🔥🐉The Eclipse🔥🐉🌒 ❤️ ZY �...

By ChenQing4

37.3K 8.2K 6.2K

"ඉරණම් ගමනේ පෙරුමන් පිරුවේ... රිදුමන් සඟවා නිබඳේ... සැනසුම දිවියේ හැම දේ තිබුණේ... ඔය උණුසුම ළඟ ළමැදේ...." 🐉... More

🔥🌘චරිත හැඳින්වීම🌒🔥
1.🍁 සොයා ආ ඉරණම 🍁
2.🍁පණපිටින් මිනිසුන් කන අමුතු සතෙක්🍁
3.🍁 අමු මස්🍁
4.🍁 අළු පාට මුණුනු සහ කළු මකරා 🍁
5.🍁 උතුමාණනි නවතින්න ! 🍁
6.🍁 ශාපයේ ඇත්ත 🍁
7.🍁හිතුවක්කාර උතුමාණෝ🍁
8.🍁දිනය තීන්දුයි 🍁
9.🍁සිතුවමකි නුඹ🍁
10.🍁 මරණයේ නිම්නය දෙසින්..ඉතිං ඔබ සමු ගන්න.. 🍁
11.🍁 ආදරයේ නිම්නය🍁
12.🍁 හිත සතුටින් 🍁
13.🍁 මෘදු ඇඟිලි තුඩු 🍁
14.🍁 පළමු බැල්මෙන් ආදරය 🍁
15.🍁 භයානක කපුකම 🍁
16.🍁 අමුතු බෙහෙතක් 🍁
17.🍁 එදා වගෙ අදත් ....🍁
18.🍁 ඇයි නුඹ ආවේ...!🍁
19.🍁 ඇවිලුණු ගිණි දැල් 🍁
20.🍁 අද නම් තනිවෙනු බෑ 🍁
21.🍁රස නිසා විඳවීම 🍁
22.🍁 උතුමාණන්ගේ උණු දඬුවම 🍁
23.🍁 කොන්දේසිය..! 🍁
24.🍁 ළඟින් සිටි කාලයෙත් දැනුණා.. දුරක් තිබුණා.. 🍁
25.🍁 නුඹ කොහිද සැඟවුණේ 🍁
26.🍁 හිතක් තිබුණා ඔබ ලබන්නට 🍁
27.🍁 ලිපියක්..! 🍁
28.🍁 ආපහු හැරෙමි.. ඇය නිසා..! 🍁
29.🍁 මිනී මරුවා..! 🍁
30.🍁 නුඹ නැති නිසා 🍁
31.🍁 ඔක්කොම කණපිට..! 🍁
32.🍁 Telescope දෙයියා🍁
33.🍁 කුමන්ත්‍රණය 🍁
35.🍁 ඔහු පැමිණේ වි...! 🍁
36.🍁 උමතුව ⚠️ 🍁
37.🍁 සුන් උණු බලාපොරොත්තු 🍁
38.🍁 ලීගෙ රහස් 🍁
39.🍁 පාපොච්චාරණය 1 🍁
40.🍁 පාපොච්චාරණය 2 🍁
41.🍁 සැඟවුන අතීතය 1 🍁
42.🍁සැඟවුන අතීතය 2 🍁
43.🍁 සැඟ උණු ආදරය 🍁
44.🍁 සඳ මුදුන් උණු දෙවොල 🍁
45.🍁 විවර උණු දොරටු 🍁
46.🍁 වැළපෙන ගහ 🍁
47.🍁 නුඹෙන් දුරස් වී 🍁
48.🍁 ප්‍රතික්ෂේපිත දරුවා 🍁
49.🍁 සමාව... !!🍁
50.🍁 උරුම දඬුවම් 🍁
❗❗ Author Note
51.🍁 හිත හැදූ අමුතු ආහාරය 🍁
52.🍁 සදාකාලික ආදරය End 🍁
🍁 Special 1 🍁
🍁 Special 2🍁
🍁 Thank You All 🍁
🍁 Cover 🍁

34.🍁 විස්වාසය 🍁

503 134 47
By ChenQing4

"මේ යක්ෂණි... මට.."

