නිතේශ් ........
මම එයාව එතනම දාලා එන්න හැදුවා වගේම යන්තමට වගේ ටවල් එක ඉනේ අටවන් උන්න එයා මගෙ කකුල් වල එල්ලිලා එයාව දාලා යන්න එපා කිවවා.....එයාට ගානක් නෑ....ඇගේ නූල්පට නැති උනත් ලැජ්ජාවක් නෑ.....හැගීමක් නෑ...
තෝ නිර්වස්තරෙන්ද මගෙ පස්සෙන් එන්න හදන්නෙ...කරුනාකරලා මට මගෙ පාඩුවෙ ඉන්න දීලා උඹ උඹගෙ පාඩුවෙ ඉදපන් විතේන් .මම ලේසියකට කට අරින එකෙක් නෙවෙ ....හෙන ගැහුවත් මම දරන් උන්නා...හැබැයි......අද...අද ඒ හැම දේම ...උඹ...උඹම නැති කරල දැම්මා......උඹව මට ආයම ඕන් නෑ විතේන්.....මට ආය උඹව ඕනෙම නෑ....
මම එයාව තල්ලු කරලා ඇරියා........එයා එහෙම්ම අඩනකොට මම දොරත් දඩස් ගාලා වහලා දලා එලියට ආවා...මට වේදනයි....පන කියපු කටිම්ම ඒ මූන බලන් කුනුහර්ප වපුරපු එකට මට උහුලන්න බැරි තරමට දුකයි. ....ඒ උනත්.....පන දීපු අම්මම මගෙ ජීව්තේ කාලා දාලා මරලා දැම්මා වගේම....මැරිලා ගිය මට ආයම හුස්ම දීපු විතේන්ම මාව නැති කරල දැම්මා කියන එක පපුවට දැනෙන කොට මම අන්තෙටම අසරන උනා....
තේශි අනේ නවතින්න....අනේ නවතින්නකො....තේශී ....
එයා කකුලට සෙරෙප්පු දෙකක් වත් නැතිව බාච්චු ඇදුමක් ඇදන් හිගන පැටියෙක් වගේ මගෙ පස්සෙන් දුවන් එනවා දැක දැකම මම කාර් එකට නැග්ගා....
තේ ...ශි .සුදු ....අප්පො......යන්න...එපා...මගෙ...නිතේශ් .....අනේ ...මේක අරින්න ..අනේ ....හ්...අනේ ..නි.....තේ...ශ්....
දාලා යන්න...එපා...නිතේ....ශ් ....
එයා අඩනවා ...යන කාර් එකේ දොරේ එල්ලීගන ශටර් වලට ගගහා අඩනවා.......මගෙ ඇස් වලින් අනන්තවත් කදුලු වැටුනත් මම එයා නවතින්න කියන එක අහ අහම එන්න එනකොට එයා වැටි වැටිම කාර් එක පස්සෙන් පන්නන් ආවා....
කොල්ලව වැටුනා මහ පාරෙ මුනින් අතටම.........
මට පපුව පැලෙන්න දුකයි.....ඒ මූනෙ කදුලු දැක්කම මට දුකයි ..මොකද එයා මාව පාවිච්චි කෙරුවට මම එහෙම කෙරුවෙ නෑ...එයා මගෙන් අඩුව පිරිමැහුවට මම අඩුවක් පිරිමැහුවෙ නෑ....මට තරහවට වඩා උහුලන්න බැරි තරන් වේදනයි.....
තේ.....ශී........හ්හ්හ්.....
එයා අඩනවා...මට දැනෙනවා....තේශි යන්න එපා කියනවා....සමාව ඉල්ලනවා....එහෙම කියන කියන විදිහට සමාව දෙන්න මම දෙයියෙක්ද.....???මට බලාපොරොත්තුවෙන් උන්න දේ මගෙ ඇස් පනාපිට නැතිවෙන හැම මොහොතකම මම දරා ගත්තා ......එයාම මට පන දුන්නා...ඒ උනත්.......ඒ උනත්....පනගහපු හදවතක් ආයම මරල දානකොට .......
මම ඉබා ගාතෙ ඩ්‍රයිව් කෙරුවා ..යන්නෙ කොහෙද නොදැන ඔහේ ගියා ...මම බලන් උන්නා...එයා එනකන් බලන් උන්නා......මම දහස් පාරක් එයාට වේදනාවක් දෙන්න වෙන එකට මගෙ හිතින් ඇඩුවා ...
මන් මොන තරම් දේවල් හිතුවද.....අවුරුදු තිහටම කවදාවත් දලදාවෙදි අනේ හාමුදුරුවනෙ මට මේක දෙන්න කියලා ඉල්ලපු නැති මම කොච්චර දේවල් ප්‍රාර්තනා කෙරුවද....මට වටින් පිටින් එන දේවල් ඕන තරම් ඉහිලුවත් එයා දුකක් දෙනකොට මට කොහෙන් කියලා සැනසීමක්ද......
මං ඩ්‍රයිව් කෙරුවා ...අඩ අඩ......වෙරල පාර පාලුවට ගිහින් ඈත දියඹෙ පාවෙන නැවක ඇහැට නොපෙන ලයිට් එලිය ආරුනම වෙන මොකුත්ම නැතිවෙනකොට පාලුවට ගියපු පාරෙ අයිනක කාර් එක නවත්තපු මම වෙරලට බැස්සා.....සුදු පාට පෙන පිපුන රැල්ල ගොඩට ගහනව...ආයම පස්සට ගියා....මට වේදනයි දෙයියනෙ....මගෙ පපුව පැලෙන්න තරම් වේදනයි ....
අදීශ් .....පන.......ගාලා දෙපාරක්ම කෙදිරි ගාපු හැටි මැවි මැවි පේනකොට මගෙ පපුව පුපුරලා යන්න ආවා.......
උඹට එන්න එපා කියන කියන වාරයක් පාසාම මැනික...සුදු අප්පො...සුදු මහත්තයා ගගා උඹමයි මගෙ විතෙන් මගෙ පස්සෙන් ආවෙ . ...වෙච්ච දේවල් උහුලන්න බැරිව මලකදක් වෙලා උන්න මගෙ ගාවට උඹමයි ආවෙ....උඹ මගෙන් හෙව්වෙ අදීශ්ව කියන දේ අවසානෙට දැනනෙ කොට මේ පපුව කොහොමද විතේන් තවත් ඉවසන්නෙ ......
ගල් කැට...සිප්පිකටු....ප්ලාසිටික් බෝතල් පාගගන මම රැලි බොක්ක හරියටම ගියා...මට මැරිලා යන්න ඕනා.....වීදුරුවට කැපුන අතේ ලේ පාරවල් එහෙම්ම තියනකොට මටත් නොදැනි කැපුන යටිපතුල ලුනුන්වතුරට දැවිල්ල ගත්තා . .
