වර්තන💚❤️ (Hold)

By Darkness_OSIRIS

5.4K 588 939

"හිත හඳාගෙන මටත් අමතක කරන්න තිබ්බා බන්...මාත් ඌ වගේ ආදරේ සෙල්ලමට ගත්ත නම් !!!" More

චරිත හදුන්වාදීම
01කොටස
02 කොටස
03කොටස
04කොටස
05කොටස
06කොටස
07 කොටස
08කොටස
09කොටස
10 කොටස
11 කොටස
12කොටස
13කොටස
15කොටස
16කොටස

14කොටස

207 22 43
By Darkness_OSIRIS

ඊයේ රෑ මා එක්ක නිදාගත්ත මනුස්සයා මම පාන්දර නැගිටිද්දි ලඟ නැති වෙද්දි මගේ හිතට අමුතු කේන්තියක් ආවා ඒත් අපි දෙන්නා ගැන ගෙදර කිසිම කෙනෙක් නොදන්න නිසා එයා එහෙම හැසිරෙන්නේ කියලා මම දන්නවා..

ඒත් ඉතින් මේ ලමයට එයාගේ අයිතිකාරයාව ඕනනේ...

ටේබල් ලෑම් එක උඩ තිබ්බ ෆෝන් එකේන් වෙලාව බලපු මගේ ඇස් දෙක ලොකු උනේ තාම පාන්දර තුන වෙද්දි මෙච්චර වේලස්සන කවදාවත් නොයන එයා අද යන්න තරම් තිබ්බ හේතුව නොදැන හිත ඕනවට වඩා රිදෙන්න ගනිද්දි...

වතුර බොන්න කියලා නැගිටින්න යනවත් එක්කම බැල්කනි එකේ ජනේලෙත් වහන් ඇතුලට ආව එයාව දැකලා මගේ මුහුණට හිනාවක් ආවේ කලින් තිබ්බ පාලු ගතිය මගෙන් ඈතට පැනලා දුවද්දි..

ඒ කියන්නේ ගිහින් නෑනේ...

"බබා...

"හ්ම්ක්...

"මොකෝ බන් ??

"කෝද අනේ යන්නේ ඔයා...

"එලියට ගියා මොකද මහා පාන්දර නැගිටන් කරන්නේ??

වතුර විදුරුව ගන්න නැගිටින්න ගියත් ඊට කලින් ඉස්සර උන එයා වතුර විදුරුව අරන්  මගේ දිහාවට දික් කරන ගමන් මන් ලඟින් ඉඳ ගත්තේ මම එයාගේ පිටට කම්මුලක් හේත්තු කර ගනිද්දි...

"වතුර තිබහටනේ නැගිට්ටේ...එලියේ මොනාද කරේ??

" කෝල් එකක් ආවා...ඔයා නිදි නිසා එලියට ගියේ...එන්න නිදාගන්න මහන්සි නැද්ද ??උදේ ඉඳන් අර බටු ඇට ටිකත් එක්ක දඟලා...

එයා එක්ක හිනා උන මම වතුර විදුරුව එයාගේ අතට දීලා ඇදෙන් ඇල උනේ එයත් මගේ ලඟින් ඇල වෙද්දි...

එයාගේ පපුවට පිට හේත්තු කරගත්ත මගේ ඉනවටේ අතක් යවපු එයාගේ තොල් නැවතුනේ මගේ හිස් මුදුනේ වෙද්දි මම එයාගේ පැත්තට හැරුනේ එයා බලන් ඉද්දි...

"අයියේ??

"ම්ම්ම්....

"ඇයි මං ලඟ නතර උනේ??

මන් ඇහුව්ව දේ එක්ක මෙච්චර වෙලා කොණ්ඩගස් අතර දඟ කරපු එයාගේ අත නතර වෙද්දි මම එයා දිහා බලන් හිටියේ ඇයි අහන බැල්මකින් වෙද්දි..

" මට දැනුන නිසා!!!

කෙටි උත්තර හැමදාමත් වගේ එයාගෙන් මගේ ප්‍රශ්න වලට විතරක් නෙමෙයි හැමතැනකම වගේ කෙටි උත්තර තියෙද්දි හැබැයි ඒ කෙටි උත්තරේ උනත් අර දිග රචනාවල් වලට වඩා මට දැනුනා එයා එක්ක හිනා උන මම ඒ පපුව මැදට පුංචි හාදුවක් තියද්දි...

මගේ ලඟ අඩුවෙන් පාවිච්චි වෙන එයාගේ පිරුනු හිනාව එලියට ආවේ මන් ඒ දිහා බලන් ඉද්දි මම ඔය හිනාව එයා ලඟට ආව කාලේ ඉදන්ම දැක්කේ එයාගේ අම්මා ලඟ ඉද්දි විතරයි හැබැයි ඉදලා හිටලා එයාගෙන් ඒ හිනාව නොහිතන තැන් වල මන් ලඟ පිට දාද්දි හිතට අමුතු සතුටක් නොදැනුනාම නෙමෙයි...

මගේ තොල් වලට පුංචි හාදුවක් තියපු එයා ඈත් වෙද්දි මම හිටියේ කදුලු පිරිනු ඇස් දෙකකින් එයා දිහා බලන්..

"මොකද මේ කදුලු ??..ම්ම්ම්...

"මුකුත් නෑ....

"මුකුත් නැත්තම් මගේ හා පැටියා ඇස් වල කදුලුත් පුරවන් මන් දිහා බලන් මොනාද කල්පනා කරන්නේ???...ම්ම්ම්....

"එකතු කරනවා...

"එකතු කරන්නේ මොනාද මගේ කොල්ලා...

"මතක!!

මගේ උත්තරේ එක්ක ඇදෙන් නැගිට්ට එයා ඇදෙන් ඉදගනිද්දි මම එයාගේ අවසරයකින් තොරවම ඒ උකුලට ගියේ මගෙ මුහුන ඒ බෙල්ල අස්සේ හංග ගන්න ගමන් මොකද දැනටම මගේ කදුලු මට වඩා ඉස්සර වෙලා තිබුන නිසා වෙද්දි...

