🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
දුනුවායගෙ දෙවෙනි ඊතලේ හිටගෙන හිටපු Soo hyung ගෙ උරහිසේ ගෑවී නොගෑවී ගිහින් ළග ගසකට වැදුන..
ළග හිටපු සෙබළෙකුගෙ දුන්නක් ක්ශනිකව උදුරල ගත්තු soo hyung ඒකෙන් විදින්න හැදුවත් බිම ඉන්දවිලා හිටපු tae ගෙ කකුල එහාට ගද්දි ඒක පැටලිලා එයාට ඉලක්කය මග ඇරුන... 💔
ඒත් එක්කම රාජකීය සෙබළු වහළෙ උඩ හිටපු දුනුවායට එක දිගට හී ප්‍රහාර එල්ල කරපු නිසා ඔහු ප්‍රධාන වහලෙ මතින් පොත්ගුලේ පියස්සට පැනල එතනින් එහාට මාළිගා ප්‍රාකාරෙන් බිමට පැනල නොපෙනී ගියා.. 🙄🙄
" ඔබ කුමක්ද ඒ සිදු කරේ.. මට ජීවිතේ පළවෙනි වතාවට ඉලක්කයක් මග හැරුන.. "
soo hyung යකෙක් වගේ පැනල බිම හිටපු tae බෙල්ල මුළින් ඇල්ලුව..
" ස..සමාවෙන්න අයියන්ඩි.."
Tae තාමත් පුදුමෙන් හිටියත් හෙමින් නැගිටින ගමන් කිව්ව.. tae එයාට අයියණ්ඩි කිව්වත් Tae ගෙ මූණට soo hyung කවදාවත් මල්ලි කියල කතා කරල තිබුනෙ නෑ.. tae කල්පනා කර කර ඉද්දිම උදේ ඉදන් මන්දාරම් කරල තිබුන අහස පොද වැස්සක් වෙලා කඩන් වැටෙන්න පටන් ගත්ත..🌧️🌧️
" වහිනව.. තෙමෙන්න එපා..ඔබේ අත තුවාල නැහැනෙ.. මම ම මේක ගැන සොයා බලන්නම්.. දැන් තවත් මෙතන බලා නොඉද මාළිගයට යනව.. " tae ගෙ ඉරිල ගිය ඇදුමෙ අත බලපු soo hyung කිව්ව..
" කුමරුනී.. මේ ඊතලවල මොනව හෝ තවරල.. විෂ විය යුතුයි... " එක සෙබළෙක් වැහි පොද වැටිල තෙත බේරෙන ඊතලයක් අතට අරන් පෙන්වන ගමන් කලබලෙන් කිව්ව.. 💔😶
" මා එය පරීක්ෂා කරන්නම්.. soo hyung ඊතල දෙකම කලබලෙන් අරන් සෙබළුන්ට අවශ්‍ය තවත් උපදෙස් දුන්න..
Tae මෙච්චර කල් අනිත් අය ගැන හොයල බැලුවට එයාට වඩා වැඩිමහල් කෙනෙක් එහෙම එයා ගැන වද වෙද්දි ලොකු අමුත්තක් දැනුන.. නිකන් හිටි හැටියෙ ආයෙත් වයසින් පොඩි වෙලා වගේ දැනුන. පියාණන්වත් tae තරුණවියට ආවට පස්සෙ ඒ තරම් එයා ගැන ළගින් ඉදන් හොයල බැලුවෙ නැති නිසා ඒක ඇත්තටම අමුත්තක් උනා..
" ඔහුව ඇත්තටම තේරුම් ගන්න අමාරුයි.."
ඒත් tae හෙමින් නැගිටල සෙබළු එක්ක මහ වැස්සෙම දුනුවාය හොයන්න ලහි ලහියෙ යන අයියණ්ඩි දිහා බලාගෙන හිතුව..
🌧️🌻🌧️🌻🌧️🌻🌧️🌻🌧️
මාළිගාවට අනවසරෙන් ඇතුළු උන කෙනා ගැන මාළිගාව පුරාම ලැව්ගින්නක් වගේ පැතිරුනා.. ඒත් කුටියෙ හිටපු කුකී ඒ ගැන කිසිදෙයක් දැනන් හිටියෙ නෑ.
