" ටිකක් ඉන්න මං ගෙනාවා.."
ඒ අයියා එහෙම කියලා ෆෝන් එක මට දීලා එලියට ගිහින් විනාඩියක් යන්න කලින් එක පාරම ලොකු ගාබේජ් බෑග්ස් පහක් උස්සන් ආවා... මගෙ කට බාගෙට ඇරුනා..
" අහ්.. ආ මේකෙ මං ගහලා තියෙනවා සෙමෙස්ටර් සෙමෙස්ටර් වෙනම ඔයාට ලේසි වෙයි.. ආ මේ පොත් ටික ඕන වෙයි අපරාද නීතියේ කට්ටියක් කරපු රිසර්ච් වගයක් .. මේ පෙන් වල ඔක්කොම ලෙක්චස් වල රෙකෝඩින් තියෙනවා මල්ලී.."
ලා නිල් පාට ඩෙනිමට කහ පාට ටී ෂර්ට් එක්ක ඇදලා ඩෙක්ස් දෙක්ක දාන් ඉන්න් නෝමල් ඇඟක් තියෙන කොල්ලෙක් දිවාශ අයියා.. එයා මගෙ අතට පොත් ටිකකුත් දීලා පෙන් පිරිච්ච මල්ලකුත් දිලා කිව්වේ මං හැම එකකට ඔළුව හොල්ලනකොට..
" හරි එච්චරයි එහෙනම් මල්ලී... මං නම්බර් එකක් වට්සැප් එවන්නම් ඒ පොර කැම්පස් අවුට් වෙච්ච කෙනෙක් දැන් කැනඩා වල ඉන්නේ නෝට් තාම තියෙනවා කිව්වා අහලා බලන්නකෝ ෆෝත් ඉයර්.."
" හරි අයියේ.. අනේ තෑන්ක්ස් අයියේ... "
"අයියෝ ඕක මොකක්ද් පොඩ්ඩෝ වැඩ ටික කරගනින්කෝ ඒ ඇති.. අනික.."
එය කට කොනෙන් හිනාවක් දාලා මට මයින්ඩ් ලින්ක් කරා..අ
" අපිට ඔයාව ඉක්මනටම ඕනේ ලූනා..!"
මං ඇස් දෙකත් ලොකු කරන් බලාන් ඉන්නකොට එයා ඔළුවට තට්ටුවක් දාලා යන්න ගියා..
මං ටිකකින් පියවි සිහියට විත් බෑග්ස් ඔක්කොම වාතය කම්පනය කරලා උඩටම උස්සලා පා කරලා යැව්වේ මං ඉන්න තැනට..
" මොනවද සුදු මේ.."
කේත් ඇහුවේ ඩේලි මළු ටිකට ඔළුව දදා බලනකොට.කේත් සුදූ කියනකොට මං දක්කා මීෂා ඈන්ට ඇස් වලිම් මොකක් හරි කිව්වා.. ඈනුත් මූණ දෙක කරන් ඔළුව වැනුවෙ මට රව රව..
"පස්සෙ කියන්නම් කේත් මෙතන bbc නිව්ස් ඉන්නවනේ "
මං මගෙ අතේ තිබ්බ පොත් ටිකයි පෙන් බෑග් එකයි බෑග් එකට දාගෙන් කිව්වෙ එත් හා කියනකොට..
" දැන් යමු කේත් ඩේලි උඹ එනවද ? නැත්තම් ...."
" යමු යමු ..අකී උඹ එනවද?"
" යමං වැඩක් නැහැ නෙ හිටියා කියලා.."
කෙත් එහෙම කියලා ඩේලිත් එක්ක නැගිටිනකොට අනිත් අයත් නැගිට්ටා..
" අනේ බබා මට තව එක ලෙක් එකයි තියෙන්නේ.."
" ඉතින් ඒක ඉවර වෙලා එන්න මහලොකු දුරක් නෙවෙයිනේ ඈන්..අනික බබෙකුත් නෙවෙයි නේ..."
