මීදුම්...

By SHenyaKHDaisy

11.7K 1.4K 739

හැඟීම් මහ ගොඩක් මැද එකම එක හැඟීමක් නොපෙනෙන මීදුම් වලාවක් ලෙසට කඳු පාමුලක දළුලා වැඩීමක ආරම්භය... සෙනෙහසක සුවය... More

මීදුම් 01
මීදුම් 02
මීදුම් 03
මීදුම් 04
මීදුම් 05
මීදුම් 06
මීදුම් 07
මීදුම් 08
මීදුම් 09
මීදුම් 10
මීදුම් 11
මීදුම් 12
මීදුම් 13
මීදුම් 14
මීදුම් 15
මීදුම් 16
මීදුම් 17
මීදුම් 18
මීදුම් 19
මීදුම් 20
මීදුම් 21
මීදුම් 22
මීදුම් 23
මීදුම් 24
මීදුම් 25
මීදුම් 26
මීදුම් 27
මීදුම් 28
මීදුම් 29
මීදුම් 30
මීදුම් 31
මීදුම් 32
මීදුම් 33
මීදුම් 34
මීදුම් 35
මීදුම් 36
මීදුම් 37
මීදුම් 38
මීදුම් 39
මීදුම් 40
මීදුම් 41
මීදුම් 42
මීදුම් 43
මීදුම් 44
මීදුම් 45
මීදුම් 46
මීදුම් 47
මීදුම් 48
මීදුම් 49
මීදුම් 51
මීදුම් 52
මීදුම් 53
මීදුම් 54
මීදුම් 55
මීදුම් 56
මීදුම් 57
මීදුම් 58
මීදුම් 59
මීදුම් 60
මීදුම් 61(ආදරේ)

මීදුම් 50

178 19 10
By SHenyaKHDaisy

"ලවන්‍යා,....මේක බීලා මේක කන්න..."

අපූර්වා ලවන්‍යා වාඩි වී හුන් පුටුව ළඟට තවත් පුටුවක් ලං කරගත්තේ,..අතෙහි ඇති බීම වීදුරුව හා කේක් කෑලි දෙක තුනත් ඇය වෙතට ලං කරගෙනමය....ඇය දෙස බලාගෙනම තම වැලමිට මේසෙට බරකරගත් අපූර්වා දෙඅත් මත නිකට තද කරගත්තේ,..ලවන්‍යා ඈ දෙස බලා හිඳිද්දිය....

"මොකද,..!"

අපූර්වා ඇහිබැමක් උස්කොට හෙමිහිට ඇසුවේ,..ලවන්‍යා මුකුත් නැහැයි කියන්න හිස වනද්දිය....බීම වීදුරුව හා කේක් කෑලි දෙක තුන ⁣දිහා ඔහේ බලන් ඉන්නා ලවන්‍යා දෙස අපූර්වා බලා හිඳියේ,..මිනිත්තුවක් පමණය...

"ඇයි එපාද,..!"

අපූර්වා බීම වීදුරුව හා කේක් ප්ලේට් එක දෙස බලාගෙනම ලවන්‍යාගෙන් ඇසුවේ,..ලවන්‍යා මඳක් සිනාසී ඈ දෙසට හැරෙද්දිය....

"බේබි නෝනා,..බඩගින්නෙනේ....!"

ලවන්‍යාගේ කතාවට මඳක් සිනාසුණු අපූර්වා ඇගේ අතක් ගෙන තම ඔඩොක්කුව මත තම අතෙහි පටලවාගත්⁣තාය....පුංචි පුංචි හැඟීම් එකතුවෙලා මහා ලොකූ හැඟීමක් හිතට ගෙනෙද්දි,..හිත පිරිලා යන තර⁣මට හිනාවක්ද අපූර්වාගේ මුවඟට ආවාය....

"මගේ හිත පිරිලා,...ඒක නිසා බඩගිනි නෑ,..!"

අපූර්වා පැවසුවේ,..ලවන්‍යාගේ අත හෙමිහිට මහපැටඟිල්ලෙන් පිරිමදින ගමන්ය....ලවන්‍යා ඉදින් මඳක් සිනාසී,..ඈ දෙසට නැමුණාය...

"හිත පිරුණට මොකද බඩපිරිලා නෑනේ,..නෝනා හාමුගේ!"