උඹ මාව රැවැට්ටුවා....විතේන්.....උඹමාව රැවැට්ටුවා යකො.....ආදරෙ කරපු උඹට වෛර බදින්නවත් හිත හදාගන්නෙ කොහොමද විතේන් ...මොන මගුලක් කරාටද උඹලා මගෙන් මෙහෙම පලි ගන්නේ ....
මම මගෙ කොන්ඩෙ අත් දෙකෙම්මඇද ගත්තා ....මටම ගහගත්තා .....අදිශ්ගෙ නම මුමුනපු හැටි මතක් වෙන වාරයක් වාරයක් පාසාම මම මහ මුහුදට කෑ ගගහා මගෙ දුක කිව්වා.....
වලව්වෙ මැනිකෙලා අස්සෙ තැලිලා තැලිලා අවසානෙදි සැනසීමක් හොයන් ගියෙ පිරිමි පපුවක වෙනකොට එතනත් තිබුනෙ රැවටීමක් කියන එක දැනෙනකොට මම කෑ ගහලා ඇඩුවා.........
අදීශ් .......අදීශ්......එයා තවමත් ආදරේ උඹටයි අදීශ් ....එයාගෙ හැම හැගීමකම ඉන්නෙ උඹයි...අදීශ් ....මට යට උන....එයා අඩගහන්නෙ උඹට අදීශ් ..ඇයි අහපන්...අහපන්......උඹගෙ අඩුව පුරවන්න....අහිංසක මාවම අල්ලගෙත්තෙ ඇයි අහපන් අදීශ් ...මගෙ පපුව වෙදනා දෙනවා අදීශ් .......උඹව නෙවෙ මැරිලා යන්න තිබුනෙ මාවයි....අදීශ් .....
මම හදපායපු අහසට මගෙ දුක කිව්වා.....මම මගෙ නොවුන මගෙ ආදරේකින් ආයමත් විරහව උපරිමේටම විදින ගමන් ඉන්නකොට රැලි පිට රැලිගහන වෙරෙලෙ උඩ බෙලි අතට පෙරලුනා.....
රැල්ල ගහනවා...මගෙ මුලු සර්වාංගෙම තෙමාගන යනවා....නහයෙන් කටින් පවා ලුනුවතුර යනකොට මුහුදෙ ලුනු වලට වඩා ඇස්වලින් වැක්කෙරෙන උනු කදුලු ලුනු රස වෙනකොට ආදරේ කරපු හිතට සාප දෙන්න බැරි නිසා මම මටම සාප කරගත්තා ......
ඇස්වලින් වැටෙන කදුලු ලුනු වතුරට ගහන් යනකොට මම මාව මහ මුහුදට ඇදගන පලයන් කියලා මහමුහුදෙන් ඉල්ලුවා ......මගෙ සුදු අප්පො කියන කටිම්ම අදීශ් කියන ගමන් කෙදිරි ගාන්න......
උඹ මගෙන් අදීශ්ගෙ අඩුව පුරවගත්තා විතේන් ......අයිතියක් නැති පපුවක සෙනෙහස හොයපු මම ආයම අසරන උනා
ඉකි ගසා හඩන
අතීතයක....
කදුලු එක්ක ගනුදෙනු කරනා...
මට මගෙ නොවන
මගේම ආදරයක් තිබුනා......
හීනෙන් ඇහැරී
තුන් යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් සිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී
කලුවරේම යලි සොයනා......
මට මගෙ නොවන මගේම ආදරයක් තිබුනා .......
මං ඇඩුවා....මං ඇස් දෙක පිහ දැම්මා...ලුනු වතුරට පුපුරන්න එන ඇස්දෙක පිහදදා මං ඒක ඇත්තක් නෙවෙ හීනයක් හීනයක් විතරමයි කියන්න මාත් එක්ක පොර බැදුවා .....ඒත් අවසානෙදි ඒක හීනයක් නෙවෙ උහුලන්නම අමාරු යතාර්තයක් කියන එක හිත කියනකොට මම මාව මුහුදු රැල්ලට අරන් යමන්....අරන් ගිහින් මගෙ මල කද කාටවත් නොපෙන්න මහ මූදු පතුලෙම හංගපන් කියලා කෑ ගැහුවා ...දරගන ඉදලා බැරිම තැන දරන්න ඕන තැන කියලා කිව්වා උනත් තුන්සිය හැට පැත්තෙම්ම තැලිලා පොඩි උන මම අවසානෙදි එයාගෙ බොරු කාර අදරේ එක්ක අන්තිඋම අඩියෙනුත් වැටිලා යනකොට හැම දේම අතෑරලා දැම්මා.......
දෙයියනේ....තේ...ශී .....තේශි....අනේ....
රරත්තරනෙ.....සුදු අප්පො....
ඉහින් කනින් වතුර බේරෙනකොට මහ රැලි මාව හෝදගන යනකොට එයාගෙ විලාපේ ආයමත් මට ඇහුනා වගේම අඩ අඩ කෑ ගගහා දුවගන ආව එයා මාව වතුරෙන් උඩට ඇදලා ගන්නකොට මම ගහක් ගලක් වගේ උන්නා......
තේශී....තේශී......අනේ...කියන තැනකට වදින්නම්....දළදා හාමුදුරුවො නමින් දිවුරන්නම්...මගෙ රත්තරනේ.....මම උඹෙන් අදීශ්ව හෙව්වෙ නෑ..මගෙ නිතේශ් ......මාව මෙහෙම නොමරා මරන්න එපා නිතේශ් .......
එයා දිවුරනවා...අඩනවා....දලදාහාමුදුරුවො නමින් දවුර දිවුර එයා මගෙන් අදිශ්ව හෙව්වෙ නෑ කිව්වා...ඒ උනත් තිස්තුන් කෝටියක් දෙවිවරු ස්වර්ගෙන් බැහැලා ආවා උනත් මගෙ හිත හදන්න බැරිවෙනකොට මං නැකිටලා ඉදගන්න හැදුවා වගේම එයා මාව අල්ලන්න හදනකොට මං ඒ අත ගසලා දැම්මා....
තේ...ශී....
අල්ලන්න හිතන්නවත් වත් එපා......උඹ....උඹ කෙරුවෙ මට ජීවත් වෙන්න බලාපොරොත්තු දීල.....ලස්සනම ලස්සන හීන ලෝකයක් පෙන්නලා අවසානෙදි මාව බලෙන් නින්දෙන් ඇහැරවපු එක ....
