" ආදරණීය ප්‍රාර්ථනා.. " [ com...

By FollowMeFairy

16.5K 1.3K 85

" මටත් තියෙනවා සප්‍රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? "... More

01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස
59 කොටස
60 කොටස
61 කොටස
63 කොටස
64 කොටස
65 කොටස
66 කොටස
67 කොටස
68 කොටස
69 කොටස
70 කොටස
71 කොටස
72 කොටස
73 කොටස
74 කොටස
75 කොටස
76 කොටස
A/ N
77 කොටස
78 කොටස
79 කොටස
80 කොටස
81 කොටස
82 කොටස ( අවසානය )
හදපිරි ස්තූතිය !
A/N
A / N

62 කොටස

127 10 0
By FollowMeFairy


" ඒ පෙත්තා පුතා ඔන්න ඔය කම්බිය ලෙහලා දීපන්කො..... "

" ශාකි ඕක තව ටිකක් දකුණු පැත්තට කරපන්! නැත්තන් ඇදයි වගේ පොඩ්ඩක් "

" ආහ් ඔව් අයියේ අපි බලන්නම් ඒ ටික "

" ඒ සහ්‍රස කො ඉර දෙයියා ගෙනාවද ? "

" ආර්හ් ප#ය.... කො උත්තෝ ගෙනාපු කල ගෙඩිය !!!! "

"ඒ මල්ලිලා මේ බිලා ඉදපන් මොනවා හරි"

" නුහාන් කම් හියර් "

දැන් කට්ටියම අපි ඉන්නෙ කොහෙද කියන එක ගැන හිතනවනම් අපි ඉන්නෙ වෙන කොහෙවත් නෙවෙයි ඉස්කොලේ...

ඊයේ දවස එහෙමම ගෙවිලා යද්දි අපි හිටියේ ඊට වඩා ලොකු වැඩ ගොඩක් ඔලුව උඩට පුරවගෙන,

මොකද ඊයේ මෙන් එසෙම්බ්ලි එක ඉවර වෙනවත් එක්කම ප්‍රින්සිපල් සර් කිවෙ එක දෙයයි ඒ තමයි සූර්ය උදානය '24 අපේ මේ පාර අවුරුදු උත්සවෙ තියන්න යන්නෙ මේ අට වෙනිදා ඒ කියන්නෙ සිකුරාදා කියන එක...

අපිට නිවාඩු දෙන්නෙයි ඉස්කොලේ අවුරුදු උත්සවෙ තියෙන්නෙයි එදාට..ඉතින් අපි දැන් මේ කට්ටියම එකතු වෙලා කරන්නෙ වෙන මොනවත් නෙවෙයි අවුරුදු උත්සවේ ඩෙකරේශන් වැඩ බලන එක සහ ඒ ගැන තව තව අලුත් අයිඩියාස් හොයන එක...

ඉතිම් කොහොම හරි අපි කට්ටිය උදේ ඉස්කොලෙ ආපු වෙලෙ ඉදන් අයියල එක්ක රංග පීටේ රින්ගලා කම්බි අමුනවවයි , කොල කපනවයි , චිත්‍ර අදිනවයි වගෙ වැඩ ගොඩක හිරා වෙලා ඉදියේ..

ඔය අස්සෙ ඉන්ටවල් එකත් ලන් වෙලා තිබ්බත් අපි උදේ ඉදන්ම මොනවත් කලා නැති නිසා සින්නො අයියලා ටික එක්ක ශනල් අයියා ටොප් බොර්ඩ් එකෙ අනිත් අයියල තුන් දෙනාටයි එක්ක කෑම අරගෙන ඇවිත් තිබුණ පාර කම්බියක් බදාගෙන ඉදපු මට ශනල් අයියා කතා කරනවත් එක්කම මන් ශනල් අයියා ගාවට පිඹගෙන ගිහිනුත් ඉවරයි....

" කෑම ගෙනාවද ? "

ශනල් අයියා ගාවට දුවගෙන ගියපු මම ශනල් අයියට අඩියක් දෙකක් දුර තියාලා බ්‍රෙක් පාරක් ගහලා නවතිද්දි ශනල් අයියා ලාවට හිනා වෙලා ඔලුව වනපු පාර මන් හිනා වෙවීම ශනල් අයියා අතේ තිබ්බ මල්ලට මූණ එබුවා...

ඒව්ව් සූදයි.....

