Nursery Teacher
YIZHAN VERSION
අවසාන දිගහැරුම
මසක් ඉගිල ගොසින්....
බාප්පීයෝ.. අනේ මොකක්ද කරන්නෙ අප්පා... යන් පරක්කුයී.... චූචී චීච... යන්කො...
එනවා.....ඉන්ඩෝ... ඩැඩී එනවකො යන්න.. මනමාලී වගේනෙ ඔයා...
ඉන්නකෝ බබා.. කලිසමෙ ශිපර් එකවත් දාගන්න දෙන්නෑනේ.....
මෙන්න මෙහෙට එනෝ.. බබා හුකුන් වගේ. සෙද්ද.. සැක්... නමට තමයි ඔයා නම් ඩැඩී.. ඒ උනාට වැඩනම් සැක්...
ජාන් යීබෝගෙ කලිසමෙ ශිපර් එකත් දාලා ඇදුම හරි ගස්සලා කියද්දි යීබෝ ඒ කියවන කට පොඩ්ඩක් මිරිකලා දැම්මා... කොච්චර වත් කියවනවා ඉවරයක් නෑ...
යන් යන් අනේ පරක්කුයි...
අනී මේ...උයානේ පරක්කු උනේ.. සෑට දෝ ගන්නෑද අප්පා...😏😏
ආම්.....
ඒක තමයි.. දෝ ගන්නෑ.. නයිට් හන්ටින් යනවානේ...😉
යීබෝ ජාන්ගෙ උරහිසට තම උරහිසින් පාරක් දෙන ගමන් කියද්දි කෑම මේසේ ඉදගෙන කැම කන යූ බින්ටත් හිනා...
අම්මෝ... හන්ටී..............න්...
කට.....
හරි හරි ඉතින්...
යීබෝත් ජාන් සේහා එක්කම ඉක්මනින් කෑම කෑවේ අද පොලීසියටත් යන්න තියෙන නිසා.. අනික හෙට ඉදන් යීබෝ දවස් තුනක් නිවාඩු... ජාන්යී සේහයිත් එසේමයි...
දැන් හෙට යන්න ඔක්කොම ලෑස්තිද මල්ලී...
ම්.. ඒවා හරි... සේහගේ ඇදුම් පැක් කරා නේද අක්කේ...
ඔව් අනේ.. එයාම ඕන ඒවා ලෑස්ති කරගෙනනෙහ්... එයාට ඕනලු චූටී නැන්දි බබාට තෑග්ගක් දෙන්න... ඔන්න මල්ලි අරන් දුන්න ටෙඩියෙක් රැපින් කරා...
යෙන්ග්මී කියද්දි සේහා ජාන්ට ඇගිල්ලකිනුත් ඇනලා හිනා උනා.. ඔය ඉතින් චූටී නැන්දි බබා කියන්නේ ජාන්ගේ නංගි පැට්ටට...
හෙට තමයි දෙයියනේ කියලා යීබෝ ජාන්ගේ ගෙදර යන්නේ.. ජාන් කියලත් වෙනසක් නෑ.. මෙහේ ආවත් හරි ගෙදර ගියෙ නෑනේ.... ඉතින් හෙට යන්න තීරණය කරේ බෑනා පොඩ්ඩව දකිනකල් ඉන්න බැරුව නිතරම මිස්ටර් වන්ග්ට හැදි මිටෙන් ගහන මිසිස් වන්ග් ගෙ කන්කෙදිරිල්ල නිසා.. පව්නෙ අසරණ මනුස්සයෙක් ගුටිත් කනවනේ...
යන් අයියෝ...
පරක්කු වෙලා මදිවට තවත් කියවන ඩබලව ඇදගෙන සේහා එලියට ගියා.. යීබෝ දෙන්නත් එක්කම ගමන ආරම්භ කරද්දි ,
දන්නවද බබා.. මෙන්න මේ හෝන්තුව දවසන් මෙන්න මෙහෙම යද්දි මට කියනවා.. මලා.. බාප්පියෝ අපිට චූටී චීච ග්‍රහලෝකාගාරයක් හදන් එන්න කිව්වනෙ කියලා...