කේත් එහෙම කියලා මගෙ මළු වලින් දෙකක් අත් දෙකට ගත්තේ මං දෙකක් ගන්නකොට ෆින් ඉතුරු එක ගත්තා.
අපි එතනින් ආවේ යුනිවසිටි එකෙන් එලියට ඇවිත් පාරෙන් ඇවිදන් ආවා.. මගදි ටැක්සි එකක් ගම්බුන නිසා හතර දෙනාම නැග්ගා..
.
.
.
.
.
.
.
පාන්දර තුනයි මං තාම මේසේ වැඩ.. අයියගෙ ගෙදර සාලෙ කෑම මේසේ ඉඳන් මං පාඩම් කරනවා.. රූම් එකේ ඉද්දි නින්ද යන නිසා මං සාලෙට ආවා... ඇස් දෙක රිදෙන නිසා මං කන්නාඩි දෙක ගලවලා ඇස් දෙක පොඩි කරා.. මං ටිකක් මේසෙ දිහාට ඇස් ගෙනිච්චහම මටම එපා උනා.. ටියුට්ස්,නෝට් , කොළ කෑලි පිරිලා මේසෙ හැම තැනම.. තව කාපු බීපුවා තේ කෝප්ප වතුර වීදුරු එහම තැන තැන.. මං ආපහු ලැප් එකට අවදානෙ දුන්නා..
ලේසි නැහැ පට්ට අමාරුයි දැනට මාස අටක් වගේ ගියා.. කාලෙ යනව නෙවෙයි පියාඹනවා.. මං පාන්දර පහ වෙනකම් පාඩම් කරලා හතට ලෙක්චස් යනවා .. නිදාගන්නෙ පැයක් වගේ.. අයියා මගෙ සම්පූර්ණ වියදම දරන නිසා ජොබ් කරන්න ඕනෙ නැහැ ..
ටර්ම් ටෙස්ට් මං සෙමෙස්ටර් එකට දෙක ගානෙ ලියනවා තර්ඩ් ඉයර් එකයි සෙකන්ඩ් ඉයර් එකයි.. මට ඕනෙ මේ අවුරුද්දෙම තර්ඩ් ඉයර් එක්සෑම් එක ලියන්න.. බෙල්ලෙ ඇට කඩලා බුරුල් කොන්ඩේ උඩට බැඳන් ආපහු කන්නාඩි දෙක දාන් වැඩ පටන් ගත්තා..
දැන් මට මාර කතා යුනිවසිටි එකේ හැදිලා තියෙන්නෙ..එව්ව අහනකොටත් මට හිනා යනවා.. මං කැම්පස් එකෙ ඩීන්ගෙ ඉඳන් ඔක්කොටම කකුල් පලල් කරලලු එක්සෑම් පාස් වෙන්නේ.. මට වැඩක් නැහැ ඔය එකක්වත්.. කාලෙ ඉතුරු උනොත් ඊලඟ අවුරුද්දෙ ෆෝත් ඉයර් එක කරලා කෙලින්ම මාස්ටර් එක නොකර phd එක කරන්න පුළුවන් බැජ් ටොප් උනොත්.. ඒකයි මං මේ මැරෙන්නේ.. උන්ගෙ කතා වැඩක් නැහැ කියලා අනන්තවත් ගෞතම් වගේම සිද්ධාර්ත් පුන පුනා මගෙ ඔළුවට දානවා.
මගෙ පවුලෙ අයයි යාළුවොයි විශේෂයෙන්ම මගෙ සිද්ධාර්ත් වගේම ගෞතම් මට කිසිම කරදරක් බලපෑමක් කරන්නෙ නැහැ ...ඔක්කොම මට පාඩම් කරන්න නිදහස් වාතවරණයක් හදලා දෙනවා..
අයියා වහේම රාහුල් සර් කන්න බොන්න ඔක්කොම කරලා දෙනවා රෙදිත් හෝදලා දෙනවා.. කේත් ඩේලි ෆින් උන් තුන් දෙනාත් මට පුලුවන් විදිහට උදව් කරනාවා. ප්‍රශ්න අහනවා වගේම ඉස්සර වගේ කෝල් කර කර වද දෙන්නේ නැහැ ..
