🍁 Saaki__Hazel_ අක්කගෙන් ලැබුන ලස්සන නිර්මාණයක්.......
.
.
.
.
.
.
.
.
අම්මගෙ වෙඩින් එකෙන් පස්සෙ මන් ආයෙ මතුගම ආවෙ සති දෙකක් විතර ඉදල....විභාගෙත් කල් ගිය නිසා මන් නිවී සැනසිල්ලෙ ගෙදර ආවා....අම්මත් මාත් එක්ක එන්න හැදුවෙ...ඒත් ඉතිං කසාද බැදපු ජොඩුවක් දෙතැනක තියෙන එක සුදුසු නැහැනේ......අනික බැන්ද අලුතම..... මන් කිව්වා අම්මට විභාගෙ ලන් උනාම එන්න කියල ..... කොහොමත් විභාගෙන් පස්සෙ මන් ආයෙ යාපනේ යනවනේ...
මන් මතුගම ආවෙ ඊයෙ.... අද මන් උදෙන් නැගිටල ගෙදර පොඩ්ඩක් අස් පස් කරල දාලා උදේට කන්න බතක් රයිස් කුකර් එකේ ගහගෙන සම්බෝලයක් හදාගත්තා....අද මට එහෙ ක්ලාස් ....අයියා දන්නෑ මන් මතුගම ආවා කියල වත්.....ඒත් ඉතිං අද උදේ මන් මිස්ට කෝල් කරල කිව්වා මට ක්ලාස් එන්න පුලුවන් කියල ...එතකොට දැනගන්න ඇති.....
එදා එයා ගියායින් පස්සෙ අද වෙනකන් මන් දැක්කෙත් නෑ කෝල් කළෙත් නෑ.... නෑ එයා වෙන නම්බර්ස් වලින් කෝල් කළා මන් ආන්ස්වර් කළේ නෑ.....සදෙව් අයියගෙ නම්බර් එක අන්බ්ලොක් කරල අරන් බැලුවා පරිස්සමට ගෙදර ගියාද කියල .... සදෙව් අයියා එයා ගෙදර ආවා කිව්ව නිසා මන් ආයෙ පෝන් එක කට් කරල බ්ලොක් කළා......
මන් හතට විතර ඇද පැළදගෙන එළියට බැස්සෙ මිස්ලගෙ ගෙදර යන්න..... කාලෙකින් මේ යන්නෙ.....
මන් ගේට්ටුව ළගට ආවම වෙනද වගේම සුදු අයියල දෙන්නෙක් හිටගෙන ඉදියා....අද නම් එයාලට කොචොක් කරන්න ඇත්තටම මට මූඩ් එකක් නෑ.... කොච්චර හිනාවෙන්න උත්සහ කළත් ඇතුලෙන් මන් මැරිලා වගේ......කාටවත් පේන්න හිනාවෙලා ඉන්න මට ඕනෙ නෑ......මට ඕනෙ මාව සතුටින් තියන්න.... ඒත් කෙනෙක් නැති අඩුව හිත පාරවද්දි හිනාවෙලා ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.....
මන් ගේට්ටුව ඇරගෙන ඇතුළට ආවම එයාලා මාව චෙක් කරන්න හැදුවත් ආවෙ මම කියල දැක්ක නිසා මුකුත් නොකියා මට යන්න දුන්නා....
වත්තෙ අයියගෙ කාර් එක නවත්තල තිබ්බා..... සුදු පාට සදෙව් අයියගෙ Axio එකත් තීද්දි මට තෙරුනා ත්‍රීඩියට්ස්ලා තුන් දෙනාම ගෙදර කියල .....
මන් හිතුවෙ අද වැඩ දවසක් නිසා අයියා යන්නැති කියල .....
මන් සෙරෙප්පු දෙක ගලවල තියල ගෙදර දොරෙන් ඇතුළට ආවා...වෙනදට නම් මන් එනකොට එයාලා දන්නව.... ගාන්ඨාර ගහගෙනනේ එන්නෙ.....
" මිස් කෝ ?"
කිව්වත් වගේ සාලෙ සෝපාවෙ තුන් දෙනාම ඉදන් ඉද්දි තුන් දෙනා එක්කම ටිවි එකේ යන මොකක් හරි බලන ගමන් උදේට කනව.....අයිය ඉදියෙ මට පිටුපාලා නිල් පාට ශෝටක් ඇදන් උනත් මගේ කටේ හඩ ඇහුනත් මන් දිහා බැලුවෙ නෑ.....
මන් මිස් කොහෙද කියල ඇහුවෙ සදෙව් අයියගෙන්.....
" ආන්ටි බොගේ ඇඩ්මිෂන් ඇවිල්ලා කියල මොකද්ද බලන්න ස්කෝලෙට දුවල එන්න ගියා....ආන් මෙසෙ උඩ පේපරයක් ඇති කරන්න කිව්වා....."
සදෙව් අයියා කියද්දි මන් නිහඩවම බැග්ගෙත් තනි කරට එල්ලන් මෙසේ ළගට ආවා.....
" උඹ කාලද බන් ආවෙ....."
" හ්ම් "
සදෙව් අයියට උත්තර දීපු මම අයියව පේන හරියකින් ඉදගෙන පේපරේ අරන් කරන්න ගත්තා..... 2021 පාස් පේපර් එක......මන් මේක කලින් කරල තීනව.....
මන් පේපර් එක පෙරලන් mcq එක කරන්න අරගත්තම සදෙව් අයියා කාලා ඉවර වෙලා අත සෝදගෙන ඇවිත් කෑම මෙසෙන් ඉදගත්තා....අයියත් කුස්සිය පැත්තට යනව මන් කලින් දැක්කා... බලන්නෙ වත් නෑහොදේ..... ඒ උනාට මන් අහක බලනකන් ඉදල බලනව....
" මොකෝ කරන්නෙ ?"
ම්න් සදෙව් අයියා එක්ක ලාවට හිනා උනා....
" අශ්වින් අයියගෙ දරුවා ගැන තොරතුරක් නැද්ද ?"
මන් ඇහුවෙ ?
සදෙව් අයියා ලොකු හුස්මක් පිට කළා....
" තාම කිසිම තොරතුරක් නැහැ අභූ...අපි සැකේට මේ පැත්තෙ තිබ්බ ළමා නිවාස කිහිපයකම හොයලත් බැලුවා....."
" වලව්වෙ අදුනන කාටහරි හදාගන්න දුන්නා වෙන්න බැරිද?"
" ම්ම්...... ඒත් ඉතිං අපි කොහෙන් කියල හොයන්නද අභූ..... මට තෙරෙන්නෑ මේ ප්‍රශ්න කවද විසදගන්නද කියල "
මන් පෑන පැත්තකින් තියල පුටුවට හේත්තු උනා....ටිවී එකේ මියුසික් වැඩසටහනක් යනව.... හිටපු ගමන් ඉන්දියන් අක්කෙක් ඉන කඩ කඩ නටල ආයෙ ටිකකින් කාංචනා අනුරාධි කොණ්ඩෙ ගස ගස සින්දු කියනව..... ඔව තමයි මේ පුත්තරයො තුන් දෙනා බලන්නෙ....
" හිරුන්‍ය අයියා වත් මේ ගැන කිසි දෙයක් දන්නෑ කියල මට විශ්වාසයි සදෙව් අයියේ.....මොකද එයා දන්නව නම් මට නොකියා ඉන්නෙ නෑ....
" අශ්වින් ආයෙ ආව හේතුව මට හිතාගන්න පුලුවන් ....."
සදෙව් අයියා කියද්දි මන් කුස්සියේ ඉදන් ඇවිත් උඩ තට්ටුවට යන අයියා දිහා බලන් ඉදියා....
අම්මෝ ඉනේ හැඩ.....ම්ම්.....
" මෙයා අද ගෙදරද ?"
අයියව ඇස් වලින් පෙන්නල මන් ඇහුවෙ....
