...........
" මේ කිමද... වේද්‍ය... නුඹ... "
සිනහ වෙමි කුළුපග වූ සියලු දෙනාම ධ්‍යාශ්ව දුටු පමණින්ම බීරාන්තව බලා සිටියා... වෙන කිසිවක් නොවේ සේවකයෙකු පහත් කුලේ අයෙකු ලෙස හැද පැළද සිටි ධ්‍යාශ්ව හදුනා ගැනීමට සියල්ලන්ටම සුලු මොහොතක් ගත වූ බව සැබෑවක්...
සියලු දෙනාම කසු කුසුවකින් අනතුරුව සාමාන්‍ය තත්ත්වයට පත් වෙද්දී ධ්‍යාශ්ගේ මව දත්කූරු ගැසුවේ ධ්‍යාශ්ට පාරක් ගහන ගමන් වුවත් අග්නිප්‍රත් උප බිසව නම් සිනහ පහල කලේ කුඩා දරුවකු හුරතල් කරන්නාක් මෙන්..
" සැබෑවට කොයින් සොයා ගත් කඩමාල්ලක්ද නුඹ පැලද සිටින්නේ .. නුඹ නම් .... "
ඒ අග්නීප්‍රත් අග බිසව.... අග්නීප්‍රත් අග බිසවත් උප බිසවත් සහෝදරියන් නිසාවෙන් උපබිසවගේ පුත් ධ්‍යාශ්ට අග බිසවගේද නොමද ආදරය ලැබුණ බව නම් සැබෑවක්... බාල දරුවා උන කෝශ්‍යටත් වැඩියෙන් අග්නිප්‍රත් බිසව හුරතල් ධ්‍යාශ්ට සෙනෙහස දැක්වුවා...
" වහාම ගොස් රිසි වස්ත්‍ර පැළද එව.... නුඹ පියාගේ දඩුවමට බදුන් වනු නිසැකයි..."
" එසේ උවද නුඹ මා බේරා ගනුද නිසැකයි..."
"කිමද අක්කණ්ඩී නුඹ ඔහුව නරක් කරනවා...."
ධ්‍යාශ්ගේ මව ඇයගේ අක්කණ්ඩිය උන අග බිසවටත් කතා කියන්නට වුනේ ධ්‍යාශ්ට රවන ගමන්....
ටිකෙන් ටික සෙනග පිරෙන ශාලාව දිහා ඇස් කරකවන ගමන් ධ්‍යාශ් බැලුවේ කෙදින වත් පෙර මෙතැනට පැමිණ නැති නිසාවෙන්... තවමත් ශාලාවට ධෛර්‍යවේද් තාන්ත්‍රිකයන් පැමින නැතත් යශෝවී සහ නැන්දනිය ශාලාවේ එහෙ මෙහෙ සැරි සරමින් සිටියේ ආගන්තුක සත්කාර නිසාවෙන්...
යශෝවී නැන්දනිය පසු පස ඇදෙනවා මෙන්ම යශෝවිගේ පසු පසින්ද ලුහු බැද නෙත් දෙකක් ඇදී යන දෙස ධ්‍යාශ්ගේ ඇස් වලට හසු උනේ එවිට..
" යශෝවී ඉතා රූප සම්පත් ඇත්තීය... මා හට ඇය ගැන සිතක් පහල වේදෝ මට සැකය..."
ධ්‍යාශ් හෙමෙන් සීරුවේ කෝශ්‍ය අසුන් ගෙන සිටි තැනට ගොස් උරහිසෙන් අත තබා රහසින් මුමුණනවා සමගම ගැස්සුන කෝශ්‍ය ධ්‍යාශ් දෙස බලා රැව්වේ බිම බලා ගනිමින්....
