කුළුඳුල් (Kuludul) b×b (Slwu...

By kriscobeluna2

9.6K 1.2K 416

නෙත් දෑල පොඟාලන උණු කඳුලු බිඳ නුඹයි නඹෝ ගැබ අඳුරු කල මහා මේඝය නුඹයි සිත් දෑල දෙදර වූ ලසෝ සුසුමත් නුඹයි ... More

පෙර කියවුම
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
A / N
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස

7 කොටස

446 75 29
By kriscobeluna2

"ඈ... ඒයි... සෙමිතිනුවෝ... මොකද මේ බුදි මතේ වගේ... වෙනදට ඔයා මෙහෙම නෑනෙ... අපි එන්නත් කලින් ඇවිල්ලා පොතක් අස්සෙ ඔලුව ඔබන් ඉන්නවනෙ... අද විනාඩි දහයක් පරක්කුත් වෙලා ආවෙ... ඇයි ඒයි... ඇ... ඇ.."

අයියෝ කනක් ඇහෙන්න නැති හැටියක්... ඊයෙ හරි හැටි නින්දක් නැති නිසා ඇහැරුනෙත් පරක්කු වෙලා... දඩ බඩ ගාලා ලෑස්ති වෙලා එද්දිත් විනාඩි දහයක් පරක්කුයි ලෙක්චර්ස් වලට... ඇස් දෙකත් එක්කම දනවා... රෑ නින්ද නොගියට පට්ට නිදි මතයි දැන්නන්... දවල්ට කන්නයි කියල කැන්ටිමට ආව විතරයි තෙවින් කවපු බත්කටවල් දෙක තුනක් වගේ ගිලපු මං උට ඇති කියල එහෙමම මේසෙට ඔලුව ගහගත්තා... මර කරමතේ උන්න හන්දද කොහෙද මේසෙ උඩම නින්ද යාගෙන එද්දි මේකා සිලිං බිලිං ගානවා...


"ඒ සෙතිනු... මාත් බලාගෙන , උබට සනීප නැද්ද බං... ඇස් යටත් කලු වෙලා... කෑවෙත් නෑ හරියට... මොකද්ද අවුල... ඈ.. හලෝ.."

ඔන්න මදි පාඩුව යේෂයි තෙවිනුයි කතා කරන්න ගත්ත කියන්නෙ තල් අත්තට බොරලු ගහනව වගේ තමයි... ඒ මදිවට ඔලුව කැක්කුම අස්සෙයි මුන් දෙන්නගෙ ගණ්ඨාර කටවල් වදින්න ගත්තෙ... අම්මප හසිනිටයි රයන් අයියටයි මල් තියල වැන්දත් මදි මේ වගෙ කුඩික්කි කටවල් දෙකක් උහුලන් ඉන්නවට...

"අනේ යකුනේ... ඔය කටවල් වහගනිල්ලකො... ඊයෙ නිදාගන්න උන්නෑ... නිදි මතයි ඕයි... අනෙ බන් හසිනි මේ යක්කු දෙන්නව අරන් පලයන්කො... ඔලුවත් එක්ක කැක්කුමයි...

මං කෑගැහුවා... කැන්ටිමේ හිටපු තව ළමයි සද්දෙටද කොහෙද හැරි හැරිත් බැලුවා... හසිනිට අර ඩබලව අරන් යන්න කියද්දි ඒකි උන් දෙන්නව ඇදන් යන්න හැදුවත් ඇටිකිච්ච ආයෙ මං දිහාවට දුවන් ආවා.. 

"පෙනඩෝල් දෙකක් දෙන්නද සෙතිනුවෝ... අමාරුද... ඒයි..."

කොච්චර බැනුම් ඇහුවත් මගෙ ගාවට ඇවිත් පෙනඩෝල් ඕනෙද අහනවා... ඒකනෙ මං මේකට ආදරේ...

"එපා බං , තා ටිකකින් ඇරිල යයි... යමන් , කොහොමත් මෙතන ඉදල වැඩක් නෑනෙ.... ලෙක්චර් පටන් ගනී දැන්..."

°





°




°








°

දෙකයි හතලිස් පහයි , එනවද නැද්ද කියල මැසේජ් එකක් දාන්නන් කියපු මිනිහ චුත වෙලා... මටයි මඩු වලිගෙන් ගහන්න ඕනෙ ඕකගෙ වචන විස්වාස කෙරුවට... එක්කු මංම ගන්නවා කෝල් එකක්... ඉඳපන්කො අරන් බනිනව ආයෙ කන් බෙරේ පැලෙන්න... ඇයි යකෝ.. එන්නැත්තන් කියන්න බෑද... හරි රින්ග් නන් වෙනවා...


"හෙලෝ..."


         
...................


"සේනු , හෙලෝ... Can you hear me... I'm really sorry... වැඩත් එක්ක ටයිම් එකක් හම්බුන්නෑ ඔයාට කෝල් එකක් ගන්නවත්... මේ දැන් ෆෝන් එක අතට ගත්‍ත විතරයි ඔයාට කෝල් කරන්න... ඒ ගන්න යද්දියි ඔයා කෝල් කලේ... හෙලෝ... සේනු... ඇහෙන්නෑද..."