" ඔව් ...... අද නිවාඩු.....මන් හිතන්නෙ අභූව බලන්න ඕනෙ නිසාම තමයි ....පහුගිය ටිකේම ක්ලාස් ළග මුර කළා.....කොහෙද උඹ ඉතිං පෝන් ආන්ස්වර් කළෙත් නැති නිසා එන දවසක් දන්නෙත් නෑනේ....."
" ඉතිං සදෙව් අයියේ එයාම මේ සම්බන්ධෙ නවත්තල තව මොකටද මන් ගැන හොයන්න්.....?"
" අභූ දරුවො ? ......බොලා දෙන්නා අතරෙ තිබ්බෙ මොන තරම් ශක්තිමත් බැදීමක්ද කියල දන්නෙ බොලා දෙන්නා විතරයි ....."
මන් ඔළුව අවුල් කරගත්තා....
" දැන් දෙන්නා කතා කරල විසදුමකට ආවා නම් නරකද.....උඹ එහෙ ඉදන් දුක් විදිනව මේකා මෙහෙ ඉදන් හූල්ලනව.... මන් ඒකටත් තේරුම් කරල දුන්නා....ම්ම් "
" ඔයාම කියන්න සදෙව් අයියේ......මට හිරුන්‍ය අයියා කියන දේකට පිටින් වැඩ කරන්න බෑනේ.....මන් හංගපු එක වැරදි ඇති ....ඒත් මන් ඒක ආතල් එකට හංගපු දෙයක් නෙමෙයිනෙ...."
" අභූ.....ඇත්තටම අපි ඔය මාතෘකාව ගැන නන් කතා නොකර ඉමු..."
" ඇයි දැන් ඔයා කියන්නෙත් මම වැරදී කියලද.....? ආහ්...... උඹ ඒක කියල හිටපංකෝ සදෙව් අයියේ මුලින්...."
" නෑ නෑ......ම...න්....කි..ව්...වෙ ....?"
" ම්ම් ?? ඉතිං "
" ඔයා වැරදි නෑ...... "
සදෙව් අයියා කිව්වම මන් මාව පාලනය කරගත්තා....
" මගෙන් වදුරු කුණුහරප අහගන්න තමයි ඔය..... හිරුන්‍ය අයියා කියන්නෙ මගේ කවුද ආහ්..... මගේ අයියද ? මගේ යාලුවෙක් ද ? අඩුම මන් ඇහැට ද්දැකල කතා බහ කරල තීන මනුස්සයෙක්ද ? මගේ ජිවිතේට වැඩකට ඇති මනුස්සයෙක්ද ? ආහ්.....?? එහෙම වෙලත් මන් හිරුන්‍ය අයියට උදව් කරන්නෙ මට තීන පු# අමාරුවට කියල හිතාගන්නකො...."
උඩ ඉදන් පහලට එන අයියටත් ඇහෙන මන් කියද්දි සදෙව් අයියා නළල පොඩි කරගත්තා..... ඔය හදන්නෙ ඉතිං මගේ කට අවුස්සගන්න තමයි ...
" හරි හරි ..... දැන් බොලෑ විභාගෙත් කල් ගියා නේද "
" කල් ගියා නෙමෙයි ! සදෙව් අයියේ මන් දන්නව උඹ මාත් එක්ක මෙහෙම මූණට කතා කළාට උඹත් මාත් එක්ක හිතේ කහටින් ඉන්න විත්තිය....."
" හරි හරි අභූ....මල්ලි.... දැන් ඕවා ඇදලග......"
" සදෙව් අයියේ.....උඹත් මේක මතක තියාගනින් ..... කොහෙවත් යන මැරුණු මනුස්සයෙක්ට පණ දිගෙන මගේ ජිවිතෙත් අනතුරේ දාගෙන උදව් කරන්න මට අහවල් එකේ අමාරුව නෑ !! කතා කරද්දි දැනගෙන කතා කරන්න..... ඔයාලා හිතන් ඉන්නෙ අමුනුස්සයෙක් එක්ක වැඩ කරන එක ලේසි දෙයක් කියලද.....? ආහ් ...... මමනෙ ඒකෙ රගේ දන්නෙ.. හිරුන්‍ය අයියා කරන කියන හැමදේම සෘජුවම මට බලපානව.....අනික එහෙම ආත්මයක් ඇගෙන් යන එන එක හරි ලේසි දෙයක් කියලද හිතන්නෙ. මගේ ඇග ගේට්ටුවක් කියලද හිතන් ඉන්නෙ... මාව මැරෙන්න යනවා සමහර දාට....ඒක උඹල කවුරුත් දන්නෑනෙ..... ඒ නිසා ඔය කොයි කවුරු උනත් කතා කරද්දි දැනගෙන කතා කළොත් හොදයි..... !!"
මන් ලොකු හුස්මක් අරන් පේපරේ දිහා බලාගත්තා.......
" හරි මල්ලි.....calm down.... "
මන් සදෙව් අයියගෙ පැත්ත වත් බැලුවෙ නෑ..... ටිකකින් මගේ ඔළුව අතගාගෙනම එයා නැගිටල ගිහින් සෝපා එකේ ඉදගත්තා..... අකිළ අයියත් එතන ඉදන් ඉදියෙ.....ටිකකින් කුස්සිය පැත්තෙන් අයියත් ඇවිත් එතන ඉදගත්තා....
ඉන් පස්සෙ උන් කුටු කුටු ගානව ඇහුනත් මන් ගණන් ගත්තෙ නෑ...සදෙව් අයියා අරයට උපදෙස් දෙනව මෙහෙම කරපන් අරන කරපන් කියල ....එයාට උන් කියන කිසි දෙයක් කරන්න තෙරෙන්නෙත් නෑ ඕනෙත් නෑ මන් හිතන්නෙ......
මන් ලොකු හුස්මක් පිට කරල පේපරේ ලියන්න අරගත්තා......ටික වෙලාවකින් සදෙව් අයියල නැගිටලා අයියගෙ පිටට තට්ටු කරාල එළියට යද්දි මන් පේපරේ දිගා බලන් ඔහේ උන්නා...
" ආරාධනා.......
නෙතගින් ගෙනා.......
සංසාර සිහිනේ දෙහද යා කළා....
හංගා ගෙනා...
මල් අතුරලා......
දෙව්ලිය මගේ........
කොහෙද හැංගිලා......
ඔය දෙකොපුල් තෙමා....
රන් නා දලු සිඹින්....
මම දෙනුවන් වසා.....
නුඹ අහසින් වඩින්....."
ටිවී එකේ යන සින්දුව එයා හෙමීට මුනුණනව ඇහෙද්දි මන් හෙමින් ඇස් උස්සල එයා දිහා බැලුවා.....
එයා මන් දිහ බලන් ඉදියා.....
" සන්සුන් සිතින්......
පෙරමග ඉමී බලන්.....
මගෙ රණ හංසි ඒදෝ කියා......
දෙව්ලොව ඉදන්.....
නුඹ මට අත වනන්.....
මගෙ පතිනියනි ආදරෙයිනෙ මා..... "
එයා ආදරෙයි කියන එක බර කරල කියද්දි මන් කොණ්ඩෙ කන පිටිපස්සට කරලහදගත්තෙ එයා දිහා බලාගෙන.... දැන් එතකොට හිර හිත මෙලෙක් වෙලාද ?
" හුස්මත් උණුයි......
කදුළුත් හඩයි.......
මට ඉන්න බෑ....හරිම පාළුයි......
මතකය නුඹයි.....
එතකොට දුකයි.....
දිවි ගෙවනවාදෝ හරි සැකයි.....
මේ කුලු මතින්.....
රිදී ඉර නුඹයි.....
මන් දන්නවා....නුඹ නොඑනා හැඩයි....."
මන් ලොකු හුස්මක් පිට කරල පොත දිහා බලාගත්තා.... දැන් නන් සම්බන්ධෙ නවත්තලා මාසෙකටත් කිට්ටුයි....