" ඒ ශාකි මල්ලි එනවද කන්න..... "

" ආහ් ? "

" එන්න ඔයාට අතින් කන්න බැයිනම් මන් කවන්නම් "

අපෙ ටොප් බොර්ඩ් එකෙ උන් එක්ක ආපු සින්නො අතරෙ ඉදපු මාත් එක්ක ඉස්සර ආර්ට් කම්පිටිශන් වලට ඉදපු ඉෂාර අයියා කවදවත් නැතුව මට කවන්න එන්න කියපු පාර මන් පුදුමෙට ඇස් දෙකත් ලොකු කරගෙන ඉෂාර අයියා දිහා ටික වෙලාවක් බලගෙන ඉදියා...

" කො ආ කියන්න "

" ඒ ඉෂාර මේ උබෙ ෆොන් එක රින්ග් වෙනවා.... "

මෙච්චර වෙලා රන්ග පිටේ පඩියක ඉදගෙන තව සින්නො අයියලා දෙන්නෙක් එක්ක කෑම කාකා ඉදපු ඉෂාර අයියා අතට බත් කටකුත් අරගෙන මගෙ ලගට එද්දි අලෝක අයියා ශනල් අයියා දිහා බලලා එහෙම කියනවා එක්කම මන් පිටි පස්සට ඇදිලා ගියා....

"  මෙහෙ එන්න මන් එක්ක "

ශනල් අයියා තාමත් මගේ දකුනු අතේ වැලමිට හරියෙන් අත තියා ගෙන මාව පිටි පස්සට ඇද ගෙන ඉන්න දිහා මන් හිමිට ඇස් කොනෙන් බලලා ,

ශනල් අයියගෙ ඇස් දැන් වෙද්දි ගිහින් නතර වෙලා තිබ්බ ෆොන් එකකුත් කනෙ ගහන් ඉදපු ඉෂාර අයියා දිහාවට ඒ බැල්ම දීලා ටිකක් එහෙ බලන් ඉදියත් එක්කම එහෙමම මම ශනල් අයිය පස්සෙන් ඇදිලා ගියෙ වෙන කොහෙවත් නෙවෙයි ශනල් අයියලගේ රූම් එකට....

" ඇයි අයියේ මෙ..... ? "

" නතින්ග් දැන් කන්න "

ශනල් අයියා මූණත් රතු කරගෙන අත් දෙකත් මිට මොලව ගෙන තරහ ගිහින් වගේ ටිකක් සැරෙන් කතා කරද්දි ශනල් අයියට එක සැරේ උනෙ මොකක්ද කියලා හිතා ගන්න බැරි උන මම ශනල් අයිය දිහා ටිකක් වෙලා බලන් ඉදියා...

" මගෙ අතේ මලකඩ ගෑවිලනේ "

ශනල් අයියා මගෙ දිහා බලන්නෙ නැතුව තරහ පාලනේ කරගෙන ඉන්න පුදුම තරම් ට්‍රයි එකක් දෙනවා නොට් කර ගත්ත මම හරිම කියුට් විදිහට මූණ පිරෙන්නම හිනාවක් අරගෙන අහක බලන් ඉන්න ශනල් අයියට ඇහෙන්න කියද්දි මොන තරහින් ඉදියත් මෙ වෙද්දි ශනල් අයියා මගෙ දිහා හැරිලා බලල ඉවරයි..

" දෙන් මන් කවන්නම් නුහාන් "

" හා කවන්නකො "

මන් පුලුවන් තරම් මගෙ වොයිස් එක කියුට් කරගෙන ශනල් අයියගෙ මූන පැත්තට එබිලා කවන්න කියල කියද්දි මෙච්චර වෙලා දත්මිටි කාගෙන තද කරගෙන ඉදපු ශනල් අයියා ලාවට කට කොනට මදහසක් අරගෙන ආයෙම අහක බල ගන්නවා දැක්ක මම හිමින් සීරුවෙ ශනල් අයියගෙ අත උඩින් මගෙ අත තිබ්බා..

"ඔහොම ඉන්න මන් අත හොදන් එන්නම් "

ශනල් අයියාගෙ තරහත් දැන් වෙද්දි ගොඩක් දුරට මගෙ බඩගින්න නිසා නිවිලා තිබුණ නිසා ශනල් අයියා ඉදගෙන ඉදපු පුටුවෙන් නැගිටලා රුම් එකෙ අයිනට වෙන්න හදලා තිබ්බ සින්ක් එකෙන් මූනත් එක්ක අත් දෙකත් හොදට සබන් දාලා හොදන විදිහට මට ශනල් අයියව හපලා කන්න මාරම ආසවක් ආවෙ..

