A Stranger To The Palace || T...

By Cyra_00

28.6K 5.2K 934

ආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්ස... More

Intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 23
chapter 24
chapter 25
chapter 26
Intro
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
Final chapter
special chapter

chapter 22

636 133 40
By Cyra_00

🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්‍යුන්

🐇 ජන්ග්ගුක් / ගුක් / ගුකි
🐅 ටේයොන්

🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්

🐹 ජින්
🐨 නම්ජුන්

🐧 වූන් කුමාරයා

😈 බ්ලැක් ඩ්‍රැගන්

..............................................................................................

🐰 හ්..හ්‍යුන්ගී...

ජන්ග්කුකී හීනි හඩකින් මුමුනන ගමන් ෆයිල් එකක් තුරුල් කරන් අඩන ටේහ්‍යුන් ලගට ගියාත් ටේහ්‍යුන් නෙමෙයි කුකී දිහා බැලුවේ..එහෙම්ම හොරෙන් කුකී බැලුවේ තාමත් ඇදේ නිදන් ඉන්න ටේයොන් දිහා..කුකීගේ ඇස් ටේහ්‍යුන් ටේයොන් අතර කලබලෙන් දුවනකොට එතනට ආව ගුක් කුකීගේ චූටි අත්වලින් අල්ලගත්තා..

🐇 මන් ඔයාගේ ටේටේ හ්‍යුන්ගී ලග ඉන්නම්..ම්ම්...පුලුවන් නම් එයාව බලන්න..ම..මන් හිත් හදන්න දක්ෂ කෙනෙක් නෙමෙයි..

ගුක් බෙල්ල පිටිපස්ස අතගාන ගමන් කියනකොට ගුක්ට හිනා උන කුකී ටේයොන් ලගින් ඇස් අරන් එයාගේ සම්පූර්ණ අවදානේ ටේහ්‍යුන්ට දුන්නා..මොකද කුකීට ගුක්ගේ වචන කෙසේ වෙතත් ඇස් විශ්වාසයි..

🐰 හ්‍යුන්ගී මන් දිහා බලන්නකෝ..

ජන්ග්කුක් ක්ලචර්ස් වලින් පහත් වෙලා බිම වාඩිවෙනගමන් ටේහ්‍යුන්ට කතා කරාම ඔන්න එවෙලේ නම් ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ඇස් දිහා බැලුවා..ටේහ්‍යුන්ගේ කොල පාට ඇස් අඩලම රතුවෙලා තියෙනකොට කුකීට දැනුනේ දරාගන්න බැරි තරම් වේදනාවක්...ඒ බම්බි ඇස්වලත් කදුලු පිරෙනකොට කුකී එයාගේ අත් ඈත් කරලා මේ වෙලේ ටේහ්‍යුන්ට ඕනම දේ කාගෙ හරි උනුසුමක් කියලා තේරුම් අරන් ටේහ්‍යුන්ට එයාගේ තුරුලට එන්න අවසර දුන්නා..කුකීගේ ඇස් දිහා ටිකක් වෙලා බලන් හිටිය ටේහ්‍යුන් ඉක්මනට ඇවිල්ලා කුකීව බදාගෙන අඩන්නගන්නකොට ජන්ග්කුක් මුකුත්ම නොකිය ටේහ්‍යුන්ගේ පිට අතගෑවා..

🐰දැන් ඇඩුවා ඇති නපුරු කුමාරයෝ..

🐯 ඔයා කියන එක ඇත්ත බැම්බී...මන් මහ නපුරු කුමාරයෙක්...මාව පනවගේ පරිස්සම් කරපු ඩැඩාටම මිනීමරුවා කියලා බනින්න තරම් මන් නපුරු කුමාරයෙක් බැම්බී..

ටේහ්‍යුන් කුකීගේ තුරුලේ ඉදන් මුමුනනකොට කුකීට උනත් කියන්න දෙයක් තිබුනේ නෑ..කවුද හරි කවුද වැරදි කියලා කිසිම කෙනෙක්ට තේරුමක් තිබ්බේ නෑ..ජන්ග්කුක් උනත් ටේහ්‍යුන් හිටපු තැන හිටියා නම් අඩනවා හැරෙන්න වෙන කිසිම දෙයක් එයා උනත් කරන්නේ නෑ කියලා ජන්ග්කුක්ට විශ්වාසයි..

🐯 මන් මොකක්ද කරන්න ඕන බැම්බී...මගේ ඔලුව පිස්සුයි වගේ !!