යීබෝ දත් මිටි කෑවා.

"ඉතිං රෙන් නොහිටින්න මං ඒ කෑම කකා තාම එතන...එහෙනම් ඉතිං මේ වෙලාවට ඇඳක් බදන් ඉදි නැගිට ගන්න බැරිව...."

"අනේ...ඔයා දැන් හොඳින්ද ගගා..."

යීබෝ ඇහුවේ කලබලෙන් ශාන්ව එහෙට මෙහෙට හරවන ගමන් වෙද්දී ශාන් යීබෝ අවුස්සන්න හිතන් හිනා උණා.

"දැන්.......ටිකකට කලින්.......අඩුවක් එහෙම දැනුණද මගෙ මැණිකට...."

"ආහ්.."

"මං කියන්නේ මං දුර්වල වෙලා...මගෙ ශක්තිය අඩුවෙලා වගේ...."

ශාන් යීබෝගේ මූණට එබිලා අහද්දී යීබෝ රතු උණා.

"ඊව්...නාකියා...අපරාදේ මගෙ සිරියස් මූඩ් එක..."

යීබෝගේ මූණ කලු වෙලා යද්දී ශාන් යීබෝගේ අත් දෙකත් අල්ලන් ආයීමත් කතාව පටන් ගත්තා.

"මං හොඳින් මැණික.ඒ ඩ්‍රග් එක එක දිගට ගද්දියි වීක් වෙන්නේ.මගෙ ගෙදර ගිය නිසා දැන් සතියක්ම ගන්න නෑනෙ.තව ඩ්‍රග් එකේ බලපෑම යන්නත් මන් බෙහෙත් බිව්වා.දැන් මං හොඳින්. ඒත් තව කාලයක් ගත්තා නම් තමා ප්‍රස්නේ... doctor කිව්වේ ස්නායු වලට උණත් බලපාන්න පුළුවන්ලු කාලයක් ගත්තොත්.."

"අනේ ගගා..."

"මං හොදින් බෝ....කොහොමහරි රෙන් බොරුවට ලී එක්ක රංඩුවක් දා ගත්තා එදා ලී මං එක්ක univercity එක ළඟට ගිය දවසේ.කලින් බඳින්න හිටපු එකා ගේ අස්සෙ දාගෙන මදිවට ඌ එක්ක ඇවිදින්නත් යනවාද කියලා.ඇත්තටම අපි කතා වෙලා එහෙම කරේ.මොකද එයාගෙ වැඩ දැනගෙන එයාගෙ ගෙදරින් යනවා කිවුවොත් අපි අනතුරේ. ඉතිං රෙන්ගේ කේන්තිය ඉස්සරහා ලී ට කට උත්තර නැතිව මං එයාගෙ ගෙදරින් මගෙ ගෙදරට යනකං බලන් ඉන්න උණා.මඟදී ලී ගෙ මිනිස්සුන්ගෙන් කරදරයක් වෙයි කියන බයට මගෙ අසනීපේ පිට දාලා රෙන් මයි මාව ගෙනත් බැස්සුවේ..."

ශාන් එකින් එක පැහැදිලි කරද්දි යීබෝ ගෙ හිතට දැනුනෙ තව තවත් පීඩනයක්.

' රෙන්..රෙන්.....රෙන්......තමුසෙ..'

"කොහොම උණත්...කාවවත්ම ඕනාවට වඩා විස්වාස කරන්න එපා ගගා..."

"හ්ම්ම්ම්ම්."

"හ්ම් ගාන්නේ...පොරොන්දු වෙනවාද...."

"හරි මැණික හරි...මං පොරොන්දු වෙන්නම්..ඒ වගේම මතක තියා ගන්නම්..."

