නෙළුම් විල

By Blu_oggy

17.4K 1.8K 391

සියක් රත් පද්ම මැද මම එක් සුදු නෙළුමක්ම පැතුවෙමි..... •සිංහල • Non- fanfiction •BL More

පළමු පරිච්ඡේදය
දෙවන පරිච්ඡේදය
තුන්වන පරිච්ඡේදය
හතරවන පරිච්ඡේදය
හයවන පරිච්ඡේදය
හත්වන පරිච්ඡේදය
අටවන පරිච්ඡේදය
නවවන පරිච්ඡේදය
දහවන පරිච්ඡේදය
එකළොස්වන පරිච්ඡේදය
දොළොස්වන පරිච්ඡේදය
දහතුන්වන පරිච්ඡේදය
දාහතරවන පරිච්ඡේදය
පහළො‍ස්වන පරිච්ඡේදය
දාසයවන පරිච්ඡේදය
දාහත්වන පරිච්ඡේදය
දහඅටවන පරිච්ඡේදය
දහනවවන පරිච්ඡේදය
විස්සවන පරිච්ඡේදය
විසිඑක්වන පරිච්ඡේදය
විසිදෙවන පරිච්ඡේදය
විසිතුන්වන පරිච්ඡේදය
විසිහතරවන පරිච්ඡේදය
විසිපස්වන පරිච්ඡේදය
විසිහයවන පරිච්ඡේදය
විසිහත්වන පරිච්ඡේදය
විසිඅටවන පරිච්ඡේදය
විසිනව වන පරිච්ඡේදය
තිහ පරිච්ඡේදය
තිස්එක්වන කොටස
තිස්දෙවන පරිච්ඡේදය
තිස්තුන්වන පරිච්ඡේදය
තිස් හතරවන පරිච්ඡේදය.
තිස්පස්වන පරිච්ඡේදය
තිස් හයවන පරිච්ඡේදය...
තිස් හත්වන පරිච්ඡේදය
තිස් අටවන පරිච්ඡේදය
තිස් නවවන පරිච්ඡේදය
හතලිහ පරිච්ඡේදය
හතලිස් එක්වන පරිච්ඡේදය
හතලිස් දෙවන පරිච්ඡේදය
හතලිස් තුන්වන පරිච්ඡේදය

පස්වන පරිච්ඡේදය

489 51 7
By Blu_oggy

එක පාරටම මුළු වට පිටාවම එළිය වෙන විදියට ගිගිරුමක් එක්ක අකුණක් ගැහුවාම අපි දෙන්න ම ගැස්සිලා ගියා.

"කෝපි එක රහයිද?"
මම හිනා වෙලා ඇහුවේ කොල්ලා බයෙන් වගේ ඉඳපු නිසා.

"ම්ම්... රසයි මහත්තයා..."
විහස් එයාගේ ලස්සන හිනාවක් මට තෑගි කරලා කිව්වාම ඒ හිනාව දරාගන්න බැරුව මම ඉස්සරහා බලාගත්තේ මූණ පිරෙන්න එන හිනාව බොහොම අමාරුවෙන් වළක්ව ගෙන.

වැස්ස කෙමෙන් පායද්දි ම හිතුණා අපරාදේ කියලා. තව ටිකක් ඔහු එක්ක මේ වගේ කාලේ ගත කරන්න තිබ්බ නම් කියලා මගේ හිත දුක් උනා. ඒත් ඔහු කෝපි එකට ස්තූති කරලා යන්න ලෑස්ති වෙලා හිටියේ..

"දැන් කරුවලයිනේ විහස්... මම ඔයාව ගෙදරට ඇරලවන්නද?"

තාම වෙලාව හවස හයට කිට්ටු කරලා උනත් ගොඩක් රෑ වෙලා වගේ අඳුරු වැටිලා තිබුණේ වැස්ස නිසා වෙන්න ඇති. දෑන් කරුවලත් වෙලා නිසා පාරේ සත්තුත් ඇති. විහස්ව තනියම යවන්න මට හිතක් තිබුනේ නෑ.

"ඒකට කමක් නෑ මහත්තයා... මට තනියම ගියැහැකි
මම ගියපු නැති පාරක්යැ. මහත්තයා මාව ඇරළවන්න ආවොත් මහත්තයව ඇරලවන්න ආපහු කෙනෙක් එවන්න වෙයි"
විහස් කිව්වේ හිනාවෙවී.. ඒකත් ඇත්ත මේ ගම ගැන මට වඩා විහස් දන්නවා නේ

"ඔහොම ඉන්නකෝ"
මම එහෙම කියාගෙන ගේ ඇතුළට ගිහින් කුඩයක් අරන් ආවා.