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ බෙල්ලෙ මූන අතුල්ලන ගමන් අඩනකොට ටේහ්‍යුන්ගේ උනුසුම් හුස්ම එයාගේ බෙල්ලේ වදින නිසා ජන්ග්කුක් හිටියේ හරිම අපහසුවෙන්..එයාට එයාගේ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවලු..🤭

🐇 පපී...

මේ අතරේ ටේයොන් හිමීට ඇස් ඇරියේ එයාගේ රිදුම් දෙන ඔලුව කවුරු හරි හරිම පරිස්සමින් අතගානවා දැනුන නිසායි...ඇස් ඇරපු ගමන් එයාගේ මූනට එබිලා ඔලුව අතගාන හා මූන දැක්කාම ටේයොන්ගේ මූනටත් ඉබේටම හිනාවක් පැන්නා..ඒත් ඒ හිනාව එහෙම්ම අතුරුදහන් උනේ එයාගේ එහාපැත්තේ බිම වාඩිවෙලා ටේහ්‍යුන් අඩන සද්දේ ඇහුනාමයි..

🐅 හ්..හ්‍යුන්ග් !!

🐇 කලබල වෙන්න එපා..පොඩි ප්‍රශ්නයක් උනා..ඒකයි..

ටේයොන්ගේ ඇස්වල කදුලු පිරෙනවා දැක්ක ගුක් සද්ද නැතුව හිමීට මුමුනනකොට ටේයොන් එහෙම්ම අනිත් පැත්තට හැරිලා බලන් හිටියේ ටේකුක් දෙන්නා දිහා..ගුක් ටේයොන්ගේ ඔලුවෙන් අතගන්න හැදුවත් ටේටේ ගුක්ගේ අත ඇදලා අරන් ආයි ඔලුවෙන් තියන්න අමතක කරෙත් නෑ..

🐯 මන් මොකද බැම්බී කරන්නේ ?? මගේ ඔලුව පිස්සු වගේ බැම්බී...මගේ ඩැඩා වැරදියි තමයි..එයා නිසායි අපේ පවුලම විනාස උනේ..මගේ ටේටේ පුංචි කාලෙ ඉදන් දුක් වින්දේ එයා නිසායි බැම්බී..මගේ ටේටේට සැපට හැදෙන්න තිබිලත් එයා මිනිස්සුන්ගේ කතා අහගෙන දුක් වින්දේ ඩැඩා නිසායි බැම්බී..ටේටේ විදපු දුක දැන දැන මන් කොහොමද බැම්බි ඩැඩාට සමාව දෙන්නේ ?? ඒත් මට එයාට දඩුවම් කරන්න බැහැ බැම්බී..එයා ජිවිත කාලෙම ඒ වෙනුවෙන් ඕනවටත් වඩා දඩුවම් වින්දා...මන් පුංචි කාලේ ඩැඩාගෙන් දවසක් මාම් ගැන ඇහුවාම ඩැඩා මාව පපා ලග තියලා එකපාරටම එතනින් ගියා..පපාත් බය වෙලා වගේ මාව යූන්ගි සමෝච්චන්ට දීල යනකොට මට එදා තේරුමක් තිබ්බේ නැතත් මන් ඊට පස්සෙ දැක්කේ ඩැඩාගේ අත් පුරාම බැන්ඩේජ් කරලා තියෙනවා..මන් එදයින් පස්සේ මාම් ගැන කිසිම දෙයක් ඩැඩාගෙන් ඇහුවේ නෑ...එදා නොතේරුන දේ මේ රිපෝර්ට් බැලුවාම අද තේරුනත් ටේටේ වෙනුවෙන් මන් හැමදෙම නොතේරුන ගානට ඉන්න ඕන බැම්බී...මට කියලා ඉන්නේ ටේටේ විතරයි..ඩැඩාට සමාව දුන්නොත් මන් ටේටේට කරන්නේ ලොකු වැරැද්දක් නේද බැම්බී ?? ඒත් ඒ මාව පොඩි කාලේ ඉදන් බලාගත්ත ඩැඩානේ..මන් ඩැඩාට ආදරෙයි බැම්බි.. මන් මොකක්ද කරන්න ඕන බැම්බී ?? මන් ජිවිතේ කවදාවත්ම මෙච්චර අසරණ වෙලා නෑ බැම්බි !! ම..මගේ ඔලුව විකාරයි වගේ !!

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ බෙල්ල අස්සේ ඉදන් අඩ අඩ මුමුනනකොට මේ කියන දේවල් අහන් හිටපු ටේයොන්ගේ පපී ඇස්වල තවත් කදුලු පිරුනා..

