___________________________________________________________
යුන්ගි ගියාට පස්සේ ජන්කුක් එතන තනියම .. , හැම දේම නිශ්ශබ්දයි .. එයාට බයක් නොදැනුනත් අමුතු තනිකමක් දැනුනා .. ජන්කුක් මුලින්ම කරේ ඒ වටේ ලස්සන බලන ගමන් එහෙ මෙහෙ ඇවිද්ද එක .. , ඊට පස්සේ ජන්කුක් එයාගේ හ්යුන්ග්ට කතා කරන්න තීරණය කළා ..
ජන්කුක් ජින්ට කෝල් කරල එයාගෙ හබී එයාව සප්‍රයිස් කරන්න ලෑස්ති කරල තිබුන හැටි , ජන්කුක් හිතාගෙන ඉන්න විදියට එයාගෙයි එයාගෙ හබීගෙයි අලුත් ලස්සන Penthouse එක , ඒකෙ ලස්සන එයාගෙ හ්යුන්ග්ට ජන්කුක් කිව්වෙ ගොඩක් ලොකු සතුටකින් .. ගොඩක් වෙලා ජන්කුක් එයාගෙ හ්යුන්ග්ලත් එක්ක කතා කරලා එයාගෙ සතුට ගැන කිව්ව වගේම හිතට දැනුන තනිකමත් නැති කරගන්න උත්සාහ කරා .. ඒ විනාඩි කීපයේදී ජන්කුක් ගෙ උත්සාහය සාර්ථක වුනත් ඇමතුම විසන්ධි කරල තත්පර කීපයක් ගෙවිල යද්දිම ජන්කුක්ට ආයෙමත් ඒ නුහුරු තනිකම දැනෙන්න ගත්තා ..
.
.
.
.
මේ වෙද්දි රාත්‍රී 9 ට විතර ඇති .. පැයෙන් එන්නම් කියල ගිය ජන්කුක් ගෙ හබී වුන යුන්ගි තවමත් ඇවිත් හිටියෙ නෑ .. ජන්කුක් කිහිප වතාවක්ම උත්සාහ කරා එයාගෙ හබීට කෝල් කරන්න .. ඒත් ඒ කිසිම ඇමතුමකට යුන්ගිගෙන් ප්‍රතිචාර නොලැබුනා .. ඒ වගේම ජන්කුක් ගෙ හිතට අමුතු බයකුත් ටිකෙන් ටික දැනෙන්න ගත්තෙ එයාගෙ හබීට අනතුරක්වත්ද කියල හිතලයි .. නමුත් ඔහු තවම දන්නෙ නෑ අනතුර ඔහුගෙ හබීට නෙමෙයි ඔහුටයි කියලා ..
බර හුස්මක් පහලට හෙලපු ජන්කුක් බැල්කෙනි එක පැත්තට ඇවිදගෙන ගියෙ රාත්‍රි අහස දිහා බලාගෙන ඉදලා ඔහුගෙ හිතට දැනෙන කරදරකාරී හැගීම් වලින් ඉවත වෙන්න ..
බැල්කනි එකට ආව ජන්කුක් රාත්‍රි අහස දිහා බලාගෙන හිටිය වුනත් , අද අහසෙ සඳක් නොපෙනුනා .. එක තරුවක්වත් .. ජන්කුක් ගෙ හිතට තවත් බිය ගන්වන එක දසුනක් වුනා මේ පිවිතුරු අඳුරු අහස .. සීතල සුළඟ ජන්කුක්ගේ සම ස්පර්ශ කරද්දි ජන්කුක් තමාවම වැළඳ ගත්තා ..
" I hate the dark .."
ජන්කුක් ඔහුගේ මංගල මුදුව දිහා බලාගෙන ..
" ඔයා කොහෙද මගේ පූෂ් ..!!"
ජන්කුක් ඔහුගෙ දෑස් වසාගෙන සන්සුන් වෙන්න හිතාගෙන ගැඹුරු හුස්මක් ගත්තා .. ඒත් එක්කම වගේ ජන්කුක්ගේ කුඩා ඉන වටා ශක්තිමත් අත් දෙකක් එතෙද්දි ජන්කුක් ගැස්සුනා .. නමුත් ජන්කුක්ට එක තත්පරයකට වැරදි අදහසක් ආවා .. ඒ තමයි මේ ශක්තිමත් අත් දෙක ඔහුගෙ ආදරණීය හබී ගෙ කියලා .. ඒත් ඒක එහෙම ද ..
අදුරු වෙලා තිබුන ජන්කුක් ගෙ මූණ ලස්සන බනී හිනාවකින් එලිය වැටුනෙ ඒ හිතට ආව වැරදි අදහස නිසයි .. තමන්ගෙ ඉන වටා එතුන ඒ ශක්තිමත් අත් දෙක උඩින් තමන්ගෙ කුඩා සියුමැලි අත් තියා ගත්ත ජන්කුක් බොරු තරහක් මවා ගෙන ..
" ඔයා කොහෙද හිටියේ .. ? මම කොච්චර වෙලා බලන් හිටියද කියල දන්නවද .. ?"