එයා සෝපා එකෙන් නැගිටිද්දි මන් එයා නොදැක්ක ගානට පේපරේ දිහා බලන් ඉදියා.....
ටිකකින් එයාටම ආවේණික ඒ සුවද මගේ ළගින්ම දැනෙන්න අරගද්දි එයා මගේ උරහිස් දෙපැත්තෙන් අත් දෙක ගෙනිහින් මෙසෙ උඩින් තිබ්බෙ මන් ගණන් ගන්නැතුව පාඩුවේ පේපර් එක ලියද්දි....
ඊළග මොහොතෙ එයා මගේ අතින් පෑන අරන් එයාගෙ අතේ හිර කරගත්තා.....
අවධානෙද ඉල්ලන්නේ.....?
" මට නිදහසේ කතා කරන්න ඕනේ....."
" මොකක් ගැනද ?"
මන් ගානක් නෑ වගේ ඇහුවෙ.....
" අපි දෙන්නා ගැන...."
" අපි ගැන මොනා කතා කරන්නද අයියෙ "
කලකිරීමකින් වගේ මන් කිව්වෙ පේපරේ කොනකින් අල්ලන් එහෙ මෙහෙ කරන ගමන්.....
" අභු....ප්ලීස්......අපි කතා කරල විසදුමකට එමුකො "
බබා වගේ....
ඉදපන් ඕකා මට කරපු දේවල් වලට පළිය ගන්න කාලෙ ඇවිත්.....
" කතා කරල විසදගන්න තරම් දෙයක් අපි අතරෙ තියෙනවද අයියේ..... ම්ම්.....මුලින් ඒක කියල ඉන්නකො "
මන් කිව්වම එයා මගේ නිකට යටින් ඇගිලිතුඩු තියල මගේ මූණ උඩට ඉස්සුවෙ මන් එයා දිහා නිරායාසයෙන්ම බැලෙද්දි ......
" පොඩ්ඩක් කතා කරන්න ඕනෙ අභූ........ "
එයාගෙ ඇස් හරිම බැගෑපත්.....අයියේ ඔයා වැරදි මනුස්සයට බූට් එක තිබ්බෙ....
හිතන්න ඇති අඥේ මාව දාලා යඥ්ඥ එඥා කියාගෙන පස්සෙන් එයි කියල ....
" මොනා කතා කරන්නද ඕයි....ඔන්න ඔය පෑන දෙනවා...මගුලක් කරන්නෙ....."
එයාගෙ අතින් පෑන උදුරන්න හැදුවත් එයා පෑන නොදී මගේ නිකට තද කරල අල්ලන් මගේ ඇස් දිහා බලන් ඉදියා....
" අපි හෙට බටමුල්ලකන්දෙ යමු "
ඇගිල්ලක් හෙමීට මගේ උගුරු ගැටේ උඩ එහෙ මෙහෙ ගෙනියන ගමන් එයා අහද්දි මන් එයාගෙ ඇස් දිහා බලන් ඉදියා....
මේ මාසෙ පඩිය එහෙම ඉතුරු ඇති නේද ඉතිං ?
බටමුල්ලකන්ද තියෙන්නෙ මතුගම.... කන්දක් උඩ හදල තියෙන එතන තීන්නෙ දකුණු ආසියාවෙ උසම හිටි බුද්ධ ප්‍රතිමාවලු ...එතනට ගියාම මුළු මතුගම ටවුන් එකම ලස්සනට පේනව... කන්දක් උඩ නිසා මාර ලස්සනයි .... මන් මීට කලින් අම්මා එක්ක ගිහින් තියෙනව.....
" මට බෑ !!!"
" හෙට ක්ලාස් නේ....මන් ක්ලාස් එක ළගට එන්නම්.....ම්ම් "
" බෑ.......!"
" කීයටද ක්ලාස් ඇරෙන්නෙ.....දහයාමාරට නේද ?"
"නෑ......... බෑ........"
" ඉක්මනට කතා කරල විසදුමකට එමු අභු....මෙහෙම වෛරක්කාරයො වගේ ඉදල තෙරුමක් නැනේ........."
" බෑ ..............."
" ඔයාගෙ හිත ගැන දන්නෙ ඔයානෙ.... මගේ හිත ගැන දන්නෙ මම..ම්ම්....."
ඒත් එක්කම එළියෙන් සද්දයක් ඇහෙද්දි අයියටයි මටයි දෙන්නටම තේරුනා මිස් ගෙදර ඇවිත් කියල .....
" එහෙනම් අනිවාරෙන් යමු පැටියෝ...."
" බ්බ්බ්බ්.....ඊයා......"
ඒත් එක්කම එයාගෙ කටේ තිබ්බ මෙන්ටෝස් චුයින්ගම් එක නිකටින් අල්ලන් මගේ කටට දාපු එයා උඩ තට්ටුවට දුවන් ගියේ මට ඒඩ්ස් හැදිලා ඔක්කාරෙට එද්දි...
" තුහ්...තුහ්හ්.... මටත් ඒඩ්ස් බෝවෙයි දැන් ....ඊයා අනේ....ඈයියා......."
මන් උගුර අල්ලන් කැස්සෙ චුයින්ගම් එක දත් අස්සෙ හිර කරන්.....
" මොකද දරුවො මේ ?"
ගෙට ආව මිස් අහද්දි මන් නළලට වැටුන කොණ්ඩෙ අතින් පස්සට කරල හදාගත්තා....
මිස් මට ඒඩ්ස්......
" කැස්සක් ආවා...."
මන් කිව්වෙ මූණ ඇබුල් කරන්....
ඊයා අනේ.... ඒක මෙලෝ රහක් නෑ....අඩුම අර පැණි රහ වත් නෑ....ඌ හපල හපල චප්ප කරල රබර් කෑල්ල මගේ කටට දැම්මා....ප#යා....
මට ඒඩ්ස් වගේ දැන් නම්.....
" හා හා පේපර් එක කරන්නකො එහෙනම්.....මන් මේ ස්කෝලෙට ගියා....අභූ ඔයාගෙ ඇඩ්මිෂන් ඇවිත්....හෙට අනිද්දා ගිහින් අරගන්න...."
" හෙට මට ක්ලාස් මිස්...අනිද්දට යන්නම් මම...."
" හරි ....... අභූ කාලද ආවෙ "
" ඕ "
මිස් කුස්සියට යද්දි මන් පේපර් එකට අවධානෙ දුන්නෙ චුයින්ගම් එක හපන ගමන්.....
ඇත්තටම අරූ නම් මහ පිස්සු මූසලයෙක්.....
.
.
.
අද සිකුරාදා නිසා මම උදෙන්ම පිසික්ස් ක්ලාස් ආවා..... ක්ලාස් ඇරුනෙ දහයා මාරට වගේ.....
බෑග්ගෙත් තනි කරට දාගෙන ළමයි එක්කම ක්ලාස් එක තියෙන අතුරු පාර දිගේ කළුතර පාරට ඇවිත් මන් බැලුවෙ පාරෙන් එහා පැත්තෙ ජීප් එක නවත්තගෙන එකට හේත්තු වෙලා ඉන්න අයියා දිහා...
එයා අද එනව කිව්වනෙ මාව ගන්න....
ක්ලාස් එකේ ළමයි සෑහෙන පිරිසක් ඉදිය නිසා එයා මගේ ඔළුවටත් උඩින් බලන් ඉදියෙ ඈත එන ළමයි දිහා...එයා මාව දැක්කෙ නැති වෙද්දි මන් එයා දිහා බලන් ඉදියා....
එයා මොන හේතුවක් නිසාද මාත් එක්ක කතා කරන්න ඕනෙ කිව්වෙ....
ඇත්තටම මේ ප්‍රශ්නෙ විසදගන්නද ? නැත්තන් මාත් එක්ක ආයෙ තර්ක කරන්නද?