අහ්...🤣🤣🤣
අනේ යනූ යන්න.. ඒම තමයි...ඩාම් වෙනෝ...ඩූම් වෙනෝ...
ප්ලෑම් කෙල්ලෙ යන්න.. හැබැයි ඉතින් ඒකෙන් උනේ මටම කියලා අයිතිකාරයෙක් හම්බුන එක.. මතකද මගෙ බබාට..
යීබෝ ඩ්‍රයිව් කරන ගමන්ම ජාන්ගේ කම්මුලක් අත ගාල අහද්දි ජාන් හරි ලස්සනට බැලුවා යීබෝ දිහා...
ම්... එක්කෙනෙක් ඇඹලයෙක් වගේ පස්සෙනුත් ආවනේ එදා.. එයාගෙ උප්පැන්නේ විතරයි මට නොදුන්නේ... මැට්ටා...
යීබෝ කාර් එක අයිනකින් නවත්තලා බැලුවෙ පැටව් දෙන්නා දිහා...
එන්න...
යීබෝ සීට් බෙල්ට් ගලවලා කතා කරද්දි දෙන්නම පැන්නේ යීබෝගේ පපුවට... ජාන්ගේ හිස අතගාන ගමන් යීබෝ සේහගේ හිස සිපගත්තා...
ඩැඩි...
ම්...
මන් ආදරෙයීනේ ගොඩාරියක්...
ඒ උනාට උයා ගහනෝනේ බාප්පිට...
ඒම තමයි මන්... දැනුත් ඕන්නම් ගහන්න පුළුවන් හොදේ...
අප්පේ අප්පේ.. බෝම්බේ මගෙ.. මන් ආදරෙයී මගෙ කොල්ලටයි කෙල්ලටයි...
යීබෝ දෙන්නගෙම නහවල් මිරිකලා කියද්දි දෙන්නම මූණු රකුසු කර ගද්දි නම් යීබෝ උපරිමයෙන් අහිංසක මූණක් දැම්මා... නැත්තම් කෑමක් තමයි තියෙන්නේ...
පරක්කුයි අයියෝ.........
හෑපූ... යමන් බන්...
ඒකනේ යමන්කෝ...
යීබෝ ආපහු යන්න පිටත් උනා.. කොහොම හරි පිස්සු කතා අස්සෙ උනත් ඉක්මනින් මොන්ඩිසෝරියට එක්ක ආව යීබෝ අද පරක්කු නිසා ඇතුළට නොයා දෙන්නම ඇතුලට යනකල් ඉදලා හෝන් එකත් ගහන් යන්න ගියා...
ඉතින් එදා ජාන් තමන්ගෙ මුළු හදවතත් එක්කම ආත්මයම යීබෝට දෙද්දි එදා ඉදන් යීබෝ ජාන්ට සේහා තරම්ම ආදරෙන් බලාගත්තා.. ඉස්සර සේහා යීබෝගෙ පණ උනාට අද යීබෝගේ ඇග කෑලි දෙකකට කැපුවොත් එක කෑල්ලක් ජාන්.. අනිත් කෑල්ල සේහා උනා...
ගුම්මෝනින් සුදු පැටව්....
" ගුම්මෝනින් චූචී චීච..... "
ඉතින් ජාන් හැමදාම වගේ පුංචි පුංචි පැටවුන්ට අකුරු කියලා දෙනවා... එක එක්කෙනා ලගට ගිහින් චූටී පුටුවක වාඩි වෙලා කොල්ලත් අකුරු ලියන්න උදව් වෙනවා ..
" හෙල්ලෙන්න එපා එකෙක් වත්...🔫 "
එක පාරම දොර ලගින් ඇහෙන ගොරෝසු හඩට පොඩි පැටව් ටික විතරක් නෙවෙයි ජාන්ත් ගැස්සිලා ගියා... පන්ති කාමරය ඇතුලට සුදු මහත බඩ තඩි කොට මිනිහෙක් එක්ක තවත් නපුරු පාට මිනිස්සු පස් හය දෙනෙක් ඇතුල් වෙද්දි ජාන් ඉක්මනින් පැටව් ඔක්කොම තමන්ගෙ ලගටම ගත්තා...