" ආහ් මේකත් අරන් යන්න. තවම හීනියට පොදයක් යනවා නේ"

මම විහස්ට කුඩේ දුන්නාම ඔහු එය අරගෙන මට ස්තූති කරලා එළියට ගියා. මගේ කළු පාට ලොකු කුඩේ යටින් මට ගමේදි හම්බ වුන සුදු නෙළුම තෙමී නොතෙමී යන දිහා මම ගේ දොරකොඩ ලඟ හිටගෙන බලාගෙන හිටියේ 'මටත් යන්න තිබ්බා නම්' කියලා හිත දුක් වෙද්දි.

"ඔබ නෙළුම් මලක් වාගේ
ලස්සන වැහිබර කාලේ
මට හදිස්සියෙන් වාගේ
හමු වූ..~"

විහස් ඈත නො පෙනකන්ම බලාගෙන ඉඳපු මම ගේ ඇතුළට ආවේ මූණත් එල්ලගෙන. මට කොහේවත් තිබුණ පාළුවක් එක පාරටම දැනෙන්න ගත්තා. ඇඳට නැගලා ඇස් පියාගෙන නිදා ගන්න හිතුවත් ඇඳේ පැත්තක් තෙතට දැනෙද්දි මම බැලුවේ ඒ මොකෝ කියලා.

වහලේ තිබුණු සිදුරකින් ඇඳට වතුර වැටෙනවා කියලා මම එවෙලෙයි දැක්කේ. මම ඇඳෙන් නැගිටලා ඇඳ වතුර වැටෙන තැනින් ටිකක් එහාට ඇදලා ඇඳට අලුත් රෙද්දක් දැම්මේ කලින් තිබුණ රෙද්ද වතුර වැටිලා හොඳටම පෙඟිලා තිබුණ නිසා.

ගමක ඉන්න එක කොච්චර දුෂ්කරද කියලා මට දැන් තේරෙණවා. ඒ උනත් ඒ දුෂ්කර කම ම මට මෙහෙ ඉන්න එකේ ආසාව වැඩි කලා මිසක් එයින් දශමයක් වත් අඩු උනේ නම් නැහැ.

ගමේ ගෙවුන සුන්දර දවස් කීපය ගැන හිත හිතම මම නින්දට වැටෙන්න ඇති. උදේ වෙනකොට වැස්සේ සළකුණක් වත් ඉතිරි නොකර හොඳට පායලා තියෙද්දි මම ඉක්මනට මූණ කට හෝදගෙන ඉස්කෝලෙට යන්න ලෑස්ති වෙන්න ගත්තා.

බෑග් එකට කබඩ් එක උඩ තිබුනු පොත් වගයක් දාගෙන වහලෙන් වතුර වැටිලා තියන තැන දිහත් බලාගෙනම මම ගෙදරින් එළියට බැස්සා.

ඉස්කෝලෙට ගියයින් පස්සේ වැඩ ගොඩයි. ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් බාළම කෙනා මම. ඒක නිසා වැඩ කරන තැන හැමෝම වගේ මට ගොඩක් උදව් කලා.

මට සංගීතයට අමතරව ඉංග්‍රිසි , විද්‍යාව විෂයන් දෙකත් උගන්නන්න තිබ්බා. ඊළඟට තිබ්බ කාලච්ඡේදයට යන්න ඕන නිසා මම අට ශ්‍රේණිය පන්ති පැත්තට යන්න හැදුවත් මගේ කකුල් නැවතුනේ විදුහල්පති මහ සද්දෙන් කෑගහනවා ඇහුන නිසා.

"මලිත් මොකද මෙතන කරන්නේ"
විදුහල්පති නැටුම් කාමරයට එබීගෙන හිටිය කොල්ලෙක්ට මහ හයියෙන් කෑ ගහද්දි මට ඉබේටම ඒ පැත්ත බැලුනා

"මොනාද බලන්නේ... ඇතුළේ පෙරහැරක් යනවද?"

"ඔව් සර්.... න්..නෑ සර්.."
කොල්ලා හිටියේ විදුහල්පති තුමාට බය වෙලා ගැහෙන ගමන්. වචන පටලවන ගමන් උත්තර දෙද්දි වටේ හිටපු උන් ඔක්කොම ඌට හිනා උනා.

විදුහල්පති සැර බැල්මක් දාලා ඒ කොල්ලට වේවැලෙන් දෙපාරක් ගැහුවේ පුපුරන තරම් වේගෙකින්.

"මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඬන්නේ ?"
අඬන ගමන් හිටිය කෙල්ලගෙන් නැටුම් කාමරේ හිටිය වයසක මිස් කෙනෙක් සද්දෙන් කෑ ගහලා ප්‍රශ්ණ කරද්දි මම තවත් එතන නොයිඳ මට අදාල පන්තියට ගියෙමි.

