DANDELION... (Jikook) || Ongo...

By Gloomy_Bun

820 143 157

Dandelions represent the rebirth of growth and green after a harsh winter... And also the dandelion is a symb... More

Chap.01
Chap.02
Chap.03
Chap.05
Chap.06

Chap. 04

111 23 28
By Gloomy_Bun


Author's pov-

ඇහැරුන විදිහටම ජන්කුක් දැන් පැයක විතර ඉදලම එයාගෙ බ්ලැන්කට් එක අස්සට වෙලා සිවිලිම දිහා බලාගෙන හිටියා. ටිකෙන් ටික ජනෙල් වලින් කාමරේට වැටෙන ඉර එලිය වැඩි උනා උනත් කොල්ලා නැගිටින්න උත්සාහ කලේ නෑ. එයා බලන් හිටියා ජිමින් කොයි වෙලෙ හරි කාමරෙන් ඇතුළට එබෙනකම්. කොල්ලා දැනගෙන හිටියෙ නෑනේ ජිමින් ඒ වෙද්දිත් නින්දෙ හිටපු ජන්කුක්ට තමන් යන බව කියලා වැඩට ගිය බවක්. මුළු රෑම අඩනින්දෙ හිටපු ජන්කුක්ට උදේ පුංචි වෙලාවක් හොදට නින්ද ගිහින් තිබුනා. ඉතින් ජිමින් කැමති උනෙත් නෑ හොද නින්දක ඉන්න තමන්ගෙ මල්ලිව පාන්දරින්ම ඇහැරවන්න.

චූටි ජන්හි කීපසැරෙ අඩන සද්දෙ එක්කම එකසැරයක මින්සු බබාට සැර කරන හැටිත් ජන්කුක් ඇද උඩටම වෙලා අහගෙන හිටියා. ඒත් කොල්ලට ජිමින්ගෙ කටහඩ මොහොතකටවත් ඇහුනේනම් නෑ. කොල්ලා හිස් අවර්ණ ගැහුන සිවිලිම දිහා බලාගෙන හිටියා. සිවිලිමේ කොන්වල ලොකු මකුළුවො ගෙවල් හදාගෙන වගෙම ඒ මකුළු දැල් වල දූවිලි පවා බැදිලා තිබුනා.

බැරිම තැන පෝන් එක අතට ගත්ත ජන්කුක් ලොකු හුස්මක් පිටකරලා විනාඩි කීපයක්ම අතේ තියාගෙන හිටියෙ හරිහමන් තීරණයක් නැතිව. ටිකකින් කොල්ලා ගැහෙන ඇගිලි එක්ක ස්ක්‍රීන් ඔන් කලා. කොල්ලා තවමත් ස්කුල් චැට් රූම් එකේ ඉන්නවා. ඉතින් අනිත් ළමයි එයාට ආයෙමත් නැගිටින්න බැරි එක, එයා ආයෙමත් නොදකින එක සමරන විදිහ ජන්කුක් හැගීම් නැති මූණකින් කියෙව්වා. ඒ අතරින් බැනපු සමහර ළමයි ජන්කුක්ට දැකලාවත් පුරුදු උනේ නෑ. ඒත් එයාලා ජන්කුක් එක්තැන් උන එක ගැන පුදුම විදිහට සතුටු වෙලා.

කොල්ලගෙ තවත් පැය කීපයක් ගත උනේ ස්කෝලෙ ළමයි තමන් ගැන කියපු දේවල් කියවලා බලන්න. ඒත් මොහොතකටවත් ඒ මූණෙ සීතල බව මැකිලා ගියේ නෑ. පසුතැවීමක්, දුකක්, කලකිරීමක්.... නෑ. කිසිම හැගීමකට ජන්කුක්ගෙ මූණෙ සීතල නැති කරන්න පුලුවන් උනේ නෑ.

ඒ හැම මැසේජ් එකක්ම අකුරෙන් අකුර හොදින් කියවලා ඉවර කලාට පස්සෙ කොල්ලා පෝන් එක ආයෙමත් ඇද කොනකින්ම තිබ්බා.

