"මට ඕක ඕනි මීහි.දෙන්න..."
"ආ..ජන්ග්කුක් ඔප්පා...මාව අතාරින්න...මේක දෙන්නේ නෑ."
මීහි එයාගේ ඇඳ උඩට නැග්ගා.
"ඒකේ ඉන්නේ ටේහ්‍යුන් විතරක් නෙවෙයි මෝඩියේ...මමයි ජිමිනියිත් ඉන්නවා."
"ඉතින් මට ඒක බලන්න විතරයි ඕනි වුණේ...ආව්..ඔයාලා හරිම කියුට් අප්පා."
"ඔන්න ඔය ෆොටෝ එක මෙහෙට දෙනවා..."
ඒක වුණේ මෙහෙමයි.
මෙන්න මේ ෆොටෝ එක මීහිට හම්බවුණේ ටේගේ ඇල්බම් එකක තිබිලා.ඒත් අවාසනාවට එයා ඒක බල බල ඉන්නකොට ජන්ග්කුක් එතෙන්ට ආවා.එයා එයාගේ රේස් එක වින් කරලා බ්‍රිස්ටල් ආවා විතරයි...ඉතින් මෙහෙම ලැජ්ජ වෙන්න පුලුවන්ද?...ඉතින් ඒ දෙන්නා මේ රණ්ඩු වෙන්නේ ඒ ෆොටෝ එකට.
"ආආ...ඔප්පා...මගෙ කොණ්ඩෙ...ආව්..කොණ්ඩෙ අතාරින්න."
එහෙම කිය කියම මීහි ජන්ග්කුක්ගේ කොණ්ඩෙත් අල්ලගත්තා.
"ආව්...යා...අතාරිනවා මගෙ කොණ්ඩෙයි ෆොටෝ එකයි...කිම් මීහි...යා...රිදෙනවා."
"මොකක්ද මෙතන වෙන්නේ?...යා මගෙ රූම් එක.."
එයා එද්දි තත්ත්වේ හරිම දරුණුයි...කාමරේ හැමතැනම කොට්ටවල තිබ්බ පුළුන් විසිරිලා තිබ්බා.එතකොට බෙඩ් ශීට්...තැනින් තැන...ඒ මැද්දේ මීහි ජන්ග්කුක්ගේ කොණ්ඩෙනුයි,ජන්ග්කුක් මීහිගේ කොණ්ඩෙනුයි ඇදගෙන.ඉට්ස් ඕකේ ටු නොට් බී ඕකේ ටේහ්‍යුන්...
"ආහ්..ජන්ග්කුක්,මීහිව අතාරිනවා..."
"ඒක තමයි ටේ....ආව්..මට රිදෙනවා."
"ජන්ග්කුක්..."
"හරි හරි ඔන්න අතෑරියා..ඉතින් මාවත් අතාරිනවා."
ජන්ග්කුක්ගේ අතේ මීහිගේ කෙස් ගස් දෙක තුනක්ම රැඳිලා තිබ්බා.
"ආහ්..මගෙ කොණ්ඩේ..."
මීහි ෆොටෝ එකත් එතනම දාලා වොශෲම් එකට දිව්වා.
"උඹට පිස්සුද මිනිහෝ.මීහිට අහුවෙන්න මේක තිබ්බේ.මේ මගේ ආත්ම ගරුත්වේ..."
ජන්ග්කුක් කෑගැහුවේ ෆොටෝ එක පෙන්නලා.
"හත්තික්කේ...මේක කොහෙන්ද මීහිට?"
"අනේ උඹ බබා.හුහ්..මදෑ උඹලගේ වෙඩිමට ආවා."
"උඹට ජිමිනව හම්බුණාද?"
"මං එයාව හම්බවෙන්න තමයි-...අ..නෑ මං කිව්වේ මට ඌව හම්බුණා."
"එයාලා එන්නේ නැද්ද?ජිමිනයි,අප්පයි නැතුව මැරේජ් එක කරන්න මොකක්ද වගේ."
"ජිමිනිට තාම හිත හදාගන්න බෑ මීහිව හම්බවෙන්න.එතකොට අංකල් කිම්, රොබින් අතේ ඔයාගේ වෙඩින් ගිෆ්ට් එක එවන්නම් කිව්වා.අර කෙල්ලව බලපන්...ආව් මගෙ කොණ්ඩේ තාම රිදෙනවා.මම ගෙදර යනවා."
ජන්ග්කුක් කොණ්ඩේ හද හදම ටේහ්‍යුන්ගේ රූම් එකෙන් එළියට බැස්සා.
"ආ...මම මේ ෆොටෝ එක අරන් යනවා."