" නුඹ.. ළදරුවෙක්ටත් අන්තයි... පියාණන් අණ කළා නුඹට රිසි වස්ත්‍ර පැළද ගන්නා ලෙස... නොදරුවකු මෙනි.. ලැජ්ජා ශීලී බවක් නැතිද මෙවන් තැනක වත්.... මේ අපගේ මන්දිරය නොවන බව සිහි තබා ගන්න ධ්‍යාශ්...."
ඕෂ්‍ය විසින් ධ්‍යාශ්ගේ අතින්ම අල්ලගෙන ඇදගෙන ගියේ එහා කෙලවරක ඇති විශාල මන්දිරය දෙසට.. ඕශ්‍ය මේ ඊසාන දිශා රාජ්‍යයේ සැරි සරන්නේ පුරුදු කාරයෙකු ලෙස...
මන්දිරයක් ඇතුලට ගොස් ධ්‍යාශ්ව අත් නොහැරම විවර කර තිබූ දොරකට ඕශ්‍ය තට්ටු කරේ විපරම් කරමින්
" අයියණ්ඩී මෙම දොර විවර වී ඇත... කිමද බලා සිටින්නෙ..."
" සිරිත් විරිත් සිහි තබා ගනු... ධ්‍යාශ් නුඹගේ අයියණ්ඩියට කේන්ති ගොස් ඇති බව සිහි තබා ගනු..."
" ඕ.. හෝ එසේය..."
එයද ධ්‍යාශ් මිමිනුවේ සමච්චලේට මෙන් උවත් ඕශ්‍ය කිසිත් නොකියා බලා සිටියේ මන්දිරයේ ඇතුලතින් පැමිණෙන පුද්ගලයා දෙස...
" යුධම්......"
" අයියණ්ඩි ඕශ්‍ය..."
" කුමක්... අයියණ්ඩී...... යුධම් කුමරු කෙසේද නුඹට අයියණ්ඩී ලෙස අමතනුයේ නුඹ අග්නිප්‍රත් රජු වීමට අභිශේකය පවා ලබා සිටින විට... ඔහුට නුබ්බ්බ්බ්බ්බ් භ්භ්...."
" වසනු චාරයක් නැති මුඛය.."
" යුධම් .... මේ ධ්‍යාශ්.. මාගේ මලනුවන් ."
"කුමක්... ධ්‍යාශ්.. මේ නුඹද .. මා සිතුවේ මුලුතැන්ගෙයි සේවකයෙක් කියා... ඕ ඇත්ත වශයෙන්ම මේ නුඹනේ.... කිමද මේ...."
සමච්චල් සහගත හිනාවක් එක්ක ධ්‍යාශ්ගේ වටේ කැරකී විමසා බැලූ යුධම් නැවතත් කාරණය ඇහුවේ ඕශ්‍යගෙන්...
" නුඹගේ වස්ත්‍රයක්.... මොහුට ලබා දිය හැකිද.... "
" එය සුලු දෙයක් අයියන්ඩි.. පැමිණෙන්න..."
විශාල මන්දිරේ ඇතුලෙන් ධ්‍යාශ් වගේම ඕශ්‍ය යුධම්ගේ පසු පසින් ගමන් කරේ වට පිට බලමින්.. අග්නිප්‍රත් රාජ්‍යයේ මන්දිර වලට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයට තනා ඇති ධෛර්‍යවේද් මන්දිරයේ බිත්ති නා නාවිද සිතුවම් වලින් පිරිපුන්ව තිබුනා...
වර්ණ සංකලන රාශියකින් හෙබි එම සිතුවම් සුරගන ලොවක් මවා පෑවා සේම යන මග දෙපස දැල්වූ පහන් මෙන්ම සරසා ඇති නෙලුම් සුවදින් මන නිවුනේ ඉබේටම..
" මෙයින් නුඹට රිසි වස්ත්‍රයක් පැළද ගන්න ධ්‍යාශ්....."
" නුඹලා මෙහිම සිටිනවද මා වස්ත්‍ර උණා දමන තුරු...???..."
" නැත නැත අප පිටතින් සිටින්නම්.. නුඹේ ලැජ්ජාශීලීකම මෙයට වත් පැවතුන නිසා මා සතුටු වෙමි..."