තේ...ශි....මට..සමාව....දීපන්කො මගෙ රත්තරනේ.....
සමාව.... තමුසෙ හිතන්නෙ සමාව ඉල්ලන ඉල්ලන ගානෙ සමාව බෙදන්න වෙස්සන්තර කියලාද ...උඹලා මාව පාගන පාගන වෙලාවට කටවහන් දරාගන ඉන්න හින්දද විතේන් උඹලා මාව එලව එලවම පාගන්නෙ.....මට උත්තර දියන්.....මට උත්තර දීපන්....මට උත්තර දීපන්....
තේ...ශී...අනේ....රිදෙ....
රිදෙනවා ....රිදෙනවා...උඹට රිදෙනවද ......එහෙනම්...මගෙ මුන බලපන් බලපන් මගෙ මුන...මට කියපන්.....මම උඹ ගාව ඉන්නකොට .....උඹට අදීශ්ව මතක්වෙනවා කියන්නෙ...උඹ මගෙන් හොයන්නෙ උඹගෙ පරන මිනිහව නෙවෙද කියලා විතේන් ...ආ.....මට උත්තර දියන්කො...රත්තරන් ...මොන හිතකින්ද....මගෙ මුන බලාගන අදීශ් ගාලා කෙදිරුවෙ...මොන හිතකින්ද... ..විතේන් .......
මම එයාව උරහිස් වලින් අල්ලන් හොලවගන හොලවගන ගියා වගේම මොන හිතකින්ද එහෙම කෙරුවෙ අහනකොට එයා මගෙන් වැද වැදම සමාව ඉල්ලුවා.....
උඹට මාව මොකෙක් වගෙද පේන්නෙ නිතේශ් ....
සුදු මහත්ත...යා....
සුදු මහත්තයා..පකෙ සුදු මහත්තයා ....තොපි ඔක්කොම සුදු මහත්තයා කිය කිය ඉදල මාව කෑවා..ගෙදර ගියත්...මට නිවනක් නෑ........තොගෙ ගාවට ආවා උනත්...මට නිවනක් නෑ...මට කියපන්...මට කියපන් විතේන්....මම පොන්නයෙක්ද...නැතිනම්...තොපි ඔක්කොම එකතුවෙලා මාව පොන්නයෙක් කෙරුවද.....ආ විතේන් .....කියපන්....කියපන්...මට උත්තර දීපන්....මම උඹලා හැමෝටම මෙ තරම් වේදනාවක් දෙන්නෙ ඇයි....කියපන්...විතේන්.....ඇයි..ඇයි.....
අනේ....ඇයි.....මගෙ....විතේන් ........මමයි වැරදී...මමයි....මමයි..මමම විතරයි වැරදි....මගෙ...පපුවට වේදනාවයි.....උහුලන්න බැරි...ම තැනට...වේදනාවයි.......උඹලා...මාව ..
කෑවා....
සුදු...මහත්තයා ...අනේ...එපා...එපා...
දෙයියෝ...මම වැරදි...මම වැරදි....මම...උඹව රිදවන්න හිතුවෙ ...නෑ...මගෙ තේශී........මට...කියවුනා...අනේ......මම පල්ලයි....මම උඹව රැවැට්ටුවෙ නෑ..මගෙ....නිතේශ් ......මට ගහපන්....අනේ..මට ගහපන්කො.....උඹට රිදවගන්න එපා....මට ගහපන්කො...මගෙ මැනිකේ.....
එයාට ගහන්න බැරි කමට මම මටම ගහගත්තා ...එයාට රිදවන්න හිත හදාගන්න බැරි කමට මම මටම ගහගත්තා .....එකපාරක් දෙපාරක් නෙවෙ...මගෙ දුක කිය කිය මම මටම ගහගත්තා වගේන එයා මගෙ අත් වල එල්ලි එල්ලි එයාට ගහන්න කිව්වා....එයා වැරදි කිව්වා .......මම එයව ආයම මගෙන් ඈතට කෙරුවා .....
උඹ මට කෙරුවෙ කන්න දීලා දිරවන්න කලින් බලෙන් ඇගිල්ල ගස්සවල වමනෙ කෙරෙව්වා වගෙ වැඩක්....අවුරුදු ගානක් එකියෙක්ට ආදරේ දීලා දීලා අවසානෙදි එකි යන්න යනකොට මම නැහුනා...බාගෙට මැරුනා.....මම කිව්වා..මට එපා..මට මගෙ පාඩුවෙ ඉන්න දීපන් කියලා ...මට ඕනා උනා...හිත හදාගන්න...මට ඕනා උනා ගහක් ගලක් වගේ ජීවත් වෙන්න.....මොන පවක් ගෙවන්නද විතේන් උඹ මාව හොයන් ආවෙ...මොන පවක් ගෙවන්නද.....
බාගෙට මැරි...මැරි උන්න මට එක්කො මැරිලා යන්න ඉඩ නොදි උඹ කෙරුවෙ හුස්ම පිඹලා පන පිටින් හම ගහපුඑක.......
උඹ දන්නවා.......උඹ දන්නවා යකෝ...උබ දන්නවා...පිස්සෙක් පිහාට්ටෙක් වෙච්ච මම බීපු බේත් අහුරු ගාන....තෝම විදපු දුක මාත් වින්දා කියල.දන්නවා නම්...මොන හිතකිනද..මට ඒවගේ දෙයක් කෙරුවෙ විතේන් ...ආ....මගෙ මැනික...මගෙ.....සුදු මහත්තයා ......මගෙ සුදු අප්පො කිය කිය උඹ කතා කරනකොට මේ මෝඩයා රැවටුනා...මේ මෝඩයා....රැවටුනා...දෙයියනේ......මේ...මෝඩයා රැවටුනා........
ජීවිතේට සෙල්ම් බත් කටක රහ බලලා නැති බව දැනගන වලන් සෙට් එකක් අරන් එනකොට නොදරුවෙක් ගානට ඒක තුරුල් කරගත්තු මටද පන ඔහොම කෙරුවෙ .......
අනේ....තේ....ශී....
එපා...අල්ලන්න...එපා...උඹ...මාව අල්ලන්න.......ගැට අඹයක් දත් හිරිවැටෙනකන් ලොවපු මං දිහා බලන් මගෙ ඔලුව අතගාපු මටද උඹ ඔහොම කෙරුවෙ විතේන් .........ඇයි...බන්...උඹ දැන දැනම...උගෙ සැප මගෙන් හෙව්වේ....
අනේ....මට...සමාව දියන් මගෙ....නිතේශ් ..මම..හිතලා...කෙරුවෙ..නැ....මම...හිතල..කෙරුවෙ...නෑ..මගෙ.....නිතේශ් .......