හිමින් සීරුවෙ කෙලින් උන ජන්කුක් ටිකක් ඇදිලා අතෙන් රෝද පුටුව ඇද ළගට කරගෙන ඒකෙන් වාඩි උනා. කොල්ලට බෑ හැමදාම කාමරේම හැංගිලා ඉන්න. එලියට යන්න පුංචි කලබලගතියක් දැනුනා උනත් ජන්කුක් දොරත් ඇරගෙන එලියට ආවා. කොල්ලා එලියට එනකොට මීන්සුනම් පේන්න හිටියෙ නෑ. ඒත් චූටික්කි බිම පුරාම පාට කූරු රෝල් කරගෙන මොනවදෝ පාට කලා. ඉතින් ජන්කුක්ගෙ නැවතුම උනේ චූටික්කි ළඟ.

තවමත් අවුරුදු එකහමාරක් උන පුංචි දරුවා අදින චිත්‍රය දිහා ජන්කුක් බලාගෙන හිටියෙ ඇස් පුංචි කරගෙන. ඒකෙ අමුත්තක් තිබුනා. එයා ඇන්ද චිත්‍රෙ ඇපැහැදිලි බව ඇත්ත. ඒත් බැලූ බැල්මට තුන්දෙනෙක් හිටපු චිත්‍රෙ එක රූපයක් සම්පූර්ණයෙන්ම පාට කරලා තිබුනෙ කලු පාටින්. අනිත් කොණ්ඩයක් වගෙ දෙයක් තිබුන ලොකු රූපේ වගේම ඒ ළගින්ම තිබුන පුංචි රූපෙත් ලස්සන කරන්න චූටික්කි පාට ගොඩක් පාවිච්චි කරලා.

ඒත් එකම එක ලොකු රූපයක් තිබුනෙ තනිකරම කලු පාට ගාලා...

ඒක මහලොකු දෙයක් නොවුනත් ඒ චිත්‍රේ රූප වෙන වෙනම හිතේ ගලපන එක නවත්තගන්න කොල්ලට පුලුවන් උනේ නෑ. ඉතින් ජන්කුක්ට ඒක සාමාන්‍ය පුංචි දරුවෙක්ගෙ චිත්‍රයක් ගානින් නොසකලා හරින්නත් බෑ.

ජන්කුක් බලාගෙන ඉන්න බව දැනිලදෝ කෙල්ල ටිකකට ඔලුව උස්සලා බැලුවා. එයාගෙ අතේ ඒ මොහොතෙ තිබුනෙත් රෝස පාට පාට කූරක්. ජන්කුක්ට ඒක දැක්කම හිතුනෙ එක දෙයයි.

*ඕකෙන් ටිකක් කලු රූපෙත් ගාන්නකො... ඒකත් පාට වැටේවි.ඇයි ඔයා ඔය පාට ඒකෙ නොගාන්නේ? ඔයා එහෙනම් මොකටද ඒක ඇන්දේ!? ඔයාගෙ අතේ ලස්සන පාටකූරු ගොඩකුත් තියෙද්දි ඇයි ඒකට එහෙම කලේ?*

කොල්ලා ටික වෙලාවක් දරුවගෙ අතේ තිබුන රෝසපාට පාට කූර දිහාම බලන් හිටියා. දරුවා එතනින් යනවා කියලා දැනෙනකම්ම කොල්ලා බලාගෙන හිටියෙ චූටි අතේ නුහුරට ගුලි උන පාටකූර දිහා.

චූටික්කි ජන්කුක් දැක්ක හැටියෙ මූණත් අමුතු කරන් චිත්‍රෙත්, ළඟ තිබුන පාට කූරු කීපයකුත් ගුලි කරගෙන එතනින් එහාට උනා. ඇවිදගන්න පුලුවන් උනත් එයා තවමත් ඇවිද්දෙ හුරතලේට නිසා ජන්කුක්ගෙ අවධානෙ ඉක්මනින්ම පාට කූරෙන් පුංචි පැටික්කිට ගියා.

ජිමින්ගෙ වගේම පිරුණ තොල් එක්ක හුරතල් ඇස් තිබුන පොඩි කෙල්ල ජන්කුක් දිහා බලද්දි ජන්කුක්ට හිතුනා පුංචි එකී එක්ක හිනාවෙන්න. ඒත් කොල්ලට ඒකට අවස්ථාවක් ලැබුනෙ නෑනේ. චූටික්කි මූණ දිහා බලපු වෙලාවෙ ජන්කුක්ට එයා එක්ක හිනා වෙන්න බැරි උනානේ රෝස පාට පාට කූර නිසා.

"ආහ් ඔයා නැගිට්ටද?"