ධ්‍යාශ්ගේ මුඛය යමක් කීමට තැත් කරමින් නැවත පියා ගත්තේ කෝළ බවක් මූණෙ රදවගෙන... ඕශ්‍ය යුධම් හා කුමක් හෝ කතාවක පැටලී පිටතට ගිය විට ධ්‍යාශ් එතනින් වස්ත්‍රයක් තෝරාගෙන පැළද ගත්තා...
' මාගේ සංකේතය නැති වූ බව අයියණ්ඩිට පැවසිය යුතුද... ම් ඔහු කෝපයෙන් සිටින අවස්ථාවේ පැවසීම රිසි නොවේ...... එය කොහිද... මේ වස්ත්‍රය පැළද ගත් පසුවද එය මා සතුව තිබූ බව නිසැකය.... ම්ම් කොහි හෝ පැටලී ඇත්තේද..."
ගලවා දැමූ වස්ත්‍රය නැවත පරික්ශා කළ නමුත් සංකේතය නොමැති හෙයින් ධ්‍යාශ් කල්පනාවට වැටුණා...
" නුඹ අවසන්ද...... "
ප්‍රථමයෙන්ම ධ්‍යාශ්ව දුටු ඕශ්‍ය එක තැන නවතින විට මීළගට පැමිණි යුධම් ධ්‍යාශ්ව දැක නෙත් විශාල කර ගත්තේ පුදුමයෙන්
" එම වස්ත්‍රය මට වඩා ධ්‍යාශ්ට ඔබින බව වැටහුණේ .."
" එසේයී... එය ඉතාමත්ම.... "
" ආශ්‍ය කුමරුයි ඔය වස්ත්‍රය මට තෝරා දුන්නේ.... ඔහු ප්‍රිය අහස් නිල.... නමුත් ත්‍යාගයෙන් ත්‍යාගය වඩා උතුම් නිසා වඩාත් ගැලපෙන ධ්‍යාශ් කුමරුට මා එය ත්‍යාග කරමි..."
" ඕ එසේ නොවේ.. මා නැවත මෙය පිරිසිදු කර නුඹට ලබා දෙන්නම්..."
" එසේ කෙලෙසද.. මා හට රුචි නොවේ.. මා රුචි රක්ත කාල වර්ණයන්ට... මා රුචි නැත මෙවැනි වර්ණයන්ට..."
" එසේ නම් යුධම් කුමරුන්ට රක්ථ කාල වර්ණ සලුවක් මා ලබා දෙන්නෙමි නොබෝ දිනකින්..."
" නුඹගේ කැමැත්ත.... රාත්‍රී ආහාරයට කාල වේලාවයි... අපි ප්‍රමාද නොවිය යුතුයි..."
තිදෙනාම කතා බසින් අනතුරුව බෝජන ශාලාවට යන විට පෙරට වඩා බෝජන ශාලාව ගෝශාකාරී වූ නමුත් විනාඩි කිහිපයකින් වැස්සකින් පසුව මෙන් එක් වර ශාලාව නිහඩ විය...
නව අභිශේක ලද කුමරු සම්ප්‍රාප්තව සියලු දෙනාට ආචාර සමාචාර කිරීමෙන් පසුව සියලු දෙනා චාරිත්‍රානුකූලව තමාගේ තනතුරු උසස්කම් මත අසුන් ගන්නා විට ධ්‍යාශ්ගේ කැරකෙන ඇස් ශාලාව පුරා ගොස් නතර වූයේ නැවතත් ආශ්‍ය කුමරුගේ රූපය මත....
