මා පළමු වටය මුර කිරීම භාරගත් බැවින් දිව්‍යා නිදාගැනීමට සැරසුණා ය. ඇය ගල් තලය මත වැතිරෙමින් සුවපහසු ලෙස නිදා ගැනීමට උත්සහ කළා ය. මද වේලාවක් ගතවන විට ම මට ඇය ක්‍රමානුකූල ව හුස්ම ගන්නා හඬ ඇසිණි. මම ද ඇය අසළින් ම ඇණතබා ගනිමින් අලස ව අනතුරක් පිළිබඳ විමසිල්ලෙන් පසුවූයෙමි. මා දෙතුන් වතාවක් නිදිකිරා වැටුණ ද මා අවදි ව තබා ගැනීමට කැළෑ මදුරුවන් හා කෝඳුරුවන් උන්ගේ රාජකාරිය මනා ව ඉටු කරන්නට වූ නිසාවෙන් නින්ද මා අසලකවත් නො වීය.
නමුත් අවසානයේ දී මාගේ දෑස් පියවී ගියේ අද දින වෙහෙස නිසාවෙනි. මම පළමු වටය මුර කිරීම භාර ගත්තේ නින්ද ගිය විට මා අවදි කිරීම අපහසු බව දන්නා නිසාවෙනි.
අවසානයේ මා දිව්‍යාට දෙවන වටය මුර කිරීමට කතා කිරීමටත් ප්‍රථම දෙවියන්ගේ ශාපයකට අසු වූ කෙනෙකුන් මෙන් නින්දට වැටුණෙමි.
එක්වර ම උදෑසන මම ගැස්සී අවදි වූයෙමි. ඒ කුමක් නිසා දැයි යන්න පිළිබඳ මා හට එතරම් අවබෝධයක් නො වීය. ඒ වන විට හිරු කිරණ පතනය වීම ආරම්භ වී තිබූ අතර සෑම අතින් ම කුරුළු කූජන ඇසෙන්නට විය. අප නවාතැන් ගෙන සිටි ස්ථානයේ වූ ගල් කුළු අතරින් හිරු කිරණ මුදුන් සිපගත් වෘක්ශ රාජයෝ නැඟී සිටියහ.
නමුත් එහි වූ ප්‍රධානත ම කාරණය වන්නේ ස්වභාවධර්මයේ අලංකාරයවත් කන්කළු කුරුළු කූජනවත් නො වේ.
මා නිදාගෙන සිටියේ දිව්‍යාවත් එක් අතකින් වැළඳගෙනයි!!!
ඇය මාගේ දකුණත කොට්ටයක් සේ භාවිත කරමින් ඇගේ හස්ථයක් මාගේ බඳ වටා යවා තව ද පාදයක් මගේ ශරීරය මතින් දමාගෙන සිටියා ය. ඇය මෙලෙස මා හට තුරුළු වී නිදනා විට මුවෙහි වූයේ අව්‍යාජ සුන්දර සිනහවකි. ඇය මා හට නම් කිසිදිනෙක මෙවන් සුන්දර සිනහවකින් සංග්‍රහ කර නැත.
ඇය එලෙස සිටිනා විට ඉතාමත් සුන්දර හා හුරුබුහුටි ලෙස දිස්වුණ අතර හිරු එළියෙන් ඇගේ සම දිළිසිණි. කාල වර්ණ හිසකෙස් මතින් ඇගේ මුහුණේ සුන්දරත්වය කැපී පෙනෙන්නට විය.
මේ වන විට මාගේ හෘදය මිනිත්තුවට වාර 150ක පමණ වේගයෙන් ස්පන්ධනය වෙමින් පැවතිණි. මා දැන් කුමක් කළ යුතු දැයි මා හට අවබෝධයක් නො වීය. මා සෙමෙන් සෙමෙන් මාගේ හස්ථය ඈ කෙරෙන් මුදා ගැනීමට තැත්කළ ද ඈ සිදුකළේ ඇගේ අනෙක් හස්ථයෙනුත් මා ග්‍රහණය කර ගැනීමයි. ඇයට මා හැරයාමට කිසිදු අදහසක් නැතිවා සේ ය.
" දැන් මම මොකද කරන්නේ? "
මම ඇයගේ මුහුණ දෙස මද වේලාවක් බලා සිටියෙමි. එහි බොහෝ කටුක අත්දැකීම් ලියවී ඇති බව මා දුටුවත් ඒවා මොනවාදැයි මා දැනසිටියේ නැත. තාප සංවේදී උරගයෙකු මෙන් ඇය තව තවත් මා වෙතට ම ඇදී එන්නට වූවා ය. මා හට ඒ අවස්ථාවේ දැණුනු හැඟීම කුමක්දැයි මා දැනසිටියේ නැති අතර මා ඇගේ මුහුණ මතට වැටී තිබූ කෙහෙරැල්ලක් පසෙක්ට කිරීමට උත්සහ කළමුත් සිදුවූයේ මා කිසිලෙසකින්වත් නො සිතූ දෙයකි.