එතකොට මට මගෑරෙනම දෙන්නා.. සිද්ධාර්ත් වගේම ගෞතම් මන්දන්නේ නැහැ මගෙන් වෙන මේට් කෙනෙක්ගෙ අතින් වෙන්න ඕන දේවල් එකක්වත් හරියට වෙනවද කියලා මං මට පුළුවන් විදිහට කරනවා මං සක්විති නෙවෙයිනේ ඔක්කොම බැලන්ස් කරන්න මං දන්නවා එක මගෙ ලොකු දුර්වල කමක් ඒත් මාරුයි හරිම අමාරුයි අවුරුද්දට එක්සෑම් අටක් එය ඉයර් එකක සෙමෙස්ටර් හතරට හතර ගානේ අවුරුද්දට අටක්.. ෆයිනල් එක්සෑම් එකය තව මාස තුනයි මාව මැරෙන්න වගේ .. කලින් එක්සෑම් ඔක්කොම ගොඩ ඉහලින්ම පාස්..හැම සබ්ජෙක්ට් එකකටම ඒ ප්ලස්..මේ මැරෙන විදිහට මංම දන්නවා මට ඒ දෙන්නව මගෑරෙනවා සෑහෙන්න මට ඒක මතක වෙනකොට මටම ඇඬෙනවා ඒත් ඒ දෙන්න කියනේ එක දෙයයි... ඔයා මේක කරලා ඉන්නකෝ චූටි මැනික ඔයාට පුළුවන් කියාලා විතරයි ... ඒත් අපි දවසට විනාඩි පහක් හරි කතා කරනවා.. ඒ දෙන්නත් බිසී හොඳටම ඇත්තට කොහොම කරනවද මන්දා බිස්නස්, යුනිවසිටි එක, මං ගැන , පැක් එක ගැන ඔක්කොම ගානට බැලන්ස් කරන් යන්න ඒ දෙන්න පුරුම කට්ටක් කන්නේ... ඒකයි මං මෙව්වා ටග්ගාලා ඉවර කරන්න බලන්නේ.
කෝපි කටේ නොතියන මම කෝපි බොන්න පුරුදු උනා. මං කෝපි උගුරක් බීලා ආපහු ලෙක්ච එකේ රෙකෝඩින් බැලුවා.. පහ වෙනකොට රාහුල් අයියා නැගිටලා ආව නිසා මං එයාට මාව හතර නැගිට්ටවන්න කියලා පැයක් නිදාගන ගියේ ඇඟ හොදලා....
හරියටම පැයකින් රාහුල් අයියා නැගිට්ටෙව්වේ මං මුණ හෝදන් දත් මැදන් යුනිවසිටි එකට අයියගෙ කාර් එකේ යනකොට ත්‍රිබලම කාර් එකේ නිදි.. එයාලා අයියත් එක කැම්පස් යනවා සමහර දවස් වලට නැත්තම් අම්මලා බලාගන්නවා..
" මොකද අයියා අර සිද් කිව්වේ ප්‍රොජෙක්ට් වගයක් එහෙම නැති වෙන්න පුළුවන්ද ...?"
" ඔව් විනූ අපේ කම්පැනි එකේ ප්‍රොජෙක්ට් තුනක් මිසිං තව ඕඩර්ස් එකක් කැන්සල් වෙලා කෝටි ගානක පාඩුයි..හිතාගන්න බැහැ ඇතුලේ ඉඳන් කවුරු මෙහෙම කරනවද කියලා.. "
අයියා කිව්වේ එපා වෙලා වගේ අද අම්මයි තාත්තයි එංග්ලන්ඩ් ගියා ඔය කේස් එක නිසා.. කම්පැනි එකෙ කෝටි ගානක ඔඩර්ස් වගයක් මිසින් වගේම ප්‍රොජෙක්ට් වගයක ඩිටේල්ස් ලීක් වෙල..ගෞතම් වගේම සිද්ධාර්ත් ඔක්කොම එංග්ලන්ඩ් ගියේ ඊයෙ රෑම ෆ්ලයිට් එකෙන්.. ආරෝහුයි අනෝල් රනෝලි ලියම් හතර දෙනාලු පැක් එක බලාගන්නේ..
