-02-

685 60 9
By amorist_sharu

එදින තවත් එක් දේශපාලන විද්‍යාව පන්ති තිබුනු දවසකි.පන්තිය පටන් ගැනීමට පැය භාගයක් ඉතුරු වී තිබුනද මෙන්ටො සෙන්ටර් හි පොලිටිකල් සිසුන් තැන් තැන් වල රැස්වී කතා කරමින් සිටියෝය.ඇහැළ ගස යට තනි බංකුවේ රතු පැහැති දණහිස දක්වා දිගු ගවුමක් ඇද දණහිස දක්වා දිග කොණ්ඩයද ප්‍රංශ කොණ්ඩ ගෙතීමේ ක්‍රමයකට තනි කරලකට ගොතා තමාගේ බෑගයද උකුළේ තබාගෙන දොළහ ශ්‍රේණීයට අනියුක්ත දේශපාලන විද්‍යා විෂය නිර්දේශය කියවමින් සිටි ආශ්වී මෙනුශිත්‍යා අසල සිටි වාණිජ සිසුන්ගේද අවධානය දිනාගත්තද ඇයට ඒ බවක් හැගුනේ නැත.

" ආශ්වී... "

නිදහසේ පොත කියවමින් සිටි මෙනුශිත්‍යාට ඇගේ පළමු නම කවුරුන් හෝ කියනවා ඇසු හෙයින් ඈ හිස ඔසවා ඒ කවුදැයි සෙවීය....ඒ විට ඈ දුටුවේ පෙරදිනකදී තමා කැමති වර්ගයේ යැයි පැවසූ ධීර තමා අසල සිටගෙන සිටින බවයි.

" ආ...කියන්න.. "

" ඔයාට කොල්ලෙක් ඉන්නවද?...විනුශ ටිකක් අවුලෙන් ඒකට..ඒකයි මන් ඇහුවේ..ඌ පණිවිඩ කියන්න මාව එව්වේ නැහැ.. "

" නැහැ... "

" හ්ම්ම්...විනුශට අකමැති ඇයි කියලා මන් දන්නේ නැහැ..ඒත් ඌව මගාරින්න එපා..අපි උගේ හිත හදන්න බලන්නම්.. "

" හරි... "

ධීර අවසන් වචන කිහිපය වෙනතක් බලාගෙන කීවේය.මෙනුශිත්‍යා හට කොල්ලෙක් සිටින බව විනුශ කී අවස්ථාවේ සිට අමුතු හැගීමක් තමාව වෙළාගත් බව ධීරට පිළිගන්නට වූවද ඔහු එය පිළිගැනීමට කැමැත්තක් නොදක්විය.එහෙත් මෙනුශිත්‍යාගෙන් අසා සැක හැර දැනගත් විට ධීර හට සැනසුමක් දැනුනාක් මෙන් දැනුනි.පෙර සුළගද මූසල වුනද මේ වනවිට සුළග යථාතත්වයට පැමිණ ඇතැයි සිතූ ධීර සිත යටින් සිනහ විය.

තවත් එතැන සිටියොත් ඔවුන් දෙසට ගලා එන අවධානය වැඩි වන නිසා මෙනුශිත්‍යා දෙස නැවත එක්වරක් බලා ධීර එතනින් පිටත් විය.ඈත සිට මෙන්ටො සෙන්ටර් වෙත පැමිණෙනවා දුටු විනුශව දැක ධීර ඔහුගේ බෑගයෙන් එක්තරා පොතක් ගෙන විනුශ දෙසට ගියේය.

" මේන් ලිලැක් පොත..මට සතියකින් හම්බුනොත් ඇති.. "

" එයා ගෙනත් දෙවී...ඩොන්ට් වොරි ඒ ගැන.. "

" හ්ම්..මන් යනවා අපේ උන් හම්බෙලා එන්නම්.. "

විනුශගේ අතට යේෂා ෆර්නැන්ඩු විසින් රචිත ලිලැක් පොතෙහි පිටපතක් ලබා දී ධීර හැකි විගස පිටවිය.ඒ ඔහුගේ පාසලේ මිත්‍රයින් හමුවෙන්න යැයි බේගලක් ඇදබාය.මේ දිනවලදි ධීරගේ හැසිරීම යම්තාක් දුරට වෙනස් වී ඇති බව විනුශට වැටහුනද ඒ මන්දැයි අසා වදදීමට ඔහුට අවශ්‍ය නොවුනි.විනුශ වූ කළ එ තරම් පොත්පත් වලට ලැදි වූයෙක් නොවේ.අධ්‍යාපන කටයුතු වලදී දීප්තිමත් ශිෂ්‍යයෙක් වුවද ධීර මෙන් පොත් ලෝකයේ ජීවත් වූයේ නැත.ලිලැක් නම් වූ පොත විනුශට අවශ්‍ය වූයෙ ඔහුට කියවීමට නොව,පෙරදිනක මෙනුශිත්‍යා එම පොත කියවන්නට කැමති යැයි වැරදීමෙන් කියූ නිසාය.