ජන්කුක් අහද්දි ගැඹුරු හඩකින් ඊට උත්තර දුන්නෙ ජන්කුක් හිතාගෙන හිටිය පුද්ගලය නම් නෙවෙයි ..
?? : මට වඩා වැඩි කාලයක් නෙමෙයිනෙ බබා ..
ඔහුගේ ගැබුරු සීතල කටහඬ ඇහෙද්දි ජන්කුක්ට දැනුනෙ හරියට එයාගෙ කොඳු ඇට පෙළ වෙව්ලන්න ගන්නවා වගේ .. ජන්කුක් ගොඩක් කලබල වුනා ඒ හඩ ඇහෙද්දි .. ජන්කුක්ට තවම මතකයි ඒ ගැබුරු හඩ කාගෙද කියන එක .. ජන්කුක් ගෙ අත් නෙමෙයි මුලු ඇගම වෙව්ලනවා වගේ ..
" T - TA - TAE - HYUNG !!!"
ඔව් ටේහ්යුන්ග් .. ජන්කුක් ගෙ ඇස් ඉස්සරහ දැන් හිටගෙන ඉන්නෙ වෙන කවුරුත් නෙමෙයි KIM TAEHYUNG ..
" න්.. නෑ .. නෑ ඒක වෙන්න බෑ .. ඔයාට මෙහෙ ඉන්න බෑ .."
ජන්කුක්ට එයාගේ ජීවිතේ ආයෙ දකින්න ඕන නෑ කියල හිතපු කෙනාම එයාගෙ ඇස් ඉස්සරහට ඇවිත් ඉන්නවා .. ඒකත් එදා වගේම දවසක .. ජන්කුක් මංගල දිනය දවසෙ .. ජන්කුක් එයාගේ ජීවිතෙන් අමතක කරල දාන්න උත්සාහ කරපු හැමදේම ජන්කුක් ගෙ ඇස් ඉස්සරහ එකින් එක මැවිල පේන්න ගත්තෙ හරියට නිකන් චිත්‍රපටයක් වගේ .. ජන්කුක්ට තවත් හිටගෙන ඉන්න ශක්තියක් ඉතුරු වෙලා නෑ කියල තේරෙද්දි ජන්කුක්ට තවත් දෙයක් තේරුනා .. ඒ තමයි ජන්කුක් ගෙ ඇස් දැන් නිලංකාර වෙලා අදුරු වෙලා යනවා කියන එක .. ඒත් එක්කම ජන්කුක්ට සිහිය නැතිවෙද්දි ජන්කුක් ගෙ ඉන වටේ අත් පටලවගෙන හිටිය ටේහ්යුන්ග් ජන්කුක් තද කරල අල්ලගෙන ජන්කුක්ව වැටෙන්න නොදී අල්ලගත්තා .. තමන්ගෙ අත් අතරෙ සිහිසුන්ව ඉන්න ජන්කුක් ගෙ මූණ දකිද්දි ටේහ්යුන්ග් මුවේ සිනහවක් ඇදිලා ගිහින් තිබුනා ..
බ්‍රයිඩල් ස්ටයිල් එකට ජන්කුක්ව ඔසවගත්ත ටේහ්යුන්ග් බැල්කනි එකෙන් ඇවිත් ඊලඟට ගියෙ එයාගෙ මාස්ටර් බෙඩ් රූම් එක පැත්තට .. ජන්කුක්ව අරගෙන ගිහින් බෙඩ් එකෙන් පරිස්සමට තියපු ටේහ්යුන්ග් අවුරුදු තුනක කාලයක් තමන්ට දකින්න නොලැබුනු ඒ සුන්දරත්වය දිහා මහා ලොකු කෑදරයකින් බලාගෙන හිටියා .. හොඳට මතක තියාගන්න ආදරය නෙමෙයි කෑදරයකින් කියන එක ..
" තවමත් ඉස්සර වගේමයි .. මේ කම්මුල් .. තොල් .. හැමදේම ඉස්සර වගේමයි .. අන්තිමට ඔයා මගේ ඉස්සරහ , මගේ කාමරේ , මගේ ඇද උඩ ජන්කුක් .."
.
.
.
| Time Skip |
පැය භාගයක පමණ කාලයක් ගෙවිලා ගියත් ජන්කුක් තවමත් සිහිසුන්ව ඇඳ මත වැතිර සිටින අතරෙම , අඳුරු මඩ පැහැ ඇස් දෙකක් තවමත් ඇද මත සිටින ජන්කුක් ගෙ මූණ දිහා බලාගෙන හිටියා ..
මේ වෙද්දි ජන්කුක්ට සිහිය ඇවිත් තිබුනත් ජන්කුක් තවමත් ගැඹුරු නින්දකයි හිටියෙ .. ටික වෙලාවක් ඒ විදියට ගෙවෙද්දි ජන්කුක් ඔහුගෙ හිස දෙපැත්තට සොලවන ගමන් මුමුණන්න පටන් ගත්තෙ දාඩියෙන් පෙගුණ ශරීරයක් ද ඇතුවයි ..