 ......................

    

"හ්......"


"සෞරාද්... ඔයා කන්නෙ නැද්ද... පීස එක ඇවිල්ලත් දැන් ගොඩක් වෙලානේ... මේක නිවිලත් ඇති... ඔයා ආස නිසාමයි මේ ජාතියෙන් දෙන්න කිව්වෙ... වොශ් එකක් දාගෙනම කනවද නැත්තන් , කාල ඉන්නවද...ආ... කෝල් එක්කද... ජයසිංහ අංකල්ද...."

       

          

මඩවන්න හිතාගෙන සද්ද නැතුව හිටපු මං උත්තර දෙන්න හිතාගෙන කට ඇරිය විතරයි , එහා පැත්තෙන් ගෑණු කටහඩක් ඇහෙද්දි ෆෝන් එක තිව්වා... තරුණ කටහඬක් , ඒ මදිවට සෞරාද් කියල කතා කරෙත් ඇදල පැදල... ඉලෙක්ශන් එකේ වැඩකට කිලිනොච්චි යනව කියපු මිනිහා රූම් එකක කොහෙන්ද... වොශ් දාගන්න කතාවක් ඇහුනත් එක්ක... ඒ කියන්නෙ ශුවර් එකටම කොහෙම හරි රූම් එකක්... ඕඩ කරපු කෑම කියන්නෙ රූම් සර්විස්...
ඊයෙ පර මනමාලයගෙ විකාර හැසිරීම හන්දා නින්දක් නැතුව ඉඳලත් මං ඒවත් අමතක කරලා කෝල් එක ගත්තෙ... හැම එකාම එකයි , වෙනසක් නෑ... මමයි මෝඩ සෞරාද්ගෙන් සුදු මනුස්සයෙක් බලාපොරොත්තු උන... දේශපාලනේ කරන මුලු හැත්තම කලු බව දැන දැනත් මං මෝඩය උනා... එක්කු මට කෙලින් කියන්න තිබුණා , ගෑණියෙක් එක්ක ලගින්න යන වග... මං ඉතින් බලන් ඉන්නෙ නෑනෙ...
කදුලුත් එනවනෙ මගුල , මොන එහෙකට ඇඬෙන්න එනවද මන්දන්නෑ... රෙද්ද... ඇහි පිය ගහල එලියට පනින්න හදපු කදුලු නවත්තගත්තු මම එහෙම්ම ආපු බස් එකට අත දාල නැග්ගා... ජනේලෙ අයිනෙ ශීට් එකක් තියෙද්දි මං කලේ එතනින් වාඩි උන එක...
පරට්ට වට බඩ්ඩෙන් කෝල් මැසේජ් එනව එක දිගට , මං නෙවේ ඇහැක් ඇරල බැලුවේ...



අලුතින් ඔෆිස් එකට
පේනා ඇහැට කනට
ගර්ල් කෙනෙක් වැඩට ආවලු
ඔහෙත් එක්ක මුකුලු කරනවලු
ඒ සක්කරවට්ටම
බැලුවම හැමතිස්සෙම
දෙන්නගෙ මේ ලටපට
ගිහිල්ලා කනින් කනට
ඔෆිස් එකම කතා කරනවලු
කට්ටිය එහා ගෙදර දැනගෙන මේ විස්තර
ගමටම පත්තු කරනවලු

එයා මෙයා අරයා මොනවා කීවත්
ඔයානෙ මගේ රංකඳ හැමදාමත්
ඔෆිස් එකට කවුරු කවුරු ආවත්
ඇහැක් ඇරලා බැලුවෙ නෑනේ තාමත්

ණය වෙලා හතර වටේ
යන්නට ලෝකෙ වටේ
අලුත් ඇඳුම් අරගෙන දෙනවලු
ඉඳල හිටලා මං ඇඳුමක්
ඉල්ලුවාම මෙන්න බොලේ
එතකොට සල්ලි නැහැල්ලු කට් එක දාලා වැඩට
රිංගලා හෝල් වලට
බොක්ස් එකේ කැරම් ගහනවලු
මාසේ පඩිය දාට
ගිහිල්ලා හොටෙල් වලට
ඒකිට පීසකවනවලු

ඉඳලා හිටලා පීස එකක් කෑවත්
පරණ දෝසි කැටේ රහයිනෙ මට තාමත්
ඔෆිස් එකට කවුරු කවුරු ආවත්
ඇහැක් ඇරලා බැලුවේ නෑනේ තාමත්

ඒ අස්සෙ බස් එකේ මල මගුලක් ප්ලේ වෙන්න ගත්තා වෙද්දි , ඒ බරකරත්තෙනුත් මට බැහැල යන්නම හිතුනා... ශොප් එකට විනාඩි පහක් වත් නැති එකේ මං කොහොම හරි කාගෙන හිටියා... ජිප්සීස් ලත් එපා වෙයි මට අදින් පස්සෙ...පපුවත් රිදෙනව රෙද්ද... ආයෙ නන් නෑ .. පරට්ට නායක පුතා ගැන බලාපොරොත්තුවක් හිතේ කොනකවත් තියාගන්නෙ නෑ මං... ගෑණු පෙරේතය... අනෙ මං හිතුව රෙස්පෙක්ට් පිට ඉන්නව වත් ඇති කියල... රෙස්පෙක්ට් අම්මගෙ රෙද්ද... නෙදකින්...