"මගෙ මැනික මොනා ගැනද ඔච්චර හිත රිද්දන් හිතන්නේ??ම්ම්ම්...

"මුකුත් නෑ...

"එහෙනම් මතක එකතු කරගන්නේ මොකද??

"ආදරෙන් ගෙවෙන මොහොත පරිස්සම් කරන්නේ...එ...එහෙම දවස් ආයෙත් මගෙ ජිවිතේට නාවොත් මට පුලුවන් ඔයාගේ මතක එක්ක ජිවත් වෙන්න...

"බබා...මොකද්ද උනේ කියනවා...තමුසේ හරියට කතා කරන්නේ මාව දාලා යන්න ලෑස්ති වෙනවා වගේනේ...

බලෙන්ම මාව ඒ පපුවෙන් කෙලින් කරපු එයා සැරෙන් වගේ අහද්දි මම කදුලු අස්සෙන් හිනා වුනේ එයාගේ එක අතක් මගේ කම්මුලක් උඩ නතර වෙද්දි ...

"මම දන්නේ නෑ මැනික තමුසේ හිතන දේවල්...හැබැයි මේ දේ විතරක් මතක තියාගන්න...මේ හැඟිම් නිදහස් වෙන්නේ තමුසේ ලඟ විතරයි...ඒක අදට විතරක් සීමා නොවෙන හැඟිම් ගොඩක්...

" දන්නවද මගෙ ශාක්‍ය??සමහර හදවත් තියෙනවා මේ ගෙවෙන මොහොතේ පවා ඒ සැනසීම විදින්න පිනක් නැති තනිකම ඇතුලේ තනිවෙලා, අමාරුම කාර්තුවල පවා තනියම හුස්ම ගන්න පොර බඳින මිනිස්සු...ඉතින් වචන නොකරට ඒ හැඟිම විදින ඒ හදවත් වලට දරාගන්න අමාරුම තැන් ජිවිතේට එද්දි හරි අමාරුයි මගෙ අයියේ....

මම කියන හැමදේයක්ම කලබලය්ක් නැතුව අහන් හිටිය එයා කරපු එකම දේ මගේ ඉන එක අතකින් අල්ලන් නිදහස් අතින් පිට අතගාපු එක විතරයි...

"ඒ හැම මොහොතකම ඒ ගැහෙන හදවත් වලට මුණ ගැහෙන්න ඕනේ..තමන්ට මහන්සියි කියලා දැනෙන පලවෙනි මොහොතෙම වාරූ වෙන්න පුලුවන් ආදරණීය උණුහුමක්!!

"පුංචි මොහොතකදි උනත් කෙනෙක් ළඟදී මගෙ මැනිකට තියෙන ප්‍රශ්න අමතක වෙනවනම්...හිතට සැනසීමක් දැනෙනව නම්...ඒ තැන මොනම හේතුව මතවත් නැති කරගෙන දුක් විදින්න එපා මැනික...

එයාගේ වචන වල නොකියන දෙයක් හැංඟිලා තියෙනවා කියලා දැනුනත් ඒ කිසිම දෙයක් හොයන්න උවමනාවක නෙවෙයි මම දැන් ඉන්නේ එයාගේ කතාවට හිනා උන මම ඒ ආඩම්බරකාර ඇස් දිහා බලන් හිටියේ කදුලු අතරින්...

"ම්ම්ම් ..ඒකනේ මං මෙච්චර බය...

"ඇයි මගෙ මැනික බය ??

"එහෙම වාරූ වෙන්න පුලුවන් ආදරණීයම පිරිමි උණුහුම නැති වෙයි කියලා...දවසක මම තනිවෙයි කියලා...එහෙම දවසක් ජිවිතේට එයිද අයියේ???

"කොහොම දවසක්ද??ම්ම්ම්...

" මේ උණුහුමයි...මේ පපුවයි මට තහනම් වෙන දවසක්!!!

"එහෙම දවසක් ආවත් මගේ මැනික අයිති උනුහුමවත්, මේ පපුවවත් පිට කෙනෙක් වෙනුවෙන් ලියන්නේ නෑ...

එයාගේ වචන ගැන ඕනවට වඩා විශ්වාස වෙද්දි කදුලු පෝලිමක් පල්ලම් බැස්සේ මට මන් ගැනම දුක හිතෙද්දි කිව්වත් වගේ ජිවිතේ මෙච්චර කාලෙකට මම ලෝභ උන එකම උණුහුම මේ පිරිමි පපුව වෙද්දි...

මගේ ඇස් මානෙම ඒක වෙන කෙනෙක්ගේ උනොත් එදාට මේ හුස්ම මට බර වෙයිද ??

"දැන් මගේ මැනික ඔය මනස්ගාත නොහිතා නිදාගන්න...කොච්චර කිව්වත් කරන්නෙම පුංචි හා මොලේ වේසලා..ඇස් දෙකට කදුලු පුරවගන්න එක...

එයාගේ පුංචි සැර කිරිම් වලට කදුලු  අතරින් හිනා උන මම එයාගේ තුරුලෙම ගුලි වෙද්දි එයා කරේ ඒ උනුහුම මට ඇති තරම් විදගන්න දුන්න එක විතරයි...

"අයියේ??...

"ම්න්...

"ඕනම වෙලාවක තුරුල්වෙන්න තහනම්ක් නෑනේද ??

"කවදාවත් නෑ...දැන් නිදියන්න වස්තූ...

අවසානයේ එයාගේන්  මගේ නලලට ආදරණීය හාදුවක් ලැබුනේ ඒ පහසට මගේ ඇස් පිය වෙද්දි....

මේ ජිවිතේ සමහර දවස් නොයෙනවනම් දැන් දැන් මම ඕනවටත් වඩා කැමති!!!