' ඔහු නම් සැබෑ අලංකාරයක්.. මන බදින අලංකාරයක්... ඔහු ස්පර්ශය මා හට ප්‍රියයි... '
නෙත් වලින් අතොරක් නැතුව ධ්‍යාශ් කුමරු ආශ්‍ය කුමරුවන්ව ස්පර්ශ කරා කිවහොත්.. දෑස් ස්පර්ශය දැනීදොඉ ආශ්‍ය කුමරුද අහම්බෙන් මෙන් ධ්‍යාශ් කුමරුගේ නෙත් බැල්ම හා පැටලෙද්දී ආශ්‍යට එම බැල්ම.. මුහුණුවර හුරුවක් පැවතුනා පමණක් නොවේ ඒ වස්ත්‍රයේද හුරුවක් පවතිද්දී ආශ්‍ය විපරම් ඇසින් ධ්‍යාශ් දෙස බලා සිටියා..
නමුත් ඒ තත්පර කිහිපයක් පමණයි.... ආශ්‍යගේ බැල්ම ධ්‍යාශ් හා පැටලෙද්දී නොසිතූ ලෙස ධ්‍යාශ් සෙල්ලක්කාරයෙකු මෙන් ආශ්‍යට ඇස් ගැහුවේ ආශ්‍ය කලබල වී පහත බලා ගන්නට තරම් මවිත කරමින්...
ආහාර ගෙන අවසන් වන තුරුම ධ්‍යාශ් තම සංකේතය සොයා යාමට මාන බැලුවා මෙන්ම ආහාර ඉක්මනින් ගෙන ශාලාවෙන් පිටත් වීමට උත්සාහ දැරූ නමුත් ධ්‍යාශ්ට එයට ඉඩ නොලැබුණේ මවගේ ගා ඕශ්‍ය කුමරුගේ බැල්ම හමුවේ...
සැරෙන් සැරේටම ධ්‍යාශ් ආශ්‍යගේ මුහුණ දෙස බලා සිනා වුවත් බැල්මේ නිකරුනේ පැමිණ පැටලෙන ආශ්‍යගේ නෙත් නිසොල්මන්ව පිටත බැලුවේ ආශ්‍යගේ මුවේ හිනාවක් නැගෙනවිට..
සියලු දෙනා කුලුපග වීමෙන් පසුව අවසානයේදී සමු ගැනීම පවා චාරිත්‍රානුකූලව සිදු වන විට මීළගට පැමිණ තිබුණේ ගිණිකොණ දිශා තාන්ත්‍රිකයා සහ පවුලේ සාමාජිකයන් විසින් ආශ්‍ය කුමරුවන්ට සුභ පතා සමු ගැනීමේ වාරයයි...
ප්‍රථමයෙන්ම අග්නීප්‍රත් පාලකයාද... ඉන් පසු ඕශ්‍ය කුමරුද ඉන් පසු අග බිසව ලෙස පිළිවෙලින් ආශ්‍ය කුමරුන්ට අතට අත දී සුභ පතා හිස නවා ආචාර කරන විට වයසින් වැඩිමහල් අයට පමණක් ආශ්‍ය කුමරුද හිස නවා ආචාර කරන අයුරු ධ්‍යාශ් බලා සිටියා... ධ්‍යාශ් පසුමසින් කෝශ්‍යද සිටි අතර අනික් අයවලුන් ආචාර කරන අතරතුරේ ධ්‍යාශ් කෝශ්‍ය දෙසට නැඹුරු උනා..
" නුඹ යශෝවි දෙස බලනවා නොවෙද.... කිමද කාරණය..."
" කුමක් හෝ නැත අයියණ්ඩී... "
" නැති නම් මම යශෝවිගෙන් බහ දීමට මනාපදැයි අසමි...".
" කුමක්ද... "
" නුඹේ හිතේ ඇති දේ පවසනූ.. නුඹ යශෝවිට කැමැත්තෙ පසු.....".
", නැත....."
" නැත.....?????...."
" නමුත්... කිසිවකුට නොපවසන්න..."
" මා පවසන්නේ නැත.... හී හී.... කම් නැත තරුන වියේ ප්‍රේමය සුන්දරය... යශෝවී දන්නවාද නුඹ ඇයට ප්‍රිය බව..."