" මං ලෙක් ඉවර වෙලා එන්නම් තුන් දෙනාට කවන්න අයියේ.."
" හරි විණූ පරිසසමෙන් යන්න පුතා..ඔය ලමයි කියන ඒවා ගනන් ගනන් එප.."
"ඔකේ.. "
මං ටාග්ගාල කන්නාඩි දෙකත් ඇජෙස්ට් කරන්
ලෙක්ච හෝල් එකට ආවේ තව විනාඩි දහයයි නිසා.. ඉස්සරහයින්ම ඉඳන් මං බඩු ටික් එලියට ගත්තේ ලමයි හැරි හැරී එබි එබි මං ගැන කියවන්න ගන්නකොට.
ප්‍රොෆෙසර් ආව නිසා කට්ටියම මික් නැහැ .. පාඩම පටන් ගත්තා මැඩම්.. මං එහෙම පැන පැන උත්තර දෙන කෙනෙක් නෙවෙයි තේරෙන්නෙ නැති දෙයක් තිබ්බොත් අහනවා..
" හරි ලමයි දැන් ඔක්කොමලා එක්සෑම් එකට රෙඩී වෙන්න ඕනේ.."
මේ දවස් වල කියන උදාව වාක්‍ය කියලා මැඩම් ඉවර කරේ මං තර්ඩ් ඉයර් ලෙක්ච එකකටත් යනකොට.. මට ස්පෙෂල් පාස් එකක් දුනන ඉන්න පුළුවන් කියලා ඒක දුන්නේ වෙයාවුල්ෆ් එඩුකෙෂ්න් කමිනිටි එකෙන් උනත් මේ හැත්ත ඒකටත් කිව්වේ මං පාලල් කරලා ගත්තලු.. මීෂා බැල්ලි තමා ඕක කියලා තියෙන්නේ..
දැන් ඈන් කේත්ගෙන් කනේ පාරවල් කීපයක්ම කෑවා ලිවින් ටුගෙදර් ඉන්න නිසා වලි හැමදාම ඒකි කිසි දෙයක් කරන්නෙ නැහැ රවුන් ගනවා ෂොපින් යනවා එකිගෙ මමීලගෙ සල්ලිලුනේ ඒ නිසා ඒකිට ඕන දේ කරනගනවා ඒකිට මිනිහා අමතකයි ඒකි පිස්සු නැටුවත් කෑගැහුවත් කේත් ඉවසනවා මට බයම ඒකයි ඕකි ඔය නටන්නෙ රිජෙක්ට් කියන වචනෙ අහගන්න තමා..
මගෙ ලමයි දෙන්නටත් මාව එපා වෙලාද කොහෙදෝ මාව දැක්කත් අහක බලාන් යන්නේ.. එයාල මාව අතෑරල්ද දන්නේ නැහැ ඒත් මං කවදාවත් අතාරින්නෙ නැහැ නේ..
" කෝ එන්න ඊඩන් ...."
" බක් බක් බෑආආඅ.."
මේකට කවාගන්න පුදූම අමාරුවක් තියෙන්නේ.. අයිය පැක් එකට ගියා රාහුල් අයියා ලෙක්ච එකකට ගියේ තුන් දෙනාව මට දීලා... ලොකු දෙන්නටම කවලා නිදි කරත් මේ යක්ක පැටියා නිදියන්නෙ නැහැ කන්නෙ නැහැ ඉඳගෙන උඩ පයිනවා බත් කන්න බෑ ගාන..
" මෙහෙ එන්නකෝ බබීයෝ කො ආ කියන්න .."
