Alone? ( KNJ )

By Realmeiuj

299 62 58

තනිවම ? More

1
2
3
4
5

6

50 9 22
By Realmeiuj

ජන්කුක්ගේ ගෙදර හිටිය සෝහා ඇස්වල කදුලු ඔහේ ගලන් යන්න ඉඩ දීලා එලියට  දීවේ නම්ජූන්ට කෝල් කරන ගමන්මයි...

පාරේ ටික දුරක් යද්දි හම්බුන නම්ජූන්ගේ බයික් එකේ නැගලා සෝහා ගෙදර ගියේ කාර් එකේ ඩ්‍රයිවර්ට ජන්ග්මිව ගෙදරට ගිහින් දාන්න කියලා..

සෝහා නම්ජූන් එක්ක ගියේ එයාගේ පරන ගෙදරට..
එයයි අප්පයි එකට හිටපු ගෙදරට..
පොඩි කාලේ අප්ප එක්ක ගත කරපු කාලෙ  මතක එකින් එක මතක් වෙද්දි තමන්ව බදාගෙන අඩන සෝහා දිහා පැති කණ්ණාඩියෙන් බලන ගමන් නම්ජූන් පුලුවන් තරම් වේගයෙන් බයික් එක පැද්දා..

සෝහාට ඕන වුනේ පුලුවන් තරම් ඉක්මනට අප්පා ගාවට යන්න ..
තව මොහොතක්වත් එයාගෙන් ඈත් වෙන්න සෝහාට ඕන වුනේ නෑ...

ගෙදර ගාවට ආව නම්ජූන් සෝහාට කතා කරද්දියි සෝහා හරි සිහියට ආවේ..

" කුමවෝ ජූන් "

නම්ජූන්ට ස්තුති කරන ගමන් ගෙදර දොර ගාවට අඩියට දෙකට ගිය සෝහා දොරට තට්ටු කරන්න හදද්දි එයා තත්පරයකට නැවතුනා..

' අප්පා මාත් එක්ක තරහද...? සෝහා මෙච්චර වෙලා අප්පව බලන්න තිබ්බ හදිස්සිය කෝ... වැරදියි කියලා හිතෙනවා නම් සමාව ඉල්ලන්න තවත් පරක්කු නොවී... '

හිතත් එක්ක පෙරලි කරන ගමන් හිටිය සෝහා දොරෙන් අඩියෙන් අඩිය පිටිපස්සට ආවේ නොදැනුවත්මයි...

සෝහා නැවතුනේ නම්ජූන් එයාගේ අත අල්ලගනිද්දි...
සෝහා දිහා එක එල්ලේ බලන් හිටපු නම්ජූන්ගේ ඇස් කීවේ ඔයාට මේක පුලුවන් සෝහා කියලයි...

සෝහාගේ ඇගිලි අතේ පටලවගත්ත නම්ජූන් ඉස්සරහට ගිහින් දොරට තට්ටු කරා..

" කවුද..? "

" ජෙඔන්ශි.."

" අප්පා.."

" සෝහා "

සෝහා දැකපු ජෙඔන්ගේ ඇස් දිලිසුනේ කදුලු වලට කියලා නම්ජූන් වගේම සෝහත් දැක්කා..

සෝහා ලගට යන්න හැදුවත් ජෙඔන්ට මතක් වුනේ සෝහා ගෙදරින් යන්න කලින් දවසේ කීව දේවල්...
ඒ වචන ඔලුව ඇතුලේ ආයේ ආයේ ආයේ අහෙද්දි සෝහා ලගට යන එක හරිද කියලා ජෙඔන්ට විනාඩියකට සැක හිතුනා...

ඒ එක්කම සෝහා අප්පව බදාගත්තේ ජෙඔන්ගේ සැකය නැති කරලමයි..

" අප්පා මියන්හේ.. මම .. මට සමාව දෙන්න වටින්නේ නෑ..."

" සෝ ... අඩන්න එපා අරසෝ ... ඔයා සමාව ඉල්ලන්න ඕනේ නෑ ඔයා වැරද්දක් කරේ නෑනේ.. අරස්සෝ.. සෝ .. කෝ බලන්න.. මගේ කෙල්ල අඩද්දි කැතයි ... අඩන්න එපා සෝහා.. අප්පා ඉන්නවානේ.."