ඊයෙ සදෙව් අයියා කිව්වෙ එයා අයියට තේරුම් කරල දුන්නා කියල ...එතකොට එයා මේ එයා හිතල නෙමෙයි මාත් එක්ක සාමදාන වෙන්න එන්නෙ...සදෙව් අයුයගෙ කීමට.....
මන් එයා දිහා බලාගෙන ඉදියා....
යනවද නැද්ද? යනවද ? නැද්ද ?
ලෝක දෙකක් අතර මාව දෝලනය උනා......ඇත්තටම මට එයා එක්ක තර්ක කරන්න ඕනෙ නෑ..... එයා සම්පූර්ණ දෝශාරෝපණය මට එල්ල කරද්දි ඒක සම්පූර්ණයෙන් භාරගන්න මම කැමති නෑ...... !
ඇත්තටම එහෙම භාරගන්න ඔනෙ කියල නිතියක් නැහැනෙ.... මම විතරක් වැරැද්ද කළා නම් මම භාරගන්න තිබ්බා......
මන් ලොකු හුස්මක් පිට කළා.....
මේ ප්‍රශ්නෙ විසදගෙන දෙකෙන් එකක් බේරුම් කරගන්න කියල හිත කියනව..... ඒත් විසදගන්න පුලුවන් ද අපිට.... අපේ වැරදි අපි තේරුම් ගනිවිද? විශේෂයෙන්ම එයා......
වෙලාවකට ඇත්තටම මට හිතෙනව මෙතන සම්පූර්ණයෙන්ම වැරදි මමද කියලත්.... එයා එක අතකට කළේ රාජකාරියනෙ.... එයාට ඒක නොකියන්න සාධාරණ හේතුවක් තියෙන්න ඇති කියල හිතෙනව...එයාට සාපේක්ෂව මම ගොඩක් පොඩී....එයාට කොහොමත් මම පොඩි දරුවෙක් වගේ.... එතකොට එච්චර බරපතල දෙයක් එයා මට කියන්න දෙපාරක් හිතනවනේ..... මගේ හිතම මට දෝශාරෝපණය කරන්න ගත්තා....එතකොට මට දැනෙනව පිටින් ඉන්න මගේ ස්වරූපය කඩාගෙන වැටෙනව වගේ... මගේ වැරැද්දක් තියේ කියල දැනගෙන එයා එක්ක එකට එක කියන් යන්න මට බැහැනේ..... එතකොට මන් වැරැද්දක් කරන්නේ....
මන් සෙනග ගොඩ අතරින්ම එයාට නොපෙනෙන්න ස්ටෑන්ඩ් එකට යාගන්න යන්න හැරුනා......
ඇත්තටම මම වැරදිද ? මට හිතාගන්න බෑ ඒක..... එයා සාධාරණයි ද ? මගේ වයස ගත්තම එයා මට ඒක නොකියා ඉදිය එක හරිද? ..... එක අතකට එයාගෙ ජිවිතේ අවුරුදු තිස් හයක්ම ඉදියෙ මම නෙමෙයි.... ඉතිං එක්කො එයාට හිතෙන්න ඇති එච්චරටම ලොකු දෙයක් කියන්න.........................
මම කවුද ? කියල
මට දුක හිතුනා.... බලන් යද්දි මෙතන ලොකුම වැරදිකාරයා මමදෝ කියල හිතුනා.....
මොනා උනත් සිද්ධ උන දේවල් වෙලා ඉවරයිනෙ..... ඒව ආයෙ වළක්වන්න බැහැනෙ..... එක්කො අපි කතා කරගෙන සදහටම වෙන් වෙන්න හිත හදාගන්න ඕනෙ.....නැත්තන් කතා කරල විසදුමකට එන්න ඕනෙ...
අද එයා මට කතා කරන්නෙත් ඒකට වෙන්න ඇති.... සාමදාන වෙන්න...ඒත් අද මට එයා එක්ක කතා කරන්න හයියක් නැහැ ! එහෙම කියල තනියෙම එයා එල්ල කරන හැම දෝශාරෝපණයක්ම භාරගන්න තරම් මන් අහිංසක නෑ....
එක්කො මේ දේවල් කතා කරල වැඩක් නෑ.....
බ්‍රේකප් වෙන හැම මනුස්සයම කියන්නෙ ඕකනේ.....
මන් පාරෙ තිබ්බ බයිට් කරත්තෙන් බයිට් අහුරක් අරන් බස් එකට නැග්ගා.....
CTB බස් එක ගහල තිබ්බෙ ස්ටෑන්ඩ් එකේ පියරත්න එක ඉස්සරහ......එතන තමයි අලුත්ගම බස් ගහන්නෙ.. අළුත්ගම පාරට මුහුණලා.....
බස් එකට නැගල මන් පාර පැත්තෙ සීට් එකක ජනෙලේ අයිනෙන් ඉදගත්තා.....සමහර විට අයියා තාමත් බලන් ඇති මම එනකන්...
මන් ජනෙලෙට ඔළුව හේත්තු කරන් බයිට් එකෙන් එකින් එක කටට දාගත්තා.....
ඒක සුදු ළූණු බයිට් එකක්.... ඒ උනාට සැර එහෙම ටිකක් මදී කියල මට හිතුනා..... මන් නම් ආස ටිකක් සැර චීස් රහ දැනෙන සුදු ළූණු රහ තියෙන බයිට් වලට.....සමහර පැකට් කරපු බයිට් වල නම් ඒ රහ දැනෙනව.....
කොන්දා ටිකට් කඩන්න බස් එකට නගිද්දි මන් පර්ස් එකෙන් රුපියල් සීයක් අතට ගත්තා....
දැන් නම් මගේ ජිවිතේ සල්ලි වලින් කිසි අඩු පාඩුවක් නෑ..... මේ දැන් උනත් මගේ පර්ස් එකේ රුපියල් දෙදාහක් ගන්න පුලුවන් ... සාක්කුවක් අස්සෙ අම්මා දුන්න රුපියල් පන්දාහකුත් තියෙනව.....ඒත් දැන් නම් මේ සල්ලි වියදම් කරන්න වත් මගේ හිත එකතැන නෑ..... වෙලාවකට හිතෙනව සතුට මාව දාලා ගිහින්ද කියල .... අම්මත් මගේ ළග නැති නිසා හිතට හරි අමාරුයි.... ඉපදුන දා ඉදන් මට උන්නෙ අම්මා විතරයිනෙ.... ටික කාලයක් යයි ඒකට හුරු වෙන්න....
ටිකට් එක අරන් වොලට් එක සාක්කුවට දාගත්ත මන් ජනෙලෙට හේත්තු උනාම මන් දැක්කා පාරෙන් එහා පැත්තෙ ඉදන් වාහනේන් එළියෙ හිටගෙන කේන්තියෙන් පෝන් එක දිහා බලන් ඉන්න එයාව.....
එයාව දැක්කම මගේ පපුව අස්සෙ තෙරපිලා තියෙන හැගීම් මට රිද්දන්න ගත්තා .....
මන් එයා දිහා බලාගෙනම ඉද්දි මට මතක් උනා මම එයාට පොල්ල තියල නේද මේ ඉන්නෙ කියල ...
මන් ඉක්මනට ශීට් එකේ පහළට රීටුවෙ එයාට මාව නොපෙනෙන්න..... එයා පෝන් එක දිහා කේන්තියෙන් බලන් ඉදල කොණ්ඩෙ අවුල් කරන් අපෙ බස් එක දිහා බැලුවා...එයා ඉදියෙ යුනිෆෝම් එකෙන්.... මොනව කරනවද මන්දා.... දැන් එයාටත් ලැජ්ජයිනෙ පිස්සෙක් වගේ ඔහොම පන්ති අස්සෙ මුර කරන්න ගියාම....
කමක් නෑ ඉතිං ....පුතාව හෝ දුවව ගන්න ගියා කියන්න පුලුවන් ......
