2024 මාර්තු
Paris
යිබෝව වගේම එයාගෙ මැනේජර් chen ව පුදුම කරමින් ඒ චොකලට් ශොප් එකේ දොරින් ඇතුල් උනේ කවුද??
එයා 2000 අවුරුද්ද වෙනකොට චීනයේ ජනප්‍රියම නලුවා වෙලා හිටිය, ආසියානු සිනමා උලෙලක හොදම නලුවාට සම්මානත් ගත්ත .. Industry එකේ top position එකේ ඉදිද්දීම හිටිහැටියේ අතුරුදහන් උන David Chang Lee වගේමයි ..
" හෙලෝ Lee.. "
Louis එයාව දැකලා greet කල හැටියට යිබෝගෙ සැකය තව ටිකක් තහවුරු උනා.
තමන් දිහා පුදුමයෙන් වගේ බලාගෙන ඉන්න චීන ජාතිකයෝ දෙන්නට මද සිනහවකින් සංග්‍රහ කරමින් ඔහු louis ලගට ගියා.
" lee , මේ දෙන්නා චීනයෙන් තමයි ඇවිත් ඉන්නෙ.. Yibo සහ chen.."
Louis ඔවුන්ව හදුන්වලා දුන්නා.
" එතකොට මේ ඉන්නෙ David chang Lee.. "
හරි.. එයාලගෙ සැකය හරි.. මේ තමයි ඒ හිටපු සුපිරි තරුව. අවුරුදු 23 කට පස්සෙ උනත් පෙනුම ලොකුම වෙනසක් නෑ. Mature look එකක් ඇවිත් විතරයි.. තාම ගොඩක් handsome ..
"David lee තමයි මගේ partner .. හරියටම කියනවා නම් මගේ හස්බන්ඩ්.."
..........💚❤️...........
Louis ගෙ ඒ වචනත් එක්ක යිබෝට David chang Lee ක්ශෙත්‍රයෙන් අතුරුදහන් උන එකට හේතුව අනුමාන කරන්න පුළුවන් උනා..
එතකොට එයා ආදරේ නිසා හැමදේම අතහැරලා මෙහේ ආවද??
"David Chang Lee..?? ඔයා එහෙනම් ඇත්තටම ඒ සුපිරි නලුවා නේද..?? හමුවීම ලොකුම සතුටක්.."
යිබෝ එයාට අතට අත දෙමින් කිව්වා.
" hello, wang yibo !! මම ඔයා ගැන දන්නවා.. තාමත් මම ඉදහිට චීනයේ හොද චිත්‍රපට , නාට්‍ය බලනවා.."
" ඔයා xiao zhan ව දන්නවද?? එයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ් .. එයා ඔයාගෙ ලොකුම ලොකුම.. රසිකයෙක් .. ඔයාගෙ suzhou river , the triad zone, unborn චිත්‍රපට තුනම එයා මට බලන්න දුන්නා. "
මගේ බෝයිෆ්‍රෙන්ඩ් !! ඒ වචනය යිබෝගෙ මුවින් පිටවුනේ කිසිම ආයාසයක් නැතුව .. හරිම පහසුවෙන්..
" එදා louis කිව්වම xiao zhan කියලා උස ලස්සන චීන තරුණයෙක් ආවා කියලා .. මට හිතුනා ඒ ජනප්‍රිය තරුව වෙන්න ඕන කියලා .. මම ඔයාලා දෙන්නගෙ the untamed ඩ්‍රාමා එකත් බැලුවා..
එහෙනම් ඔයාලා දෙන්නා ඩ්‍රාමා එකේ විදිහටම ඇත්තටම ආදරෙන් බැදුනා නේද?? "
David Lee හිනාවෙලා කිව්වා..
හමුවෙලා ගතවුනේ විනාඩි කීපයක් උනත් ඔවුන් බොහොම comfortable feeling එකක් එක්ක හිතවත් වෙලා තිබුනා..
................❤️💚............
2018 අගෝස්තු.
Hengdian - china
10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1....