ඔයාලා කවුද...
" කවුද... අපි තමයි මේ ඒරියා එකේම ඉන්න කුරිස් කියන මැර කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෝ.. "
ඉතින් මෙහෙට ආවේ ඒ කාලේ මොන්ඩිසෝරි යන්න බැරි උන නිසා දැන්වත් ඉගන ගන්න හිතාගෙනද...
" ඒයී.. මේ...😡 උබේ කට වැඩියි හරිද... "
මැරයා ගුරු පිටුවෙන් වාඩි වෙන ගමන් කියද්දි ජාන් පැටව් ඔක්කොම තමන්ගෙ පිටිපස්සට යවන ගමන් ඉස්සරහට වෙලා උන්නා....
ඉතින් මොකටද ඔයාලා මෙහේ ආවේ...
" හහ්.. හහ්.. හා... cid officer wang yibo.. දන්නවද එයාව... "
ඔව් දන්නවා.. මගෙ බෝයීෆ්‍රෙන්ඩ්.. ඇයි අහන්නේ.. පැමිනිල්ලක් වත් දාන්න යන්න ඕනද...
" ආපෝ නෑ.. මගේ ලොකු අයියව ඌ ඇතුලට දාලා තියෙන්නේ...ඌට කියපන් අයියව එලියට දාන්න කියලා.. ".
මැරයා තුවක්කුවත් කරකව කරකව කියද්දි ජාන් නක්කල් හිනාවක් දාලා සත පහකට ගනන් නොගෙන ඉද්දී...
බාප්පිට අනන් මනන් කියාගෙන එන්න එපා බඩෝ.. බඩ පුම්බලා චුස් ගාලා උඩ යවනවා... හරිතේ....
ජාන්ටත් වඩා ඉස්සරහට ගිය සේහා ඇගිල්ලක් උලුප්පලා කියද්දි ජාන් ඉක්මනින් කෙල්ලව ඇදලා පිටිපස්සට කරා.. හැබැයි කෙල්ලගෙ කතාවත් එක්ක මැරයා නම් කේන්තියෙන් නැගිටිද්දී...
තමුන්ට මොකක් ප්‍රශ්නයක් තියෙනවා නම් පොලීසියට ගිහින් විසදගන්නවා.. මෙතන මැරයෝ එක්ක ගණුදෙනු කරන තැනක් නෙවෙයිනේ.. අනික තමුසෙලා තුවක්කු උස්සන් ඇවිත් මෙතන රගද්දි අපි බය වෙන්න ඕනෙද.. ඕන්නම්. තමුසෙලා හොයන cid officer wang yibo ව මන් ගෙන්නන්නම් මෙතනට.. එතකොට බලාගන්න පුළුවන් මහලොකු මැර බතලයගෙ කට...😏😏
" මොකක්ද තෝ කිව්වේ... "
ජාන්ගේ කතාවත් එක්ක කුපිත උන ප්‍රදාන මැරයා.. ජාන්ට ගහන්න කියලා හිතන් ජාන්ගේ ඉස්සරහට පනිද්දි ,
නවත්තපල්ලා ඕක...🔫
දොර ඉදිරියෙන් යීබෝ හිටගෙන ඉද්දි ඒ පිටිපස්සෙන් තවත් නිලධාරීන් රොත්තක් එද්දි මැරයා ඉක්මනින් ඇදලා ගත්තේ පුංචි සේහාව වෙද්දි...
ගොන් බතලයා... බතල තඩියා.. හව්.............
සේහා බඩ මහත මැරයගෙ කනක් හපාගෙන කද්දී මැරයා ලතෝනි තියලා සේහාව ඇගෙන් අයින් කරන්න ගියත් කෙල්ල කන කාගෙනම ඉන්නවා...
