පිළිතුරක් වෙනුවට යීබෝට හාදුවක්ම ලැබෙද්දි බාගෙට ගැලවුනු ඇදුම් හදාගෙන ඊට පස්සෙ දෙන්නා ඉක්මනටම ඒ ලඟ රෙස්ටුරන්ට් එකකට ගියෙ යනකොටත් බිනා වගේම ශූ ඇවිත් ඉද්දි...
*******************************
'වරෙන් වරෙන් අතීජාත මිත්‍ර ද්‍රෝහියො දෙන්නා...'
'මොකද්ද ශූයා උනේ...'
'නෑ බිනා ඉස්සෙල්ලා උඹ මුන් දෙන්නා දිහා බලපන්කො.. උඹට වෙනසක් පේන්නෙ නැද්ද...'
'මොකක් ගැනද උඹ කියන්නෙ...'
'බලපන් මේ ප#යගෙ බෙල්ල දිහා...'
'අම්මටහුඩු බල්ලෝ තෝ මූව කොනක ඉදන් කාලනෙ බන්'
ජාන්ගෙ පිටටත් පාරක් ගහලා හිනා වෙවී බිනා කියද්දි ශූ හිටියෙ මොන මගුලක්ද මේ වගේ ලුක් එකක් දීගෙන...
❤️'ආහ් මේ..ඒක මේ දන්නැද්ද බන්, මට මෙතන ඇදුම ගලවන්න බෑ බිනා නැත්තම් උඹට පෙනෙයි මූ මාව කාලා තියන හැටි... මාව නිකන් බතික් කරලා වගේ,ගෙදර ඉද්දි වත් කොට කලිසමක් ගහලා ආම්කට් එකක් ගහලා ඉන්න බැරි සයිස් එකක් තියෙන්නෙ බන්...'
💚'අනේ ඉතින් මගෙ කට,උඹ මේ බෙල්ල විතරක් දැකලා මූට චරිත සහතික දෙන්න එපා බන් උඹ මාව ඇදුම් නැතුව දැක්කොත් කොටියෙක්ට අහු වෙලා බේරුන තිත් මුවෙක් කියලා හිතයි බන්...'
'මොන හුයන්නක්ද බල්ලො තොපි කියවන්නෙ,එතකොට බිනා, තෝ...තෝ මේක දන්නවද???? එතකොට මම විතරද මෙලෝ හු#ත්තක් දන්නෙ නැති එකම එකා...'
එදා හොස්පිට්ල් සීන් එකෙන් පස්සෙ ජාන් යීබෝට ලව් වගේ කියලා බිනා කිව්වට පස්සෙ ට්‍රිප් එක දවස් වල ජාන් යීබෝට කැමතියි ආදරෙයි කියලා ශූට හොඳටම තේරිලා තිබ්බත් ඒක යීබෝටත් කියලා දෙන්නම කැමති වෙලා සම්බන්දයක් පටන් ගත්තා කියලා ශූ දැනන් හිටියෙ නෑ...ජාන් හිතින් දුක් විඳිනවා කියලා විතරයි හිතන් හිටියේ...
'වැඩි දවසක් නෑ බන් මුන් නොකියම හදිස්සියෙ හනිමූන් ගිහින් ආවට පස්සෙ තමයි මටත් ජානා කිව්වෙ...'
'හරි ජානා උඹට එහෙම හරි කිව්වා කියමුකො, ඒ කියන්නෙ ඉතින් උඹලගෙ යාලුකම නිසානේ එහෙම හරි කිව්වෙ, එතකොට යීබෝ මම උඹෙ කව්ද බන්...අර එදා ජාන් ඇහුවා වගේ මම උඹේ යාලුවෙක්වත් නෙමේද බන්...? '
💚'අඩෝ ශූයා අවුල් ගන්න එපා යකෝ,මට කියන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ මේ ටිකේ වැඩ තිබ්බා, අනික බන් ජෙනීගෙ අවුල ලෙහුනෙ අද උදේ මූට පින් සිද්ද වෙන්න'....
'ඇයි ඒ මූ මොකද කලේ බන්...' ඒ බිනා
💚'අහන්න එපා බන් රෙද්දක් ඇදන් කියන්න බෑ...'
යීබෝ හිනා වෙවී කියද්දි ජාන් කලේ සේරම ඉස්සරහා ඒ පැත්තට නැවිලා කම්මුලක් ඉඹපු එක...