.........................................................................

මම උදේ හයට විතර අම්මලට හොරෙන් මගෙ හා පැටියගේ කාමරෙන් මගේ ෆ්ලෝ එකට ආවේ එයා නින්දේ ඉද්දිමයි..

නොකිව්වට තමුසේ ඊයේ රෑ ඕන නැති මනස්ගාතයක් නෙවෙයි හිතුවේ කියන්න මම දන්නවා වස්තු හැබැයි ඒ දවසට උනත් හැමදේම ඔයාගේ වචනේ මත වෙනස් වෙයි...

වොශ් එකක් දාන් පහලට බැස්ස මම බලන් මගේ පුංචි හා පැටියා තාම නිදි නින්ද නොයා තියෙයිද මහා පාන්දර ඇහැරන් නිකරුනේ හිත රිද්දන් ඇස් දෙකත් එක්ක රතු කරන් නිදාගනිද්දි...

අම්මාත් තාම නිදි නිසාම පහල කිචන් එකට ගිය මම අම්මටයි මගේ පුංචි කොල්ලටයි තේ දෙකත් හදන් උඩට යන්න ලෑස්ති උනා...

හරිනම් මේක මගේ නෝනා කරන්න ඕන ඒත් දැන් මම එපැයි මේ පොඩි හා පැටියා බලාගන්න...

එක වෙලාවකට තමුසේ හන්ගන දේවල් ගැන  නොදන්නවා උනත් ඒක එක අතකට හොදයි මැනික මම කොච්චර කොහොම උනත් මගේ අහිංසකයගේ හිත තැලෙනවට ආස නෑ...

අම්මගේ කාමරේට මුලින් ගිහින් තේ එක දුන්න මම එයාට පුංචි කිස් එකක දීලා මගේ හා පැටියගේ කාමරේට ආවේ නැගිට්ටවන්න හිතන් උනත් කටත් උල් කරන් නිදන් ඉද්දි මට දරාගන්න බැරි එකම දේ මේ හා පැටියගේ හුරතලේ තමයි...

එයාගේ කොණ්ඩ ගස් අස්සේ අත අරන් ගිය  මගෙ අවදානේ බිදුනේ එයාගේ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට වෙද්දි..

ෆෝන් එකත් අරන් බැල්කනි එකට ගිය මම දැක්ක කෝල් අයිඩී එක unknown number එකක් වෙද්දි කෝල් එක ආන්සර් කරලා කනේ තියාගත්ත මම ටිකකින් ෆෝන් එක කට් කරලා ඒ නම්බර් එක මගේ ෆෝන් එකට ටෙස්ට් එකක් දාන් ෆෝන් එක පැත්තකින් තිබ්බේ නිදන් ඉන්න එයා දිහා බලන් වෙන කල්පනාවකට වැටෙද්දි...

ටික වෙලාවක් කල්පනා කරපු මම බලන් මගේ පොඩි එකා ඇහැරිලා බිත්තියට හේත්තු වෙලා අත් දෙකත් බැදන් ඉන්න මා එක්ක හිනා වෙනවා...

"ගුඩ්මෝනින් මගෙ හා පැටියෝ...

"හ්ම්ක්...හාවෙක් නෙමේ අලේ...

"නැද්ද එහෙනම් මම කිව්වා වගේ කපටි නරියෙක්ද??

"ම්...මම...නෑ අනේ මම ශෝයි පුස් පැටියෙක්...

"ඒත් මම කිව්වේ බබා මන් ආස හාවොන්ට කියලා..

"හ්ම්ක්...

කටත් උල් කරන් මටත් ඔරවලා අහක බලන් අත් දෙක පපුවට බැදගත්ත මගේ පුංචි හා පැටිය ලඟට ගිහින් ඒ මුහුනට  පහත් උන මම ඒ බෙල්ල පිටිපස්සෙන් අතක් තියලා ඒ රෝස පාට තෝල් වලට කිස් එකක් දීලා ඈත් වෙන්න ගියත් ක්ෂණික ආව අදහසක් නිසා ඒ පුංචි යටි තොල හැපුවේ.

".ආව්...

මගේ පපුවට අතින් ගහලා මටත් රවන් ඇදෙන් නැගිට්ට එයා ඇඟිල්ලක් දික් කරන්...

"මොනාද අප්පා කරන්නේ...

"මම මොනාද කරේ ??

"දැන් කිස් කරේ...

"මම ??

"නෑ මම...

"ඒකනේ මගේ බබා දැන් හරි ෆාස්ට්...

"අනේ මේ නපුරෝ ඔව්වට එන්න එපා හරිත...

"දැන් මටත් බෑ බබා....අම්මා නැගිටලනේ මගේ රූම් එකේදි අපි එව්වට එමු....

"ශාක්‍ය අයියේඒඒඒඒඒඒ!!!!!

එයාවත් දාලා මම පහලට ආවේ මගේ හා පැටියා ගිරිය පලන් කෑගහද්දි මගේ මුහුනටත් හිනාවක් ආවේ අනිවාර්යයෙන්ම දැන් ඔය මුහුන තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා ඇති...

මම පහලට බහිද්දි අම්මා ඉන්නවා කිචන් එකේ එයා ලඟට යන්න ගිහින් ආයෙත් මඟ නතර උනේ කෝට් එකත් අතේ අ‍රන් එන කෙනාව දැකලා...

"චූටී පුතා!!!

"තාත්තා...

"කෝ අර කොච්චි කරල...

"අර ඉන්නේ කිචන් එකේ අපි දෙන්නටම දෙහි කපලා ඉන්නේ...

"මට අරු කිව්වා...

"යන්න යන්න ශේප් එකක් දාලා... කිස් එකක් එහෙම දීලා වයිෆ්ව ගොඩ දාගන්න...

"ම්ම්ම්...මට පේන්නේ චූටි පුතාටත් හොදට වයිෆ්ලව යාලු කරන් පුරුදුයි වගේ??

