BROKEN MIRRORS | SEPALIKA SID...

By cHerRy_MinShi_

1.8M 201K 146K

" තමුසෙ නම් මහ එපාකරපු මිනිහෙක් ඕයි" " උඹ කියලා වෙනම හොඳද.." " ඕක නවත්තගනිල්ලකො බං.. රධ්ය මම යනවා.. ඕන ලබ්බක්... More

චරිත හැඳින්වීම
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
62 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
66 කොටස
67 කොටස
68 කොටස
69 කොටස
70 කොටස
71 කොටස
72 කොටස
73 කොටස
74 කොටස
75 කොටස
76 කොටස
77 කොටස
78 කොටස
79 කොටස
80 කොටස
81 කොටස
82 කොටස
83 කොටස
84 කොටස
85 කොටස
86 කොටස
87 කොටස
88 කොටස
89 කොටස
90 කොටස
92 කොටස
93 කොටස
94 කොටස
95 කොටස
96 කොටස
97 කොටස
98 කොටස
99 කොටස
100 කොටස
101 කොටස
102 කොටස
103 කොටස
104 කොටස
105 කොටස
106 කොටස
107 කොටස
108 කොටස
109 කොටස
110 කොටස
111 කොටස
112 කොටස
113 කොටස
114 කොටස
115 කොටස
116 කොටස
117 කොටස
118 කොටස
119 කොටස
120 කොටස
121 කොටස
122 කොටස
123 කොටස
124 කොටස
125 කොටස
126 කොටස
127 කොටස
128 කොටස
129 කොටස
130 කොටස
131 කොටස
132 කොටස
133 කොටස
134 කොටස
135 කොටස
136 කොටස
137 කොටස
138 කොටස
139 කොටස
140 කොටස
141 කොටස
142 කොටස
143 කොටස
144 කොටස
145 කොටස
146 කොටස
147 කොටස
148 කොටස

91 කොටස

12.7K 1.2K 1.1K
By cHerRy_MinShi_

" මොකද තව්සෙ හිනාවෙන්නෙ..!!!"

මම ටවල් එක ගුලි කල්ලා ඒකෙන් අයුක අයියට දමලා ගැහුවා.. මේ අවලං ලේනා අවදි වෙච්ච වෙලවෙ ඉඳලා තොලකුත් හපාගෙන මනමාල විදියට හිනාවෙනවා මට පුදුම කේන්තියි හු#ත..

" කව්ද හිනාවුණේ.. මම හිනාවුණේ නෑ.."

" මොකක්ද..??!!"

අයුක අයියා මොකුත් ඇහුණෙ නෑ වගේ ක්ලෝසෙට් එකෙන් වී ශේප් කරක් තියන රතුපාට ශර්ට් එකක් උස්සන් ඇවිත් ඒක මගේ බෙල්ලට දැම්මා.. මම උගේ ගෝත මූණ දිහා රවාගෙන බලාගෙන ඉන්න ගමන් අත් දෙකත් දාගෙන හරියට ඇඳුම ඇඳගත්තා.. 

" මේක හොඳයිද..?? ආම් කට් එකක් දෙන්නද.."

"....."

 " Well, this is good.. You like it..??"

මෝඩ ලේනා මගේ කම්මුල් දෙක චප්ප වෙන්න මිරිකලා මාව බදාගත්තා.. මම ඌව එහාට තල්ලු කල්ලා ඇඳෙන් ඉඳගෙන කොට්ටයක් පපුවට තියාගෙන ඇඳේ පෙරළුණා.. මම අද කොහෙවත් යන්නෙ නෑ.. 

" ආහහ්..!! මගේ ඇඟ රිදෙනවා.. මට උණ වගේ මගේ බෙල්ලයි අතයි කකුලයි පපුවයි ඔලුවයි ඔක්කොම රිදෙනවා.. මම මැරෙයි.."

" මැරෙන්න මොකක්ද වුණේ.."

" දන්නෑ.. මට උණ වගේ.. මගේ ඇඟ රස්නෙයි.."

අයුක අයියා මං ගාවින් හාන්සි වෙලා ඔලුව එක අතකටබර කරගෙ බලාගෙන හිටියා.. මම කොට්ටෙ අස්සට මූණ ගහගත්තා.. සිරාවටම උණ ගන්න වගේනෙ.. මට නින්ද ගිය වෙලාවෙ මොකුත් වුණාද.. මට හිතේ සැකේ නිසා එහෙටයි මෙහෙටයි ඇඹරිලා බැලුවා.. එහෙම එකක් නෑ.. මගේ හිතට උණ හැදිලා.. මේ මෝඩ ලේනා ඇඟ උඩ නැගගෙන ඇඟ හපලා හැමතැනම රතු වෙලා දෙන්න හිතෙනවා පුපට පයින් එකක්.. එක්කො මූ මගෙන් පලිගන්නවද දන්නෙත් නෑ.. ටිකකින් අයුක අයියා මාව බදාගෙන ශර්ට් එක අස්සෙන් අතක් දමාගෙන පපුව අතගාන්න ගත්තා.. අතගානවා නෙමේ මුගෙ තියන වලත්තකම ඒකට කියන්නෙ.. මම ටික්ල් වෙන නිසා අයුක අයියගෙ අත් දෙක ගලවගන්න බැලුවා..

" Why is your chest so warm.??"

" ඒකවත් දන්නැද්ද.. එහෙම වෙන්නෙ එපිනෙෆ්‍රීන් නෝර්පිනෙෆ්‍රීන් ඇඩ්‍රිනලින් නිසා.. කොමස් කළාම කොහොමත් ඒවා දන්නෑනෙ ඉක්කෙ සුදුඅයියෙ.."

අයුක අයියා මාව ළඟට කරගෙන තුරුල් කරගත්තා..

" ඒවගෙන් මොනවද වෙන්නෙ.."

මම ගෝත ලේනට බයෝ පාඩම් කියලා දෙන්න ඒ පැත්තා හැරුණා.. අයුක අයියා මගේ ශර්ට් එක උඩට කල්ලා ඇඟේ හැමතැනම රතු වෙලා තියන පැල්ලම් ඇඟිලි තුඩු වලින් අතගාලා පපුව මැද්දට තොල් තියාගෙන හිටියා.. එතකොට සීතල හුස්ම ඇවිත් මගේ පපුවෙ වදිනකොට මගේ ඇඟ පුරාම් අකරන්ට් එකක් දුවනවා වගේ දැනෙනවා..

" When you're in LOVE, your brain releases chemicals that can cause this feeling.. These chemicals include adrenaline, epinephrine, and norepinephrine, which are released by the brain and cause your heart to beat faster and stronger.. Adrenaline's physical effect is to increase your heart rate, which pumps more oxygen into your muscles.. අනිත් එක නියුරොකෙමිකල්ස්.. අපි ආදරේ කරනකොට ඇඟේ ප්ලෙශර් සර්කිට් එකෙන් ස්නායු රසායනික ද්‍රව්‍ය හැදෙන්න ගන්නවා.. ඒවගෙ එන්ඩොර්ෆින්, එන්කෙෆලින්, සෙරොටොනින්, ඇනැන්ඩමයිඩ් තියනවා.. ඊළඟට හෝමෝන්ස්.. ඒවගෙන් තමා ඇඳ උඩ හාවො ගණන් කරන්න හිතෙන්නෙ.."

" is it..??"

