිලීස් කරන්න තියෙන අලුත් සිංදුවේ ඩාන්ස් ප්‍රැක්ටිස් තියෙනවා කිව්ව නිසා කට්ටිය ඉක්මනින් ඇදුම් අස් කරලා ඇදට ගියේ අද රෑ එකොලහටවත් එන්න හම්බෙන්නෙ නැති බව ජොන්ග් යී කිව්ව නිසයි ...
To be continued .....
————————————————