VILLAIN (TaeKook FF) COMPLETED

By MD_Dilu

2.4K 331 167

❤සහෝදර බැඳීමක අසම්මත ප්‍රේමය❤ More

Intro
🌸Chapter 01🌸
🌸Chapter 02🌸
🌸Chapter 03🌸
🌸Chapter 04🌸
🌸Chapter 06🌸
🌸Chapter 07🌸
🌸Chapter 08🌸
🌸Chapter 09🌸
🌸Chapter 10🌸
🌸Chapter 11🌸
🌸Chapter 12🌸
🌸Chapter 13🌸
🌸Chapter 14🌸
🌸Final Chapter🌸

🌸Chapter 05🌸

108 18 0
By MD_Dilu

Jungkook Pov.....

"ආව්....."

එක පාරටම වගේ මාව තල්ලු කරපු වේගෙන් ඔලුව බිත්තියේ වැදුනා..
උනුසුමට දැනුන නිසා අත ගාලා බැලුවම අතට දැනුනේ ලේ..
ඒත් එක්කම ලයිස්ට් ඔන් වුනා.
ඒක ටිකක් ලොකු කාමරයක්..ඒත් තිබුනේ මේසෙයකුයි පුටුවකුයි විතරයි..

"Help...Help...Please Open The Door.."

දොරට කොච්චර ගැහුවත් දොර ඇරුනේ නැති නිසා මම බැලුවා ජනේලයක් තියෙනවද කියලා.ඒත් බිත්ති හතරෙන් වටවුන කාමරයක් මිසක් කිසිම එලියක් වැටෙන තැනක් තිබුනේ නෑ...

ඔලුවෙන් එන්න එන්නම ලේ ගලන නිසා මට ඔලුව කරකැවිල්ලක් ආවත් සිහියෙන් ඉන්න ගොඩක් උත්සාහ කරා..එතන තිබුන පුටුවෙන් වාඩි වුන මම ඔලුව මෙසේ උඩ තියාගෙන කල්පනා කරා..

"හියුන්ග්...මට හොඳටම විස්වාසයි ඔයා මාව දැක්කා කියලා.අනේ ඒත් ඔයා ආයේමත් ලෙඩ වෙලා...හියුන්ග් ඔයා මාව හොයාගන්නවා නේද.."

මම තනියම කියෙව්වා..
එදා මම සූබීන් යොන්ජුන් එක්ක ස්කූල් එකෙන් ආවෙ නැත්තේ මට ඕනි වුනේ මගේ හියුන්ග්ට මගේ අතින් කෑම හදලා කවන්න..ඒ නිසා මම කලින්ම ස්කූල් එකෙන් ආවත් ගේට් එකෙන් එලියට එනකොටම කවුරු හරි මාව ඇදලා අරන් වාහනයකට දා ගත්තා.හැබැයි මට හිතන්නවත් වෙලාවක් නොදී මගේ නහයට ලේන්සුවක් ඇල්ලුවා.ඊට පස්සෙ මට සිහිය තිබුනේ මගේ හියුන්ග් හිටපු හොස්පිටල් එක ලඟදියි...

"ආශ්..මගේ ඔලුව පැලෙන්න වගේ.කවුරුත් නැද්ද"

හයියෙන් කතා කර ගන්න බැරි වුනත් මම කතා කලා.ඒත් කාගෙන්වත් කිසිම ප්‍රතිචාරයක් තිබුනේ නෑ..
මට මතක් වුනේ හියුන්ග්ව.
එයාට මාව අමතකනම් මට දැන් මේ ලෝකේ කවුරුත් නෑ නේද කියලා මට හිතුනා.
තනිවෙලා වගේ හැඟීමක් මට දැනෙද්දී මම කරේ වොශ් රූම් එකට රිංගපු එක.
යන්තන් වගේ ඔලුව රිදුනත් ෂවර් එක ඇරලා ඇඳුම් පිටින්ම බිම වාඩි වුනේ මුලු ඇඟම සීතල වතුරට ඔහෙ පෙගිලා යන්න දීලයි..
ඒ සීතල වතුර එක්ක මගේ කම්මුල් දිගේ උනුසුම් වතුර බිංදුත් ගලාගෙන ගියේ මටත් නොදැනිමයි.

"හියුන්ග්..මට ඔයාව ඕනි🥺"

එතනින් පස්සෙ මගේ කල්පනාව අවුරුදු ගණන් ඈතට දිව්වා..
.
.
.
.
.
.
.
.
.
.
.
.










.
"කෝ අරූ"

"ඉන්නවා බොස්"

"දැන් ඌට කන්න මොනවා හරි දීපල්ලා.නැත්තම් ඌ මැරිලා යයි."

"OK බොස්"

එලියෙන් ඇහුන කටහඬට පියවි සිහියට ආපු මම තවත් හොඳට ඒ කටහඬ කාගෙද කියලා බලන්න වොශ් රූම් එකෙන් එලියට ආවා.
පැයක් දෙකක් නෑ පැය පහක්ම එක දිගට වතුරෙන් පෙගුන මගේ ඇග සුදු මැලි වෙලා ගිහින් තිබුනා.යන්තම් ඒ දිහා බලලා මම දොරට කන තිබ්බා.