HAPPY BIRTHDAY WANG YIBO.....!!!!!!
Xiao zhan හරියටම රෑ 12.00 ට කෑ ගහලා කිව්වා..
ඒකට ස්තූතිය වෙනුවට යිබෝගෙන් ලැබුනේ lan zhan ගෙ ඇදුමේ ලොකු sleeves වලින් ගුටි තමයි..
අද යිබෝගේ 21 වෙනි උපන්දිනේ උදාවුනේ.
එයාලා රෑ 12.00 ත් හිටියේ TU shooting site එකේ..
Zhan සුබ පැතුවට පස්සෙ crew එකේ හැමෝම යිබෝට විශ් කලා.
ඊට ටික වේලාවකට කලින් " happy birthday wang yibo.. මෙන්න ඔයාට උපන්දින තෑග්ගක් .." කිය කිය zhan පුංචි insect කෙනෙක් අතින් අරගෙන යිබෝගෙ පස්සෙන් දිව්වනේ. යිබෝ ඉතින් පුංචි කෘමි සත්තුන්ට බයයිනෙ ..
" එන්න එපා මා ලගට .." කිය කියා යිබෝත් දිව්වා..
මේ දෙන්නගෙ වැඩ වලට crew එකේ හැමෝටම හිනා..
අද සෙට් එකේ සෑහෙන්න බිසී දවසක්.. රෑ 12.00 ත් පහුවෙන කල් shooting .
............
Shooting වලින් පස්සේ staff එකෙන් යිබෝට චූටි බර්ත්ඩේ treat එකක් ලෑස්ති කරලා තිබුනා.
එයාලා ලොකු birthday කේක් එකක් අරගෙන ආවේ එයාට සුබ පතන්න.
Zhan නම් ඒ වෙන කොට costumes අයින් කරල කැෂුවල් ඇදුම් ඇදගෙන හිටියේ . Yibo නම් තාම lan zhan costume එකෙන් . Change කරලා ඉවර වෙලා උපන්දිනේ සමරන්න බැරි තරම් වැඩ ඉවර වෙන්න පරක්කු උන දවසක් ඒක .
යිබෝ ඇස් දෙක පියාගෙන ප්‍රාර්ථනාවක් කරලා 21 කියලා ගහලා තිබුනු ඉටිපන්දම් පිඹලා නිව්වා.
" මොනවද ඔයා ප්‍රාර්ථනා කලේ?? "
ස්ටාෆ් එකේ කවුරු හරි ඇහුවම යිබෝ කිව්වේ " ඒක කියන්න ඕන නෑ " කියලා ..
ඊලගට තිබුනේ කේක් එක කපන වෙලාව.
" කෝ මගෙ bichen කඩුව?? "
" ඇත්තටම ඔයා ඒකෙන්ද කේක් එක කපන්න හදන්නේ ??"
හැමෝම හිනාවුනා.
" අම්මෝ..මේක ලොකු කේක් එකක්.. මේක ඉවර කරන්න පුළුවන්ද?? "
" මට නම් ලොකු කේක් කෑල්ලක් කන්න පුළුවන් . මට බඩගිනියි. "
එහෙම කිව්වෙ xiao zhan ..
යිබෝ කේක් එක කැපුවට පස්සේ පලවෙනි කෑල්ල දෙන්න හැදුවේ zhan ට.
Zhan තමයි පලවෙනි කෑල්ල TU වල producer ට දෙන්න කියලා යිබෝට කිව්වේ.
ඒක චොකලට් චිප්ස් උඩින් ගහලා සරසපු කේක් එකක්.
යිබෝ ඊලගට zhan වෙනුවෙන් ලොකු කේක් කෑල්ලක් කැපුවා.
" zhan ge.. මම ඔයාට extra chocolate කෑල්ලක් දානවා .."
යිබෝගෙ උපන්දිනේ unofficial bts පස්සේ කාලෙක release උනාම තමයි කට්ටිය ඒ කොටස දැක්කෙ ..
LOVE is.. Giving an extra piece of chocolate !!! 🥰
...............❤️💚.........
