𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞 ❤
𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟐𝟓 (𝐀 𝐬𝐨𝐧𝐠 𝐭𝐨 𝐥𝐨𝐯𝐞)
Morning
(At Jungkook's House)
යුන්ගි ජ්න්ග්කුක් එක්ක කුස්සියේ ඉදන් ලොකු කතාවක. ජ්න්ග්කුක් ඒ අතරතුර හරි සාරෙට උයනවා. යුන්ගිත් උයන එකට උදවු කරන ගමන් කතා කරනවා.
Jungkook :
යුන්ගියෝ, ජීමින් මොකක්ද කිව්වේ? මං දැක්කා දෙන්නා call එකෙන් උකුලු මුකුලු කර කර ඉන්නවා..
Yoongi :
අනේ පල කුකෝ.. මගේ චිමී බේබීට පාළුයිලු... අදයි හෙටයි අනිද්දයි නිවාඩු නේ බං.. ගෙදර නවතින්න එන්නම්ද කියලා ඇහුවා...
යුන්ගි ඒ අතරතුර ජ්න්ග්කුක් බැද බැද හිටපු බීෆ් පෙත්තක් අරගෙන කන ගමන් එහෙම කිව්වා.
Jungkook :
ඈ යකෝ... එතකොට ඉස්සර කොලේජ් එකේ නිවාඩු තිබ්බ කාලේ...
ඒ කාලේ එයාට පාලු නැද්ද?
ජ්න්ග්කුක් හැන්දත් වන වන යුන්ගිගෙන් ඇහුවා. ඒක ඇහුනම යුන්ගිගේ මුහුණ තවත් දෙක වුණා.
Yoongi :
අනේ අම්මපා.. මුට... යකෝ හිතපංකෝ මොකෙක්වත් නැතුව ගෙදර ඉන්න අපි දෙන්නට දැන් යස අගේට ඉන්න යාළුවෝ දෙන්නෙක් හම්බවෙලා තියෙන්නෙ...
එහෙම හැමෝටම හොද ආදරණිය යාළුවෝ හම්බවෙන්නෙ නෑ බං.. බලපං.. තො මට කොච්චර බැන්නත් මේ මං සැලෙනවද? නැහැ නේ...
ඒ වුනත් උඹට මම කොච්චර ආදරේද?... ඒ අපේ සහොදර බැදීමක් වගේ තියන යාළුකම නිසයි.. අනික උඹ මාව පරිස්සම් කරනවා.. මමත් පණ දීලා හරි මගේ කුකාවත් පරිස්සම් කරනවා.. ඒ වගේම මගේ චිමීවත්...
යුන්ගි ජ්න්ග්කුක්ගේ උරහිසට අත තියාගෙන එහෙම කිව්වා. ඒක ඇහුනු ජ්න්ග්කුක්ට තමන් ගැනම ලොකු කලකිරිමක් ඇති වුණා.
ජ්න්ග්කුක් මුහුණ ඇඹුල් කරගෙන ගෑස් එක උඩ තිබ්බ කිම්චි සුප් එක හැදිගාන්න ගත්තා.
ජ්න්ග්කුක් මුහුණ ඇඹුල් කරගෙන ඉන්නවා දැක්ක යුන්ගි ඔළුව පාත් කරලා ජ්න්ග්කුක්ගේ මුහුණ දිහා බැලුවා.
Yoongi :
ජ්න්ග්කුකෝ... මගේ පැට්ටෝ.. මොකො බං උඹට වුණේ... ඒයී... මං වැරදි දෙයක් කිව්වද බං..? අනේ පැට්ටෝ සොරී...
යුන්ගි ජ්න්ග්කුක් කම්මුල අත් දෙකෙන්ම අල්ලගෙන එහෙම ඇහුවා. එතකොට තමා ජ්න්ග්කුක් අහිංසක ඇස් දෙකෙන් යුන්ගි දිහා බැලුවේ.
ජ්න්ග්කුක්ගේ ඒ ඇස් දෙක දැකලා යුන්ගිට අදහාගන්නත් බැරි වුනා. ජ්න්ග්කුක් කවදාවත් අහිංසක විදිහට කා දිහාවත් බලන්නෙ නැහැ.