"අපි දැන්ම ඌව මරන්නෙ නැද්ද බොස්."

"පිස්සුද මිනිහෝ.ඌ දැන්ම මරන්න බෑ."

අනෙක් පසින් ඇහුන කටහඬ කාගෙද කියලා තේරුම් ගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ..
ඒ යෙයිශිගෙ කටහඬ...
ඒත්..
ඒත්..
ඇයි? ඒ එයාම වුනේ.?
ඇයි එයා මේ විදිහට මාව ගෙනාවේ??
ප්‍රශ්න ගොඩක් එක පාර මගේ ඔලුවට වැටුන නිසා ඔලුව පැලෙන්න තරම් රිදෙන්න ගත්තා..
ඇස් ඉස්සර පේන දොර නිලංකාර වෙලා පෙනෙද්දී කවුරුහරි දොර ඇරගෙන ඇතුලට ආවා.
ආපු කෙනා කවුරු වුනත් මට හුරුපුරුදු බවක් දැනුනා.ඒත් මට ඔහුගේ මුහුණ පෙනුනේ නෑ.මගේ කොලරයෙන් අල්ලලා ඇදලා පුටුවෙන් වාඩි කරවපු ඒ මනුස්සයා මොනවද මන්දා පිඟානක් දික් කරා..

"මට..මට.."

"මොකද උබ තෙපරබාන්නෙ."

"ව...තු....ර..."

"අහ්...බීපන්..කාලකන්නි අවජාතකයා."

කිසිම වරදක් නොකරපු මට ඒ මනුස්සයා බැනලා බැනලා ආයෙත් යන්න යද්දී මගේ වටේ තිබුන හැමදේම කලුවර වෙනවා විතරයි මට දැනුනේ..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.









* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *







Author Pov....

"ටේ.....ටේ...ටේ..ඔහොම නැවතියන්...ටේ..ඒ වාහනේ දැන් ගිහින් පැයකටත් වැඩි උබ තාමත් දුවනවා..නැවතියන්කෝ."

ජිමින්ගේ බැගෑපත් වචන එක්ක මහ පාර මැද දනිස් දෙකට අත් දෙක තියාගෙන නැවතුන තේහියුන්ග් කොන්ට්‍රොල් නැතුව වැටෙන්න යද්දී ජිමින් දුවලා ඇවිත් තේහියුන්ග්ව අල්ලා ගත්තා..

"ජිමිනා..ඒ කුකී..උබ දැක්කනෙ.දැක්කනේ."

"හරි බන්.හරි..ඒ කුකී තමයි..මෙතන මොකක් හරි ලොකු දෙයක් වෙනවා.ඒත් උබ ඔහොම ඉන්න ගමන් මුකුත් කරන්න බෑනේ.මුලින් අපි ඩිස්චාජ් වෙලා ගෙදර ගිහින් වුනේ මොක්කද කියලා බලමු."

"ජිමිනා..උබ මගේ සෝල්මේට්.එහෙම නේද?"

"ඔව්.බන්.ඔව්.ඇයි මේ."

"මට කොහොම හරි කුකීව හොයලා දෙනවා නේද..කියහන්."

"අනේ රත්තරනේ අහපන් කොල්ලො.උබ මැරෙන්න ගියත් මේ ජිමිනා උබ එක්ක එනවා.අපි කොහොම හරි ජන්කුකාව හොයාගමු."

"ඌ පොඩි එකෙක්.මොනවා තියෙනවටද බන් ඒ පොඩි එකාව ඉස්සුවෙ."

ජිමින් පාරේ යන ටැක්සියක් අත දාලා නවත්තගෙන ටැක්සියට ගොඩ වුනේ තේහියුන්ග් ආපහු හොස්පිටල් එකට එක්කගෙන යන්නයි..
හොස්පිටල් එකට ආවට පස්සෙ ඩොක්ටර්ට කියලා තේහියුන්ග්ව ඩිස්චාජ් කරගෙන එලියට එනකොටම සූබින් යොන්ජුන් දෙන්නා තේහියුන්ගේ ඉස්සරහට ආවේ පුදුම වෙලා.

දාඩිය පෙරාගෙන තෙහෙට්ටු වෙලා ඉන්න තමන්ගෙ හියුන්ග්ව දැක්කම කොල්ලො දෙන්නට බයත් හිතුනා.

"හියුන්ග්...මොක්කද වුනේ.."
"හියුන්ග්..අනේ ජිමිනි හියුන්ග් අපේ හියුන්ග් ට මොක්කද වුනේ."

"සූබීන්..අපේ කුකී..අපේ කුකී...ඒ පොඩි එකා.."

"අනේ හියුන්ග් මොක්කද වුනේ කියන්නකො.ජන්ග්කුක් කොහෙද.කෝ."

"කුකී කැනඩා ගියේ නෑ යොන්ජුනා.කුකීව කවුරු හරි කිඩ්නෑප් කරලා."