ලවන්‍යා සිනාසුණාය...අපූර්වාටද සිනාවක් ආවේ,..ඇගේ පැහිච්ච කතාවලටය...ලවන්‍යාගේ අත නොරිදෙන්නට කෙනිත්තු අපූර්වා ඇගේ කම්මුලක් අල්ලා මිරිකුවාය...

ලවන්‍යා අපූර්වාගේ අතට හෙමිහිට පාරක් ගැසුවේ,..තරවටුවෙන්ය....

"මං බය වෙයි!"

ලවන්‍යාගේ සැරවැර වලට එකබිඳක බියක් නැති අපූර්වා එසේ පැවසුවේ,..ලවන්‍යා ඇයට ඔරවද්දිය...ලවන්‍යාගේ ඇස් හැමතැනම දුවන්නේ,..අපූර්වාගේ ඇස් ද ඒ හාම ඈ හා ම දිව යද්දිය....

"මොනවද ඇස් කරක කරක බලන්නේ,..!"

අපූර්වා ලවන්‍යාගේ ඇස් අල්ලාගත් ඒ මොහොතේම ඇගෙන් ඇසුවේ,..ලවන්‍යා,..මඳක් සිනාසෙද්දිය....

"ලස්සනයිනේ,...!"

ලවන්‍යා අපූර්වා දෙස බලාගෙන අහිංසක ලෙස සිනාසුණාය....අපූර්වාගේ දෙඇස්ද ඒ හාම ඈ හා සිනාසුණාය...ඒ හිනාව,..කලාතුරකින් පමණක්,.හිනාවෙන ඇස්,බැල්ම අපූර්වා ළඟදී,..හැමවිටම සිනාසුණාය....ඇස් හීනි වෙන බැල්ම ළඟ,..අපූර්වා මෙතැකැයි කියන්නට බැරි ලස්සනක් දැක්කාය...පුංචි පුංචි රැවිලි ගෙරවිලි අතරේ,..පාළුව මකලා,දාන,..හිනාව,....ඉදින්,..මෙයම පමණක් සෑහෙයි,..එක වාක්‍යකට අකුරු හොයන හිතට,..මෙපමණ කලක් ගත වුණෙත් මේ නිසාය..මන්ද යත්,..මේ ගතවෙන හැම තත්පරයක් පාසා වචනෙන් නොකීවත්,..ආදරය නම්,..තැනින් තැන,නොව..හිස්තැන් නැතිවම,..හදවත පිරෙන්නටම ලැඟුම් ගෙනය.....

"ලස්සනයි,..ලවන්‍යා දන්නවද ලස්සන කියන්නේ,..මොකටද කියලා....!"

අපූර්වා මඳක් ඈ දෙස බලා හිඳ,..දෙඅත් මත නිකට,.... තබාගත්තේ,..වැලමිට,..මේසයට බර කරගෙනය....
ලවන්‍යා ද මඳක් ඈ දෙසට ලං වුණේ,..අපූර්වාට සිනහවක් එද්දිය...

"නෑනේ,..බේබි නෝනා දන්නවද,..!"

ලවන්‍යා රහසක් අසනවාසේ අසන්නට වුණේ,...කම්මුලකුත් වළ ගැහෙන හිනාවත්,..පෙන්වාගෙනය....
ඉදින්,..බලා ඉන්නා අපූර්වාට මහා ලෝභකමක් දැනුණේ,..හේතුවක් නැතිවමය......අපූර්වාගේ මුවඟ සිනහවකින් පිරී ගියාය,.....

"ලස්සන,...මං ලස්සන පෙන්නන්ද...!"

අපූර්වා හිඳ උන් තැනින් නැගිට ගත්තේ,..ලවන්‍යාට මඳක් සිතන්නට දීමය...

" මිනිත්තුවක් ඉන්න,..මං එන්නම්!"

අපූර්වා ලවන්‍යා අසලට විත්,..ඇගේ ත⁣රමටම නැවී,..ලවන්‍යාගේ කොණ්ඩ කෑල්ලක්ද කන පිටුපස රැඳෙව්වේ,....ලවන්‍යාගේ මුවඟ හිනාවකින් සැ⁣රසෙද්දිය....