සැක්.....
මගේ මූණට මලානික හිනාවක් එද්දිම බස් එක ස්ටාර්ට් කළා..... හිතට සහනයක් දැනෙද්දි මන් පොඩ්ඩක් බිමට නැමිගෙන ඉදල බස් එක ස්ටෑන්ඩ් එකෙන් දැම්මට පස්සෙ කෙලින් උනා...
දැන් ඉතිං බහින තැන හිටන් ඉදියොත් තමයි ශෝක්ම...
ඔළුව කසමින් මන් ආයෙ බයිට් අහුරක් කටට දාගත්තා....
බස් එක ස්ටෑන්ඩ් එකෙන් කළුතර පාරට හරවල හෝල්ට් එකක් එන්න නෑ බස් එක නවත්තද්දි මාව හීතල වෙලා ගියා.....
ඒත් එක්කම තොප්පියත් ඔළුවෙ දාන් උන්න එයා බස් එකට නගිද්දි මන් තව ටිකක් සීට් එකෙන් පහළට රීටුවත් එයාගෙ ඇස් කෙලින්ම තිබ්බෙ මන් ළග...
ඒවා කේන්තියෙන් තිබ්බෙ... සමහර විට මාව හොයන්න රස්තියාදු උන කේන්තිය නිසා වෙන්න ඇති....
දැන් ඉතිං සෙල්ලම් ඉවරයි කියල තේරුන නිසා මන් සීට් එකේ කෙලින් උනා...වස ලැජ්ජාව.....එයාගෙ ඇස් මගේ පැත්තට තිබ්බ නිසා බස් එකේ මිනිස්සුත් බලන් ඉදියෙ මන් දිහා....
හොරෙක් අල්ලන්න ආවා කියල බස් එකේ මිනිස්සු හිතනවද දන්නෑ....
එයා මන් ළගට ඇවිදන් එද්දි ඩ්‍රයිවර් අංකලුත් හැරිලම බලන් ඉන්නව.....
මන් එයා දිහා බලන් ඉද්දි එයා තොප්පිය ගලවන් මන් ළගින් හිටගත්තා....
එයාගෙ ඒ තොප්පියෙන් ගොඩක් දේවල් කියවෙනව..... එයා තොප්පිය දාග්න ඉන්නෙ රාජකාරිමය දේවල් වලට තමයි .....මාත් එක්ක එහෙ මෙහෙ යද්දි උනත් යුනිෆෝම් ඉදියත් තොප්පිය ගලවලා දාලා ඉන්නෙ.... CID කියන්නෙ අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුව නේ.....ඒක ඉතිං පොලිසියට යටත්...ඒ කියන්නෙ මෙයා ඇත්තටම පොලිස් නිළධාරියෙක් තමයි .....
" යන්.....!"
එයා එච්චරයි කිව්වෙ....
මන් හිතුවෙ කන පැලෙන්න පාරක් දෙයි කියල .....
ඒව කොහෙද මාත් එක්ක.....
මන් අහක බලාගත්තා....
" අභූ.....මාව ලැජ්ජ කරන්න එපා !"
බස් එකේ මිනිස්සුත් අහගෙන දෙයියනේ ඉන්නෙ..... එයාට විතරද ලැජ්ජ.... මටත් ලැජ්ජයි.....
මන් ජනෙලෙන් එළිය බලන් ඉදියා මිසක් මුකුත් කියන්න ගියේ නෑ..... අනේ දෙයියනේ මට මහන්සී...එයා එක්ක ඔට්ටු වෙලාම ....තවත් රන්ඩු කරන්න මට ඕනෙ නෑ.......
" ඕ.අයි..සී...සර්....මේ සර්ගෙ පුතාද ?"
කොන්දොස්තර් අහද්දි අයියා කොන්දොස්තර් දිහාවට මලානික බැලමක් දාලා මන් දිහා බලලා මගේ අතින් අල්ලගත්තා....
" මට ඉන්න දෙන්නකො....."
මන් කිව්වෙ එයාගෙ අතින් මගේ අත ගලවගෙන වෙද්දි එයා බස් එකට නැගපු නිසා බස් එකත් නවත්තගෙන....
" අභූ මාව...පිස්සෙක් කරවන්නෙපා..!"
" කිව්වනේ..... මට ඉන්න...දීලා යන්නකො..... "
" අභූ !! "
" ඉතිං ඔයා යන්නකො.....මන් දැන් කිව්වනෙ මට එන්න බෑ කියල .... "
එයා ලොකු හුස්මක් අරන් වටපිට දිහා බලල සන්සුන් උනා....එයාට නප්පෙට තද වෙලා ඉන්නෙ....
" උස්සන් යන්න කලින් බැහැපන් බස් එකෙන්.....!"
එයාට කේන්ති ගිහින් නිසාදෝ මට ටිකක් නපුරු උනා...
මන් එයාගෙ මූණ දිහා බලන් ඉදියා.... එයා බනිද්දි මෙහෙම මූණ දිහා බලන් ඉදියම එයාට මට බනින්න හිතෙන්නෙ නෑ......
එයා ඊළග මොහොතෙ මගේ අතින් ඇදගෙන යද්දි මන් බොහොම අමාරුවෙන් සීට් එක උඩ තිබ්බ බෑග්ගෙත් අතේ අරන් එයා පස්සෙ ආවා...
බස් එකෙන් බැස්ස ගමන් බස් එක යද්දි ඒක යනකන් ඉදිය එයා මගේ අතේ තිබ්බ බයිට් කවරෙ අරන් කේන්තියෙන් අහකට විසි කරල දැම්මෙ පාරෙ යන මිනිස්සුත් බල බල ඉද්දි....
එයා කරපු දෙයින් මාව ගැස්සුනා.... එයා ඇත්තටම මට දරුණු නැහැ....එදා අරම බ්‍රේකප් වෙද්දි උනත් එයා අඩුම මට හානියක් හිරිහැරයක් කරන්න හිතුවෙ වත් නෑ ....ඒත් අද එයා ඉන්නෙ කේන්තියෙන් .....
" අභූ උඹ මට කි........."
" මට බයින්න ලෑස්ති වෙන්න එපා !! "
එයාට වඩා සද්දෙන් මම කිව්වෙ එයා නලල රැලි කරන් මන් දිහා බලන් ඉද්දි.....
" මන් බැනුම් අහන්න කැමති නෑ !!"
මන් එහෙම කියල ගිහින් ජීප් එකට නැගල දඩාස් කියල දොර වහගත්තෙ එයා වාහනේ රෝදෙකට පයින් ගහද්දි....
එක අතකට පව් ඒ මනුස්සයා.....
මන් ලොකු හුස්මක් පිට කරල සීට් එකට ඔළුව හේත්තු කරගත්තා....
එයා විතරද පව් මම පව් නැද්ද ?
විනාඩි කිහිපයකින් එයා ආයෙ වාහනේට නැගල මට නොදෙවිනි සද්දෙකින් දොර වහල දැම්මා...යකෝ මේක මහජන දේපලක්.....පොලිස් ජීප් එකනෙ.....
" කියනෙක අහන්න පුරුදු වෙලා හිටපන්...සේරටම කලින්...."
මන් නළල පොඩි කරගත්තා.....
" අයියේ.... ඔයාට බෑ මෙහෙම මට බලපෑම් කරන්න.... "
" මන් දැන් උබට මොන ජාතියේ බලපෑමක්ද කරේ කියපං ....ම්ම් "
එයා මන් දිහා බලන් කේන්තියෙන් අහද්දි මන් බෑග්ගෙත් පැත්තකට විසි කරල සීට් එකේ කෙලින් උනා.....
" මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න.... මට ඔයා එක්ක රණ්ඩු වෙන්න ඕනෙ නෑ....ඇයි හැමතිස්සෙම රණ්ඩුවටම එන්නෙ.... අයියේ ඔයාට ඕනෙ මන් මානසික ලෙඩෙක් වෙනව දකින්නද..... නිතටම ඔයා ගැන හිත හිත වද වෙනව දකින්නද ?"