"මොකක්."

කොල්ලො දෙන්නම එක පාර කිව්වෙ මූනට මුන බලාගන්න ගමන්.

"ඔව් යකුනේ.අපි ඇස් දෙකටම දැක්කා."

"කොහෙදිද ජිමින් හියුන්ග්?"

"මේ දැන් ටිකකට කලින්.අපි කොහොම හරි පොඩි එකාව හොයා ගන්න ඕනි.ඒත් ඊට කලින් ඔයාගේ හියුන්ග් ව හොස්පිටල් එකෙන් ඩිස්චාජ් කරගන්න ඕනි."

ජිමින් එහෙම කියන ගමන් ගියේ ඩොක්ටර්ව හම්බෙන්න..

"හියුන්ග්..ජන්ග්කුක් හොඳින් ඇති නේද."

"ම්ම්ම්.මන් හිතන්නෙ නෑ යොන්ජුනා.පොඩි එකාගෙ බෙල්ලට පිහියකුත් තියාගෙන හිටියා."

"මට බයයි හියුන්ග්.අපි පොලිසීයට කියමුද?"

"එක පාරටම එහෙම කරන්න බෑ සූබිනා."

"ඒත් කියන කෙනා හොඳටම බය වෙලා ඉන්නෙ."

යොන්ජුන් තේහියුන්ගේ කන දෙපත්තෙන් බේරෙන දහඩිය පිහදාන ගමන් කිව්වා.
ඇත්තටම තේහියුන්ග් හිටියේ කවදාවත් නැති විදිහට ගොඩක් බය වෙලා.මොකද තේහියුන්ග්ට තේරෙන කාලේ ඉදලා එයාගෙ පවුලට කිසිම හතුරෙක් හිටපු නැති නිසා.
තේහියුන්ග් පොඩි කාලේ ඉඳලා සැප සම්පත් මැද හැදුනත් එයාගෙ මුලු පවුලම ජීවත් වුනේ සාමන්‍ය විදිහට.තේහියුන්ග් ඔම්මා,අප්පා දෙන්නම ගොඩක් වෙලාවට කරේ අසරණ මිනිස්සුන්ගේ ඕනෑඑපාකම් බලපුඑකයි.ඉතින් තේහියුන්ග් දැකලා තිබුනේ එයාගෙ පවුලේ හොඳ දේවල් විතරයි.ඒත් අද තේහියුන්ග්ට හිතුනා.එයා නොදන්න මොනවා හරි එයාගේ කිම් පවුල ඇතුලේ වෙනවා කියලා.

"ටේ...ටේ.."

"ආ..

"වරෙන්.යමන්..උබව ඩිස්චාජ් කර ගත්තේ ෆුල් ගේමක් ගහලා."

ජිමින් කියන පමාවට තේහියුන්ග් නැගිට්ටේ සූබින්ට වාරු වෙලා.කුකීව හොයන්න කොච්චර හදිස්සි වුනත් තේහියුන්ග්ට නැගිටින්න තරම්වත් පනක් තිබුනේ නෑ.ඒත් තේහියුන්ග් හිත හයිය කරගත්තේ ජන්ග්කුක් ගැන මොකක්දෝ අමුතු හෑඟීමක් හිතේ අලුත් වෙද්දියි.

හතරදෙනාම ටැක්සියකින් ආපහු අපාට්මන්ට් එකට යන්න පිටත් වුනා.
කාර් එක ඇතුලේ තේහියුන්ගේ වාරුව වුනේ එයාගේ සෝල්මේට් ජිමින් වෙනකොට මොකක්දෝ හේතුවට තේහියුන්ගේ ඇස් වලින් කදුලු කැට දෙකක් ජිමින්ගේ උරහිස තෙත් කරේ තේහියුන්ග්ට නොදැනිමයි.
ජිමින්ට ඒක දැනුනත් තමන්ගේ ආත්මීය මිතුරාගේ හැඟීම් නොතේරෙනවා සේ කතාවක් පටන් ගත්තේ තේහියුන්ගේ දැහැන බිඳ දමමින්.

"ඒ...ටේ..ටේ...අහපන්කො."

"ම්ම්ම්.

"කෝ ඉතිම් ඔලුව උස්සපන්කො"

"මොකද බන්."

තේහියුන්ග් මූන ඇද කරගෙන ඔලුව උස්සලා ශටර් එකෙන් එලිය බලාගත්තා.

"උබ ඔහොම ඉඳලා බෑනේ බන්.කල්පනා කරොත් තවත් උබ ලෙඩ වෙනවා.උබ බබෙක් නෙමෙයිනේ.ඔක්කොටම කලින් ඔය කල්පනා කරන එක නතර කරහන්කො."

"මන් කොහොමද එහෙම ඉන්නෙ ජිමිනා.ජන්ග්කුක් කියන්නෙ මගේ වගකීමක්.එයාගේ භාරකාරයා මම."

