සෝයිගේ හස්තයට තිබුනු තම ග්රහණය ටේහියෝන් ලිහිල් කලේ ඒමි කාමරයෙන් පිටව ගිය පසුයි. ඒ වන විටත් රාත්රියේ අදුර මැදින් වැසි ධාරාවන් කඩාහැලෙන්නට පටන් ගෙන තිබුනා. දරැණු වර්ෂාවක් නොවුනත් විටන් විට අහස් තලය නිල් පැහැ ගැන්වුනේ ගෙරවුම් හඩකුත් සමඟමයි.
සුවපහසු ඇද මත දිගාවී සිටි ටේහියෝන්ට නැගිට ඇද විට්ටමට හේත්තු වන්නට සෝයි උපකාර කලා. ටේහියෝන්ගේ ගැඹුරැ දෙනෙත් සෝයි වෙතට එල්ලව තිබුන නිසා සෝයිට ඉන් මහත් අපහසුවක් දැනුනා.
" ආ.... ආදිපාදතුමා... ඔබතුමා.. විවේ...ක ගත යුතුයි....."
ඇදෙන් බසින ටේහියෝන්ට සෝයි පැවසුවා. සෝයි දෙසට බැල්මක් පමණක් ලබා දුන් ටේහියෝන් නිහඬවම විසල් ජනේලය අසළට ඇවිද ගියා. අඳුරැ අහස මැදින් ඇදහෙලන වර්ශාව දෙස බලා සිටි ටේහියෝන් ඒ අසළ වුන සුවපහසු පුටුවට බර වුනා.
" ඒක දැනගන්න කැමති ද..? "
" ආ...ආදිපාදතුමා...? "
" මම ජීවත් වුන විදිය ගැන..... ගෙවුණු අවුරැදු තුන්සිය පුරා මට දැනුන හැඟීම්.."
ටේහියෝන් සෝයි දෙස බලා පැවසුවා. සෝයි තම හිස සෙලවු පසු ටේහියෝන් ඔහුට ඉදිරියෙන් තිබුන පුටුව සෝයිට පෙන්වුවා. ටේහියෝන්ගේ අදහස වටහා ගත් සෝයි ටේහියෝන්ට ඉදිරියෙන් අසුන් ගත්තා.
" පසුතැවීම...... "
සුසුමක් පහත හෙලමින් ටේහියෝන් පැවසුවා.
" ආදරේ හොයන්න ගියාට මම පසුතැවෙනවා... "
" මට කලින්ම තේරැම් ගන්න තිබුනා... ආදරේ මට අයිති දෙයක් නෙමෙයි කියලා.. හේ...හේසල්....ට සතුටින් ජිවීතේ ගත කරන්න තිබුනා.. මම ටිකක් හරි ඒ ගැන ගැඹුරින් හිතුවා නම්... "
" අන්තිමට මටවත්...එයාටවත්.. මගේ පවුලේ අයටවත් සතුටින් ජිවත් වෙන්න බැරි උනා.... මම මං ගැන හිතන්න පටන් ගත්තු තත්පරේ ඉදන්ම හැමදෙයක්ම විනාස උනා.. මට එහෙම නොකර ඉන්න තිබුනා...."
" ම...මම... මගෙ මේ අත් දෙකෙන්.. හේසල්ව බිමට ගත්තේ.... "
ටේහියෝන් තම වෙව්ලන දෑත් දෙස බලමින් පැවසුවා. ඔහුගේ හඬ බිදි ගොසින් තිබුනා. ටේහියෝන්ගේ දෑස්වල තිබුන වේදනාව නිසා සෝයිගේ නිල් පාට දෙනෙත් වලින් කඳුලු කැට වැටුනා.
" පසුතැවීම කියන්නේ... වරදකට ලැබෙන්න පුලුවන් උපරිම දඬුවමක්.. අවුරැදු තුන්සියක් පුරා මම ඒක වින්දා.. "
" මට ලියවුන ඉරණම ආයමත් කාටවත් නොලියවෙනවා නම්.. මම කැමති.."
ටේහියෝන් සෝයිගේ දෑස් දෙස බලාගෙන මිමිණුවා. රිදුම් දෙන හදවතින් බරැති හුස්මක් ගත් සෝයි ටේහියෝන් දෙස බලා සිටියා. මොහොතකට මුහුණ බිමට හරවා ගත් සෝයි තම කඳුලු පිසදාගෙන ටේහියෝන් දෙස බැලුවේ සිනහවක් සමඟින්.
" මයි... ඩියුක්.... කැන් අයි හග් යු... ප්ලීස්..? "
සෝයිගේ දෑස් දෙස බලා සිටි ටේහියෝන් තිගැස්සුනා. ටේහියෝන් තම යටිතොල දිවෙන් තෙත් කොට සෝයි දෙස බලා සිටියා. ටේහියෝන් දෙසම බලා සිටි සෝයි තවත් මොහොතක් හෝ බලා නොහිද ටේහියෝන්ගේ සවිමත් පපුවට තම හිස හොවාගත්තා. සෝයිගේ කුඩා දෑත් ටේහියෝන් වටා යන විට ටේහියෝන් තම දෑස් වසාගත්තා. සෝයි නිහඬවම ටේහියෝන්ගේ සන්සුන් හද ගැස්ම අසා සිටියා. සෝයිගේ උණුසුම දැනුන පසු ටේහියෝන් තම දෑත් සෙමින් ඈ වටා ගෙන ගියා.
ඇයව පෙරළා වැළදනොගැන සිටිමට ටේහියෝන්ට නොහැකි වුනා.
_______________________________
දවසකට දෙකක් විතර දෙන්න බලමු..