ශොප් එක ගාවින් බැහැලා ඒ දිහාවට එද්දි මට කලින් ශිෆ්ට් එකට හිටපු කෙල්ල අතින් කටින් මලුත් එල්ලන් දුවන්න ලෑස්තිය... ඒකි කොහොමත් ඉන්නෙ මං එන්නෙ කොයි වෙලෙද බලාගෙන , සිත්මි මගෙ වයසෙම උනාට බැඳල ලමේකුත් ඉන්නවා... ඒකිගෙ ගෙවල් අම්පාර පැත්තෙ... ෆේස්බුක් එකෙන් යාලු වෙලා කොළඹ එකෙක් එක්ක පැනල ඇවිල්ලා... වැඩේ කියන්නේ හම්බෙන්න ගියපු පළවෙනි දවසෙම කොල්ල කිව්වලු යමන් කියල , ඉතින් මේකිත් ඇවිල්ලා... ඒලෙවල් වලට ක්ලාස් යනගමන් කොල්ලව හම්බෙන්න අම්පාරෙ ස්ටෑන්ඩ් එකට ආපු ඒකි ගොං හරක වගේ පොත් මල්ල පිටින්ම අරුත් එක්ක පැනල ඇවිත්... සංසාරේ.... මොනා උනත් හිත හොඳ එකී...

"මොකද බං ඔච්චර හදිස්සිය... ශොප් එක ඇතුළට ගියෙත් නෑ මං තාම , උබ දුවලත් ඉවරයි..."

"අනේ බං කොල්ලට උන හැදිලලු... රවීන් කෝල් කරල කීවෙ දැන් ටිකකට කලින්... ඒකා අඬනවලු අම්ම ඕනෙයි කියල... බේත් ටිකක් ගන්න යන්නයි කියල බං... මං යනව ඈ... "

"ඒ... සිත්මි... සල්ලි තියෙද... ඔහොම ඉන්න පොඩ්ඩක්..."

දුවන ගමන් උන්න ඒකිට ඉන්න කියල මං ආයෙත් හැරුනා... බේත් ගන්න යනව කිව්වට කීයක් වත් අතේ තියෙද දන්නෙත් නෑ... මිනිහ කොටුවෙ වැඩ කරන්නෙත් , කුලියට ඉන්නෙත් , එහෙම එකේ පිරිමහගන්නෙ අමාරුවෙන්... පර්ස් එකේ තිබුන දාහෙ කොල දෙක මං සිත්මිගෙ අත මිට මෙලෙව්වා...

"අනේ සෙතිනුවෝ... මං මේක පඩි හම්බුනාම දෙන්නන්... අතේ සතයක් නෑ බං... කොල්ලට ඕන සබන් ශැම්පු එහෙම ගන්න තියපු සල්ලි වලින් කීයක් හරි අරන් යන්න හැදුවෙ... අනේ උබට පිං ..."

"පිස්සුද සිත්මි... ආයෙ ඕව දෙන්නයි ගාගෙන පඩි දවසට දික් කරන් එන්න එපා පලාතේ... කන පලනවා... කෝ දැන් යන්න... දරුවව හොඳ ඩොක්ට කෙනෙක් ගාවට එක්කන් යන්න හරිද... දැන් මේ සතියට උන ගත්තෙ කීවෙනි පාරටද ඔය... නිතරම උන ගන්න නිසා vog කෙනෙක් ටවත් පෙන්නන්න... බයයිනෙ , මොනව උනත් දරුවොනෙ බං... "

"රවීන් චැනල් එකක් දෑවා කීවා... vog නෙකෙන් තමා... මට කතා කරන්න සෑහෙන දේවල් තියෙනව උබත් එක්ක... කොහෙද වැඩත් එක්ක ඕපයක් වත් කතා කරන්න උන්නෑනේ... මං යනව එහෙනන් , හෙට නිවාඩු... කොල්ලත් එක්ක ඉන්න ඕනෙ... බුදු සරණයි බං..."

"බුදු සරණයි , පරිස්සමෙන් යන්න..."

මං එන්න ආවා... කෙල්ල බස් එකට නගිකන් බලන් ඉඳලා ශොප් එකට එන්න ආවා... මං ආසම තැනක්... මල් අස්සෙ හුස්ම ගන්න ලැබෙන නිසාම , ආසාවෙන් කරන ජොබ් එක... මමත් ඉතින් මල් කොල්ලෙක්නේ... එහෙම බැලුවම...