සෝහාට අඩන්න එපා කීවත් ජෙඔන් පවා ඇඩුවා..
අප්පට දුවටයි අඩන්න දීලා නම්ජූන් පැත්තකට වෙලා හිටියා...

කාලෙකට පස්සේ අප්පයි සෝහයි එකට කෑමක් ගත්තේ නම්ජූන්වත් එකතු කරගෙන...

ජෙඔන්ශිගේ අකමැත්ත උඩ වුනත් සෝහා ජෙඔන්ව එක්කගෙන ගියේ හරබොජිගේ බංගලාවට...

සෝහාව බලාපොරොත්තුවෙන් දොර ඇරපු හැල්මොනි ජෙඔන් දැකලා පුදුම නොවුනත් සතුටින් එයාවත් පිලිගත්තා...

හැල්මොනියි අප්පයි සාලේ කතා කර කර ඉද්දි සෝහා උඩ තට්ටුවට ගියේ හරබොජිව හම්බ වෙන්න...

" හරබොජි "

" පුදුමයක් නෑ මම බලාපොරොත්තු වුනා මෙහෙම දෙයක්...  මම හිතනවා ඔයාගේ ඔම්මටත් ඔහොම හයියක් තිබ්බනම් ... "

" හරබොජි එතකොට.. "

" එකම වැරද්ද දෙපාරක් කරන්න මට වුවමනා නෑ.. මමයි හැල්මොනියි නැති  දවසක ඔයා තමා මේ දේවල් බලාගන්න ඕනේ ... ඉතින් ඔයා කැමති දෙයක් කරන්න සෝහා .. "

" කුමවෝ හරබොජි... "

සෝහා දුවන් ගිහින් හරබොජිව බදාගෙන ටික් වෙලවක් යද්දි හරබොජි උගුර පෑදුවේ දැන් ඇති කියන්න වගේ..

හරබොජිගෙන් ඈත්වුන සෝහා හිනාවක් දාලා පුලුවන් තරම් වේගයෙන් පහලට දීවේ අබොජිව හම්බ වෙන්න..

" අබොජි... ඔයාට අපිත් එක්ක මෙහෙ ඉන්න පුලුවන්... "

" සෝහා මොනාද ඔයා මේ කියන්නේ..? "

" යප් ඇත්ත ... අනේ අප්පා බෑ කියන්න නම් එපා හරබොජිවත් කැමති කරගත්තේ මාර ගේමක් දීලා.. "

ඒ කීව දේ අහගෙන හිටපු හරබොජිගේ ඉඩ තට්ටුවේ ඉදන් සෝහා දිහා බැලුවේ ඒ මොකක්ද ඒ කීවේ වගේ මූනකින්..

" ආ ඒතරම් ගේමක් දුන්නෙත් නෑ අනෙ.. අනේ අබොජි ඉන්න අපිත් හාද හා හා නේ.. "

සෝහා ඇස් දෙක බෝල කරගෙන අබොජිගෙන් අහද්දි උත්තරයක් දෙනවට වඩා ජෙඔන් සතුටු වුනා..

" අපි හිටපු ගෙදර..? "

" ම්ම්ම්.. අපි එක විකුණමු නැත්නම් රෙන්ට් එකට දෙමු ... එක්කෝ එහෙම්ම තියෙන්න අරිමු නිවාඩුවකට ඒ පැත්තේ ගිහින් එන්න.. 😁 "

" අබොජි හා කියලා කියන්නකෝ... "

" අරස්සෝ... සෝහා.. "

" යේ අබොජි කැමතිවුනා.. කැමැති වුනා.. "

සතුට වැඩිකමට සෝහා අබොජිව උස්සලා වටේ කැරකුවා...

වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරිව ජෙඔන් පුදුමවෙල හිටියේ... සෝහා තමන්ව උස්සන් ඉන්නවා කිසිම ගානක් නැතුව...