" අභූ..... ප්‍රශ්නයක් තියෙන නිසා තමයි මන් කිව්වෙ කතා කරල විසදගන්න එන්න කියල ....."
" අයියේ ඔයාට මේ ප්‍රශ්නෙ කතා කරල විසදගන්න ඕනෙ කියල උවමනාව දැනුනෙ අද.....!! ම්ම්.... එතකොට මට ඕනෙ දැන් මේ දේවල් වලින් ඈත් වෙන්න.... ඔයාට නොතේරුනාට මේක මගේ ඔළුවට ලොකු වදයක් !!"
" අභූ....හරි කවුද වැරදි කවුද කියල මම අද ඔයාඑක්ක රණ්ඩු වෙන්නෙ නෑ.... මන් කියන්නෙ අපිට කතා කරල විසදුමකට එන්න පුලුවන් නෙේ....."
" එතනින්ම පේනව නේද ? ම්ම් ...ඔයා තාම හිතන් ඉන්නෙ ඔයා නිවැරදී කියලනේ..... "
" කියනෙක තේරුම් ගන්න.....?"
" අයියේ.....මම නෙමෙයි මෙතන උන දේ තේරුම් ගන්න ඕනෙ...ඔයා ...... ඔයා තාම ඔය අදහසෙන් ඉන්නව නම් ප්ලීස් මාව ගෙදර ගිහින් දාන්න.... මට තවත් ඔයා එක්ක කතා කරන්න ඕනෙ නෑ....."
එයා ස්ටෙයාරින් වීල් එකට අතින් ගහල පාරෙන් එළිය බලාගත්තා.... එයාගෙ ඇස් රතුවෙලා.....
" මේ ප්‍රශ්න මගේ ඔළුවට හරි බරයි අභූ......."
" ......................."
මන් මුකුත් නොකියා ජනෙලෙන් එළිය බලාගත්තා......
" ඔයා නැතුව මගේ මුළු ජිවිතේම හිස් වගේ..... "
එයා හැගුම්බර කටහඩකින් කියද්දි මන් එයා දිහා බැලුවම එයා මගේ උකුළ උඩ තිබ්බ අත එයාගෙ අත් අතරට මැදි කරගත්තා.....
" ඔයා නැති දාක මට මගේ ජිවිතෙත් නැති වෙයි අභූ..... !"
හරිම හැගුම්බර කටහඩකින් එයා කියද්දි මගේ ඇස් පුපුරන් කදුළු බින්දුවක් පහළ බැස්සා......
මන් ආයෙ ඒ මොහොතෙන් එළිය බලාගනිද්දි එයා එයාගෙ මහපට ඇගිල්ලෙන් මගේ පිට අල්ල පිරිමැද්දෙ ලොකු හුස්මක් අරගන්න ගමන්....එයා මගේ අත අල්ලන්ම සීට් එකට ඔළුව හේත්තු කරන් ඇස් පියාගත්තා....එයා හරි පරිස්සමට මගේ අත පිරිමදිද්දි මන් ලොකු හුස්මක් අරන් ඇස් පියන් ඉන්න එයා දිහා බැලුවා....
" ඔයා මාත් එක්ක රණ්ඩු වෙන්නෑ කියල පොරොන්දු වෙනව නම් අපි බටමුල්ලෙකන්දෙ යන්.... "
එය සීට් එකට ඔළුව හේත්තු කරන් ඇස් පියන් උන්නා මිසක් මුකුත් කිව්වෙ නෑ....ඒත් එයාගෙ මහපට ඇගිල්ලක් පරිස්සමට මගේ අත පිරිමැද්දා.....
පව්...... එයත් පව්.... මගේ හිත කියද්දි මන් එයාගෙ උරිස්ස වටේ අතක් ගෙනියල එයාව මගේ පැත්තටඇදල අරන් තුරුල් කරගත්තා..... එයා මගේ ගෙල අතර මූණ හොවාගෙන ලොකු හුස්මක් අරන් හැඩුම් වාවගන්න වගේ.... මන් එයාගෙ කොණ්ඩෙ අස්සෙ ඇගිලි යවමින් හිස පිරිමැද්දෙ අනික් අතින් එයාගෙ පිට පිරිමදින ගමන්....
" මට.. සමාවෙන්න අභු....... ඔයාව තනි කළාට...."
ගෙල අස්සෙ මූණ හොවාගෙන එයා කියද්දි ' හරි කමක් නෑ අපි වැරදි හදන් ඉස්සරහට යමු ' කියන්න තරම් මගේ හිත හොද නෑ.....
" අපි දෙන්නම වැරදි කළානෙ.... ඒත් මන් තවම ඔයාට සමාවෙන්න කිව්වෙ නෑ.... ඒත් ඔයා මගෙන් සමාව ඉල්ලුවා....ඒත් ඒකත් මගේ හිතට සෙට් වෙන සමාවක් නෙමෙයිනෙ.... මන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන සමාව ඕක නෙමෙයි අයියේ..... ඉතිං මෙ වෙලාවෙදි ඔයාගෙන් සමාව ඉල්ලන්න මගේ දිව නැමෙන්නෙත් නැහැ.....!"
එයා මගේ ගෙල අස්සෙ ඉදන් හොද හුස්මක් අරගෙන අයින් උනෙ මගේ කම්මුලට හාදුවක් තියල...
මාසෙකට විතර පස්සෙ හාදුවක් හම්බුනේ......
එයා වාහනේ ස්ටාර්ට් කරද්දි මන් ජනෙලෙන් එළිය බලාගත්තා.....
මහ ලොකු වෙලාවක් ගියේ නෑ....සෙම්මේරිස් එක එහා පැත්තෙ පාරෙන් එයා බටමුල්ලකන්ද යන පාර වෙනකන්ම වාහනේ අරන් ආවා....ලොකු වාහන උඩට යන්න දෙන්නෙ නෑ.... ත්‍රිවිල් බයික් වගේ වාහන විතරයි .... ඒ නිසා එයා පහළ වාහනේ පාර්ක් කලා....
මන් වාහනෙන් බැහැලා හොද හුස්මක් ගත්තා... වටේටම ගස් කොළන්...දුරින් ඇහෙන ටවුන් එකේ වාහන සද්දෙ ඇරෙන්න මේ හරියෙ හරිම නිස්කලංකයි...
🍁 @Batamullakanda mathugama
අයියා තොප්පිය වාහනේ ඇතුලෙ තියල වාහනෙන් බැස්සම මාත් බෑග්ගෙ තනි කරට එල්ලන් එයා ළගට යද්දි...
එයා මන් දිහා බලන් ඉදියා... ඇත්තටම එයාගෙ මූණෙ තිබ්බෙ පුදුම තරම් ලොකු දුකක්....හිනාවක් පේන්න වත් නෑ....වෙනද වගේ ඒ ඇස් හිනාවෙන්නෙත් නැති කොට මට එකක් තෙරුනා.....
මන් වින්ද දුකම එයත් විදපු වග.....
මන් එයාගෙ අත දිහා බලලා මගේ අතේ ඇගිලි පහ එයාගෙ අතේ ඇගිලිකරු අස්සෙන් යවල එයාගෙ අත අල්ලගත්තා.....
එයා හිනා උනා.... මවාගත්ත හිනාවකින්.....
" යන්....."
" හ්ම් "
අපි දෙන්නා කන්ද උඩට යන්න තිබ්බ පාරෙන් උඩට ඇවිදින්න අරගත්තා.... මහා ලොකුදුරක් යන්න නෑ..ඒත් ගස් කොළන් මැද්දෙන් සැලකිය යුතු දුරක් යන්න තිබ්බා.... හරිම ලස්සනයි යන්න තිබ්බ පාර නම්.... දවල් දොළහ ලන් උනත් කූල්... තද කොළ පාට ගස් මැද්දෙන් යද්දි නිකන් හයික් එකක් යනවා වගේ හැගීමක් දැනෙනව....