යිබෝගෙ උපන්දිනේ දවසේ රෑ ඒ දෙන්නට rooftop එකේ සීන් එකක් තිබුනා shoot කරන්න.
ඒ ශූටින් එකෙන් පස්සේ ඒ දෙන්නා විතරක් ටිකක් වෙලා rooftop එකේ ඉදන් තරු පිරුණු අහස දිහා බලාගෙන හිටියා.
" zhan ge.. Thank you ඔයාගෙ තෑග්ගට. ඒ හෙල්මට් එක නියමයි.. ."
" ඔයා ඒකට කැමතියි නම් මට ඕන එච්චරයි .."
ඊට පස්සේ ටිකක් වෙලා තිබුනේ බොහොම සුන්දර නිශ්ශබ්දතාවයක්.. කැමරාවට හොරෙන් ඇගිලි පටලවාගෙන ඒ දෙන්නා තරු පිරුන අහස දිහා බලාගෙන හිටියා.
" ඔයාට දැන් 21ක්. "
Zhan කිව්වෙ මහපට ඇගිල්ලෙන් යිබෝගෙ අල්ලාගෙන සිටිය අතේ ඇගිලි පිරිමදින ගමන්..
" ම්ම්.. මට අවුරුදු 21 දි තියෙන දේ අවුරුදු 81 දිත් එහෙමම තියෙනවා නම් ඒ ඇති.."
" බොබෝ..?? "
" ඒ කිව්වෙ .. මේ වගේ මගෙ හැම උපන්දිනයක්ම ඔයා එක්ක සමරන්න .. මට අවුරුදු 81 ක් වෙනකල්ම ඔයාගෙ ලග මේ විදිහට ඉන්‍න .."
යිබෝ ඇස් දෙක බලාගෙන කියන කොට zhan ට දැනුනේ දියවෙලා යනවා වගේ.
ඒක ඇත්තටම හරිම romantic මොහොතක්..
තරු පිරුනු ලස්සන අහස යට, rooftop එකේ වාඩිවෙලා ඉන්න ගමන් බෝයිෆ්‍රෙන්ඩ් එහෙම කතාවක් කියන කොට ..
මේ එයාව සිපගන්නම ඕන වෙලාවක්...!!
ඒත් bts කැමරා ඇස් තමන් දිහාවට එල්ල වෙලා කියලා zhan ට තේරෙනවා.
" මගේ gouzaizai.. .. මටත් ඕන ඒකමයි.."
Zhan යිබෝගෙ අතැගිලි තවත් තදින් අල්ලා ගනිමින් කිව්වා..
....................
ඒ උපන්දිනේ දවසේ යිබෝ weibo එකේ දාපු පෝස්ට් එකෙත් තිබුනේ
" what has already been set when I'm 21, I hope that at age 81 will still be true .."
කියලා ..!!
.............❤️💚................
2024 මාර්තු
Paris
Edwart Chocolatier ශොප් එකේ මේසයක් වටේට ඒ හතර දෙනා වාඩි වෙලා හිටියේ .
යිබෝ , එයාගෙ මැනේජර් chen , david lee සහ එයාගෙ හස්බන්ඩ් louis ..
අනේ zhan ge ත් හිටිය නම්.. යිබෝට එහෙම හිතුනා.
Louis එයාලට වියලි raspberries දැවටුන chocolate french crullers එක්ක Tahini chocolate short bread plates දෙකක් ගෙනැත් තිබ්බා..
Peanut butter hot chocolate drinks එක්ක ..
අම්මෝ.. ඒ රසට පිස්සු හැදෙන තරම්..
අනේ මන්දා , මෙහෙම heavenly කෑම බීම තියෙන තැනක ඉදගෙන louis සහ David lee මේ විදිහට හොදට figure එක තියාගෙන ඉන්නෙ මොන මැජික් එකකින්ද මන්දා..
ඉතින් David chang lee එයාගෙ කතාව කියන්න පටන් ගත්තා.
