ශෙනන් pov :
"කෝ මෙතනට එන්න"
ෆස්ට් ඒයිඩ් එක අරන් ආව මම වීදුරැ කටු අස් කරා කරා හිටිය නෙතිල් අයියා ලඟට ඇවිත් කිව්වම එයා කල්පනාවක ඉඳලද කොහෙද එකපාරට ගැස්සුනා..
"ආහ්..ඇයි ?"
"ඔය වීදුරැ කටු ටික ඩස්ට්බින් එකට දාලා එන්න..අතට බෙහෙත් දාන්න ඕනා"
මම මෙතුල්ගේ ඇඳට තට්ටුවක් දාන ගමන් කිව්වම එයා මම දිහා මොකාද එකා වගේ බලන් හිටියා..
"බෙහෙත් දාන්න ඕනේ නෑ..ඕක හොඳ වෙයි"
"තප්පර දෙකක් දෙන්නම් මෙතනින් ඉඳගන්න"
මම සන්සුන්ව කිව්වම වෙන මුකුත් නොකියා වීදුරැ ටික බින් එකට දාලා නෙතිල් අයියා ඉක්මනට කීකරැව මගේ ලඟින් ඉඳගත්තා..
"තුවාලත් කරගෙන..ඊටහපන් බිත්ති දිගේ බඩ ගාලා..අම්මපා හරි සිහියකින් හිටියා නම් කකුල් දෙක කඩනවා ආපහු පන්ඩිත වැඩ කරන්න බැරි වෙන්න"
තුවාලේට බෙහෙත් දාන ගමන් එක දිගටම නෙතිල් අයියට දෙහි කැපුවත් මගේ මූන දිහා හිනා වේවී බලන් හිටියා මිසක් එයා කිසි දෙයක් නොකියද්දී මම එයාගේ අත මිරිකුවේ රිදෙන්නමයි..
"ආව්ව්ව්.."
"ආව් තමා..පන්ඩිත වැඩ කරාට ඔලුව ගැලවෙන්න එකක් දෙන්න හිතෙනවා"
මම කිව්වම එකපාරට මාව උස්සලා අරන් ඔඩොක්කුවෙන් තියා ගත්ත නෙතිල් අයියා මගේ මූන ඉඹගෙන ඉඹගෙන ගියේ මම අත පය විසික් කර කර එයාගෙන් ගැලවෙන්න දඟලන අතරේ..
"ඒයි..මොකක්ද කරන්නේ..කෙල ගෑවෙනවා අප්පා..කෝ අයියෝ පුස් ඌරෝ.."
මම දඟලන වාරයක් පාසා මගේ වටේ එතිලා තියෙන එයාගේ අත් තව තද වෙද්දි මම පුදුම වුනේ ඉස්සර මාව මෙහෙම අත් වලට තද වුනේ අපයෝජනයට ලක් වෙන්න විතරක් වෙද්දී අද ඒ විදිහටම මගේ වටේ මේ තද වෙන අත දෙකෙන් මට වෙනදටත් වඩා ආරක්ෂාවක් දැනුන නිසායි..
"මට තව තුවාල කරගන්න හිතෙනවා ඔයා මාව ඔහොම බලාගන්න කොට----ආව්..ආව්..ආව්..අයියෝ..කන.. කන.."
නෙතිල් අයියා කියන කොට මම එයාගේ කනෙන් අල්ලලා අනෙක් පැත්තට ඇඹරැවේ එයාට මහ හයියෙන් කෑගැහෙද්දී..
"ආයි කියන්න බලන්න..අතපය හතර ගලවලා පැත්තකින් තියන්නද? හැමදාටම බලාගත හැකිනේ අබ්බගාත හස්බන්ඩ්ව"
"ආහ්වූවූ..සොරි සොරි යස්ස පැටියෝ..කන ගැලවෙයි"
මගේ අතින් එයාගේ ඇඹරැනු කන ගලවගත්ත නෙතිල් අයියා මම අත ගත්ත සැනින් ආපහු මගේ බෙල්ලේ මූන හංග ගත්තාම මගේ කේන්තිය වාස්ප වෙලා ගියා..
බැනේ මෙයා එක්ක කේන්ති ගන්නත්..හුරතලේ දැක්කම සේරම දිය වෙලා යනවා..