"මන් දන්නවා බන්.ඒත් උබ හොඳ සිහියෙන් ඉන්න ඕනි නේද"

"අපාට්මන්ට් එකට ගිහින් බෙහෙත් ටික බිලා දැන්මම ඕක හරියයි.ඒක නෙමෙයි කියපන් අපි කොහොමද ජන්ග්කුක් ඉන්න තැනක් හොයා ගන්නෙ."

තේහියුන්ග් ඇහුවේ ජිමින් ගැන විස්වාසය තියලයි.තේහියුන්ගේ ඇස් ජන්ග්කුක් හොයාගන්නවා කියන බලාපොරොත්තුවෙන් දිලිසෙන හැටි ජිමින්ටත් නොපෙනුනා නෙමෙයි.

"අයිඩියා...

"යාහ්..හෑ ගහන්න එපා යකෝ.මොක්කද අයිඩියා එක."

"ක්ලබ් එකේ ලොක්කගෙන් හෙල්ප් එකක් ඉල්ලමු.මොකෝ කියන්නෙ."

"ඔව්මයි.උබනම් දෙයියෙක් මචන්.මෙහෙමම යමු.ඩ්‍රයිවර් මන් කියන ලොකේශන් එකට යමු."

"යාහ්.යාහ්...ටේ..

"හරි හරි ඕකට වැඩි වෙලා යන්නෙ නෑනෙ බන්."

තේහියුන්ග් දෙපාරක් නොහිතා ඔවුන් රැකියාව කරන ක්ලබ් එකට යන්න පිටත් වුනා.
ඒ යන අතරෙත් ජිමින් කල්පනා කරේ තමන්ගේ මිතුරාගේ වෙනස මොක්කද කියලයි.
දහවල් සෝල් නගරයේ කාර්‍ය්බහුල පාරවල් අතරින් පැයකට විතර පස්සෙ ක්ලබ් එක ලඟට ආපු තේහියුන්ග් ජිමින් එක්ක කාර් එකෙන් බැස්සෙ හොස්පිටල් එකේ ඇදුමින්මයි..

දහවල් වරුවේ ක්ලබ් එකේ ගොඩක් මිනිස්සු නැති නිසා තේහියුන්ග් ජිමින් දෙන්නගෙම හිතට සැහැල්ලුවක් ගෙනාවා.මොකද කවුරුත්ම  තේහියුන්ගේ සැබෑ අන්න්‍යතාවය දැනගෙන හිටියෙ නෑ.කිට් නමින් ඔහු මුලු සෝල් නගරයෙම ප්‍රසිද්ධ වුනේ ජිමින්ට විතරක් තේහියුන්ග් වෙද්දියි.

"හෙලෝ කිට්"

"හෙලෝ සෑම්..ලොක්කා ඉන්නවාද"

සෑම් ඇස් වලින් පෙන්නුවෙ ඔහු උඩ තට්ටුවෙ බවයි.
Filex club එකේ අයිතිකාරයා වුනේ නම්ජේ නම් වූ සෝල් වල ප්‍රසිද්ධ බිස්නස්මන් කෙනෙකුයි.නම්ජේ කලින් හමුදා සේවයෙ නිරත වෙලා පසුව බිස්නස් වලින් දියුනු වුන කෙනෙක්.නම්ජේ ඔහුගෙ නම වුනත් කවුරුත් ඔහුගේ පවුල් පසුබිම වාසගමවත් දැනගෙන හිටියේ නෑ.
මනා සහජ බුද්ධියකින් සහ හැඩි දැඩි සිරුරකට හිමිකම් කියන නම්ජේ නිතරම මිනිස්සු අතර ගැවසුනේ රහස් පරීක්ෂකයෙක් වරයෙක් වගේ.ජිමින්ට තිබුනේ නම්ජේ ගැන එවැනි මතක නිසා ජිමින් හිතුවේ නම්ජේගෙන් උදව් ගන්නයි.

"ජිමින් උබ බෙල් එක ගහපන්."

තේහියුන්ගේ වචන හමුවේ ජිමින් බෙල් එකට අත තියද්දිම ඇතුලෙන් දොර ඇරුනා..තනි කලුම ඇදුමකින් සැරසුන නම්ජේ ඇස් කොනින් කොල්ලො දෙන්නා දිහා බැලුවේ කොල්ලො දෙන්නගෙ ඇස් බිමට පාත් වෙද්දියි.

"බොස්..

"අහ් මිස්ටර් තේහියුන්ග්."

නම්ජේ එකවරම තේහියුන්ගේ නම කියද්දි ජිමින් තේහියුන්ග් මූනට මූන බැලුවේ ඉබේටමයි.

"මිස්ටර් නම්..නම්ජේ."

"ඇතුලට එන්න."

ජිම්න් ගොත ගහ ගහ කියද්දි නම්ජේ දෙන්නම ඇදලා අරන් කාමරයේ දොර වැහුවා.

"මොකක්ද ජිමින් ප්‍රශ්නේ.ක්ලබ් එකෙන් අයින් වෙන්න ඕනිද,එහෙම නැත්තම්...."