"හා,..ඉන්නම්"

ලවන්‍යා සිනාසීගෙනම කිව්වේ,..අපූර්වා නුරාදාට කතා කරමින්ම දුවගෙන යද්දිය....ඇය ඉතින්,..කවදත් මෙන්ම ලවන්‍යා⁣ට අපූරුය....ඇය ම ලස්සනය...මොකට තවත් ලස්සන හොයනවද,..ලවන්‍යාට සිතී ගියාය,...අපූර්වා,....ඉදින්,..ලවන්‍යාට අපූර්වත්වයක් දුන්,..අපූර්වා....ලවන්‍යාට....ඇය ගැන වචන නම් ඕනෑ තරම් ඇත...එනමුදු අත්‍යාවශ්‍යම වචනය ඇය හැමවිටම අමතක කර දමනවාය.....එය නම් පුරුද්දක්ය...හැබැවින්ම නරකම පුරුද්දක් ය...

ලවන්‍යා ඈ ගිය දෙස බලා හිඳිද්දි,..අපූර්වා හිනාවීගෙනම දිවගෙන ආවේ,...යමක් දෑත් පිටුපස සඟනාගෙනය....ලවන්‍යා මොනවා දැයි අසද්දි,..අපූර්වා ඇය ළඟටම පුටුව ගෙන ඈ අසලින්ම වාඩි ගත්තාය.....අපූර්වා සිනාසීගෙනම තමා අතැතිව ඇති පුංචි කන්නාඩිය පෑවාය...ලවන්‍යා ඇගෙන් ඇයි කියා පමණක් අසද්දි,..අපූර්වා ඇයට එයින් බලන ලෙස ඇසඟින් ඉඟි කරාය....ලවන්‍යා ඇගේ මුහුණම එයින් බලා මොකදැයි ඇසුවාය.....

"මේක තමයි ලවන්‍යා,..ලස්සන කියන්නේ!"

අපූර්වා සිනාසීගෙනම ලවන්‍යාගේ කොණ්ඩ කැරැල්ලක් හා අතැඟිලි පටලවා ගත්තාය...ලවන්‍යා ප්‍රශ්නාර්තයක් මුහුණේ මවාගත්තාය...

"ඒ කියන්නේ,..!"

ලවන්‍යා අපූර්වාගෙන් ඇසුවේ,..අපූර්වා මඳක් සිනාසී,..ඈ දෙස බලා හිඳිද්දිය....

"ඒ කියන්නේ,..ඉංග්‍රීසි හෝඩියේ මුල් අකුර...!"

අපූර්වා ලවන්‍යාගේ නහය නොරිදෙන්නට තද කළාය..ලවන්‍යා පසෙකට වුණේ,..අපූර්වාගේ කෝලම් වැඩ නිසා,..ඈ⁣⁣ට ලැඡ්ඡා සිතෙන නිසාය....ලවන්‍යාගේ අතකින්,..අල්වාගත්,..අපූර්වා,..මොකක්දෝ කියන්නට සැරසෙනවා සේ,..ලවන්‍යාට පෙනී ගියාය..

"මම දන්නවා,...ඒ කියන්නේ,..ඒ,ට කියලා..!"

ලවන්‍යා පැවසුවේ,..අපූර්වාට මඳක් සැර වැර කරය...අපූර්වාට නම් මේවාට හිනාය...මඳක් වත්,..තරහක් නැති...එනමුදු,..පිරෙන්නට ආදරය නම්,..මේ හැමතැනකම අපූර්වාට පමණක් නොව ලවන්‍යාටද එකනෙහිම දැනුණාය...

"ලවන්‍යා,..ලස්සන නම් හැමතැනකම,..දකින්නේ නැති එකනේ ප්‍රශ්නේ,...මං දකින විදියට මං දකින හැමදේකම ලස්සනක් තියෙනවා,..මේ ලෝකේ හැමදේකම ලස්සනක්,..තේරුමක්,තියෙනවා,..හැබැයි,..තේරුම් හොය හොය,..ලස්සන හොයන්න ගියොත්,...එදාට වැරදෙනවා,...!"

"අත්දැකීමෙන්ද...!"

"නෑ,..මට වැරදිලා නැහැ,..මං තේරුම් හොය හොය ගියේ නැහැනේ,..ඔය කවුද අහංකාර කෙල්ලෙක් එක වචනෙක තේරුමක් හොයනවා හොයනවා,...ඉවරයක් නැහැ,..සමහර දේවල් කියන්න පරක්කු වෙන්න එපා,..ඒකත්,..සමහරම දේවල්,...!"