එයා අඩ අඩ මගෙ කකුල් ගාව වැද වැටුනා ඒ උනත්...මම නෙවෙ බැලුවෙ.......සමාව දෙන්නලු....තැලුන හිතක් ආයම තැලුනොත් තැලුනම වෙනකොට මං එයාගෙ වචන ගාව අසරන උනා. ...එයා එක්ක මැවුව හීන කකුල් ගාව කඩාගන වැටෙන කොට මට මාවම අරහන් උනා.....
උඹ මට ජීවිතෙ කියා දුන්නා...රෑ එලිවෙනක් පපුව උඩතියන් නිදි කෙරෙව්වා....මමම වෙලාවකට අහනවා..මගෙ විතේන්....කොහොමද උඹ ඔච්චර ආදරෙ දෙන්න ඉගනගත්තෙ කියලා....උඹගෙ ආදරේ..උඹගෙ පපුවෙ උනුසුම එක්ක මං දවසින් දවස ජීවත් වෙන්න ඇගිලි ගැන්නා....තේශි මන් උඹට ආදරෙයි මගෙ සුදු අප්පො කියනකොට ගගක් ගලක් වගේ ඔහෙ අහන් උන්නත් මේ පිස්සා හිත ඇතුලෙන් මොන තරම් සතුටු උනාද බලන්න ඕනෙ නම්....මම මෙහෙම හිටන් ඉන්නකොටම මගෙ පපුව පලලා බලපන්....මම උඹට මොන තරම් මගෙහිතෙන් ආදර්‍රෙ කෙරුවද කියලා .......
තේශී...මගෙමැනික...මගෙ සුදු මහත්තයා ගගා...අප්පට සිරිවෙන හීන ලෝකයක් උඹ මට පෙන්නුවෙ.....යකො.....උඹ....උඹ....වැඩක්..නෑ....වැඩක්...නෑ...මම....වැටිලා ඉවරයි..........මම අන්තෙටම වැටිලා ඉවරයි....තවමත් වෙන එකෙක් හිතේ තියාගන ඉන්න එකෙක් වෙනුවෙන් ආදරෙ කරපු මට නහුතෙටම කෙලවිලාම ඉවරයි......අර...ඩියෝනයා හරි......මම මේලෝකෙ පුකක් නොදන්න මහ බිබික්කමෙක්.....ඒකයි උඹලා ඕන ඕන වෙලේට ඇවිත් මාව පාග පාග යන්නෙ.....උඹට මං ආදරේ කරපු තරම දන්නෙ මගෙ පපුව........උඹට කොයි තරම් ආදරෙයිද ..කියනවා..නම්......මම උඹට අප්පච්චි පවා කිව්වා.....අඩලා...අඩලා හෙම්බත් වෙලා උන්න මට සැනසීමෙන් නින්ද ගියෙ උඹගෙ පපුවෙ බව දැන දැන ඇයි බන් මට මෙහෙම අපරාදයක් කෙරුවෙ.......ඇයි..මගෙ...රත්තරන්....හීන ලෝකයක් පෙන්නල පිස්සෙක් උන මාව තව අසරන කෙරුවෙ......අදීශ්...පන කියලා කොදුරනකොට මගෙ පපුවම හත් කඩකට පැලුනා...විතෙන්......මගෙ...පපුවම හත් කඩකට....පැලුනා....උඹ..මාව.....රැවැට්ටුවා.....උඹලා...මාව....පෑගුවා..............ඇයි...එ.....ඇයි........මාව මෙහෙම අසරන...කරන්නෙ....ඇයි.......මාව මැරෙන්න....වගෙ....ඇයි...මට...මෙහෙම කරන්නෙ...........
මම එයාව හෙලෙව්වා.....කෑ ගැහුවා......වේදනාව දරන්නම බැරි තැන මම ඇයි මට මෙහෙම කෙරුවෙ ඇයි කිය කිය මම කෑගැහුවා.......එයා අවසානෙදි මගෙ වේදනාව ඉස්සරහා ගොලුවෙලා යනකොට කදුලු පෙර පෙර අහන් උන්නා වගේම මම අවසානෙදි හෙම්බත් වෙලා කදුලු පිහදගත්තා ...මම රැවටිලා ඉවරයි.......මම ඒ මූන දිහා බැලුවා තවමත් සමාව ඉල්ලන ඒ මුජ්න දිහා බැලුවා.....මට බෑ වෛර කරන්න...මට බෑ සාප කරන්න.......මොකද.....මම ඒ ආදරෙ ඇතුලෙ ජීවත් උනා..හැබැයි..මම මටම හෙන ඉල්ලුවා....මොකද ආයමත් අහස උසට කප්පරක් තරම් හීන මැව්වට.....උරහිස උඩ ඔලුව ගහන් එක කඩල ගොට්ට කනකොට පවා හීන මැව්වට......
විතේන් ......මට තිබුනෙ හරි ලාභ හීන.....ඒ උනත් මගෙ හැම හීනෙකම උඹ උන්නා මගෙ විතේන් .......විතේන්...මට දැන් ඇති.....ඇති කියන්නෙ ...මට තව බෑ......මට පිස්සුවෙත් උපරිමේටම ආවොත්....අවසානෙදි මං වෙනුවෙන් හුස්ම අල්ලපු අප්පච්චි මැරිලා යයි..මගෙ අප්පච්චි පවා උඹ ගැන විස්වාසෙ තිබ්බා ...හැමදාම කදුලු බීපු මට උඹ ජීවිතේ දෙයි කිව්වා ..හැබැයි..මගෙ අප්පච්චිටත් වැරදුනා....කමක් නෑ....විතේන් ..මේ උන දේවල් එක්ක...මට හෙනයක් විතරයි ගැහුවෙ නැත්තෙ.....හැබැයි...පන....උඹ ගියහම....දැන් හෙන ගැහුවා වගේ තමා.....
මට මහන්සී...විතේන් ....ටිකක් නෙවෙ...මහ හුගක්....අයිති නැති හිත්වල හීන මවලා...හැමදම මම වෙදනා වින්දා.....දැන් ඇති.........මට නවතින්න ඕනෙ.........
විතේන් ...මං උඹව අතාරිනවා මට කාලකන්නියෙක් විදිහටම මැරිලා යන්න දීලා....උඹට...අදීශ් එක්කම ජීවත් වෙන්න දීලා මම යනවා....වදින්නම්...මගෙ පස්සෙන් එන්න එපා....මගෙන් කවදාවත් අදීශ්ව හොයන්නත් එපා...මන් නිතේශ් මිසක් ...අදීශ් නෙවෙ ......