" කන යකෝ කන.. "
ආයුද ගන්න මුන් ඔක්කෝගෙම... හරියප්...
යීබෝගේ කෑ ගැල්ලත් එක්ක පොලිස් නිලධාරීන් ඔක්කොම ඇගවල් අස්සෙ හංගන් උන්න තුවක්කු පිහි අනන් මනන් ඇදලා එලියට අරන් ආව උන් ඔක්කොම බිම දණ ගස්වද්දි සේහා නම් තාම කන කාගෙන ඉන්නේ...
" දෙයියනේ මගේ කන... මොකියක්ද යකෝ මේ... "
මැරයා ලතෝනි තියද්දි යීබෝ ඉක්මනින් පැනලා කෙල්ලව ඇදලා ගද්දි මැරයා කනත් අල්ලන් වටේ කැරකෙනවා...
දුවන්නයි කිව්වෙ අතන්ට...
බඩාගේ බඩ කන්නෝනේ...
මෙන්න මෙහෙට එනවා...
ජාන් ඉක්මනින් කෙල්ලව පිටිපස්සට කර ගද්දි යීබෝ ගිහින් ප්‍රදාන මරයගෙ කොලර් එකෙන් අල්ලලා අත පුරෝලා කනේ පාරක් ගැහුවෙ මැරයගෙ කනත් කීන් ගාන්නමයි...
ඈ බොල පරයො.. පුළුවන් තරම් මැරකම් කරලා අන්තිමට උබේ අයියව බේරගන්න කියලා හොයාගත්ත තුරුම්පුවද මගෙ කොල්ලව බය කරන එක.. මොන බූරුවෙක්ද යකෝ උබ.. මාත් ඌට බයියී.. ඒ යකා මට බයත් නෑ.. ඉතින් උබ මොන ගස් ගෙම්බෙක්ද මගෙ එකාට...
යීබෝ ජාන්ගේ මූණත් බලලා කියද්දි ජාන් දුන්නා බඩ තඩියගෙ බඩට කාපුවා දොට්ට පනින්න...
මන් බය වෙයි බඩ ගෙනියට.. මගෙ පැටව් ටිකට අතක් හරි තිබ්බානම් ඒ වෙලාවේ මන් තමයි තොගෙ කන කන්නේ..
" අහ්.. අම්මෝ.... "
මැරයා යටි ගිරියෙන් කෑ ගහද්දි යීබෝත් නිකන්ම තම යටිකය කකුල් දෙකෙන් තද කර ගත්තේ ජාන් දණ නවලා මැරයගෙ අහවල් ස්තානය ඥෑව් වෙන්න ගහපු නිසා...
ආම්.. ඒනම්..අපි... ය...න්නම්... වැඩේ කරන්....යන්න....
යීබෝත් ගොත ගගහා ජාන්ට කියලා එලියට යද්දි ජාන් කොලර් එකත් උස්සලා පන්තියේ දොරත් වහලා ඇතුලින් ලොක් කර ගත්තා....
ඒවාට කවුරුත් බය වෙන්නෙපා.. සේහා වගේ ගේමේ ඉන්නෝනේ...
" එකෙම්ම්ම්ම්ම්මා......"
ජාන් නම් කොහොමත් ඒ දේවල් ගනන් ගත්තේ නෑ...දවස ගෙවා දාලා සේහා එක්කම ගෙදර ගියේ අද යීබෝ එන්න රෑ වෙනවා කියලා දන්න නිසා.. උනත් මගදි හම්බුනේ නම් ජාන් නොහිතපු කෙනෙක්...
මෝඩ යැංසී...
හෑපූ.. දාසම මුස්පේන්තුයි අයියෝ.....
සේහාගෙ මූණත් ඇද වෙද්දි යැංසී ජාන්ටත් සේහාටත් රවාගෙන යන්න යද්දී...
රවද්දිත් කැතයි ඕයී... හැලගෙම්බී...