අපූර්වා ලවන්‍යාගේ දෑස් දෙස බලාම පැවසීය...ඉදින්,...ලවන්‍යා නම් ඔය කියන කෙල්ලව හොඳ හැටි දන්නවාය....අපූර්වා ලවන්‍යාගේ කොණ්ඩ කැරැල්ලක් නැවතත්,..අල්ලා ගෙන කැරකැවුවාය....ඇය පොඩි එකෙක් වගේ කොණ්ඩය අල්ලාගෙන සෙල්ලම් කරනවාය...

"බේබි නෝනා,...ඔය කෙස් ටික අතාරින්න...!"

අපූර්වා ලවන්‍යා දෙස බලා,...එය අත්හැරියේ දුකෙන්ය...අපූර්වා පොඩි එකා සේ ඈ දෙස බලා හිඳියාය..

"මොකද,..පොඩි එකා වගේ බලන්නේ...මගේ කෙස් ටික ගලවලා දාන්නද කල්පනාව,...බේබිට..!"

ලවන්‍යා හිනායන තරවටුවකින්,..අපූර්වාගේ නහය මිරිකුවාය...අපූර්වාද සිනාසුණේ,...ඇය පොඩි එකෙක් බලාගන්නා මවක් මෙන්,..සැර වැරකම් කරන විදියටය....

පැය ගානක් ගෙවී ගියායින් අනතුරුව,..මිනිස්සු දෙනෝදාහක් ශාලාවට රැස්ව සිටි අතර වෙරළේද,..වැඩ කටයුතු,..අවසන් කොට තිබුණේය...ලවන්‍යා⁣ට උදේ ඉදන් වද දීපු,..අපූර්වා,..දැන් නම් ඉදියේ,..මහා ආඩම්බරකාරකමකින්ය....ඉදින් එය නම් පුරුද්දක් ය....

"මොකද,..බොරැ පාට් දාන්නේ බේබි නෝනා!"

වෙරළ දිගේ ඇවිදගෙන යන ගමන්,..ලවන්‍යා අපූර්වාගෙන් ඇසුවේ,..අපූර්වා මඳක් සිනාසී,..ලවන්‍යාගේ අතක් කොනිත්තද්දිය...

"බේබි නෝනා!,කොනිත්තනවා වැඩී දැන්!"

ලවන්‍යා ඇය කෙනිත්තු අත ගෙන පිරිමදින ගමන්,..බොරුවට ඇයට බැණ වැදුණාය...එනමුදු එයට බැණුමක් යැයි කීමටද බැරිය...අතිශය සත්‍ය නම්,..එය ආදර තරවටුවක්ය....

ලවන්‍යා ඇයට ඉදිරියෙන් යන අපූර්වා දෙස මඳක් බලා හිඳියාය..මෙවැනිම වූ වෙරළක ඇය හා ඇවිද ගිය සැටි අද වගේ මතකය.....⁣වැල්ලේ වැදෙන අපූර්වාගේ අඩි පාර,..දෙස මඳක් බලා හිඳි,..ලවන්‍යා එයට එහා පැත්තෙන් ඇගේ අඩියත් තැබුවේ,..එදා මෙන් නොව,..එය අපූර්වා නොදැක්කාට,...මෙය නම්,..අපූර්වා හොඳහැටි දැක්කාය....ලවන්‍යා සිනාසීගෙනම ඈ දෙස බලන්න හිස ඔසවද්දි,...අපූර්වා මඳක් අර අමුතු හිනාවෙන් බලා හිඳියේ,..ඒ දෑස් ලවන්‍යාගේ දෑස් හා පැටලෙද්දිය...ඉදින්,..එක හොරයක් නම් අහුවුණ මුත්,.හිතේ හොර හොයන්නට,..අපූර්වා ට හැකිද...

"මොකද හොර ගෙඩියා,....මං දිහා ඇස් කොනෙන් බලන්නේ...!"

ලවන්‍යා,..ඈ දෙස මඳක් බලා හිඳ,..පසුව..ඈ දෙස කෙලින් නොබලා ඇස් කොනෙන් හොරාට බැලුවාය....අපූර්වාට නම් හිනාය....

"අපූර්වා,.....!"