'යකෝ මෙතන මිනිස්සු ඉන්නවා... අනික අපි පව් බන්...'
බින් කියද්දි ශූ නම් හිටියෙ හෙන ගැහිලා ගිහින් වගේ...
💚'මචන්...තරහා වෙන්න එපා බන් මන් උඹට අද කියන්න හිටියෙ...'
'අනේ තෝ පලයන්... අඩුම උඹටවත් තිබ්බා බින් මට කියන්න, උඹගෙයි මගෙයි අතර රහස් තියෙන්න බෑ කියලා උඹම නේද කිව්වෙ...'
බින්ට ඒ වෙලාවෙ නම් හීන් දාඩිය දාගෙන ආවා...බින් ඇස් වලින් ජාන්ලව පෙන්නද්දිත් පරක්කු වැඩියි...
❤️'මොකද්ද මොකද්ද ඒ කතාව...ආ ශූයා බින්ටයි උඹටයි රහසක් තියාගන්න බැරි ඇයි?
💚'ඒකනෙ උඹලා කවද්ද එච්චර ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස් උනේ'
'අම්මගෙ රෙද්දෙ ක්ලෝස් ෆ්‍රෙන්ඩ්... අපි බෙඩ් ෆ්‍රෙන්ඩ්ස් යකෝ...'
ශූ යීබෝට ඇනෙන්නත් එක්ක කිව්වෙ ඌත් කිව්වෙ නැති එකටත් හරියන්න..
'හරි කෙලියනෙ... මීට වඩා හොදයීඊඊ..මාව මරපන්කො ශූයා'
❤️'මොකද්ද බල්ලෝ කිව්වෙ...අඩෝ බිනා ඒ කවදා ඉදන්ද යකෝ,ඇයි තෝ මට කිව්වෙ නැත්තෙ කියපන් මම අද තෝව මරනවා වේ# බල්ලා...'
ජාන් බින්ට දිගට හරහට ගහද්දි යීබෝ තමයි බේරගත්තෙ...
'මොනවද උඹ බලන්නෙ,තොට විතරද රහස් තියාගන්න හොඳ... ප#යා...'
ශූ තාම යීබෝට බනිනවා...යීබොත් කිව්වෙ නැති නිසා ඉතින් කාගෙන හිටියෙ කරන්න දෙයක් නැති කමට...
❤️'දැන් මට එකෙක් හරියට කියපල්ලා මොකද උනේ කවද්ද උනේ කොහොමද උනේ කියලා..'
'මේකයි බන් හිතලා වෙච්ච දෙයක් නෙමෙයි ජානා,ඒක මේ ඉබේම වෙච්ච දෙයක්,අපි දෙන්නටත් එච්චර ලොකු ගානක් තිබ්බෙ නෑ ඉතින්...'
❤️'වටේ නොයා කෙලින් කියපන් මට කියලා.......'
'හරි හරි ඉදපන් ඉතින්...මේක මේ...පටන් ගත්තෙ යීබෝ ඇක්සිඩන්ට් උන දවසෙ...'
💚'අඩෝ ඒ කියන්නෙ ට්‍රිප් එකටත් කලින්?
'ඔව් ඇයි මොකද උඹට...' ශූයා ආයෙම තරහා පිරිමහනවා
'ඉදපන්කො බබා ටිකක්....උඹත් වෙලාවකට පොඩි එකෙක් වගේනෙ...'
'වරෙන්කො හවස මම පොඩි පෙන්නන්න...'
ඒ පාර ශූ බින්ගෙ පිටිනුත් යීබොගෙ තරහා යවනවා...
'එදා ශූ මාත් එක්ක පබ් එකට ගියා හොස්පිට්ල් එකේදි උඹ නටපු නැටුම ගැන කියන්න,ඉතින් එදාම තමයි මම තේරුම් ගත්තෙ උඹ යීබෝට ලව් කියලා, පස්සෙ අපි දෙන්නා බිබී තොපි දෙන්නා ගැන කතා කර කර ඉදලා හොඳටම වැදුනට පස්සෙ ඩාන්ස් කරන්න ගියා...'