අයුක අයියට ඒවගෙන් මෙච්චරක්වත් තේරුණා කියලා මටනම් හිතෙන්නෙ නෑ.. ඒ මිනිහට වෙන පිස්සුවක් හැදිලා මගේ ශර්ට් එක අස්සට මූණ ඔබාගෙන ඉන්නවා මෙලෝ දෙයක් අහගෙන ඉන්නෙ නැතුව.. කොමස් කළහම කොහෙද එව්වා තේරෙන්නෙ.. මූ දන්නෙ සමාගම් ගාණ බැලන්ස් කරන්න විතරනෙ.. ආශි දවසක් කිව්වෙ 'ඔය බැලන්ස් කරන වැඩේනම් එච්චර හොඳ නෑ සෙනුක කව්ද දන්නෙ මේ මිනිස්සු අපිවත් මෙහෙම බැලන්ස් කරයිද කියලා තව එකෙක් එක්ක'.. එහෙම බැලන්ස් කරන්න ගත්තොත් තමයි අයුක අයියට ජීවිත කාලෙටම බැලන්ස් නැතුව, කණත් නැතුව ඉන්න වෙන්නෙ.. කෑලි කෑලි වලට කපලා ලංකාවෙ හැම ගංගාවකටම දාගෙන යනවා කෑල්ල ගාණෙ.. 

මමයි, දැනට හොඳට බැලන්ස් තියන අයුක අයියයි, බයෝ පාඩමෙන් පස්සෙ පහලට ගිහින් දවල්ට කෑම කාලා උන්දැගෙ කාර් එකෙන් රධ්‍ය අයියලගෙ ගෙදර එන්න ආවා.. බයික් එක හෙට ඉස්කෝලෙට යන ගමන් ගිහින් අරගෙන, ඉස්කෝලෙ සාගා ප්‍රැක්ටිස් ඉවරකල්ලා, ස්ටුඩියෝත් ගිහින් ක්ෂිතිජ අයියට දෙන්න පුළුවන් නෙ.. කොහෙද මේ ගර්භණී සමය පසුකරන අයුක අයියට බයික් එකක් දැක්කත් පැත්තක් පැරලයිස් වෙනවා.. මම කාර් එකේ පැසෙන්ජර් සීට් එකට වෙලා අයුක අයියගෙන් ෆෝන් එක ඉල්ලගෙන චමිරුවට මැසේජ් එකක් දැම්මා.. අද ජොනායි නරාසුයි චමිරුවයි තුන්දෙනා එක්ක රෑට ක්ලබ් යනවලු.. මටත් එන්න කියලා කිව්වට අපේ අම්මගෙ බඩු මල්ලත් උස්සන් ගෙදර යන්න එපැයි.. වෙන දවසක යනවා කියලා හිත හදාගත්තා.. අරවින්ද ටික කාලෙකට ස්කූල් ලීවර්ස්ලට බෑන්ක් වල වැඩ කරන්න පුළුවන් නිසා ඒකකට ඇප්ලයි කළා කිව්වා.. කොළඹ ආපු එකේ සාගා එකේ ප්‍රැක්ටිස් දවස් දෙකතුනක් ඉඳලා අම්මවත් බලලා ආයෙම එනවා කිව්වෙ.. උගේ අයියණ්ඩි ගැන ආරංචියක් නෑ.. අයුක අයියා ඒ ගැන මට කිව්වෙත් නෑ.. අරවින්දගෙන් ඇහුවම අරවින්ද කිව්වා අයියා නෑ කියලා හිත හදාගෙන ඉවරයි දැන් එයා ආවත් නැතත් අරවින්දට හිතේ කිසිම සතුටක්වත් දුකක්වත් නෑ කියලා.. මට නම් අරවින්දයා මේ ඉන්න ව්දිය ගැන හෙන බයයි.. මූ ඔක්කොම දමලා ගහලා මහණ වෙන්නවත් යයිද මන්දා.. හෙනම කලකිරුණ, නිවිච්ච මානසිකත්වෙකින් ඉන්නෙ.. චමිරු, ජොනතන්ලා එක්ක ඉන්න නිසා අරවින්ද ලොකුවට ජොනා එක්කත් කතාකරන්න ආවෙ නැහැල්ලු.. ඒත් ජොනා කිව්වෙ වෙලාවක් හම්බුණාම අරවින්දයව බලලා එනවා කියලා.. 

" වීකෙන්ඩ් එකේ කැප්‍රි යන්නද.."

" කැප්‍රි.. ක්ලබ් යන්නද හදන්නෙ..??"

" එපාද.."

" ගියාට කමක් නෑ.. කව්ද තව එන්නෙ.."

" රගර් ටීම් එකයි, ක්‍රිකට් ටීම් එකයි, ෆුට්බෝල් ටීම් එකයි.."

දැන් ඉතින් ජ්නානෙ ක්‍රිකට් ටීම් එකේ කැපාට ඉන්නෙ.. අයුක අයියලගෙ ඩියුටීස් ඔක්කොම අහවර වෙලා නිසා ඒගොල්ලො ක්ලබ් වල වෙන දේවල් දන්නෙ නැතුවැති.. හුඟක් අය කැම්පස් යන්න බලාගෙන ඉන්න නිසයි, සමහරු රට යන නිසයි මේ කාලෙ හුඟක් බිසී..

" ඔයාලගෙ වයසෙ අය නේද ඔක්කොම ඉන්නෙ.."

" නෑ මම හිතන්නෙ කියාන් අයියලත් එනවා.. ඔයා ටෙලිග්‍රෑම් බලන්නෙ නෑනෙ.. මේ ඔයාටත් ඉන්වයිට් කල්ලා මැසේජ් එකක් එවලා.."

මම අයුක අයියට මැසේජ් එක පෙන්නුවා..

" යමුකො.."

" බලමු.."

" යනවනේ.. මම හා කිව්වා.."

මම අයුක අයියා එනවා කියලා මැසේජ් එකක් යැව්වා.. 

" සුදූ.. අරවින්ද ඔයාට මොනවහරි කිව්වද.. ළඟදි හම්බුණේ නෑනෙ.."

" ම්ම්.. එක්සෑම් දවස්වල හම්බුණා.. එතකොට විශේෂ දෙයක් කිව්වෙ නෑ විශ් කළා.. තව ඔයාව මතක් කරන්න කිව්වා.. අම්මට හුඟක් සනීපලු.. මේ මාසෙ බැන්ඩේජ් අයින් කරන කතාවක් කිව්වා ඇස්වල.."

" චමිරු එදා කතකළා මාත් එක්ක.. චමිරු එක්සෑම් එක දවස්වල අරවින්ද එක්ක කතාකරන්න ට්‍රයි කල්ලා.. මහ ලොකු දුරක නෙමෙයිනෙ එයාගෙ ඉස්සරහා ඩෙස්ක් එකේලු හිටියෙ.. චමිරු චිට් එකක් දීලා සොරි කියලා ලියලා.. අරවින්ද ඒක එහෙමම ඩෙස්ක් එක උඩ තියෙද්දි ගෙදර ගිහින්.. බලලවත් නැතුව.."

" ඊටපස්සෙ..??"

" තව කීපසැරයක්ම කතාකරන්න ට්‍රයි කළාට අරවිද කතාකල්ලා නෑ.. චමිරුට තරුවි එක්ක යාළුවෙන්න කලින් අරවින්ද එක්ක තිබ්බ එෆෙයා එකට හොඳ අවසානයක් දෙන්න ඕනලු.. බ්‍රේකප් වෙනවා කියලවත් හරිහැටි කියාගන්නෙ නැතුවලු ඒ දෙන්නා වෙන් වුණේ.. ඒත් සුදූ, තරුවි..?? මූ එතනත් කරන්නෙ බොරුවනෙ.."

" ඔයා කියන්නෙ චමිරුට තරුවි ගැන හැඟීමක් නෑ කියලද.." 

අයුක අයියා නිල් පාට ශේඩ්ස් දෙක පන්නලා ඒක ඇඳුමෙ රඳවගත්තා..