ජාන් කෑ ගහද්දි සේහාත් හිනා වෙලා දැම්මා ජාන්ට පහක්... දෙන්නා ෆුල් ජොලියේ ගෙදර ආවේ.. දවල්ටත් කාලා ඩබල මුලින්ම කරේ යීබෝට මැසේජ් එකක් දාපු එක... ඊටපස්සෙ ඩබල පස්සත් උඩ දාගෙන නිදි..
ඇදුම හදාගෙන දෝ ගන්න සේහා.. බාප්පි දැක්කොත් ඔයාට බනී..
අනී ඉතින් උඩ යනෝනේ...
ඔයා ගෑණු ලමයෙක්නේ දූ.. ඒ නිසා ඔහොම ඉන්න හොද නෑ හොදේ.. හොද බබෙක් වගේ ඉන්න චූටී කාලේ ඉදලම පුරුදු වෙන්න ඕනේ.. ඇදුම උඩ යනවනම් සැරින් සැරේ හදාගන්න.. හොදේ.. එතකොට හරිනේ...
හලී චූටී බාප්පී...
සේහා ජාන්ගේ පපුව අස්සට රිංගලා ඇස් වහගත්තා.. යීබෝගෙ විතරක් නෙවෙයි දැන් මේ ඉන්නේ ජාන්ගෙත් දුවනේ.. ඉතින් හරි වැරදි කියලා දෙන එක නම් කරන්නම ඕනේ....
•
•
මැණික ඔක්කොම හරි නේද...
පාත්තු හලී.. ඇදුම් හලි.. හුටා බූසුව නෑනේ...
ආයීශ් මේකී නම්...
හරි ඩැඩී ඔක්කොම...
එහෙනම් අක්කී.. අයියා.. අපි ගිහින් එන්නම් හරිද...
පරිස්සමෙන් හොදේ... නවත්ත නවත්ත මහන්සි යවලා පලයන්...එක දිගට යන්න එපා.. කෝල් කරපන් ඈ..
පරිස්සමෙන් යන්න...
යීබෝ කාර් එක ගේට්ටුවෙන් එලියට දැම්මේ යූ බින්ට හා යෙන්ග්මීට හෝන් එකකුත් ගහගෙන.. මෙතැන ඉදන් ඉතින් පැය 8ක ගමනම්..ලේසි නෑ..
ජාන් සේහා යීබෝ සින්දු දාගෙන සින්දුත් කිය කිය ගමන යන්නේ පුදුම තරම් සතුටකින්.. මේ එයාලා තුන් දෙනා දුර ගමනක් යන පලවෙනි වතාවනෙ..
සේහා පැය තුනක් වගේ යද්දි ජාන්ගේ පපුවෙම නිදාගද්දි ජාන් යීබෝගෙ අතකින් අල්ල ගත්තා.. පැය 8 ක් ඩ්‍රයිව් කරනවා කියන්නේ ලේසි වැඩක්ද.. උදේට කන්න නවත්තපු නිසා යීබෝ ආයේ නවත්ත්තෙ නැතුවම ආවා...
බබා.. අරකද ගෙ...පට්ට පොට් එකකනෙ අනේ තියෙන්නේ...
පොඩි කන්දක් උඩ තියෙන ජාන්ගේ ගේ පෙන්නලා යීබෝ අහද්දි ජාන් හිනාවෙලා ඔලුව වැනුව... යීබෝ සිනහවෙන්ම කාර් එක ගෙනිච්චේ ගෙදරට...
අම්මා.....
ඈතට අම්මව දැක්ක ජාන් ජනේලෙන් ඔලුවත් දාගෙන කෑ ගහද්දි චූටී පණ්ඩිත් සේහා බැලුවේ නැන්දි බබා කෝ කියලා වෙද්දි චූටී කොණ්ඩ කරල් දෙකකුත් ගොතාගෙන නොන්ඩිත් ගගහා කෙල්ල එලියට එනවා...
කකුල තුවාල කරන් වගේ.. ඇත්තමයි මෝඩිට තියෙන විසයක්...