අතින් පිරි මැදලම යීබෝ ගේ තුවාල කැළල වටේට ඒ වෙද්දීත් රතුම රතු වෙලා තිබුණා.ශාන් රෙන් ගැන විස්වාසෙන් හිටපු විදිහට තමන් කිව්වත් පිළිගන්නෙ නැති බව යීබෝ තේරුම් ගත්තා.අනිත් අතට රෙන් යීබොට තුවාල උණ එක ගැන වගේම ඒ සිද්ධිය දැනගෙන හිටපු නිසාම එය ඔහුම කල බව විස්වාස කරන්න බැරි බව ශාන්ගේ කතාවත් එක්ක යීබොට තේරුණා.

'සමහර විට ලී කරපු දේ දැන් වගේම එයා ට අහුවෙන්න ඇති..ඒ නිසා ඒ ගැන දන්නවා වෙන්න පුළුවන්....ඒත්....ගගා එක්ක ලී කරන හැමදේම කිව්ට්5වා නම්...ඇයි ඒ ගැන විතරක් නොකිව්වේ....හොරයක් නැත්තම්...'

යීබෝ වම් අතේ මැණික් කටුව නැවතිල්ලක් නැතිවම අනිත් අතින් පිරි මදින හැටි ශාන් සෑහෙන වෙලාවක් බලන් හිටියා.

" මැණික ඇයි මේ...කසනවාද.."

නොදැනුවත්වම ශාන් උත්තරෙකුත් දීලා අහද්දී යීබෝ කලබලෙන් හිස වැනුවා.

"ආහ්..ඕ..ඔව්...මේ..කසනවානේ....කැලල නිසා වෙන්න ඇති..."

"ම්ම්..කොහෙද ඉතිං කැළල තියාගන්නම ඕනා උනානේ...."

බස් එකේ දි  යිබෝගේ අතට බහෙත් දාපු හැටි මතක් වෙලා ශාන්ට හිනා ගියා.ශාන් ඒ මොහොතෙත් හිතුවෙ එදා තමන් යීබෝව නොසලකා හරිද්දී ඔවුන් එකිනෙක කතා කරන්න හේතුව උණේ තුවාලේ වෙද්දී ඒ නිසා යීබෝ ඒ කැළලට ආදරේ කරන බවයි.අනිත් එක ඒ තුවාලේ උණ විදිහත් විස ශරීර ගත උණු විදිහ ගැනත් අහන අහන ගානේ යීබෝ නිහඬ වෙද්දී ඒ කතාව හිත් රිදවීමකින්ම ඉවර වෙන බව දන්න නිසාත් ශාන් මේ මොහොතේ ඒ ගැන නොඅසා නිහඬ වෙන්න හිතුවා.අනිත් මොහොතේ ශාන් යීබෝගේ අත අරන් කැළල හෙමින් සිප ගත්තා.

"දැන් මං යන්නම් බෝ...බලන්න 4ත් පහුවෙලා..."

"අනේ ගගා..."

"තව සතියනේ මැණික...ඊටපස්සේ අපි යනවානේ ආපහු...එතකන් තව ටිකක් ඉවසන්න.."

"දැන් නම් බැරිවෙයි.."

පිටුපස හැරිලා ශාන්ගේ පපුවේ මූණ හංගාගත්තු යීබෝගෙ හුස්ම ආයිමත් උණුසුම් වගේම වේගවත් වෙන බව නිරුවත් පපුවට දැනෙද්දී ශාන් ඇතුලතින්ම වෙව්ලලා ගියා.

"හ්ම්...මටත්.."

ශාන් උගුර යටින් පවසද්දි යීබෝගේ ඇගිලි තුඩු ශාන්ගේ පපුව මත දඟ කරන්න උණත් ශාන් ඉක්මනින් යීබෝගේ අත අල්ල ගත්තා.