" Exactly.. I know him very well.. ටික කාළයක් ගිහින් චමිරු කරන්නෙ මොකක්ද දන්නවද.. I bet you තරුවිව ඔයාගෙ ඇඟේ ගහලා ඕකා මාරුවෙනවා.. 

" එයාට මේක හැමදාම කරන්න බෑ..!! What the fuck is he doing.??"

" මෙහෙමයි.. සුදූ ෂනෙරුට කියන්න එපා.. චමිරු කැමති ෂනෙරුට.."

" අහ්-හා..!! මම හිතුවා.. ඉතින්..??"

" චමිරුට දුකයි රධ්‍ය ෂනෙරුට ආදරේ නිසා.. එදා මාත් එක්ක කිව්වා හැමෝම සතුටින් ඉද්දි එයාට විතරක් සතුටක් නැහැල්ලු.. ඒත් චමිරු ෂනෙරු එක්ක යාළුවුණත් එයාට වෙන්නෙත් අරවින්දට වුණු දේම තමයි.. ඕන්නම් ටිකක් දිග කාලෙකට ආදරේ කරයි.. සුදූ.. ෂනෙරුට ඕන එයාගෙ ප්‍රශ්ණ දාහෙන් එකකට හරි උත්තර දෙන්න පුළුවන් කෙනෙක්ව.. Without any doubts, Radhya is the man he wants.. මම ෂනෙරුගෙ ප්‍රයිවට් ලයිෆ් එක ගැන හුඟක් දන්නෙ නෑ.. ඒක හොයන්න අවශ්‍යත් නෑ.. ඒත් හිතෙනවා එයාටත් ජීවිතේ හුඟක් ප්‍රශ්ණ තියන කෙනෙක් කියලා.. 

ඔයාට පුළුවන් වුණාට ගිහින් අපේ සීයත් එක්ක කතාකරන්න, අපේ පවුලෙ දේවල් එක්ක හැප්පෙන්න, ඇඟට කවුරුහරි අතක් තියන්න ආවොත් බය නැතුව කණේ පාරක් ගහන්න, මගේ පෞද්ගලික ප්‍රශ්ණ ඉවසගන්න, ස්ටඩීස් බැලන්ස් කරගන්න ෂනෙරුට ඒවා කරගන්න තරම් මානසික ශක්තියක් නෑ 'දැනට'.. මම එයාව අන්‍ඩරෙස්ටිමේට් කරනවා නෙමෙයි හරිද.. මම පැහැදිලි කරන්නෙ චමිරු ෂනෙරු කම්බිනේශන් එක ගැළපෙන්නෙ නෑ කියලා පෙන්නලා දෙන එක විතරයි.. මම චමිරුගෙ හාෆ් බ්‍රදර්.. චමිරු ඉපදුණ කාලෙ ඉඳන් මම එයාව දන්නවා.. කොච්චර නරක චරිතයක් වුණත් චමිරු හැමදාම මට මල්ලි වගේ දැනුණෙ.. එයා කරපු කියපු දේවල් හැම එකක් වෙනුවෙන්ම මම ඒ මොහොතෙම එයාට සමාව දෙනවා.. මමයි චමිරුයි මූණ දෙන සමහර ප්‍රශ්ණ හුඟක් එක වගේ.. එයාගෙ පේරන්ට්ස්ලා හිටියත් එයාට ඒක දැනෙන්නෙ නෑ.. ගෙයක් අස්සට හිර වෙලා, අපිටවත් දරාගන්න බැරි නීති එක්ක, ප්‍රශ්න එක්ක, වගකීම් එක්ක හැදෙනකොට එයාට එහෙම වෙන එක සාධාරණයි.. 

අරවින්දට ඔයා හිටපු නිසා, මම හිටපු නිසා, එයාට උදව් ලැබුණ නිසා, හිතට හයිය තියන නිසා, එයා කොහොමහරි අල්ලගෙන ඉන්නවා.. ෂනෙරු..?? මම දන්නෑ වත්සල් මේ කියන ඒවා හරිද කියලා ඒත් ෂනෙරු සොෆ්ට් හාටඩ් කෙනෙක් නෙමෙයිද..?? එයාට බෑ චමිරුගෙ ඔක්කොම නොසන්ඩාල වැඩ ඉවසගෙන ඉන්න.. චමිරු දන්න ආදරේ ඇඳට ගොඩ වෙන එක විතරයි.. එයාට ඒකට ඕන හොඳට දැනෙන ඇඟක් විතරයි.. ඔයාට මතක ඇතිනෙ ඔය අරවින්දම එදා වොශෲම් එකේදි චමිරු එක්ක හිටියෙ-God this is so embarrassing.."

" ම්ම් ම්ම්.."

" මම කියන්නෙ It's just Shaneru and Aravinda are just two boys of the type that Chamiru wants.. කවදහරි දවසක චමිරුට තේරෙයි ආදරේ කියන්නෙ මොකක්ද කියලා.. ඒ ඔයා හොඳ යාළුවෙක් විදියට එයා ගාවින් ඉන්න නිසා වෙන්න පුලුවන්, සමහරවිට ෂනෙරුම වෙන්නත් පුළුවන්, අරවින්ද වෙන්නත් පුළුවන්.. රධ්‍ය කේ ඩී යූ ගියාම චමිරු තව බලාපොරොත්තු තියාගනී ෂනෙරු ගැන.. අනික ඒ දෙන්නම ටොප්බෝඩ් එකෙත් ඉන්නෙ එකට.. මට චමිරු ගැන හුඟක් දුකයි.. කණගාටුයි.. එයා කෙනෙක්ට ආදරේ කරනවනම් ඒ කෙනා මොන ලෝකෙන් හරි ගෙනැත් දෙන superhero brother කෙනෙක් වෙන්න මමත් කැමතියි.. ඒත් රධ්‍ය, You know how much he means to me .. රධ්‍ය ෂනෙරුට පිස්සුවෙන් ආදරෙයි.. මම හරියට සහෝදරයො දෙන්නෙක් මැද්දෙ අතරමං වෙලා වගේ.. චමිරු කියනවා ෂනෙරුව ගෙනැත් දෙන්නලු.. රධ්‍ය දැනටම ෂනෙරුගෙ බෝයිෆ්‍රෙන්ඩ්.. මම මොකක්ද කරන්න ඕන..??

ආදරෙයි නම් පුළුවන් මිනිහෙක්ට ආදරේට ලං නොවී දුරින් ඉඳගෙන බලාගෙන ඉන්න.. ඇඟටවත් අත නොතිය ඔක්කොම හිතේ හිරකරගෙන ඉන්න.. යන්න පාර පෙන්නලා බය නැතුව යන්න ඉඩ අරින්න.. ඒක මාර අමුතු හැඟීමක් වත්සල්.. මං ඕනතරම් පොත් වල ආදරේ දැකලා තියනවා.. සිංදු වල ආදරේ ගැන අහලා තියනවා.. ඒත් හදවතට ඕනම කෙනාව ලැබුණහම, suddenly all of the love songs were about you.. Gosh, I'm obsessed with that feeling.."

අයුක අයියා හදිසියෙම මගේ කර වටේ අතක් යවලා තුරුල් කරගෙන මගේ නළලට හාද්දක් දුන්නා..

" චමිරු මැරි කළත් ඒත් ඒ අරවින්ද, ෂනෙරු, තරුවි නෙමෙයි.. කොහොමත් කොල්ලෙක් නෙමෙයි.. චමිරු කොල්ලෙක්ට කොච්චර ආදරේ වුණත් වැඩක් නෑ එයාගෙ බිග් ඩ්‍රීම් එක ඇචීව් කරගන්න එයා කෙල්ලෙක් බඳිනවමයි.."