"නෑ නෑ...මිස්ටර් නම්ජේ.මේක කිට්ගෙ ප්‍රශ්නයක්."

"ම්ම්ම්..තේහියුන්ග්ට තියෙන ප්‍රශ්නේ මට විසඳන්න පුලුවන් කියලා තේහියුන්ග් හිතනවද."

"මිස්ටර් නම්ජේ.මට උදව් ඉල්ලන්න වෙන කවුරුත් නෑ."

"ඕකේ.මුලින් ඉඳගන්න.හොස්පිටල් එකෙ ඉදන් ආපු නිසා මහන්සිත් ඇතිනෙ."

දෙවෙනි පාරටත් ජිමින් තේහියුන්ග් දෙන්නම පුදුම වෙද්දි තේහියුන්ග් අසල තිබුන සෝපාවෙන් වාඩි වෙලා එයාගෙ ප්‍රශ්නේ නම්ජේට කියන්න පටත් ගත්තා..
ජන්ග්කුක් එයාගේ පවුලට සම්බන්ධ වුන තැන ඉඳලා හැමදේම තේහියුන්ග් කිව්වෙ නම්ජේ ගැන ලොකු විස්වාසයකිනුයි.

"මිස්ටර් තේහියුන්ග් එක පොරොන්දුවක් පිට"

"ඒ මොක්කද."

"මේ කල්බ් එක ඔයා භාර ගන්න ඕනි."

"මොකක්..ඒ කිව්වෙ.මට තේරුනෙ නෑ."

"මම ඔයාව මෙකේ මැනේජර් කරනවා."

"ආහ්.."

ජිමින් කටත් ඇරගෙන පුදුම වෙද්දි තේහියුන්ග් ඒකට පස්ස ගැහුවා.

"මිස්ටර් නම්ජේ.මෙහෙම කියනවට සමාවෙන්න.ඒත් මට ඒක භාරගන්න බෑ.මොකද මම..මම."

"ලෙඩෙක්..ඒකනේ කියන්න හදන්නෙ."

තුන්වෙනි පාරටත් ජිමින් තේහියුන්ග් දෙන්නම පුදුම කරමින් නම්ජේ එහෙම කියාගෙන තේහියුන්ග් ඉස්සරහින් වාඩි වුනා.

"ටේ...මම් එහෙම කිව්ව්ට කමන් නෑනෙ."

"බොස්ගෙ කැමැත්තක්."

"මම මේක ඔයාට භාරදෙන්නෙ මට මේක භාරදෙන්න..

"මිස්ටර් නම්ජේ..ඇත්තටම මම මේ වෙලාවෙ ඉන්නෙ හොඳ සිහියෙන් නෙමෙයි.අපිට බැරිද වෙන වෙලාවක ඕක ගැන කතා කරන්න."

"ඔව් පුලුවන්.හැබැයි ඔයාට ඕනි දේ මගෙන් ලැබෙන්න නෑ."

තේහියුන්ග්ට දැන් හොඳටම කේන්ති ගිහින් තිබුනත් තේහියුන්ග්ට වෙන කරන්න දෙයක් තිබුනේ නැති නිසා නම්ජේ සමඟ එකඟ වුනේ ජන්ග්කුක් වෙනුවෙනුයි.

"හොඳයි.එහෙනම් දැන්ම මම ඒ ලමයව හොයන්න පටන් ගන්නම්."

නම්ජේ තවත් මුකුත් නොකියා ජිමින් තේහියුන්ග් දෙන්නා කාමරයේ තනිකරලා එලියට ආවා.

..........................................................................




















Author Pov......

අවුරුදු 5 කට පසු....(වර්තමානය)

"සූබින්,සූබින්"

"මේ එනෝ හියුන්ග්"

කැෆේ එකට ආපු මිනිස්සුන්ට සංග්‍රහ කරමින් ඉන්න සූබින්ට තේහියුන්ග් කතා කලේ එලියෙ ඉදන්..

"ඇයි හියුන්ග්"

"සූබින් දැන් ඔයා දවස් තුනකින් යුනිවසිටි ගියෙ නෑ.මොක්කද මෙකේ තේරුම."

"හියුන්ග් මන් ඔයාව...

"මාව බලා ගන්න මට පුලුවන් සූබින්.මම මේ හොදින් කියන්නෙ.හෙට යුනිවසිටි යන්න ලෑස්ති වෙන්න"

තේහියුන්ග් නොරිස්සුම් මුහුනනින් සූබින්ට තරවටු කරේ තේහියුන්ගේ අසනීපය නිසා සූබින් යොන්ජුන් දෙන්නා කරදර වෙනවට දකින්න කැමති නිසයි.කැෆේ එකේ දොරත් ඇරගෙන යන තේහියුන්ග් දිහා සූබින් බලාගෙන හිටියේ ගොඩක් දුකින්.