ජන්කුක් ගැස්සිලා ගියා. දරුවට මොනවදෝ බෝල් එකක දාලා අරගෙන ආපු මින්සු ඒක දරුවගෙ අතට හැන්දක් එක්කම දීලා ජන්කුක් දිහා බැලුවා. ජන්කුක්ට අදහසක් තිබුනෙ නෑ මොනවගේ දෙයක් කියන්නද කියලාවත්.  ඉතින් කොල්ලා කලේම විනාඩි කීපයක් මින්සු දිහාම බලන් හිටපු එක, කෙල්ල ආය කතාකරන තුරුම.

"ජිමින් කිව්වා නැගිටලා ආවම කන්න දෙන්න කියලා. මූණ සෝදගෙන එන්න. මම කෑම මේසෙන් තියන්නම්"

මින්සුගෙ වචන දරදඩුයි වගෙ කොල්ලට දැනුනේ. ජන්කුක් ඒකට නිකම්ම ඔලුව දෙපැත්තට වනලා උත්තර දුන්නෙ මින්සු එතන පුටුවක දාපු රෙදි ටිකත් එකතු කරගෙන යනකොට.

බාතෲම් එකට ආවත් මිරර් එක තරමට ජන්කුක්ගෙ රෝද පුටුව උස උනේ නෑ. කොල්ලා වාඩිවෙලාම වැඩ කරගත්තෙ මූණ බලන එක ගැන හිතන්නවත් මහන්සි නොවී. ඒක ජන්කුක්ට වඩා ගොඩක් උස උනා.

ලොකු බිල් එකක් ගෙවපු හොස්පිට්ල් එකේ තරම් අසනීපකාරයෙක්ට පහසුකම් ජිමින්ගෙ ගෙදර තිබුනෙ නෑ. බාතෲම් එක ඇතුළෙ ජන්කුක් රෝද පුටුව එහාමෙහා කරගත්තෙම අමාරුවෙන්. වොශින් මැශින්, කොමඩ්, සින්ක්..  අතරට ලොකුම ලොකු රෙදි බකට් එකකුත් තියෙද්දි ජන්කුක්ගෙ රෝද පුටුවට ඉඩක් නොතිබුනම තරම්.

හැමදේම කරගෙන ලොකු වෙලාවකට පස්සෙ ආයෙමත් සාලෙට එනකොටත් පුංචි එකී හිටියෙ පාට කූරු එක්ක සෙල්ලමේ. මින්සු එතනම බිම වාඩිවෙලා චූටික්කිට කලින් ගෙනත් දුන්න බෝල් එකෙ තිබුන කෑම ජාතිය කවන්න උත්සාහ කලා.

"මේසෙ කෑම තියනවා. කන්න"

ජන්කුක් ලගට යන්නත් කලින්ම කොල්ලා දිහා බලලා කියපු මින්සු ආයෙමත් චූටික්කිට කෑම කැව්වා. එයාට ඒක කවාගන්න ලේසි උනේ නෑ පොඩි කෙල්ල හිටියෙ චිත්‍රෙටම කිඳා බැහැලා නිසා. කොල්ලා තවත් විනාඩි කිපයක් එකම තැනක නැවතිලා වැයකලා මින්සු කවන කවන කට චිත්‍රෙටම එබීගෙන කටේ පුරවන් කන පුංචි එකී දිහා බලාගෙන ඉන්න. මින්සු දරුවගෙ කටේ කෑම එබුවා. ඒ තරමට එයා හිටියෙ වෙන සිහියක.

හිමින් සීරුවෙ කලින් දවසෙ කාපු තැනටම රෝද පුටුව අරගෙන ආපු කොල්ලා එයාට වෙන් කරලා තිබුන කෑම වේල කන්න පටන් ගත්තා. ජිමින් කලින් දවසෙ කොල්ලා වෙනුවෙන් කෑම මේසෙ පුටුවක් අයින් කරලා හදපු ඉඩකඩ තවත් තිබුන එකෙන් ජන්කුක්ට අපහසුවක් උනේ නෑ.

කටවල් කීපයක් කද්දිම ජන්කුක්ට දැනුනා දරුව ළඟින් මින්සු නැගිටලා එන හැටි. කෙල්ල කෙලින්ම ඇවිත් නැවතුනේ ජන්කුක්ගෙ ඉස්සරහා කෑම මේසෙ පුටුවට අත් තියලා බරවෙන ගමන්.