🐅 ටේටේ සමාව දුන්නොත් හ්‍යුන්ගීත් ඩැඩාට සමාව දෙනෝද හ්‍යුන්ගී ??

ටේයොන් අමාරුවෙන් ඇදෙන් හාන්සිවෙලා අහනකොට තමයි ටේකුක් දෙන්නාම ටේයොන් නැගිටලා ඉන්නේ කියලා දැක්කේ..

🐯🐰 ටේටේ !!

ටේහ්‍යුන් එහෙම්ම ජන්ග්කුක්වත් උස්සන් ඇදට ඇවිල්ලා කුකීව ඉක්මනට ඇදෙන් වාඩි කරලා ටේයොන් ලග හිටපු ගුක්වත් එහාට තල්ලු කරලා ටේයොන් ලගට යනකොට ටේහ්‍යුන්ට රැව්ව ගුකුත් ඇවිල්ලා කුකීගේ එහා පැත්තෙන්ම වාඩි උනා..

🐯 ටේටේ ?? ඔයාට දැන් කොහොමද ?? හ්‍යුන්ගීට සමාවෙන්න ටේටේව මතක් කරගන්න මෙච්චරකල් ගියාට !!

ටේහ්‍යුන් ටේයොන්ව තුරුල් කරගන්න ගමන් කියනකොට ටේයොන්ගේ මූනේ ලස්සන හිනාවක් ආවා..

🐅 කමක් නෑ හ්‍යුන්ගී...ටේටේට හ්‍යුන්ගී නැතුව හුගක් පාලු හිතුනා..

🐯 ඔයාට හැමදේම මතකේ තිබ්බාද ටේටේ ??

ටේහ්‍යුන් ඇස් ලොකු කරන් අහනකොට ටේයොන් කරේ බිම බලාගෙන ඔව් කියලා ඔලුව වනපු එක විතරයි..ටේයොන්ගේ ඇස්වලට ආයි කදුලු පිරෙනකොට ටේහ්‍යුන්ව ටේටේව උස්සලා එයාගේ ඔඩොක්කුවට ගත්තේ හරිම ආදරෙන්..

🐯 ඇයි ටේටේ හැමදේම මතක තියාගෙන තනියම දුක් වින්දේ ??

🐅 මට සමාවෙන්න හ්‍යුන්ගී..මන් අදයි අපේ වාහනේ ඇක්සිඩන්ට් උන කාර් එක දැක්කේ...ඒක අර පාර්කින්ලොට් එකේ තියෙන කලු පාට කාර් එක..ඒක දැක්කාම ටේටේට ගොඩක් බය හිතුනා.හ්‍යුන්ගීගේ ඩැඩා විතරක් නෙමෙයි එදා ඇක්සිඩන්ට් එකට ටේටේත් වැරදි හ්‍යුන්ගී..ටේටේ කාර් එක ඇතුලේ දගලපු නිසායි අප්පාට කාර් එක කන්ට්‍රෝල් කරගන්න බැරුව හ්‍යුන්ගීගේ ඩැඩාගේ කාර් එකේ වැදුනේ..ටේටේයි වැරදි හ්‍යුන්ගී..ඒ නිසා ටේටේ ජිවිත කාලෙම දඩුවම් විදින්න ඕන..ටේටේගේ දග වැඩ නිසායි හැමෝම ටේටේව දාලා ගියේ..

🐯 මොනවද ලමයෝ ඔයා ඔය කියවන්නේ ?? මේ අහන්න ටේටේ...එතකොට ඔයා හුගක් පුංචියි..නොතේරුම්කමට කරන දේවල් වැරදි නෙමෙයි ටේටේ..ඔයාගේ වැරැද්දක් නෙමෙයි ඒක..

ටේයොන්ගේ ඇස්වල බේරෙන කදුලු පිහිදන ගමන් ටේහ්‍යුන් කියනකොට ජන්ග්කුක් ,ජන්ග්ගුක් දෙන්නා හිටියේ මේ ඉරිසියාවට පුපුරන්න ඔන්න මෙන්න නෙමෙයිලු හොදේ...ඔයාලා එතන හිටියා නම් රොස් වෙන හා මස් සුවද හොදට විදින්න පුලුවන්...ටේටේගේ ඇද යට ඉදන් කතාව ලියන ඕතරීට නම් හොදට ඒ සුවද එනවා..😌

🐅 හ්‍යුන්ගී...ටේටේ වැරදි නැත්තම් ඩැඩාත් වැරදි නෑ හ්‍යුන්ගී..එයාත් පුංචිනේ..නොතේරුම්කමට කරන දේවල් වැරදි නෙමෙයි හ්‍යුන්ගී...