හිතට බරයි... සෞරාද් කියන්නෙ මගෙ කවුරුත් නෙමෙයි ඒත් , අනේ මන්දා... මගෙ හිතේ එයා ගැන තිබුණෙ ක්‍රශ් එකක් වගෙ හැඟීමක් විතරයි... හිත එයින් එහාට යන්න නොදී මං කොහොම හරි නවත්තගත්තෙ එයා straight කියපු දාමයි...

ඕකයි මං බය හිත අස්සටම නොදැනිත් රිදෙනවනන් සෞරාද්ව හිත අස්සටම දැනුනොත් මට කොහොම රිදේද... මේ තරමට වත් රිදෙන්නෙ එයාගෙ වැඩ නිසා , අරකයි මේකයි අපි අවුරුද්දෙන් වෙන් වෙමු , මං කොල්ලොන්ට කැමති නෑ , එකිනෙකාගෙ ලයිෆ් වලට ඇඟිලි ගහන්න බෑ , වගේ දාහක් බන කියලා නික් නේම් වලින් කතා කරන්න , අතින් අල්ලන්න , මං ගැන හොයල බලන්න , ගත්තා... ඒ මදිවට හිතට දැනෙනවලු අමුතුවට... එක්කු එයාට දැනෙන්නෙ මොකක්ද කියල එයාවත් දන්නෙ නැතුව ඇති... එයාට ඇත්තෙ නිකන් මං ගැන ආකර්ෂණයක් වගේ එකක් , ආදරයක් වෙන්න කොහොමත් බෑ , ක්‍රශ් එකක් වෙන්න ඒත් බෑ... අනික මනුස්සයෙක්ගෙ sexual orientation එක හිටි ගමන් වෙනස් වෙන්න බෑනේ... මගෙ උරහිසට වැටෙනකන් කොණ්ඩෙ තියෙන නිසයි , ඒ එක්කම ගත්තම ටිකක් ගෑණු ළමයෙක්ගෙ පෙනුමකුත් තියෙන නිසයි සෞරාද් කන්ෆියුස් වෙලා ඇත්තෙ...

හ්ම්ම්... මොනව උනත් කමක් නෑ , මට ඕනෙ නෑ... මේ මැරේජ් එකෙන් පස්සෙ අවුරුද්ද කොහොම හරි ඇදගන්නවා... ඊට පස්සෙ මං නිදහස්... ඕන්නෑ මට කවුරුත් , අනන්ත යාලු වෙන්න අහලත් මට ඕන්නැති උන එකේ ඉස්සරහටත් ඕනෙ නෑ... දැන් තියෙන්නෙ අලුත් ක්‍රශ් එකක් හොයාගන්න... මනමාල පරයව ක්‍රශ් ලිස්ට් එකෙන් කපා හැරියා... අනේ මටෝන්නෑ ඕකව...

බඩගිනියි , උදේට හරියට කෑවෙත් නැ , ඒ මදිවට පට්ට නිදිත් මතයි... නිදාගෙන බෑනෙ ඒත්... ශොප් එකට මීටර් පනහක් වගෙ දකුණු පැත්තෙන් කෑම කඩයක් තියෙනව , මං ඒකෙන් තමයි වෙනදට කෑම ගන්නෙ... ඒ ගිහින් කෑම එකක් ගෙනාවත් , කන්න ගත්ත විතරයි බඩගින්න කොහෙ ගියාද නෑ... කටවල් දෙක තුනක් කාලා ඉතුරු ටික පාරෙන් එහා පැත්තෙ ඉන්න බලු අම්මට දුන්නා... පැටව් දහයක් ඉන්නව එයාට... ගෙදර අරන් යන්න අනන්ත ඕනෙ උනත් ශේරිල් ආන්ටි කෑලිවත් ඉතුර කරන එකක් නෑ ගෙනිච්චොත් , එයාට පාරෙ බල්ලො ඊයලු... පොශ් හොඳ හොඳ බර්ග වල ඉම්පෝටට් බල්ලො සෝ කියුට්ලු... අනෙ ඒ බේබද්දිගෙ මගුලෙ තියරි... ගෙනියන්න බැරි හන්දම මං පුලු පුලුවන් වෙලාවට එයාලට කන්න දෙනවා....

රෑ නවයත් වෙලා , අද customers ලා වෙනදට වඩා අඩුයි... ඇස් ඇරන් ඉඳල බැරිම තැන මං මේසෙට ඔලුව ගහගත්තා... හම්මෝ කලු ගලක් ඔලුව උඩ තිබිල බිමින් තිව්ව වගේ... සනීපේ බෑ... ඇස් දෙක බර නිසාම නින්ද යාගෙන එද්දි කවුරු හරි ශොප් එකේ දොර ඇරන් ආව බව තේරුනේ වින්චම් එක හෙලවෙන සද්දෙන්... අම්මට ඇහැ පියවන්න නෑනෙ විනාඩියකට... මෙච්චර වෙලා මෙලෝ බල්ලෙක් ආවෙ නෑ ,,, පොඩ්ඩකට ඇස් පියාගන්න හැදුව විතරයි... ලංකාවෙම මිනිස්සු මේක අස්සෙ.... අනික මේ මහ රෑ මොකාද...
යන්තන් ඇස් ඇරගෙන පුටුවෙන් නැගිටපු මං ඕඩ එක ගන්න ටේබල් එකට ගියා...