මන් අයියගෙ අත තද කරල අල්ලගත්තා.... මිනිස්සු නම් ගොඩක් අඩුයි.... තැන තැන විනීතව හැසිරෙන්න කියල බෝඩ් එහෙම ගහල තිබ්බට මොකද ජන්ගල් හොටෙල් ගියපු බයිස් එකෙම නතර කරල තියෙනව කැලෑ ළග.... ඒ කියන්නෙ පාර දෙපැත්තෙම තීන්නෙ ඝන කැලෑවක්නෙ...ඕනෙ දෙයක් කරතෑයි පේන්නෙ නෑ.... සැක්....
අයියාත් ඒ දිහා බලන් උඩට යද්දි මමත් ඒ දිහා පිළිකුලෙන් බැලුවා...... ඇත්තටම එතනදි නැති වෙන්නෙ තමන්ට තියෙන ආත්ම ගරුත්වය නේද? කොහොමත් වැදගත් විදියෙ මනුස්සයො දෙන්නෙක් නම් ඔය වැඩේ කරන්න මේ වගේ තැනකට එයි යැ.....
උඩට යන්න යන්න ටිකක් සීතල නැවුම් වාතාශ්‍රය නහයට දැනෙන්න අරගත්තා.... මන් අයියගෙ අත අල්ලගෙන එයාගෙ මූණ දිහා බලන් ඉදියා.... කල්පයක් වගේ.... එයයි මමයි මෙහෙම අත් අල්ලන් ඇවිදින්න ගිහින් කල්පයක් ගතවෙලා අද අලුත් දවසක් උදා වෙලා වගේ මට දැනුනෙ....
විනාඩි කිහිපයකින් අපි කන්ද නැගගෙන උඩට ආවා...උඩ උනත් මහ ලොකු සෙනගක් නැහැ...හරිම නිස්කලංකයි....
අයියා සපත්තු දෙක මළුවට මෙහායින් ගලවද්දි මාත් සෙරෙප්පු දෙක ගැලෙව්වා.... එයා තද කොළ පාට මේස් දෙකත් සපත්තුව අස්සෙ ගුලි කරල සුදු වැලි අතුරපු මළුවට ඇතුල් වෙද්දි මමත් එයා පස්සෙන් ගිහින් ඒ විශාල හිටි බුද්ධ ප්‍රතිමාව දිහාබලන් ඉදියා....
අපි මල් ගෙනාවෙ නැහැනෙ.... එතන පූජා කරල තිබ්බ මල් වලට අත ගහල එයයි මමයි එතනම තිබ්බ සේපාලිකා මල්ගහක් යට බෙන්ච් එකෙන් ඉදගත්තා....
" වතුර තීනවද?"
" හ්ම්ම්....."
මන් ඔඩොක්කුවෙ තිබ්බ බෑග්ගෙ අවුස්සල වතුර බෝතලේ අරන් එයා අතට දුන්නා.... මන් ඉස්සර ඉදන්ම ගොඩක් වතුර බොනව... ඒ නිසා කොහෙ ගියත් මට වතුර ඔනෙ....ඒ ඇරත් විනාඩියෙන් විනාඩිය අත හෝදන පිස්සුව මට තීනව.... ඒක නම් මානසික ප්‍රශ්නයක්ලු.... මට එහෙම අත අතුල්ල අතුල්ල හෝදන්න ඕනෙ නෑ...මන් කැමති නෑ අත් වේලෙනවට..... මට සැනිටයිසර් ගාන්නත් බෑ අත් කළු වෙනව හම යනව එක විකාරයයි...
ලස්සන රැක ගන්න එපැයි....
එයා වතුර බෝතෙලෙන් උගුරු දෙක තුනක් බීගෙන ගියා...පව්.... එයාට ඇඩුනා.... මට එවෙලෙ දැනුනා මගේ උරහිස් තෙත් වෙනව.... ආදරේ ඉස්සරහ අපි කොයි කවුරුත් අසරණයි.... හිතට තදින්ම බැදුන කෙනා දුරක යන්න යද්දි දරාගන්නෙ කොහොමද ඉතිං ....
එයා මට ආයෙ බෝතලේ දුන්නම මාත් උගුරක් බීලා ඒක ඇතුළට දාගත්තා....
" ඒ ප්‍රශ්නෙ ගැන ඔයා කතා කරන්න එපා කිව්වට ඇත්තටම මට අද ඕනෙ උනේ ඒ ගැන කතා කරල මේක විසදගන්න.....".
කපටිකම.... මුගෙ කපටිකමනෙ.... පන්සලකටම එක්කන් ආවා ප්‍රශ්නෙ ගැන කතා කරන්න...එතකොට මට කෑ ගහල රණ්ඩු අල්ලන්න බෑනෙ....
මන් ලොකු හුස්මක් ගත්තා.... මෙතන හරිම නිදහස්.... ඒ කියන්නෙ හිතට මාරම සන්සුන් බවක් දැනෙනව.... කන්ද උඩ නිසා හුළගක් ඈතින් හමාගෙන එනවත් එක්කම පන්සලේ හදුන්කූරු , මල් සුවද නහයට දැනෙනව.....
" ඔයාට ඒක නොකියපු එක වැරද්දක් තමයි .... ඒක මන් දන්නව..... "
" අභූ..... මගෙ පැටියෝ.... "
එයා කතා කරද්දි මන් ඇස් උස්සල එයා දිහා බැලුවා.....
" මට බ්‍රේකප් වෙන්න උවමනාවක් තිබ්බෙ නැහැ පැටියො..... ඒක එවෙලෙ සිටුවේෂන් එකත් එක්ක මගෙ ඔළුවට ආව මෝඩ අදහසක්...."
" ඔයාගෙ ඔළුවට ආව මෝඩ අදහසක් උනත් ඔයා ඒ වැරැද්ද හරිගස්සන්න මාසයක්ම ගත්තනෙ....ම්ම් ?"
" ඉතිං පැටියො මන් ......"
" අනේ අයියේ...ඔයාට තෙරෙන්නැද්ද මේක ගැන කතා කරල වැඩක් නැහැ කියල ..... "
" ඒත් මේක ඉවරයක් දකින්න මට ඕනෙ "
මන් බිම බලාගෙන පොළවෙ සිනිදු වැල්ල කකුලෙන් එහෙට මෙහෙට කළා.....
" අපි දෙන්නගෙම වැරදි තියෙනව පැටියො "
එයා අවසානෙදි කිව්වම මන් එයා දිහා බැලුවා.....
" ඔයා පොඩි දරුවෙක් කියල ඔයාට ඒ දේවල් නොකියා ඉදියත් ඇත්තටම ඔයා අවුරුදු දහ අටක තරුණ පිරිමි ළමයෙක් කියල මට අමතක උනා...."
අන්ද්වේ.........
" දහනමයයි !!!!"
" ඔව් හරි ....දහනමයයි...."
" අයියේ ඔයා තේරුම් ගන්න ඔනෙ.... හිරුන්‍ය අයියා කියන්නෙ කවුද මම කවුද කියල ..... මට හිරුන්‍ය අයියගෙ වචනෙට පිටින් වැඩ කරන්න බැහැනෙ...."
එයා ලොකු හුස්මක් අරන් මන් දිහා බැලුවා....
" උන දේ උනා.... අපි අපේ වැරදි හදාගමු.....?"
මන් එයා දිහා බලාගෙන ඉද්දි එයා මගේ බෙන්ච් එක උඩ තිබ්බ අතේ සුළැගිල්ලෙ එයාගෙ සුළැගිල්ල පටලවාගත්තා....
" ඔයා ...නිසා මන්...ගොඩක් තනි උනා.... ඔයා ඕනෙම...කාලෙදි මාව දාලා ගියේ...."