"ම්ම්හ්..මං යන්න ඕනා මැණික..එළිය වැටෙන්න කලින්...කෝකටත් කියලා
ගාඩ් කෙනෙකුට මගෙ ඇඳුමකුත් අන්දලා මාස්ක් එහෙමත් දාලා මගෙ වාහනෙත් අරන් ඔයාගෙ අපාර්ට්මන්ට් එක ළඟට යවලා මං තාප්පෙන් පැනලා taxi එකක මෙහෙට ඔයාව බලන්න ආවෙ.මේ තරම් පරිස්සම් වෙලා අන්තිම මොහොතේ වැරැද්දක් වෙන්න බෑ මැණික..."

"හ්ම්...මට තේරෙනවා ගගා...."

යීබෝ මහ බරට හෙළපු සුසුම යකඩ බරු වගේ ශාන්ගේ හදවත පතුළේම තැන්පත් වෙද්දී යීබෝ නිරුවතින්ම නැගිටලා කාමරෙන් එළියට ගියා.නිවස ඇතුලේ වෙලා තියෙන විනාසේ දකිද්දී ඇස් දෙකත් ලොකු කරන් කට කොණක උණු තෘප්තිමත් හිනාවකුත් එක්ක බිම වැටිලා කුඩුවෙලා තිබුණු බඩු අතරින් හෙමින් සීරුවේ ඇවිදන් ගිය යිබෝ
මොහොතකින් ගේ පුරා තිබුණු ශාන්ගේ ඇඳුනුත් එකතු කරන් ආපහු ආවා.

"වොෂ් දානවාද..."

"ම්හ්...මේ සුවඳ අද දවස ඉවර වෙනකංවත් මං ළඟ තියෙන්න ඕනා..."

ශාන් කියවද්දී යීබෝ අඬාගෙනම ගිහිං ආයිමත් ශාන්ට තුරුළු උණා.

"ඔය ඉතිං...මට යන්න බැරි කරන්නනේ හදන්නෙ...මේ ගමන ආව එක ගැන මට පසු තවෙන්න දෙන්න එපා මැණික...ඔයාගෙ කඳුලු පිහින්න මිසක් ඔයාට කදුළු දෙන්න නෙමෙ මං මේ ගමන ආවෙ..."

ශාන් කියවද්දී යීබෝ ඉක්මනින් නැගිටලා කඳුලු පිහගන්න ගමන් ශාන් දිහා බලලා හිනා උණා....

"මං අඬන්නේ නෑ හොදද..."

"ම්...සතියකින් එයාර් පොර්ට් එක ළඟදී හම්බවෙමු මැණික...කිව්වා වගේම පිටත් වෙන වෙලාවට ඔන්න මෙන්න තියෙද්දී එන්න.."

"හ්ම්ම්ම්.."

කතාවෙන්ම යීබෝ අතට දීපු ඇඳුම් ඇද ගත්තු ශාන් යන්න නැගිට්ටා.තොල් හපන් කඳුලු නවත්වා ගත්තු යීබෝ ශාන්ගේ අතේ එල්ලිලාම දොර ගාවට ගියා.

"පරිස්සමින් ඉන්න...ඒ වගේම පුරුදු විදිහට මේ සතියේත් ලී ගේ ගෙදර ළඟට යන්න.

" යන්නම ඕනද අනේ...ඔයත් නැතිව.."

"එකපාර යන එක නැවැත්තුවොත් එයා සැක හිතයි...ඒ වගේම අනිත් එක....මේ වලස් මූණ ආයි තියෙන්න බෑ මං දකිනකොට....මාව නොමරා මැරුවා මෙතන...."

ශාන් යීබෝගේ රවුළ රිදෙන්නම අත් දෙකෙන් අදින ගමන් පැවසුවා.

"මං කිව්වානේ... කපලා දෙන්න එන්න කියලා...ආවේ නෑනෙ...ඉතිං මං කැපුවේ නෑ..."

"හරි හරි තව සතියකින් පුරුදු පරිදි ඩියුටි පටන් ගන්නම්කො මං...එතකම් පණ්ඩිත කම් හිතුවක්කාර කම් නොකර හිත ගත ඔක්කොම පාලනේ කරන් හිටියා වගේම මේ ටික ඉන්න හොඳද...."