ටේහ්‍යුන් ටේටේට කිව්ව විදියටම කියනකොට හැමෝගෙම මූනට පොඩි හිනාවකුත් ආවේ ඒ හුරතලේ දරාගන්න බැරුව..ගුක්ට නම් හිතුනෙම ටේහ්‍යුනව තල්ලු කරලා දාලා ටේටේව ඇදලා අරන් එක කටට ගිලින්න...

🐅 අපි ඩැඩාට සමාව දෙමු හ්‍යුන්ගී...ඩැඩා හ්‍යුන්ගීට ගොඩක් ආදරෙයි...එයාත් එතකොට චූටියිනේ..මට දවසක් හැල්මොනි කිව්වා ඩැඩාත් හ්‍යුන්ගී වගේම ඒ කාලේ හරි මුරන්ඩුයිලු..ඒත් එක දවසකින් පස්සේ එයාලගේ හුරතල් මොනි නැතිවෙලා ගිහින් නපුරු නම්ජුන්ලු හිටියේ...මට අදයි තේරුනේ හැල්මොනි කිව්ව දවස මොකක්ද කියලා...ඩැඩා පව් හ්‍යුන්ගී..එයාට දුක ඇති..එයා හිතලා නෙමෙයිනේ අපේ කාර් එක හැප්පුවේ...අපි ඩැඩාට සමාව දෙමු..ඩැඩා හ්‍යුන්ගීට ගොඩක් ආදරෙයි..මන් ඒ ආදරේ ඒ ඇස් දෙකෙන් දැක්කා හ්‍යුන්ගී..

🐹 ඩැඩා හ්‍යුන්ගීට විතරක් නෙමෙයි ටේටේටත් ආදරෙයි මගේ පුංචි කොටි පැටියෝ...ටේටේ මාලිගාවට ආපු දවසේ ඉදන් ඩැඩාගේ ඇස්වලින් දැක්කේ හ්‍යුන්ගීට තියෙන ආදරේ නෙමෙයි..ටේටේට තියෙන ආදරේ !!

දොර ලග ඉදගෙන ජින් කාමරෙට එන ගමන් කියනකොට ටේයොන් වැරැද්දක් කරපු පුංචි එකෙක් වගේ බිම බලාගෙන ටේහ්‍යුන්ගේ පපුව අස්සේ හැංගුනාම ටේහ්‍යුන් උනත් හිටියේ බිම බලාගෙන..එයාට ලැජ්ජායි එයාගේ පපාගේ මූන බලන්න..ඇත්තටම ටේහ්‍යුන් කිව්වේ දරුවෙක් කියන්න හොද දේවල් නෙමෙයි..

🐹 මොකද දෙන්නම බිම බලාගෙන ඉන්නේ ?? පපා එක්ක තරහද ?? හරි එහෙනම් ඔයාලා දෙන්නා ඕන නෑ...පපාට ඉන්නවා දැන් ලස්සන හා පැටව් දෙන්නෙක්..නේද ??

ටේයොන්, ටේහ්‍යුන් දෙන්නාව අවුස්සන්න කියලා හිතාගෙන ජින් කුකීවයි ගුක්වයි තුරුලු කරගන්නකොට ඒ දෙන්නා නම් හිටියේ රාජ්‍යයේ රැජිනට තුරුල් වෙලා හරිම නර්වර්ස් හැගීමකින්..ඒත් ඉතින් එයාලට ලොකු බයක් දැනුනේ නෑ..ගුක් නම් කොහොමත් රැජින ගැන දන්න නිසා බයක් නැතත් කුකීට උනත් ජින්ගේ ආදරණිය වචන නිසා බය නැතිවෙලා තිබ්බේ..

🐹 අර දෙන්නාට මාව ඕනේ නෑලුනේ..කියන්න මගේ හා පැටව් දෙන්නාට මොනවද ඕනේ ??

🐅🐯 පපා !!

ජින් ගුක්වයි, කුකීවයි හුරතල් කරන එක බලන් ඉන්න බැරි උන කොටි පැටව් දෙන්නා එකපාරටම හයියෙන් කෑ ගැහුවාම ජිනුත් උඩ ගියා..

🐹 මොකද කෑ ගහන්නේ ?? මහේ හා පැට්ව් දෙන්නා බයත් උනා !!

🐯🐅 යාහ් !! එයාලා අපේ !!

🐹 මොකක් !!