ඈතින් ඇසුණු කටහඬට දෙන්නාම ගැස්සිලා යද්දි..එකටම ඒ දෙස බැලූ,..ඔවුන්,.දැක්කේ,..නුරාදාගේ යෙහෙළියක් ඇයට හා ලවන්‍යාට එන්නට යැයි කතා කරන සැටිය...අඩිය ඉක්මන් කෙරෑ,....අපූර්වා නැවතත්,..පිටුපස හැරී,..ලවන්‍යාගේ අතකින්ද අල්ලාගත්,...අපූර්වා ඇය හා එක්ව අඩිය තැබුවාය...

"මෙතනින් ඉන්න...මං නුරාදාව බලලා එන්නම්...!"

අපූර්වා ඇයව ඇයට පේන මානේ හිඳුවා,..නුරාදා⁣ව හමුවෙන්න ගි⁣යාය..ලවන්‍යා රැස්වෙන පිරිස දෙස බලාගෙනම හිඳියාය....ඒ අතරේ,..⁣⁣වැල්ලට ඇවිත්,..ආපහු මුහුදටම යන රැල්ල ඇදිලා යන හැටි,...ලවන්‍යා ඒ දෙසම දෑස් තබාගත්තාය...ඉදින්,..ඡීවිතය නම් මෙහෙමය...මිනිස්සු එනවා යනවා,...පුංචි පුංචි සිප්පි කටු වගේ,..මතක තැන තැන ඉතුරු වෙනවා,...සමහර ඒවා රිද්දනවා,...ඉතින්,..ඒ අතරේ සතුටු වෙන්න තියෙන මතක තියෙනවා,...අපූර්වා මතකයක් නෙමෙයි,..මේ දැනුත්,..එදත්,..හෙටත්,..හදවතට දැනිච්ච පණ ගැහෙන හැඟීමක් පිරිච්ච,..මනුස්සයෙක්.....

මඳ වෙලාවක් ගෙවී ගියේ,..අපූර්වාව⁣ නොදැකය...එනමුදු ඇය ඉන්නට කියූ නිසාවෙන් ඇය කොහේවත් නොගිය එතැනම රැඳී හිඳියාය....

ගිටාරයත් අතැතිවම ඇවිදින් පිරිස මැද්දට වන්නම පුටුවක ⁣⁣වාඩිගත් අපූර්වා ලවන්‍යා දෙස බලාම ගිටාරය අතට ගන්නට වුණේ,..ලවන්‍යා ඈ දෙස දෑස් ලොකු කරගෙන මොකක්දෝ අමුතු ආඩම්බරේකින් බලා හිඳිද්දිය....

......................................................

ආදරෙයි!..

හඳ තව පස්සට ගියා....🥲❤️🙃

Continue Reading

You'll Also Like

3.8K 486 31
"අපි ආදරේ කරන හැම කෙනාම අපිට ආදරේ නෑ දෙවර්ශි... අපේ තියෙන පෙනුම, සල්ලි, සමාජෙ තියෙන පිළිගැනීම වගේ දේවල් හේතුවක් කරගෙන අපිට ළ‍ං වෙන අය මේ ලෝකෙ හුඟක් ඉ...
4.3K 546 30
ලස්සනම කතාව වුණත් එක තැනක් දුකින් ලියවුණා... පරිච්ජේද ගණනාවක්ම ලියවෙන්න තිබ්බත් මේ කතාවෙ , තවත් පරිච්ජේදයක් ගැන හිතන්න හිතක් නෑ... දුක හිතෙන කතා වල...
38.7K 1.8K 15
Leah Bridges is a plus size black woman that life changes when she says three words: I wish to be married to Jaceyon(the Game) Taylor. She gets her w...
5.5K 138 4
"𝙮𝙤𝙪 𝙜𝙤𝙩 𝙩𝙝𝙖𝙩 𝙡𝙤𝙣𝙜 𝙝𝙖𝙞𝙧, 𝙨𝙡𝙞𝙘𝙠𝙚𝙙 𝙗𝙖𝙘𝙠, 𝙬𝙝𝙞𝙩𝙚 𝙩-𝙨𝙝𝙞𝙧𝙩 𝘼𝙣𝙙 𝙄 𝙜𝙤𝙩 𝙩𝙝𝙖𝙩 𝙜𝙤𝙤𝙙 𝙜𝙞�...