"Good afternoon sir... මොනවද ඕනේ...."



............





"සේනූ...."






සෞරාද්...

මං customer ට පිටුපාලයි ගියේ... හිත යටින් බැන බැන හරි ගුඩ් ආෆ්ටනූන් කිව්වේ පාරිභෝගිකයා දෙවියාය කියල හිතාගෙන උනත් ඇවිත් හිටපු පාරිභෝගිය දැක්කම නන් මට එකසිය ගානට නැග්ගා... මොන මගුලක්ද මේ මිනිහ මෙහෙ කරන්නේ... ගෑණුත් එක්ක මගුල් නටල ඉවරද දන්නෑ... මෙලෝ ගානක් නැතුව සේනූ ගාන හැටි විතරක්... දෙන්න හිතයි ඇමති පුතාට...

"මොනවද ඕඩ කරන්නේ sir.... girlfriend ට නන් ලැවෙන්ඩ බොකේ එකක් රෙකමන්ඩ් කරනවා... රෙඩ් රෝස් දෙනවට වඩා ඒක රොමෑන්ටික්... හැබැයි ලැවෙන්ඩ එක්ක බ්ලැක් රෝස් දෙක තුනක් දුන්න නම් තවත් රොමෑන්ටික්... හදන්නද බොකේ එක sir..."

වට බඩු පරට්ට ඇමති පුතාව හීනෙකින්වත් එපා කියල හිතාගෙන උන්න මට ඊලඟ තප්පරේ ආච්චි වැහුනා... කොහෙද ,හිත එක තැනක නැති හැටියක්... වික්ටෝරියා ජාතිකයො කියනවා ඊජිප්තු රැජින ක්ලියෝපැට්රා රැජින මලේ ලැවෙන්ඩ පඳුරක් අස්සෙ හැන්ගිලා උන්න සර්පයෙක් කාලලු... ලැවෙන්ඩ ඖෂධීය උනත් රැජින මලාලු... ඒක නිසා ලැවෙන්ඩ මල් කියන්නෙ අවිශ්වාසෙ සංකේතවත් කරන්න පාවිච්චි කරන මලක්ලු.... මල් එක්කම අවුරුදු දෙකක් තිස්සෙ හිටපු නිසා මං හැම මලකම තේරුම් දැනන් හිටියා...  ඉතින් මං පර මනමාලගෙන් ලැවෙන්ඩ දෙන්නද ඇහුවා... ඒ වගේම මරණයේ සලකුණ වෙච්චි කලු රෝස අහුරකුත් අතට අරන් ඒවත් දාන්නද ඇහුවා...

"ඔය නොකිය කියන්නේ මං විශ්වාස කරන්න බැරි එකෙක් කියලද සේනු...ම්ම්.... මොනව උනත් මනුස්සයෙක්ගෙ ඩෙත් එක විශ් කරන එකනන් වැරදියි නේද..."


"ඒ..........."


මල හත්තිලව්වයි... මූ කිව්වේ තාරකා විද්‍යාඥයෙක් කියල නේද... එහෙව් එකේ මල් ගැන දන්නෙ කොහොමද... අනෙ මට කැරකිල්ල වගේ... ගොනා වගේ හා කියලා අර කැත ගෑණිට ලැවෙන්ඩ එක්ක කලු රෝස ගෙනිහින් දෙයි කියල හිතාගෙන හිත අස්සෙන් ඩෝලරෙ නට නට හිටිය මං වාඩි වෙලා හිටපු පුටුවෙන් වැටෙන්න ගියා... හතර විලි ලැජ්ජාවයි... එක්කු මට හිතන්න තිබුනා astronomer කෙනෙක් කියන්නෙ මෝඩයෙක් නෙවෙයි වග...

"ඒ... ඒ... නෙමෙයි , ඇයි සේනු කෝල් ආන්ස කරේ නැත්තෙ... බලනව ෆෝන් එක , මං පනස් වතාවකට වඩා අරන් ඇති... උබට මොකටද ෆෝන් එකක්... කෝල් ගන්න දෙන්න ෆෝන් තියෙන්නෙ , උබේ එක තියෙන්න් සයිලන්ට් දාලා බෑග් එකේ ඔබන්න... ඊයෙත් පේන්නැද්ද...."

           

"මොකද සද්ද නැත්තෙ , කියන්න දේවල් නැති නිසාද... ගිහිපු වැඩ තොගේ ඉවරයක් කරගන්නෙ වත් නැතුව ආවෙ බය හිතුන නිසා... u are killing me alive සේනු..."


ගෑගහගෙන ගිහින් අන්තිම ටික කියද්දි සෞරාද් ඇවිත් මගෙ අත් දෙකෙන් අල්ල ගත්තා... එයාගේ මූනේ බයත් එක්කම මහ සසරණ කමක් ලියවිලා තිබුනා... ඒත් මට ඒකට හේතු හොයන්න ඕනෙ උනේ නෑ....