කෑම එකටම මූණ ඔබන් ඉදපු ජන්කුක් බලාපොරොත්තු උන ඉක්මනින්ම මින්සුගෙ කටින් මුකුත් පිට උනේ නෑ. එයා ටිකක් වෙලා නිශ්ශබ්දවම ජන්කුක් කන දිහා බලන් හිටියා.

"ජිමින්ගෙයි ඔයාගෙයි අතරෙ තියෙන්නෙ මොනවගේ සම්බන්ධයක්ද?"

ජන්කුක් එකපාරම ඔලුව උස්සලා මින්සු දිහා බැලුවා. කෙල්ල කෙලින්ම ජන්කුක්ගෙ ඇස් දිහා බලාගෙන හිටියෙ.

"හියෝන්..."

"එයාටම සහෝදරයෙක් නෑනේ! එයා පවුලෙ එකම ළමයා. කොහොමද එතකොට එයා හියෝන් වෙන්නෙ?"

ජන්කුක්ට ඒකට දෙන්න උත්තරයක් තිබුනෙ නෑ. කොල්ලා ආයෙමත් කෑම එකට ඔලුව ඔබාගෙන චොප්ස්‍ටික් කූරු දෙකෙන් එග් රෝල් කෑල්ලකට ඇන්නා.

"එයා මොකටද ඔයා ගැන ඔය තරම් වදවෙන්නෙ!? එයා පිරිමින්ට කැමති කෙනෙක්ද?"

එග්‍ රෝල් එකට අනින ගමන් ඉදපු ජන්කුක්ගෙ අත එහෙම්මම එකතැනක නැවතුනා.  ජන්කුක්ට මින්සු කියපු වචන හරිහැටි තේරුනේ නෑ.

"මට ඇත්ත කියන්න!"

මින්සුගෙ කටහඩ ඒ පාර ඇහුනෙ ටිකක් දරුණුවට. ඒත් එක්කම ජන්කුක්ගෙ සීතල ඇසුත් ආයෙම මීසුගෙ ඇස් එක්ක සම්බන්ධ උනා.

"එයා මගෙ හියෝන්. එයාලාගෙ පවුලෙන් හදාගන්න ගත්‍තු ළමයෙක් මම."

ජන්කුක්ගෙ සන්සුන් වචන එක්ක මින්සු සැහීමකට පත් උන බවක් පෙනෙන්න තිබුනෙ නෑ. ඒත් කෙල්ල තවත් මුකුත් නොකියාම දරුවට කෑම කවපු හිස් භාජනෙත් අරන් එතනින් යන්න ගියා.

එයා යන දිහා ජන්කුක් තොල කොනකුත් දත් වලින් තදකරගෙන මොහොතක් බලාගෙන හිටියා.

කුස්සියට ආපු මින්සු බෝල් එක සින්ක් එකට විසිකරලා තරහාව පිරුන කට කොනෙ හිනාවක් දාලා ආයෙමත් සාලෙට ගියේ ජන්කුක්ව පහු කරගෙන උනත් මේ පාර මින්සු කොල්ලට අවධානයක් දුන්නෙ නෑ. නිකම්ම කොල්ලව පහුකරගෙන දරුවා ළගට ගියා.

දවසෙන් බාගයක්ම ජන්කුක් හිටියෙ සාලෙ කොනකට වෙලා. මින්සු කැමති උනේ නෑ දරුවා ජන්කුක් ළගට එනවට. ඒ වගේම චූටික්කි උනත් නුපූරුදු අමුත්තා ගාවට ආවෙ නෑ. ජන්කුක් දරුවා දිහා ගොඩාක් වෙලා බලාගෙන හිටියා උනත් එයා ජන්කුක් එක්ක යාලු වෙන්න උත්සාහ කලේ නෑ.

එයා දවස පුරාම කාටූන් බලබල හරි, එක එක දේවල් වලින් සෙල්ලම් කරකර හරි හිටියෙ නැත්තම් ඇගිල්ලක් සූප්පු කරකරම නිදාගත්තා. මින්සුටත් තමන්ගෙ ගේ ඇතුළෙ දෛනිකව කරන වැඩ ගොඩාක් තිබුනා කරන්න. එහෙම බලනකොට නොසන්සුන් විදිහට පැය ගානක් තැන් තැන් වලට වෙලා ඇගිලි පොඩි කරමින් ඉදපු එකම කෙනා ජන්කුක්.