එයා ආපහු ඇවිත් ටේහ්‍යුන් මොකුත් කියන්න කලින්ම ෆොටෝ එක අරන් ගියා.
"මීහියා..ආ යූ ඕකේ?"
ටේහ්‍යුන් වොශ්රූම් එකට ගියා.කෙල්ලගේ ඇස්වල කදුළුත් පිරිලා...
"ඕහ්..ඔයාට රිදුණද මීහි?"
"නෑ ටේහ්‍යුන්...මට ගොඩක් හිනාගියා."
කෙල්ල හිනාවෙවීම ඒකත් කිව්වා.
"එහෙනම් අපි ආයෙත් හිනාවෙමු."
ටේහ්‍යුන් මීහිව වඩාගෙන ඇඳට ගියා.දිගටම එයා කෙල්ලව ටික්ල් කරද්දි ඒ හිනා සද්දෙන් මුළු මැන්ශන් එකම පිරිලා ගියා.තව පැයකින් විතර පස්සේ එයාලා හිටියේ හරි ආදරෙන් තුරුල් වෙලා...තවත් දිග ලව් මේකින් එකකට පස්සේ.එයාලා අතරේ දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා...බීච් ඩේට්ස්,කෑම්පින්,ට්‍රැවලින්,අලුත් අලුත් දේවල්...
එතකොට හැමදේටම වඩා ලව් මේකින්ස්.ඒ දෙන්නා ඒ දෙන්නට ගොඩාරියක් ආදරේ කළා...ඉතින් එහෙම වෙන එක සාමාන්‍ය දෙයක් තමයි.කිම් මැන්ෂන් එකට ඉදලා හිටලා එද්දි ඇහෙන 'ස්වීට් මෝන්ස්' නිසා බයවෙන මනුස්සයෙක් දිගටම කිම් මැන්ෂන් එන්න ගත්තානම් ඒ ලස්සන සිලිං බිලිං සද්ද ඇහෙන එක එයාටත් පුරුදු දෙයක් වෙන්න තිබුණා.
හරියටම තවත් මාසයක් ඒ දෙන්නා එකට හිටියා.මීහිට ටේහ්‍යුන් කිව්වා වගේම සිටි හොස්පිට්ල් එකේ ජොබ් එක හම්බුණා.ජින් එතකොට ආරා එයාට ගොඩාක් උදව් කළා.මීහිට හෝබි ඔප්පාව අඳුරගන්නත් පුලුවන් වුණා.
Jung Hoseok
මීහි කියන විදියට එයා හරිම ස්වීට් කෙනෙක්.නිතරම හිනාවෙලා ඉන්න නිසා එයාගෙ පේෂන්ට්ස්ලා එයාට ගොඩක් ආදරෙයි.හොස්පිට්ල් එකේදි ගත්තොත් ජින්,හෝබි,ආරා එතකොට මීහි හතර දෙනා එකටමයි ඉන්නේ.ඒත් මීහි කියන්නේ සිටි හොස්පිට්ල් එකේ ඩිරෙක්‍ටර්ගේ වෙන්න වයිෆ් කියන්න ඒ තුන් දෙනා ඇරෙන්න කවුරුත් දැනගෙන හිටියේ නෑ.හෝබි ජින්ට අවුරුද්දක් බාල වුණත් එයා මැරි කරලා බබෙක් ඉන්න අප්පා කෙනෙක්.ඒත් එයාගේ වයිෆුයි,බබයි එක්ක නිතරම ඉන්න ලැබෙන්නේ නැති නිසා එයා දුකින් ඉන්නේ.ඒත් නිතරම හිනාවෙලා...කෙල්ලට නම් ඒක ලොකු ප්‍රශ්නයක්.
........
"ඕහ්...කොහොමද රොබින් අංකල්?එන්න ඇතුළට."
මල රෑ ගෙදරට ආපු අමුත්තා ඇතුළට ඇවිත් ඉදගත්තා.
"මං හොදින් ටේහ්‍යුන්.මිස්ටර් කිම් මේක දෙන්න කිව්වා ඔයාගේ වෙඩින් ගිෆ්ට් එක විදියට."
එයා කිව්වේ මොහොතකට කලින් එයාම ස්ටූල් එක උඩින් තිබ්බ ඩොකියුමන්ට්ස් ටික පෙන්නලා.ටේහ්‍යුන් ඒ ටික අතට අරන් බැලුවා.
"සොල්මා...අප්ෆෙස්ට් එක."
"ඔව් ටේහ්‍යුන්,අප්ෆෙස්ට් ආර්ට් ගැලරි එක ඔයාට බාරයි."