" එසේය... ඇය මා සරණ කර ගැනීමට කැමැත්තෙන් සිටී... තව වසර දෙකකින් මා පියාණන්ට පවසමි..."
" ම්ම් කදිමයි නුඹ.... "
මීළගට පැමිනි වාරය ධ්‍යාශ්ගේ වූ නිසාවෙන් කතාවට තිත තබා ධ්‍යාශ් ඉදිරියට ගියේ ඊසාන දිශා රාජ්‍ය තාන්ත්‍රිකයාට ආචාර කිරීමට...
ශෛල්‍ය රජුට ආචාර කළ පසු ධ්‍යාශ් පැමිණියේ ආශ්‍ය වෙත.. නමුත් ආශ්‍ය දෙස නොබැලු ධ්‍යාශ් ඔහුගේ අත් ඉදිරියට දිගු කළ විට ආශ්‍ය ඔහුගේ දෑතට දෑත එක් හාසු කළ විට ආශ්‍ය පැටලුණ දෑත් දෙස ලෝබ කමින් බලන අයුරු කිසිවෙකු දුටුවේ නෑ..
නමුත්.... ආශ්‍යට ධ්‍යාශ්ව ළගින්ම දුටු පමණින් සිහියට ආවේ ආශ්‍යගේ මන්දිරයට පැමිණි සේවකයා....
හරිහැටියට නොදැක්කා වුවත් ධ්‍යාශ් දුටු පමණින් ආශ්‍යගේ සිතට අමුතු සැකයක් ජනිත වූවා පමණක් නොවේ ධ්‍යාෂ්ගේ දෙතොල් පහලින් ඇති ලපය දුටු පමණින් ආශ්‍යගේ සැකය දුරු වී එය තහවුරු වුවා..
' ඒ නුඹයි... මම දැන ගත්තෙමී.. අග්නිප්‍රත් වංශික සංකේතය දුටු පමණින් මා සැක කලෙමි...'
ආශ්‍යගේ සිනහව..... එය දැකීමට ඕනෑම පුද්ගලයා එය නොදැක ශාලාවෙන් පිටතට ගිහිනුත් හමාරයි...
නැවත සුපුරුදු මාර්ගයෙන් යුධම්ගේ මන්දිරයට ගොස් සුපුරුදු සේවක කඩමාලු ඇදුම ඇදගත් ධ්‍යාශ් පිටතට පැමිණීමට උත්සාහ දැරූ නමුත් කාගේ හෝ හඩක් ඇසෙද්දී ඔහු එහි සැගවුනා..
" නුඹ කුමක්ද මා හට කිරීමට කියන්නෙ අයියණ්ඩී.."
" කුමක් හෝ... නුඹගේ යුධම් කුමරු මෙසේ පසෙකට විසි කළ නොහැක..."
" මේ වන විට අභිශේකයද හමාරය..."
" නමුත් කෙසේ හෝ... කෙසේ හෝ යුධම් කුමරු පමණයි උපරිමාධිකාරී බලය ලබා ගත යුත්තේ නැගනිය.... ඉන් පසු යුධම් කුමරු මාගේ දියණිය විවාහ කර ගත යුතුයි.. සිව් දිශා රාජ්‍ය බලය එවිට අපේ අතෙහි... එය.... කවුරුන්ද සැගව සිටින්නෙ...."
එක් වරම අසල තිබූ බදුනක් ධ්‍යාශ් අතින් බිම වැටුනේ ඒ කතාවට ඇහුම්කම් දීමෙන් වූ කලබලය නිසා වුවත් අසල කවුලුවේ පේන්නට තිබූ විශාල ගසක් උපයෝගී කරගෙන ධ්‍යාශ් එයින් පිටතට පලා ගොස් හමාර විය..
" කවුරුන්ද අයියණ්ඩි..."
" කිසිවෙක් නැත.... මා හමුවට රාජ්‍යට එව... "
" එසේය..."