බැරිම තැන කොල්ලා තමන්ගෙ කාමරේට ආවා. ජනේලෙන් එලියෙ මහලොකු පරිසර සුන්දරත්වයක් තිබුනෙ නෑ ජන්කුක්ට රසවිදින්න. ජනේලෙන් එලියෙ තනබිස්ස එක්කම ටිකක් එහාට වෙන්න අතුරු පාරක් තිබුනා. ඒකෙ ඉඳහිට යන වාහන, මිනිස්සු ඇරෙන්න කොල්ලට බලන්න තිබුනෙ සාමාන්‍ය තණකොළ වගේම ගස් කීපයක් තිබුන පරිසරයක්.

පරිසරය අදුරු වෙලා සම්පූර්ණයෙන්ම කලුපාට ගැහුනත් ජන්කුක්ගෙ කාමරේ ලයිට් පත්තු උනේ නෑ.

සාමාන්‍ය තරුණයෝ වගේ පෝන් එකෙන් බලබල ඉන්න දේවලුත් ජන්කුක්ට තිබුනෙ නෑ. කොල්ලා පෝන් එක ගත්ත හැම මොහොතකම කලේ සෝශල් මීඩියා වල, ගෲප් චැට් වල එයා ගැන මිනිස්සු කියපු දේවල් ආයෙ ආයෙමත් බලපු එක. ඒ අතරෙ ජන්කුක්ගෙ සීතල හැගිම් විරහිත මුණෙ පොඩි සමච්චල් හිනාවක් අරක්ගත්තෙ එකම එක පාරක විතරයි.

එක කෙල්ලෙක් අනිත් අය එක්ක කියලා තිබුනා ජන්කුක් තට්ටු තුනක් උඩ තිබුන පන්තිකාමරේ ජනේලෙන් පනින්න ඇත්තෙත් එයාට කරපු වැරදි වලට මිනිස්සු බනිද්දි දරාගන්න බැරිකමින් සියදිවි හානි කරගන්න ඕනි උන නිසා වෙන්න ඇතිලු.

ඒත් මේ මොහොතෙ ජන්කුක් ඒ මිනිස්සු බැනපු දේවල් වලට වඩා දවස් ගුණයක් හිත රිදෙන කතා කියවන්න ඇති... ඒත් ඒ දේවල් වලට බැරි උනා අඩුම තරමින් ජන්කුක්ගෙ ඇස්වලට එක කදුලු බින්දුවක් අරන් එන්න!. ඉතින් ඒ කෙල්ල මොන තරම් මෝඩ ඇතිද? ඒ හැගීම ජන්කුක්ගෙ සමච්චල් හිනාව මොහොතකට අයිති කරගත්තා.

"කුක්?"

දොර කිරිකිරි ගාලා හෙමින් ඇරෙන සද්දෙත් එක්කම ජිමින් ඇතුළට එද්දි හැරිලා බැලුවා උනත් කලුවර එක්ක ජන්කුක්ට කොල්ලව පෙනුනෙ නෑ.

"ඇයි ළමයො මේ කලුවරේ ඉන්නේ??"

ජන්කුක් කතා කලේ නෑ. ඒත් ජනේලේ ගාව ඉන්න කොල්ලව ජිමින් ලාවට වැටෙන හද එලිය එක්ක අදුනගත්තා. කොල්ලා ලයිට් එක දාලා ලොකු හිනාවක් එක්කමයි එයා දිහා බලන් ඉන්න තමන්ගෙ මල්ලි ලගට ගියෙ.

"මොකද කොල්ලා අද කලේ??"

ජිමින් ජන්කුක්ගෙ ලගටම ගිහින් කොණ්ඩෙ ටිකක් ඇවිස්සුවා උනත් ජන්කුක් බලාගෙන හිටියෙ ජිමින්ගෙ ඇදුම දිහා. කොල්ලා තවමත් හිටියෙ වැඩට ගිය ඇදුම පිටින්.

"ඔයාට ඇග සෝදගන්න බැරි වෙන්නැතිනේ අද. ඒකමයි මම ආපු ගමන්ම පුටුවක් බාතෲම් එකෙන් තියලා ආවෙත්."

ජන්කුක් ළඟින් ඈත් උන කොල්ලා ජන්කුක්ගෙ රෙදි බෑග් එක ඇරලා ඒකෙන් කලිසමකුත් ටීශර්ට් එකකුත් අතට ගත්තා.