ඇය එක්වර ම මම ඇගේ මුහුණ වෙත ගෙන ගිය හස්ථය තදින් ග්‍රහණය කර ක්ෂණික ව තම දෑස් විවර කළා ය.
ඇය මද වේලාවක් එලෙස මාගේ මුහුණ දෙස බලා සිටි අතර ඇයට තමා සිටි ඉරියව්ව පිළිබඳ අවබෝධ වූයේ එවිටයි. ඇය එක්වර ම මාව ද පසෙකට පෙරළා ඉවතට පැන්නා ය.
" ඔයා... ඔයා මොකක් ද කළේ... "
මම වික්ශිප්ත ව ඇය හා මුහුණට මුහුණ බලා සිටියෙමි. මද වේලාවකින් මා සිදුකිරීමට සැරසුණු දෙය සිහිවීමෙන් මම හිසේ සිට දෙ පතුල දක්වා ම රතු වී ගියෙමි.
" ඔයා.... මොකට ද මාව බදාගෙන නිදා ගත්තේ.... "
ඇය අතිශයින් ම කලබලයට පත් ව සිටියා ය. කිසි ම දිනෙක කෙල්ලෙකුගේ අතින්වත් අල්ලා හෝ නො මැති මා හට දිව්‍යා සිදුකරන චෝදනා දරාගත නො හැකි විය.
" මම... මම ද එතකොට වැරදි... "
" නැත්නම්... ඔයා කියන්නේ මම ඇවිත් ඔයා ව බදාගත්තා කියල ද... "
" ඔව්. ඔයා තමා... අඩුම තරමේ මට කෙල්ලෙක් තියා කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලාවත් නැහැ... ඔයා මගේ ඇඟේ එල්ලෙන්න ආවට මම මොනවා කරන්න ද? "
ඈ තවත් කුමක් හෝ පැවසීමට මුව විවර කළ ද ඇගේ ජංගම දුරකතනය වයිබ්‍රේට් වන්නට විය. දිව්‍යා මා හට තියුණු බැල්මකින් සංග්‍රහ කර එයට පිළිතුරු දීමට මදක් ඈතට ගියා ය.
" මොකක්!!! මෝඩ රැල... තමුන්ලට ඔය පොඩි වැඩේවත් කරගන්න බැරි ද? මට දැන් ඔතනට එන්න බැහැ. ආහ්!.. ඉක්මන් කරනවා... "
ඇය දුරකථනය සක්කුවෙහි ඔබාගෙන කුඩා වැල් කැබැල්ලක් රැගෙන කොණ්ඩය කුඩා පෝනිටේලයක් ආකාරයට ගැට ගැසුවා ය. ඇය එම කාර්යය සිදුකරන මුළු කාලය පුරාවට ම සිදුකළේ තමන් හට ම පරුෂ වචනයෙන් බැණ වැදීමයි.
" යමු! "
දිව්‍යා ඇගේ බෑගය ද රැගෙන පිට ව යාමට සැරසුණා ය.
" මොකක් ද අවුල ? "
මා විමසුවේ දෝෂාරෝපණයක් ලැබෙන බව දැන දැන ම වුව ද ඇය කිසිත් නො කීවා ය.
" පොලීසියට මහ මොළකාරයා අල්ලගන්න බැරි වෙලා... බිස්නස් එකේ අයිතිකාරයා... එතන මුරට හිටපු දෙන්නෙකුත් පැනගෙන! දැන් එයාලා අනිවාරෙන් අපේ පස්සෙන් අපි ව අල්ලගන්න මිනිස්සු එවයි. මොක ද ඇසින් දුටු සාක්ෂි තියෙන්නේ අපි ළඟ නිසා... ඒ නිසා යමු. ඉක්මන් කරමු! "
මම තැති ගතිමි. එසේ නම් අප දෙදෙනා මේ වන විට සිටින්නේ මහත් අනතුරක ය. මම ද හැකි විගස ඇයත් සමඟ පිට ව යාමට සූදානම් වූයෙමි. ඒ අතරතුර මා හට සිහියට නැඟුනේ ඇය පොලිස් නිළධාරීන් හට බැණවැදුන ආකාරයයි. එසේ නම් ඇය ඔවුන්ටත් වඩා උසස් නිළයක ද?.... ඒත් මෙතරම් අඩු වයසක දී....