" චමිරුගෙ ලයිෆ් එක මාර කම්ප්‍ලිකේටඩ්නෙ හලෝ.."

" ලයිෆ් එකම නෙමෙයි, ලව් ලයිෆ් එක විතරයි.."

" ම්ම්.."

මම කකුල් දෙකත් උඩට අරගෙන ශටර් එකට ඔලුව හේත්තු කරගෙන චමිරු ගැන කල්පනා කළා.. එතකොට චමිරු ඇත්තටම කැමති ෂනෙරුටනම් මොන මඟුලකටද රධ්‍ය අයියගෙ බෑග් එකට ලියුම් දැම්මෙ.. මූව නම් තේරුම් ගන්න බෑ.. කරන්නෙ එකක්.. කියන්නෙ එකක්.. හිතන්නෙ එකක්.. චමිරු කැමති ෂනෙරුටනම් ඒකට චමිරුට මොකුත් කියන්නත් බෑ.. ඉතින් එහෙනම් ඇයි තරුවිට කැමති වෙන්න හදන්නෙ හදිසියෙම.. එක්කො මූ මට පේන්න තරුවි එක්ක යාළුවෙලා ඌ හැදුණා කියලා පෙන්නන්න හදනවද දන්නෙ නෑ.. මමත් හැමතිස්සෙම ඌට කියනවනෙ කොල්ලො තියාගෙන පිස්සු කෙළින්නෙ නැතුව හරිහැටි එකෙක්ට ආදරේ කරපන් කියලා..

ෂනෙරුව චමිරුට ගැළපෙන්නෙ නෑ කියලා මට නිකමට දැනෙනවා.. බැරිවෙලා කවදහරි චමිරුගෙ හිතේ ෂනෙරු ගැන ඇත්තටම ආදරයක් ඇතිවුණොත් ඌට කියලා දෙන්න පුළුවන් ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්ද කියලා.. චමිරුගෙ වැරදි නෑ.. ලොකුම අවුල මිනිස්සුන්ගෙ හිත් සෙල්ලමට ගන්න එක තමයි.. සමහරවිට චමිරු මෙච්චර අවුලක පැටලිලා ඇත්තෙත් ඌ කරපු පව් වලටම වෙන්න ඇති.. නොලැබෙනවා කියලා දැන දැන, ආදරේ කරන කෙනාව වෙන කෙනෙක්ට පරිත්‍යාග කල්ලා බලාගෙනත් ඉන්න ලේසි නෑ තමයි.. ඒත් රධ්‍ය අයියා ෂනෙරුට ආදරේ කරන්නෙ ඇත්තටමයි.. චමිරුට රධ්‍ය අයියා තරම් කැපකිරීම් කරගෙන ෂනෙරුට ආදරේ කරන්න බෑ.. අනික මම ෂනෙරුව හොඳට දන්නවා.. අනිවාරෙන් කවදහරි චමිරු කෙල්ලෙක් බැන්ඳොත් මම කොහොමද මගේ යාළුවා චමිරුගෙ හොර මිනිහා වෙනවා බලාගෙන ඉන්නෙ.. තව කෙල්ලෙකෙ ජීවිතේ විනාස වෙනවා බලන් ඉන්නෙ.. එහෙම ඉන්න ගියත් මගේ හිතට කිසි සැනසීමක් දැනෙන්නෙ නැතිවෙයි.. 

මම ෂනෙරුවයි චමිරුවයි එකට තියලා හිතාගන්න ට්‍රයි කළා.. ඔලුවෙ එකසැරේට එරර් ගොඩක් විතරයි පෙන්නන්නෙ.. චමිරු මේක විනාස කරගෙන හත්පොළේම ගාගන්න කලින් ෂනෙරුට ශේප් එකේ කියන්න ඕන චමිරු ගැන.. කලින් ඉඳන් දන්නවා කියලා නොකිය මමම හොයාගත්තා කියලා කියනවා.. නැත්නම් ඕකා මාත් එක්ක තරහවේවි මම හැමදේම දැනගෙන කිව්වෙ නෑ කියලා.. අනිකා චමිරු.. ඌ තරුවි එක්ක නටන්න හදන නාඩගම මොකක්ද කියලත් බලාගන්න ඕන.. 

" ඔයා මොකද හිතන්නෙ මනුස්සයෙක්ද ආදරේ ඉගනගන්න හොඳම විදිය දුරින් ඉඳන් ආදරේ කරන එක නෙමෙයිද..??"

" ම්ම්.."

" චමිරු ඇත්තටම ෂනෙරුට ආදරේනම් හොඳයි.. අඩුම තරමෙ ඌ ඉගනගනී ඒ හැඟීම මොනවගේ එකක්ද කියලා.. කොහොමත් මම කොළඹ නොහිටියොත් ෂනෙරුට ළඟින් ඉන්න යාළුවෙක් ඕනනෙ.."

" වත්සල්.. චමිරු මොන වගේද කියලා දැනගෙන ළං කරගන්න.. මම ඔයාට හැමතිස්සෙම කියනවා..!"

" බය වෙන්නෙපා හලෝ.. ඌට හොඳම යාළුවෙක් හිටියොත් ඌ වෙනුවෙන් කෝච්චියට හරි බෙල්ල තියනවා.. මනුස්සයෙක් දිහා බලලා ඌව ඉගනගන්න ට්‍රයි කරනවකො.. ඒ වුණාට කට කොහොමද හැමදේම දන්න බකපණ්ඩිතයා වගේ කියෝගෙන කියෝගෙන යනවා.. යැයි යැයි.. මම ඒක බලාගන්නම්.. ඉස්සෙල්ලම පොල්සම්බෝලයක් හදන හැටි ඉගනගන්නවකො.. 

හරි සුදුඅයියෙ.. ඔයාට යොමුවෙන පළවෙනි ප්‍රශ්ණෙ පොල්සම්බෝලයක් හදාගන්න සරලම ක්‍රමය මොකක්ද..??"

අයුක අයියා ඇස් දෙකත් හීනි කරගෙන හෙන පත සමීකරණයක් කල්පනා කරනවා වගේ කල්පනා කරන්න ගත්තා.. දැන් රට ගිහින් බඩගින්නෙද ඉන්න හදන්නෙ මෙලෝ මඟුලක් නොදැන.. එහෙම බෑනෙ.. මිශන් නම්බර් වන් ගෝත ලේනට සරලව බතක් උයාගෙන සම්බෝලයක් හදන හැටි කියලා දෙන්න ඕන.. මම හරිම වගකීම් සහගත හංස කුමාරයෙක්..

" පොල්සම්බෝලයක් නේද..??"

" ඔව්.."

මම ඩෝ එකේ තිබ්බ බාගෙට ඉවරවෙච්ච වතුර බෝතලේ අයුක අයියගෙ මූණ ඉස්සරහින් ඇල්ලුවා මයික් එක විදියට..

" පොල්සම්බෝල ලේසියි.. මෙහෙමයි.. අ-මුලින්ම පොල් ගෙඩියක් අරගෙන කුඩු කරගන්න ඕන.."

ඔය කිව්වෙ..

" අනේ මිනිහො තෝ මෙල්බර්න් වල දේවාලෙක පොල් ගහනවා නෙමෙයි.. පොල් ගෙඩිය කුඩු කරගෙන ඒක ගාන්නෙ තව්සෙගෙ සීයද..??"

" එහෙනම්..?? ඉන්න ඉන්න මුල ඉඳන් කියන්න.. පොල් ගෙඩියක් අරගෙන දෙකට බිඳගෙන ඒකෙ වතුර ටික බොන්න ඕන.. අපරාදෙනෙ.. ඊටපස්සෙ ගාගන්න ඕන.."

" හා.. ඊටපස්සෙ..??"