"කිසිවෙක් අද උනු පහරදීම ගැන මගේ කුටියෙ ඉන්න අමුත්ත ඉදිරියේ කතාකිරීමේ , තැන තැන කටකතා පැතිරවීම තහනම්.. කටකතා පතුරවල අසුඋනොත් මාළිගයෙන් පිටුවහල් කරනු ලබනව.."
කුකීට ඒක ආරංචි වෙන්න කලින් ඉක්මනින් වැස්සෙ තෙමීගෙනම ගිහින් tae අත ඉරුනු ඇදුම මාරු කරගෙන කුකී ඉන්න කුටියෙ පාලිකාවො පාලකවරු වෙනත් කුටියකට රැස් කරල අණ දුන්න..
🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹
" මහරජතුමා ඔබතුමාට අපි ගැන මුකුත් කිව්වද? අපේ සම්භන්ධය ගැන ? කුටියට ගිය ගමන් කුකී tae ගෙන් ඇහුවෙ බලාපොරොත්තු පිරුණු ඇස් වලින්.ඒත් කුකීට ගොඩක්ම දැන ගන්න ඕනෙ වෙලා තිබ්බෙ ලොකු කුමාරය ඊයෙ සිදුවීම ගැන මොකුත් tae ගෙ කනේ තියලද කියලයි.
" නැහැ.. කිසිම දෙයක් තවම පැවසුවෙ නැහැ.. ඔබේ තුවාල දැන් ටිකක්වත් සුවයිද? " Tae ඇහුවෙ කුකීගෙ තුවාල පරීක්ෂා කරන ගමන්..
" නැහැ.. දැන් ඒ හැටි අමාරුවක් නැහැ.." කුකී තුවාල තවම රිදුනත් එහෙම කීවෙ සැනසිලිදායක හඩකින්. මොකද soo hyung මුකුත් කියල නැහැ කියල තේරුන නිසා..
🌧️~ ⛈️~🌧️~⛈️~🌧️~⛈️~🌧️
එත් එක්කම හෙමින් ගිහින් කුටියෙ දොර ඇතුල් පැත්තෙන් අගුල් දමපු tae ඇදුම් රදවනය ළගට ගිහින් බාගෙට තෙමුන ඇදුම් එක එක ගලවන්න උනා..😚👉👈
"මේ මහ දවල් ?? ආහ්හ්..කමක් නෑ.. වහිනවත් එක්කනෙ..ඒකත් හොඳයි.. වහිනකොට හැගීම් ගොඩක් ආදරණිය වෙනවලුනෙ.. කරනව නම් ඕනෙ දෙයක් කරමු.. " කුකී ඒ දිහා බලන් කල්පනා කළා... මේව කල්පනා කරද්දි නොදැනීම කුකී රතු පාට වෙලා හිටිය... 🙈🙈
ඒත් කුකී හිතුව විදිහට නම් ඒව මුකුත්ම උනේ නෑ.. 🥲🥲 තෙත ඇදුම් ගලවල අලුත් පහසු ඇදුමක් ඇන්ද tae කුකී ඉස්සරහට ඇවිත් එයාගෙ තුවාල නැති අනිත් අතින් ඇදල ඇදට හෙමින් තල්ලු කළා.. පස්සෙ රතු වෙලා හිටපු එයාව හොඳටම තුරුල් කරගෙන ඔලුව උඩින් නිකට තියාගෙන ඇස් දෙක පියන් කතා කළා.. 🥺💜️
" දැන් ආයෙත් ඒ දේවල් ගැන ප්‍රශ්න ගැන කිසිම දෙයක් ගැන කතා නොකර අද දවසම මෙහෙම ඉමු.. කරුණාකරල.. නැගිටින්න එපා.. රාජ්‍ය කටයුතු අයියණ්ඩි බලා ගනීවි..ඔබට පුළුවන් ද අද දවසම මෙහෙම ඉන්න.. "
" හ්ම්... ඔබතුමා හොඳින් නේද? " ටිකක් විතර බලාපොරොත්තු සුන් උනත් එළියෙ වැටෙන ධාරාණිපාත වැස්සෙ සද්දෙයි tae ගෙ හුස්ම සද්දෙයි අහගෙන කුකී තව ටිකක් තුරුළු උනා..