"මං දැනන් හිටියෙ නෑ..."

"මොකද්ද..."

"මල් වල තේරුම..."

"සීරියස්ලි සේනූ... උඹට දැන් මලක් ගැනද කියන්න මතක් උනේ... මෙච්චර වෙලා මං ඇහුවෙ මොනවද... ru fucking kidding me සේනූ... ගන්නව ෆෝන් එක..."

"මොකටද... මට බෑ..."

"සෙතිනු... උඹ මගෙන් මැරුන් කනව දැන්... හොඳින් කියන්නෙ ගනින් ෆෝන් එක..."


මං හිතන්නෙ මගෙ කන් අඩිය පැලෙන්න ගියා... ඒ කෑගැහිල්ලත් එක්ක එයාගෙ අත් දෙක මගෙ අත් දෙකත් එක්ක තවත් තද වෙද්දි මට රිදෙන්න ගත්තා... එක අතක් යන්තන් ඇදල අතෑරව ගත්ත මං වචනයක් නොකියා ෆෝන් එක දුන්නා...



"ලොක් එක අරිනව මේකෙ...."

       

"මේ බලනව අයිසෙ , කෝල් කීයක් අරන්ද... ආ.... බීරිද... මං කියන්නද තමුසෙ ෆෝන් තියාගන්න එපා , වැඩක් නෑනේ .. ඕනකමක් උනොත් ඉස්සර වගේ ලෙටර් එකක් ලියන්න... කණ පුපුරන්න දෙන්න හිතෙනවා..."

මල හත්ති වුත්තයි... මිස්න්ඩ් කෝල් පනස් පහයි , මසේජ් එකසිය දෙකයි... ඉලෙක්ශන් එකේ වැඩකට ගියා කියලා ෆෝන් එකේනෙ මේකා එල්ලිලා ඉඳල තියෙන්නේ... අම්මෝ අර ලඟ හිටපු ගෑණි දැක්කෙ නැද්ද දන්නෑ... ආ...ආ... පොඩ්ඩක් ඉන්න , අනවස්ස තොරතුරක් ඇහුනා... කණ පලන්න මගේ... එව්ව කොහෙද මාත් එක්ක පරට්ටයෝ...

"අත අතාරිනව මගේ... සෞරාද්... මගෙ අත රිදෙනව අතාරිනවා..."

"ඒ හිටියෙ මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් , නිකේෂි... ඒකි මැරීඩ් , අපි සේම් ඒජ් , අවුරුදු පහක බබෙක් ඉන්නව ඒකිට... අපි එකම යුනිවර්සිටි එකේ ඉගෙන ගත්තෙ... පොඩිකාලෙ ඉඳන් අපි බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලා... අපි දෙන්න අතර මොකුත් යාලු කමට එහා දෙයක් නෑ... නිකේෂිගෙ හස්බන්ඩ් සෙන්ට්‍රල් බෑන්ක් එකේ වැඩ කරන්නෙ... මං පොලිටික්ස් වලට බැස්සට පස්සෙ ඒකි තමයි මාව ගයිඩ් කරන්නේ... ඒකි පොලිටිකල් සයන්ස් වලි ග්‍රැජුඒට් උනේ... අපි එකට වැඩ... අද පොඩි බ්‍රේක් එකක් හම්බෙච්ච නිසා රූම් එකක් බුක් කරේ... කිලිනොච්චිනෙ , ගියෙත් දුෂ්කර පළාතකට , යන්තන් ඒ තැනත් හියාගත්තෙ ..  ටීම් එකේ අනිත් ඔක්කොම පිරිමි අරකිව උන් එක්ක තියන්න බෑනෙ... අනික ඉතුරු උනෙත් එකයි දෙන්නටම...  වොශ් එකක් දාගන්න කතාවක් ඇහෙන්න ඇතිනෙ , දූවිලි හරියට ඒ පැත්තෙ... වොශ් එකක් දාගෙන කාලා ආයෙත් අනිත් පැත්තට අවශ්‍යතා තියෙන පවුල් වලට බඩු වගයක් බෙදන්න යන්න හිටියෙ... ආ... අනිත් පීස කතාව , ඔය නැවතිච්ච තැන එහාපැත්තෙ පොඩි කොල්ලො සෙට් එකක් අලුතින් කඩයක් පටන් ගත්තා , මං ඒකෙ ඕපන් එකටත් එක්ක ගියේ... පීස කෑල්ලක් ඇහැට දැකල නැති මිනිස්සුන්ට ඒක ලොකු දෙයක් , ඒක නිසා මමයි ස්පොන්ස කරෙත්... ඒකෙන් පීස ගත්ත ටීම් එකටම.... මං බොරු නෙමෙයි කියන්නෙ සේනු... මගෙ පර්සනල් අකවුට් එක නැතුව පොලිටික්ස් අකවුන්ට් එකේ බලන්නකො... මට මොකුත් එෆෙයා නෑ සේනු...."






"කාලද ඉන්නේ..."

"ආ...."