ජාන් යීබෝ දෙන්නම බින් දිහා බලන් කතාව අහන් හිටියෙ එදා දවස මතක් කර කර ශූ බීම එක දිහා බලාගෙන තනියම හිනා වෙද්දි...
'ඉතින් දන්නැද්ද පොඩ්ඩක් වැඩියෙන් වැදිලා හිටියෙ, අපි ඩාන්ස් කලා ඉතින්, චුට්ටක් ලඟින් ඩාන්ස් කරද්දි ඉතින් අපි දන්නෙම නැතුව මොකක් හරි වෙලා ඉතින් අපේ හැඟීම් ඇවිස්සුනා, ඉතින් අපිට අපිව අමතක උනා, එහෙම්මම උඩ රූම් එකක් අරන් ගියා... උදේ නැගිටිනකොට වෙන්න ඕන ඔක්කොම වෙලා උපන් ඇදුමෙන් හිටියා, ඉතින්... අපි ඊට පස්සෙ ටිකක් ක්ලෝස් උනා...'
බින් රතු වෙලා ඔලුවත් කස කස කියද්දි ශූ නම් හිටියෙ බින්ව ගිලින්න සයිස් එකෙන් බලාගෙන...
💚'ඔය කෙල පිහදගනින් මේ ටිෂූ එකෙන්...'
යීබෝ නක්කලේටත් එක්ක කියද්දි ශූ කලේ රවපු එක...
❤️'එතකොට ට්‍රිප් එක දවසෙ රෑ එදා මන් එලියෙ ඉද්දි තොපි මගුලෙද ගියෙ?...'
ඒ දවස මතක් වෙද්දි යීබෝට නම් ඇති උනේ දුකක් ඒත් ජාන් ඒවා අමතක කරලා හිටපු නිසා ගානක් නැතුව ඇහුවා..
'මේකනෙ ජානෝ... එහා රූම් එකේ හිටියෙ කුවාන් අයියලා, මේ බිනා කෑගහන්න ගියහම නැවතිල්ලක් නෑ බන්,පලාතෙම උන් බඩ වෙනවා මුගෙ කෑගැහිල්ලට...'
'අනේ මේ... මොකද්ද ඕයි නවත්ත ගන්නවකො...'
💚'ආහ් ගනන් ගන්න එපා බිනා අපේ ගෙදරත් වැඩි වෙනසක් නෑ... නේද බබා...දෙන්නගෙ සද්දෙ අහෙන්නෙම නැති නිසා පහුවදාම ජාන්ගෙ පපා රූම් එක සවුන්ඩ් පෘෆ් කලා...'
ඒක නම් ඇත්තක්...ගිය දවසට පහුවදාම දෙන්නා ඔෆිස් ගිහින් එද්දි පපා රූම් එක සවුන්ඩ් පෘෆ් කරලා තිබ්බා...
❤️'දැන් උඹලා දෙන්නා ලව්ද?...'
'ලව්ද මොකද්ද කියලා නම් දන්නෑ බන්, තේරුමක් ඇතුව පටන් ගත්තු එකක් නෙමෙයි මේක,ඒත් මන් දන්නෙ මට දැන් බිනා නැතුව පාලුයි ඌව ඕනෙ කියලා විතරයි...'
'මටත් එහෙම එකක් තමයි තියෙන්නෙ.. දවසම කෝල් කරනවා රෑ මීට් වෙනවා රවුම් ගහනවා කිසි බරක් නෑ ඉතින් තාම...'
❤️'මට හැමදේම කියන මම හැමදේම කියන උඹට ඇයි බන් මේක මට කියන්න බැරි උනේ..'
'අනේ රත්තරනේ දුක් වෙන්න එපා බන්,උඹ හිටපු විදිය එක්ක මම කොහොමද බන් මේ මගුල් කියන්නෙ,උඹ ඒ දවස් වල විඳෙව්ව තරම දන්නෙ මමනෙ,මූ කියන්න හැදුවෙ යීබෝට, මමයි ඒකත් නැවැත්තුවෙ...අනේ සොරි බන් ජානා...'
❤️'හරි හරි අමතක කරපන්,ඒ කියන්නෙ ඒකත් හරි එහෙනම්.... දැන්වත් මූණ එල්ලන් රව රව ඉන්නෙ නැතුව යාලු වෙයන්කො තොපි දෙන්නා....'
යීබොටයි ශූටයි ජාන් කිව්වෙ දැන් ඉතින් සේරම විසඳුන නිසා...