"වාහ්...ඩෑඩ් ඊස් ද බෙස්ට් වන්."
"එහෙම වෙන්න ඕනිනේ ටේහ්‍යුන්.ඉතින් කෝ ඔයාගේ වයිෆ්...?"
"ඕහ් එයා...කිචන් එකේ.මීහියා...ටිකක් එන්න."
මීහි ඉක්මනට ආවා.ඒත් ටේහ්‍යුන් ඉස්සරහ ඉදගෙන හිටපු මනුස්සයා දැක්කම නම් එයා හිතුවේ ඉක්මනට ආවේ අපරාදේ කියලා.එයා ගොඩක් බය වුණා ඒ මූණ දැකලා.එයා ඒ මූණ කොහෙදිහරි දැක්කා.
Robin
"ටේ.."
"ඕහ් ඔයා ආවද?"
ටේහ්‍යුන් මීහිගේ අතින් අල්ලගෙන එයා ළගින් ඉන්දවගත්තා.මීහි ටේහ්‍යුන්ගේ අතින් අල්ලගත්ත විදියට කොල්ලට තේරුණා එයා බයවෙලා ඉන්නේ කියලා.
"බේබි..ආ යූ ස්කෙයර්ඩ්?මේ ඉන්නේ අංකල් රොබින්.අපේ ඩෑඩ්ගේ සෙකට්‍රි.හී ඊස් අ නයිස් පර්සන්."
"නයිස් ටු මීට් යූ සූන් ටු බී මිසිස් කිම්?"
රොබින් හිනාවෙලා එයාගේ අත දික් කළා.මීහි ටේහ්‍යුන් දිහා බැලුවා.'ප්‍රශ්නයක් වෙන්නේ නෑ.''එයා ඔලුව වැනුවා.ඉතින් මීහිත් බයෙන් බයෙන් එයාගේ අත දික් කළා...ඒත් එකපාරටම රොබින්ගේ ඇස් ලොකු වුණේ මීහිගේ රියැක්ෂන් එකට..මීහිට වමනේ යන්න වගේ.
"ආහ්..අයිම් සොරි මිස්ටර් රොබින්..නෑ..මේ ඔයාට නෙවෙයි...මං හිතන්නේ උදේ කාපු...ලාවා කේක්-..."
කෙල්ල එතනින් ඉක්මනට නැගිටලා වොශෲම් එකට දිව්වා.
"අංකල් එක්ස්කියුස් මී."
ටේහ්‍යුන් එයාගේ පස්සෙන් දිව්වා.
"මීහියා...ආ යූ ඕකේ?"
"මං...එනකල්..ඉන්න....ටේ..."
විනාඩියක්..පැය කාලක්...පැය බාගයක් ගියා...ටේහ්‍යුන් වොශෲම් එක ළගට වෙලා ඇවිද්දේ හරිම නොසන්සුන්කමින්.
එයා 'ලාවා කේක්' හොයාගත්ත මනුස්සයටත් සාප කළා.
ටිකකින් වොශෲම් එකේ දොර ඇරුණා.
කෙල්ලගේ කම්මුල් හොඳටම රතුවෙලා.ඇස්වලින් කදුළුත් ඇවිල්ලා.ඒ මදිවට සුදුමැලි වෙලා...ඒ විව් එක ටේහ්‍යුන්ට පිස්සු හැදෙව්වේ නැති එක විතරයි.
"මීහි,මොකද වුණේ මැණික?ඔයා හොඳින්ද?අපි හොස්පිට්ල් යමුද?"
"යමු.ඒත් ඊටකලින් ඔයාට කියන්න දෙයක් තියෙයි."
"මොකක්ද?"
"පහත් වෙන්න."
ටේහ්‍යුන් එයාගේ කන මීහිගේ කට ළඟට පහත් කළා.
"මොකක්?"
ටේහ්‍යුන්ට කෑගැහුණා.
"මීහි?...ඒක ඇත්තද?...ඇත්තටම...නෑ. මම අප්පා කෙනෙක්...ආහ්..මට බෑ...මීහි...ඕහ් ගෝඩ්...කමෝන් ටේහ්‍යුන් බ්‍රීත් ඉන් බ්‍රීත් අවුට්.ආහ්...මම අප්පා කෙනෙක් වෙන්න යන්නේ දෙයියනේ...මීහි.."
මීහිව තද කරලා හග් කරපු ටේහ්‍යුන් එයාගේ මූණ පුරාම කිසස් ගොඩක් තිබ්බා.
"ඔව් ටේහ්‍යුන්,මේක පොසිටිව්.මං හිතන්නේ ඔයාගේ සෙෂන්ස්වල රිසාල්ට්."