ටේහ්‍යුන් , ටේයොන් දෙන්නා එකම හඩින් කෑ ගහලා ජන්ග්කුක් ,ජන්ග්ගුක් දෙන්නාගේ අයිතිය ප්‍රකාශ කරනකොට ජින් හිටියේ හිනාව තද කරගෙන මූනට නපුරු පෙනුමක් ආරූඪ කරන්..එයා දන්නවා ඉතින් මෙයාලා අතර පොඩි පොඩි ටිලිං ටිලිං එකක් යනවා කියලා..ඒත් ඉතින් කොටි පැටව් දෙන්නා එහෙම කෑ ගහනකොට හා පැටව් දෙන්නාගේ මූන නම් ජම්බු ගෙඩියක් වගේ රතු උනා..

🐯 මේ..මේ මන් කියන්නේ පපා මගේනේ...ඒකයි..එන්නකෝ පපා..

ටේහ්‍යුන් එයාලා කියපු එක ඉක්මනට වෙනස් කරලා ජින්ට එයා ගාවට එන්න කියලා උපරිම කියුට් විදියය කියනකොට ජින්ට ඕන උනේ ටේහ්‍යුන්ව තව චුට්ටක් අවුස්සන්න..

🐹 මන් මොකටද ඔයා ලගට එන්නේ ?? ඇයි දැන් ඩැඩායි පපායි මිනීමරුවෝ කියලා කිව්වේ ?? ශැඩොර්ව් වගේ මිනිස්සුන්ගේ වීරයෙක් මිනීමරුවන්ව ආශ්‍රය කරන එක හරි නෑනේ..නේද ගුක් ??

🐇 ඇහ් ??

කොහෙවත් ඉන්න ගුක්ගෙන් නේද කියල ඇහුවාම එයාටත් කරකියාගන්න දෙයක් නැති උනා..ඇයි ඉතින් ගුක් හිටියේ ටේටේව හපලා කන්නේ කොහොමද කියලා ප්ලෑන් ගහන ගමන්නේ !! කොහොම හරි ඉතින් ජින්ගේ වචන සැර වැඩියි කියලා තේරුනේ ටේහ්‍යුන් ආයි ඔලුව බිමට හරවගෙන අඩන්න පටන් ගත්තාමයි..

🐰🐅 හ්‍යුන්ගී...

🐰 එයා පව්..හ්‍යුන්ගීට රිද්දන්න එපා...

ජන්ග්කුක් ජින්ගේ තුරුලේ ඉදන් හොරෙන් මුමුනනකොට ජින්ට ඒක හොදටම ඇහුනා..ජින්ට උනත් දුක හිතුනා එයා ඇත්තටම ටේහ්‍යුන්ගේ හිත හුගක් රිද්දුව නිසා..ඒ හින්දාම හිමීට ජින් ටේහ්‍යුන් ලගට ලන් වෙනකොට ටේටේ ටේහ්‍යුන් ලගින් එහාට උනේ පපාටයි පුතාටයි තනිවෙන්න ඉඩ දීලායි..

🐹 අපේ නපුරු කුමාරයා මේ අඩනවාද ?? අයිගූ මගේ බෙයාර් මෙහෙම අඩන කෙනෙක් නෙමෙයිනේ !! කෝ එන්න පපා ලගට !!

ජින් ටේහ්‍යුන්ව එයාගේ තුරුලට ගන්නකොට ටේහ්‍යුන් තව ටිකක් හයියෙන් අඩන ගමන් ජින්ව බදාගත්තා..

🐯 ම්..මමා..බෙයාර් එක්ක තරහ වෙන්න එපා...බෙයාර් මමාට ආදරෙයි...මට මමායි ඩැඩායි නැතුව ඉන්න බැහැ...

🐹 ලමයි මොනවා කිව්වාත් දෙමව්පියෝ ලමයි එක්ක තරහ වෙන්නේ නෑ මගේ මැණික...කෝ දැන් අඩන්න එපා..මමා විහිලුවක්නේ කරේ..මන් දන්නවා මගේ බෙයාර් ඩැඩාටයි පපාටයි හුගක් ආදරෙයි කියලා..

ටේහ්‍යුන්ගේ ඔලුව අතගාන ගමන් ජින් කියනකොට ටේහ්‍යුන් ජින්ගේ තුරුලට තව ටිකක් ලන් උනා..

🐯 ඩ්..ඩැඩා හොදින්ද ??

🐹 හ්ම්...ඩැඩාට මන් බෙහෙත් දුන්නා නින්ද යන්න !!

🐯 ඩැඩා ලගට යමු ??

🐹 ඒත් දැන් ඩැඩා දොයිනේ මැණික..