"දැන් මාව හස්බන්ඩ් කරගෙනත් ඉවරයි ඒ කියන්නේ ? හම්ම්..."
එයා හෙමීට මිමිනුවම මගේ බඩේ අමුතු කිතයක් පැතිරැනාම මම එයාගේ උකුල උඩ ඇඹරැනේ මගේ මූනත් එක්ක රතු පාට වෙද්දී..
"ආදරෙයි පොඩ්ඩෝ...මිරිකලා ජූස් කරලා බොන්න හිතෙනවා ඔයාව"
සැක් මේ මිනිහා නම් ගිය ආත්මෙවත් ලව් කරලා නැද්ද කොහෙද? කොහෙන් අහුල ගත්ත දෙබසක්ද මන්දා..
"ලුනු රහ වෙයි හැබැයි"
"මොනාද ?"
"මාව"
"නෑ පැනි රහයි ලූ"
"මොනාද?"
"මිනීමස්"
වට්ද පාක් කිව්වලු..ජෙෆ්රිගේ ලංකා වරශන් එක වගේ නේ..අම්මෝ දැන් නම් හීනියට දාඩියත් දානවා..ලඟ ඉන්නත් බයයි මේ මිනිහා එක්ක..
ඒත් මගේ බෙල්ලේ තවත් මූන හංගන් පුරැ පුරැ ගාද්දී ඉස්කොලේ දාහකට ගහන්න වගේ ඉන්න නෙතිල් අයියමද මේ කියලත් හිතෙනවා..
"මේ.."
"හම්ම්?"
"ආපහු මෙතුල්ට ගහන්න එපා"
මම කිව්වම එයා මගේ බෙල්ලෙන් මූන අරන් මම දිහා බැලුවේ එයාගේ මූන ආපහු ටික ටික කලු වෙද්දී..
"එයා ඔයාට අත ඉස්සුව නිසයි ගැහුවේ ශෙනන්..එවලේ එයා කලේ වැරැද්දක් ඔයා නෙමේ කවුරැ හිටියත් ඌ මගෙන් කනවා "
නෙතිල් අයියගේ මූනේ කේන්තියක සේයාවක් තිබ්බත් වෙනදා විදිහටම එයාගේ හඬ සන්සුන් වුනා.
"අනික ඔයා කවදාවත් ඔයා ගැන අර විදිහට හිතන්න එපා"
එයා එකපාරට කිව්වම මම කල්පනා කලේ එයා මොකක් ගැනද කියන්නේ කියලා..
"මොකක්ද?"
"ඔයාව පිලිකුල් කරනවා කියලා.."
එයා කිව්වම මට එවලේ කට උත්තර නැති වුනා..ඇත්තටම නෙතිල් අයියා මාව පිලිකුල් කරාවි කියලා ඉස්සර හිතුවේ නැතත් අලුතෙන් මතකෙට අාපු දේවල් එක්ක එයාට මම ගැන තිබ්බ හැඟීම වෙනස් වෙයිදෝ කියලා නොහිතුනාම නෙමේ..ඇත්තටම එයාට මම ගැන එහෙම අප්පිරියාවක් දැනෙනවනම් එයා එ්ක බලෙන් යටපත් කරන් මාත් එක්ක ඉන්නවට මම කැමති වුනේ නෑ..
හිතට ආපු දේවල් කියා ගන්න බැරි වෙද්දී මම නෙතිල් අයියාගේ ඇස් මග ඇරලා බිම බලාගත්තම සුපුරුදු විදිහටම නෙතිල් අයියා මේ පාරත් මම හැරෙනකොටම මාව තේරැම් ගත්තා..
"කෝ මේ බලන්න"
මගේ මුනෙන් අල්ලලා මාව එයාගේ දිහාට හරවගත්ත නෙතිල් අයියා මගේ ඇස් දිහා කෙලින් බැලුවේ මාව එයාගේ තියුනු බැල්මෙන් හෙල්ලිලා යද්දී..
"ඔයා දන්නවද මම ඔයාගේ කතාව දැනගත්තට පස්සේ ඔයා ගැන මොනාද හිතන්නේ කියලා"
එයා ඇහුවම මම නෑ කියන්න ඔලුව වැනුවා..