ටික වෙලාවකට පස්සේ තමා සෝහට ඒක තේරුනේ.. අබොජිව හෙමින් බිමින් තියලා පුංචි බලු පැටියෙක් වගේ අබොජි දිහා බලාගෙන හිටියා..

"අබොජි , මට කියන්න දෙයක් තියෙයි , හැබැයි ඒක අහලා ඔයා මෙහේ ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන්න ඔයා කැමතිනම් විතරක් මම බල කරන්නේ නෑ.. "

" මොකක්ද සෝහා.. ? "

" මම, හැල්මොනි, හරබොජි, ජූන් ඒ වගේම ඔම්මා පරිවර්තනය නොවුනත් අපි හැමෝම මිනිස් වෘකයෝ... අබොජි "

" මම දන්නවා සෝහා...   ඔම්මා මට ඕක කීවේ ඒ කාලෙදිමයි... ඔයා වෘකයෙක් නෙමේ මකරෙක් වුනත් මට තාමත් මගේ පුංචි දුව සෝහමයි... අරස්සෝ.. "

සෝහා ගේ කොණ්ඩේ අවුස්සපු ජෙඔන් කීවේ සෝහාගේ හිතේ තිබ්බ කනස්සල්ල නැති කරලා..

" තව එක දෙයක් තියෙයි කරන්න.. 🙃 "
























කෑම හදලා තිබ්බ පුංචි මේසේ වටේ සෝහයි අබොජියි ජන්කුක් වගේම එයාගේ ඔම්මයි ඉදගෙන හිටියේ කිසිම දෙයක් කතා කරන්නේ නැතුව..

" මොකක්ද අනේ ඔයාලා කෑම එකදිහා බලාගෙන භාවනා කරනවද.. ? ඔයාලා ආපු කාරණාව කතා කරගන් නැත්නම් අයින් වෙන්න මට කෑම ටික කන්න.."

සෝහා කතාව පටන් ගන්න හෙමින් ඔලුව උස්සන්න හදද්දි හැමෝමව බය කරලා සෝහව පැත්තකට කරලා කෑම මේසය ලගට ආවේ ජන්ග්මි...
ලොකු බිත්තර රෝලෙන් කටක් කන්න හදද්දිම .. බිත්තර රෝල කෙසේ වෙතත් සෝහගෙන් හොද ටොක්කක් නම් කෑවා...

" මෙතන ඔයාගේ කොල්ලා ඉන්නවා කියලා මගෙන් බේරෙන්න හිතන්න එපා ජන්ග්මියා... කෑවනේ මූඩ් එක.. ආ මේකම තියාගෙන කනවා.. "

බිත්තර රෝල් පිගානම ජන්ග්මිගේ අතට දෙද්දි සෝහා දැක්කේ නෑ තවත් කරදරයක් ලග එනව කියලා..

" යාහ් ජන්ග්මි ... සෝහා ඔයා කාගෙන් අහලද සේරම එයාට දුන්නේ ... මටත් ඕන දෙනවා ඕක මෙහාට.. ජන්ග්මි දුවන්න එපා ඉන්නවාආ.... "

ජන්ග්මි කටේ කෑම තියාගෙන පිගානත් අරන් ගේ වටේ දුවන්න ගත්තේ ක්ෂණිකයෙන්...
ජන්ග්මිටම ගැලපෙනම කෙනා..

" හා හා ජන්ග්කුක් මම ඔයාට තව ඕනෙනම් හදලා දෙන්නම් ඔය ළමයට ඉන්න දෙන්න.. "

හිනාව අතරෙන් ජන්ග්කුක්ගේ ඔම්මා කතා කරද්දි ජෙඔන් හිනා වුනෙත් ජන්ග්මිගෙයි ජන්කුක්ගෙයි කෝලම් දැකලා..

" අබොජි... ඔම්මා... ඔය දෙන්නගේ හිතේ මොනවා තියෙනවද කියලා මම දන්නේ නෑ.. ඒත් කියන්න තියෙන දෙයක් අද කියන්න... මමත් මෙතනින් යන්නම් ඔයාලා නිදහසේ කතා කරන්න.. "

" සෝහා.. "

ජෙඔන් වගේම ජන්කුක්ගේ ඔම්මත් එකපාරටම සෝහාට කතා කරද්දි සෝහා කට කොනින් හිනා වෙලා ගියේ ජන්ග්මිගෙයි ජන්කුක්ගෙයි වලිය බේරන්න..