🐯 කමක් නෑ..මට ඩැඩා එක්ක නිදාගන්න ඕන..මගේ ඔලුව කැකුමයි...පපාට පුලුවන්ද වෙනදා වගේ නින්ද යනකම් මගේ ඔලුව අතගාන්න..

ටේහ්‍යුන් ජින්ගේ තුරුලේ ඉදන් අහනකොට ජින් හිනාවෙලා ඔව් කියලා ඔලුව වැනුවා..

🐹 යමු එහෙනම්..ටේටේ ඔයත් එනවද අපි එක්ක නිදාගන්න ??

ටේහ්‍යුන් නැති දවස් ටිකේම ටේයොන් හිටියේ නම්ජින් තුරුලේ නිසා ජින් අහනකොට ටේයොන්ගේ ඇස් සතුටින් දිලිසෙනවා ජින් වගේ ටේහ්‍යුනුත් හොදටම දැක්කා..

🐅 ම්ම්..ටේටේටත් පුලුවන් ද ??

🐯 මොකද බැරි...එන්න යමු...

ටේහ්‍යුන් ටේටේවත් අතින් ඇදලා ඇදෙන් නැගිට්ටවගන්න ගමන් එහෙම්ම බැලුවේ එයාලා දිහා ඇස් බෝල කරන් ඉන්න කුකී දිහායි..ටේහ්‍යුන් එහෙම්ම නැවිලා කුකීගෙ පිම්බුන රෝස කම්මුලකින් හාදුවක් තියලා නැගිටිනකොට කුකී නම් හිටියේ පුපුරන්න ඔන්න මෙන්න..ලැජ්ජාවටම කුකී එහා පැත්තේ හිටපු ගුක්ගේ පපුව අස්සේ මූන හංග ගන්නකොට හැමෝටම පුංචි හිනාවක් ආවා..

🐯 ගුක්..මන් ඩැඩාව බලලා එනකම් මගේ බැම්බිව බලාගන්න !!

🐇 ඇයි මන් ??

ජිවිතේට ටේහ්‍යුන්ට සකන්ඩ් වෙන්න අකමැති ගුක් රවාගෙන අහනකොට ටේහ්‍යුන් ගුක්ට දුන්නේ කට කොනේ හිනාවක්..

🐯 මොකද ඔයාගේ පපී ඉන්නෙ මන් ලග නිසා..ඒ හින්දා හොද ලමයා වගේ මගේ බැම්බිව බලාගන්න..ආහ් මාර්ක් ඔයාට මේල් එකක් දාලා ඇති..ඒක බලන්න..ඔයාගේ ප්‍රශ්නවලට සමහරවිට ඒකේ උත්තර තියේවි !!

ටේහ්‍යුන් එහෙම කියන ගමන් තාමත් ගුක්ගේ පපුව අස්සේ මූන හංගන් ඉන්න කුකීගේ කොන්ඩේ අවුල් කරලා ජින්වයි ටේටේවයි ඇදගෙන ගියේ නම්ජින් දෙන්නාගේ කාමරේට..එයාල යනකොට හෝසියොක් දාගෙන දැන් ටිකකට කලින් නම්ජුන් පොලේ ගහපුවා ඇහිදිනවා..

🐹 මන් කිව්වානේ හොබි ඕවා මේඩ්ලා අස් කරයි කියලා..ඇයි මහන්සි උනේ ??

🦄 ඒක මහලොකු මහන්සියක් නෙමෙයි ජිනි..

🐅 අප්පා !!

හෝසියොක්ව දැක්ක ගමන් ටේටේ ජින්ගේ අත ඇතෑරලා හෝසියොක්ගේ ඇගට ගිහින් පැන්නා..

🦄 ටේටේ ?? මැණික ඔයා හොදින් නේද ??

🐅 මන් හොදින් අප්පා...දන්නවානේ අප්පාගේ ටේටේ ස්ට්‍රෝන්ග් !!

ටේයොන් හිනා වෙවී කියනකොට හෝසියොක් ටේයොන්ගේ මුලු මූනම ඉම්බේ හරිම ආදරෙන්..

🐅 අප්පා ටේටේට හොදටම දොයිමතයිනේ..ටේටේ ආවා හ්‍යුන්ගී එක්ක දොයියගන්න..

ටේයොන් ඈනුමක් අරින ගමන් කියනකොට තමයි හෝසියොක් උනත් දැක්කේ දැන් හොදටම රෑවෙලා කියලා..

🦄 මැණික හ්‍යුන්ගී එක්ක දොයියගන්න...අප්පා යන්නම් කුකී ලගට..එයා තනියමනේ..