'ඒක නෙමෙයි යීබෝ... ජෙනී ෂේප්ද බන්...ඒකි නටයි කියලා මම හිතුවෙ...'
ශූ ඇහුවෙ තරහා පැත්තක තියලා...
💚'හ්ම්ම්ම් අද උදේ තමයි සිද්දිය ඒකි දැනගත්තෙ, මන් නම් හිතන්නෙ නෑ වෙච්ච දේ නිසා ආයෙ ඉතින් මගෙ පස්සෙන් වැටෙයි කියලා....'
'ලොකු දෙයක් වෙලා වගේ....' ඒ බින්
💚'ඒකි ලයින් එකේ ඉද්දිම මේකා මාව.... කියන්න ඕනෙ නෑනෙ තේරෙනවනෙ... මටත් ඉතින් ජෙනී ලයින් එකේ ඉන්නවා කියලා අමතක වෙලා මාත් ඉතින්...ෆුල් ඕඩියෝ එක ඇහෙන්න ඇති,ඉතින් ආයෙ ඒකි එයිද බන්...'
'අම්මෝ ජානෝ... හොදවැඩේ ඕකිට මට පේන්න බෑ මූ යාලු වෙච්ච දවසෙ ඉදන්ම...'
ශු කියද්දි යීබෝට කට වහන් ඉන්න බැරි උනා...
💚'පව් බන් එහෙම කි...... නෑ බබා මම කිව්වෙ අපිට එයා වදයක් වෙන්න ආවෙ නෑනෙ ඒකයි ඉතින්...'
පව් කියද්දිම ජාන්ගෙ රැවිල්ල දැකලා කියන්න කිය එකත් ගිල ගත්තෙ සතාගෙ හැටි දන්න නිසා...
'එතකොට සී....?'
❤️'අපි ට්‍රිප් එක ගිහින් ආවට පස්සෙ දවස් දෙකකින් තමයි අපිත් අපිව තේරුම් ගත්තෙ,එදාම මම සීට කතා කලා බන්, මම ඇත්තම කිව්වා, ඒයා තේරුම් ගත්තා, ඒ විතරක් නෙමෙයි එයා කලින්ම දැනන් හිටියලු.. එදා හෝපිට්ල් එකේ සිද්දියෙන් පස්සෙ මන් හිතන්නෙ, ඉතින් එයාට තවත් මෙහෙ ඉන්න බෑ කිව්ව නිසා ටික කාලෙකට අපේ හූනාන් බ්‍රාන්ච් එකට ට්‍රාන්සර් එකක් දුන්නා... එහෙන් කාව හරි මෙහෙට දායි...කෙල්ල තරහා නෑ ඉතින්, එයා කොහොමත් මුලින්ම මගෙ යාලුවෙක්නෙ...'
'සී හොඳ එකී බන්... පව් මොනවා උනත්, ඒත් ඉතින් මොනවා කරන්නද වෙන්න තියන දේනෙ වෙන්නෙ...'
ශූ කිව්වෙ අනිත් අයත් එකඟ වෙද්දි...
**********************
දවස් දෙකක් යද්දි ජාන් යීබෝ එක්කම ගිහින් ජෙනීව හම්බ උනේ එදා වෙච්ච සිද්දියෙන් පස්සෙ ජෙනී කතා කරලා එන්න කිව්ව නිසා... දෙන්නටම සුභ පතලා එයා යීබෝගෙන් අයින් වෙලා ගියෙ යීබෝටත් වඩා ජාන්ට හිතට සහනයක් වෙද්දි...
ඉතින් සති දෙකක් ගෙවිලා ගිහින් කුවාන්ලත් රට ගියාට පස්සෙ ජාන් යීබෝ ආයෙම වන්ග් නිවසට ගියා... සතියක්ම එහෙ ගත උනේ ලීනා ආයෙම දරුවො ආව නිසා සතුටින් ඉපිලෙද්දි... ඒ වගේම ජාන්ට යීබෝට ගත උන හැම රැයක්ම සුන්දර රැයක් උනා.. ඒ දෙන්නා හිටියෙ ගලවගන්න බැරි තරම් ආදරෙන් බැඳිලා...
❤️'බබා අද මම කලින් යනවා, ඔයා පරිස්සමට යන්න හොදේ...'