" කො ආ කියන්න "

ශනල් අයියා අතත් හොදගෙන ඇවිත් කලින් එයා ඉදගෙන ඉදපු පුටුව මගේ ලගටම අරගෙන , අරගෙන ඇවිත් තිබ්බ එක ලන්ච් පැකට් එකක් එලියට අරගෙන ඒකෙන් කටක් අරගෙන මගෙ ලිප්ස් ලගට ගෙද්දි මන් හිමිහිට කට ඇරලා ශනල් අයියා දිහා බලන් ඉදියා...

" ඔයත් කන්නකො..... "

ශනල් අයියා ගත්ත ලන්ච් පැකට් එකම වගේ මට කාවගෙන යද්දි ශනල් අයියා ආයෙම කටක් නොකාපු නිසා මන් කන එක නවත්තලා බැලුවෙ ශනල් අයියා දිහා..

" මට බඩගිනි නෑ නුහාන් "

" එහෙනම් ඔහොම ඉන්න මන් කවන්නම් "

උදේ ඉදන්ම අපි වගෙම කිසිම කෑමක් බඩට නැතුව ඉදපු ශනල් අයියා කලින් තිබ්බ තරහට කෑමත් එපා කරගෙන ඉදපු නිසා වගෙම මේ වෙද්දි මගෙත් බඩ සැහෙන්න තරමට පිරිලා තිබුණ නිසා මන් කරේ ශනල් අයියා මාව නවත්තන්න කලින් අත හොදගෙන ඇවිත් වාඩි උන එක..

ඊට පස්සෙ ඉතින් මම අලුත් ලන්ච් පැකට් එකක් අරගෙන එක ඉවර වෙනකල්ම ශනල් අයියට කොහොම හරි කරලා කවා නම් ගත්තා තමයි.......,

ඒත් ශනල් අයියා හොර මිමීච්චා වගේ ඉදගෙන මගේ අතේ ඇගිලිත් හප හප ලන්ච් පැකට් එක කාලා ඉවර කරද්දි මන් ඉදියේ ශනල් අයියා එක්කම සින්ක් එක ගාව අත හොද හොද...

" ඇයි කලිං ඩොන් ගිහිල්ලා ඉදියේ ? "

ශනල් අයියා ටිකකට කලින් තරහ වෙලා ඉදියේ ඇයි කියන්න හරියටම ශුවර් නැති නිසා මන් අත් දෙකත් හොද හොද ඉදපු ශනල් අයියා දිහා බැලුවෙ එයා සින්ක් එකට රවන විදිහ ඇත්තටම හරිම හුරතල් පාට නිසා..

" ඔයා ඉෂාර එක්ක ආයෙ කතා තියාගන්න එපා ඔකේ ! "

" ඔකේ බොස් ! "

ශනල් අයියා මූනත් ඇබුල් කරගෙන ඉෂාර අයියව මතක් කරලා ආයෙම ඌ එක්ක කතා කරන්න එපා කියද්දි ශනල් අයියාගෙ ඉරිසියාව දැකලා පුප හපන් මැරෙන්න වගේ ආවත් දැන් මෙතන එයාව අතාල් එකකට අරන් හොදවයින් අහ ගන්න බැරි නිසාම ශනල් අයියා කියන කියන එකට ඔව් කියලා මන් ඔලුව වනලා ශෙප් උනා...

එත් මේ ඉරිසියාකාර මහ පගයව මන් ලෙසියෙන් අත අරින්නෙ නැහැ...

" දැන් යමු කට්ටිය බලන් ඇති "

ශනල් අයියා දිහා හෙනම කුපාඩි හිනාවක් දාගෙන ඉදපු මගෙ බැල්ම මහ ඇරලා ශනල් අයියා ශෙප් එකෙ මාරු වෙලා මාව පාස් කරලා රූම් එකෙ දොර පැත්තට යද්දි මන් එහෙමම ශනල් අයියගෙ අතින් අල්ලගෙන ශනල් අයියව මගෙ පැත්තට හරවගෙන එයාගෙ ඉණ වටේට මගෙ අත් දෙක ඔතා ගෙනත් ඉවරයි..

" යන්න එපා "

" කපටියා.... "

ශනල් අයියාගෙ ඉණ වටෙට අත් දෙකත් පටලගෙන ශනල් අයියගෙ පපුව අස්සෙ මූණ ඔබා ගත්ත මම ශනල් අයියට යන්න එපා කියලා තව තව එයාට ලන් වෙද්දි ශනල් අයියා මාව එයාට තුරුල් කර ගත්තේ මගෙ ඔලුවට හිමිට ටොක්ක දෙන ගමන්මයි.