" නෑ ... කරුණාකරල එපා .... .. මාව අල්ලන්න එපා .... නෑ ... කරුණාකරල මට යන්න දෙන්න ....."
ජන්කුක් හෙමින් මුමුණද්දි ජන්කුක් මුමුණණ දේ හරියටම අහගන්න ඕන වුන ටේහ්යුන්ග් ජන්කුක් ගෙ මුව ලගට පහත් වුනා .. නමුත් ජන්කුක් තවමත් නින්දෙ .. ටේහ්යුන්ග්ට තේරුනා ජන්කුක් හීනයක් දැකලා කියලා .. ඒකත් තමන් ඉන්න හීනයක් කියල දැනගත්තම ටේහ්යුන්ග්ට අමුතු සතුටක් දැනුනා .. ජන්කුක් ලගට ලං වුන ටේහ්යුන්ග් මන්දගාමී නමුත් ගැඹුරු හඩකින් ..
" මං තවමත් ඔයාට මොකුත්ම කරේ නෑනෙ බේබි .."
" අනේ නෑ ..... ට් .. ටේහ්යුන්ග් ... රිදෙනවා .... මට යන්න දෙන්න ........"
ජන්කුක් කියද්දි චට කොනට හිනාවුන ටේහ්යුන්ග් ජන්කුක් ලගින් ඉවත් වෙලා බෙඩ් ටේබල් එක උඩ තිබුණ වයින් වීදුරුව අතට අරගෙන එයින් උගුරක් තොල ගාලා ..
" හීනෙනුත් ඒ වගේ දෙයක් .."
ජන්කුක් තවමත් හීනෙන් මුමුණනවා .. ඒ වගේම තමා ජන්කුක් මුමුණන ගමන්ම අඩනවා .. උණුසුම් කදුලු බිංදු ඒ රෝස පාට කම්මුල් තෙමද්දි කෙනෙක් ඒ දිහා බලාගෙන ඒ හැමදේම ගොඩක් හොදට රසවිඳිනවා .. ඔව් ඒ ටේහ්යුන්ග් ..
කරුණාකරල මට යන්න දෙන්න ... කරුණාකරල ... ටේ..හ්යුන්ග් .... උ ... උදව් කරන්න .... මට .. හියුන්ග් .... එයා ... මට රිද්දනවා ....... ටේ .."
ජන්කුක් ගෙ හැම අංගයක්ම රසවිඳින ගමන් හිටිය ටේහ්යුන්ග්ට ඇහුනා " හ්යුන්ග් " කියල වචනයක් ජන්කුක් ගෙ කටින් පිට වෙනවා .. ටේහ්යුන්ග් ගෙ අතේ නහර පිටතට දිස්වෙන්න තත්පරයක් ගත වෙන්න ඇති අඩුම ..
" aiishhh ඔයාගේ hyung අපි අතරේ මොකද කරන්නේ බබා ... ඔයා මාව පිස්සෙක් කරනවා ..."
" No.....! ට් ... ටේහ්යුන්ග් .."
දාඩියෙන් පෙගුණ , වෙව්ලන ශරීරයක් එක්ක ටේහ්යුන්ග් ගෙ නම කෑ ගහගෙන නින්දෙන් අවදි වුන ජන්කුක් හයියෙන් හුස්ම ගන්න ගත්තා .. කට කොනට හිනාවුන ටේහ්යුන්ග් ..
" ඔව් බබා මං මෙතන ඉන්නවා .. "
නින්දෙන් අවදි වුන ජන්කුක් ටේහ්යුන්ග් ගෙ ඒ ගැබුරු කටහඬ එන්නේ කොතැනින්දැයි කියලා බලන්න ඇලවිලා හිටිය ඇදෙන් නැගිට්ටෙ ඊයක වේගයකින් .. ජන්කුක් දැක්කා තමා සිටින ඇදට පැත්තකින් ඇති සෝෆාවක් මත වාඩි වී වයින් තොල ගාන ටේහ්යුන්ග් ගෙ කඩවසම් රුව .. ටේහ්යුන්ග්ව දැක්කත් ඇති ජන්කුක් ගෙ මුලු සිරුරම වෙව්ලනවා ..
ඉදගෙන හිටිය සෝෆාවෙන් නැගිට්ට ටේහ්යුන්ග් හෙමින් හෙමින් උනත් බර අඩි තියන ගමන් ජන්කුක් ලගට ලං වුනා .. ජන්කුක් ලගට ලං වුන ටේහ්යුන්ග් ඔහුගෙ ගැඹුරු හඩින් ..
" ඔයාගේ හීනේ මං ගෝඩක් දරුණු වුනාද බබා .. !"
ජන්කුක් ගෙන් ටේහ්යුන්ග් අහද්දි දැඩි හඩකින් යුතුව ජන්කුක් ටේහ්යුන්ග්ට උත්තර දුන්නා ..
" තමුන් මගේ හීනෙකතවත් හිටියෙ නෑ .. !!!"
.
.
.
.
.
________________________♡
ඔන්න ටේ කුකී දෙන්න මුණ ගැහුනා ..
ඊලග එක අරන් ඉක්මනට එන්නම් ..
Tk_Nethu
12 / 06 ♡