කෑමත් කලා ආයෙ රූම් එකට ඇවිත් තාම නැගිට්ට ගමන් ඉන්න යීබෝ ගාවට ගිහින් ජාන් කිව්වෙ සයිට් එකට යන්න තියන නිසා කලින්ම ලෑස්ති වෙලා...
💚'තව විනාඩි පහක් ඉන්නකො වස්තුව...'
යන්නත් ලෑස්ති වෙලා හිටපු ජාන්ව ඇදලා ඇඟ උඩට අරන් බදාගත්ත යීබෝ ජාන්ගෙ බෙල්ල අස්සෙ මූණ ගහගත්තා...
❤️'ආයිෂ්ෂ්... මගෙ ඇදුම ඉවරයි බබා...ෂර්ට් එක ගන්න
දෙයක් නෑ...'
💚'ම්ම්ම්... ඕක තියලා මගෙ එක ඇදන් යන්න,මම ඕක අයන් කරගන්නම්...'
යීබෝටත් සමු දීලා ජාන්ම මැදපු යීබෝගෙ ෂර්ට් එක ඇදගෙනම ජාන් සතුටින් පිටත් උනේ ජීවිතේ සුන්දර වෙලා තියන විදිය ගැන හිතන ගමන්....
ජාන් සිංදුවකුත් අහගෙන යීබෝගෙයි එයාගෙයි ජීවිතේ ගැන හිත හිත සැහැල්ලුවෙන් ගියේ උදේම නිසා වැඩිය වාහනත් නැති නිසා...ඒත් ටික දුරක් යද්දිම එකපාරටම ලොකු ජීප් එකක් ජාන් යන පැත්තට ආවේ ජාන්ට දෙයියො වෙනුවට යීබෝ සිහිවෙද්දි...
පුලුවන් උපරිම වේගෙන් ජාන් වාහනේ අනිත් පැත්තට කැපුවේ වාහනේ ලිස්සලා ගිහින් පැසෙන්ජර් සීට් එක පැත්ත කනුවක වදින්න.... එයාර් බෑග්ස් පිම්බුන නිසා වගේම ජාන් සූදානමින් හිටපු නිසා යන්තමට නලල ස්ටියරින් වීල් එකේ වැදුනා මිසක් වෙන අවුලක් උනේ නෑ...
ඉක්මනට එතනට ආපු අය ජාන්ව එලියට ගත්තා වගේම ජීප් එක නවත්තන්නෙ නැතුවම ගිහින් තිබ්බා...
'අම්මෝ සර් අනූ නමයෙන්නෙ බේරුනෙ...'
❤️'ඒකනෙ මිනිහා ඇගටමනෙ ආවෙ...'
'නම්බර් එකවත් ලියාගන්න වෙලාවක් තිබ්බෙ නෑනෙ...'
එතනට ආපු දෙතුන් දෙනා කියවද්දි ජාන් නම් හිටියෙ මුකුත් හිතාගන්න බැරුව...
❤️💭දෙයියනේ යීබෝ... මට මතක් උනේ උඹේ මූණ විතරයි රත්තරන්...
ජාන් ඇස්දෙක පියාගෙන කල්පනා කලේ අද මෙතන මුකුත් උනා නම් යීබෝ හැසිරෙන විදිය ගැන හිතාගන්නවත් බැරුව
ඒ එක්කම එතනින් යන ගමන් හිටිය ජෙනී ජාන්ව දැකලා වාහනෙන් බැහැලා දුවගෙන ඇවිත් ජාන්ගෙන් විස්තර අහලා ගියෙ යීබෝට කියන්න එපා කියලා ජෙනීව පොරොන්දුත් කරගෙන...මොකද ගිහින්ම කියනවා ඇරෙන්න මෙහෙම කිව්වොත් එයත් කලබල වෙන නිසා..
ජාන් බිනාට කතා කරලා ගෙන්නගෙන ඉන්ෂුවරන්ස් වැඩත් කරලා ආයෙම ගෙදරට දාගෙන බින්ව සයිට් එකට යැව්වෙ මේක බින්ගෙයි ජාන්ගෙයි ප්‍රොජෙක්ට් එක නිසා..
පහලදිම පපාට විස්තරේ කෙටියෙන් කියලා ජාන් ඉක්මනට උඩට ගියෙ යීබෝ ගාවට...