කාලය කොච්චර වේගෙයෙන් ගියත් හැමෝම වසින් ලොකු වුනත් තේහියුන්ගේ අසනීපය තවමත් එහෙමම තියෙන එක ගැන හැමෝම හිටියෙ කනගාටුවෙන්.
රෑට අරක්කු බෝතල් තුරුල් කර ගන්න තේහියුන්ග්ට තිබුනේ තමන් ගැන කලකිරීමක් වගේම දරාගන්න බැරි දුකක්.
ඒ දුක තුනී වුනේ උගෙරෙන් පහලට යන මත්වතුර වල සැරට වුනත් ඒ දුක දවසින් දවස අලුත් වුනා මිසක් අඩු වුනේ නෑ.

මීට අවුරුදු දෙකක කලින් පටන් ගත්තු කැෆේ එකේ අයිතිකාරයා වුනේ තේහියුන්ග්.මේ වෙනකොට ජිමින් තාමත් ක්ලබ් එකෙ වැඩ කරත් ඔහු ක්ලබ් එකෙ හිමිකාරයා වුනේ තේහියුන්ගේ බල කිරීම මතයි.

අලුත් ගෙයක්,අලුත් කැෆේ එකක් වගේ අලුත් ජීවිතයක් මේ වෙනකොට හැමෝම පටන් අරන් තිබුනත් එක්කෙනෙක් විතරක් තාම අතීතයේ ජීවත් වුනේ ඒ අතීතය දරන්න බැරි තරම් වේදනාවක් නිසා...ඔව් ඒ කිම් තේහියුන්ග්..
දවසින් දවස ජන්ග්කුක් ගැන මෝදු වුන සහෝදර හැඟීම ආදරයක් බවට පෙරලුනේ තමන්ගෙ හිතට ඒ ආදරේ අගුලු දාගනිමිනුයි.

"හෙලෝ ජිමින්.මෙච්චර වෙලා ගියෙ ඇයි ෆෝන් එක ආන්ස්ර් කරන්න."

"අහ් සුදු මහත්තයා බෙහෙත් ටික බිව්වද."

"ඔව්.ඔව්.බිව්වා."

අතේ තිබුන බෙහෙත් ටික කොමඩ් එක දාලා බාතෲම් එකෙ දොර වහපු තේහියුන්ග් බැල්කනියේ අත්වැටට බර වුනේ කලිසමේ සාක්කුවේ අතක් දා ගනිමින්

"මේ ජිමිනා.එනකොට බෝතලයක් ගෙනෙන්."

"මට එන්න වෙන්නෙ නෑ කොල්ලො.සොරි.දැනුත් බිසී.මම තියන්නම්."

"ජි..

ටීක්..ටීක්...ටීක්..

තේහියුන්ග් කියන්නත් කලින් ජිමින් ෆෝන් එක කට් කරා..

"මේ යකාට මොකක් වෙලාද.ලඟදි ඉදලා ගොඩ වෙනස්.රෑට ගෙදර එන්නෙම නෑ.කෑල්ලක්වත් සෙට් වුනාද."

ටවල් එක කරට දාගෙන බාතෲම් එකට යන ගමන් තේහියුන්ග් හිතුවේ දැන් මාසෙක විතර ඉදන් ජිමින්ගෙ වෙනස් වීම ගැන කල්පන කරන ගමිනුයි.
ශවර් එකට යටට වෙලා තේහියුන්ග් හිතන්න ගත්තේ ජිමින් හැමදාම රෑට එයාව මඟ අරින හේතුවයි..
ඒත් තේහියුන්ග්ට ජිමින්ට ගැන සැක හිතෙන කිසිම දෙයක් මතක් වුනේ නෑ.

...........................................................





Author Pov....

මම කෝල් එක කට් කරලා පුටු ඇන්දට හාන්සි වුනා..

"මට සමාවියන් තේහියුන්ග්.උබ දුක් විදිනවා මට බලන් ඉන්න බෑ."

අවුරුදු ගානක් ගියත් මගේ පන වුන තේහියුන්ග් තාමත් විඳවන හැටි මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා.තේහියුන්ග් විඳවනවට වඩා මගෙ ඇස් විඳවන්නෙ තේහියුන්ග් දිහා බලාගෙන ඉන්න ගියාමයි..
ඇයි තේහියුන්ග් උබට මෙහෙම වුනේ..
අද මම ඒක කොහොම හරි විසඳනවා.

ජිමින් හිතින් හිතුවේ ඇස් පියාගෙන.

එක පාරටම ෆෝන් එක වයිබ්‍රේඩ් වුනේ ජිමින්ව  පුටුවෙන් නැගිට්ටවන ගමන්.

ඒ එයා...

"12.45 p.m namsam tour"

ජිමින්ගෙ මූනට හිනාවක් ආවේ ඉබේටමයි..

"මම අද උබව මරනවා.පිස්සු කොල්ලා."