ජාන් කාර් එකෙන් බැහැලා යීබෝගෙ වගේම සේහගෙ අතිනුත් අල්ලගෙන ගෙට යද්දි අම්මා යීබෝව හරි ආදරෙන් තුරුල් කර ගත්තා...
" අනේ මගෙ පොලිස් බෑනා.. කොහොමද රත්තරන්... "
අනේ මන් හොදින් ඉන්නවා අම්මා... පොඩ්ඩක් විතර ගුටි එහෙම කාලා සැපෙන් සනීපෙන් ඉන්නවා...
යීබෝ ජාන්ගේ මූණ දිහා බලාගෙන කියද්දි ජාන් යීබෝගේ කනක් අබරලා ගද්දි ජාන්ගේ අම්මා දුන්නා හොද පාරක් ජාන්ට...
" අත තියන්නෑ මගෙ බෑනාට.. "
යකඩෝ ඒක.. කොහොමද තාත්තේ...
" මන් හොදින් මැණික ඉතින්.. හැබැයි මගෙ බෑණා කිව්ව දේම තමයි මටත් කියන්න තියෙන්නේ.. "
ඒ මොකක්ද තාත්තේ...
" හැදි පාරක් කෑවත් සැපෙන් සනීපෙන් ඉන්නවා.. "
" ඔහේට මන්.. "
අම්මෝ අම්මෝ..පව් තාත්තා...
ගෙට ගොඩ වෙන්න නොදීම ගෙදර කෝලම් පටන් ගද්දි සේහා නම් එයාගේ නැන්දි බබාගෙ අතකිනුත් අල්ලගෙන.. නැන්දි බබාගෙ තුවාල වෙච්ච කකුල ගෑන ෆුල් වාර්තාවක් සේහා සකස් කරන ගමන් හිටියේ...
චූටී...
" අයියා බබා... "
ජාන් නංගි බබාව වඩාගෙන හිස අතගාද්දී කෙල්ල ජාන්ගේ බෙල්ල බදාගෙන... කෙල්ලට ඇඩෙනවා..
චුටී මැණික...දැන් ඇයි අඩන්නේ....
යීබෝ පොඩ්ඩිගෙ ඔලුවත් අතගාලා අහද්දි කෙල්ල....
" මට අයියා බබා නැතුව පාලුයි පොලිස් අයියේ.. මන් හැමදාම රෑට අඩනවා... "
" ඒක නම් ඇත්ත පුතේ.. ලොකූව මතක් කර කර කොච්චරවත් කෙල්ල හූල්ලනවා.. "
අම්මත් ඇවිත් පුංචි කෙල්ලගෙ හිස අතගාලා කියද්දි යීබෝ ජාන්ගේ අතින් ගත්තා කෙල්ලව...
මට නම් වැඩි නෑ.. යුහීවත් අපි ගාවට ගන්න මන් කැමති.. මෙහෙට වඩා හොදට එහේ උගන්නන්නත් පුළුවන් අම්මේ..
යීබෝගේ කතාවට ජාන්ගේ ඇස් වල කදුළු පිරුනා.. කොච්චර ආදරේ උනත් නංගිවත් බලාගන්න යීබෝ කැමති වෙයි කියලා ජාන් හිතුවෙ නෑ...
" අනේ පුතේ දරු දෙන්නවම නැතුව කොහොමද අපි ඉන්නේ.. "
ඇත්ත.. කොහොමද දරුවෝ දෙන්නෙක්ම හදලා එක දරුවෙක්වත් ලග නැතුව ඉන්නේ... එහෙම කරන්න කිසිම දෙමව්පියෙක්ට බෑ...