" 2000 අවුරුද්දේ paris fashion week එකට ආපු වෙලාවෙ තමයි මට louis ව හම්බ උනේ..
මම ඒ දවස් වල Fendi සහ Prada වල brand ambassador නෙ.."
Fendi , Prada වගේ ටොප් බ්‍රෑන්ඩ්ස් දෙකකම ambassador වෙන්න David lee ඒ දවස් වල කොයිතරම් ජනප්‍රියද කියලා හිතාගන්න පුළුවන්නෙ.
" ඉතින් ඒ අතර off වරුවක මම පැරිසියේ ඇවිදින කොට තමයි මේ edwart chocolatier ශොප් එකට ආවේ..
මුලින්ම පිස්සු හැදුනේ මේ චොකලට් වල රසට.. ඒ වෙලාවෙ ශොප් එකේ හිටියේ louis ගෙ තාත්තා .
ඊලගට තමයි අවුරුදු 23 ක දුඹුරු ඇස් , දුඹුරු කොන්ඩෙ තියෙන හරිම ලස්සන පිරිමි ලමයෙක් දොරෙන් එලියට ආවේ. . සුදු පාට ඒප්‍රන් එකකුත් ඇදගෙන.."
"මේ edwart chocolatier පටන්ගත්තෙ මගේ සීයා. ඒ දවස් වල මගේ තාත්තාට මාත් උදව් කලා මේ වැඩ වලට
මට මතකයි Lee එදා creamy chocolate pudding එකක් තමයි කකා හිටියේ .. එයා හරි ලස්සනයි කියලා මට දැකපු ගමන් හිතුනා.."
Louis කතාවට උදව් කලා..
" එතකොට මට වයස 25 යි.. ඒක පලමු දැක්මෙන් ඇතිවෙච්ච ආදරයක්.."
මීට අවුරුදු 23 කට කලින් මේ ශොප් එකේදි හමුවෙලා ආදරෙන් බැදුන චීන ජාතික සහ ප්‍රංශ ජාතික ලස්සන පිරිමි ලමයි දෙන්නා යිබෝට මැවිලා පෙනුනා.
" එදා මම මගේ හොටෙල් එකට ගියේ නෑ. Louis එක්ක එයාගෙ ගෙදර ගියේ. ඒකට මගේ agency එකට හොදටම තරහ ගියා.
ඊට පස්සෙ ආයෙත් චීනයට යන්න කලින් මට තිබුනෙ දවස් තුනයි. ඒ දවස් වල හැම off වෙලාවම, ඊට පස්සේ හැම රැයක්ම මම louis එක්ක ගත කලා.
මගේ management එක ඒකට මට හොදටම දොස් කිව්වා. ඒත් එයාලා හිතුවා paris fashion week එක ඉවර වෙලා මම චීනෙට ගියාම ඔක්කොම ඉවර වෙයි කියලා . Agency එකට මාව ගොඩක් වටිනවා. මම Industry එකේ top position එකේ හිටියේ .. "
"ඒත් අපේ සම්බන්දය long distance relationship එකක් විදිහට දිගටම තිබුනා.."
" ඔව්ེ . ඊලගට 2001 දී louis චීනෙට ආවා මාව බලන්න . එදා තව පොඩ්ඩෙන් අපි දෙන්නා එයාපෝර්ට් එක ලග කාර් එකක් ඇතුලේ කිස් කරන ෆොටෝ එකක් ලීක් වෙනවා.
මගෙ agency එක ඒ පැපරාසියාට ලොකු ගානක් ගෙවලා තමයි වැඩේ ශේප් කරගෙන තියෙන්නෙ..
එදා ආයෙත් ඒ ප්‍රශ්නය ඇදුනා..
මගේ management එකට හොදටම තරහ ගිහින් හිටියේ ..
මගේ agency එකෙන් කිව්වා industry එකේ ඉන්න ඕන නම් louis එක්ක තියෙන ඔක්කොම සම්බන්දකම් නවත්වන්න කියලා . එහෙම agreement එකකට sign කරන්න කියලා ..