💚'බබා.... ඔයා ආයෙම ආවද...ජාන් මේ මොකද වස්තුවෙ...'
කොන්ඩෙත් අවුල් කරගෙන නලලත් තැල්මට රතු වෙලා ඇස් දෙකේ කදුලු පුරවන් ජාන් යීබෝ දිහා බලන් ඉද්දි යීබෝට උතුර දකුණ මාරු උනා...
❤️'යීබෝ....'
ජාන් එහෙම්මම දුවලා ගිහින් යීබෝව බදාගෙන අඬන්න ගත්තෙ කලින් ඇති වෙච්ච බය පිට කරගන්න... ජාන් අතොරක් නැතුව යීබෝගෙ මූණ ඉඹ ඉඹ අඬද්දි උනේ මොකද්ද කියලා නොදන්නවා උනත් ජාන් එයා ගාව ඉන්න නිසා මුලින්ම ජාන්ට සන්සුන් වෙන්න දුන්නා...
💚'දැන්වත් කියපන් මගෙ වස්තුව මාව තව බය කරන්නෙ නැතුව...'
❤️'යද්දි කාර් එක ඇක්සිඩන්ට් උනා... මට මට ඒ වෙලාවෙ මතක් උනේ ඔයාව විතරයි යීබෝ... මොනවා හරි උනා නම් අපි දෙන්නා පටන් ගත්තු ජීවිතේට වෙන දේ හිතාගන්න බැරුව මම නොමැරි මැරුනා බබා... මට මතක් උනේ උඹේ මූණ විතරයි...'
💚'වට්...බබා...ජාන්... කොහෙද කොහොමද දෙයියනේ මට කියපන් රත්තරන්...'
ඒක අහලා දැන් යීබෝ කලබල වෙද්දි ජාන් යීබෝව සන්සුන් කරලා වෙච්ච දේ කිව්වා...එයා යන්න නොදී විනාඩි පහක් නවත්ත ගත්ත නිසා තමයි සේරම කියලා එයාටම දොස් කියාගද්දි ජාන් ඉතින් අමාරුවෙන් යීබෝව සන්සුන් කලා...
දවස් තුන හතරක් ගියත් ජීප් එකේ අයිතිකාරයගෙ විස්තර හොයාගන්න බැරි වෙද්දි ඒ සිද්දිය එහෙම්මම යට වෙලා ගියෙ තවත් හොයලා තේරුමක් නෑ කියලා ජාන් කිව්ව නිසා..
සතියෙන් සතිය ගෙවිලා කුවාන්ලා රට ගිහින් මාසයක් උනා වගේම ජාන් යීබෝ දෙන්නා තව තවත් එයාලට ලං වෙලා ආදරෙන් සතුටින් හිටියා...
තවත් ලස්සන ආදරණීය උදෑසනක ජාන් යීබෝ නැගිටලා ඔෆිස් යන්න ලෑස්ති උනා, ජාන්ට කලින් ලෑස්ති වෙලා ෆයිල් එකක් බල බල හිටිය යීබෝගෙ ඇස් ගියෙ වොෂ් දාලා ඇවිත් ඇදුම් අදින ජාන් ගාවට...
ෂර්ට් එක විතරක් ඇදන් ඉද්දි ජාන්ව කවදත් ලස්සනට හොට් විදියට දකින යීබෝට ඉවසන් ඉන්න බැරි තැන ගිහින් ජාන්ව උස්සලා ඩ්‍රෙසින් ටේබල් එක උඩින් තිබ්බෙ ඇස් වලට එබිලා...
💚'රැයක දවාලක විතරක් නෙමේ දැන් උදේටවත් මගෙ හිතට නිදහසක් නෑ පන...ඇයි උඹ මේ තරම්ම ලස්සන...'
❤️'ඔයා තරම් නෑ...'
තොල්වලට කෙටි හාදුවක් තියලා ජාන් කිව්වෙ යීබෝට ජාන්ව හැමදාම ලස්සනටම පෙනෙද්දි ජාන්ට හැමදාම වැඩියෙන් ලස්සන යීබෝ කියලා හිතෙන නිසා...
❤️'බබාහ්හ්...ඊයෙ රෑ මාව කෑවා මදිද...ම්ම්ම්...'