ඒ තරමටම ජ්න්ග්කුක්ගේ බැල්ම සැරයි දරුණුයි. යුන්ගිට විතරයි වචනෙකින් හරි ජ්න්ග්කුක්ව සංසුන් කරන්න පුළුවන්කමක් තිබුණේ.
ජ්න්ග්කුක්ට සමහර වෙලාවට තරහා ගියාම එයාගේ ලොකු හ්‍යුන්ග් වෙච්ච හොසොක්ටත් අමාරුයි පාලනය කරන්න.
ජ්න්ග්කුක් තමන්ගේ පවුලේ අයට වගේම එයාගේ වටේ ඉන්න එයාගේ ලගම අයටත් ගොඩාක් ආදරෙයි. ජ්න්ග්කුක් හැමතිස්සෙම හිතන්නේ එයාලගේ ආරක්ෂාව ගැන.
යුන්ගි හිමින් ජ්න්ග්කුක්ගේ මුහුණ අල්ලා මොකද කියලා බැලුවා. ජ්න්ග්කුකුත් යුන්ගි දිහා බලාගෙන අඩන්න වගේ මුහුණ එල්ලගෙන ඉන්නවා.
ඒක දැක්ක යුන්ගි තවත් Confuse වුණා. මොකද යකෙක් වගේ කොල්ලෙක් එකපාරටම අඩන්න වගේ මුහුණ එල්ලගත්තාම කාටද confuse නොවෙන්නෙ.
Yoongi :
අනේ පැට්ටො, මොකො බං වුණේ?.. හොල්මනක්වත් දැක්කද?
Yoongi's Mind :
මූ මස් බැද්ද නිසා ගේ ඇතුලට හොල්මනක් වත් ආවද?... අයිශ්.. මමත් මගුල් කියවනවා...
අපිනේ යකෝ හොල්මන්.. අපිනේ මැරිලා පන ආපු ඇවුන්.. වැම්පයර්ලා අපිනේ..
යුන්ගි එහෙම හිතන කොට තමා ජ්න්ග්කුක් කතාකරන හඩ මගින් ඇහුණේ.
Jungkook :
සමාවෙයන් බං.. මම උඹේ හිත රිද්දුවා.. ඔයාගේ ජීමින්ට එන්න කියන්න..
ජ්න්ග්කුක් කිම්චි සුප් එක ගෑස් එකෙන් බාන ගමන් එහෙම කිව්වා.
Yoongi :
අයියෝ.. යකුනේ... ඕකට සමාවෙන්න සමාවෙන්න ගාන්න ඕනේ නෑ බං... උඹ මගේ සහොදරයා වගේනේ... අපි දෙන්නා හැදුනෙත් එකටමනේ...
යුන්ගි එහෙම කියලා හිනා වුණා.
Jungkook :
ඔව්.. උඹ මගේ හැමදාමත් හොදම යාළුවා වගේම හොදම සහොදරයා.. එහෙනම් ඔයා ජිමින්ට කියන්න එන්න කියලා.. අපි කෑමත් හැදුවනේ..
Yoongi :
අන්න එහෙම වරෙව්... ජ්න්ග්කුකා.. උඹේ කෑල්ලත් එයි... හැබැයි බලාගෙන උඹේ කෑලි ටික පරිස්සම් කරගනින්.. දන්නවනේ හැටි... නැත්තම් ලෙල්ල යවා ගනින්..
Jungkook :
අනේ.. යනවා යන්න.. එයා මගේ ලෙලි යවනකන් මං බලන් ඉදි... පුහ්... අපි බය නැහැ.. මං හයියයි යකෝ...
Yoongi :
හා හා නවත්තගනින් ඔය කයිවාරුව.. ඒ බං ඔය හැන්ද දීපන්.. මට සින්දුවක් කියන්න... වරෙංකෝ ජය සමරන්න...
මගේ ප්‍රේමිය එනවා...
උඹේ අවසානය එනවා...
හූරේ..
තරු රටා.. බල බලා ...
මම ඇවිදිමී.. ගේ වටා...
කළුවරේ... යන්නැති...
මගේ චිමී සොයා...