මට එදා දෙකෙන් එකක් තෝරාගන්න උනා.
රස්සාව හරි ආදරය හරි..
ඔයාලා දන්නවනෙ ඉතින් මම තෝරා ගත්ත එක..!!
මට හිතුනා චීනයේ ඉදන් මගේ ආදරයට , මගේ අනන්‍යතාවයට අනාගතයක් නෑ කියලා .
ඉතින් මම louis එක්ක මෙහේ ආවා..!! "
" ඇවිල්ලා අවුරුදු 3 කින් අපි කසාද බැන්දා"
" අපි බැදලා දැන් අවුරුදු 20ක්.."
අවුරුදු 23 ක සම්බන්ධයක්!! අවුරුදු 20 ක විවාහ ජීවිතයක්.. !! ඒක සුලුපටු දෙයක් නෙවෙයි.
David chang lee ගෙ ඒ කතාව එක්ක යිබෝගෙ සිහියට ආවෙ එයාගෙයි , zhan ගෙයි සම්බන්ධය ..
ඇත්තටම අපේ ආදරයට .. අපේ සම්බන්ධයට අපේ රටේ මොන වගේ අනාගතයක් තියේවිද??
මේ දෙන්නා වගේ නිදහසේ ආදරෙන් ඉන්න කවදා ඉඩක් ලැබෙයිද..
මේ විදිහට නීතියෙන් අපේම වෙන එක හීනයක් විතරක් වෙයිද..
" යිබෝ ඔයාලා දෙන්නා යාලුවෙලා දැනට කොච්චර කල්ද?? "
" හම්බ වෙලා අවුරුදු 7 යි. යාලුවෙලා දැනට අවුරුදු 6 ක් වෙනවා.."
The untamed කාලෙ සුන්දර ගිම්හානය මතක් වෙනකොට තාමත් යිබෝගෙ මූණෙ මදහසක් ඇදෙන්නෙ ඉබේටම..
" නියමයි.. ඒ ආදරේ රැකගෙනම ඔයාලා දෙන්නම field එකේ ලොකු ගමනක් ඇවිත් තියෙනවා.."
David lee කිව්වා..
ඒ වෙලාවෙ ශොප් එකට ආපු customers ල වගයකට උදව් කරන්න louis ගිහිල්ලා හිටියේ ..
David lee එයාට ඇහෙන්නෙ නැතිවෙන්න හිමිහිට කතාකලා..
" මම අවුරුදු 23 කට කලින් career එකේ peak එකේ ඉන්න කොට තමයි ඒක දාලා ආවෙ.. ඒ ගැන මට කිසිම පසුතැවීමක් නෑ. මොකද ඒ වෙලාවෙ මට දෙකෙන් එකක් තෝරා ගන්නම උනා. ආයෙත් අවස්ථාවක් ආවත් මම තෝර ගන්නෙ louis ව..
ඒත්.ඒත් .. සමහර වෙලාවට මට මතක් වෙනවා නලුවෙක් වෙලා මට යන්න තිබුනු දුර...රගපාන්න ආසාවෙන් හිටිය , ඒත් කරන්න බැරි වුන වෙනස් වෙනස් චරිත....
ඒ නිසා යිබෝ... හොදම දේ තමයි එක දෙයක් වත් අත අරින්නෙ නැතුව ආදරයයි , field එකේ වැඩයි දෙකම balance එකේ කරගෙන යන එක..!!
මට හිතෙන්නේ ඔයාලා දෙන්නා ඒක සාර්ථකව කරනවා.!! ඒක සැහෙන්න අමාරු දෙයක් වෙන්න ඕන !! මට ඔයාලා දෙන්නා ගැනම ගොඩක් ආඩම්බරයි wang yibo !! "
..............❤️💚.............
යිබෝ ඒ දෙන්නාගෙන් සමුඅරන් shop එකෙන් යන්න පිටත්
වෙන්න හැදුවෙ zhan ට අරන් යන්න බරටම රස වෑහෙන තෑගිත් අරන්.. .!!