හුටා ඔය කරේ අම්මගේ කනෙන් කොහොම රිංග ගත්තත් තාත්තාගේ කනෙන්නේ රිංගන්න බැරි පුංචි කාලේ ඉදන් තාත්තා කොච්චර ආදරේ කරත් මම පට්ට බය චරිතේ උනේ තාත්තා එක පාරක් ශාක්‍ය කිව්ව ගමන් මම සැලෙන්ඩර් එයා මගේ නම කියන්නෙම බොහොම කලාතුරකින් වෙද්දි...

එකත් කේන්තිය ගිය උච්චතම අවස්ථවේ වෙද්දි පුංචි කාලේ නම් චූ යන්න බය හිතෙන්නේ ඇයි ඔකෝටම හපන් අර අතක් ටැටු කරන් ඉද්දි ආයේ මැර සීන් එකේ බුවෙක් වගේනේ වෙලේ සුදා පරාදයි.....

මට මතකයි පලවෙනි කනේ පාර කෑවෙත් ##### ස්කුල් එකේ ක්‍රිකට් ටීම් එකේ කොල්ලෙක්ට ගහලා වෙද්දි ඒකට නම් තාත්තා අත දිග ඇරලා දුන්නේ අම්මා නොහිටින්න මේ කොල්ලාව බාල්කේ එල්ලන සීන් එකේ එදානම් තාත්තා හිටියේ කොයිද ඒ බල්ලගේ දතක් කඩාගන්න බැරි උනානේ...

ඒත් පස්සේ පස්සේ වලි වලිට තාත්තටම තේරුනා මූව හදාගන්න බෑ කියලා...

ඉස්සර බැන්නෙම මාව ගන්න දෙයක් නෑ නසරානියෙක් ගගා බනිද්දි අම්මා දවසක් කිව්ව කතාව එක්ක තාත්තා ඔටෝ සැලෙන්ඩර් උනා..

"ඔව් ඉතින් තමුසේගේ පුතා තමුන් වගේ නොවි අල්ලපු ගෙදර මිනිහා වගේ වෙන්නද දීශ්!!!

" යුත්මිර මු බැලුවොත් නඩුවක් දාගත්ත ගමන්...

"අනේ මේ මගෙන් අහගන්න එපා තමුසේ... මොකෝ තමුසේ කියලත් හැම එකාවම හුරතල් කරානේ ප්‍රශ්න විසදුවේ...මමනේ ගහපු කරපු මිනිස්සු ගැන දන්නේ....කොච්චර මටම කිව්වද කනට නොකා ඉදපම් යුත්මිර ගගා...

"ඒ බය කරන්නනේ ??

"අම්මී...තාත්තී ඔයලා රණ්ඩු වෙන්න මම රූම් එකට යන්නම් නේද??...

"කොයි යන්නද ඔහොම ඉන්නවා!!!!

" නෑ බබා...ඔයා රූම් එකට යන්න...අනික මේ වයසට රණ්ඩු වෙලා කොල්ලෙක් එක්ක ගහා ගන්න එක සාමාන්‍ය දෙයක් දීශ්...කෙල්ලෙක් වගේ හදන්නද කියන්නේ කොල්ලව??

"අවුරුදු 17 කියන්නේ සෙල්ලම් වයසක් නෙමෙයී යුත්මිර....මෙහෙම ගිහින් මූ රස්තියාදුකාරයෙක් හරි මදාවියෙක් හරි උනාම!!!

"අනේ හරියට රස්තියාදු නොගහපු ම මිනිහා...

අන්තිමට ඔය කතාව නැවතුනේ අපේ අම්මා අතින් තාත්තා ගේ නම්බුව හෝදගෙනම ගිහින් එයාව බලන්න තාත්තා හොරෙන් ආව කතා පවා එලියට ඇඳිලා...

ඒ ලව් ස්ටොරි එක මම දැන ගත්තේ අපේ කේෂාන් මාමගෙන් එයා තමා සීන් එක කිව්වේ අවුරුදු පහක් අපේ තාත්තා අම්මට ඒකපාර්ශවික ආදරවන්තයෙක් වගේ ආදරේ කරලා මදිවට ඩයිරියකුත් ලියලලු...

ඒත් ඕක මට අම්මා කියවන්න දුන්නා..හැබැයි  තාත්තා තාම දන්නෑ මම ඕක කියෙව්වා කියලා ඒ දෙන්නගේ ල්ව් එක වෙනම ලෙවල් එකක් මට අනුව නම්...

මගෙ කල්පනාව බිදුනේ තාත්තාගේ කට හඬට වෙද්දි මම මෙතනින් ලෙස්සන්න විදිහක් දහ අතේ හොයද්දිම වගේ සචියගෙන් කෝල් එකක් ආවේ දෙයියෝ දැක්ක ෆීලින් එක බොක්කට දැනෙද්දි...

"මොකද චූටි පුතා කට වැහුනේ??

"ආ...එහෙම එකක් නෑ...තාත්තා...මේ සචියා කොල් එක ආන්සර් කරලා එන්නම් හදිස්සියක් වෙන්න ඇති....

තාත්තා තව මොනා හරි කියන්න කලින් මම ගාඩ්න් එකට ආවේ අපේ මාමා අම්මගේ මල් ගස් වලට වතුර දාද්දි අනේ ඉතින් අසරණ තනිකඩ කොල්ලා අපේ...

📞...

"කියපන්...

"උබට හැමදාම කියනවා බල්ලා ගත්ත ගමන් කියපන් නොගහා මනුස්සයෙක් වගේ හලෝ කියපන් බල්ලෝ මුලින්....

"අනේ උබේ රෙද්ද කියපන් මොකෝ උදේම උබට මාව මතක් උනේ???

" උබ හොදටම මදි මේ ජංගි යාලුවට සලකනවා හුත්තෝ...

"ඇයි යකො??

"මේ මට අවදානය දීපන් උබ ඇයි යකෝ ...හාවෙක් ආවා කියලා උබ මාව අමතක කොරාම හරිද හුත්තෝ...

" යකෝ එතකොට මම ඊයේ රෑ ආවේ අල්ලපු ගෙදරටද උබලගේ??

"කියන්න බෑ ඉතින් හැබැයි නංගියෙක් ඉන්නේ උබ වටේ යන්න එපා බන්...

"පකයා...කියපන් මොකෝ සීන් එක...

"ලොකු දෙයක් නෑ බන්...අද උබලා දිහා එන්ඩ කියලා ඒයි...මේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නවයි...

"උබ ඔය කාටද හුත්තෝ කොලේ වහන්නේ...වරෙන් අද ශොට් එකක් දාලා කයියක් ගහමු...

"මයෙ සුද්දා උබ...

"අම්මෝ උබේ බටර් පාර...

"මන් එනකම් අයින් වෙලා පරිස්සමෙන් ඉන්ඩ සුද්දා...මම තිබ්බා...

"ම්න්..පරිස්සමෙන් වරෙන්...

කෝල් එක කට් කරලා සාක්කුවට දාගත්ත මම මාමා ලඟට ගියේ පොඩි කයියක් දාන්න හිතන් වෙද්දි ඔන්න අපේ ගෙදර බෝම්බේ පිපුරුවා...

"එහාට වෙලා ඉන්නවා දීශ්...දැන්ද මාව මතක් උනේ මිනිහෝ...

මාමයි මායි මුහුන මුහුන බලන් ඉදලා මහා හයියෙන් හිනා වෙන්න ගත්තේ අද කොහොමත් අපේ තාත්තා සැටියේ තමා කියලා නිට්ටවටම අවුරුදු විසිහතරක් වෙන් මගේ ජිවිතේ යම් යම් සිද්දි හේතුවෙන් අනාවැකි පලකරන්න දන්න නිසා කොහොම හිටිය මිනිහෙක්ද දුක තමා...

"අද හරි වගේ මල්ලිට...

"ඔව් ඔව්..අම්මා ඉන්නෙම පුපුරන්න බලන්...ඊයේ රෑ ගෙදර එන්න පරක්කු උනා නම් මගෙ බත් කාඩ් එකටත් සොරිම තමා...

"උබටත් හොද වැඩේ රවුම් ගගා ඉන්නවට...

"අනේ ලංකාවට එන්නෙම ඉදලා හිටලා වෙද්දි ගෙදර ඉන්න කම්මැලි...

"ම්ම්ම්...

"අ...

"ශාක්‍ය!!!!!

" උබටත් හරි වගේ කොල්ලෝ...

ඒ සැරේ මොන මරාලයක්ද මන්දා අම්මා ශාක්‍ය ගහලා කෑගහද්දි මම අඩියට දෙකට කිචන් එකට දිව්වේ ඇයි බලන්න කිචන් එකට යද්දි තාත්තා ආව ඇදුම පිටින් පොල් ගහනවා හ්හා...මහා ලොකු පයිලට් අනේ සීයා තාත්තේ අපේ තාත්තා බලු වෙනවෝඕඕඕ..

තාත්තා පොල් ගහනවා අම්මාගේ අතේ පොල්කටු හැන්ද,ඒ අස්සෙ මගේ හා පැටියා හිනාවත් කාන් බලන් ඉන්නවා අනේ මාමන්ඩිට හිනා වෙලා ටිකට් කපාගන්න එපා හාවෝ..

"අම්මා...

"කපනවා මේ එළවළු ටික...මම බත් තම්බන්න අප්පයි පුතයි රවුම් ගහන්න...

අන්තිමට උනේ මටයි තාත්තාටයි දවල්ට උයන්න වෙද්දි අභිනුවත් ඇදන් අම්මා කිචන් එකෙන් ගියේම අපිට ගහන්න බැරි කමටද මන්දා ෆ්‍රිජ් එකේ දොර ඩාන් ගහලා සද්දෙට වහගෙන වෙද්දි තාත්තයි මායි මුහුන මුහුන බලාගත්තා..

"මොකෝ බන් ඒ නැගලා ඉන්නේ???

"මන්දා තාත්තේ..ඊයේ අපි දෙන්නම ආදරේ නෑ කියලත් කිව්වා...රට යනවා කිව්වේ...

දවල්ට උයලා කරලා තාත්තා අම්මව ශේප් කරගන්න කාමරේට යද්දි මම කෝල් එකක් අරන් පූල් එකට කකුල් දෙකත් දාන් එතනින් ඉදගත්තේ අභිනු එක්ක තාත්තා ඉද්දි වැඩි ඇලෙන්න ගිහින් මාට්ටු උනොත් ගෙදරින් දොට්ට තමා අම්මෝ හිමින් සැරේ තාත්තාට කියන්න කලින් අම්මට කියලා ඉන්න ඕන මගේ සාමදූතයා ඒ...

රින්ග්ස් දෙකයි කෝල් එක ආන්සර්...

📞............

"Hello.....

"Hello...කියපන් ශාක්‍ය...

"උබ වැඩක්ද බන්??

"නෑ දැන් ෆ්‍රි කියපන්!!!..

"ම්න්...මම උබට නම්බර් එකක් දැම්මා මට එකේ ඩිටෙල්ස් ටික බලලා එවපන්!!

"හරි බන්...මම පැයක් ඇතුලත උබට දාන්නම්...

"ම්න්...

"ලංකාවට ආව කියලා උබ කිව්වෙත් නෑ බල්ලා...

"පොඩි වැඩ ටිකකට හිර උනා බන්...උබ කොළඹද ???

"මේ ටිකේ කොළඹ නෑ බන්..නුවරඑළියේ සීන් එකට එහේ...

"හරි උබ මට මෙහෙට ආවම කියපන්කෝ...

අම්මගේ බැනුම් කෝටියක් මැද අද දවසම මායි තාත්තායි අම්මා එක්ක ගෙව්වේ එයා එකේ මුවාවෙන් මටයි තාත්තාටයි කියලා එයාගේ පැල වගාවටම සාත්තු කරන් වෙද්දි අපිට කියලා කර නොගත්තේ බාතෘම් හෝද ගත්ත එක විතරයි හවස ගේ අස් කරෙත් අපි දෙන්නා ඒ අතින් අපේ අම්මා පලිගන්න ගත්තොත් අනේ අම්මෝ එලව එලව තරහා පිරිමහන්නේ....

ඒ අස්සේ අභිනුවත් ඇදන් අපේ අම්මා හවස කේක් එකක් පුච්චන ගියා ගියාමයි දෙන්නගේ සද්දයක්වත් නැ කොහොමත් ඔය ඩබල සාංගම් නේ ගෙදර වැඩ ඔකෝම කරලා දීලා මම පාඩුවේ ගාඩ්න් එකේ අයිනට වෙන්න තියන අරලිය ගහා ගාව ඇලවිලා ඉද්දි...

මදි පාඩුවත් මුහුනේ හිනාවකින් පුරවන් ගේට් එකෙන් ඇතුලට ආවේ මම දැක්කේ නැති ගානට ඇස් පියා ගනිද්දි..

"සුදු අයියේඒඒඒඒඒඒ!!!!!

"හුක.....බුද..ම්මෝ...කොයිද යකෝ පනින්නේ...

මේ යකා ආව ගමන් මගේ බඩට පැන්නේ මට කුනුහර්ප වැලක් කටට ඇවිත් ගිල ගනිද්දි...

"ඔයා නිදිද අප්පා...

"නෑ බුදි...ඇයි යකෝ මම මෙතන ඉදන් පොල් ගහනවා වගේද ??

"බොරු මරිසි එපා සුද්දා...උබලත් මිනිස්සු අපිත් මිනිස්සු...

හරි මදි පාඩුවත් මූ අල්ලන්..

"උබ ලෝයර් කෙනෙක් වෙන්නමද බන් ඉගෙන ගන්නේ මැන්ටල් හොස්පිටල් ඩොටෙක් වෙන්න තිබ්බේ උබට...

" මේ එක නෙමෙයි සුදු අයියේ...

"ම්න්...

තන කොල පිස්සෙන් නැගිට මම උගේ කැම්පස් බෑග් එකේ පොත් ටික අරන් බලන්න ගනිද්දි ඔන්න කෝප්පයක් හෝදන්නද මන්දා කට හැදුවා මොනා උනත් කොල්ලගේ වැඩ පිලිවෙලයි..

" ලොකු මාව බ්ලොක් කරලනේ සුදු අයියේ...

"ම්න්...

" මන් නෙමෙයි ඒ ඇයි අනේ... මම මොනා කරාටද එයාට මාව ඔච්චර නයාට අදුකොල වගේ වෙන්නේ...

"ඒක මාත් තාම හොයනවා බන්...

" එක අතකට අම්මි කියනවා වගේ මාත් ගෙදර පැත්තකට වෙලා මගෙ පාඩුවේ හිටියනම් ඉවරයි නේද අයියේ???

මෙච්චර වෙලා පොත් බලපු මම පොඩි එකා දිහා බලද්දි ඌ අහස දිහා බලන් හ මුහුන හෙන අමුතු කරගත්තා...

"මොකද්ද උනේ ???

"ම්ම්ම්...මු...මුකුත් නෑ ලොකු මම  බැලුවේ ස්ටඩිස් වලට..ම්.. මෙහෙන් යන්න...

මුට එක සැරේ ගැහුව්ව පිස්සුව මොකද්ද අනික රට යන්න මූ කිව්වේ මම යද්දි මා එක්ක යනවා කියලනේ අනික දැන් දැන් මූ මා එක්ක උනත් වැඩිය එන්නෑ බැලුවොත් ගෙදර වෙනදට අකේෂ් එහෙම නෑ මම මෙහේ කියන්නේ උ පැය විසිහතරම මෙහේට අරක් ගත්ත බයිරවයා වගේ...

"සුදු!! මොකද්ද උනේ කියනවා???

"...ම්ම්...මුකුත් නෑ...අ..

"අඩෝ සුද්දා....

අකේෂ් මොනා හරි කියන්න යද්දිම වගේ සචින් එතනට ආවේ කොල්ලා අහක බලාගනිද්දි මට පේන්නේ ලොකු හොද අඩව්වක් අල්ලා වගේ...

"ආ පොඩි එකා...කොහොමද??

"වරදක් නෑ අයියේ...

ඈ...වෙනදට සචියා මුට කියන කියන එකට කැපෙන්න දේවල් කියන එකාට මොකද්ද මේ උනේ සචින් පවා මගේන් ඇස් වලින් මොකෝ අහද්දි මම උරහිස් හැකිලුවේ දන්නේ නෑ කියන්න වගේ...

"මොකෝ බන් මල්ලි??

"මුකුත් නෑ සචින් අයියේ....සුදු අයියේ මම ඔයාගේ කාමරේට යන්නද??

"ම්න්...

කියන පමාවට බෑග් එකයි පොත් ටිකයි අරන් අකේෂ් ඇතුලට දුවලා ගියේ මම මගේ පොඩි එකාට උන දේ කල්පනා කරද්දි..

"මොකද බන් ඒ අකේෂ්ට වෙලා තියෙන්නේ??වෙනදට මන් කියන එකට ඌ මොනාම හරි කියනවනේ...

"ම්ම්...එක තමයි බන් මාත් බැලුවේ..බලමුකෝ....උබ අම්මාව හම්බ වෙයන්කෝ..මම පොඩිව බලලා එන්නම් බන්...

"හරේ...

සචියා අම්මව හම්බෙන්න කිචන් එකට යද්දි මම මගේ රූම් එකට ආවේ පොඩිගේ බෑග් එක පහල ටිවී එක ලඟ සපත්තු දෙක දොර ලඟ මුට මොකද්ද උනේ මූ මන් ඉන්න ෆ්ලෝ එක වෙනදට දෙක කරන ඩයල් එකනේ..

කාමරේට ආව මම දොරට තට්ටු නොකරම දොර ඇරියේ අකේෂ් ඇද උඩ මුනින් අතට ඉන්නවා කොට්ටෙට මුහුනත් ඔබාගෙන..

"සුදු...

අකේෂ් ලඟින් ඉදගත්ත මම ඒ කොන්ඩේ අත ගැහුව්වම මෙච්චර වෙලා ඔලුව කොට්ටෙට තද කරන් හිටිය කොල්ලා මගේ දිහා බලද්දියි මම දැක්කේ ඇස් දෙකත් රතු කරන් ...

මොකද බන් මේ මම ලංකාවට පය තිබ්බේ අඩන නැකතෙද එහෙන් මගේ හාවා මෙහෙන් මගෙ මල්ලි...

"මොකද්ද උනේ පොඩි???

"....................

"අයියට කියන්න බැරි දෙයක්ද???..ම්ම්ම්...

"න්...නෑ ...මගේ ෆෝන් එකේ ඇති....

ෆෝන් එකේ ඇති කියලා නැගිට්ට කොල්ලා පහලට ගිහින් ෆෝන් එකත් අරන් ඇවිත් මට දුන්නේ අත් දෙකෙන්ම කදුලු පිහන ගමන් වෙද්දි මට කේන්තියක් නොදැනුනාම නෙමෙයි...

අකේෂ්ට නොපෙන්නා හිටියට උට කවුරුත් බනිනවටවත් ආස නැති කෙනෙක් මම ඒ කාලේ ඉදන් මම අම්මගෙයි තාත්තගෙයි යාලුවොන්ගෙ ලමයින්ගෙන්  පුදුම තරම් මම ආදරේ කරේ අකේෂ්ට වෙද්දි අද මගේ ඉස්සරා මගේ මල්ලි අඩන්න හේතුව අපේ ගෙදරම එකෙක්  කියන්න මම හොදටම දන්නවා...

ෆෝන් එකේ තිබ්බේ මැසෙජ් එකක් ඒකත් අර විචාර වගේ හැබැයි වටිනම දේ ඒක එව්වලා තිබ්බ කෙනා...

අපි බලමු ලොකු තමුසේ මේ හිටි ගමන් අහක ඉන්න මගේ පොඩි එකාවයි මගෙ යාලුවයි අල්ලන් නටන නාඩගම..

"මේ අහනවා පොඩි මේක මම ලොකු එක්ක විසද ගන්නම් දැන් යමන් පහලට...

"අයි...යා යන්නකෝ..මම පස්සේ එන්නම්...

"එහෙනම් එහාට වෙයන් උබයි මායි දෙන්නම ටිකකින් යමන්...

අකේෂ්වත් එහාට කරන් හෙඩ් බෝට් එකට ඇල උන මම බලන් හිටියේ අකේෂ් වෙන කල්පනාවක එලිය බැල්කනි එකේ ග්ලාස් එකෙන් පේන අහස දිහා බලන් ඉන්න අකේෂ් ගේ ඇඟ වටේ කකුලක් දාපු මම...

"මොකෝ බන් උබ මේ සයිඩ් ගහලා මටත් එක්ක පාලුයි...

"ම්ම්ම්...

"ඕන එකක් මම යනවා බන් මල්ලි කෙනෙක් සඳහා ඇබැර්තූවක්වත් දාන්න වෙනවා...

එච්චරයි ඒ වචනේ එක්ක පරණ අකේෂ් ඒ ශරීරයට අරක් ගත්තේ මට දමා ගෙන කොට්ට වලින් ගහද්දි...

"නවත්තපන් යකෝ...

"මොකද්ද කිව්වේ සුදු අයියේ තමුසේ ඇබැර්තූවක් දාන්න මල්ලි කෙනෙක්ට උගේ කකුල් දෙක කපලා මාමිගේ ගාඩ්න් එකෙම වල්ලනවා දැනගන්...

"උබට හම්බෙන මිනිහා ගැන මට සාදාරන බයක් තියනවා බන්...

"එ මොකද??

"ඔය කන්කරච්චලේ මම අයියා නිසා ඇහුව්වට උන්ට අහන් ඉන්න බැරි උනොත්...

ඒ කියන් පහලට දුව්ව මගේ පස්සෙන්ම ආව අකේෂුයි මායි මහා හයියෙන් හිනා වෙලා සෝෆා එකට වැටුනේ...

"ඔහොම ඉන්නවා පොඩි හැමදාම මම ආස ඔය මල්ලිට මගේ...

"ම්ම් ..සොරි...

"පිස්සා මගෙ...ජිවිතේ අපි ආස විදිහේ මිනිස්සු හම්බවෙන්නෙ හරි කලාතුරකින් පොඩි...එහෙමයි කියලා අපි එන යන මිනිස්සු වෙනුවෙන් වෙනස් වෙන්න ඕන කියලා නියමයක් නෑ ඒක සහෝදරයා උනත් පොදුයි...තමුසේව ගනන් ගන්නේ නැත්තම් තමුසේ ඒ මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න යන්න එපා දරුවෝ...තේරුනාද??

"ඔව් සුදු අයියේ...

"ඔව්වා පස්සට හරියයි!!

"ඒ කොහොමද??

"උබටත් කවුරු හරි හම්බුන දවසට මට වඩා හොදට තමුසේට ඔය දේවල් තේරුම් කරන්නයි...තේරුම් ගන්නයි...සනසන්නයි එයාට පුලුවන් වෙයි...

"ඒත් අයියා තරම් දැනෙන එකක් නෑ...මතකනේ ඊලඟ ආත්මේ තමුසේ මගේ අයියා නොවුනොත් අනිවාර්යයෙන්ම හොයන් ඇවිත් මරනවා සුදු අයියේ??..අනික මිනිහා නෙමේ මොකා ආවත් අයියා ලඟට තමයි මුලින් එන්නේ ම්හ්ක්...

"උබෙත් ඒ වචනේ තියෙනවනෙව්...ඕක බොටම් උන්ගේ මායම් දාන වචනේ කියලා දැන් මම සම්මත කරනවා බන්...මේ එක නෙමෙයි මොකද්ද බන් අර TB family ගෘප් එක උබ මාව ඇඩ් කරපු...

"ආ එකද??

"ම්න්...

"ටොප් බොටම් පවුල...

මුගේ ආච්චිට මූව හදන්න බෑ ඔය කීවෙනි ගෲප් එකද යකෝ මගේ ෆෝන් එකේ බාගයක් ගෘප් මූ මාව ඇඩ් කරලමයි ෆ්‍රිල්ම් ගෘප් අර ගෘප් මේ ගෘප් රටේ නැති මඟුල්...










රෑ වෙද්දි අකේෂ් අභි එක්ක එයාගේ රූම් එකේ නිදාගන්න ගියේ කොහොමත් අද මට හෙල්ලෙන්න වෙන්නෑ මූ දැන් පැය බාගෙක ඉදන් බොනවා බොනවා දේවින්දි අම්මටත් කෝල් කරලා මූ එන්නෑ කියලා ෆෝන් එක පැත්තකට දාපු මම බලන් ඒ සැරේ බැල්කනි එකෙන් නැගිට්ට සචියා බෝතලේ මයික් එකට ගත්තේ මම හිනාව කාන් ඒක විඩියෝ කරද්දි යම් දවසක අපිට මේවා ඕන වෙනවා කොල්ලෝ...

"මයෙ... ආල අඩව්ව....ට විලක්කු හිත දැවුන...නානානානා......
ප්‍රේමි නුබයි.... ම...ට ගින්න වගේ හිඳි..නානානා....
ඒක තම...යි හැරදා මම නොයන ඉනා..නානා...
ඇත්ත.... තමයි මට යන්නම බෑ හිතුනානා.......

සිහිලාරේඒඒ....සිත කොයිදෝ දැනෙන දීනේ.....

"මයෙ සුද්දා...

"ම්න්..උබට වැඩි යමන් තොට බොන්න දුන්නට මට ගහන්න ඕන යකෝ...

"දුක නෑ ඩෝ....වටේ යන බස් නවත්තන මගෙ හිත යකෝ ඩිපෝද???

"ඒක දන්නේ උබ වරෙන් හුත්තො යන්න...























































"අකේන්!!!මම කිව්ව දේ විතරක් කරපන් මිනිහෝ!!!

"...................

"උබට මම කිව්ව එක තේරුනානේ??

"ඔව්...ඔයාලට කවදාවත් මාව තේරුම් ගන්න බැරි උනාට ඔයාලව මම ගොඩක් හොදට තේරුම් අරන් ඉන්නේ!!!!




















_________________________________________

හ්හා....ආවා...ආවා...කතාවේ නියම ආරම්භය පටන් ගන්න ඔය කොමඩි මඟුල් ඔකෝම ඉවසපල්ලා මැදදි ෆුල් සීරියස් වෙනවා පමනි...

කතාව ගැන ගත්තොත් වීව්ස් තිබ්බට ඇත්තටම ලයික් නෑ සෝ මේ ලමයට ගොඩක් සෑඩ් ☹️ ඔන්න ඔය වෙද්දි මේ කෙල්ලට නොලියා ඉදහන් පුචේ කියලා මේ මොලේ කෑගහනවා...අනේ ඉතින් උදාරයි නේ...

කතාව ගැන ප්‍රශ්න තියේද අසනු මැන දෙමි පිලිතුරු මම...

කතාවේ yizhan කපල් එක වෙන්කරන්න එපා කිව්වා හාපැචියෙක් ඒත් ඉතින් මේක හැපිද සෑඩ්ද කියන එක තාම හිතලා නැති අහිංසක මම අපි බලමු ඒයිලා...

එතකොට දැන් විදුල්ට උබලා වස් කවි ලියලා මේ මඟුල් අස්සේ මරණයක් සෙට් කොරනවා එහෙම නෙමෙයි හරිය...

කවුද බන් ඒ අකේන්??🥲🥲🥲

ඔය තැබිලි පාට තරුව ඔබන් යන්න පුචේ කතාව බලලා වීව්ස් විතරක් මේ පුංචි එකාට අරන් නොදි වෝට් කොරපල්ලා...

එහෙනම් පුචේ මන් කැපුනා...
උදාරයි...උදාරයි.. 😌❤️💚

පරිස්සමෙන් ඉන්ඩෝ පා පැටව් ටික...

මම අප්සි 😌






Continue Reading

You'll Also Like

8.2M 346K 52
"I hope you realize you made the worst f**king decision of your life." She could feel his cold icy blue eyes piercing through her soul. "I didn't as...
404K 22.7K 45
Warning ⚠️ Party တစ်ခုမှ ဆေးမိပြီး လူတစ်ယောက်နဲ့အိပ်ခဲ့မိတယ်။ အဲလူက ကျွန်တော့်အလုပ်ရှင်ဖြစ်နေတယ် ၊ ကံကောင်းတာတစ်ခုက သူက ကျွန်တော့်ကို မမှတ်မိဖူး ။ ...
2.1K 148 21
හරි ඉක්මනින් වසන්ත සෘතුව ආවම අමතක උනා මට..... වසන්තය ගෙවිලා අවසන් වෙන්නෙ ශීත සෘතුවෙන් වග......
959K 94.6K 63
3 lives got entangled due to the twisted Destiny...... Vidyut Rajvanshi married his college sweetheart Sanjana and was leading a happy life ......bot...