"මං ඇහුවෙ කාලද ඉන්නේ , මේ වෙද්දි එන්න නන් ඉගිලෙන්න ඇතිනේ... ලේසි දුරකුත් නෙවෙයිනෙ..."

"කන්න උනේ නෑ........ ඒත් බඩගින්නක් නෑ..."

"ඔහොම ඉන්නව , අර පුටුවෙන් වාඩි වෙලා... කට වහගෙන ඉන්නවා... මං අර ශොප් එහා පැත්තෙ කඩේට් ගිහින් එන්නන්... පස්සෙන් එන්න හිතන්නවත් එපා උඹ... හරිද..."




සෞරාද් , මොකද්ද මනුස්සයෝ මේකේ තේරුම... මං තමුසෙගෙ ගෑණි නෙවෙයිනේ... ඇයි නිදහසට කරුණු කියන්නේ... ආයෙ හොයන්න දෙයක් නෑ , එයා කිව්වෙ ඇත්ත... ඒක මට තේරුනා...

මට තේරෙන්නෙ නෑ දෙයියනේ... එක්කු කෙලින්ම හිතේ තියෙන දෙයක් කියන්න ඕනෙ... දාහක් දේවල් ඔලුවට ආවත් මං කරේ කොහෙවත් නැති කෑමක් ගැන අහපු එක.... එයින් පස්සේ කන්නෙවත් නැතුව ආපු වග කිව්ව නිසා නම් මගේ හිත රිදුනා... කෑම එකක් ගේන්න එහා කඩේට යද්දිත් මගේ ඔළුවේ ලෝකෙ නැති දේවල් කැරකෙන්න ගත්තා...

මොන මොන විකාර ඔළුවේ තිබුණත් එකම එක දෙයක් මට සම්පූර්ණයෙන්ම තේරුම් ගිහින් තිබුණා...

තමන්ගේ හැඟීම් ගැන කිසිම වැටහීමක් නැති මනුස්සයෙක්ගෙයි , තමන්ගේ හැඟීම් හඳුනන ඒත් ඒ හැඟීම් වැට කඩුලු දාලා බැඳගන්න හදන මනුස්සයෙක්ගෙයි කතාවක් මේක...

මේ කතාවේ අවසානේ මොන වගේ විකාරයක් වේවිද කියලා උඹවත් මමවත් දන්නේ නෑ සෞරාද්...

මගෙයි උඹෙයි කතාව පටන් ගත්තත් , පෙනේරෙක තරන් හිඩැස් තියේවි සෞරාද්....

*







*








*

"මේ ටිකත් කනවා හලෝ... වීසි කරන්නද කියන්නේ..."

"අම්මො ඇති... බඩ පැලෙන්න වගේ... කනව කියල ඔහොමත් කන්න පුලුවන්ද... ඔයා කන්නකො සේනු..."

ඒ... ඒ පාර උබ බන් තමුසෙ ඕයි ගගා හිටපු එකා ඔයාලු... අයියෝ බයිපොලර් පිස්සා.... මූත් එක්ක වැසුවොත් කන්ෆියුස් වෙලාම මගෙ ෆියුස් එකක් ගහල යයි... ආආආආ.....

ඉතුරු බත් කටවල් දෙක තුන ගිලපු මං කොලේ ඩස්බින් එකට දාලා අත හෝදගත්තා... මටත් පිස්සු , අරූට මං බත් කැව්වත් එක්ක... තෙවින් එහෙම දන්නවන් මේලෝකෙ නැති කතා කියයි ඕකා... අද වෙච්චි සේරම ගිහින් හෙට අනිත් පැත්තට කිව්වත් බත් කවපු කතාව නන් කියන්න හොඳ නෑ...

දහයයි වෙලාව... ශොප් එකේ දොරත් වහල මං එලියට එද්දි සෞරාද් හිටියෙ ඉස්සරහ අඹ ගහ යට තිබ්බ බෙන්ච් එකේ වාඩි වෙලා... බෙන්ච් එකක් කිව්වට ඒක අර ගල් පුටු ගතරකුත් එක්ක මේසයක් තියෙන්නෙ , අන්න ඒ වගෙ එකක්... පුටුවෙ ඇන්ද දිගේ ඔලුව තියාගෙන ඇසුත් පියාගෙනයි එයා හිටියේ... ඇහැරවන්න හිත නොදුන්න නිසාම මාත් ගිහින් එහා පුටුවෙන් වාඩි උනා...

"ආවද..."

"සොරි ඩිස්ටර්බ් උනානේ...."

"පිස්සුද සුද්දා ,I was thinking about something... තමුසෙ කවද්දි මට අපෙ අම්මව මතක් උනා... පොඩි කාලේ එයත් මට බෑ කියද්දි තව කවනවා... මං අවුරුදු පහලවකින් විතර කවුරු හරි කවපු බත් කටක් කෑවේ... තමුසෙට පින් ඕයි... ජීවිතේට නැතුව මගෙ බඩ පිරුනා..."

"ම්ම්ම්...."

"ඇයි අද දවල් සිද්දිය ගැන අහන්නෙ නැත්තෙ සේනු...."