"මම පුදුම වුනා ශෙනන්..මම ඇත්තටම පුදුම වුනා..ඔයා වගේ රෝස මලක් වගේ පොඩ්ඩෙක් කොහොමද මේ හැමදේම දරාගත්තේ කියලා"
නෙතිල් අයියා මගේ ඇස් කෙලින් බලන් කියද්දි මම එයා දිහා බැලුවේ පුදුමෙන්..
"මෙතුල් ඔයාට ගහලත් ඔයා කේන්ති නොගත්ත විදිහ, කෙනෝලි ඒ ගැන දැන ගෙන හිටියා කිව්වත් ඔයා ඒක ඉවසන් හිටිය විදිහ...කවදාවත් ඔයා වගේ කෙනෙක් මම ඇත්තටම දැකලා නෑ.."
නෙතිල් අයියා දිගටම කියන් ගියාම මම නිහඬව එයා දිහා බලන් හිටයේ හිතේ සුපුරුදු උනුසුම දෙගුන තෙගුන වෙලා ඇති වෙද්දී..
"ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් ..අපි කාටවත් හිතා ගන්න බැරි තරම් ශක්තිමත්..ඔයා ජීවිතේ ඉස්සරහට ගෙනියන්න හදපු විදිහ මම හිතන්නේ නෑ හැමෝටම කරන්න පුලුවන් දෙයක් කියලා.."
නෙතිල් අයියාගේ ඇස් වල දිස්නේ එන්න එන්න වැඩි වෙද්දී එයාගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනා..
"මම ඔයාට සෑහෙන්න ගරැ කරනවා..ඔයාගේ ඒ ගතිගුන වලට ඔයාගේ මේ පිරිසිදු හිතට..මම ගොඩක් ගරැ කරනවා..ඊටත් වඩා...."
මුනේ ඇදුන මදහසත් එක්ක මගේ නලල මැද්දට එයාගේ තොල් දෙක තද කලා..
"මට ඔයා ගැන ආඩම්බරයි ශෙනන්..!"
මම කොච්චර වෙලාවක් එයා දිහා ගල් ගැහිලා බලන් හිටියද කියන්න මම දන්නේ නෑ.ඒ වචන ටික මට මීට කලින් කොයි තරම් නම් මට අහන්න ඕනේ වෙලා තිබ්බද කියලා මටම අදහසක් තිබිලා නෑ කියලා මට තේරැනේ එයාගෙන් ඒ වචන ටික ඇහෙද්දී සතුටක් එක්ක කෑගහලා අඩන්න හිනෙ තරම් සහනයක් හිතට දැනෙන කොට...
"හම්..තෑන්ක්ස්"
වෙනදා වගේම කොච්චර හැඟීම් බර වුනත් වචන පිට කරගන්න බැරැව මම ගොලු වෙද්දී සුපුරුදු විදිහටම නෙතිල් අයියා මාව තේරැම් ගත්තා..
එයාගේ මූනේ හිනාව තවත් පලල් වෙද්දී මගේ මූනට බර වුන එයා හෙමීට මගේ තොල් අල්ලගන්න කොට මමත් නොදැනුවත්වම ඒකට නතු වුනේ බඩ ඇතුලේ කිතය දෙගුන තෙගුන වෙද්දී..
කිසි හදිස්සියක් නැතුව මගේ තොල් උඩ විවේක ගත්ත නෙතිල් අයියා දෙතොලින් ගැලවිලා මගේ ගෙලත් සිනිදුවට සිප ගත්තේ එතන ආලයක් මිස රාගයක් ගෑවිලාවත් නොතිබෙද්දී..
'මම හරි වාසනාවන්තයි'
කලින් මම කොච්චර නම් අවාසනාවන්තයෙක්ද කියලා හිතන් හිටපු හිතම මම කොච්චර වාසනාවන්තයෙක්ද කියලා මොර ගාලා කියද්දී මගේ බෙල්ලේ මුන හංගන් හිටිය නෙතිල් අයියාගේ ඔලුව උඩින් මම කම්මුල හේත්තු කරගත්තා..මොහොතක් යනකම් දෙන්නම නිහඬතාව රසවිදිද්දි මම කල්පනා කලේ මට මතක් වුන දේවල්..කලින් වගේ අතීතය මතක් වෙන කොට මට අපහසුවක් නොදැනුනේ නෙතිල් අයියා ලග හිටිය නිසාදෝ කියලා මට හිතුනා..ඒත් ඒ දේවල් මතක් කර කරා ඉන්න ඕනේ වුනේ නැති වුනත් මට දිගටම ඔලුවට ආවේ එක දෙයයි..