අදින් පස්සෙ මං උඹෙ සුදු මහත්තයා වත්.....උව මගෙ පනවත් නෙවෙ .....මේක ඉවරයි........
"කිසිදා නොවින්ද......ආදරය වින්ද....
අප පෙම් කතාව...මෙතනින් නිමයිද...
යන්න පෙර දුරට ..නැවත නොපෙනෙන්න ...
ඔබ නැතිව ඉන්න....මට කියලා දෙන්න............
මං එයාව එතනම දාලා එන්න හැරුනා .....
ඇස්වල කදුලු කැට ඉබාගාතෙ වැටුනා.....එයාව එපා කිව්වට...මගෙ හිත කෑ ගැහුවාමට එය නැතිව බෑ කියලා....ඒ උනත්......අයිතියක් නැති හිතක් ළඟ ....නැවතුමක් මොකටද....අවසානෙදි ඉතිරි වෙන්නෙ රිදවුමක් මිසක්.......
තේ....ශී.........මාව දාලා යන්න එපා ....අනේ...මට සමාව දියන් නිතේශ් .........මට සමාව දියන්....මං මහමුහුදට පැනලා මැරෙනවා නිතේශ් ....ඇයි මට රිදවන්නෙ ....ඇයි ..මට එක අවස්තාවක් දෙන්න බැරි ......ඇයි....සුදුමහත්තයා ...
එයා කිව්වා....එයා මහමුහුදට පනිනවා කියලා...මගෙ කකුල් දෙක එක තැන නැවතුනා වගේම මම කදුලු පිහදගන එයා දිහා හැරිලා බැලුවා..මගෙ බැල්මෙ තිබුනෙම මාරයා උපරිමේටම ආවේස් වෙච්ච බැල්මක් වෙනකොට මම විතේන් ගාවට අඩියට දෙකට ගියා ලුනු වතුරට ඇග කැසුවා ...තුවාල වෙච්ච තුවාල දැවිල්ල ගත්තා....ඒ උනත් මම ඒ ඔක්කොම පැත්තක දාලා කෙලින්ම විතේන් ගාවට ගියා වගේම එයා බයටමද්ස් කොහෙද අඩියක් දෙකක් පස්සට ගියා. මම වචනයක් වත් නොකියම එයාගෙ බෙල්ලෙ පිටිපස්සෙන් අල්ල ගත්තා .....
අනෙ.....තේ....ශී.....
ඇයි...ඇයි ..දැන් උඹ මහ මුහුදට පනිනවා කිව්වා නේ....ආ ...උඹ...මැරෙනවා කිව්වනෙ......මැරියන් ..උඹට ඕනෙ මැරෙන්න නම් යමන්...මගෙ ඇස් දෙක ඉස්සරහම මැරිලා පලයන්.......හදවතින් මැරිච්ච මිනිස්සු ජීවත් වෙලා මොකටද.....
මං කෑගැහුවා.......එයාගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලගත්තු මම රැලි ගහන මහ මුහුදටම ගියා....දනක් ගාවට වතුර ..හද එලියෙ පිහිටට විතරක් තිබුන
මහ මුහුදෙ අපේ තනියට වෙන මොකුත්ම නැති වෙනකොට ගහන රැල්ලෙ සැරට වතුරට වාරු නැති මාව එහා මෙහා වැනුනා උනත්..මම එයාව මගෙන් ඈතට යන්න නොදි මිරිකන් අල්ලන් උන්නා....
අනෙ ..තේශීහ් ....අනේ....හ්..... ඔයාව යයි..
ගිය දෙන් ....උඹට ඕන උනෙ තනියම මැරෙනවට වඩා මාවත් අරන් මැරෙන්නනෙ...නේ....
අනේ...නෑ...මගෙ...රත්තරනෙ...තුන් හිතකවත්...එහෙම නෑ...අනේ...උඹව..යයි.....මාව...අල්ල ගනින්....නිතේශ් ...අනේ උඹව වතුරට යයි ...යකො....තොට පීනන්නත් බෑ.....මාව අල්ලගනින්...නිතේශ් ....
ඉනක් ගාව තිබුන වතුර පහු කරන් දැන් අපිදෙන්නම උන්නෙ බඩ මට්ටමට වෙනකොට වතුර පාරෙ සැරට කලින් අඩ අඩ මැරෙන්න ඕනා කියපු කෙනා මාව වතුරට යයි කිය කිය මැරෙන්න හැදුවා.....
උඹට තේරෙනවා....උඹට තේරෙනවා මට පීනන්න බෑ කියලා...එහෙනම්...උඹම කියපන් විතේන්...උඹ මැරෙන්න හිතාගන මුහුදට පැන්නොත් ....පීනන්න බැරි බව දැන දැන උනත්...මම වතුරට පනින් නැද්ද උඹ වතුරට පනින්නෙ මැරෙන්න බලන්...හැබැයි..මම වතුරට පනින්නෙ උඹව බේරන්න බලන්.....පීනන්න පුලුවන් උඹ මැරෙන්න හදනකොට පීනන්න බැරි මම උඹව බේරන්න පැන්නොත්....හොදට හිතපන් මුලින්ම මැරෙන්නෙ එතනින් මොකාද කියලා ...උඹද...මමද???
මගෙ...නිතේශ් පින් අයිති...වෙයි...පින් ...අයිතිවෙයි....මගෙ අත අල්ලගනින්.....නිතේශ් .....අනේ...සුදු මහත්තයා .... පින් අයිතිවෙයි ....
එයා අඩ අඩ මගෙ අත් දෙක මිරිකගන මාවත් ඇදන් ගොඩට එන්න දැගලුවා වගෙම ඔලුවටත් උඩින් ගහපුරැල්ල එක්ක අපිට අපේ අත් අතෑරෙනකොට ගොඩට ගහපු රැල්ල එක්ක එයාව ගියා උනත්.. ඒ රැල්ල ආපස්සට එනකොට පීනන්න බැරි මාව මහ මුහුදට ඇදුනා ......
.නිතේ ...ශ් ....නිතේ .....ශ්.........මගෙ නිතේශ් ..... ...
ගහපු රැල්ල එක්ක වතුර යටට ගියපු මාව මහ අන්දකාරෙම වතුර එක්ක යන්න යනකොට එයා මැරෙන්න හැදුවා .... එයා කෑ ගැහනවා...මම කකුල් ගගහා උඩට එන්න හදනවා.....
.අනේ...තේශී ......හ්...දලදාහාමුදුරුවනේ ..මගෙ කොල්ලා ..නිතේශ් .....අනේ...මගෙ...
නිතේශ් .....