මගේ හඩ හැගුම්බර උනාම එයා මන් දිහා බැලුවා.... මන් එයාගෙන් මගේ ඇස් හංගන් බිම බලාගත්තා....
" ඇයි...ඔයා මුකුත් නොකියන්නේ ?"
බිමට බේරිලා යන්න ඉඩ දීපු කදුලක් මගේ කකුල උඩම තෙමද්දි මම ඇහුවෙ එයාගෙ ඇස් දිහා බලාගෙන....
" වැරදි මම කියල දන්න නිසා.... "
" ඔයා මාව දාලා ගියා වගේ මට දැනුනෙ...."
" ඇත්තටම එහෙම උනාද නැද්ද කියල ඔයා දන්නවනේ ?"
" ඔයා තාමත් කියන්නෙ සම්පූර්ණයෙන් වැරදි මම කියලද ?"
" නෑ ....මමත් වැරදී...."
එයා කියද්දි මන් ඇස් වල කදුළු පිහාගත්තා....
" ඒත් පැටියො ඔයාට .... නිකමට හරි මට කියන්න තිබ්බා..... ඔයාට දැන් මේක අල්ලගෙන රණ්ඩු වෙන්න නෙමෙයි මම කියන්නෙ.... ඔයාගෙ ජිවිතේ හැමදෙයක්ම බෙදාගන්න මට, ඔයාට මේ දේත් කියන්න තිබ්...බා කියල විතරයි මන් කියන්නෙ.... ඒකට ඔයාගෙ හිත රිදෙනව නම් අමතක කරල දාන්න.... මන් ඒව හිතේ තියන් ඉන්නෑ... හිතේ තියන් ඉදල ඔයාගෙන් පළිගන්න මන් හිතන් ඉන්නව නම් නොදැනුවත්වම මන් පළිඅරන් තියෙන්නෙ මගෙන්මයි....මගේ ජිවිතේ ඔයා.....ම්ම්....."
මන් බිම බලාගත්තා... මගේ පපුව බරයි වගේ....
" දැන් ඉතිං උන දේවල් අමතක කරල අපි ඉස්සරහ ගැන හිතමු.... උන දේවල් අපි දෙන්නගෙම වැරදිනෙ...."
" එච්චර ඉක්මනට ඔයාට ඒ දේවල් අමතක කරන්න පුලුවන් ද ?"
" පැටියො.... හිතේ තියාගෙන පැසව පැසව දුක් විදින්නෙ ඇයි ?"
" හරි ...අයියේ මම කියන්නෑ ඒ දේවල් වලට පළිගන්න ඕනෙ අරකය මේකය කියල .... ඔයාට ඇයි බ්‍රේකප් වෙමු කියල කියන්න කලින් හිතන්න බැරි උනේ.... ඇයි ඔයාට දෙපාරක් හිතන්න බැරි උනේ කියල මන් අහන්නෙ.... ඒක හරියට නිකන් ඔයාට සෙල්ලමක් වගේ.....?"
" ඔයාගෙ හිත රිදෙන්න ඊට වඩා දේවල් මගේ කටින් පිට වෙන්න තිබ්බා....!"
" ඊට වඩා කියල ඔයා හදුන්වපු දේවල් එච්චර මගෙ හිත නොරිදවන්නත් තිබ්බා....බ්‍රේකප් වෙමු කියන වචන දෙකට වඩා....."
" පැටියො .... මම කැමති නෑ ඔයාට කේන්ති ගිහින් කෑ ගහල බනින්න .... ඔයාව මට පොඩි දරුවෙක් අභූ...."
" හරි ....එහෙම කියල සම්බන්ධෙ නවත්තන එකද එකම ඔප්ෂන් එක....??"
" ..............."
එයාට උත්තර නෑ......
" අයියේ මීට පස්සෙ වත් ඔයා මට වඩා මහ ලොකු වැඩිහිටියෙක් කියල හිතන් ඉන්නව නම් ඒ විදියට හැසිරෙන්න.... ඔයාට වඩා පොඩි වෙලත් මන් තීරණ ගනිද්දි ඔයා තරම් මෝඩ නෑ....!!"
" පැටියො....ඒ වෙලාවෙ මන් ඉදිය තත්වෙ තේරුම් ගන්නකො...."
මන් ඇස් පියාගෙන ලොකු හුස්මක් ගත්තා....
" මන් ඔයාට ....ආදරෙයි "
එයා දිහා බලන් මන් කිව්වම එයා අනපේක්ෂිතව කියපු දෙයක් නිසා පුදුමෙන් මන් දිහා බැලුවා.....
" මන් ඔයාට සමාව දෙන්න තීරණය කළා....ඔයා මට සමාව දුන්නද නැද්ද කියල මම දන්නෑ.... "
එයා මන් දිහා බලලා හිනා උනා.....ඒක හරිම අව්‍යාජ හිනාවක්....
" විශ්වාසෙ රකින්න...."
එයා සුළැගිල්ල උඩට දික් කරල කියද්දි මම ඒ දිහා බලන් ඉදල මගේ සුළැගිල්ල එයාගෙ සුළැගිල්ල වටේ එතුවා....
" පොරොන්දු වෙනවා // "
මට ලොකු නිදහසක් දැනුනා.... උඩ මළුවෙ ඉදියෙ අපි දෙන්නා විතරක් වෙද්දි එකට පැටළුණ සුළැගිල්ලට හුළගෙන් ආශිර්වාද ලැබුනා කියල මට හිතුනා....
එයා කිව්වා පහළට යන්න කලින් පහනක් පත්තු කරල යමු කියල .... ඉතිං මමයි එයයි පහන් වැට ළගට ඇවිත් පහන් කිහිපයක් පත්තු කරල අපේ ජිවිත වල සතුට ප්‍රාර්ථනා කළා.....
" අපි කොහෙ හරි යන්ද ?"
පහළට එන ගමන් එයා අහද්දි මන් ඔළුව වැනුවා.... උඩදි අඩපු නිසා මගේ නහය බර වෙලා... මන් ලේන්සුව මුවට තියාගනිද්දි එයා පිට අල්ලෙන් මගේ නහය මිරිකල දැම්මේ මන් හොටු හූරන්න ලැජ්ජාවෙන් ඉදිය වග දැනන් ඉදියා වගේ....
" කොහෙද යන්නෙ ?"
එයා ඇහුවෙ.....
" pizza hut "
මන් කිව්වෙ ආයෙ ලේන්සුව නහයට තියාගෙන.....
" ආර්හ්හ්.... පඩිය වැටුනෙ නෑ තාම....."
ඔය පඩිය කවදාවත් වැටෙන එකක් නෙමෙයි.....
" අද විසි නමයනෙ.... "
" ඉතිං ?"
" මේ මාසෙම ඔයාගෙ පඩිය ඉතූරුයිනෙ...."
" වාහනේ රෙපෙයා එකක් කරන්න උනා...."
" රෙපෙයා එකට පනහක් යන්න ඇති වැඩිම උනොත්.... ඔයාට අමතර දීමනා එක්ක අනූවක් හම්බෙනවනේ.... CID නිසා ඊටත් වැඩි ඇති...."
" පිස්සුද ?"
" ඇයි?"
" පනහයි "
" අනෙ යනෝ යන්න.... මන් දැකල තියෙනව තමුසෙ පේමන්ට් ශීට් එක... අනූවක් තියෙනව..."
එයා තොල් තද කරන් හිනා උනා....
දැන් එතකොට මම ආයෙ සතුටින් ඉන්න අරගත්තද ??
මන් එයාගෙ මූණ දිහා බලන් ඉදියා.... මම අද තේරුම් ගත්තා.... මගේ සතුට තියෙන්නෙ එයා ළග වග...
ඇයි ඔයාට සමාව ඉල්ලන්න මීට වඩා ඉස්සර වෙන්න බැරි උනේ.....?
.
.
.
.
.
.
🍁 බායි