"අර අල්මාරියේ මේ පැත්තෙන් ඔයාගෙ රෙදි ටිකත් දාගන්න කුක්. ඒකෙ මගේ ඇදුම් ඇත්තෙ. ඔයාට පුලුවන්නෙ ඒ ටික එක පැත්තකට දාලා මේ ටික තියාගන්න. නේද? තව ඕන දේවල් මොනවාම හරි තිබුනොත් ලැජ්ජ නැතුව මට කියන්න... කෝ ඔයාගෙ යට ඇදුම් දෙකයිද තියෙන්නෙ?"

ජන්කුක්ගෙ බෑග් එකේ රෙදි ඔක්කොම පෙරල පෙරල බලපු ජිමින් අන්තිම ටික අහන ගමන් ජන්කුක් දිහා බැලුවා උනත් දැනටමත් කන් දෙකේ ඉදන් රතුවෙන ජන්කුක්ගෙන් කොල්ලා උත්තරයක් බලාපොරොත්තු උනේ නෑ.

"මම ඒවා අරන් එන්නම් හෙට හොදද. තව ඕනි දේවල් මට කියන්න."

බෑග් එක ආයෙමත් වහලා තියලා පුටු ඇන්දක දාලා තිබුන ටවල් එකත් උරහිසෙන් දාගත්ත ජිමින් පෙර දැනිම් දීමක් නැතිවම ජන්කුක්ව උස්සලා තමන්ගෙ අත් අතරට ගත්තා.

කොල්ලා ජන්කුක්ව බාතෲම් එකට අරගෙන යද්දිත් මින්සු දරුවා වඩාගෙනම බලන් ඉන්න හැටි ජන්කුක් දැක්කා.

ජන්කුක්ට පහසුවෙන් ගන්න පුලුවන් විදිහට හැමදේම තියලා හෑන්ඩ් ශවර් එකත් අතට දීලා එලියට ආපු ජිමින් පුටුවට කඩන් වැටුනේ ඇසුත් වහගන්න ගමන්. කොල්ලා ඇස් වහගෙනම ශර්ට් එකේ බොත්තම් දෙක තුනක් ගලවලා දැම්මා.

පැටික්කි ජිමින් ගැන වගේ වගක් නැතුව මොහොතකට කලින් අම්මා අතට දීපු බෝනික්කිගෙ හැඩ බැලුවා. ටික වෙලාවකට පස්සෙ හිටපු විදිහටම ඔලුව පැත්තකට බර කරන් ඇස් ඇරලා දරුවා දිහා බලපු ජිමින්ගෙ මූණෙ සතුටු හිනාවක් පිරුනා. දරුවා එයා ගෙනාපු බෝනික්කට හරි ආස පාටයි. එයා ඒ බොනික්කගෙ අතක් දැනටම ගලවගන්න හදනවා උනත් අලුත් තෑග්ගට කෙල්ල හිටියෙ නටනට.

එදා රෑත් කලින් වගේම ගෙවිලා ගියා. ජිමින් දරුවව කෑම වෙලාවෙදි තමන් ළගට ගත්තා. අප්පයි දුවයි එකම ප්ලේට් එකේ කෑම ටික ඉවර කලා. නින්දට කලින් ජිමින් ජන්කුක්ට හොදට බෙඩ්ශීට් එක පොරවලා ඔලුව අතගෑවා. ඒ හැමදේම අතරෙ කලින් දවසට වඩා වරදකාරී බවක් ජන්කුක්ට හැම මොහොතකම දැනුනා.

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

අප්ඩේට් දෙන්නෙ නිවාඩු දවස් අල්ලලා හොදෙද... ❤ ඒ නිසා සතියකට එකක් වගෙ තමයි වැටෙන්නෙ. මාත් එක්ක තරහා වෙන්න එපා බෝලස්.අනිත් දවස් වලටත් වෙලාව හම්බුනාම ලියනවා. ඒත් ප්‍රොමිස් වෙන්න බෑ ඉතිම්.. අලාවියු.❤❤❤❤❤

Continue Reading

You'll Also Like

731K 44.2K 112
Y/N L/N is an enigma. An outgoing, cheerful, smiley teenage boy. Happy, sociable, excitable. A hidden gem in the rough of Japan's younger soccer pl...
140K 7.7K 51
Abandoned and ignored by her father, Princess Vaella remained at her mother's side. Forced to watch as life went on for those around her, while her...
400K 12.7K 33
"Would you keep that mouth shut, or should I just fucking fill it up instead?" Forced to Retire due to his arm injury, Kenji Sato is back to his arg...
1.9M 80.6K 126
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC