𝙾𝚇𝚈𝙶𝙴𝙽.
" අඩෝහ් අර උබේ මිනිහා නේද. "
" මම බැදලා නෑ බල්ලෝ. "
" ටිකක් ඉස්සරහා බලපන්කෝ මගේ ඇගට ගොඩ නොවී. "
හසෙල් යසස් සිහේල ලිහේෂ හතර දෙනාම අද උදේ econ class එක ඉවර වෙලා කැෆේ එකකට ආවේ බඩට මොනාහරි දාගන්න කියලා හිතාගෙන උනත් හසෙල් කිව්ව දේත් එක්ක යසස් හසෙල්ගේ ඔලුවට ගැහුවේ සිහේල එහෙන්මම යසස්ගේ ඔලුව වීදුරුවෙන් පේන පාර පැත්තට හැරෙව්වේ ඉන්න දෙන්නා දැකලා යසස්ගේ කට කොටන හිනාවක් එද්දි.
" දෙන්නම් ඇටි හැලෙන්න. වරෙන්කෝ යන්න. "
යසස් හසෙල්ගේ අතකිනුත් ඇදගෙන කැෆේ එකෙන් එලියට ආවේ ඒ පිටිපස්සෙන්ම සිහේල ලිහේෂ දෙන්නත් එද්දි. පාර පැනලා එහෙන්මම යසස් ඒ හිටපු කෙනාගේ අතේ එල්ලුනේ ඊට එහාපැත්තෙන් හිටපු කෙල්ල යසස් දිහා රවලා බලද්දි.
" බබා ඔයා මොකද මෙතන කරන්නේ. මට කිව්වෙවත් නෑනේ. "
" කව්ද යෂ් මේ. ඇයි මෙහෙම ඔයාගේ අතේ එල්ලිලා ඉන්නේ. ලැජ්ජා නැද්ද ඕයි තමුසෙට. "
යසස් ගිහින් එල්ලුනේ යෂ්ගේ අතේ වෙද්දි ඒ කෙල්ල යසස් දිහයි යෂ් දිහයි මාරුවෙන් මාරුවට බලද්දි යසස් ඇහුව දේට හසෙල්ට කල්කල් කැස්සක් ආවත් ඒක කිවිසුමක් විදිහට පරිවර්තනය කරලා පිටකලේ ලිහේෂ සිහේලගේ අත තද කරලා හිනාව කාගෙන ඉද්දි. සිහේලගේ තත්වේ කියනවානම් ලිහේෂගේ නියපොතු හම අස්සට කිදාබැහැලා තියන නිසාම වේදනාව කාගෙන හිටියේ වෙන කරන්න දෙයක් නැති නිසා.
යෂ්ගෙන් යසස් කව්ද කියලා අහලා අන්තිම ටික යසස් පැත්තට ඇගිල්ලකුත් උරුක් කරන් කෑ ගැහුව කෙල්ල පැත්තට යෂ්ගේ අත අතෑරලා යසස් අඩියක් ලං වුනේ කට කොනෙන් ගත්ත හිනාවත් එක්ක වෙද්දි කෙල්ල යසස් දිහා බලාන් හිටියේ මරන්න තරම් කේන්තියකින්.
" ඔය මැඩම්ට මම එදත් කිව්වා යෂ්ගෙන් ඈත්වෙලා ඉන්න කියලා. යෂ් මගේ විතරයි. "
" එහෙම වෙන්නේ කොහොමද මමයි යෂ්ගේ gf. "
" ඔලුව කොහෙ හරි වැදුනද කෙල්ලේ. පණ කියන්නකෝ මෙයාට මම ඔයාගේ wify කියලා. "
" මොනාද යෂ් මේ කොල්ලා මේ කියවන්නේ. "
ඒ කෙල්ල යෂ්ගෙන් අහද්දි යෂ් කරබාගෙන හිටියේ මේ වලියට අත දාන්න ගිහින් එක්කෝ යසස්ගෙන් ගුටි කන්න වෙනවා එහෙමත් නැත්තම් සොනාලිගෙන් ගුටිකන්න වෙනවා කියලා දන්න නිසාමයි. හසෙල් යෂ්ගේ කර වටේ අතක් දාන් මේ නාටකේ දිහා බලාන් හිටියේ සිහේල ලිහේෂගෙන් අත ගලවගෙන ඌව තමන්ගේ එක අතකට මැදි කරන්.