🐅 හුම්..

හෝසියොක්ගේ බෙල්ල අස්සේ මූන අතුල්ලන ගමන් ටේයොන් හා කියලා ඔලුව වනනකොට ජින්ට උනත් ඒ හුරතලේ ඉතින් දරාගන්න බැරුව හිටියේ..

🐹 හොබි..බෙයාර්ගේ රූම් එකේ ඔයාට අදට නිදාගන්න පුලුවන්..මන් හෙට ඔයාලට වෙනම රූම් එකක් හදන්නම්...

🦄 හෙට උදෙන්ම මන් යනවා ජිනී..

🐯 අප්පා ඔයාට පිස්සුද ?? මන් ඔයාලට යන්න දෙන්නෙ නෑ...ඔයාලා මාත් එක්ක මේ මාලිගාවේ ඉන්න ඕන !!.

🦄 ඒත් කුමරුනි..

🐯 අප්පා !! මේ අහන්න..මන් කුමාරයා වෙන්නේ රටේ මිනිස්සුන්ට විතරයි...පපා ඩැඩා වගේම ඔයත් මගේ අප්පා..ඒ නිසා වෙනදා වගේ ටේහ්‍යුන් , ටේ , මැණික කියලම කතා කරන්න..අනික තවත් එලියට ගිහින් දුක් විදින්න එපා..ඔයාට මාලිගාවේ ඉන්න පුලුවන්..මන් කුකීගේ කකුලේ ඔපරේශන් එක කරන්නම්...එතකොට ටේටේටයි කුකීටයි දෙන්නාටම චිමි සනීප උනාම අපිත් එක්ක කොලේජ් යන්න පුලුවන්..ඒ හින්දා ආයි වචනයක්වත් කතා කරන්න එපා !! දැන් මට දොයිමතයි..අප්පාත් ගිහින් නිදාගන්න !!

ටේහ්‍යුන් එක හුස්මට කියාගෙන කියාගෙන ගිහින් නිදි කිර කිර ඉන්න ටේටේව හෝසියොක්ගේ ඇගෙන් ඇදලා අරන් නම්ජුන්ගේ එහා පැත්තේ හාන්සි කරවලා ටේහ්‍යුනුත් ගිහින් නම්ජුන්ගේ අනිත් පැත්තෙන් හාන්සි උනාම ජින් හිනාවෙවි හොබි දිහා බැලුවා..

🐹 ඔයාට මගෙයි ජුනීගෙනුයි බේරුනාට බෙයාර්ගෙන් නම් බේරෙන්න වෙන්නේ නෑ..යන්න යන්න ඒ නිසා ගිහින් නිදාගන්න..බෙයාර්ගේ ඇදුම් ඇති ඒකක් ඇදගන්න..ආහ් ටේටේගේ ඒවත් ඇති..එයා මේහෙ ඉන්නකොට ඇන්දේ බෙයාර්ගේ ඒවා නෙමෙයි..මන් ගෙනත් දීපුවා..මේ මෝඩ බෙයාර් වගේ මගේ හුරතල් ටේටේ ඩාර්ක් කලර්ස් අදින්නේ නෑනේ..කෝ යන්න දැන් ගිහින් නිදාගන්න..

🦄 ඒත් ජිනි...

හෝසියොක් කියන්න හදන්නේ මොකක්ද කියලා දන්න නිසාම දැනටමත් නම්ජුන්ව බදාගෙන නිදිකිරන කොටි පැටව් දෙන්නාගෙන් එහාට හොබිව එක්කන් ගිය ජින් හොබීගේ අත් දෙකෙන්ම අල්ලගත්තා..

🐹 ඔයාට ප්‍රශ්නේ තියෙන්නේ එයාව නම් අපි ඒක හිමීට විසදගමු හොබි...එයා තාමත් ඔයාට ආදරෙයි..

🦄 එ..එතකොට ජිමින් ?? එයා ඔයාගේ මල්ලිටත් ආදරෙයි නේද ජිනී ?? මන් මෙහේ ඉන්න එකෙන් වෙන්නේ එයාලා දෙන්නා වෙන් වෙන එක විතරයි !! මන් කොහොමත් එයාගෙන් ඈත් වෙලා ඉවරයි ජිනි..යූන්ගි ලග මට චාන්ස් එකක් නැතුව ඇති...මගේ හිතේ මැරෙනකම්ම යූන්ගි හිටියට එයා ලගට ඇවිල්ලා මට එයාගේ ජිවිතේ විනාස කරන්න ඕන නෑ ජිනි..