කාර් එකේ යතුරත් අරගෙන ජිමින් පහලට බැස්සෙ කවදාවත් නැති උද්‍යෝගියෙන්.දවස් ගානක ඉදන් ජිමින් මේ හමුවෙන පුද්ගලයා හමුවුනත් උවමනා දේවල් ගැන කතා කරන්න වුනේ නැත්තේ ඔහු ඉක්මනට ආපසු යන නිසයි. ඒත් අදනම් කොහොම හරි මම ඕකගෙ කටින් ඇත්ත එලියට ගන්නවා කියලා හිතපු ජිමින් කාර් එකට නැග්ගෙ ගෙදර යන්න හිතාගෙන.

තේහියුන්ග්ට නොකියා ජිමින් තමන්ගෙ ගෙදරට ගිහින් වෙන ඇදුමක් ඇදගෙන ආපහු එලියට බැස්සෙ හොටේල් එකෙන් කනවා කියලා හිතලයි..

"චූටි බෙබි"

"අහ්.."

"තේහියුන්ග් බේබී කෝල් ගත්තා ගොඩක්.මම කිව්වා බේබි ගෙදර ආවෙ නෑ කියලා...ඊට පස්සෙ...

"ඇහුවොත් කියන්න මම ගෙදර ආවේ නෑ කියලා.මන් ගියා."

සර්වන්ට් ඉතුරු ටික කියන්න කලින් ජිමින් එලියට යන හැටි වතුර වීදුරුව අතේ තියන් පඩිපෙල බහින තේහියුන්ග් බලන් හිටියේ ජිමින් ගැන ලොකු කලකිරීමකින්..

"තේහියුන්ග් බෙබී."

"එපා නාරා..මන් යනවා."

තේහියුන්ග් ආපහු ගෙදර යන්න හැදුවත් මොක්කදෝ හේතුවකට තේහියුන්ග්ට හිතුනා ජිමින් පස්සෙන් ගිහින් බලන්න.ඒක කරන්න හොද වැඩක් නොවුනත් තමන්ගෙ පන වගේ ඉන්න මිතුරා තමන්ට හංඟන රහස මොක්කද කියලා ඇස් වලින්ම බලා ගන්න තේහියුන්ග්ට ඕනි වුනා.

අල්ලපු වැටේ තිබුන තේහියුන්ගේ නිවසට ගිහින් තේහියුන්ග් ෆෝන් එකේ ජිමින්ගේ ලෝකේශන් ට්‍රැක් කරේ කාර් එකට නගින ගමන්.

"හියුන්ග් කොහෙද මේ මහ රෑ යන්නෙ"

"මම ඉක්මනට එන්නම් යොන්ජුනා.සූබින් එක්ක කන්න."

තේහියුන්ග් එහෙම කියාගෙන ජිමින්ව ෆලෝ කරන්න පටන් ගත්තා.ජිමින්ගේ කාර් එක තේහියුන්ග්ට පෙනුනේ නැත්තත් ෆෝන් එකෙ පෙන්නන ලොකේශන් එකෙන් තේහියුන්ග්ට තේරුනා ජිමින් යන්නෙ නම්සන් කුලුන පැත්තට කියලා.

"ශුවර් එකටම කෙල්ලෙක්.ආයිශ් මේ කොටානම්.මන් අල්ලගන්නම්කො.කවුද දන් නෑ ඔය සක්කරවට්ටම."

තේහියුන්ග් කට කොනකින් හිනාවෙනගමන් ඇස්ලේටර් එක තද කරේ හිතෙ කුතුහලය වැඩිවෙද්දියි..
සුලු මොහොතකින් ජිමින්ගෙ ගමනාන්තය අවසන් වුන නිසා තේහියුන්ග් තවත් වේගය වැඩි කරේ ඉක්මනට ජිමින්ව අල්ලගන්නයි.

පැය බාහයකින් විතර තේහියුන්ග් නම්සන් කුලුන ලඟ පාක් එකෙන් කාර් එක පාර්ක් කරලා බකට් හැට් එකත් දාගෙන කලු මාක්ස් එකකුත් දාගෙන එලියට බැස්සෙ ජිමින් ඒ අවටම ඉන්න බව ෆෝන් එකෙන් පෙන්නන නිසයි.තේහියුන්ගේ ෆෝන් එක දිහා බලාගෙන කෙලින්ම ගියේ නම්සම් කුලුන පාමුල තියෙන කුඩා පාක් එක පැත්තටයි.තේහියුන්ග් හිතුවේ ජිමින් නම්සන් කුලුන නගියි කියලා වුනත් කලුවර තියෙන පාක් එකක ජිමින් මොක්කද කරන්නෙ කියලා ආයෙත් තේහියුන්ග්ට සැක හිතුනා..

.............................................................











Taehyung Pov......

"ආයිශ් මේ මනුස්සයා තාම නෑනේ."

වටපිට කැරකි කැරකි ජිමින් ඔරලෝසුව දිහා බලන් ඉන්නවා මම ඈත තියාම දැකපු නිසා ඉක්මනට ගහකට මුවා වුන මම ඒ පැත්තට කන දික් කලා.

හරියටම 12.41 ජිමින් බලාපොරොත්තු වුන කෙනා තවමත් එතනට ඇවිත් තිබුනෙ නෑ.

"මන් වෙලාවට වැඩ හරිද."