මැනේජර් chen නුත් එක එක ජාතියේ චොකලට් වර්ග ගත්තා ගෙනියන්න ..
" පොඩ්ඩක් ඉන්න යිබෝ.."
David lee ලොකු වීදුරු bowl එකක් අරන් ආවා.. ඒකෙ පිරිලා තිබුනෙ fortune cookies .. හැබැයි chocolate වලින් හදපු ඒවා.
fortune cookies සාමාන්‍යයෙන් චොකලට් වලින් හදන්නේ නෑනෙ. ඒක චයිනීස් කෑමක්. Edwart chocolatier එකෙන් ඒවා modify කරලා වගේ..
හැම Fortune cookie එකක් ඇතුලෙම තියෙනවා කඩදාසි chit එකක්.. ඒවායේ සාමාන්‍යයෙන් තියෙන්නෙ අනාගතය ගැන අනාවැකියක් .. එහෙම නැත්නම් අවවාදයක් ..
" අවුරුදු 23 කට කලින් , lee මාත් එක්ක මෙහෙ එන්න තීරණය කල දවසේ අපි දෙන්නා fortune cookie එකක් කෑවා.. ඒකෙ තිබුනේ " ඔබේ හදවත කියන දේ අහන්න .. ඒක නිවැරදි තීරණයක්.." කියලා .. "
Louis පරණ මතකයක් ගෙනාවා..
"ඔව් .. එදා අපි ආයෙත් හිතුවා අපේ තීරණය හරියට හරි කියලා .."
David lee කිව්වේ louis දිහා ආදරෙන් බලමින්.
David lee ඒ fortune cookies එකක් chen ටත් තෝර ගන්න කියලා කිව්ව.
ඊට පස්සේ ඔහු යිබෝ දිහා බැලුවා.
" යිබෝ , මේ chocolate fortune cookies දෙකක් තෝර ගන්න ඔයා. ඔයාටයි..xiao zhan ටයි.."
එයාටයි xiao zhan ටයි යිබෝ fortune cookies දෙකක් තෝර ගත්තට පස්සේ david lee ඒක ලස්සනට wrap කරල දුන්නා.
" ඔන්න දෙන්නාම ඉන්‍න තැන ඒක open කරන්න යිබෝ.... ඊට පස්සේ බලන්න ඒකෙ තියෙන අනාවැකිය මොකක්ද කියලා "
"ඔව්..මම zhan ge එක්කම ඒක කඩලා බලන්නම්.."
" අනික ඔයා xiao zhan එක්කම ආයෙත් වතාවක් මෙහේ එන්න යිබෝ.."
" අනිවාර්යයෙන්ම එනවා.."
යිබෝට හදිසියේම zhan නැති පාලුව ආයෙත් දැනෙමින් තිබුනේ. අනේ එයත් මෙතන හිටිය නම්!! සමහර විට මේ නිදහසේ ආදරය විදින යුවල දැකලා වෙන්න ඇති .
. . ......
නැවත වතාවක් ස්තූති කරලා යිබෝ පිටත් වෙන්න හදන කොට ඇතුලේ ඉදන් louis තව ලස්සනට pack කරපු පාර්සල් එකක් අරන් දුවගෙන ආවා..
" මෙන්න යිබෝ ඔයාටයි zhan ටයි අපි දෙන්නාගෙන් තව විශේෂ තෑග්ගක් .. "
" මේ මොනවද?? "
යිබෝ ඇහුවේ පාර්සල් එක ඔබලා ඒක ඇතුලේ මොනවද තියෙන්නෙ කියලා හිතමින් ..
" ඒක විශේෂ තෑග්ගක් ඔයාලා දෙන්නටම..!! ඒක දැන්ම ඇරලා බලන්න එපා.."
Louis කිව්වා..
" ඔව් ඔව්.. Xiao Zhan ඉන්න කොට විතරක් ඔය පාර්සල් එක බලන්න ...මොකද ඕක surprise එකක්..!! "
................❤️💚............
To be continued...
Love you all 🥰🥰