" හුහ්..බා බා බක් බා.."
" බැක් බැක් බා බා තමා දෙප් ගුටි.. අම්මි කිව්වනේ බයි කන්න කියලා කෝ කට ආ කියනා රත්තරං ඕ.."
" ආආආ බ්බ්.."
" ආආ නෙවෙයි බං අම්මා කෝ අම්මා කියාන්න ලොකු අයියයි පොඩි අයියයි දෙන්නම කිව්වා මගෙ මැනිකගෙ කටේ පිටුද?"
" පප්ප්ප්ප්.."
" උබට එක්ක බැ බං ආ කියපිය බූරු පැටියා "
මං චූටි බත් ගිලියල් කටට දාලා හපනකම් හිටියා අවුරුදු දෙකක් ලේසි නැහැ තාම අල බෙරි කරලා කවන්නේ.. ඇස්ට්‍රා දාලා කැව්වහම චප් චප් හහා ගපනවා කතත් උල් කරන්..
" විණූ?"
අයියා මයින්ඩ් ලින්ක් එකෙන් කතා කරේ මං කාල ඊඩන්ව හෝදනකොට..
" ඕ අයියේ..?"
" කො බබලා විණූ.."
" ලොකු දෙන්න නිදි අයියේ.. පොඩි එක්කේනාට කවලා හෝදනවා එයා නිදියන පාටක් නැහැ .."
" අම්මෝ ඔව් විණූ ඊඩන් නිදියන්නෙ නැහැ කෑවත්.. රූම් එක ලොක් කරලා ඊඩන්ව ටිකක් එලියට එක්කන් යන්න පුළුවන්ද ?ටිකක් අවිද්දනකොට මහන්සියට නින්ද යයි"
" ආ හරි අයියේ.."
මං ඊඩන්ට ඇඳුමක් අන්දලා එයාව වඩාගෙන දෙපාරක් දොර ලොක්ද කියලා චෙක් කරලා එලියට ආවේ දඟ මල්ලව වඩාන්.. මහ ඇට්ටයෙක් එක විදිහටකට ඉන්නෙම නැහැ..
" ඔය බලාගෙන බබා..හප්.."
" ප්ප්.."
අතේ ඉඳගෙන දඟර ඩාන්ස් දාන්න ගිහින් තව ඩිංඟෙන් බිම.. මං ඊඩන්ව පපුවට තුරුල් කරන් රූම් එක ගාව එහෙට මෙහෙට ගියා අයියට දිලා තියෙන ක්වාටස් එකේ මං ඉන්නේ..
මං එහෙට මෙහෙට ඇවිද්දත් මොන කවිය කිව්වත් මේකා නිදියන්නෙ නැති තැන ගහක මලක් කඩලා අතට දීලා ඉස්සරහ තිබ්බ බෙන්ච් එකෙන් ඉඳගත්තේ ඇඟට හරි මහන්සි නිසා..කොච්චර අමාරුකන් තිබ්බද නිදාගන්න වෙලාවක් නැහැ . මට ඒකට කාවටත් දොස් කියන්න නැහැ මංම ප්‍රශ්න දාගෙන මංම විඳවනවා ...
"අහ්.."
මං හිටියේ ඇස් පියාන් පිටිපස්සට ඔළුව බර කරන් ඊඩන්ව පපුවට තුරුල් කරන් තට්ටු කර කර. ඊඩන්ට නින්ද යාන් ආව විතරයි එක පාරටම මගෙ අත ඉස්සරහට ගියේ මං අඬන ඊඩන්ව පපුවට තද කරන් වේගෙ බෙල්ල කෙලින් කරන් බෙල්ල ඇල කර කට කොනෙන් හිනාවක් දැම්මෙ මගේ දකුණු අතේ නැවතිලා තියෙන ඊතලේ අල්ලන් කරකවලා බිමට දැම්මා .. අනූනවයෙන්නේ ඊඩන් බේරුනේ.. නැත්තම් මං..