උඩ බොත්තම් ටික දාලා නැති නිසා විවර වෙලා තිබ්බ බෙල්ල වගේම පපුව පුරා යීබෝ හාදු තියද්දි ජාන් ඉවසන් හිටියෙ අදත් පරක්කු වෙන්න බැරි නිසා...රෑ ජාන් පටන් ගත්තට ජාන්ට වටයක් විතරක් යන්න ඉඩ දීලා වට තුනක්ම ජාන්ව යීබෝ තැලුවෙ ජාන්ගෙත් කිසිම විරුද්දත්වයක් නැති වෙද්දි...
💚'මදි...හොඳටම මදි....මට දැන් මාව පාලනය කරගන්න බෑ බබා,මන් දන්නෑ ඇයි කියලා... සමහර දවස් වලට මහ දවල්ටත් හිතෙනවා උඹව හොයාගෙන ඔෆිස් එකට යන්න ඕනෙ කියලා...උඹ මාව පිස්සෙක් කරලා ජාන්...'
❤️'මම ගොඩක්ම ආස ඔයා මට පිස්සුවෙන් ආදරේ කරනවා නහරයක් ගානෙ දැනෙන මේ ෆීලින් එකට බබා.. හැමදාම මාත් එක්කම ඉන්න... මගෙන් ඈතට යන්න හිතන්නවත් එපා... මම උඹට පැලෙන්න ආදරෙයි මැණික..'
💚'නෑ බබා නෑ...කවදාවත් ඒක වෙන්නෑ...මාත් ආදරෙයි වස්තුව පිස්සුවෙන් වගේ ආදරෙයි...'
කොහොම හරි දෙන්නම වැඩට ගිහින් දවසේ වැඩ ටික කරගත්තෙ මොන දේ උනත් දෙන්නගෙ ඩියුටිය දෙන්නා හරියටම කරන නිසා...බලන් ඉද්දි කම්පැණි දෙකම දියුණු වෙන්න ඒක හේතුවක් උනා...යීබෝ අද කලින්ම ගෙදර ඇවිත් හිටියා වගේම ජාන් එද්දි ටිකක් පරක්කු උනා...
💚'අටයි වෙලාව බබා... අද ඇයි මෙච්චර පරක්කු ආහ්..'
💚'ජාන්....'
❤️'ම්ම්ම්....'
💚'මොකද කතා නැත්තෙ...'
❤️'................'
කාමරේට එද්දි යීබෝ සෝෆා එකට වෙලා බලන් හිටියෙ ජාන් එනකන්...ඒත් ජාන් අවට යීබෝ දිහා බලලා ගිහින් ඇදුම් මාරු කරගන්න ගත්තා මිසක් කතා කලේ නෑ...ඒත් යීබෝ ආයෙ ආයෙ කතා කරද්දි හැරිලා මලානික හිනාවක් දීලා බාත්රූම් එකට රිංග ගත්තා...
ජාන් එලියට එද්දි ඇස් රතු වෙලා තිබ්බා වගේම යීබෝ නැගිටලා ඇවිත් ජාන්ව දෙපැත්තෙන් අල්ලගත්තා...
💚'මොන මගුලක්ද ජාන් උනේ?... මොකද මේ..? ඇයි කතා නොකරන්නෙ? වෙච්ච දේ කියපන් මාව බය නොකර..'
මුකුත් හිතාගන්න බැරුව බය වෙලා හිටිය යීබෝ ජාන් කතා නොකරන තැන කේනිතියෙන් ජාන්ව හොලවලා අහද්දි ජාන් කලේ ඉන වටෙන් අත් දෙක දාලා යීබෝව තද වෙන්න බදාගෙන ජාන් ආසම තැන වෙච්ච යීබෝගෙ බෙල්ල අස්ස මූණත් ඔබාගෙන ලොකු හුස්මක් පිට කරපු එක....
****************************************
මේ ශූයාගෙ කටට බ්‍රේක් ඔයිල් ටිකක් දාමුත...🥴
බාල්දි සීසන් ඊස් බැක්...🙃
කතාව අද බෝරිං වගේද... 🙂
වෝට් කරම්න, කමෙන්ට් කරම්න, ශෙයාර් කරම්න... හවසට එන්නම්...❤️💚
ආදරෙයි අහස තරම්...ආලාවියෝ උම්මා...😘
චතූ ✍️