"අම්බෝ යකෝ.ඔහොම එන්න එපා.මන් බයත් වුනා."

"හියුන්ග් අපි අර පැත්තට යමුද."

"ම්ම්ම්..ඕකේ."

ජිමින්ට වඩා ටිකක් උස,කලුම ඇදගත් පුද්ගකයෙක් ජිමින්වත් එක්කගෙන ගියේ පයිනස් ගහක් යට තිබුන බංකුවක් ලඟටයි.
ජිමින් බංකුවෙන් වාඩි වුන වහාම ඒ පුද්ගලයා ජිමින්ගේ උරහිසෙන් ඔලුව තියාගත්තේ මගේ පපුවට අත යද්දියි..

"එතකොට ජිමින් කොල්ලෙක් හම්බෙන්නද ආවේ."

තේහියුන්ග් හිතුවේ ගහ ලඟ බිම වාඩි වෙන ගමන්.

"අදනම් ඉක්මනට යන්න හදන්න එපා.අද ටිකක් කතා කරමු."

"හ්ම්ම්.හියුන්ග්..මම මේ දවස් ටිකේ බිසී.ඒකයි ඔයා හම්බෙන්න බැරි වුනේ."

ඒ පුද්ගලයා ජිමින්ට වඩා බාලයි කියලා මට තේරුනේ හියුන්ග් කියපු නිසා උනත් ඒ කටහඩ ගොඩක් ගැඹුරු වුනා..කවුද ඒ.
මම ආයෙත් කල්පනා කරද්දී උරහිසට ඔලුව තියාගෙන හිටපු ඒ කොල්ලා ඔලුව ඉස්සුවේ ජිමින් ඔහුව එයාගෙ පැත්තට හරව ගනිද්දි.

"ජිමින් හියුන්ග්.ඇයි ඔයා හැමදාම ඔය කතාව මගෙන් අහන්නෙ.මන් එදා ඉදන් තාමත් එහෙමයි.මගෙ ආදරේ වෙනස් වෙන්නෙ නෑ හියුන්ග්.හැබැයි ඒක මට දෙන්න බෑ.මොකද ඒක අසම්මතයි."

"යාහ්....කොල්ලො.මාව අඬවන්න එපා."

"මට ඕනි හොඳින් ජීවත් වෙන්න විතරයි.ඒත් මට ඒක කරන්න බෑ."

"ඇයි බැරි..ඔයා තාම පොඩියි.මම ඉන්නවා ඔයාට.තව ඔයාට..

"ඇති හියුන්ග්.අපි ඔය කතාව නවත්තමු."

"ඒත්...ඇයි ඔයාට හොඳින් ඉන්න බැරි."

"මොකද මන් මිනීමරුවෙක්."

ඉඳගෙන හිටපු තැනින් මාව ඉබේටම නැගිටුනේ අතත් මිට මෙලවෙද්දියි.මොකද මට බෑ ජිමින්ව මිනීමරුවෙක් ලඟ තියන්න.මම ජිමින් ලඟට යන්න අඩිය තියනකොටම මට ඇහුන වචන ටිකක මගේ ඇස්වලින් කදුලු ගංගාවක් ගලාගෙන ගියා..

"ඇයි ජිමින් හියුන්ග් මම අනාතයෙක් වුනේ.?"








MD Dilu✍️

💜️
ඔන්න දුන්නා ආමිලා කතාව..මියානේ පරක්කු වුනාට.අනිත් කොටසත් ඉක්මනට දෙන්නම්

ඉස්සරහට වෙන දේවල් ගෙස් කරලා වටිනා මනුස්ස හාවෙක් දිනා ගන්න 😹

සයොනාරා....💜️

Continue Reading

You'll Also Like

365K 40.8K 27
"အဲ့ဒီမျက်ဝန်းညိုညိုလေးကို နောက်တစ်ကြိမ် ငြှိတွယ်သွားခဲ့မိမယ်လို့ ကိုယ် မထင်ထားမိဘူးချာတိတ်လေးရယ်'' "အဲ့ဒီမ်က္ဝန္းညိဳညိဳေလးကို ေနာက္တစ္ႀကိမ္ ျငႇိတ...
1.1M 78.1K 28
မင်း ငါ့လက်ကို တွဲပြီး ကောင်းတဲ့လမ်းကို ပြန်မလျှောက်နိုင်တော့ဘူးဆိုရင် ငါ မင်းလက်ကို ဆွဲပြီး အမှောင်လမ်းထဲ တူတူ လိုက်လျှောက်ပေးမယ်။ မင္း ငါ့လက္ကို တြ...
372K 42.9K 24
"မင်းဘာသာ သမန်းဝံပုလွေမကလို့ ဘာကောင်ကြီးပဲ ဖြစ်နေဖြစ်နေ ငါဂရုမစိုက်ဘူး ဂျောင်ကု...'' ''မင္းဘာသာ သမန္းဝံပုေလြမကလို႔ ဘာေကာင္ႀကီးပဲ ျဖစ္ေနျဖစ္ေန ငါဂ...