උන් දෙන්නට ඹ්න මංගල්ලයක් කරගන්න කියලා මං එන්න ආවා. මඟදි ස්ටුඩියෝ එක පැත්තට හැරෙව්වේ කාලෙකින් දෙන්නා දැක්කේ නැති නිසා. කිත්නුක අයියා ගැන එදා කිව්ව දේවල් එක්ක යන්න කම්මැලි හිතුනත් කමක්නෑ කියලා මං ආයේ ගියා. ඇතුලට යද්දි සූ ගාලා සෙනඟ. මං එනවා දැකලා විහස් අයියා එන්න හැදුවත් දෙන්නගේ වැඩ පාඩු කරන්න ඹ්නනැති නිසා මං අතින් කාමරේ පැත්ත පෙන්නලා ඒ පැත්තට ආවා. අයියගේ චැනල් සෙන්ටර් එක අස්කරපු නිසාද මන්දා මට මහන්සියක් දැණුනේ. බඩේ තුවාලෙත් යාන්තම් කැක්කුම ආවා. ඒක නිසාම මං තුවාලෙට අත තියාගෙන පුටුවේ වාඩිවෙලා එතන තිබුන දිග මේසේ ඔලුව තියාගත්තා. ටිකකින් ඔලුවට සනීපයක් වගේ දැනුන නිසා මං ඔලුව උස්සලා බලද්දි විහස් අයියා මගේ ඔලුව අතගානවා. මං ඔලුව ඉස්සුවේ යාන්තමට හිනාවේගෙන. මගේ මූණේ තිබුන වෙනස නිසාද මන්දා මූණ අදුරුවුනා.
“නංගි උඹ හොදින්ද. මූණත් එක්ක මැලවිලා....”
“නෑ හලෝ. ඇඟට ටිකක් ෆිට් මදි වගේ. ඒකයි ඔලුව තියාගත්තේ....”
“ඇයි බං. තුවාලෙත් අල්ලගෙන. යමුද ආකේෂ් අයියා හම්බවෙන්න.....”
විහස් අයියා එහෙම කියද්දි මගේ ඇඟ සීතලවෙලා ගියේ දැනට ටික වෙලාවකට කලින් වෙච්ච ඇක්ෂන් ඩ්‍රාමා එක මතක් වෙලා. මං කෙලින් වුනේ ඉද්ද ගැහුවා වගේ.
“නැතුවට කමක්නෑ. මැරුනත් මෙහෙම ඉන්නම්. අම්මෝ......”
“මොකෝ බං. ආකේෂ් අයියා එක්කත් අවුලක් දාගත්තද...”
“ඌ එක්ක නෙමේ. උගේ වෙන්න ගැණි එක්ක. ඒක හොද ගෑණි. වෙල මැද්දේ හිටවපු පඹයා වගේ...”
“මොකෝ බං මේ..”
විහස් අයියා හිනාවෙවී අහද්දි මං විස්තරේ කිව්වා. මූණේ හිනාව තවත් පලල් වුනා. මූට නම් මොකෝ. අර ඇටකටු ගොඩේ වැදිලා තාම මගේ අත පුපුරු ගහනවා. අපි දෙන්නා කයිය ගගහා හිටිය තැනට ආවේ කිත්නුක අයියා. එයා එද්දිම මට බිම බැලුනේ එදා විහස් අයියා මේකා මට කැමතියි කිව්ව කියලා මතක් වුනාම. කිත්නුක අයියගේ මූණ බලන්න නිකන් මොකක්ද මොකක්ද වගේ. කිත්නුක අයියා එද්දිම වගේ විහස් අයියා නැගිටලා ගියා. ඒ මොකෝ අර.. මං බැලුවේ විහස් අයියට එකපාරට වුනේ මොකක්ද කියලා. කවුරුවත් උන්දැට යන්න කිව්වේ නෑනේ. ඒත් ඊට කලින් කිත්නුක අයියා මගේ ලගින් වාඩිවෙලා මගේ අත්දෙකම අල්ලගත්තා. මගේ ඇඟ දිගේ නිකන් කරන්ට් එකක් ගියා වගේ දැනුනේ.
“ඇ.. ඇයි මේ....”
“ඇයි හිරූ මේ මූණත් මැලවිලා. සනීප නැද්ද...”
“ආ...න්.. මේ මුකුත් නෑ....”
“ඔයාට අසනීප නම් අපි බෙහෙත් ටිකක් ගන්න යමු.....”
“මුකුත්නෑ කිව්වනේ අයියේ.......”
ටිකක් සැරේටම මං කිව්වේ මේකට සිංහල නොතේරෙන නිසා. කිත්නුක අයියා මගේ මූණ දිහා එකදිගටම බලගෙන හිටියා. මේකා මෙහෙම බලගෙන ඉන්න එක හරිනෑ කියලා තේරෙන්නැද්ද මන්දා. මට නිකන් මෙතන හාරගෙන යන්න හිතෙනවා.
“ඇයි....”
බැරිම තැන මංම කට ඇරියා. කියන්න බෑනේ මං දිහා බලාගෙන පිළිකුල් භාවනාවවත් වඩනවද කියලා. කිත්නුක අයියා ලොකු හුස්මක් අතෑරියා.
“මුකුත්නෑ නංගි....”
“මට බොරු කියන්නෙපා. මන් දන්නවා ඔයාට දැන් මට කියන්න මොනවාහරි තියෙනවා නේද. කියන්න මං අහන් ඉන්නේ..”