🐹 හොබි !! හැමවෙලේම නෙගෙටිව් වෙන එක නවත්තන්න..ඔයා අවුරුදු 20ක් දුක් වින්දා හොබි..ඔයා එහේ දුක් විදිනකොට යූන් මෙහේ දුක් වින්දා...මන් දන්නවා ජිමින් යූන්ගිට ආදරෙයි කියලා..යූන්ගි උනත් ජිමින්ට විශේෂයක් දක්වනවා ඇති..ඒත් ඔයාට තියෙන තැන යූන් කවදාවත් ජිමින්ට දෙන එකක් නෑ හොබී..ජිමින් මගේ මල්ලි බව ඇත්ත...ඒත් අපිට වෙන්න තියෙන දේවල් නවත්තන්න බැහැනේ..ඒ නිසා වෙන දෙයක් වෙච්ච දෙන්..අනික මට විශ්වාසයි ජිමින්ව දැක්කාම ඔයා උනත් මගේ හුරතලේට ආදරේ කරයි..

🦄 ඔයා මොකක්ද දැන් ඔය කරන්න හදන්නේ ??

ජින් කියන්න හදන්නේ මොකක්ද කියලා තේරෙනකොට ජින්ගේ සුපුරුදු මෝඩ ප්ලෑන් ගැන දන්න නිසා හොබි නලලත් රැලි කරන් අහනකොට ජින් ඉක්මනට එතනින් මාරුවෙලා ගියේ හොබීට දෙයක් කියාගෙනමයි..

🐹 එම්ස්වුඩ් වල threesome කියන්නේ මහලොකු දෙයක් නෙමෙයි හොබියෝ !!

🦄 යාහ් !!

හොබි එලියේ ඉදන් කෑ ගහනවා ඇහුනත් ජින් හිනාවෙවී ගියේ කොහොම හරි තුන්දෙනාව සෙට් කරනවා කියලා හිතාගෙනමයි..කොහොම හරි ඉතින් ජින් යනකොට කොටි පැටව් දෙන්නාවම නම්ජුන් අත් දෙකෙන් තුරුල් කරන් සැප නින්දේ..ජිනුත් ගිහින් තුන් දෙනාටම නලලට හාදුවක් දීලා ටේහ්‍යුන්ගේ එහා පැත්තෙන් හාන්සි උනාම ටේහ්‍යුන් ඉක්මනට එයාගේ පපාගේ උනුහුමට තුරුල් උනා..

🐹 අවුරුදු 25ක කොල්ලෙක් වෙලත් හුරතලේ නම් අඩුවක් නෑ...මගේ අහින්සක පැටව් දෙන්නා..ආයි ඔයාලව ඔයාලගේ පපා අඩවන්නේ නෑ මැණික..පපාගේ උනුහුමේ හැමදාම සතුටින් ඉන්න..

.

.

.

.

.


කවුරු හරි අපේ ජිමිනිට තේරුම් කරන්න එයාගේ hot & sexy outfit එකට ඔය cute position එක unmatching කියලා 🥺🥺

A Stranger To The Palace
නැවත හමුවෙමු

Continue Reading

You'll Also Like

303K 17.5K 80
In the realm of fire and blood, where dragons dance and ambition burns bright, two souls entwine in a fate forged by destiny's hand. Sitara Evangelin...
6.1K 1K 9
ᴍᴀᴍᴀ, ɪ'ᴍ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴀ ᴄʀɪᴍɪɴᴀʟ ᴀɴᴅ ᴛʜɪꜱ ᴛʏᴘᴇ ᴏꜰ ʟᴏᴠᴇ ɪꜱɴ'ᴛ ʀᴀᴛɪᴏɴᴀʟ, ɪᴛ'ꜱ ᴘʜʏꜱɪᴄᴀʟ ᴍᴀᴍᴀ, ᴘʟᴇᴀꜱᴇ ᴅᴏɴ'ᴛ ᴄʀʏ, ɪ ᴡɪʟʟ ʙᴇ ᴀʟʀɪɢʜᴛ ᴀʟʟ ʀᴇᴀꜱᴏɴ ᴀꜱɪᴅᴇ, ɪ ᴊ...
63.4K 1.4K 24
My ocs name is yuki silverwolf nick names silver the blind wolf people believe silver is a boy but is a girl just wears loose robes and wears silk wr...
9.7K 1.4K 18
"it feels good to let go people who don't value you..try you'll understand " දන්නවද දෙයක් මිනිස්සු කියන්නේ හරි අමුතු ජාතියක් ඒ මොකද දන්නවද තමන් ළගට...