"ආහ්...අයි නෝ මීහියා,මට සතුටුයි ගොඩාරියක්...මම අප්පා කෙනෙක් වෙන්න යනවා...තෑන්ක් යූ මගෙ ප්‍රින්සස්.තැන්ක් යූ සෝ මච්.මට මේ නවතින්නේ නැති සතුට දුන්නට."
"මටත් ගොඩක් සතුටුයි ටේහ්‍යුන්.ඔයාට වගේම..මමත් ඔම්මා කෙනෙක් වෙන්නයි යන්නේ."
"ඉස්සෙල්ලම අපි හොස්පිට්ල් යමු."
ටේහ්‍යුන් කෙල්ලව අත් අතරට ගත්තත්,
"මට තාම ඇවිදින්න පුලුවන් ටේ."
කියලා එයා ඉක්මනට ටේහ්‍යුන්ගේ අත්වලින් ගැළවුණා.
"හරි.අපි යමු..."
ඒත් එයාලා පහළට යද්දි නම් අර අමුත්තා එතන හිටියේ නෑ.මීහිට ඒක නම් ලොකු සැහැල්ලුවක් වුණා.ඒත් කොල්ලානම් හිටියේ ආගන්තුක සත්කාර කරන්න අමතක වුණ එකේ දුකෙන්.එතකොටම එයාට කෝල් එකක් ආවා.
"ජන්ග්කුකා...මම අප්පා කෙනෙක් වෙන්න යන්නේ...දෙයියනේ."
"📞මොකා..."
ජන්ග්කුක් ඇඳෙන් පෙරලිලා වැටෙන සද්දේ ටේහ්‍යුන්ට විතරක් නෙවෙයි මීහිටත් ඇහුණා.
"📞ආව්...එයා ආපු ගමන්ම එයාගේ සම්චොන්ගේ කොන්ද කැඩුවා.මට ඉවෙන් වගේ කියන්න පුලුවන් ඒ මීහිගේ ක්ලෝන් එකක් කියලා."
මීහි අමාරුවෙන් හිනාව නවත්තගෙන කතා කළා.
"යා..ජොන් ජන්ග්කුක්.එයා මගේ තමයි...ඔයාට වද දෙන්න තමයි ඇවිල්ලා ඉන්නේ."
"📞ආහ්..දැන් ඒ පොඩි යක්ස පැටියට තෑගි හොයන්න ඕනිනේ.ටේහ්‍යුනා එයා රෝස්ට කැමති වෙයිද?"
"රෝස්ට කවුද කැමති නැත්තේ බන්.අනික මේ මගේ බබානේ.."
"රෝස්?"
"📞බය වෙන්න එපා මිසිස් කිම්..ඒ කෙල්ලෙක් නෙවෙයි."
"එහෙනම්.?"
"📞ඒක ඔයාට නෙවෙයි.ඔයාගේ බබාට..."
"යා...ඔප්පා.."
"ජන්ග්කුකා අපි පස්සේ ගන්නම්.මේ හොස්පිට්ල් යන ගමන්."
"📞හරි බන්.පරිස්සමට..."
එයාලා ඉක්මනට හොස්පිට්ල් එකට ආවා.
"ඕහ්...එයාට සති තුනක් වයසයි මිස්ටර් ඇන්ඩ් මිසිස් කිම්.ඒ වගේම එයා ගොඩක් නිරෝගියි...කන්ග්‍රැජුලේෂන්ස්."
"වාහ්..ආරා.ඔය ඇත්තමද?"
"ඇත්ත තමයි ඔප්පා.මේ ස්ක්‍රීන් එක බලන්නකෝ.මේ පුංචි බෝලේ.."
"ඔයා කොහොමද කියන්නේ එයා නිරෝගී කියලා?"
"ඒ අපේ ඉව ටේහ්‍යුනා.මේ ඔයාලා දෙන්නගේ බබානේ."
"ආහ්..ජින් හ්‍යුන්ග්."
"ආව්..අතෑරපන් මාව...ආරා."
ටිකක් වෙලා ජින්ව බදාගෙන හිටපු ටේහ්‍යුන් බිම ඉඳගෙන මීහිගේ බණ්ඩියට කන තිබ්බා.
"මට එයාව ඇහෙන්නේ නෑනේ."
"මිස්ටර් කිම් ටේහ්‍යුන්,එයාට තාම සති තුනයි"
හෝබි කිව්වේ ඔලුවට අතත් ගහගෙන.
"මීහියා අපි ගමනක් යමුද?"
ᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒᵒ
#ᴠᴏᴛᴇ
#ᴄᴏᴍᴍᴇɴᴛ
#සරන්ග්හේ🥺♥️