"හ්ම්ම්"

ශාන් යීබෝගේ නලල සිප ගන්න ගමන් යන්නත් හදලා ආයි ගේ ඇතුළට ගියා.සෝෆා එක උඩ තිබුණු යීබෝ උදේ ඉඳන් ඇදන් ඉඳලා පැය කීපෙකට කලින් ගලවලා විසි කරපු ටී ෂර්ට් එක අතට අරන් නහයට තියලා ලොකු හුස්මක් උඩට ගත්තා.

"මං මේක අරන් යනවා..."

ආයිමත් යීබෝව ළඟට අරන් තොල් දෙක සිපගෙන ඒ ඇස් වලට එබුණා.

"මතක තියා ගන්න....! අද කරපු දේට තාම දඬුවම් විදලා ඉවර නෑ හොඳ ද..."

"......"

"ඒ වගේම ආයි මුණ ගැහුනාම මට දැනගන්න ඕන...ඔයා මේ තරම් විස්වාසෙන් හිටියෙ කොහොමද...අපේ ජීවිත වලට අනතුරක් තියෙනවා කියන එක ගැන... මට කියන්න එපා...ඒ ෆාජිගේ අනාවැකි නිසාවත්...කලින් වතාවේ සිදු උන දේවල් නිසාවත් කියලා...මට සාධාරණ හේතුවක් ඕනා.
මං දන්නවා ඔයා මගෙන් මොනා හරි හන්ගනවා කියලා බෝ.."

යීබෝගේ තට්ටමක් මිරිකන ගමන් කියවපු ශාන් දොරත් වහගෙන පිට වෙද්දී ගල් වෙලා වගේ ශාන් කියාපු දේවල් අහං හිටපු  යීබෝ සිහි එළවන් කෑ ගැහුවා.

"කාවවත් විස්වාස කරන්න එපා........!!."

මතුසම්බන්ධයි.....
👩‍💻 dil

2023/02/07

🙃🙃🙃🙃

වස්තුලා ඔයාලා ඉන්නෝද......
මාව අමතක් වෙලා නෑ නේදො.....
හු කියම් යම්නලා ඉතිම්......😁😁

ටයිප් කරපු ටික ඉවරයි වස්තුලා🤧🤧
රෑ ටයිප් කරන්න හිතුවට මේ ටිකේ මහන්සිය නිසාම නින්ද යනවා.
ඉක්මනින් එන්නම් හොඳේ........
බලන් ඉන්න මං වෙනුවෙන් 🤗🤗

Continue Reading

You'll Also Like

1K 88 5
දරු පැටියෙක් වෙනුවෙන් ලේ කිරට හැරෙන්න ඒ දරුවව තමන්ගේ කුසින්ම බිහි කරන්න ඕනේ ද? ~ දෑස් පාරමී සිතුවම් දෑළේබණ්ඩාර
4.8K 1K 16
"උඹව තරම් මට ගැලපෙන කෙනෙක් මේ ලෝකෙ ඇතියි කියල මම හිතන්නෑ අයියෙ... අපි හෙමින් හෙමින් අපේ අනාගතේ ගොඩනගාගමු... අද බැරිඋනත් කවදාහරි දවසක මම උඹව රජෙක් වගේ...
2.2K 222 36
ආදරය, වෛරය, පළිගැනීම සමග මුසු වූ වේදානත්මක හදවත් කිසි දිනෙක සනසාලිය නොහැකි බව දැන උන් ආත්ම 2ක් එකිනෙක අහම්බෙන් මුණ ගැසුණු හමුවීමක් ඔවුන්ගේ ඉරණම ම වෙන...
160K 9.4K 100
"Great news! Wei WuXian has died!" "Wait- WHAT?!" "But I'm still here." The juniors (Lan Sizhui, Lan Jingyi, Jin Ling, and Ouyang Zizhen) accidentall...