රැල්ල ගහන ගහන පාරට මම උඩට මතු වෙවි එයාට කතා කරගන්න හැදුවා උනත් මාව එන්න එන්න තව දියඹට ගියා වගේම අවසානෙදි...ගහපු රැල්ල එක්ක මට එයාගෙ කටහඩ වගේම මොන ඇහෙන්නෙ පේන්නෙ නැතිව යනකොට වතුර යටට ඇදලා ගත්තා .....
නාස් පුඩුවලින් පිට උන වතුර බුබුලු එක්ක ඇස් ඇරියත් මෙලෝ හත් ඉලව්වක් නොපෙනෙන කොට එක පාරම මගෙ කොන්ඩෙන් කවුරු හරි ඇදලා ගත්තා ....ඒ වෙන කවුරුත් නෙවෙ විතේන්....
මං ...මං...අල්ල...කැහ්..කැහ්...ගත්තා...මං ..අල්ල...ගත්...කැහ්.....
එයාට වතුර පෙවිලා...එයා කහිනවා....වතුර පෙවුන මට කහින්නවත් බැරි වෙනකොට එයා මාවත් අරන් ගොඩට ආවා වගේම අවසානෙදි එයා මවත් එක්කම යට කරන් වැලි ගොඩෙ මුනින් අතට වැටුනා ......
තේ...ශී....
එයා කතා කරනවා..කැහැ කැහම කතා කරනවා....මට කතා කරගන්නවත් පන නැතිව උන්නා වගෙම එයා මාව මුනින් අතට පෙරලලා මගෙ පිටට තට්ටු කර කර තේශි කතා කරපන් ..කතා කරපන් ගානකොට ලුනු රස වමනෙ ගොඩක් මම එලියට දැම්ම වගේම ඇගේම වීරිය අල්ලලා හුස්මක් ගත්තා .......
මගෙ ...නිතේශ් ...අපි...යමු...මැනික...ගෙදර..යමු...රත්තරන් ...ගෙදර...යමු.... ..
එයා මාව වත්තම් කරලා උස්සගන්න හැදුවා ඒ උනත් මම එයාට උස්සගන්න නොදි වැනි වැනිම කැහැ කැහැම එයාගෙ පස්සෙන් ආවා වගේම එයා මගෙ කාර් එකේ ඉදගත්තා ...මට එයාඑක්ක තව තර්ක කරන්න රන්ඩු කරන්න හයියක් නැතිවෙනකොට තෙත පිටිම්ම මම පිටිපස්ස ශීට් එකට වැටුනා වගේම එයා.මේ මහ පාන්දරද රෑද මන්දා අර මනුස්සයට මගෙම ඵෝන් එකෙන් කතාකරලා එයාගෙ කාර් එක ගෙනියන්න කිව්වා.........
උඹගෙ...යි..මගෙ..යි...ප්‍රශ්නවලට......
අනුන්ට...වද...දෙන්න...එපා විතේන්......
බැරි...බැරි ගාතෙ උනත් එයාට මම කෑ ගැහුවා ......
අනේ...දෙයි හාන්දුරුවනෙ...නිතේස්........අනේ සෙනෝන්....අනේ...සෙනෝන්.....මගෙ...
නිතේස් ....ඔයා...ඉන්නවා නේද...අනේ....නිතේස් ....හුස්ම ගනින්කෝ.......
විතේනයා....තෝ...මගෙ...
කොල්ලව...මූදට විසික් කෙරුවා නේද අනේ...සෙනෝන්..........
..
ගෙදරටා ආවෙ කොහොමද කියන්න මම දන්නෙ නෑ....එයා මාව වත්තම් කරන් ගෙදර එනකොට කලින් මරා ගත්තුවා ඇහුන ඩියොනයා අපි එනකන් බලන් උන්න වගේම මාව දැකලා ඌ මැරෙන්න හැදුවා .......මං එහෙම්ම සාලෙ මැදම වැටිලා ඇස්පියා ගත්තා .....
නිතේ...ස්...අනේ...නිතේස්.......විතේන්...කතා කරපිය....අපේ...කොල්ලට මොකක්ද...උනේ....අනේ...නිතේස්.....මගෙ..නිතේස්...අයියෙ........සෙනෝන්....අනේ...සෙනෝන්.......නිතේස්ව නාවපන්කො.........ඒ විතේනයා....අපේ නිතේස්ව මූදට විසික් කරලා...........
වෙනදට එකට වචන සීයක් හරි කියලා ඩියෝන් එක්ක රන්ඩුවෙන විතේන් අද කටවහන් අරූගෙන් ඇනුම් බැනුම් අහනකොට ශෙනෝන් මාව වත්තම් කරන් බාතෲම් එකට ගියා......මම මොකුත් කිව්වෙ නෑ......මට ශෙනෝන් ලව්වා එයාට බනින්න හිතක් නැති වෙනකොට මම කටපියන් මලකද වගෙ උන්නා වගෙම අවසානෙදි ලුනු යනකන නාපු මම බාත්‍රොබ් එක පිටින්ම ඇදට වැටෙනකොට නාලා ආපු එයත් මගෙ එහා පැත්තෙන් නිදා ගත්තා .........
එයාගෙ සුසුම් මගෙ බෙල්ලට වැදුනා.. එයාගෙ අතක් මගෙ ඉනවටෙ එතුනා....ඒත් ඊලග තත්පරේදි මම ඒ අත ගසලා දැම්මා වගේම එයාව තල්ලු කරලා මුනින් අතට හැරුනා .....
මගෙ...මැනික....මුරන්ඩු වෙන්න එපා...පන .....මන්..මං...හිතලා නෙවෙ..මගෙ...රත්තරන් එහෙම කිව්වෙ.......මට...පුරුදු නම...මිමිනුනා...මිසක්....මම....උඹගෙ අස්සෙන් අදීශ්ව ගෙව්වෙ නෑ...මගෙ නිතේශ්.....
..එයා අඩනවා මාව අත ගගා සමාව ඉල්ල ඉල්ල අඩනවා.....අඩ අඩ එයා හේතු කියනවා.....එයා හිතලා කිව්වෙ නෑලු මිමිනුනාලු....
මං එහෙම්ම එයාගෙ පැත්තට හැරුනා ....එයා වගේම මං උන්නෙ උඩ කය නිරුවතින් වෙනකොට මං එහෙම්ම ඒ පිරුන පපුව මගෙ එක අතකින් මිරිකුවා වගේම එයගෙ මුන දිහා බැලුවා ..
තේ...ශි.........
මේ වගේ තැනකදි...මට සෙනාරිගෙ නම මිමිනුනොතින්...උඹ මට සමාව දෙනවද........විතේන් ......මම මේ විදිහට කරන ගමන් අනේ...සෙනාරි ....පන....කියලා මිමිනුවොතින්...උඹට රිදෙනවද විතේන් .....