" ගාගන්න කොහෙද හිරමණයක්.. අපි ගාගත්තු පොල් පැකට් එකකින් මේක කරමු.."

" මොන බම්බුවකින් හරි.. දැන් ඒකට මොනවද දාන්නෙ.."

" ලුණු.. මිරිස්.. කෑලිමිරිස්.. කුඩුමිරිස්.. ගම්මිරිස්-"

" දැන් ඔච්චර මිරිස් කනවද නෑනෙ.. තව්සෙ සැර කන්න ගත්තහම කලන්තෙ දාලා වැටෙනවනෙ.. මිරිස් කුඩුයි ගම්මිරිසුයි ඇති.. තව..??"

" සුදුළූණු.. රතුළූණූ.. රටළූණු..??"

" රතුළූණු දාන්නෙ නෑ.. අනික ඔව්වා ගන්න තියනවද දන්නෙත් නෑ.. රටළූණු විතරයි රතුළූණු නෑ.. මේක හෙනම ලෝ බජට් සම්බෝලයක් වෙන්න ඕන.."

අයුක අයියා ආයෙම ඇඟිල්ලකුත් හපාගෙන කල්පනා කළා.. 

" ම්ම්.. තව මොනවද සුදූ.. තුනප-හ දාන්නෙ නෑ ඒකනෙ.. ඒකතමයි.. තව කහ දා-න්නෙත් නෑ.. මේ අර මොනවද ඔයා දන්නෙ දෙහි..?? දෙහි දානවා.. එච්චරයි නේද.."

" දැන් ඔය ඔක්කොම දාලා මොකද කරන්නෙ.."

" හොඳට කවලම් කරන්න ඕන.. කල්ලා කන්න තියෙන්නෙ.."

" සම්බෝලෙ නිකම්ම කනවද.. එතකොට බත්.."

" බත් කන්නෑ පාන් තියනවනෙ.. පාන් එක්ක කන්න පුළුවන් මම එහෙම කාලා තියනවා රසයි.. ඇයි අර කීල්ස් එකේ බේකරි එකේ තියෙන්නෙ.."

" හරි දැන් මෙල්බර්න් වලට පාන් හිඟයක් ඇවිත් පාන් හොයාගන්න නැතිවුණොත් මොකද කරන්නෙ.."

" එතකොට සම්බෝල හදන්නැතුව ඉන්නවා.. අපරාදෙනෙ පොල් ගන්නත් නෑ ලේසියෙන්.."

මම බෝතලෙන් අයුක අයියගෙ පිට මැද්ද්දට දීගෙන දීගෙන ගියා.. මේ මිනිහා හූ තිය තිය හිනාවෙනවා.. ඒ අස්සෙ අයුක අයියා හිනාවෙනවා බලාගෙන හිටපු පොලිස් අංකලයත් අපිත් එක්ක හිනාවුණා.. 

" බතක්වත් හරියට ලිපේ තියාගන්න බැරිද.."

" පුළුවන්.. ඒකනම් දන්නවා.. ඇයි ඔයා කෑම හදලා ෆ්‍රිජ් එකට දාලා ගියාම මම බත් හදාගෙන තමයි කන්නෙ.. හොඳට හෝදලා වතුර දාලා රයිස් කුකර් එකට ගහන්න තියෙන්නෙ.. ඊසි පීසි ලෙමන් ස්ක්වීසි.."

අයුක අයියා මගේ කම්මුලකින් ඇදලා මාව හැපුවා.. 

" අඳුරන්නැති කෑම කාලා මොකුත් කරගන්නැතුව මට කෝල් එක ගනින්.. නැත්නම් අම්මගෙ නම්බර් එක හරි දෙන්නම් කතාකල්ල අහගන්න.."

" ඔයා කියන්නෙ මට උයන්න බෑ කියලද වත්සල්..??!!"

" පිස්සුද සුදුඅයියෙ.. ඔයා ඒලෙවෙල් වෙනකල්ම එක්සෑම්ස් කළේ හෝඩිය බැරුව නෙමෙයි කියලා මං දන්නවා.."

අයුක අයියා මට රවාගෙන රධ්‍ය අයියලගෙ ගෙවල් පහු කරන් හුඟක් ඉස්සරහට ගිහින් තව අතුරු පාරකට කාර් එක දාලා නැවැත්තුවා.. මම කාර් එකෙන් බැහැලා අයුක අයියත් එක්ක රධ්‍ය අයියලගෙ ගෙදර තාප්පෙ ගවට යන්න වුනේ නෑ ඇතුළෙ ඉන්න තඩි බල්ලො දෙන්න මහා හයියෙන් විලාප තියන්න ගත්තා.. කියාන් අයියත් ඒ වෙලාවෙම වගේ බයික් එකෙන් එතනට ආවෙ.. ඌ යතුර අයුක අයියගෙ අතට විසික් කරගෙන ඉස්සරහට ගිහින් බයික් එක නවත්තලා ආවා.. 

" කියාරා..!! දඟලන්න එපා.."

" අඩේ මූ පස්සෙන් එනවනෙ.."

" දුවන්න එපා එකතැන ඉන්න.. එයා හපන්නෙ නෑ සෙල්ලම් කරන්න එහෙම එන්නෙ.."

" ඒත් අරූ.. අර අනේ අයියෙ මේ බල්ලව ගනින් යකෝ මරාගෙන කන්න හදනවනෙ.."

" රෙක්සි..!! මෙහෙ එන්න.. එන්න ඇතුළට යන්න.. කමෝන් ගර්ල්ස්.."

අයුක අයියා රෙක්සිගෙයි කියාරගෙයි පටි දෙකෙන් ඇදගෙන ගේ ඇතුළට ගිහින් පඩිපෙළෙන් අතුරුදහන් වුණා.. රධ්‍ය අයියගෙ කාමරේට දාන්න වෙන්නැති යන්නෙ.. මම විසි පාරකුත් ගහගෙන බිත්තිය පැත්තට හැරෙද්දි රධ්‍ය අයියා අවුරුදු පනහෙදි මට රවාගෙන ඉන්නවා-නෙමෙයි උගෙ අප්පච්චියගෙ විසාල ෆොටෝ එකක් මට රවාගෙන ඉන්නවා.. මම නිකටට අතකුත් තියාගෙන මේ මනුස්සයා දිහා බලාගෙන හිටියා.. එහාපැත්තෙ ලස්සන අසලි ආන්ටි මේ මනුස්සයගෙ කර වටේ අත් දෙකත් බැඳගෙන හිනාවේගෙන ඉන්නවා.. හරියට ආධ්‍ය අයියයි රධ්‍ය අයියයි වෙන වෙනම තියලා වගේ.. ඊට එහාපැත්තෙ ආධ්‍ය අයියයි රධ්‍ය අයියයි බදාගෙන මල් වත්තක් මැද්දෙ ඉන්නවා.. තව එහාට වෙන්න ලොකු ෆැමලි ෆොටෝ එකක් තියනවා ඒ හතරදෙනාම ඉන්න.. මෙහෙම බලද්දි ඒ පවුල හෙන අසමඟියෙන් ඉන්නෙ කියල හිතාගන්නත් බෑ.. ඔක්කොම පෙනුමට විතරයි බලාගෙන යද්දි..

" සදේශ් අයියේ..!!!!!!!!!!!!!!!!!!!!!!!!!"

" ආශු.."

මම දොර දිහා හැරිලා බලද්දි ආශි බෑග් එකකුත් උස්සගෙන දොර ගාව.. කියාන් අයියා කොහේද ලෝකෙක ඉඳන් සාලෙන් මතුවුණාම ආශි බෑග් එකත් සෝෆා එකට අතෑරලා දුවගෙන ගිහින් කියාන් අයියගෙ බෙල්ලෙ එල්ලුණා.. කියාන් අයියත් දුර බැහැර ඉන්න පෙම්වතිය ශතවර්ශ ගාණකින් දැක්කා වගේ ආශිව තැලිලා පොඩිවෙලා යන්නම බදාගත්තා..