මොකුත්ම නොකියා ෆ්‍රීසියා මල් ඉත්තක් මන් එයාගෙ අත උඩින් තිව්වා...

එයාගේ ඇස් දිලිසෙන්න ගත්තා... කඳුලුද... නෑ එහෙම වෙන්නනන් බෑ... මට පේන හැටි වෙන්න ඇති...

"ඒ කියන්නෙ මාව විශ්වාසද..."

මං ඔලුව වැනුවා... ෆ්‍රීසියා මල් කියන්නෙම විශ්වාසය අර්ථ කරන මලක් වෙද්දි සෞරාද්ගෙ අත උඩ නැවතුනේ , ශොප් එකටම ඉතුරු වෙලා තිබුණ අන්තිම ෆ්‍රීසියා ඉත්ත...

"සේනූ... මං හිතන්නෙ මං දන්නවා... ඊයෙ නොදැන උන්න දේ මං දන්නවා... මගෙ sexual orientation එක වෙනස් කරගන්න වෙයි වගේ..."

සෞරාද්ගේ අතක් ඇවිත් මගෙ අත පැටලිලා යද්දි ඉත්තෙන් ෆ්‍රීසියා මලක් කඩාගත්තු එයා ඒක මගේ කණ උඩ රැදෙව්වා... එයින් පස්සෙ බූල් එකක් දාලා උඩට කරල බැඳල තිබුණ මගෙ කොණ්ඩෙ එයා අතින් ලිහිලා ගියා... අකීකරුවට වටෙන කොණ්ඩ ගස් අහුරක් එයා කණ පිටිපස්සෙ රැදෙව්වා වෙද්දි ඒත් එක්කම බිමට වැටෙන්න ගිය ෆ්‍රීසියා මල ආයෙත් කණ උඩ රැඳවුනා...




"ලස්සනයි...."

               

වෙනද කියවන්න අමාරු හැඟීම් තිබුණ ඇස් අදනම් මට කියව ගන්න පුලුවන් වෙලා තිබුණා... මගෙ ඇස් දිහාම එක එල්ලේ බලාගෙන ලස්සනයි කිව්ව එයාගෙන් මට අහන්න ඕනෙ උනා... මලද , මමද... ඒත් මං ඇහුවෙ නෑ... දැනටමත් කණ් දෙකේ ඉඳන් රතු වෙලා හිටපු මං බය උනා... ඒ උත්තරේට බය උනා...



"මලත් ලස්සනයි , හැබැයි මගෙ ඇස් දෙකට මල නොපෙනෙන තරමට උබ ලස්සනයි...... ෆ්‍රීසියා...."

මොහිතක් ගත වෙන්න ඇති... තොල් දෙකක් එක්ක වෙවුලද්දි මං එයා දිහාම ගල් ගැහිලා බලන් උන්නා... මට ෆ්‍රීසියා කියපු එයා ඊලඟට කරපු දෙයින් මං දියවෙලාම ගියා... බාස්කට් එකක් වත් අරන් එන්න වෙයි දැන් මාව එකතු කරගන්න....
ආආ...... අක්කුවෝ....




































(අනෙ ළමයිනේ ඔයාලා එෆ්බී ටික් ටොක් එහෙම ඉන්නවනම් වට්සැප් ගෲප් වල එහෙම ඉන්නවනන්... කතාව රෙකමන්ඩ් කරන්නකො ඔයාලගෙ යාලුවොන්ට... මට උනත් ලියන්න ආසාව එන්නෙ එතකොටනේ... මතක ඇතුව කියවන කට්ටිය කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්ඩලා .... කවදත් මාත් එක්ක මුල ඉඳන් ඉන්න හැමෝටම මං ආදරෙයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා 😭❤️ ඊලඟ කොටසින් එන්නාන්... කලින් කොටසෙ නොටිෆි ගිහින් නෑ ගොඩක් අයට.. ඒකට සොරි... මේ කොටසට කලින් ඒක කියවන්න...ආමේ දෙවෙනි අයිතිකාරයා තාම ආවෙ වත් නෑ සුද්දලා 👀❤️

Continue Reading

You'll Also Like

47.6K 5.5K 62
🤍🕊️ මගේ ඇස් නුඹ මතට වැටී තියෙන තාක් කල්, මා මතට වැටෙන ඇස් ගැන නුඹ වද විය යුතු නැත...🤍🕊️
254K 26.9K 54
Just friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka
24.1K 4K 30
𝙾𝚗 𝙶𝚘𝚒𝚗𝚐 ↔ එක පාරක් බැලුවේ ආයෙ කවදාවත්ම අහක බලන්න නෙවෙයි ! ඇස් දෙකේ තියන් පරිස්සම් කරනවා. සත්තයි !! ♡̸❀ " මට ආදරෙයිද? " " ම්ම්ම් පොඩ්ඩක් ඉන්න...
56.2K 1.5K 25
Warning: If you have not read Transformers go ahead and do that now. Or you will be confused. Based On the Movie Transformers Revenge Of Fallen, Dani...