නිතේශ් .......!!
අන්න....ඒ වේදනාවම මට දැනුනා...කරුනාකරලා මගෙන් ඈත්වෙලා ඉදපන් .....උඹගෙයි...මගෙයි....කිසිම බැදීමක් නෑ.........
මම ආයම මුනින් අතට හරුනා.....නින්ද කියන දෙ අහලකටවත් නොඑනකොට මං ඇස් ඇරන් ඔහේ උන්නා....එයාගෙ බර උන නහයෙ සද්දෙ ....වගේම ඉකිගහන සද්දෙ....පපුවට බර සුසුම් එක්ක මම ඇහුන් නෑ වගේ ඔහේ උන්නා........
රෑ අහස දශමෙන් දශමෙ වෙනස් වෙනකොට එයා මගෙ ඔලුව අත ගාන්න ගත්තා .....මම නිදි කියලා හිතාගන මගෙ පිට පුරාවටම හාදු තියන්න වගේම සමාව ඉල්ලන්න ගත්තා ....එයා හිතලා කිව්වෙ නෑ...අදීශ් කියන්නෙ අතීතයක් විතරයි...එයාව දාලා යන්න එපා....එයාට මං නැතිව ජීවත් වෙනන් බෑ.....එයාගෙ හැම දෙම මම කිය කිය සමාව ඉල්ල අඩනකොට අඩන්න හදන ඇස් දෙක තදින් පියව ගත්තු මම සද්ද නොකර අහන් උන්නා.
...
සුදු...මහත්තයා .......අද.....මගෙ.....උපන්දිනේ...මගෙ...මැනික.....
එයා කියවනවා....අද එයාගෙ උපන්දිනේලු......මං ඒක දන්නවා.....එයා නොදන්නවා උනාට මං දන්නවා....
මට..උඹව ළඟ තියන් ඉටිපන්දම නිවන්න ඕනා උනා..මගෙ නිතේශ් ....ඒත්...උඹ මාව දාලා යන්න හදනවා...මගෙ...තේශි.....සුදු...අප්පො.....මම උඹ නැතිව...කොහොම ඉන්නද...රත්තරන් .......අනේ...යන්න එපා...පන.......මාව ආයම පිස්සෙක් වේවි....
එයා අඩ අඩම නිදි වගේ උන්න මාව එයාගෙ පැත්තට හරවන් පපුවට තුරුල් කර ගත්තා වගේම මම නිදිවගෙ උන්නා මිසක් එයාව තුරුල් කරගන්නවත්....අල්ලන්නවත්....නොයා මලකදක් වගේ උන්නා......එයා කියවනවා...කියවනවා...අවසානෙදි කියවල වැඩිකමට උගුරත් බැරන්ඩි වෙලා ගියා වගේම වේදනාව අන්තෙටම දැනුන රැයකට පස්සෙ ඉරපායලා තිබුනා....
තේශී......මැනික ....
එයා කතා කරනවා ...එයා කරන කියනදේ බලන් උන්නා මිසක් සුභ උපන්දිනයක් කියලවත් නොකියපු මම මගෙ පාඩුවෙ ඇදේ මුනින් අතට උන්නා....
සුදු මහත්තයා .....
එයා කතා කරනවා ...මං හැරිලා බැලුවා....
උපන්දිනෙ දවසෙත් තනිම කලු ඇදන් උන්න එයා අඩපු ඇස් වහන්න මූනට හුගක් දේවල් උලලා කියන එක මං අදුන ගත්තා
සුදු මහත්තයා
කියන්න මිස්ටර් විතේන් .....
එයා යටි තොල හපා ගත්තා ....මං හිතක් පපුවක් නැති එකා වගේම මිස්ටර් විතේන් කිව්වා.....
අද...මගෙ....උපන්දිනෙ.....
ම්න්...
මට......හැපි...බර්ත්...ඩේ.....කියලා....වත්...
Wish your happy birthday mister vithen .
මන් එයාට විශ් කරලා අහක බලා ගත්තා වගේම එයා මොකුත් නොකියම සෑහෙන්න වෙලා බලන් උන්නා....
එක තත්තපරේකට එලියට එනවද ....මට...ඔයා වෙනුවෙන් දෙයක් දෙන්න ඕනා..
ඇයි ඊයෙ රෑ දීපුවා මදිද...
උපන්දිනෙ බව දැන දැන මං කියෙව්වා ඒ ඇස් කදුලින් බර උනෙ නැති උනත් පපුවට දැනුන වේදනාව මං ඇස්වලින් දැක්කා.....
මං එහෙම්ම ඇදෙන් බැහැලා එයාගෙ පස්සෙන් බැල්කනි එකට ගියා වගේම අදත් පපුවම පාරවන් AVON COSMETICS PVT .LTD කියලා ගහපු එයාගෙ අදීශ් ගෙ පින්තූරෙන් වැහුන බස් යනකොට මං හැගීමක් නැතිව බලන් උන්නා....
සුදු මහත්තයා ......
එයා මගෙ අත උඩින් අත තිබ්බා......මං ඒ අත අයින් කෙරුවා ...
එයා මොකුත් නොකියම මං දිහා බලන් ඉදලා කෝල් එකක් ගත්තා ......
කොයි හරියෙද.....හරි.....
වචන දෙකයි කෝල් එක කට්..
උඹව මං දැක්කෙ හරි අහම්බෙන්.......ඒත්....මං උඹට ආදරේ දුන්නෙ පිස්සුවෙන්..... මගෙ අතින් වරදක් උනා....අනේක වාරයක් මට සමාව දියන් රත්තරන් ....ඒත්...උඹ...මට...යන්නම කියනවා........
මිස්ටර් නිතේශ් ....මගෙ ජීවිතෙන්...හතරෙන් එකක්....ගෙවිලා ඉවරයි........උඹ නැතිව....ඉතිරි ටික මොකටද .......උඹ...මට යන්න කියනවා නම්.......
මං යන්නම්.........ඒත්........හැමදාම ගැස්සෙන ඔය ඇස් වේදනාවෙන් පිරෙන හැටි මන් බලන් උන්නා.......මගෙ උපන්දිනේ දා....උඹෙන් මට වැලදගැනීමක් නැති උනත්....මං උඹ වෙනුවෙන් දෙයක් කෙරුවා ........අදින්....පස්සෙ ඔය ඇස් ගැස්සෙන එකක් නෑ....සුදුමහත්තයා....