මාව බේරගන්න ගිහින් අනතුරේ වැටුනු දිල්කි අක්කා !
"ඒක නෙමේ..අකිල අයියට කතා කරා නම් හොඳ නැද්ද?"
මම කිව්වම නෙතිල් අයියාගේ මුවින් නොරිස්සුම් සහගත හඬක් පිට වුනා..
"මොන අයියෙක්ද..ඒ මිනිහා වයසයි"
"වයස කොහෙද අප්පා..ඇඟපත බලන්නකෝ "
මම කිව්වේ එච්චර හිතලා නැති වුනත් මම කටවහගත්තේ මගේ දිහාට එල්ල වෙලා තිබ්බ අඳුරැ ඇස් දෙකක් දැකලා..
"කොයි වෙලාවෙද උඹ එයාගේ ඇඟ දිහා බලන්න ගියේ ?"
එයාගේ එක අතකට සම්පූර්ණයෙන් අහුවෙලා තිබ්බ මගේ ඉණ තදින් මිරිකන ගමන් එයා ඇහුවම මම අන්ද මන්ද වුනේ දැන් ටිකකට කලින් මාව ජූස් කරලා බොන්න හිටිය මිනිහා ඇයි එකපාරට අවුල් ගියේ කියලා..
"මම බලන්න ගිය ඇඟක් නැ..එයා ජොගින් සූට් එකෙන් හිටිය වෙලේ දැක්කේ..අනික මේ..මම කියලා තියෙනවා මට උඹ බන් බොලං ගාන් එන්න එපා කියලා හරිද?"
මම කිව්වම එයාගේ මුනේ තිබ්බ කේන්තිය අයින් නොවුනත් තිබ්බට වඩා මෘදු වුනාම මම සැනසුම් සුසුම් හෙලුවා...
"හුම් හාකෝ"
මයිල් පුම්බලා කෑස් ගාන පුසෙක් වගේ නහයෙන් පිම්බ එයා ආපහු මගේ බෙල්ල ලගින් ඔලුව තියා ගත්තාම මම ඔලුව වැනුවේ මීට හොඳයි අවුරැදු පහේ පොඩි එකෙක් බලා ගත්තා නම් කියලා..
"මේ දැන් ඒක නෙමේ..අපි එයාට දිල්කි අක්කා ගැන කියන්න ඕනා"
"මොකක් කියලද?"
කිව්වත් වගේ දිල්කි අක්කා ගැන එයාට කියන්න ඕනා වුනත් එකපාරට මොකක්ද කියන්නේ කියලා හිතා ගන්න බැරි වුනා..මම නිසා එයාගේ ජීවිතේ විනාස වුනා කියන්නද ?
"බලමු අපි මොකක්ද කරන්න පුලුවන් කියලා..එදා අපි ආපු දවසේ කවුරැත් කොරිඩෝවේ හිටියේ නෑ..ඒ කියන්නේ කවුරැහරි එයාව බේරගෙන"
නෙතිල් අයියා කිව්වම මට මතක් වුනේ දාස් අංකල්වයි..එදා ඒ ගෙදර එවලේ වෙන කෙනෙක්ට හිටියේ දාස් අංකල් විතරයි..
"ඕගොල්ලන්ට අන්තිමට කෝල් කරේ දාස් අංකල් කිව්වා නේද ?එයා වෙන්න බැරිද?"
මම කිව්වත් නෙතිල් අයියා ඔලුව වැනුවේ ඒක එක්ක එකඟ වෙන්න බෑ කියන්නයි..
"මම හිතන්නේ නෑ ඒ මනුස්සයාට විතරක් ඒ තරම් හොඳට මනුස්සයෙක් හංගලා තියන්න පුලුවන් කියලා..මෙතනට කවුරැහරි බලය තියෙන කෙනෙක් සම්බන්ධයි ශෙනන්.."