“නංගි....”
කිත්නුක අයියගේ ටෝන් එක වෙනස්වුනා. මාත් බලන් හිටියේ මොනවද මෙච්චර කියන්න තියෙන්නේ කියලා.
“ඹ්.....”
“ඔයා දන්නවා නේද...”
“මොනවද අයියේ...”
මං නම් ගොඩක් ඒවා දන්නවා. ඒත් මෙයා අහන්නේ මොන හරුපයක්ද දන්නෑනේ....
“නෑ.. නංගි මේ.....”
ඔන්න ගොතගහන්න ගත්තා. මූ කොල්ලෙක්ද මන්දා. කෙල්ලෙක් වගේ ගොතගහන්නේ. මූට වඩා ඩිරෙක්ට් දේවල් මං කියනවා.
“අයියේ කියන්න මට බයවෙන්න එපා. මොකක් කිව්වත් මං ඔයාව මරන්නේ නෑනේ.”
කියපංකෝ. කිව්වට පස්සේ ගහන එක වෙනම කතාවක් .
“නංගි.. ඔයා දන්නවා නේද මං ඔයාට ආදරේ කරනවා කියලා”
මට හීක්ගෑවිලා කැස්සකුත් ආවා.. මහලොකු පඬියා වගේ කියන්න කියන්න කිව්වට මෙයා මේ හදන්නේ ඹ්ක කියන්න කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ. ඒක හින්දම තමයි මං ගොලුවෙලා ගියේ.
“කියන්න නංගි ඔයා දන්නා නේද...”
“ආ.. ඔව් මං දන්නවා.”
“අනේ රත්තරනේ මං ඔයාට වඳින්නම්. ප්ලීස් ඔයා ඔය කරන වැඩේ නතරකරන්න. ප්ලීස් නංගි ප්ලීස්..”
කිත්නුක අයියා මං ලග වැදගෙන කියවන්න ගත්තා. මං ටික්ගාලා ඉන්න තැනින් නැගිට්ටේ මූ ඇත්තටම වදීද දන්නැති නිසා. එහෙමට බඩුව...
“හරි.. හරි.. ඇයි දැන් අයියා මට මේක නවත්තන්න කියන්නේ.”
“ඔයා ඔය කරන දේවල්වලින් ඔයාගේ ජීවිතේට මොනවාහරි වුණොත් කවුද වගකියන්නේ. ඊයෙත් අර අමන හැත්ත ඔයාලගේ ගෙදරට ආවා නේද.”
මං තත්පරේට හැටේ වේගෙන් ඔළුව හරවලා කිත්නුක අයියා දිහා බැලුවේ ඒක දන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව. මොකද ඒ වෙලේ ගෙදර හිටියේ ගෙදර අය ඇරෙන්න අකේෂ් අයියයි දිල්රුයි විතරයි. මගේ බැල්මට් එක තේරිලද කොහේද කිත්නුක අයියා කට ඇරියා.
“හරි ඔහොම බලන්නෙපා. මට කිව්වේ අකේෂ් අයියා.”
“ආ... එයාද..”
ආකේෂ් ගොයියෝ. උඹ කන්න හදන්නේ. මඟුලකටද ගෙදර ඒවා මෙතන කිව්වේ. විශේෂයෙන් මේ අඬන බබාට. ඔක්කොමත් හරි අදොනාවමයි ඉවසන්න බැරි.
“කියන්න නංගි. ඔයා නතර කරනවා නේද..”
“හරි මං නවත්තන්නේ ඇයි. නැතිවුණොත් නැතිවෙන්නේ මගේ ජීවිතේනේ.”
“ඔයාගේ ජීවිතේ බව ඇත්ත. ඒත් ඒ ජීවිතේ මට ඹ්න. මගේ සතුට තියෙන්නේ ඔයාගේ ජීවිතේ ඇතුළේ. ඔයා ගොඩක් ලස්සන කෙල්ලෙක්. ඒ ලස්සන මගේ කරගන්න මං ගොඩක් කල් හීන මැව්වා නංගි. ඇත්තටම මං ඔයාට ගොඩක් ආදරෙයි.”
පිස්සු හැදිච්ච ගිරවෙකුට මයික් එක දුන්නා වගේ කිත්නුක අයියා කියවන්න ගත්තා. මට නේද උන්හිටි තැන් අමතකවුනා උන්දැ කියවපුවට. කටඋත්තරත් නෑ... නුදමුත් මට ආදරෙයි කිව්වා තමයි. හැබැයි මෙහෙම කියෙව්වේ නෑ. මෙහෙම තියා ඒකා කොහොමටවත් කටින් මට ආදරෙයි කිව්වේ නෑ. පෙන්නුවා මිසක්.
“හ්ම්.....”
“කියන්න. නවත්තනවා නේද
“කල්පනා කරලා බලන්නම් අයියේ. මං දැන් යන්න ඹ්න.”
මං කිත්නුක අයියාගෙ අත්අස්සට හිරවෙච්ච මගේ අත ඇදලාගත්තා. ආයේ එයා දිහා බලන්නේවත් නැතුව මං ස්ටුඩියෝ එකෙන් එළියට ආවේ විහස් අයියා පණ ඇරගෙන මගේ නම පාඩම් කරද්දි.
*********************/////******************
ආයෙත් හමුවෙමු 💐
මං පිනිරූ