ශනල් අයියගෙ පපුව අස්සට පැනලා ශනල් අයියට ගුලි වෙලා ඉදපු මම විනාඩි පහක් විතර එහෙම ඉදලා ශනල් අයියගෙන් ඈත් උනෙ අර කිව්වත් වගේ දැන් අපි යන්න ඔන හින්දා..

ඉතින් ශනල් අයියා ආයෙම යන්න හැරෙද්දි මන් යන්න ගියපු ශනල් අයියගෙ තොල් වලට කකුල් දෙකෙන් ඉස්සිලා බර උනේ චුටි පෙක් එකක් දෙන්න කියලා හිතාගෙන උනත්..

පෙක් එකක් දිලා අයින් වෙන්න හිටිය මාව ශනල් අයියා යන්න නොදි එහෙමම අල්ල ගත්ත පාර මමත් ශනල් අයියගෙ බෙල්ල වටේ අත් දෙක පටලගෙන ශනල් අයියගෙ අර සොෆ්ට් කිස් එකට එකතු උනේ හරිම ආසාවෙන්.....

ශනල් අයියා විනාඩි දෙකක් තුනක් මගෙ ලිප්ස් එකක් පැටලිලා ඉදලා ආයෙම මාව එක්කර ගෙන ආවෙ අපෙ කට්ටිය වැඩ කර කර ඉදපු පැත්තට...

ඒ වෙද්දි කොහොම හරි ඉෂාර අයියයි එයාගේ යාලුවොයි පෙන්න ඉදියෙ නෑ වගෙම අපිට ඒ ගැන හිත හිත වද වෙන්න තරම් වෙලාවක් තිබුණේත් නැහැ..

ශනල් අයියයි මමයි ලොකු හැඩ අකුරු වලින් කපලා තිබ්බ සෘජුෆොම් ගොඩක් අරගෙන ඒ සෘජුෆොම් වල තැඹිලි, රතු , කහ පාටවල් තුන මික්ස් කරලා පාට කරන්න පටන් අරන් දැන් විනාඩි දහයක් විතර ඇති....
.

ඔය අස්සෙ අපේ සහ්‍රසයි , අලෝක අයියයි තඩිම තඩි ඉරක් උස්සගෙන ඒක සෙට් කරන්න මාරම කට්ටක් කෑවේ...

දේශ්නම් ඉදියේ අකිත් අයියගෙ ඔලුව කන ගමන්ම තව ලොකු චොක්ලට් බාර් එකක් අතෙ තියාගෙන දෙසන ගමන් වගෙම අපෙ අශාන් ඉදියෙ අභිමන් අයියා එක්ක සැහෙන ලොකු කතාවක හිරවෙලා..

ඒනම් ඌට පරවලා තිබ්බ ඩේ එකේ වැඩ ටික වෙන පිලිවෙන අනන් මනන්...

ශනල් අයියා එක්ක එකතු වෙලා අකුරු ටික පාට කරලා ඉවර කරපු මම ඒ ටික ශනල් අයියා එක්කම ටිකක් වෙලෙන්න අව්ව තිබ්බ පැත්තකට ලන් කරලා එහෙමම ගියේ අකිත් අයියා ගෙනත් තිබ්බ ලොකු විසිල්බොර්ඩ් ගොඩ පැත්තට..

ඒකෙන් මුලින්ම එකක් අරගත්ත මම පැන්සලක් අරගෙන පලවෙනි චිත්‍රෙ ඇදලා ඉවර කරලා දෙවනි බොර්ඩ් එකත් අරගෙන තව චිත්‍රයක් ඇන්දා...

කොහොම හරි ඔය වගෙ චිත්‍ර හතරක් පහක්ම ඇදගෙන ඉවර කරපු මම එහෙමම තීන්ත බාල්දි පිටින් උස්සන් ගිහින් දාගෙන ඉදපු සපත්තු දෙකත් ගලවලා දලා මේස් දෙකත් නැතුව ලාවට රස්නි ඒත් හුගක් දුරට හෙවන තිබ්බ තැනකින් වාඩිවෙලා මගෙ චිත්‍ර ටික එකින් එක පාට කරන්න පටන් ගත්තා..