කෑම මේසේ තිබ්බ නිශ්ශබ්දතාව සමහර වෙලාවට බිදුනේ.. ඇතින් ඇහෙන මර ලතෝනි නිසා විතරයි...
මෙහෙම ටික වෙලාවක් ගත වුනා....























කට්ටිය වලිය බේරගෙන ඇතුලට එද්දි ජෙඔනුයි ජන්කුක්ගේ ඔම්මයි හුග කාලෙකින් දැක්කේ නැති ස්කොලේ යාලුවෙක් එක්ක කතා කරනවා වගේ හිනා වෙවී කතාව...

සෝහා ජන්ග්කුක් මූනෙන් මූන බලාගෙන ඉද්දි ඒ දෙන්නගෙම හිතේ තිබ්බ සතුට ඒ එකවගේ ඇස් වලින් කියන්න ජන්ග්මිට පුලුවන් වුණා...
පිටිපස්සේ හිටපු ජන්ග්මි දෙන්නවම ඇතුලට තල්ලු කරේ මෙච්චර වෙලා කතා කර කරා හිටපු යාලුවෝ දෙන්නගේ අවධානේ ඒ දෙන්නට එද්දි...

" අබොජි..

" ඔම්මා..

" අපි කැමතියි ඔය දෙන්නා එකට ඉන්නවනම්.. "

" ම්වෝ.. ?

" ජන්ග්කුක් සෝහා මොනාද ඔයාලා මේ කියවන්නේ.. ? "

" අපි දෙන්නම දැන් ලොකුයි අපිට අපිව බලාගන්න පුලුවන් ඉතින් .. ඔයාලා අපි ගැන හිතන් නැතුව ඔයාලා ගැන හිතන්න.. ඔයාලා දෙන්නා තාමත් ඔය දෙන්නට ආදරේ ඇති... අබොජිගේ හිතේ කොහෙහරි තැනක තාමත් කැමැත්තක් ඇති... ඒ හින්දා ඔය දෙන්නා ආපහු එකතු වෙනවනම් අපි කැමතියි... "

" ඔයාලා ගැන හිතල ඒ තීරණය ගන්න බැරි නම් අපි ගැන හිතලා ගන්න.. අපිට අපි ගැන බලාගන්න පුලුවන් තමයි.. ඒත් ඔයාලා මේ තීරණය ගත්තොත්.. සෝහට ඔම්ම කෙනෙක් වගේම මට අබොජි කෙනෙකුත් හම්බ වෙනවා.. "

ජන්ග්කුක්ගේ වචන වලට දෙන්නම ගැස්සුනා.. මොකද ඒ ගැන වරදක් ඒ දෙන්නටම කියන්න බැරි නිසා...

" ඔම්ම වුනත් කැමති වුනේ ඒකට අබොජි ඒක හොදටම දන්නවා නේ   ... "

" ඔයාලා තීරණයක් ගන්න හොදට හිතලා."























_________________________________________

🙃
මේ දවස්වල මගේ ආසම එමොජි එක..
අදහස් / උදහස් කමෙන්ට් කරන් යන්න..

මම යනෝ ආයේ මාසෙකින් විතර හම්බ වෙමුකෝ නේ ..



Vote
Comment

Bye
See you

~•~Realmeiuj~•~











Continue Reading

You'll Also Like

125K 23.1K 51
❤️.... සංසාර ගත වෛරයක් ...හ්ම්ම් ..එහෙම හිතමු... මම එහෙනම් ඔයාව දකින්න එනවා මිස්ටර් යීබෝ ... ලෑස්තිවෙලා ඉන්න මගේ අය වෙනුවෙන් විදවන්න්..... 💚...
110K 12.8K 65
လူတွေမသိတဲ့ ငါ့ရဲ့နောက်ပုံစံတစ်မျိုးကို ငါကိုယ်တိုင်တောင်အံ့ဩတယ်...
24.7K 3.6K 29
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️
50.5K 5K 28
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...