" අපේ ලස්සන පව්ල කඩන්න අපේ මහත්තයා මේ යක්ෂනී ඇවිත් ඉන්නේ. ඔයාට පුලුවන්ද එහෙම මාවයි පුතාවයි අසරණ කරන්න. "
" ඔයා අපිව දාලා මේ ගෑනි ලගට ගියොත් මොකද වෙන්නේ මහත්තයෝ. පළිගුට අප්පච්චියෙක් නැතිවෙනවනේ. "
" මේ ගෑනිට කියන්නකෝ අපේ මහත්තයා ඔයාගේ කරේ එල්ලෙන්නැතුව වෙන කෙනෙක්ගේ කරේ එල්ලෙන්න කියලා. ඔයා මගේනේ. "
යසස් බලෙන්ම ඇස් වලට ගත්ත කදුලුත් පිහ පිහ එතන වෙනම චරිතයක් රග පාද්දි ඒ මුලු වෙලාවෙම යෂ්ගේ ඇස් තිබුනේ යසස් ලග. බැරිම තැන යෂ් යසස්ගේ ඉණ වටේ අතක් දාලා තමන්ගේ ඇගට තද කරගත්තේ යසස්ට උඩට ගත්ත හුස්ම පහලට දාන්න අමතක වෙද්දි. යෂ්ගේ කරවටේ අත දාන් හිටපු හසෙල් ශේප් එකේ සිහේල ලගට ගියේ ඈතින් එන පළිගු දිහාවට බැල්මක් දෙන ගමන්.
" මොන මගුලක් වෙයිද දන්නෑ. අන්න අඩුපාඩුවත් එනවා. "
" කව්ද "
" වෙන කව්ද මුන් දෙන්නාගේ පුතා. "
" පළිගුද. "
" ඔව් අර. "
හසෙල් සිහේලට ඔලුවෙන් මාමාත් එක්ක උඩ පැන පැන එන පළිගුව පෙන්නුවේ සිහේලට ඉවෙන් වගේ ඊට පස්සේ වෙන දේවල් තේරෙද්දි. මොකද පළිගු තැනක් නොතැනක් නෑ යසස්ට පපා යෂ්ට ඩඩා කියනවා කියලා කොල්ලෝ ටික දන්න නිසා.
" ඩඩා.. පපා... "
" අනේ මගේ වස්තුව ආවද. "
මාමාගේ අත අතෑරලා ඒ පැත්තට දුවන් එන පළිගුව දැක්ක යසස් හෙනම ඩ්රාමැටික් විදිහට ඇහුවේ පොඩි එකා ඇවිත් යෂ්ගේ කකුලක් බදාගනිද්දි වෙද්දි ඒ එක්කම යසස්ව අත ඇරලා යෂ් පළිගුව වඩා ගත්තේ පළිගු යෂ්ගේ බෙල්ල බදාගෙන ඒ කම්මුලට හාදුවක් දෙද්දි. නොදැන උනත් පොඩි එකා හරිම දේ හරිම වෙලාවේ කලා කියලනම් වටේ ඉන්න අනිත් සෙට් එකට හිතුනා.
" කව්ද යෂ් මේ පොඩි එකා. "
" ඔයාට කිව්වානේ මම කලින්ම. මේ මගෙයි යෂ්ගෙයි පුතු පැටියා. යෂ්ගෙයි මගෙයි ලස්සන කුරුලු කූඩව කඩන්නැතුව දැන්වත් යනවද ඔය මැඩම්. "
" ඊලගට මම තමුසෙට මෙහෙම නෙවේ කියන්නෙ. "
පලවෙනි ටික හරි ලතාවකට කියලා අන්තිම ටික කෙල්ලගේ කන ලගට ලං වෙලා තර්ජනාත්මක විදිහට කිව්වේ කෙල්ල යසස් දිහාට පිච්චිලා යන විදිහේ බැල්මක් දෙද්දි වෙද්දි තව ටිකක් හිටියොත් මුන් දෙන්නා මෙතන කෙහෙවලු පටලගන්න බැරි නැති නිසාම යෂ් පොඩි එකාව එක අතකට අරන් අනිත් අතින් යසස්ව තමන් වෙතට ඇදලා ගත්තේ අර කෙල්ලගේ මූණ අහක බලාන් දාපු බිත්තර ආප්පයක් වගේ වෙද්දි.
" ඇති ඔය. සොනාලි මම තමුන්ට මේ අන්තිම වතාවට කියන්නේ. තමුන් දැන් දැක්කානේ ඒ නිසා ආයෙත් මට හිසරදයක් නොවී ඉන්නවා. "
" ඒකනේ අපේ මහත්තයා මේ ගෑනුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ ලස්සන කොල්ලෙක් දැක්කාම ඇගේ එල්ලෙන්න. ඒත් සොරි යෂ් කියන්නේ මේ යසස්ට අයිති දෙයක්. මගේ කියන්නේ මගේ විතරයි. එන්න අපේ මහත්තයා අපි යමු. පුතාට බඩගිනී වගේ. "
යසස් එහෙම කියලා යෂ්ගේ අතකිනුත් අල්ලන් කපල් එකක් වගේ වෙලිලා හිටපු කැෆේ එක ඇතුලටම ගියේ උන කිසිම දෙයක් යෂ්ගේ යාලුවෝ දෙන්නාට නොතේරෙද්දි වගේම මෙච්චර වෙලාම ක.උ.බු වෙලා බලාන් ඉද්දි.
" කොහොමද මගේ රගපෑම. "
" අති විශිෂ්ඨයි. උත්කෘෂ්ටයි. "
" මෙතන වෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරපන් යෂ් අපිට. "
" අපේ මහත්තයා ඉන්න මම පැහැදිලි කරන්නම්. "
යසස් කැෆේ එකට ආපු ගමන්ම වාඩි වෙලා අනිත් අයගෙන් අහද්දි සිහේල නියමයි කියන්න අතෙනුත් පෙන්නන ගමන් කිව්වේ මහපට ඇගිල්ලයි දබර ඇගිල්ලයි නවාගෙන ඉතුරු ඇගිලි තුන උස්සන ගමන් වෙද්දි යෂ්ගේ යාලුවා දෙවුරු කෑ ගැහුවේ යෂ් වෙනුවට එතනටත් යසස් මැදින් පැනලා එදා උන දේත් එක්කම අද උන දේ අශ්වින්ටයි දෙවුරුටයි පැහැදිලි කරලා දෙන ගමන්.
" යකෝ පව් ඒ කෙල්ල. "
" කරන්න දෙයක් නෑ බලෙන් එන්න ඕන්නෑනේ. රෙස්පෙක්ට් එක තියාන් හිටියනම් ඉවරනේ. "
" හැබැයි කොල්ලෝ උබලා දෙන්නා දැන් හදවතේ නැව වෙන සීන් එකක් යන්නේ. ඔය සීන් එක අපේ ඉස්කෝලේ දකින්න ඕන හොදම උන් ටික දැක්කා. "
අශ්වින් කිව්වේ යසස් දිහා බැරෑරුම් විදිහට බලන ගමන් වෙද්දි ඒ එක්කම යෂ් අශ්වින් දෙවුරු තුන් දෙනාගෙම phone වලට එකපාරම msg එකක් ආවේ ඒක ඉස්කෝලේ commerce group එකෙන් ඇවිත් තියෙන්නේ කියලා අනිත් උනුත් දකිද්දි. Msg එකේ තිබුනේ photos කිහිපයක් වෙද්දි පහලින් caption එක විදිහට දාලා තිබ්බ එක දැක්ක ගමන් සිහේලට බිබී හිටපු බීම එකත් ඉස්මොලේ ගියා.
'බලන්න අනේ ඒ රත්තරං පව්ලේ ලස්සන. '
Photos ටිකේ තිබුනේ යසස් යෂ්ගේ අතේ එල්ලිලා ඉන්න එක වගේම යෂ් පළිගුව එක අතකින් වඩාගෙන අනිත් අතින් යසස්ව අල්ලන් ඉන්න photos ටිකක් වෙද්දි යෂ්ට ආය ඉස්කෝලේ නොගිහින් ඉන්න තරම් හිතුනා. සිහේලගේ පිට අතාගන ගමන් හිටපු ලිහේෂ යසස්ට කින්ඩියට හිනා වුනේ රගපෑමක් ගිය දුරක් කියලා යසස්ටත් හිතෙද්දි.
" පුදුම චීත්ත ටිකක්නේ උබලාගේ ඉස්කෝලේ ඉන්නේ බං අයියේ. "
" එහෙම නෑ හැබැයි උන් වැදගත් ප්රයෝජනවත් දෙයක්නම් අනිවාර්යයෙන් photos ගහන් අනිත් අයත් එක්ක බෙදාගන්නවා. "
කිසිම ගානක් නැතුව අශ්වින් කිව්වේ යසස්ගේ ඔලුවටත් එකක් ගහන ගමන් වෙද්දි යෂ් කතාවක් නැතුවම තමන්ගේ ඔඩොක්කුවේ ඉදන් බීම එක බොන පළිගුව අල්ලන් හිටියේ වැටෙයි කියන බයට වෙද්දි කොල්ලාත් ගෙන්න ගත්ත බීම එක හරි සන්සුන්ව බොන්න ගත්තේ හැමෝම කතාවල් නවත්තලා බීම එක බොන්න ගනිද්දි.
" යසස්. "
" මාමේ. "
" පළිගුට ගාඩ් කෙනෙක් දැම්මොත් හොදයි. මොකද අර මිනි.... "
" හරි මාමේ ගෙදර ගිහින් කතා කරමු. "
" ම්ම්ම්ම්ම්. "
මෙතුල කියන්න ගිය දේ මගින් නවත්තලා යසස් යෂ්ලව ඔලුවෙන් පෙන්නන ගමන් කිව්වේ මෙතුලත් ඔලුව වනලා කට පියාගනිද්දි උනත් මෙච්චර වෙලා නිහඩව හිටපු යෂ් කට ඇරියේ හැමෝම මූණෙන් මූණ බලාගනිද්දි.
" පළිගුව මට බාර දෙන්න. ඔය මිනිස්සුන්ට මං ඉන්නකල් පළිගුට මුකුත් කරන්න බෑ. "
" ඔයා. "
" පස්සේ කතා කරමු. කිව්ව දේ විතරක් කරනවා. "
යෂ් යසස් අහන්න ගිය දේ නවත්තලා ටිකක් සද්දෙන් කියලා ආයෙත් බීම එක බොන්න ගත්තේ phone එකේන් කාටද msg එකක් යවන ගමන්මයි. බීම ටික බීලා ඉවර වෙනකන්ම ආය කිසිම කෙනෙක් කතා නොකලේ බීම ටිකට මෙතුල පේ කරද්දි.
" අපිට දැන් accounting. අපි යනවා. "
" යෂ් ඔයාට පළිගුව එක්ක යන්න පුලුවන්ද. "
" ඇයි මාමා කොහෙද යන්නේ. "
" මම කෙනෙක්ව බලන්න යනවා. "
" හරි මම එක්ක යන්නම් මාමේ. "
යසස්ලා එතනින් ගියාට පස්සේ මෙතුල පළිගුව එක්ක යන්න යෂ්ට පුලුවන්ද ඇහුවේ කෙනෙක්ව බලන්න යන්න ඕන කියලා වෙද්දි යෂ් පළිගුවත් එක්ක ගියේ යෂ්. එක්ක අශ්වින් දවුරු දෙන්නාත් යන්න යද්දි. හැමෝම ගියාට පස්සේ මෙතුල සුපුරුදු විදිහටම මහයියාව පැත්තට වාහනේ දාලා සොහොනට ආවේ සුදු රෝස මල් පොකුරකුත් අරන්.
වෙනදා වගේන හරිම නිස්කලංක පරිසරේක හරිම නිස්කලංක තැනක අරලිය ගහක් යට ඒ සොහොන් කොත දකිද්දි හදවත වේගෙන් ගැහෙන්න ගත්තේ වේදනාවෙන් අඩුවක් නැතුවම මිරිකෙන ගමන්.
" හොදින් ඉන්නවද පණ . "
මතුසම්බන්දයි____.