" චඃ චඃ බලන්න බබී හතුරට ඉලක්කෙ ගන්න බැහැ නේ තාම.. "
" ඔක්ක්..බෑක්.."
"ඕ බෑනේ උයිට වඩා මහන්සි වෙන්න වෙයි ගොඩාආආක් නේද බබී.. මගෙ වස්තුවගෙ නිදත් කැඩුවද ම්ම් කෝ දෙයියගන්නකො බබී..."
මං එතනින් නැගිට්ටේ නැහැ.. එහෙමම ඉඳන් ඊඩන්ව හරහට අරන් පිටට තට්ටු දැම්මේ ඊඩන් මගෙ පපුව ඇඟිලි වලින් මිරිකනකොට ඕක කොච්චර කරත් මුකුත් නැහැ අනික ප්ලාස්ටර් ගහලනේ තියෙන්නේ..
" ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්
ම්ම්ම් ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්
ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්ම්ම්ම්ම්
ම්ම් ම්ම්ම්
ම්ම්ම්ම් "
පැයභාගෙකින් විතර ඊඩන්ට නින්ද ගියේ මං හිමීට නැගිටලා එයාවත් එයාගෙ අයියලා ගාවින් තියලා තුන් දෙනාම වැහෙන්න පොරවන රෙද්ද දාලා මං සොපා එකෙන් ඇල උනේ ලෙක්ච රෙකෝඩින් එකක් දාන්...
මං එක අතක පිට අල්ල නලලට තියාන් කකුල් දෙක සෝපා එකේ ඇන්ද උඩින් දාලා ඇල උනත් මගෙ ඇස් ගියේ ස්ටූල් එක උඩ තියෙන ඊතලේට....
මං ඒක දිහා බලාන් ඇස් වහගත්තේ ලඟදිම මගෙ අතින් එකෙක් මැරුම් කන්න ලඟ නිසා..
" හරි අයියේ එහෙනම් මං යන්නම්.."
මං රාහුල් අයියා ආවට පස්සේ ආපහු ලෙක්චස් වලට ගියා....
.
.
.
.
.
.
අද සිකුරාදා.. මාස තුනකුත් ගියේ එහෙ බලලා මෙහෙ බලනකොට එක්සෑම් ගිය සතියේ ඉවර උනා ඉයර්ස් දෙකේම.. කොච්චර ස්ට්‍රෙස්ද කියනවනම් මගෙ කොන්ඩේ යන්නගත්තා.. එක්සෑම් ඉවර උනාට පස්සේ මං රටේ නැති රෙද්දවල් ගෑවේ මගෙ මෝඩයෝ දෙන්නගෙ ඔළුව කකා. එයාලගෙත් ප්‍රශ්න ටිකක් සමතයකට පත් වෙලා..
" අනේ සිද් මගෙ තට්ටෙ පෑදෙයිද ඒයි අනේ බෑ අප්පාආආආආආආ!"
" කටවහනවකෝ චූටි....! අනේ සිද් මේකගෙ කටට මං ගහනවා දැන්.. චූටි පාන්දර දෙකයි දෙයියනේ..!!"
" ඉතින් මට මොකද? අනේ මේ ආයු තමුසෙ උදෙ ඉඳන් නිදි ගහන්නෙ පයින් හරී.. සිද් මට මූව එපාමයි..!!"
" හරි මැනික දැන් ඇඳට එන්නකෝ අපි හෙට ඩොක්ට කෙනෙක් ගාවට යමු ම්ම්.. කෝ එන්නකෝ දැන් කන්නාඩිය ගාවින්.."
මං මෝහිනී වගේ කන්නාඩිය ඉස්සරහ හිටියේ කොන්ඩේ මැදින් බෙදලා අත ගගා පීරන්න බයයි කොන්ඩෙ හෝස් ගාලා යනවා එතකොට මගෙ ප මගෙ පපුවත් හෝස් ගාල යනවා.. මං දැනට ගියපු කොන්ඩේ ඔක්කොම එකතු කරා.. මේ ගෞතම්ට ගානක්වත් නැහැ මගෙ දුක තේරෙන්නෙ සිද්ට විතරයි බූරු ආයු..