මං බලන් උන්නා.....එයා කියවනවා ...එයා නැවති නැවති කියවනවා වගේම එයා මහ පාර දිහා බැලුවා වගෙම එයාගෙ කම්පැනි එකෙ ඩිලිවරි ලොරි වගයක් ආවා.....හැබැයි. ...එතන අදීශ් වත්......AVON කියන නමවත් තිබුන් නෑ......
මගෙම දඩාරියන් සයිස් පින්තූර වලින් ඒ ලොරි වැහිලා තිබුනා.......ඒ වගේම ඔෆිස් ස්ටාෆ් බස් එක.....
V&N PERFUME
මං එයා දිහා බැලුවා ....එයා මෙච්චර දවස් නැහුනෙ ඒකයි ....ඊයෙ රෑ දිව්වෙ මේකයි....මම බලන් උන්නා වගේම එක පෙලට තිබුන වාහන ටික යන්න යනකොට එයාගෙ කාර් එක ඇවිත් සැලෝන් එක ඉස්සරහින් නැවත්තුවා ....
කේක් නැති උනාට....වැලදගැනීම් නැති උනාට.....කමක් නෑ නිතේශ් .....උඹගෙ සතුට මං යන එක නම්.....
මං යන්නම්....
මං බලන් උන්නා.....යන්න ගියපු එයා ආයම හැරිලා බැලුවා වගේම මට කතා කෙරුවා .....
සුදු මහත්තයා ...මිනිස්සු මැරුනත්....ආදරෙ මැරෙන් නෑ ......
එච්චරයි කිව්වෙ එයා යන්න ගියා වගේම කාමරෙට ආව මං එහෙම්ම මුතුකරුප්පන් එකට කෝල් එකල් ගත්තා .....
ඔව්....නිතේශ් සෙයෝන්....නම තියෙන්නෙ.....මට ඒ කපල් මුදු දෙක ලැහැස්ති කරලා තියන්න....මං දැන් ගන්න එනවා.....ඔව්....ත්....
නිතේ....ස්...අනේ....හ්...නිතේස්.....නිතේස්....උඹ කොහෙද...නිතේස්.....අනෙ නිතේ....ස්ස්.....
මට හරියට මගෙ කෝල් එකවත් ඉවර ලර ගන්න බැරිවෙනකොට මං කඩාගන බිදගන ආව ගඩාපියා දිහා බැලුවා ...
අනේ ..නිතේ...ස්...නිතේ....ස්....
මොකද ඩියෝන් මැරෙන්න හදන්නෙ .....
අපෙ...අපේ...විතේන්....අපෙ...වි...
ඇයි...මගෙ වතේන්ට මොකද ....?? කතා කරපන් මගෙ විතේන්ට මොකද .....මොකද යකො මගෙ කොල්ලට...??
හුස්ම අල්ල විතේන් විතේන් ගානකොට මං ඒකව හෙලෙව්වා ....
අනෙ....නිතේස්.....ඩියෝන්....අයියගෙ කාර්....එක....කලර්...ලයිට්....එකේ......
කන්ටේනර් එකකට......
එච්චරයි මං අහන් උන්නෙ....මං කාමරෙන් එලියට දිව්වා....අරූ කෑ ගගහා මගෙ පස්සෙ දුවන් එනකොට මං පඩිපෙලදිගෙ දුවන් ආවෙ කොහොමද කියන්නවත් නොදැන, මහ පාරෙත් වාහනවලට හැප්පෙන්න යන ගමන් අවසිහියෙන් වගෙ කකුලෙ තිබුන සෙරෙප්පු පටි කඩාගන කලර්ලයිට් එක ගාවට දිව්වා ...
මගෙ විතේන් ....
විතේන් ....අනෙ දෙයියනෙ.....උඹට...මං යන්න කිව්වට.....අනෙ...එපා...රත්තරන් ....එපා...විතේන් .....විතේන් ...
මං පිස්සෙක් වගේ කෑ ගගහා දිව්ව....කලර් ලයිට් එක ගාවට හුස්මක් නොගෙනම දිව්වා ....පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙනකොට මං එයාගෙ නම කිය කිය දිව්වා....
විතේන් ...අනෙ ..රත්තරන් ....විතේන් ......
කලර් ලයිට් එක ගාව සෙනග වටවෙලා ....ඇහිල්ලක් ගහන්න බැරි වෙන්න සෙනග පිරිලා උන්නා......සිග්නල් කනුවක් කඩාගන පාරෙනුත් පිට පැනපු රතුපාට කන්ටේනර් එකෙ පෙට්ටිය බාගයක් එලියට පැනලා තිබුනා...
අනේ....දෙවි හාමුදුරුවනේ......විතේන්....
ඇදිවතවත් නැතිව ආව පටාචාරා වගෙ පාර දිගෙ දුවන් ආව මම සෙනග පිරගන ඇතුලට රිංගනකොට එයාගෙ කාර් එකෙ වම්පැත්ත ගන්න දෙයක් නැතිවෙන්න පොඩිපට්ටම් වෙලා තිබුනා ....
එයා...ගියෙ ..වම් පැත්තෙ...අනෙ...අද...එයා.....ඩ්‍රයිව් කරන් ගියෙ නෑ....අනෙ....හාමුදුරුවනෙ....අනේ..
අනේ.....හ්....විතේන් ..විතේන්.....!!
සෙනගමාව අල්ලගන්න ගන්නකොට වම්පැත්ත චප්ප වෙච්ච කාර එක දැකලා මං කෑ ගැහුවා වගේම ලේ නාගන උන්න කොයි වෙලෙත් මගෙ පනගෙන් බැනුම් අහන නලින්ව ඇම්ඹුලන්ස් එකෙන් දාගන්නකොට මං මගෙ විතේන්ව ඉල්ල ඉල්ල මැරෙන්න හැදුවා ....
විතේන් ....අනෙ...මගෙ...
විතේන් ...අතෑරපල්ලා.......අනෙ...මාව අතෑරපල්ලා...යකුනෙ මගෙ කොල්ලා.........විතේන් ...
මගෙ සර්වාංගෙම පන නැතිවේගන එනකොට වටපිටාවෙ තිබුන හැම දේම කැරකෙන්න පටන් ගත්තා ....පොඩි පට්ටම් වෙච්ච කාර් එක ඇම්බුලන්ස් සද්දෙ පපුවම පාරනකොට මට කෙලින් ඉන්න බැරි උනා......
වි...තේ......න්.....වි......තෙ......
.
තේශී.........සුදු මහත්තයා..........
🙂හරි ඉතින්...👉👈ඇයි වදෙ.....
🙂ආය හෙච ඈ....
පයිත්තමින් ඉන්න අයියො....මේ ළමයා හරි ආතරෙයිනෙ.....ම්
මම
FERDEESHA ❤💚 ..