...
..
.
" එසේ නම් සොර දෙටුවා නුඹ...."
" ආහ්....."
" අග්නිප්‍රත් රාජ්‍යයේ උප බිසවගේ පුත් ආධ්‍යාශ් වේද්‍ය අග්නිප්‍රත්........ නුඹ මෙයද සොයනුයේ...."
" කුමක්ද.... අයියණ්ඩී එය නුඹ ළගද ... මා සෙව්වා මේ සෑම තැනකම පීරා.. "
" නමුත් නුඹ සැගව සිටි තැන සෙව්වේ නෑ.."
" මා සැගව සිටි තැන... කොහිද..."
" මාගේ මන්දිරය....!!!!.. "
" ඕ හෝ.... එය ලබ දෙනු.. නුඹට මාගේ කෘතඥතාවය..."
" නැත....."
" ආ...."
" කිමද මාගේ මැදුරට පැමිනියේ.. "
" නුඹ බැලිමට.. අන් කවරටද... අනුවණ තැනැත්තෙකු මෙන් පැන අසන්නෙ මන්ද රෑ බෝ වී ඇත මාගේ පිරිස දැන් පිටත්ව යාවී... එය නැවත දෙනු මැන..."
" කොපමණ වෙලාවක්....."
" කුමක්ද...."
" නුඹ කොපමණ වේලාවක් මාගේ මැදුරෙහි රැදී සිටියාද..."
දත් තද කර ගනිමින් ආවේග ශීලීව නමුත් ඉතා සෙමින් ආශ්‍ය වචන ගැලපුවේ....
තමා සූදානම් වන මොහොතේ ආරක්ශකයින් පවා පිටත් කර ඔහු සූදානම් වූයේ ඔහුගේ අඩම්බරකාර ශරීරය අනෙකුන් දැකීම පවා ආශ්‍ය අප්‍රිය කල නිසාවෙන්.. නමුත් ඒ වන විට මොහු සැගවී සිටියාද යන්න ආශ්‍යට සැකයක්...
ධ්‍යාශ්ගේ සංකේතය ධ්‍යාශ්ට පෙනි පෙනී තිබියදීම ආශ්‍ය නැවතත් ධ්‍යාශ්ගෙන් ප්‍රශ්න කරේ ධ්‍යාශ් ඔහුගේ සංකේතය දෙසට නෙත් යොමා සිටියදී...
" මා..."
" කුමක්ද පිළිතුරු දෙනු... සැනකින්.."
" මා නුඹට තව සිව් වසරකින් පමණ පිළිතුරු දුනහොත් ගැටලුවක් වීද..."
ආශ්‍යව විහිලුවක් පමණක්ම කර ගනිමින් ධ්‍යාශ් පැවසූ දෙයට ආශ්‍යගේ අවදානය බිදුනේ එවන් විහිලුවක් කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ නිසාවෙන්.
" නුඹ ස්නානය කරන අවස්ථාවේ සිට...."
එක් වරම පැන ආශ්‍ය අතෙහි තිබූ සංකේතය රැගෙන අඩි කිහිපයක් දුව විත් නැවත පසු පස හැරුණ ධ්‍යාශ් කියූ දේ නිසාවෙන් ආශ්‍යගේ මුහුණ රතු වන අයුරු වටකුරු සද එළියෙන් හොදින්ම කැපී පෙනුනත් කෙලිලොල් පොඩි එකෙකු මෙන් ධ්‍යාශ් ආශ්‍යට දිව ඇද එතනින් පලා ගියේ ආශ්‍ය ඒ පසු පස අඩි කිහිපයක් ගොස් නවතින විට...
" අනුවන ළදරුවා..... දිනක හමුවේවී එවිට මාගේ දඩුවම ලැබෙනු ඇත..."
බලන්නෙපා එයා නානවනේ... හී 🤭🤭🤭
...🍃🍃🍃🍃🍃
මතු සම්බන්ධයි