" අපි මොකද කරන්නෙ.. අරුන් දෙන්නා එද්දි රතිඤ්ඤයක් පත්තු කල්ලා ඇඟට දාලා බය කරමු.."

මහීශා කලිසමේ සාක්කු දෙකට අත් දෙකත් දමාගෙන පාරෙ තිබ්බ කියාරගෙ රබර් මස් කට්ටටත් පයින් ගහගෙන ගේ ඇතුළට ආවා.. 

" හම්මට භොක්ක.."

" උඹේ බෙල්ලට මක් වෙලාද.. තොපි ඔක්කොම එක්සෑම් ඉවරවෙලා මඟුල් නටන්න ගත්තද..?? මට බෑ මේ රෙද්දවල් බලාගෙන මෙහෙම ඉන්න.. මට කොල්ලෙක් හොයලා දීපන්.."

මහීශා පුරුදු අඳෝනාව කියාගෙන සෝෆා එකෙන් ඉඳගත්තා.. 

" රතිඤ්ඤා දාන්නෙපා අනේ ෂනෙරුගෙ පපුව නවතීවි.. මම කිව්වනෙ මහී ඔයා ප්‍රචණ්ඩකාරී වෙන්නෙපා එතකොට කොල්ලො කැමති වෙන්නෙ නෑ.."

කියාන් අයියා ආශිගෙ ඉහේ ඉඳන් දෙපතුළ වෙනකල් අමුතු බැල්මක් හෙළුවා.. ග්‍රවුන්ඩ් එකක් මැද්දෙ කොල්ලෙක්ට හීල් එකෙන් ගහපු එකියෙක් ප්‍රචණ්ඩකාරීත්වය ගැන කියද්දි ඒක විහිළුවක් වගේ නෙමෙයිද.. ඒ අස්සෙ අයුක අයියත් පඩිපෙළ බැහැගෙන පහළට ආවෙ බේසම් දෙකකුත් උස්සගෙන..

" වතුර ගහමු.. පව් අදනෙ ඔයි සෙට් වුණෙත්.."

" බලපන් අපි දෝණිව කොච්චර හොඳට හදලද කියලා.. අප්පච්චිට ආඩම්බරයි දෝණී ඔයා ගැන.. සුදුඅම්මිටත් එහෙමයි.."

කියාන් අයියා අයුක අයියවත් බදාගෙන කුස්සිය පැත්තට ගියා.. ආශි මගේ අතින් ඇදගෙන ගිහින් මහීශගෙ එහාපැත්තෙන් ඉඳගෙන බෑග් එක අවුස්සලා බොක්ස් එකක් අපිට දුන්නා..

" තව්සෙලා ඔක්කොන්ටම කේක් හැදුවා.. අපිට එක්සෑම් ඉවරවුණානෙ සෙනුක.. දැන් මට නිදහසේ ඉස්කෝලෙ නොගිහින් ගිහින් ඉන්න පුලුවන්.. හාහ්..!! නිදහා~ස්.."

මම ෂනෙරුලත් ආවහම කන්න බොක්ස් එක පැත්තකින් තියලා එහාපැත්තෙ මහීශගෙ ඇඟට කලන්තෙ දාපු එකීව අතින් ඇදලා නැගිට්ටෙව්වා.. මහීශා ඇහිබැමකුත් කපාගෙන ඒ දවසට.. මේකි කෙල්ලෙක් කියලා හොයාගන්නම බෑනෙ.. ඒත් ඇහුවොත් කොල්ලෙක්-එක්කො ඒකිට පිස්සු නැත්නම් අපිට පිස්සු..

" මොකෝ ඉස්කෝලෙ අන්තිම දවස.."

" අපේ පොඩියට ඩේ අවුට් එකක් ගියා.. ඉස්කෝලෙ ඉන්න උන් සෙට් නෑ ඕයි අපෝ යන්තම් අතවරයක් නොවී ගෙදරට ආවා.."

" මම නම් පුදුම සතුටින් හිටියෙ ඉස්කෝලෙ ඉවර නිසා.. එක අතකින් දුකයි.. මොකක් වුණත් ඉගනගත්තු ඉස්කෝලෙ කාලෙ ඉවරනෙ.. මෙහෙම ගේට් එක ගාවට ඇවිදගෙන ගියා.. අන්තිම පාරට යුනිෆෝම් එක ඇඳගෙන ඉස්කෝලෙ දිහා බැලුවා.. මට නපුරුකම් කරපු හැමෝටම සමාව දෙනවා කියලා හිතාගෙන මාත් එක්ක හිටපු හැමෝටම හිතින් තෑන්ක් කලා.. ඉස්කෝලෙ නිසා මම ජීවිතේට හුඟක් දේවල් ඉගනගත්තා.. දැන් ඒක වෙලා ඉවරයි.. මට සතුටුයි ඔයාලා හැමෝම මාත් එක්ක හිටපු නිසා.. ඇත්තටම ඉස්කෝලෙ අන්තිම අවුරුද්ද හිතපු තරම් නරක නෑ.. මට මද්දු මස්සිනෙකුයි, පොඩි මස්සිනෙකුයි, ඩොක්ට මස්සිනෙකුයි, හැළකිඹුලෙකුයි, මෝඩ මනුස්සයෙකුයි හම්බුණානෙ ඒයි.. ඉතින් සතුටු නැද්ද.."

මහීශා ආශිගෙ කර වටේ අතක් දාගත්තා.. මමත් එකපැත්තකින් අතක් දාගත්තා.. හුඟක් යාළුවො ඉන්න එක හොඳයි.. ඒත් හිතට ළඟම යාළුවො කීපදෙනෙක් හැමදාටම ඉන්න එක හොඳම හොඳයි..

" කොට වුනා කියලා අහක දාන්නෙ නෑ කෙල්ලෙ.. ඔයාට අපි ඉන්නවනෙ.."

" මොකක්ද තව්සෙලා කියන්නෙ..!!!"

අපි පවුලක් වශයෙන් හෙන සතුටින් ඉන්න වෙලාවෙ කුස්සිය පැත්තෙන් අයුක අයියා මනමාල හිනවකුත් දමාගෙන වතුර බේසමක් උස්සගෙන උඩට ගියා.. කියාන් අයියා සව් කොළ වගයක් තලපයක් වගේ හදලා ඒක වතුරට ඔබලා මහා ජරා පාටක් හදාගෙන තව බේසමක් ගෙනිහින් එළියෙන් තිව්වා.. අපිත් උන් දෙන්නට උදව් කරන්න ඕන ඉසා මහීශා පත්තර කොළ වගයක් කැපුවා.. මම එළියෙ හෝස් එක ටැප් එක සෙට් කල්ලා හොඳට වතුර වදින විදියට ඒක වෙනස් කළා.. ඒ අස්සෙ ආශි ගේට් එක ගාව අමුතු ගමනකින් කැරකෙනවා දැකලා මම හෝස් එක පඳුරකට අතෑරලා ඒ හරියට ආවා.. අයුක අයියත් ආශි එක්ක හිටියෙ.. ආශි හොරගල් අහුල අහුල ඉඳලා පාර අයිනෙ තිබ්බ ටිකක් ලොකු ගලක් අරගෙන ගවුමෙ රැළි අස්සෙ හංගගත්තා..

" පොඩිමස්සිනේ.. ඔයා කොහොමද ක්‍රිකට් ගහනකොට හරියටම විකට් එකටම බෝලෙ දාන්නෙ.. අත මෙහෙමද කරකන්නෙ.."