මම මාගෙන් ම ප්‍රශ්න කරමින් ඇය හා දිව ගියෙමි. ඇය මඟ පෙන්වමින් ගිය අතර මම ඇය පසුපස වැටී සිටියෙමි. වරින් වර මාගේ කුස ආහාර ඉල්ලමින් පෙරළි කළ ද මා එය අමතක කර දැමුයේ අහාරවලට වඩා මා හට මාගේ ජීවිතය වටිනා නිසාවෙනි.
ඇය බොහෝ වේලාවක් ඇවිද ගිය අතර ඒ වන විට අප සිටි ප්‍රදේශය පෙරට වඩා එළිමහන් සහගත වූ අතර ශාක ගහණය ද අඩු වී ඇති සෙයක් දිස්වුණි.
අප එසේ දිව යන අතරතුර මුව රංචු කිහිපයක්, මොණර රැළක් හා කිඹුළෙකු ද දැක ගත හැකි විය. නමුත් අප ඔවුන් ව නො සළකා හැරි හෙයින් ඔවුන්ගෙන් අප හට හිරිහැරයක් නො විණි.
අපි බොහෝ වේලාවක් ඇවිදීමෙන් අනතුරු ව විසල්ඹ යායක් අභියස නතර වීමු. එහි විසල් අඹ තුරු විස්සක් පමණ වූ අතර කලකට ඉහත දී අත්හැර දමන් ලද්දක් සේ දිස්විණි. ඇතැම්විට අනවසර පදිංචිකරුවන් වශයෙන් වනයේ පදිංචිවූවන් පසුව ඉඩම් ලබා දී වෙනත් ස්ථානවල පදිංචි වූවෙකුට අයත් වූවක් ද විය හැකි ය. කෙසේ වෙතත් එයින් අපට නම් සිදු වූයේ නම් විශාල වාසියකි.
මගේ මුවග වූ කෑදර බැල්ම දුටු දිව්‍යා මුව කොණක සිනහවක් රඳවාගෙන අඹ ගසක් අසළට ළඟා වූවා ය.
" බඩගිනි ද ? "
මම හිස සැළුවෙමි. ඇය විසල් අඹ ගස දිගේ අඳුන් දිවියෙකු මෙන් බඩගාමින් ඉහළට ඇදුණා ය. මම ඒ දෙස මුව විවර කරගෙන බලා සිටියෙමි. ඉන්න්කෝ... මටත් පුළුවන් ගස් නඟින්න....
" ඒයි!... ඔහොම ඉන්නවා අතක් පයක් කඩා ගන්නේ නැතුව! "
ඇය මා හට බැණ වැදුණා ය. නමුත් නම් ඇයට අවනත වූයේ නැත.
"අනේ මේ... මම දන්නවා ගස් නඟින්න. "
" මුරණ්ඩු වෙන්න එපා... ඔතන ඉඳන් බලන් ඉන්නවා කවුරුහරි එනව ද කියලා... "
ඇය මා හා එකඟ වූයේ නැත. මම ඇයට විරිත්තා අඹ ගස පාමුලට වී සෝදිස්සියෙන් වූයෙමි.
ඇය අඹ ගසේ ඉහළට බඩගාමින් අඹගෙඩි අසළට ළඟා වූයේ පළපුරුදුකාරියක් මෙනි. ඉන් පසු පරීක්ෂා කර බලා ඉදුණු අඹ පමණක් නෙළාගෙන පහළට විසි කළා ය. ඒත් සමඟ ම ඇය ඇගේ කිණිස්ස ද පහළට දැමූයේ මා හට අඹ කපා ගැනීම පහසු කරනු වස් ය. එය හුරුබුහුටි වූ අතර සුළු ස්පර්ශයකින් වුව ද දැඩි යමක් කපා දැමිය හැකි වූවකි.
ඒ අඹ ඉතාමත් ප්‍රණීත වූ අතර දින ගණනාවකට පසු ව ජලයට අමතර ව වෙනත් යමක් කුසට වැටීම නිසා කුසගින්න නිවීම සඳහා සෑහෙන අඹ ප්‍රමාණයකට වගකිවයුතු විය. තවත් අඹ ගෙඩි කිහිපයක් ගමන් මල්ල තුළ අසුරාගත් දිව්‍යා ද අනතුරු ව එහි රස සිත් සේ විඳ ගන්නට වූවා ය.
නමුත් එක්වර ම කළබලයට පත් දිව්‍යා වෘක්ෂය මතින් නැඟී සිටියා ය. ඇය ඈතින් වූ ගස් මත වසා සිටි පක්ෂීන් විශාල වශයෙන් ඉගිළ යනු දුටු අතර වහා ම පහළට බැස්සා ය.
" මොකද වුණේ ? "
මම කළබලයට පත් ව විමසූවෙමි.
" එයාලා එනවා... කට්ටිය වැඩියි! "
******************************************************
comment your feelings....
vote your happiness....