යුන්ගි ජ්න්ග්කුක් අතේ තිබ්බ හැන්දත් අරන් නට නට සින්දුවක් කියන්න ගත්තේ හරියට වලිප්පු ගාය හැදිලා වගේ.
ඒක දැක්ක ජ්න්ග්කුකුත් ආසාවට වගේ ලග තිබ්බ තවත් හැන්දක් අරන් යුන්ගිගේ වලිප්පු ගායනයට එකතු වුණා.
Jungkook :
හිටපං මමත් එනවා... දාපන් මියුසික්.. පුහ්..
පුසෙකුත්... නටනවා..
මේ ලව හෙන එළියයි කියා..
කොල්ලෙකුත්... මග ඇදෙයි..
මල් කඩ කඩා...
Yoongi :
ආහ් හිටපං දැන් තමා මගේ ශෘංගාර රැප පටන් ගන්නෙ... දීපන් ජ්න්ග්කුක් මියුසික්.. පුහ්.. හා... සංගීතේ.. ශෘංගාරේ...
උණුසුම කිසිවක දැවටී.. පය පැටලී ගියා...
ආදරේ ගලනවා තාමත්.. මගේ මුළු ඇග පුරා..
Jungkook :
මම මේක කියන්නම්.. හාද..
Yoongi :
කියපන් බං..
මගේ ප්‍රේමය වෙනුවෙන්..
අනේ දෙයියනේ මාව පල් කරන්න එපා කුකෝ...
Jungkook :
කුස්සියේ... සැගවී..
සිටි බළලෙක් පය හැපී..
මා... ගතේ දැවටී ගියා..
කුණුගොඩේ... දැවටි...
මා තනියම කර වෙවී...
Yoongi :
සද ඇතිරිල්ලක් වගේ..
චිමී ආවා... හා...හා...
Jungkook :
රතු රෝස මලක් වගේ..
ටේ ආවා... හා හා.. ...
හූ හූ.... ම්ම්ම්ම්ම්...
ජ්න්ග්කුක් ගානට ශෘංගාර තනුව තිබ්බා වගේ යුන්ගි එක්කම "හූ හූ" කියාගෙනම සින්දුව නැවැත්තුවා. එතකොට තමා ජ්න්ග්කුක්ට හරි සිහිය ආවේ.
Jungkook :
යකුනේ.. යුන්ගියෝ call කරපිය තගේ ප්රේමතීට... දැන් මැරිගෙන කෑම හැදුවා.. තාම Guest ලා දෙන්නා නැහැ.. පුහ්... මේකා කලොත් කරන්නෙ මස් කඩේ යන වැඩනේ..
ජ්න්ග්කුක් යුන්ගිට එහෙම කියාගෙන fridge එකෙන් Banana milk bottle එකක් අරගෙන බොන ගමන් සොෆා එකෙන් වාඩි වුණා.
ඒක ඇහිච්ච යුන්ගි හැන්ද පැත්තකට විසික් කරලා දාලා දුවන් ගියේ phone එක අතට ගන්න.
ඒ එක්කම වගේ යුන්ගිගේ Phone එකට අදුරන්නෙ නැති නම්බර් එකකින් call එකක් ආවා. යුන්ගි ජ්න්ග්කුක්ගේ මුහුණ දිහා බලාගෙන call එක Answer කළා.
-----------------------------
ළමයි මෙන්න update Episode 25 💜️💚
දැන් තමා හරි වඩිග පටුන පටන් ගත්තේ.. සින්දුව ගහලා පටන් ගන්නේ... උඩ කියෙව්වනේ ඔයාලා.. හී.. හී... ඊලග චැපියේ guest ලා දෙදෙනෙක්.. අපේ කුකාගේ තෙමහල් සභා මණඩපයට වඩියි... රෙඩි නේ?..💚💚💚💜️💜️💜️ 🤭🤭🤭
Comment එකක් දාගෙන යන්න... අනී... මගේ හිත සැනසෙන්නවත්...
❤❤❤❤🥰🥰🥰
Sarangheyo ❤❤❤
Borahae 💜️💜️💜️💜️
Authornim -
Adithya Panchalee 💛❤