අපි දෙන්නා අතරේ මොහොතක නිහඬතාවක් පැතිරැනේ ඒ කෙනා අම්මා වෙන්න බැරිද කියලා මට හිතෙද්දී..එයා ගැන විස්තර තිබ්බ ෆයිල් එකක් අම්මාගේ මේසේ උඩ තිබ්බ එක ගැන මට ගෙනාවේ සැකයක්..
එතකොට ඩොක්ටර් අජිත් ! දිල්කිගේ තාත්තා..මොන වගේ අහම්බයක්ද කියලා හිතා ගන්නාග බැරි වෙද්දී දොස්තරගේ වැරදි දුවගේ පිටින් ගියාදෝ කියලා මට හිතුනා..
පොඩ්ඩක් ඉන්න ! එහෙනම් අර මරණ සහතිකේ හිටිය අජිත් පෙරේරා ? අර ඩොක්ටර් පෙරේරා කෙනෙක්ද කියන්නේ මම දන්නේ නැති වුනත් දැන් හිතෙන විදිහට ඒ මැරිලා තියෙන්නේත් මට බෙහෙත් කරපු දොස්තරම තමා..එයා මැරිලා තිබ්බේ හෘදයාබාධයකින් වුනත් මේ වෙන දේවල් වල හැටියට හිටි හැටියේ එහෙම මැරැනා කියන්න බෑ..ඒත් එයාව මැරැවා නම් දිල්කි අක්කාවත් මරලා දාලාද ? ඒ අයමද දිල්කි අක්කව අරන් ගියේ...
"ශෙනන් ? ශෙනන්?"
කල්පනාවේ ගිලිලා හිටිය මම නෙතිල් අයියා කතා කරාම එකපාරට සිහියට ආවම මම එයා දිහා බැලුවා..
"දැන් ඔයා ඕක ගැන හිතන එක නතර කරලා රෙස්ට් කරන්න..අදත් ඔයා එන්නේ නෑ කියලා මම ආච්චිට කියන්නම්.."
නෙතිල් අයියා කිව්වම මම එයාට විරැද්ද වෙන්න ගියේ නෑ..ඒ තරම් මට ඇඟට තද මහන්සියක් දැනුනා..අලුත් වුන මතක මට ලොකුවට බලපෑවේ නැති වුනත් මගේ ඇඟට ලොකු බරක් එකතු වුනා වගේ මට දැනුනේ..
"ඔයා නිදා ගන්න..මම කෙනෝව ගෙදරට ගිහින් දාලා එන්නම්.."
මාව උස්සලා ඇඳ එහා පැත්තෙන් තියෙන ගමන් නෙතිල් අයියා කිව්වම මම ආපහු එයාගේ ප්ලාස්ටර් ගහපු අත හෙමීට අල්ලගත්තා..
"එයාට බනින්න එපා.."
මම දිහා ටික වෙලාවක් බලන් හිටිය නෙතිල් අයියා හිනා වෙලා මගේ කොන්ඩේ ඇවිස්සුවා..
"එ් චීන පටස් එකට කියලා ඉල්ලන් කන්න ආසාවක් නෑ මට..අනෙක...."
මගේ බැල්ම මග හැරිය නෙතිල් අයියා බර හුස්මක් හෙලුවා..
"අපි හැමෝගෙම අතේ වැරැද්ද තියාගෙන එකාට එකා ඇඟිල්ල දික් කලා කියලා වැඩක් වෙන්නේ නෑ.."
හෙමීට මිමිනුව එයා එතනින් යන්න හැදුවත් මම එයාගේ අත අතහැරියේ නෑ..
"ඇයි ?"
මම එයා දිහා මොහොතක් බලන් හිටියා..
"නෑ මුකුත් නෑ"
එයාගේ අත අතහැරිය මම අහක බලා ගත්තම මගේ ලඟට පහත් වෙලා නලලට සිපුමක් තිබ්බ එයා කාමරෙන් එලියට ගියා..
************************************
Hellow,
ඔයැයිලාගේ comment දැක්කම ආසාවේ බෑ අෆ්ෆා..කතාව ඉවර කරන්න හිතෙන්නේ නෑ..තව තව බකට් දාන්න හිතෙනවා..
☯ FEI FEI