කෙතරම් 'පොරක්' ලෙස හැසිරුනද මෙනුශිත්‍යා ඉදිරියේදි විනුශගේ කකුල් වෙව්ලීම සිසුන් අතර ප්‍රසිද්ධ කරුණකි.මෙන්ටො සෙන්ටර් උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රසිද්ධම ප්‍රේමවන්තයා විනුශ මෙත්සළ නම් විය.මෙනුශිත්‍යා හට පොත ලබාදිය යුතු වුවද එය ලබාදීමට යෑමට සිතක් විනුශට නොතිබුනි.තමා රහසේ මෙනුශිත්‍යා දෙස බලා සිටියද කුමෙකු හෝ බුරූවෙක් විනුශ පිළිබදව මෙනුශිත්‍යා ට පවසා තිබූ නිසා විනුශ මෙනුශිත්‍යා අසලට යෑමට අදිමදි කළේය.

" දැන් ඇඹරෙන්නැතුව ඕක දීලා වරෙන්.. "

" එහෙම කමක් නැද්ද?... "

" දීලා වරෙන් බන්...කමකක් ගැන අහන්නේ.. "

විනුශගේ වෙනත් මිතුරෙක් ඔහුව ඇසළ ගහ යටට තල්ලු කරේය.එක් අතකින් පොතද අල්ලාගෙන අනිත් අතින් බෑගයේ පටිය තද කරගෙන හිස කෙලින් කරගෙන විනුශ මෙනුශිත්‍යා අසලට ගොස් උගුර පෑදුවේය.

" මේක ඉල්ලගත්තේ මගේ යාලුවෙක්ගෙන්...ලයිලැක් එක වෙන දවසක ගෙනත් දෙන්නම්.. "

" තැන්ක්ස්...මන් හෙට ගෙනත් දෙන්නම් මේක... "

" හරි...බිග්මැච් එකෙදි ඔයාව හම්බෙන්න තිබ්බා නම් හොදයි කියලා හිතුනා..ඒත් එන්න පුලුවන්ද? "

" මම එන්න තමා හිතන් ඉන්නේ..බැරි උනොත් ඔයාට මැසෙජ් එකක් දාන්නම්කෝ.. "

" හරි එහෙනම්..පස්සේ හම්බෙමු...බායි... "

විනුශ එසෙ කියා ඇහැළ ගස යටින් පිටවිය.කොනක සිට මේ දෙස බලා සිටි එක්තරා වාණිජ අංශයේ කොල්ලෙකු කී කතාව ඔහුගේ අවාසනාවකටවත් විනුශ හට ඇසුනා නම් ඔහුගේ කන හරහා පාරක් යනු නිසැකය.

" ධීර × මෙනුශිත්‍යා × විනුශ..මොනා නැතත් පට්ට තුන්කොන් ප්‍රේමෙ මචාන්.. "

" ඇහෙන්න කියලා කන පලාගනින්කෝ උබ..ධීර එහෙම නෑ බන්.. "

එසෙ එම කොල්ලන් දෙදෙනා කොණේ සිට මිමිණිය.

Continue Reading

You'll Also Like

Galaxy Love✔️✔️ by Jessica Frost
3K 739 26
මිනිස්සු අපි ගැන දන්නේ නෑ.... ඒත් අපි ගොඩක් දේවල් කරන්නේ මිනිස්සු වෙනුවෙන්... Voltron.....ගොඩක් ලස්සන කතාවක්...ඒකේ චරිත මුල් කරන් තමා මම මේක ලියන්නේ...
දෙහදක් - Heartstrings by Ridma Sewwandi
196K 10K 58
කේශව ❤️ චාන්‍යා (COMPLETED)
ආදරේ සොයා by Secret writer
28.7K 1K 45
ආදරේ හොයාගෙන යන අවිහිංසකාවියක්.... ඇය සොයන ආදරේ ඇයට හමු වේවි ද...
8.3K 473 43
"මන් හිතන්නේ නැ..ඔයාව අමතක වෙන්න නම් මැරිලා ඉපදෙන්න ඕනේ.." 2024.08.15