මං කන්නාඩියෙන් පේන මං දිහා බැලුවේ සසර කල කිරිලා වගේ..කොළ පාට කොට කලිසමකට ඒලියන් කෙනෙක් ඉන්න බොත්තම් ෂර්ට් එකක් ඇඳන් කොන්ඩේ කඩාන් ඇස් යට ලාවට කළු වෙලා උරහිස් දෙකේ අර මොනවදෝ දෙක පේනවා කෙට්ටු වෙලා..
මෙන්න මෙව්වා පේනවා මට හරි දුකයි මගෙ ෆිට්නස් ගිහින් ජිම් යන්න ගන්න ඕනේ..
" බබා දැන්වත් එනවකෝ නිදාගන්න මල හොලමන වගේ කොන්ඩයක් දාන් නැගිටන් ඉන්නෙ උඹ මෝහිනීගෙ ගෑනිද?"
" නැහැ ගමී අපේ චූටි මෝහිනීගෙ මල්ලිනේ.."
" අන්න දැක්කද සිද්ට විතරයි මොලේ තියෙන්නෙ ඇත්තටම ආයූ මං ගෑනි වෙන්න අපි දෙන්නා එතකොට අපි ලෙස් වෙයි නේ.."
" උඹට මං.."
ඇදේ හිටපු ගෞතම් විනාඩියක් යන්න කලින් මං ලඟ දනිස් අස්සෙන් අත දාල බඩවටෙන් අත දාලා උස්සගත්ත පාර මං බයටම බෙල වටෙන් අත දාගත්තේ සිද්ධාර්ත් කාමරේ දෙක වෙන්න හිනා වෙනකොට.. මගෙ කොන්ඩේ බිම ගෑවෙන ව මං කල්පනා කරේ මූ මොනවද කන්නේ කියලා..
" අහ්..හරකා!! ඔහොමද දාන්නෙ .. !"
" නැත්තම් කොහොමද දාන්නේ?!"
" මල් පෙත්තක් වගේ තියන්න ඕනේ ආයූ...! ඔව් ඉතින් ආසාවට පොතක් පතක් කියවයිද?! නැද්ද සිද් ?"
" ඒකනේ.. මෙන්න මෙහෙ එන්න රන්ඩු කෙක්ක.."
මං ගෞතම්ට විහිලුවට බයිනකොට ගෞතම් කොට ෂෝටක් දාන් ගල එලියේ දාන් ඉනට අත් දෙක තියා මං දිහා බලාන් ඉන්නකොට මට මතක් උනෙ අර වට්සැප් එකේ තියෙන තට්ටයෙක් ඉනට අත් දෙක තියාන් ඉන්න ඉස්ටිකරේ..සිද්ධාර්ත් මාව එයාගාවට ඇදලා ගන්නකොට ගෞතම් ඇඳට නැග්ගා..
" උඹනම් මොකෙක්ද මන්දා චූටි නින්ද කෑවා.."
" හැයි හැයි තමා.. උදේ ඉඳන් නිදාගෙන . ඔච්චර නිදාගෙන වෙනම ලෙඩක් හැදෙයි..."
සිද්ධාර්ත් මං කියවන් යන නිසාම මගෙ පස්සට තට්ටුවක් දාලා නිදාගන්න කියනකොට පුරුද්දට පහ වෙනකම් ඇහැරලා හිටපු මට නින්ද අහලකවත් නැති උනත් මේ දෙන්න මේ දවස් ටිකේම මැරිලා මැරිලා හිටපු නිසා මං ඇස් දෙක වහගත්තා ... සිද්ධාර්ත් පපුවට තුරුල් වෙලා ඉන්නකොට ගෞතම් මගෙ ඉන වටෙන් අතක් යවලා මගෙ පිට එයාගෙ පපුවට වද්දගත්තා..අපි තුන් දෙනාගෙම හාට්බීට් සද්දෙ මට ඇහෙනවා. මං එහෙමම උඩ ග්ලාස් එකෙන් බැලුවේ රතු පිරිච්ච අහස දිහා..ලඟදිම සෙනසුරු චන්ද්‍රයාගෙන් වැහිලා රක්ත චන්ද්‍රග් ග්‍රහණය වෙන නිසා අහස පුදුම ලස්සනයි ...