" තෝ මොකක්ද ඔය කරන්න හදන්නෙ.."

ආශි මාව ගණන් ගන්නෙ නැතුව අයුක අයියා ගාවට ගිහින් අත කරකලා හරිද ඇහුවා.. අයුක අයියා හරියටම අත නැමෙන්න ඕන කොතනින්ද කියලා ටෙක්නික් වගයක් මනුස්ස කමට ආශිට කියලා දුන්නා.. මේකි වට පිට බලලා පාර මැද්දට ගිහින් අත කරකලා ඉස්සරහා ගෙදර තාප්පෙ තිබ්බ ලෑම්ප් එක ඒම් කල්ලා අර ගල් බාගෙ දමලා ඇරියා.. ලෑම්ප් එකට නොවැදී ගල් බාගෙ මල් පෝච්චියක වැදිලා එහාපැත්තට පෙරළුණා.. ඒ එක්කම කණ ගාවින්ම තව ගලක් ගිහින් ඒ ගෙදර උඩ තට්ටුවෙ වීදුරුවක් එහෙමම බිඳලා දැම්මා. පිටිපස්ස හැරෙද්දි මහීශා උඩ බලාගෙන විසිල් පාරක් ගගහා ගේ ඇතුළට යනවා.. මේ බේසික කෙල්ල-

" ඕයි තෝ මොකක්ද ඒ කළේ.."

"අත ලිස්සුවා.."

" අනේ ඒයි ඕන්නැති වැඩනෙ කරන්නෙ.. බනීවි හලෝ අර තේඋඩිච්චි අපිට ඇවිල්ලා.."

" ගෙදර කවුරුත් නැද්ද කොහෙද බං.. ආවොත් ආධ්‍ය අයියගෙ මිරිස් කුඩු බෝතලෙන් දමලා ගහනවා.."

අයුක අයියා ආශියි මහීශයි ගේ ඇතුළට යනකල් ඉඳලා ගේට් එක වහලා ඇතුළට ගිහින් දොරත් වහගත්තා.. රධ්‍ය අයියා හරිනම් දැන් එන්න ඕන.. මම වතුර පුරෝපු බැලුම් බෝල දෙකක් අතේ තියාගෙන රධ්‍ය අයියගෙ ටෙස්ලා එක එහාපැත්තෙ හැංගුණා.. ආශි කොට නිසා ඕන තැනක හැංගෙන්න පුළුවන්නෙ.. ඒකි මල් පඳුර අස්සෙ හෝස් බටෙත් එක්ක හැංගුවා.. මහීශාත් තඩි පත්තර කොළ බාල්දියක් උස්සන් මං ගාව හැංගුණා.. උඩ කහයි නිලුයි දාපු වතුර බේසම් දෙකයි.. කැමරාකරණය අයුක ශල්‍ය සිංහවංශ..

" අන්න එනවා එනවා..!!"

කියාන් අයියා බැල්කනියෙන් පාර දිහා බලාගෙන ඉඳලා කිව්වහම ආශිට බකස් ගාලා හිනාගියා.. ඒ එක්කම පාවෙලා ආපු කොළගුළියක් පඳුර අස්සට වැටුණා.. ආශි කියාන් අයියට දෙස් දෙවොල් තියලා බනින සද්දෙකුත් ඇහුණා.. ඕකනෙ කොරන්න බැරි.. පොඩ්ඩක් ඇත්නම් මරාගන්නවනෙ.. අයුක අයියට දුකයිලු රධ්‍ය අයියට වතුර ගහන්න.. කොහොමත් ඌ එන්නෙ නෑ අපිත් එක්ක නටන වැඩ වලට.. ඒ වෙනුවෙන් තමා සම්පූර්ණ කැමරාකරනය භාරගත්තෙ..

**ක්‍රීක්**

රධ්‍ය අයියා අම්මටසිරිවෙන මනමාල හිනාවකුත් දාගෙන බයික් එක ගේට් එකෙන් ඇතුළට දැම්මා.. ඔක්කොමත් හරි ෂනෙරුවා වැටෙන්නෙ නැති වෙන්න රධ්‍ය අයියව බදාගෙන ඉන්න විදියත් හරි.. මම ශර්ට් එක හපාගෙන හිනාව නතරකරගෙන හිටියෙ.. මහීශා මගේ පිටට ගගහා හිනාව නවත්තගන්න බැරුව හුස්ම ගන්න අමාරුවෙන් තාප්පෙට හේත්තු වුණා.. බලහන්කො කාජල් සාරුක්කාන් වගේ.. ෂනෙරුවට කහ පාට ශෝල් එකක් දුන්නනම් එලම සීන් එක.. ඒත් මේක රොමෑන්ටික් මූඩ් එකකින් බලන එකක් නෙමෙයි අපි.. ෂනෙරුවා පැත්තකට වෙලා සෙරෙපුවෙන් පොළොව හාර හාර ඉද්දි රධ්‍ය අයියා ෂනෙරුව ඇදලා ළඟට ගත්තා.. මහීශා තව ටිකෙක් මෙතන හුස්ම ගන්න බැරුව මැරිලම වැටෙනවා මට තේරෙනවා.. දැන් ඒකි පෙරළිළා තණකොළත් ගලවන්න පටන් අරගෙන.. ‍රධ්‍ය අයියා ෂනෙරුවගෙ රතු වෙලා තක්කාලි ගෙඩියක් වගේ වෙච්ච මූණට කිට්ටු වෙලා කිස් එකක් දුන්නා.. තව මෙලෝ සද්දයක් නැතුව හිටියොත් මෙතන ටිකට් නැතුව ෆිල්ම් බලන්න වෙන නිසා ආශි ලාවට ඒකි ඉන්න මල් පෝච්චියෙ පඳුර හෙලෙව්වා.. 

හිතාගෙන ඇති පගයො දෙන්නට ආධ්‍ය අයියා ගෙදර නැති වෙලාවට ලව් කරන්න.. එව්වා කොහෙද අපි ඉන්නකල්..

" Woohoo..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!"

ඒ එක්කම රධ්‍ය අයියගෙ මූණට ඒම් කරන් ආශි හෝස් බටේකුත් උස්සගෙන මල් පෝච්චියෙන් බිමට පැන්නා.. උඩින් තඩි කහ වතුර පුරෝපු බේසම් දෙකක් දෙන්නගෙම ඔලුවට පතබෑවුණා.. මගේ හොඳම යාළුවා හොඳට නැවෙ නැති දුකින් මම අතේ තිබ්බ බැලුම් ටික මූණ මැද්දටම දමලා ඇරියා.. මහීශා පත්තර කොළ බාල්දියම උන් දෙන්නගෙ ඇඟට හාලා ආශිට පහක් දාලා බිම පෙරළීගෙන හිනාවෙන්න ගත්තා.. හෙන ආතල් මුන් දෙන්නගෙ මූණු දෙක දැක්කහම.. රධ්‍ය අයියට කේන්තිය වැඩි නිසා අත දික් කර කර කියාන් අයියට බනිනවා.. කියාන් අයිඅය හූ කිය කිය මහ අහයියෙන් හිනාවෙනවා රධ්‍ය අයියා කියන ඒවවත් ඇහෙන්නෙ නෑ.. ෂනෙරුගෙ ඇඟ දිගේ කහ වතුර එකයි.. පව් දෙයියනේ..

" අමෝ අමෝ සුපෙම්වතුන් මදෑ පෙම් කෙළීන්න රඟමඬලට බැස්සා.. හූහ්.. රධ්‍ය..!!"

" පිස්සු හු#තා.. තෝ තමයි මේ වගේ ගොං වැඩ කරන්නෙ.."