කොහොම හරි ඉස්කොලේ ඉවර වෙන්න ලන් වෙද්දි මන් චිත්‍ර ටික පාට කරලා ඉවර කරලා ඒ ටික ටිකක් වෙලෙන්න අරන් තියලයි තිබුණේ..ඔය අතරේ ශනල් අයියා හතර වටේ කොල් කර කර මල් ඔරඩර් කරනවා ඉවරයක් නැහැ...

" ඒ බන් ශාකි මල්ලි උඹ ඩේ එක ප්ලෑන් කරපන්කො බං !! "

චිත්‍ර ඇදලා පාට ගැවිලා තිබ්බ ශර්ට් එක දිහා බලාගෙන ශනල් අයියාට ඇස් යවපු මම මගෙ ලගට ආපු අලෝක අයියා නිසා ශනල් අයියගෙන් ඇස් අරගෙන එක සැරේ ඩේ එකෙ වැඩේ මට බාර දෙන්න හදද්දි මන් ඉක්මනට බැලුවෙ අශාන් දිහා...

" මට ඊට වඩා වැඩක් වැටිලා තියෙන්නෙ පගො !!! "

අශාන් දිහා බලාගෙන මෙතන වෙන්නෙ මොකක්ද කියලා තෙරුන් ගන්න බැරි උන මන් අශාන් සද්දෙන් එහෙම කියපු විදිහට ඌට ඔය හැටි කරන්න වැටිලා තියෙන වැඩේ ගැන කල්පනා කරන්න ගත්තේ මුන් දෙන්නා රන්ඩුවක්වත් දාගෙන වැඩේ කරන්න බෑ කියලා කියනවද කියන්න හරියටම දන්නෙ නැති හින්දා.....

" මෙ අහපන් පොඩි පගයා ! ඌට තමයි ස්ටේජ් එකෙ වැඩේ බාර දීලා තියෙන්නෙ ඒක හින්දා ඩේ එකෙ වැඩ ප්ලෑන් කර ගන්න ඌට වෙලාවක් නැ බන්.. ඉතින් හාද කියපන්කො බන් මල්ලියො.... "

" ඉතින් එතකොට මන් ස්ටේජ් එකෙ ඩෙකරේශන් ටිකත් ඩිසයින් කරන්න ඔනේනෙ එතකොට ? "

" ඔව් අරූට ඔව්වා තෙරෙන්නෙ නෑ කියලා උඹව සෙට් කර ගන්න කිව්වා හාද බන් ඉතින්! අපේ වැඩේ අවුල් වෙන්නත් බෑ ඔයි "

දේශ් එක්ක මල් කඩ කඩ ඉදපු අකිත් අයියත් අන්තිමට මන් ගාවට ඇවිත් ඩේ එක භාර ගන්න කියලා වද දෙන්න ගත්ත පාර මන් ටිකක් කල්පනා කරලා ඔලුව වැනුවා..

" හා මන් කරන්නම් "

" ආනා තැන්ක්ස් පැට්ටියො "

වැඩෙ මමම බාර ගත්ත නිසා ඒකට ෆුල් හැපී උන අශාන් දුවගෙන ඇවිත් මාව වටයක් කරකවලා අත ඇරලා තඩි උම්මියකුත් දිලා එහාට ගියා ගියාමයි ආයෙ ඌ දකින්නවත් මට වෙලාවක් හම්බුණේ නැහැ...

" අයියේ ඔයාගෙ නොට් බුක් දෙන්න පුලුවන්ද ? "

සිනියර් ප්‍රිෆෙක්ට්ස්ලා හතරල් , පහක් වට කරගෙන ලොකු කතාවක වැටිලා ඉදපු ශනල් අයියා ගවට ගියපු මම ශනල් අයියා කතාව ඉවර කරනකල් ඉදියත් ඒ කතාව දැන්ම ඉවර වෙන පාටක් පෙන්න තිබ්බෙ නැති නිසා මන් උගුර ටිකක් පාදල ශනල් අයියට කතා කරේ එකමයි..

" ගන්න "

එතන සින්නො හතරක් පහක්ම ඉදපු නිසා ශනල් අයියා ලාවට හිනාවෙලා එයාගෙ සාක්කුවෙ දාගෙන ඉදපු මගෙ අල්ල සයිස් දුඹුරු පාට ලෙදර් කවර් එකක් තිබ්බ නොට් බුක් එක පෑනක් එක්කම දෙද්දි මන් එහෙමම ශනල් අයියට තැන්ක්ස් කරලා ඇවිත් පඩියකින් වාඩි උනේ දැන් වෙද්දිත් මගෙ ඔලුව ඇතුලේ ගොඩාක් දෙවල් මැවිලා එව්වා ගලපන ගමන් ඉද්දි...