මං ඉන්නෙ අපේ ගෙදර.....!
ගෙදර ගැන උදේට කියන්නම්කෝ..දැනට හිතාගන්නකෝ හෙන කැලයක් ඇතුලේ හදලා තියෙන්නෙ කියලා හැබැයි සිද් කිව්වේ පැක් එකට ලඟයිලූ...
පැයක් ගියා දෙන්නටම මැරිලා වගේ නින්ද යනකොට මං නැගිට්ටා හිමීට ගෞතම් අතට කොට්ටයක් තියලා සිද්ධාර්ත් ලඟටත් කොට්ටයක් තියලා මං ආවේ සාලෙට.....
" ස්ස් ස්ස්ස්..."
මං හිමීට අඩිය තිය තිය සාලෙට ආවේ කටින් අමුතු සද්දයක් දාන්.. ඒක අහන අයට අමුතු උනාට මගෙ ලමයිට පුරුදුයි..
මං එක සද්දයයි දැම්මේ මගෙ පැටව් ඔක්කොම ආවා.. එතන තිබ්බ කළු පාට තනි සෝපා එකේ මං කට කොනේන් හිනාවක් දාල කකුලක් පිට කකුලක් දාන් ඉඳගත්තේ මගෙ ඉස්සරහ හිටපු එකේක ජාතියේ සත්තු දිහා බලාන්.. ලෝකෙට සත්තු උනාට මගෙ පැටවු..
කනාමැදිරියෝ , කුරුමිනියෝ, සර්පයෝ , නයි , පොළොන්ගු වගේම සමනලයොත් හිටියා.. මං එක අතක් වැලමිටෙන් නවාලා සෝපා එකේ ඇන්ඳ උඩට කරලා තියාගන්නකොට රතු පාට රෝස පාට නිල් පාට මිස්ක් වෙච්ච සමනල්ලු දෙන්නෙ ඇවිත් මගෙ අතේ වැහුවා...
" ම්ම් ම්ම් "
එකේල දේවල් මට කිව්වා.. ලෝකේ වටෙම වෙන දේවල්.. එකක් නෑර මට කියනකොට මං කරේ හූ මිටි තිබ්බ එක විතරයි එකේක්කෙනා දෙන්න ගියා.. අන්තිමට ඉතුරු උනේ කළු නයෙක් විතරයි .. ඔක්කොම ගියත් එයා ඉතුරුයි.. මං අත දික් කරහම බඩගාගෙන ඇවිත් අතේ එතිලා මගෙ බෙල්ල අත දිගේ උඩට ගිහින් බෙල්ල වටේ එතුනේ මං හිමීට එයාගෙ පෙනේ අතගානකොට එයා කටින් අමුතු සද්දයක් දැම්මා.... එතිලා එයාගෙ පෙනේ මගෙ කන ගාවින් නැවතුනේ මගෙ කොන්ඩෙට එයාගෙ හම වැහෙනකොට..
" ම්ම් ම්ම් ම්ම් ඉක්මනට ලෑස්ති වෙන්න දියා..ම්ම් ම්ම්ම් "
මං එච්චරයි කිව්වෙ හිමීට මගෙ අත දිගේ පල්ලෙහාට බැහැලා යන්න ගියේ තව බරක් එකතු කරලා.. ඊට පස්සෙ මම නැගිටින්න හැදුවත් එක පාරටම මට ඇහුන සද්දෙත් එක්ක් මං පිටිපස්ස බැලුවා...
" කවුද තමුසේ????!!!!"
➖➖➖➖➖➖➖➖➖➖➖➖
කතාව ගැන අදහස් කියාන් යන්න