'ඔය වයසේ ලව් කරන්නැතුව ඉතින් නාකි වෙලා ලව් කරන්නයෑ'අර කොල්ලට කෙල්ල දිහා බලාගෙන හිටපු නිසා සියඹලා කෝටුවකින් ගහපු සැර විදුහල්පති ව මතක් උනාම මට හිතුණා.

මට මතක් උනේ විහස්ව.. විහස් මොනා කරනවා ඇත්ද විහස් කෑවද දන්නෑ විහස් ගෙදරද විහස්ට වයස කීයක් විතර ඇත්ද විහස්ව මට ආයිත් හම්බ වෙයිද විහස් විහස් විහස් මට ආව හැම සිතුවිල්ලක්ම විහස්ටම සින්න වෙලා තිබුණා.

වියස්ට වයස විස්සක් විතර ඇති මට නිකමට හිතුණා. සිතුවිලි අතර ගිලිලා ඉන්න අතර තුරම සීනුව නාද කරපු නිසා මම බෑග් එකත් අරගෙන ඉස්කෝලෙන් එළියට ආවා.

මඟදි අඹ කඩපු කොල්ලො ටිකත් මට හම්බ උනා මම පොඩි උන් ටිකට අත වනලා ඉක්මනට ගෙදර ආවේ වහලේ හදා ගන්න ඕනේ නිසා. නැත්තන් එහෙම අදත් වැස්සොත් නාගෙන තමා නිදා ගන්න වෙන්නේ.

ගේ ඇතුළට ගිහින් තෙමුණු රෙදි ටිකයි ඊයේ විහස් හෝදල තිබුණු රෙදි ටිකයි ඔක්කොම වේලෙන්න දාලා මම වහලේ දිහා බලාගෙන ගේ ඉස්සරහට වෙලා හිටගෙන හිටියේ වහලේ හදා ගන්න ඕනේ උනත් වහලේ හදා ගන්න කිසිම අදහසක් නො තිබ්බ නිසා.

"ඇයි අහසේ මොනාද තියෙන්නේ"

මගේ උරිස්ස හරියෙන් හීනි කටහඬක් ඇහුනාම මම එහා පැත්ත බලද්දි විහස් මම වගේම උඩ බලාගෙන හිටියා. එයාව දැක්කාම මට හිනා යන්න ආවත් මම දත කාගෙන හිටියේ මුකුත් නොකියා. 'මේ කොල්ල මෙච්චර හුරතල් උනේ කොහොමද' එයා තාමත් අහස දිහා බලාගෙන මමත් නොදන්න මොනාද දෙයක් හොයනවා...

"අහසේ නෙවේ... මගේ වහලේ හිලක්.. මාව වැස්සට තෙමෙනවා " මම කට හුරතල් විදියට බෙරි කරගෙන කිව්වාම එයා මං දිහා බලන් හිනා උනා.

"වහලෙට නගින්න වෙයි හදන්න නම්"

"හ්ම්ම් ඒක තමා... මට උදව් කරනවද ?"

"මේක තියා ගන්නකෝ"
මම ඇහුවාම එයාගේ අතේ තිබුනු ඊයේ මගෙන් ඉල්ල ගත්ත කුඩේ ආපහු මගේ අතේ තියලා කොහෙදෝ යන්න හැදුවා.

"ඔයා කොහෙද යන්නේ?"
මේ කොල්ලා වහලෙට නගින්නද යන්න හදන්නේ... වැටුනොත් එහෙම අණ්ඩක් කඩාගෙන තමා නවතින්නේ, ඒත් එයා ගියේ වහලෙට නගින්න නෙවේ...

"ඔයාට පියාඹන්න පුළුවන්ද?"
විහස් මගෙන් ඇහුවාම මට තේරුම් ගන්න බැරි උනා මොනාද එයා මේ අහන අපබ්‍රංස කියලා.

මතු සම්බන්ධයි.

Continue Reading

You'll Also Like

213K 23.7K 74
නුඹ නිසා දැවුණි.....💙 නුඹෙන් මා නිවෙමි......💙
45.8K 107 4
အထဲမှာပြီးပေးဟာ နင့်လရည်တွေ ငါ့စောက်ပတ်ထဲ အပန်းခံချင်တယ်ဆိုပြီး လုံးမထပဲ လီးပေါ်တက်ထိုင်ပြီး သူ့စောက်ပတ်ထဲမှာ တထစ်ထစ်ဖြစ်နေအောင်ကို တက်နှဲ့နေတော့တာ
81.7K 7.4K 37
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ...
5.8K 419 14
my unbelievable destiny 😳💓