අයුක අයියත් කැමරාව ෆොකස් කරගෙන දොර ඇරගෙන එළීයට බැස්සා.. අයුක අයියා හිනාවෙලා හිනාවෙලා රෝසපාට වෙලා පිපිරෙන්න වගේ.. 

" ෂනෙරු.. රත්තරනේ.."

" පලයන් යන්න.. මහපගයා..!!"

" ඉක්කෙ ෂනෙරු නාගන්න හලො ගිහින්.. බ්වෑක් අපි අත් හෝදපු වතුර ඒකෙ තිබ්බෙ.."

ෂනෙරුයි රධ්‍ය අයියයි අපිට දෙස් දෙවොල් තිය තිය උඩ තට්ටුවට ගියා.. ගේ මැද්දෙ වතුර එකයි.. ආධ්‍ය අයියට ගෙදර වැඩ වැඩිකරන්න ඕන්නැති නිසා ආශි ගිහින් මොප් එකක් උස්සන් ගේ වතුර ටික පිහිදලා දැම්මා.. අපි වීඩියෝ කරපුවා බල බල සෝෆා එකේ හිටියෙ.. අපි කිව්වෙ මමයි අයුක අයියයි.. මහීශා අත් දෙක හෝදගන්න කියලා පහල බාතෲම් එකක් හොයාගෙන ගියා.. ඔය අස්සෙ කියාන් අයියා ආශි හදාගෙන ආපු කේක් කෑල්ලකුත් කකා සාලෙ මැද්දෙන් අඩි තිය තිය යන්න ගිහින් ආශිගෙන් පුප පුපුරන්න හොඳ පාරක් කෑවා.. කියාන් අයියා පස්සත් අල්ලගෙන එහාට වුණා.. හිංසනය..

" නව් ශේක් දැට් ෆැට් බූටි ලයික් අ හයිෆී~
 මේක් අ ඩැඩී වොන්න මේක් යූ හිස් වයිෆී~"

ආශි කියාන් අයියට ඇහැකුත් ගහගෙන අමුතු හිනාවක් දාගෙන එතනින් යන්න ගියා.. අපි දෙන්නට හොඳට පේනවා මුන් දෙන්නගෙ ඩ්‍රාමා එක.. මේකි යකෝ.. කියාන් අයියා පොඩක් වෙලා ඇස් පිල්ලම් දෙක තුනක් ගහගෙන වෙච්ච දේ ප්‍රොසෙස් කරාන්න බැරුව එහෙමම ගල් ගැහිලා හිටියා..

" මොකක්ද ඒ කිව්වෙ..??"

" මොකුත් නෑ ඒයි.."

කියාන් අයියට දරාගත නොහැකිව සෝෆා එකේ ඉන්ඳුණාම ආශි ගිහින් කකුල් දෙක කියාන් අයියගෙ උකුළ උඩින් තියාගෙන ඉඳගත්තා..

" යකො මේකිගෙ කට..!! දෙන්නෙ අඟල් දෙකක් කොට වෙන්න.."

" ආ ගහනෝ බලන්න.. ලැජ්ජ නැද්ද සදේශ් අයියෙ ගෑණුන්ට ගහ-ප්ප්ප්ම්ම්ක්ක්-"

කියාන් අයියා ආශිගෙ බෝක්කු කට අත් දෙකින්ම වහගත්තා.. මම අයුක අයියත් එක්ක ෆෝන් එකට එබීගෙන ජොනතන්ලා දාපු ෆොටෝ වගයක් බල බල හිටියෙ.. හැබැයි මේ ඩ්‍රාමා එක ඉන්ටරෙස්ටින්..

" මනුස්සයෙක්ට දරාගන්න පුළුවන් දේවල් අහපන්කො.. ඊයෙ රෑ මොකක්ද ඇහුවෙ, අපෙන් ටොප් කව්ද බොටම් කව්ද..?? මම කොල්ලෙක් යක්සනියේ..!!"

" ඒත් අපිට පුළුවන්නෙ-"

" නැ නැ අපිට මොකුත් බෑ.."

" බැරි කොහෙද අපිට පුළුවන්.. සෙනුක බබෝ අහන්-ම්ම්ම්ප්හ්හ්-ක්ක්-"

" මොකද බං.."

" නෑ නෑ මොකුත් නෑ බං.. උඹලා දෙන්නා වැඩක් බලාගනින්.. බබා ඔයාට තේ බොන්න ඕන.. යමු යමු තේ හදමු.. වර තේ හදන හැටි කියලා දෙන්න.."

ආශි ඉසකුඩිච්චි හිනාවකුත් දාගෙන කියාන් අයියා යන දිහාට ඇදිලා ගියා.. 

" හෑ..??"

මම ඒ දිහා බලාගෙන ඉද්දි අයුක අයියා අමුතු හිනාවක් දාගෙන ෆෝන් එක පැත්තකින් තියලා මූණ අත් දෙකින් වහගත්තා.. හෑයියා කියාන් අයියා නිකන් බයිට් වෙනවා කොලු කතා බලන කෙල්ලෙක් යාළු කරගෙන.. කියාන් අයියා බොටමක් වුණොත්.. නෑ මං කියන්නෙ විහිලුවට වගේ වත්.. මගෙ දෙයියනෙ මගේ ඔලුවෙ විලම්බීත රූප ගොඩක් ඇඳී මැකී ගියා.. 

" මොකක්ද වත්සල් ඒ නංගි කිව්වෙ.. අඩේ රධ්‍යට කියන්න ඕන.."

අයුක අයියා කියාන් අයියා බොටම් වෙන හැටි මවාගෙනද කොහෙද මහා බලු හිනාවක් දාගෙන සෝෆා එකේ කොට්ටයක් අරන් මුණට තද කරගෙන හිනාව නවත්තගත්තා.. මම පාඩුවෙ බන්දේසිකෙන් කේක් කෑල්ලක් අරගෙන කටේ ඔබාගත්තා.. මරුවට තියෙයි හැබැයි..










**බොටම් 😂😂😂😂

අනේ හලෝ මගේ වට්පෑඩ් ඇප් එකම පිස්සුවක් නටනවා මේ ටිකේ.. ඊයෙ ලියලා ඉවරකරපුවා ආයෙ ලොග් වෙද්දි මිසින්.. ඊටපස්සෙ අද දවල් ඉඳන් ලොග් වෙන්න බැරුව ඉඳලා යන්තම් රෑ හරිගියා.. තව මොන විපර්‍යාස වෙයිද මන්තා..

මහා වේදනාවක්නෙ මේකෙ කතා ලියන එක..🤧

එන්නාම්.. ලව් යූ..🌚❤

Continue Reading

You'll Also Like

1.8K 291 12
(සිංහල - Completed) "තනියම ආදරේ කරන ගෑනු හදකට හම්බෙන්නම ඕනි පැලෙන්න තරම් ආදරේ කරන තවත් පිරිමි හදවතක අවසානයක් මිසක, ලබාගන්න බැරි ආදරයක්වත්, කුරිරු අවස...
84.1K 1.1K 30
𝑻𝒉𝒆𝒚 𝒘𝒆𝒓𝒆 𝒕𝒉𝒆 𝒔𝒂𝒎𝒆. Whether Rafe or Aria liked it or not.. Aria comes from a very rich kook family, higher then the cameron's. Not tha...
1.4M 72.1K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
4.8K 1.5K 32
"මං එයාට ආදරෙයි...මොකද්ද මං දැන් කරන්නේ..." එකිනෙකට තම තමන් ගැනවත් නොදන්නා දෙන්නෙක් එකට අත් අල්ලගෙන ඉන්නවා...එයාලාට ඒ ගැන ප්‍රශ්නයක් උනෙ නෑ...දෙන්නට...