ඊට පස්සෙ සිකුරාදා තියෙන ඉවෙන්ට් එකට ඕන කරන බඩු , සිංදු , සැරසිලි , එකි මෙකි නොකි හැමදේම නොට් ඩවුන් කර ගත්ත මම මුලින්ම ශනල් අයියා එක්ක කතා කරලා වැඩේ කන්ෆර්ම් කරගෙන ඊට පස්සෙ අයියලා ටිකයි අපෙ සෙට් එකයි ඔක්කොම එකතු කරගෙන මුලින්ම වැඩෙ වෙන්න ඔන විදිහ පැහැදිලි කරා..

" මන් කලින්ම කිව්වෙ මේ වැඩෙට ගැලපෙන්නෙ මූම තමයි කියලා "

රංග පීටෙ උඩ නැගලා මගෙ ලග ඉදපු ශනල් අයියගෙ අතට නොට් බුක් එකත් දෙන ගමන් අලෝක අයියා අනිත් අයියලා එක්ක මන් ගැන කියවද්දි උනුත් මගෙ වැඩේට ෆුල් සප් එක දෙන්න එක හෙලාම කැමැති උනා.

" you are the best "

රංග පීටෙ උඩට වෙලා ශනල් අයියා එක්ක අනිත් අයියලගෙ කතාවලට කන් දීගෙන එව්වට එක එක කැලි බැලි ඇඩ් කරපු මම,

මගෙ කන ගවටම ඇවිත් ශනල් අයියා මුමුනද්දි හිමිහිට ඇස් දෙක විතරක් කරවවලා ශනල් අයියා දිහා බලලා ආයෙම සැරයක් පොඩ්ඩක් විතර ඇස් වටෙටම යවලා කවුරුත් බලගෙන නැ කියන එක  හොදටම ශුවර් කරගෙන ශනල් අයියට ලිප්ස් උල් කරලා පොඩි කිස් එකක් හුලගේ පා කරලා යැව්වා...

.

කොහොම හරි හවස තුන විතර වෙනකොට ගෙදර ආපු මම නාලා කාලා එහෙමම කරේ පාඩන් වැඩ කරන්න ගත්ත එක..

හෙටයි අනිද්දයි මට ගෙදර එන්න වෙන්නෙ රෑ වෙලා මොකද අවුරුදු උත්සවෙ ඩෙකරේශන්ස් කරන්න තියෙන නිසා..

ඇත්තම කියනවනම් මේක අපි කරන්න ඔන එකක් නෙවෙයි මේ අපේ 24 prefect gild එකෙ වැඩක්..ඒත් අයියලා අපෙ අයම නිසා අපිටත් ඔන උනේ එයාලට උදව් කරන්න වගෙම අපි ලග ක්‍රියේටිව් අයිඩියාස් තියෙන නිසා අයියලත් අපි එයාලා එක්ක එකතු උන එකට මාරම හැපි එකෙ ඉදියේ...

මොකද විශේශයෙන්ම මන් ගාව තිබ්බ අදහස් වලට අයියලා මාරම කැමැත්තක් තිබ්බා වගෙම ඒ අයිඩියාස් මීට කලින් හැමොම කරපු ඉවෙන්ට්ස් වලට වඩා ගොඩක් වෙනස් නිස එයලගෙ වචන වලින්ම මට තෙරුන් ගන්න පුලුවන් උනේ මගෙ අයිඩියාස් හොදයි කියන එක විතරයි...



ශහාන්


ශාකී & ශනල්

Continue Reading

You'll Also Like

303K 10.6K 41
A story of "Vivanth Singh Rathore & Arushi Thakur " Bounded by An Arranged Marriage Intertwined by their fiery egos and tempestuous tempers.✨🔥🌊 Vi...
1.4M 205K 61
Yaduvanshi Series #3 it is a book under yaduvanshi series. But it could be read as standalone too. Nitya Raghavendra is a telugu businesswoman earnin...
2.9K 644 17
"උබ මගෙන් ඕනේ දෙයක් ඉල්ලපන් දේව්.. මේ රනාට බැරි උනා ට රකිතට පුළුවන් උබ ඉල්ලන දෙයක් දෙන්න.." ( රකිත නාෂිත් උඩගෙදර ) "මට ඕනේ ආදරේ උ...