මගෙ අක්කයි අයියයි අක්කට දරුවා ලැබුනාම කැනඩා යනවා.. එතකොට මන් තමයි මෙහේ බිස්නස් බලන්නේ.. පොලීසියෙන් අයින් වෙන්නත් වෙනවා අම්මා... මට දැන් වගකීම් තියෙනවනේ.. ඔක්කොටම වඩා ජාන්ගේ ඉගන ගන්න වැඩ වලට එයාව යොමු කරන්න නම් මන් පොඩ්ඩක් හරි එයාට නිදහස දෙන්න ඕනේ.. ඒ නිසා අයියලා රට ගියාම ගෙදර ඉන්නේ මායි ජාන්යි දුවයි විතරනෙ.. ඔයාලා තුන් දෙනා එන්න අපි ගාවට.. මාත් ආසයි අම්මගෙ තාත්තගෙ ආදරේට.. මට පුංචි කාලෙමයි ඒ ආදරේ නැති උනේ....
අනේ ඩැඩී..🥺🥺🥺
යීබෝ ජාන්ව තුරුල් කර ගද්දි සේහා ජාන්ගේ අතේ එල්ලිලා... යීබෝගෙ ඇස් වල නම් කදුළු නෑ.. ඒත් ජාන්ගේ වගේම ජාන්ගේ දෙමව්පියන්ගෙ ඇස් වල නම් කදුළු තිබ්බා...
අපි ඔක්කොම එකට ඉමු...
" ඒත් පුතේ ඒක ඔයාලා දෙන්නට බාදාවක් නෙවෙයිද "
මටයි බබාටයිද...
" හ්ම්ම්. "
ඔයාලා අපිට බාදාවක් වෙන්නෙ කොහොමද.. අම්මලා තාත්තලා බාදාවක් වෙනවද බබා.. එහෙනම් දවසක අපේ සේහටත් අපිව බාදාවක් වෙයි නේද...
අනී මේ... බූරූ කතා කීන්න එපා...හුහ්...
සේහා පැනපු ගමන් යීබෝට පයින් පාරකුත් දීලා කියද්දි ඒකට හිනා උන යීබෝ...
මටත් ඒකම තමයි මේ අම්මටයි තාත්තටයි කියන්න තියෙන්නේ.. බූරූ කතා කියන්න එපා හුහ්... අපි එක්ක යන්...
යීබෝ ගස්සලා දාලා ගෙට යද්දි ජාන් අම්මගෙයි තාත්තගෙයි කරේ එල්ලුනේ සතුටට.. එහෙනම් දැන් ඔක්කොම ලගදිම එක වහලක් යටට යනවා.. කොච්චර ලස්සනද..
බැදීම් කෙනෙක්ට දුකක් වෙන්න පුළුවන්.. ඒත් තව කෙනෙක්ට ඒක සතුටක්... බැදීම් වැඩි වෙන්න වැඩි වෙන්න සමහරු සතුටක් ලබනවා...
යීබෝ හවස් වෙද්දි උන්නේ පහල තේ වත්ත දිහා බලාගෙන වෙද්දි ජාන් යීබෝට තුරුල් උනා...
ඩැඩීයෝ...
ම්ම්...
මොකෝ අනේ කරන්නෙ...
හුස්ම ගන්නවා මැණික නිදහසේ...
මාත් එක්ක...
ඔයත් එක්ක.. මැරෙන කල්ම...එකටම හුස්ම ගන්නවා....
යීබෝ ජාන්ගේ දෙතොලට බර උනේ ලොකූ සැනසීමක් දැනෙද්දී.. ආදරේට පුළුවන් කෙනෙක්ව සනසන්න... ජීවිතේට ලැබිය යුතුම ආදරේ ලැබුනොත් අපිට සැනසීමයී මැරෙනකල්ම....
පුංචි මොන්ඩිසෝරි ටීචර් කෙනෙක්ගෙ ජීවිතේට ආව පොලිස් කාක්කෙක්.. ඔව් ඉතින් චුචී චීච කියන්නේ එහෙමනේ.. එයාලගේ ජීවත් හරි ලස්සට ගෙවිලා යනවා...ලස්සන පවුලක් එක්කම...
ආදරෙයී චූචී චීච...
ආදරෙයී මගෙ පොලිස් කාක්කෝ...
..
..
..
..
නිමාවකී
..
..
..
..
𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