" හ්ම්ම්.... මම හොඳින්.. ඔබේ ඇග මොකද මේ තරම් රස්නෙ? " Tae එකපාරට ඇහුවෙ කුකීගෙ මූණ බලන ගමන්..
" මු..මුකුත් නෑ.. " කුකී ලැජ්ජාවෙන් මූණ වහන් කිව්වෙ කලින් tae ඇදුම් මාරු කරන වෙලාවෙ ඉදන් රතු වෙලා තිබ්බ මූන තුරුල් කරන් ඉද්දි තවත් රතු වෙලා තිබුන හින්ද.. 💜️🥺
" ඇත්තටම එහෙම හරිම සනීපයි... නිදාගන්න දැන්.. " කුකීගෙ තුවාලෙ නොපෑරෙන්න පරිස්සමින් එයාව තුරුළු කරන් tae ආයෙත් ඇස් දෙක පියා ගත්ත.. හයියෙන් වහින වැස්සෙ සද්දෙයි අකුණු සද්දෙයි අහගෙන සීතලේ හරිම ආදරෙන් ඒ දෙන්න හැම ප්‍රශ්නයක්ම අමතක කරල හිටියෙ හරිම සතුටින්..
✨️🌹✨️🌹✨️🌹✨️🌹✨️🌹
එයාල සවස් වෙනකන්ම එහෙම හිටිය නිසා රෑ වෙද්දි කුකීගෙ තුවාල ගොඩක් දුරට හොඳ අතට හැරිල තිබුන.. එහෙම ඉන්න අතරෙ tae ට පියාණන්ගෙන් කැදවීමක් ලැබුන.. බලාපොරොත්තු ගොඩක් තියාගෙන tae රජතුමා හමු වෙන්න ගියා..
"බය වෙන්න එපා.. එතුම හොඳ පිළිතුරක් දේවි.. මම ඉක්මනින් එන්නම්.. " කතාවක් බහක් නැතිව කල්පනා කරන කුකීට tae කිව්වෙ හෙමින් කුටියෙන් එළියට යන ගමන්..
🍂🍁🍂🍁🍂🍁🍂🍁🍂🍁🍂🍁
ඒත් මධ්‍යම රාත්‍රිය වෙනකන්ම නිදි කිර කිර කුකී මග බලන් හිටියත් tae ආපහු ආවෙ නෑ.. පාලිකාවන්ගෙනුත් ඒ ගැන ඇහුවත් ඔවුනුත් තොරතුරක් දැනගෙන හිටියෙ නෑ..
ඒ අතරෙ එකපාරටම මධ්‍යම රාත්‍රියේම කුකීට සේවකයෙක් හසුනලක් අරන් ආව...
'' මෙය කුමරුන් ලබා දෙන්න කිව්ව.. " සේවකය ඉක්මනින් කියල ඒක දීල යන්න ගියා.. කුකී හසුන අරන් ඉක්මනින් කියෙව්ව..
" ඉක්මනින් ගබඩා කාමරයට එන්න.. අපිට පහර දුන් දුනුවාය හමු උනා... "
කලබල උනු කුකී ධාරාණිපාත වැස්සෙම මාලිගයෙ කොරිඩෝව දිගේ ඉක්මනින් ගබඩාව පැත්තට ගියේ වැඩිය හිතන්නෙ බලන්නෙ නැතුව..
🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
මේ අතරෙ මාළිගයෙ පැරණි ගොඩනැගිල්ලක තැනක tae කුටියක ජනේලයෙන් එළිය බලාගෙන ලොකු කල්පනාවක හිටිය.. වැස්සෙ ගොඩක් සීතල උනත් කුටියෙ තිබුනෙ දල්වපු එක ඉටිපන්දමක් විතරයි. මහ රෑ උනත් නිදිමත නම් එයාගෙ අහලකවත් තිබුනෙ නෑ..
ඒ ගමන් එක පාරටම ඒ කුටියට මූණ වහගත්තු අසිපතකුත් ඉනේ රදවගෙන දුන්නක් කරේ දාගත්ත තෙමිල ඇදුම් ඇගටම ඇලුනු දුනුවායෙක් ආව..
" ඔබ ඒ වැඩේ හොඳින් සිදු කළා.. "
tae ඒ දුනුවායව වැලදගන්න ගමන් කිව්ව..